ඔබ වඩාත්ම සංවේදී ප්රශ්නය කුමක්ද? මේ ප්‍රශ්නයට දහසකුත් එකක් පිළිතුරු ලැබෙනු ඇත. අද කාලයේ අපේ ඇත්තන්ට වඩාත්ම සංවේදී ප්රශ්නය වනුයේ මීළඟ අන්තර්ජාතික ක්‍රිකට් තරගයේ ජයග්‍රාහක කණ්ඩායම කවුද යන්නයි. අපේ ඇත්තන් ඒ ගැන තර්ක විතර්ක කරන අතර අමුතු තාලේ වෙනස්කම් රට තුළ සිදුවෙයි. බඩු මිල කාහටත් හොරෙන් අහස උසට නැගී. අලි ගහන කැලෑ තුළ අද්භූත නම් ඇති ජනාවාස ඉදිවෙයි. රට ජාතිය ගැන යහමින් කථා කරන අයට නොමිලයේ කන්නට අ`දින්නට ඉඩ ප්රස්ථා ලැබෙයි. අපේ ඇත්තන්ට ඒ කිසිවක් ලොකු ප්‍රශ්න නොවේ. ඔවුන්ට ඇති ලොකුම ප්රශ්නය කවුදො කෙනෙකු විසින් උඩපන්දුවක් අතහැර දැමීමයි.
අවස්ථාවාදී බලවේගයන් විසින් මුළු රටම විජාතික කොළණියක් බවට පත් කරන්නට මෙහෙයුම් දියත් කර ඇති බව අතිශය පැහැදිලිය. රටවැසියන්ද පාලකයන්ද ඒ කුමන්ත්‍රණයට ගොදුරු වූ අසරණයන් බව පළමුකොටම ඔබට පහදා දීමට කැමැත්තෙමි.
සාමාන්‍ය බුද්ධි මට්ටමේ සිටින කෙනෙකුට තේරුම් ගත නොහැකි තරම් සූක්ෂම ලෙස අප රට තුළ විජාතික බලවේග ක්‍රියාත්මක වන බව ඔබට මතක් කර දීම සුදුසුය. සිංහලයන් වෙනුවෙන් හ`ඩන`ගන- බෞද්ධයන් වෙනුවෙන් මොරදෙන සමහරුන් විදේශීය ඔත්තු සේවාවන්හි අරමුදල් මත යෑපෙන බව ඔබ නොදන්නවා විය හැකිය. ලාංකීය දේශපාලනය පිළිබ`දව වැඩි දෙනෙකු නොදත් තිත්ත ඇත්ත මෙයයි.
මා ප්‍රධාන මාතෘකාවෙන් පිට පැන්නාවත්ද? නැත. මම දැන් ප්‍රධාන මාතෘකාවේ හරි මැද සිටිමි. ඔබ කිසිවෙකුත් විශ්වාස නොකරන රහසක් අද මුල්වරට හෙළි කළෙමි. මා උදේ සවස දිවා රෑ සෑම දිනකම අහස පොළව ගැටලමින් කල්පනා කරන එක් දෙයක් ඇත. ඒ ගැටලුව කුමක්දැයි මා හෙළි කළ පසු සියලු බෞද්ධයන්ට එහි බරපතළ කම ක්ෂණිකව වැටහෙනු ඇත. මට හැෙ`ගන පරිදි මේ මුළු සක්වල පවත්නා ප්‍රධානම ප්රශ්නය බුද්ධ ශාසනයේ ආයුෂ පිළිබ`ද ප්රශ්නයයි. යම් හෙයකින් නුදුරු අනාගතයේ බුදුසසුන අතුරුදන් වුවහොත් එය යළි නැ`ගිටුවාලීමට ක්‍රමවේදයක් නොමැත්තේය. මේ යන විධියට වැඩ සිද්ධ වුවහොත් ලක්දිව බුදුසසුන අපේ ඇස්පනාපිටම අතුරුදන් වනු ඇත.
අදටත් බුදුදහමේ මූලස්ථානය ශ්‍රී ලංකාවයි. හෙටද බුදුසසුනේ මූලස්ථානය අප රටම විය යුතුය. ඒ තැන ගත හැකි වෙන රටක් නොමැති බව ලෝක සිතියම ගැන හා බෞදAධ ඉතිහාසය ගැන තුලනාත්මක අධ්‍යයනයක යෙදෙන කෙනෙකුට හො`දින්ම තේරුම්ගත හැකිය. බුදුදහම වැනි අවිහිංසාවාදී දර්ශනවාදයක් එක දිගට රැක ගැනීමට තරම් අපේ රට ලෝක සිතියමේ අතිශය සුරක්ෂිත තැනක පිහිටා ඇති බව ඔබ තේරුම් ගත යුතුය.
