Showing posts with label Daily Astrology Forecasts. Show all posts

ඉර උදාව - පෙරවරු 05.58 ට

ඉර බැසීම - පස්වරු 17.57 ට

රාහු කාලය

දිවා 13.28 සිට 12.57 දක්වා

රාත්‍රී 01.28 සිට 02.57 දක්වා

සුභ දිශාව - උතුර

මරු සිටින දිශාව - දකුණ

මේෂ

ශිල්ප ශාස්ත්‍ර හා කරන කාර්යයෙන් සාර්ථක ප්‍රතිඵල අත්විඳියි. රැකියා කටයුත්තක් සඳහා ප්‍රදේශයෙන් බැහැරට යෑමට සිදු වේ. මිතුරු සබඳතාවලට සුභ දිනයකි. හදිසි ධන ලාභවලට හේතුයි. ලොතරැයි වාසනා ආදිය උරගා බැලීමට සුදුසු දිනයකි. දරුවන් නිසා ඔබ ගෞරවයට පාත්‍රවන දිනයකි. රැකියා ස්ථානයේ කරදර බාධක මඟහැරී යයි. තැන්පත් ධනය වැය වීමට හේතු යෙදේ. උරුමයෙන් ලැබෙන්නට ඇති දේවල් අහිමි වෙයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

වෘෂභ

පොත්පත්, ලිපි ලේඛන ආශ්‍රිතව වැඩ කරන්නන්ට යහපත්ය. තමන් සිටින ස්ථානයේ උසස් තත්ත්වයක් හිමි වේ. විවාහ ජීවිතයට සුබයි. සමාජීය හා ආගමික අංශයේ කටයුතුවලට නැඹුරුතාවක් පෙන්නුම් කරයි. කීර්ති ප්‍රශංසා හිමි වේ. මිතුරන්ගේ සහයෝගය ලැබේ. මැහුම්, ගෙතුම් ආශ්‍රිත රැකියාවල නියුතු අයට ශුභදායකයි. වැඩි මහන්සියෙන් තොරව ආදායම් ලැබිය හැකි දිනයකි. පුරුෂ පක්ෂයට ස්ත්‍රීන්ගේ ආධාර, උපකාර හා කරුණාව වැඩියෙන් ලැබේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05

මිථුන

පියාට යහපත්ය. පියා සතු දේපළ වැඩි දියුණු වේ. විවාහ අපේක්ෂිත තරුණ, තරුණියන්ගේ බලාපොරොත්තු සඵල නොවේ. ආගමික භක්තිය වැඩි කරන දිනයකි. තැන්පත් සිතින් යුක්තව ආගමික වැඩසටහන්වලට යොමු වෙයි. රැකියාවේ උසස්වීම් ලැබේ. කීර්ති ප්‍රශංසා හිමිවන දිනයකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධානත්වයට පත් වේ. රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ දිනයකි. සහෝදරයකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

කටක

අද දිනයේ බුද්ධිමත්ව සිතා තීරණ ගන්න. ආදායම් සරු වේ. මවුගෙන් උපකාර ලැබේ. රැකියා ස්ථානයේ දී කල්පනාකාරීවන්න. වැඩ කටයුතු අධිකයි. නිවසින් බැහැර ගමනක් යෙදෙයි. තමාට වැඩි අභියෝග පැමිණෙන දිනයකි. අභියෝගවලින් ජය අත්වේ. කඩිසර ගතිය වැඩිය. සිතිවිලිවල චංචල ස්වභාවයක් ඇති වේ. කාලත්‍ර සබඳතාවල දී ගැටලු ඇති වීමට බොහෝ විට ඉඩ ඇත. තෙල් සහිත ආහාර ආදිය අහිතකර විය හැකි දිනයකි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

හුදකලා වාසයට ප්‍රිය කරයි. ධනය ඉපයීමට ශූරයි. ඉක්මන් තීරණ නොගත යුතුය. වෙනදාට වඩා විචාරශීලීව කටයුතු කළ යුතුය. තම මවුපියන් හා වැඩිහිටියන්ගේ උපදෙස්, අවවාදවලට ඇහුම්කන් දිය යුතු දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට යහපත් දිනයකි. සිතා ගෙන සිටි අධ්‍යාපන සම්බන්ධ කටයුත්තක් සාර්ථක වේ. නඩුහබ සම්බන්ධව සතුටුදායක තීන්දුවක් ලැබේ. දේව භක්තිය වැඩි වේ. මන්තර, ගුරුකම් හා ගුප්ත විද්‍යාව ආදිය ඉගෙනීමට යහපත් වේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01

කන්‍යා

ආරක්ෂක අංශයේ සේවය කරන අයට රාජකාරියට යහපත්ය. ආදායම් තත්ත්වය සුබයි. වියදම් අඩු වේ. විවාහ ජීවිතයේ දී ගන්නා තීරණ ගැන කල්පනාකාරී වන්න. හදිසි තීරණ අනුව වැඩ කිරීම අවාසිදායකයි. එසේ වුවහොත් සියලු කටයුතු අසාර්ථක වේ. ධෛර්යවන්තව දිරිමත්ව සියලු කාර්යයෙහි නිරත වෙයි. අලසකම නැති උද්යෝගිමත් දිනයකි. පාලන කටයුතු සාර්ථකයි. විවාද කථික තරගවල දී ජය ලැබෙයි. සම්මුඛ පරීක්ෂණවල දී වාසි අත් වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

ගෘහ ජීවිතයේ සැප අඩු කරයි. ප්‍රසිද්ධව කරන මහජන කටයුතුවලින් පාඩු විඳීමටත් සිදු විය හැකිය. තම මවගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙහෙසෙයි. ආදායම් තත්ත්වය සුබදායක වේ. නමුත් හවුල්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. තුනටිය, දණහිස් ආශ්‍රිත රෝග මතුවිය හැකිය. මනසේ කලබල නොසන්සුන් ගතියක් ඇති කරයි. සහෝදරයෙකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. තමාට පැවරෙන වගකීම් කාර්යක්ෂමව සිදු කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