බුදු සසුන අන්තර්ධාන වීමට ආසන්න සමයෙහි මාර්ගඵල නොලබා මිය ගියහොත් සිදුවන අන්තරාය වචනයෙන් කියා නිම කළ නොහැක්කේය. මාර්ගඵල නොලද්දන්ගෙන් අතිබහුතරය මරණින් මතු සතර අපායේ උපදිති. සතර අපායෙහි උපන් සත්වයන් දිගින් දිගට එහි කරක් ගැසීමේ ස්වභාවයක් ඇති බව ධර්මයේ ස`දහන්ය. ඉ`ද හිට හෝ සතර අපායෙන් මිදී එන අයෙක් වුව පෙර පුරුද්දට නැවත පව්කම් කර අපායේ යන ස්වභාවයක් ඇත. අපායෙන් ඔබව බේරාගන්නා එකම එක ක්‍රමවේදය බෞද්ධ අවබෝධතා මාර්ගයයි. ඒ හැර දෙවැනි විකල්පයක් නොමැති බව පිටසක්වල බෞද්ධ නායකයන් විසින්ද පෙන්වා දෙනු ලැබ ඇත.
නුදුරු අනාගතයේ බුදුදහම අතුරුදන්වුවොත් සිදුවන ඇබැද්දිය මොහොතකට සිතා බලමු. අනාගතවංශ සූත්‍ර දේශනාවේ දැක්වෙන පරිදි මතු මෛත්‍රී බුදුන් පහළවනුයේ අදින් අතිවිශාල කාලයක් ගතවූ පසුවය. එය වර්ෂ වලින් දැක්විය නොහැකි තරම් දිගු කාලයකි. ගෞතම බුදුන්වහන්සේගේ ශාසනය අවසන්වීමත් සම`ග ඇතිවන ආධ්‍යාත්මික අන්ධකාරය කිව නොහැකි තරම් භයංකරය. මට එය වචනයෙන් විස්තර කිරීම අසීරුය. මම ඒ අබුද්දස්ස කාලය තදින්ම අප්‍රිය කරමි. ඉදිරි අනාගතයේ පහළවන අබුද්දස්ස කාලයේ ඔබ මිනිසෙකුව උපත ලැබුවහොත් දෙවියන් පිනවීමට නානාවිධ පව්කම් කර නිරයේ උපත ලැබීම හැර වෙනත් විකල්පයක් ඔබට නොමැත්තේය.
එබැවින් අද කාලයේ බෞද්ධයන්ට බලපාන ලොකුම ගැටළුව ශාසනයේ ආයුෂ පිළිබ`ද ප්රශ්නය බවට සැකයක් නැත්තේමය. අන් සියලු ප්‍රශ්න ඊට වඩා සරලය. එක්කෝ ඔබ අද අදම මාර්ගඵල ලබා සුගතියෙහි ඉපදීම සහතික කර ගත යුතුය. නැතිනම් සියලු බෞද්ධයන් එකාවන්ව එක්සත්ව එක්සිත්ව ශාසන අන්තර්ධානය වැළැක්විය යුතුය.
සූත්‍ර පිටකයේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය ඇතුළු දේශනාවන්හි ස`දහන් පරිදි බුද්ධ ශාසනයේ අන්තර්ධානය හෝ එය රැකගැනAම තනිකරම බෞද්ධයන්ගේ තීරණය මත සිදුවන්නකි. අන් කිසිවෙකු එම චෝදනාවෙහි වරදකරු නොවන්නේමය.
'' මහණෙනි, මේ ශාසනයේ අන්තර්ධානය සසුන තුළින්ම ඇතිවන්නකි. තව බොහෝකල් ඉක්ම ගිය පසු සද්ධර්මයට වඩා රසවත් සද්ධර්ම ප්‍රතිරූපක හටගනී. එකල්හි මිනිස්සු සද්ධර්මය මේ යෑයි කිසා සද්ධර්ම ප්‍රතිරූපක පිළිගනිති. සද්ධර්මය එයින් යටපත්ව අභාවයට යයි.''
අද සිදුව ඇත්තේ එම අතිභයානක ක්‍රියාවයි. අද සිදු කෙරෙමින් පවතින්නේ ඒ අමනෝඥ ක්‍රියාවයි.