වෘශ්චික

වැඩ කටයුතු සැලසුම් සහගතව අරඹන්න. රැකියා ස්ථානයේ අස්ථාවරතා ඇති වේ. ආගමික වැඩසටහන්වලට මැදිහත් වීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීමට උත්සාහ ගන්න. අලුත් වැඩ ආරම්භ කිරීමෙන් වළකින්න. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ගිවිසුම්වලට අත්සන් කිරීමට සුබ නොවේ. ගෙදර දොර වැඩකටයුතු ව්‍යාකූල වේ. විවාහ ජීවිතයට බාධා, අවහිරතා ඇති වේ. ගමන් බිමන් අධික වේ. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මඟ හැරෙන දිනයකි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

ධනු

දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. ණය දීමේ දී හෝ ගැනීමේ දී සැලකිලිමත් විය යුතුය. ජීර්ණාබාධ ඇතිවිය හැකිය. ගෘහ ජීවිතය සාමකාමීව පවත්වාගෙන යයි. අධ්‍යාපන කටයුතුවල දී අලස බවක් ඇති කරයි. යහපත් මිතුරු ඇසුරක් ලැබේ. විනෝද චාරිකාවකට සහභාගි වේ. බලාපොරොත්තු ආදායම් ලැබේ. සෙම් රෝගවලින් පීඩා විඳී අයට සුවයක් ලැබේ. වැඩිමහල් සොහොයුරකුගෙන් ප්‍රීතිදායක ආරංචියක් ලැබේ. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

මකර

අනුන්ගේ කටයුතුවලට උදවු කිරීමට වෙහෙස වන දිනයකි. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ආමාශගත රෝග හට ගැනීමට ඇති ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවන දිනයකි. අභිමානයෙන් යුතුව දවස ගත කරයි. විවාහකයන්ට ජයයි. ගෘහ ජීවිතය සතුටින් ගත කරයි. තරගවලට ඉදිරිපත් වන්නන්ට ජය හිමිවෙයි. මිත්‍රාදීන්ගෙන් ලැබෙන උපකාර අඩු වේ. නිර්මාණකරණයට ඉතා සුබ දිනයකි. යහපත් අදහස් ඇති වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

සමාජ සේවයට සුභ දිනයකි. යටත් සේවකයන්ගේ උපකාර ලැබේ. පිරිස් බලය ලැබේ. ස්වකීය උත්සාහය තුළ ගේ දොර කටයුතු සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. යම් යම් කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණවල දී බාධා, අවහිරතා ඉස්මතු වේ. තීරණ ගන්නා විට දී අන්‍යයන්ගේ උපදෙස්, උපකාර වැදගත් වේ. තමන් සිතාගෙන සිටි දෙයක් නොව වෙනත් යමක් කිරීමට පෙළඹිය හැකි බැවින් කල්පනාකාරී වන්න. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

තම මව වෙනුවෙන් කාලය ධනය වැය කරයි. ඉගෙනීමට හොඳය. අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. ප්‍රේම සබඳතාවල දී බාධා මතු වේ. හවුල් ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේ දී දෙවරක් සිතා බැලිය යුතුය. පොත්පත් ආශ්‍රිත ශාස්ත්‍රීය කටයුතුවලට සුබයි. ක්‍රියාශීලීව තම වැඩ කටයුතුවල නිරත වෙයි. පදිංචි ස්ථානයෙන් බැහැර වීමට ඉඩකඩ ඇත. තැපැල්, ලිපිකරු, වෙළඳාම හා චිත්‍ර කැටයම් කර්මාන්තවල සේවය කරන්නන්ට යහපත්ය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

ඉර උදාව - පෙරවරු 05.58 ට

ඉර බැසීම - පස්වරු 17.58 ට

රාහු කාලය

දිවා 14.58 සිට 16.27 දක්වා

රාත්‍රී 02:58 සිට 4.27 දක්වා

සුභ දිශාව - නැගෙනහිර

මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ

උරුමයෙන් ලැබෙන දේපළ හිමි වීමට ඉඩ ඇත. සතුරු පීඩාවලින් ජය ලබයි. හදිසි තීරණ ගැනීමෙන් පාඩු සිදුවිය හැකි‍ය. එමනිසා කල්පනාකාරීව තම කාර්යයන්හි යෙදීම මැනවි. ගෘහ ජීවිතයේ කටයුතුවල දී සුළු පසුබැසීමක් හට ගනී. ආදායම් ලැබීම මෙන්ම වියදම් ද අධික වේ. උරහිස් හෝ පෙනහළු ආශ්‍රිත ආබාධ මතුවිය හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත අය අවධානයෙන් සිටිය යුතු දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

වෘෂභ

ආර්ථික දියුණුවට අවස්ථා පෑදේ. ඥානාන්විතව කටයුතු කිරීම නිසා රැකියා කරදර බොහෝමයක් ඉවත් කරගත හැකිය. යුග දිවිය තුළ තිබූ ගැටලු නිරාකරණය කරගත හැකිය. දූ දරුවන්ගේ ප්‍රශ්න ගැටලුවලට අද දිනයේ වැඩි මැදිහත්ව වීමක් සිදු වේ. වැය පක්ෂය අධිකයි. සිතිවිලි ආවේගශීලී වේ. හිතුවක්කාරී ගති ඉස්මතු වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතුවලට ද අවහිරතා මතු වේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05

මිථුන

නඩුහබවල දී ජය අත්වේ. චිත්ත පීඩාවලින් වැළැකීමට ආගමික කටයුතුවල යෙදීම වඩාත් යහපත්ය. නිවසින් බැහැර දුර ගමනක් යෑමට සිදු වේ. ගමන් බිමන් වැඩිපුර යෙදෙයි. බුද්ධිය මෙහෙයවා කරන වැඩවලට සුබ නැත. වැඩිහිටි අවවාද නොරුස්සයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ගනුදෙනුවල දී ප්‍රවේශම්වන්න. මහජන සම්බන්ධතා කාර්යවල දී සැලකිලිමත් වන්න. උදරයේ පපු කොටසේ වේදනා ඇතිවිය හැකිය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

කටක

තමාගේ ගුණ යහපත්කම් ගැන අන්‍යයන් අතර ප්‍රසිද්ධ වේ. අලසකමින් තොර බලාපොරොත්තු අත්නොහරින දිනයකි. ලෞකික සැප සම්පත් නොඅඩුව ලැබේ. ගෘහ ජීවිතය බාධාකාරී නොවේ. දරුවන් පිළිබඳ සුභ ආරංචියක් ලැබීමට පිළිවන. සතුරන් පරාජය වී ඔබ ජය ලබන දිනයකි. ආමාශගත රෝග පපුවේ හෝ පෙණහැලිවල යම් යම් ආබාධ ඉස්මතු විය හැකිය. තම සේවකයන්ගෙන් කීර්ති ප්‍රශංසා ඔබට හිමි වේ. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

කෙටි ගමන් බිමන් යෙදේ. පොළොව ආශ්‍රිත කටයුතුවලින් වැඩි ආදායමක් ලැබේ. ඉඩකඩම්, ගේ දොර, යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රයෝගවලට හසු වීමට සිදු වේ. උද්යෝගයෙන් වැඩ කළ හැකි දිනයකි. බොහෝ කාලයක් තිස්සේ පැවතුණු ගැටලුවක් විසදේ. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් දවසකි. ප්‍රේම සබඳතාවලට බාධා පැමිණිය හැකිය. උෂ්ණාධික රෝග හට ගනී. චිත්ත ශක්තියෙන් සියලු ගැටලුවලට මුහුණ දුන්නොත් ජය ලැබේ. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01

කන්‍යා

පියාට ඉතාමත් සුභයි. ප්‍රේමවන්තයන්ට බාධක මඟ හැරේ. අඹුසැමි සබඳතා වර්ධනය වේ. ගෘහ ජීවිතය යහපත්ය. නිවසට අමුත්තන් පිරිසක් පැමිණේ. සහෝදරයන්ගේ කාර්යයක් සඳහා කාලය ශ්‍රමය කැප කරයි. ඔබගේ උපදෙස් බොහෝ දෙනා පිළිගනී. වාසනා ගුණය ඉස්මතු වී පෙනෙන දිනයකි. උසස් සිතුවිලි අනුව ක්‍රියා කරයි. ආධ්‍යාත්මික අංශයට වැඩි නැඹුරුවක් ඇත. වැඩිහිටියන්ගේ උපකාර ලැබේ. උසස් අධ්‍යාපනයට ජයයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

ඥාති සම්බන්ධතා වර්ධනය වේ. උසස් අධ්‍යාපනයට නැඹුරුතා ඇති වේ. හැරගිය හිත මිතුරන් නැවත එක් වේ. විදේශ සංචාර බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. එදිනෙදා කටයුතු වෙනදාට වඩා උද්යෝගයෙන් සිදු කරයි. ශරීරයේ ලේ ගමන පිළිබඳ සැලකිලිමත් වන්න. ධෛර්ය හීන වන දිනයකි. ශරීරයේ දෙඅත්, උරහිස් ආශ්‍රිත රෝගාබාධ හට ගනියි. සිතේ දුබල ගතිය ඉස්මතු වේ. දේපළ ඉඩකඩම් ගෙවල් දොරවල් වැනි නිශ්චල දේපලවලින් වාසි අත්වේ. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

වෘශ්චික

සමාජ සේවා කටයුතුවල දී තමා ප්‍රශංසාවට ගෞරවයට පාත්‍ර වේ. කලබලකාරී ස්වභාවයක් උසුලයි. කල්පනාවෙන් කටයුතු කරන්න. රෝහල් සේවයේ නියුතු අයට වැඩ කටයුතු අධික කරයි. පොත් ලිපි ලේඛන ආශ්‍රිත රැකියාවල නිරත අයට යහපත්ය. ඔබ සමාජයේ ප්‍රබල ඇගයීමකට ලක් වේ. විදේශගත වීමට යහපත්ය. රැකියා කරන ස්ථානවල දී වැඩි පිරිසකගේ ප්‍රශංසාවට ඔබ කළ ක්‍රියාවක් හේතු වේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

ධනු

අධ්‍යාපන කටයුතු සාර්ථකයි. මංගල යෝජනාවලට සුබයි. ගෘහ ජීවිතය අවබෝධයෙන් යුතුව ගත කරයි. හවුල් ව්‍යාපාර ආදියේ යෙදෙන අයට සුබදායක ක්‍රියාශීලි දිනයකි. සේවකයෝ ද මහත් උනන්දුවෙන් වැඩ කරයි. මවු පාර්ශවයේ කෙනකුගේ රෝගී තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙයි. කාලයක් තිස්සේ නිම නොකළ වැඩ අවසන් වේ. අලංකාරය වෙනුවෙන් මුදල් වියදම් වේ. ආමාශයේ උෂ්ණ රෝග හා ස්ත්‍රීන්ට ගර්භාෂයේ දෝෂ ඇති කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

මකර

පෙම් සම්බන්ධතාවලට බාධා අවහිරතා මතු වේ. ගෘහ ජීවිතයේ ගැටළු සහගත තත්ත්වයන් නිසා මනස කලකිරෙයි. අද දිනයේ මුදල් හානියක් පෙන්වයි. හිසේ කැක්කුම් හෝ හිස ආශ්‍රිත රෝගී තත්ත්වයන් හට ගන්නා දිනයකි. පෙර කරන ලද වැරැද්දක් නිසා තම මනස දඬුවම් විඳියි. ඒ ගැන කල්පනාකාරී වන්න. මුත්‍රා රෝග උදරාබාධ ඇති වීමට හේතුයි. ගමෙන් පිට සිටින පවුලේ ඥාතියකුට අසුබ දිනයකි. රැකියාවේ අවශ්‍යතාවයකට දුර ගමනක් යෙදේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය -08