අභිධර්ම පිටකය බුද්ධ භාෂිතයක් නොවන බව කීම සද්ධර්මයේ පැවැත්මට හානිකර දෙයකි. විනය පිටකයට ගරහමින් සසුනෙහි රැ`දී සිටීම අතිශය හානිකර දෙයකි. සතාසීපාවා කුසගින්නේ මියෑදෙද්දී උත්කර්ෂවත් පලතුරු පූජා තැබීම බුදු සසුනට ගරහන්නට සිටින අයට ආයුධ සැපයීමකි. හරියට ඇ`ගට ඇ`දුමක්වත් නොමැති මිනිසුන් ලක්ෂ ගණනින් සිටින රටක චෛත්‍යයන්ට සිවුරු පෙරවීම බුද්ධිමතුන් විසින් නොපසස්නා ක්‍රියාවකි. ආහාර ඇත්තේ කුසිගිනි නිවීමටය. සිවුරු පිරිකර ඇවැසි වන්නේ අවුවැසි සුළං පීඩාදිය වැළැක්වීම ස`දහාය. මේ සරල කරුණු තේරුම් ගන්නා තුරු ප්‍රඥා පාරමිතාව අංශු මාත්‍රයක් හෝ නොවැඩෙයි.
බුද්ධ දේශනයන්හි නොමැති අමුතු ප්‍රතිපදා ඉගැන්වීම සසුනෙහි පරිහානියට හේතුවන ක්‍රියාවකි. කුඩා හෝ ශික්ෂාපදයක් කඩකිරීම සාධාරණ යෑයි තර්ක කිරීම බොහෝ කල් අපායෙහි වි`දවන්නට හේතුවන පාප කර්මයකි. බුද්ධ දේශනයෙහි නොමැති හා සසර දිගු කරන අලුqත් පූජා විධි සියල්ල සද්ධර්ම ප්‍රතිරූපක මිස අනෙකක් නොවන බව යළි යළිත් සිහිපත් කරනු කැමැත්තෙමි.
සංඝ බේදය යනු මහත් බරපතල ආනන්තරිය පාප කර්මයකි. සංඝබේදය කළ තැනැත්තාට හිමිතැන අවීචි මහා නිරයයි. හේ මරණින් මතු අවීචි මහා නිරයේ ඉපිද ගණනය කළ නොහැකි තරම් දීර්ඝ කාලයක් දුක් වි`දියි. සංඝ බේද පාප කර්මයේ ආකාර කිහිපයකි. විනය කර්මවලදී සිදුවන සංඝභේදය ගැන විනය පිටකයේ පාරාජිකා පාළියෙහි විස්තර කර ඇත. විනය කර්මවලදී පිරිස් බෙදී යාමෙන් ''සංඝ සෝධිය'' හෝ ''සංඝ බේදය'' යන වැරදි දෙකෙන් එකක් සිදුවෙයි. සූත්‍ර පිටකයේ සංඝ බේදය විස්තර කර ඇත්තේ මෙපරිද්දෙනි.
''මහණෙනි සංඝබේද පාපකර්මය දෙයාකාරය. විනය නිසා වන බේදය එහි එක් ආකාරයකි. ධර්මය නිසා වන භේදය තවත් ආකාරයකි. විනය නිසා වන බේදයේ හානිය අඩුය. ධර්මය නිසා වන භේදය ශාසනයේ විනාශය පිණිසම පවතියි.''
බුදුසසුනේ අන්තර්ධානයට වගකිවයුත්තේ අන්‍යාගමිකයන් නොව අපේම ඇත්තන් බව පහසුවෙන් ඔප්පු කර පෙන්විය හැකිය. ඒ මෙසේය. යමෙකු මේ ශාසනයෙහි හි`ද අලුතින් ප්‍රතිපදාවක් පෙන්වා දුන් කල්හි පිරිසක් එය අනුමත කරති. තවත් පිරිසක් එය ප්‍රතික්ෂේප කරති. මෙයාකාරයෙන් මතවාදීව දෙපිරිසක් ලෙස වෙන් වන ඔවුහු තමන්ට නොදැනීම සංඝභේද පාපකර්මය කර ගනිති.
'' මහණෙනි බේද වූ ශාසනය එක් කිරීමට යමෙක් වෙහෙසෙයිද එය බ්‍රහ්ම පුණ්‍යකර්මයක් බව මම කියමි. බ්‍රහ්ම පුණ්‍ය කර්මය යනුවෙන් හ`දුන්වනු ලබන්නේ එපිනෙන් කල්පයක් ආයු ඇතිව බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට සුදුස්සෙකු වන බැවිනි.''
ඔබටත් කල්පයක් ආයු ලැබ බ්‍රහ්මයෙකු ලෙස උපත ලැබීමට අවශ්‍ය නම් කැබලි වලට ඉරී ගිය බුදු සසුන නැවත එක් කිරීම අදම අරඹන්න. ඒ හැර බුදුසසුන බේරා ගැනීමට වෙනත් ම`ගක් නැත්තේය. බෞද්ධයන්ගෙන් දිනෙන් ගිලිහී යන අයිතිවාසිකම් දිනා ගැනීමට වෙනත් විස`දුමක් නැත්තේමය.
නිලන්ත හෙට්ටිගේ
දිවයින
Post a Comment