කුම්භ

සමාජයේ ඉහළ පුද්ගලයන්ගේ උපකාර ලැබේ. නිවසේ කටයුතුවල දී තම ආධිපත්‍යය පතුරයි. තැන්පත් ධනයට ගැටලු ඇති කරයි. නිවසට අමුත්තන් කිහිප දෙනෙකු පැමිණේ. උරහිස් ආබාධ ආදිය මතුකරවන දිනයකි. උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වීමට දැරූ උත්සාහය සඵල වේ. ඔබට තරග විභාගවලින් ජය ලැබේ. ශිෂ්‍යත්ව ලාභ හිමියි. රැකියා ස්ථානයේ යම් යම් අර්බුද හට ගනී. රැකියාවේ යම් වෙනසක් ඇති වීමට ඉඩකඩ පවතී. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

විද්‍යාව, සාහිත්‍ය, වෛද්‍ය කටයුතුවලට සුදුසු දිනයකි. ගමන් බිමන් අධික වේ. ගෘහ ජීවිතයේ ප්‍රීතිය අඩුයි. රහස් තොරතුරු හෙළි වෙයි. එමනිසා කතා කිරීමේ දී ප්‍රවේශම් වන්න. නිවසේ වැඩකටයුතුවල දී කඩිසර වේ. අවස්ථානුකූලව තම කාර්යයන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේ. සහෝදරාදීන්ගේ සබඳතා අඩු වේ. කථික විවාද වැනි තරගවලින් ජය ලැබේ. මුත්‍රා ආබාධ, දණහිස් ආබාධ ආදිය ඇතිවිය හැකිය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

ඉර උදාව - පෙරවරු 05.58 ට

ඉර බැසීම - පස්වරු 17.58 ට

රාහු කාලය

දිවා 07.28 සිට 08.57 දක්වා

රාත්‍රී 19.28 සිට 20.57 දක්වා

සුභ දිශාව - නැගෙනහිර

මරු සිටින දිශාව - වයඹ

මේෂ

හිතේ එඩිතර බවක් ආත්ම විශ්වාසයක් ඇතිව අරඹන ලද දිනය ඔබට බොහෝ සෙයින් යහපත් වේ. ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යෑමට හැකිය. රැකියා කටයුතුවල දියුණුවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නට තරග විභාග ආදියෙන් ජය ලැබෙන දිනයකි. ඔබ රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටි අයකු නම් නොවරදවාම එම උසස් වීම අද දිනයේ ලැබෙනු ඇත. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ

අද දිනය මිශ්‍ර ඵලදායී දිනයකි. වැඩ කටයුතු අධික වේ. ඇසේ ආබාධ ගෙන දිය හැකිය. රැකී රක්ෂාවලට සුභ දිනයකි. මානසික පීඩා ගෙන දෙන දිනයකි. තම කතාව නිසා ලාභ ලැබිය හැකිය. මවගේ හෝ පියාගෙන් අද දිනයේ ඔබට උදවු ලැබීමක් පෙන්වයි. පවුල් ජීවිතය සාමකාමීයි. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අද දිනයේ ඔබට අවස්ථාව හිමිවනු ඇත. හදිසි අනතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන

අද දිනයේ ඔබට මුදල් ලාභ ලැබෙන, ඥාති මිත්‍රාදීන් සමඟ ප්‍රීතියෙන් කල් ගෙවීමට හැකි දිනයකි. ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ පෙන්වයි. කලක් පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. තම අලංකාරය වෙනුවෙන් මුදල් වැය කෙරේ. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. ණය මුදලක් ආපසු ලැබීමක් පෙන්නුම් කරයි. ලැබීමට තිබූ ණය අවස්ථාව ඇත. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක

වැඩිහිටියන්ගේ උදවු උපකාර ලැබෙන දිනයකි. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. අන් අය සමඟ කරන කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. උසස් නිලධාරීන්ගේ සහාය ලැබෙන දිනයකි. ගේ දොර අලංකරණය වෙනුවෙන් වැඩි කාලයක් කැප කරයි. පවුලේ කෙනෙකුගේ සතුටුදායක ආරංචියක් ලැබීමට පුළුවන. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවක් පෙන්වයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.

සිංහ

දුර ගමනක් හෝ වන්දනා ගමනක් යන්නට අවස්ථාවක් සැලසේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. යහපත් පුද්ගලයන් ඇසුරට ලැබෙ‍යි. ආගමික කටයුතුවලට සම්බන්ධව වැඩ කටයුතු කරන දිනයකි. සුවබර නින්ද අද දිනයේ මඳක් ඈතට යයි. රසවත් ආහාරපාන රස විඳීමට හැකිවනු ඇත. ඔබ නොසිතන අන්දමට වැය පාර්ශවය ඉහළ යනු ඇත. උදරාබාධවලට ලක්විය හැකිය. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා

රැකියා ස්ථානයේ තරමක් කරදර බාධක ගෙන දෙන දිනයකි. පියාගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. මංගල්‍ය උත්සවයකට සහභාගී වීමට සිදු වේ. රැකියා උසස්වීම ආදිය පෙන්වයි. සහෝදර සහෝදරියන් අතර මතභේදකාරී තත්ත්වයක් ඇති වේ. ජලය ආශ්‍රිත කටයුතුවල නිතර අය කල්පනාකාරරී විය යුතුය. තමා භාරගත් ක්‍රියාවක් අවසන් කිරීමට අද දිනයේ ඔබට හැකියාව ලැබේ. ජය වර්ණය - කොළ, ජය අංකය -05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා

විවාහ ජීවිතයේ සතුට සමාදානය නොඅඩුව ලැබෙන අද දිනය තුළ සමාජීය කටයුතුවල නිරතවන ඔබ මනා එඩිතර තත්ත්වයකින් කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. නමුත් තීරණ ගැනීමේ දී දෙවරක් කල්පනාකාරීවන්න. රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි අද දිනයේ වැඩි උනන්දුවක් දක්වයි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට මතක ශක්තිය වර්ධනය කරන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

වෘශ්චික

ගේ දොර අලුත්වැඩියා කටයුත්තක් සඳහා කාලය වැය කරයි. නඩු හබවලින් ජය ලැබෙයි. දරුවන් වෙනුවෙන් මුදල් වැය කෙරේ. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයෙක් නම් ඔබ භූමියේ සම්පත්වලින් වඩාත් ඵල ප්‍රයෝජන ගත හැකි දිනයකි. මවුපස ඥාතියෙකුගේ උදවු උපකාර ලැබෙන දිනයකි. කෙටි ගමන් බිමන් යෙදෙයි. යහපත් පුද්ගල ඇසුරක් ලැබෙයි. දණහිස් ආබාධ ආදිය මතුකර විය හැකිය. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න.

ධනු

අද දිනය ඔබට වඩාත් තීරණාත්මක දිනයක් වනු ඇත. ප්‍රේම සබඳතා ආදියට මවුපියන්ගේ අවසරය ලැබෙයි. සහෝදර සහෝදරියන් අතර හොඳ හිත දියුණු වේ. ශරීර සෞඛ්‍ය මෙන්ම ගමන් බිමන්වල දී වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතු දිනයකි. ලොතරැයි දිනුම්, හදිසි ධන ලාභ ලැබිය හැකි දිනයක් වේ. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. විදේශ ගමන් ආදිය බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර

ආදායම් මාර්ගවලින් නොසිතූ වාසි රැසක් සිදු වේ. ගෘහ ජීවිතයේ කටයුතු මනා පාලනයකින් සිදු කරන තත්ත්වයක් පෙන්නුම් කරයි. අලුත් දේ මිල දී ගැනීමේ ආශාවක් මෙන්ම හැකියාවක් ද ඇති කරයි. බලාපොරොත්තු ඉටු වන දිනයකි. රැකියා කටයුතුවල අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කර හොඳ නම රැක ගැනීමට හැකි වේ. ආහාරපාන ගැනීමේ දී තරමක් කල්පනාකාරී විය යුතු අතර ආහාර විස වීම් වැනි අසුබතා පවතී. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ

අලුත් බලාපොරොත්තුවක් සහිතව ආරම්භ කරන අද දිනය තුළ යහපත් ගති පැවතුම් හා ශක්තිය මතු කරන කටයුතුවලින් සුබදායි ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුළුවන. මෙතෙක් පැවැති මානසික අසහනයට හේතුවන කරුණු අද දිනය තුළ ඔබට භුක්ති විඳීමට පුළුවන. තරමක් වැඩ කටයුතු අධික දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. විදේශ ගමන් සාර්ථක වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන

අද දිනයේ ඔබ තරමක් ඉවසීමෙන් වැඩ කටයුතු කළ යුතු දිනයකි. ලියකියවිලිවලට අත්සන් තැබීමේ දී තරමක් බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේ. මවගෙන් ලාභ ලැබීමක් පෙන්නුම් කරයි. දූ දරුවන්ගේ වැඩ කටයුතුවල දී තරමක් වෙහෙස මහන්සි වීමට සිදුවන දිනයකි. වාහන ඉඩකඩම් මිල දී ගැනීමක් පෙන්නුම් කරයි. සහෝදර සහෝදරියන් අත‍ර මතභේද තත්ත්වයන් වර්ධනය විය හැකිය. අයහපත් මිතුරු ඇසුර අද දිනයේ ඔබ පීඩාවට පත් කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

ඉර උදාව - පෙරවරු 06.00 ට

ඉර බැසීම - පස්වරු 18.06 ට

රාහු කාලය

දිවා 09.00 සිට 10.29 දක්වා

රාත්‍රී 21.00 සිට 22.29 දක්වා

සුභ දිශාව - දකුණ

මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ

ක්‍රියාශීලී ගතියෙන් හා උනන්දුවෙන් වැඩ කටයුතු කරගෙන යන දවසකි. රැකියා කටයුතු ක්‍රමවත්ව කරගෙන යයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහස්ථ ජීවිතය සාමකාමීව ගෙන යයි. ගේ දොර කටයුතු සාර්ථක වේ. ග්‍රන්ථකරණයේ වැනි අංශවල දියුණුවක් සැලසෙයි. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙයි. ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරයි. තුනටිය, වකුගඩු සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ

අද ඔබේ වචනයට බලයක්, ශක්තියක් ලැබෙයි. අන් අය ඔබ වෙත අවනතවීමක් දක්නට ලැබේ. දරු උපත් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට සුබදායකය. රැකී රක්ෂා කටයුතු දියුණු වේ. නිෂ්ඵල ගමන් බිමන් යෙදෙයි. නීතිමය ගැටලු, ධන හානි වැනි දේ වීමට ඉඩ ඇත. මුත්‍රාශය සම්බන්ධ රෝග ඇතිවිය හැකිය. සුරතල් සතුන් හා සම්බන්ධ රෝගාබාධවලින් ප්‍රවේශම් විය යුතු දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන

අනුන්ට යටත් නැතිව තම ශක්තිය මත විශ්වාසය තබා ජයග්‍රහණ අත්කර ගන්නා දිනයකි. රැකියා කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. ප්‍රේම සබඳතාවලට සුභ නැත. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. කරදර බාධක මැඩගෙන ගෘහ ජීවිතය හොඳින් ගෙන යයි. කලකින් හමු නොවූ මිතුරකු හමුවීමට අවස්ථාව ලැබෙයි. ප්‍රිය සම්භාෂණයකට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක

පෞරුෂත්වයට හානි ගෙන දෙන දවසකි. ධන සම්පත් ලැබීම හොඳයි. ආදායම් මාර්ග සරු වේ. වැය පක්ෂය ද අද දින ඉහළ යා හැකිය. යහපත් කතාවන්, යහපත් සිතුවිලි අද දිනයේ ඇති කරයි. ගේ දොර පිළිබඳ ගැටලු ඇති කරයි. උරුම හිමිකම් ගැන ගැටලු ඇති වේ. අයුතු චෝදනාවලට ද හසුවිය හැකිය. අද දිනයේ ඔබේ අධ්‍යාපන කටයුතුවලට අයහපත් නැත. කාන්තාවන්ගේ යටිබඩ, ගර්භාෂය ආදියේ රෝග ඇතිවිය හැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.

සිංහ

අද දවස ඔබට සියලු මාර්ගවලින් ලැබෙන ආදායම්වල වැඩි දියුණුවක් ඇති වෙයි. රැකියා කටයුතුවලට සුබයි. රැකියාවේ උසස්වීම් ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. මිල මුදල්, ලැබීම් අතින් ශුභයි. අධ්‍යාපනයට බාධාවන් ඇති විය හැකිය. දීර්ඝ නිෂ්ඵල ගමන් ඇති විය හැකිය. නීතිමය ගැටලු ඇති විය හැකිය. ඌෂ්ණාධික රෝග ඇති විය හැකිය. දීර්ඝ නිශ්ඵල ගමන් ඇති විය හැකිය. නීතිමය ගැටලු ඇති විය හැකිය. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා

මූල්‍ය කටයුතු, බැංකු කටයුතු හා තැන්පතුවල ගැටලුකාරී තත්ත්වයන් පැන නඟී. අධ්‍යාපන කටයුතුවලට හොඳයි. නිවාස, යාන වාහන සම්බන්ධ දේවල්වලට බාධා ඇති විය හැකිය. රැකියා කටයුතුවලට සුබයි. රාජ්‍ය අංශයේ ලැබීම්, නව පත්වීම්, උසස්වීම් ලබා දෙන දවසකි. ගෘහ ජීවිතයේ ගැටලු ඇති විය හැකිය. චිත්ත ශක්තිය දුර්වල වෙන දවසකි. ඔබේ ශරීර සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා

අද දිනයේ ඔබේ රැකියා කරන ස්ථානයේ ගැටලු මතුවිය හැකිය. උසස් අධ්‍යාපනයේ නිරත වූවන්ට සුබයි. රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. ආදායම් මාර්ග වැඩි දියුණු වේ. විදේශගත වන්නන් හට සුබ දවසකි. පිය උරුමයේ දේපළ ලැබීම්වලට යහපත්ය. යාන වාහන ඉඩම් මිල දී ගන්න බලාපොරොත්තු වන අයට යහපත් දවසකි. අක්මාගත රෝග උදරාබාධ වැනි රෝගාබාධ ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

වෘශ්චික

ඔබ අද ධෛර්යයෙන් යුතුව ජීවිතය ජය ගන්නා දවසකි. ජලය ආශ්‍රිත රැකියා කරන අයට යහපත් දවසකි. රැකී රක්ෂා කටයුතු උසස් වේ. දරුවන්ට අපල දවසකි. අධ්‍යාපන කටයුතුවලට බාධාවන් අවහිරතා ඇති වේ. නිෂ්ඵල ගමන් ඇති වේ. මවගේ සෞඛ්‍යයට බාධා ගෙනදේ. ගෘහ ජීවිතයේ ගැටළු මතුවේ. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ප්‍රිය සම්භාෂණ ආදියට හෝ වැදගත් උත්සවයකට ආරාධනා ලැබෙයි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.

ධනු

අද ඔබේ කතාවේ දැඩි බවක් ඇති වේ. පොළොව ආශ්‍රිත කරන රැකියාවලින් ධනය ලැබේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. ව්‍යාපාරවලින් පාඩු විය හැකිය. නීති විරෝධී මාර්ගවලින් ධනය ඉපයීමට සිත යොදවයි. කල්පනාකාරීවන්න. හදිසි අනතුරු සිදුවිය හැකි දවසකි. ආධ්‍යාත්මික කටයුතු සම්බන්ධයෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. කෙටි ගමන් යෙදේ. නහර ගැට ගැසීම් බඩවැල්වල ආබාධ ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර

ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන දිනයකි. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙයි. නිවාස ඉඩකඩම් යාන වාහන ලාභ ඇති කරන යහපත් දිනයකි. අධ්‍යාපන කටයුතුවලින් බාධා ඇති වේ. පියාගේ අසනීප හේතුවෙන් ඒ වෙනුවෙන් කාලය ධනය වැය කිරීමට සිදු වේ. සතුරන්ගෙන් කරදර ඇති වීමට හැකිය. සෙම් රෝග, දණහිස් රෝග ඇති වේ. මැසි මදුරු ආදීන්ගෙන් ඇතිවන රෝගාබාධ ආදිය ඔබ පීඩාවට පත් කරයි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ

දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. අධ්‍යාපනයේ දියුණුව ඇති වේ. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ආදායම් තත්ත්වයේ වැඩි වීමක් පෙන්වයි. ගෘහ ජීවිතය සාමකාමී ලෙස ගත කරයි. දීර්ඝ ගමන් බිමන් යෙදේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය. සතුරන්ගෙන් ජය ගැනීමට හැකි වේ. සර්පයන්ගෙන් අනතුරු විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන

ආදායම් මාර්ගවල වැඩි දියුණුවක් ඇති වන දවසකි. තම උත්සාහයෙන් බොහෝ දේ කර ගත හැකිය. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ඇති වේ. රාජ්‍ය අංශයේ ලැබීම්වලට සුභයි. අධ්‍යාපන කටයුතුවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. පියාගේ උරුමයන්වලට හිමිකම් කීමට හැකි වේ. ආදර සබඳතාවලට යහපත්ය. සෙම් රෝග හෘද රෝග සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. සේවකකාරක ආදීන් සමඟ සුහදව කටයුතු කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

ඉර උදාව - පෙරවරු 06.00 ට

ඉර බැසීම - පස්වරු 18.07

රාහු කාලය

දිවා 10.30 සිට 12.00 දක්වා

රාත්‍රී 22.30 සිට 00.00 දක්වා

සුභ දිශාව - උතුර

මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ

ලැබෙන ආදායමට වඩා වියදම් ඉහළ යන දිනයකි. ඉගෙනීමට වඩාත් උනන්දුව ඇති කරගත යුතු වෙයි. රැකියා ස්ථානයේ ගැටළු මතු වෙයි. කෙටි ගමන් බිමන් ආදිය යෙදිය හැකිය. සහෝදරයන් සමඟ මතභේද ඇති වෙයි. මානසික පීඩනය ඇති කරවයි. ගෘහ ජීවිතයට අදාළ කටයුතුවලට ඉවසීම වැදගත් වේ. ජලය ආශ්‍රිත අනතුරු විය හැකිය. පියාට ද තරමක් අපලකාරී දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

වෘෂභ

ආර්ථික තත්ත්වය යහපත් වේ. අධ්‍යාපනයට සාර්ථක දිනයකි. සෙම් රෝග සෑදීමට ඉඩකඩ ඇත. මව්පස ඥාතීන් වෙනුවෙන් කාලය, ශ්‍රමය වැය කරයි. ගෘහ ජීවිතයේ සාමය සමඟිය ඇති වේ. අක්ෂි රෝග ආදිය ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. මිතුරු සබඳතා ගොඩනැගේ. දූ දරුවන්ට ද යහපත් දිනයකි. රැකියාවේ තනතුරු උසස් වේ. මවගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. උගුර ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇති විය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05

මිථුන

ශරීර සෞඛ්‍ය යහපත් වේ. ආදායම් තත්ත්වය වැඩි දියුණු වේ. හිස ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන්න. රැකියාව ආශ්‍රිත ගමන් බිමන් යෙදේ. තමාගේ අයගෙන් දෝෂාරෝපණයට ලක්විය හැකිය. මවගේ උරුමයෙන් දේපළ ආදිය ලැබීමට වාසනාවන්ත දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා ඇති වේ. අධ්‍යාපන කටයුතු කෙරෙහි වෙනදාට වඩා අවධානයක් ලබා දිය යුතුය. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

කටක

මානසික පීඩා ආදිය ඇතිවන දිනයකි. මුදල් ලැබීම් අතින් බාධා ගෙන දේ. ගෘහ ජීවිතයේ සතුට අඩුවන දිනයකි. පදිංචි ස්ථානයේ වෙනසක් ඇති වේ. අන්‍යයන් සමඟ අදහස් හුවමාරුවේ දී ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. යටි පතුල් ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් ඇතිවිය හැකිය. නින්දට බාධා ඇති වේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්නුම් කරයි. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයට අයහපත් දිනයකි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

ආදායම් තත්ත්වය යහපත් වේ. කලක් තිස්සේ පැවති අසනීප තත්ත්වයකින් සුවය ලැබෙයි. හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. වැඩිමහල් සොහොයුරකු පිළිබඳ කාලය, ශ්‍රමය වැය කිරීමට සිදු වේ. විවාහ ජිවිතය තුළ සතුට සමාදානය ඇති වේ. මවට අනතුරු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. අද දින සමාජ සේවයට කාලය යොදවන දිනයකි. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ගමන් බිමන්වල දී ප්‍රවේශම් වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01

කන්‍යා

රැකියාවෙන් ගෞරවය, ප්‍රසිද්ධිය ඇති වේ. රාජ්‍ය අංශයේ රැකියාවලට සුභ දිනයකි. මහජන සම්බන්ධතා ගොඩනැගේ. පොළොව ආශ්‍රිත ලැබීම් ඇති වේ. ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ලැබේ. දූ දරුවන්ට යහපත් බවක් ඇති වේ. වන්දනා ගමන් බිමන් යෑමට හැකියාව ලැබේ. හවුල්කරුවන් සමඟ කරන කටයුතු ඉතා සාර්ථක වේ. ඉගෙනීම් කටයුතු කරන අයට යහපත් දවසකි. විදේශගත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙයි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

අද දවස ආගම දහමට සිත යොමු කරන දවසකි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. අන් අයගෙන් උදව් උපකාර ලැබීම හා අන් අය සමඟ සුහදශීලීව තම වැඩකටයුතු කර ගැනීමට හැකියාව ඇත. පියාගෙන් හෝ පිය පාර්ශ්වයේ අයගෙන් ආදායම් හෝ දියුණුවට උදව් උපකාර ලැබේ. උගත් මිතුරු සබඳතාවලට සුභ දිනයකි. තම දූ දරුවන් පිළිබඳ වගකීමෙන් හා කැපවීමෙන් වැඩ කරනා දවසකි. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයකි. අද දවස සුබය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

වෘශ්චික

තම උරුමකම් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කිරීමට වේ. අන් අයගෙන් තමාට චෝදනා විඳීමට සිදු වේ. මානසික ආතතිය ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය. මුත්‍රාශය සම්බන්ධ රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් උෂ්ණාධික කෑම ආදියෙන් වැළකිය යුතුය. ආධ්‍යාත්මික වැඩවලට සිත යොමු කරවන දිනයකි. විවාහ ජීවිතයේ දී ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. නීති මාර්ගික කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ ඇත. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

ධනු ‍

ප්‍රීතිමත් දිනයක් වේ. විවාහ යෝජනා සාර්ථක වේ. විවාහ උත්සව ප්‍රිය සම්භාෂණ ආදියට ඇරයුම් ලැබෙන දිනයකි. ගෘහ ජීවිතය වෙනදාට වඩා සතුටින් සිටිය හැකි දිනයකි. වියදම් වැඩි කරවන අතර අලුත් ගෘහ භාණ්ඩ ආදිය මිල දී ගත හැකි දිනයකි. රැකියාව තෘප්තිමත්ව කරගත හැකිය. රැකියාව නිසා කාර්යය බහුල බවක් පෙන්නුම් කරයි. මවු පාර්ශ්වයේ අයගෙන් තමාට උපකාර ලැබේ. තුනටිය ආශ්‍රිත රෝග ඇති වීමට ඉඩ ඇත. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

මකර

අන් අය සමඟ හවුල් ගනුදෙනු කිරීමේ දී සැලකිලිමත් වන්න. පියපස ඥාතීන්ගෙන් විරුද්ධකම් ඇති වේ. උෂ්ණාධික රෝග ද ඇති වේ. රිය පැදවීමේ දී අවධානයෙන් සිටිය යුතුය. අධ්‍යාපන තත්ත්වය යම් පසුබෑමක් ඇතිවන දිනයකි. සුරතල් සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. තම මාමාගෙන් තමාට ලැබීම් ඇති වේ. දණහිස් අමාරු සන්ධි ආබාධ ඇති විය හැකිය. දූ දරුවන්ගේ ගැටලු ඇති වේ. රුධිර සංසරණයට බාධා ඇති වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

අධ්‍යාපන තත්ත්වයේ උසස් දියුණුවක් ඇති වේ. රාජ්‍ය අනුග්‍රහයක් පවතී. රැකියාවේ යහපත් බවක් ඇති වේ. දූ දරුවන්ට අධ්‍යාපනයට ඇති බාධා ඉවත් වේ. ආගමික කටයුතු සඳහා වෙහෙසෙන දවසක් වේ. තම කාලත්‍රයාගේ ඥාතීන්ගෙන් උදවු උපකාර ලැබේ. අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඉටු වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. විනෝද චාරිකා ආදියෙහි සහභාගී වීමට හැකි වේ. තම දරුවන් වෙනුවෙන් කාලය ගත කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

දේපළ ලැබීම් සහ ඒ වෙනුවෙන්ම තම කාලය කැප කරයි. මවු පාර්ශ්වයෙන් උපකාර ලැබීමට හේතු වේ. රාජ්‍ය අංශ වලින් තම රැකියාවට සහයෝගය ලබා දේ. රථ වාහන මිල දී ගැනීමට සුබ දිනයකි. අලුත් නිවාස ලබා ගැනීමට හැකියාව ඇත. විවාහ ජීවිතය වාසනාවන්ත වේ. ප්‍රේම සබඳතාවලට සුබ වේ. අධ්‍යාපනය යහපත් වේ. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවලට සුභයි. විදේශ ගමන්වලට ඉතා යහපත් දවසකි. සමාජ සුබ සිද්ධිය සඳහා කැප වේ. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

ඉර උදාව - පෙරවරු 06.01 ට

ඉර බැසීම - පස්වරු 18.10 ට

රාහු කාලය

දිවා 16.31 ට සිට 18.00 දක්වා

රාත්‍රී 04.31 සිට 06.00 දක්වා

සුභ දිශාව - දකුණ

මරු සිටින දිශාව - උතුර

මේෂ

හවුල් ව්‍යාපාර ආදිය වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. සමාජ කටයුතු වෙනුවෙන් කැප වී ක්‍රියා කරන දිනයකි. පවුලේ කටයුතු සාමකාමී ලෙස ඉටු කරයි. උත්සව අවස්ථා සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසේ. ප්‍රණීත ආහාරපාන රස විඳීමට ද අද දිනයේ ලැබෙයි. ඇඳුම් පැළඳුම් සුවඳ විලවුන් ආදී දේ සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදු වන දිනයකි. උදරය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳීමට සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ

උසස් පුද්ගලයන් ඇසුරට ලැබෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ මෙන්ම ප්‍රසිද්ධිය ලැබීමට ඉඩ තිබේ. අන් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නට යෑමෙන් තමන් කරදරයට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. පිතෙන් යෙදෙන උෂ්ණාධික රෝග සෑදීමට ඉඩ තිබේ. ප්‍රවේසම්වන්න. නව මිත්‍රාදීන් හමුවීමට ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරවයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන

අධ්‍යාපන කටයුතුවලට යහපත් වනු ඇත. විවාහ ජීවිතයේ සමඟිය වර්ධනය වන දිනයකි. රැකියා ස්ථානයේ නව තනතුරු ලැබේ. පිය පාර්ශ්වයේ ඥාතීන් සමඟ සිත් අමනාපකම් ඇති වීමට ඉඩකඩ ඇත. කල්පනාකාරීවන්න. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. දරුවන් බලාපොරොත්තු වන විවාහකයන්ට යහපත් දිනයක් වනු ඇත. ධාරණ ශක්තිය වැඩි දියුණු වේ. තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් අද දිනය තම කටයුතු කර ගනියි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක

සිතේ අනුකම්පාව හා කරුණාව පිරුණු දිනයකි. අනුන්ගේ දුකට පිහිට වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. මවට ශුභ වේ. ගේ දොර ඉඩකඩම්වලින් වාසි සැලසේ. විවාහ ජීවිතය ප්‍රීතිමත්ව ගෙවයි. අතමිට මිල මුදල් ගැවසෙන දිනයකි. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට ඉතා සුබ දිනයකි. සමාජමය කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. සුවබර නින්දක බලාපොරොත්තු ඈතට යයි. උදරාබාධ ඇති වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.

සිංහ

ගුප්ත බලවේගයන් පිළිබඳ අද දිනයේ දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කරයි. රැකියා ස්ථානයේ ස්ථාන මාරුවීම් ආදිය සිදුවිය හැකිය. විවාහ ජීවිතය තුළ සුළු අඩුපාඩුකම් ඇති වේ. සහෝදරයන්ගේ දියුණුව වෙනුවෙන් කැප කරන දිනයකි. ලිපි ගනුදෙනු පිළිබඳ ගිවිසුම්වලින් පාඩු ලැබිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. කෙටි ගමන් බිමන් නිසා වැය පාර්ශවය අධික වේ. වචන භාවිතයේ දී ප්‍රවේශම් වන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා

මවු පස උරුමකම් ලාභ ලැබීමට වාසනාව ලැබෙන දිනයකි. පවුලේ සාමාජිකයන් හා ගේ දොර පිලිබඳ වගකීමෙන් යුතුව කටයුතු කරයි. සමාජයේ පුද්ගලයන් සමඟ සුහදව කටයුතු කරන දිනයකි. පියාගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. ඇස් ආශ්‍රිත රෝගාබාධ ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න. මවු පාර්ශවයේ ඥාතියෙකු සමඟ දුර බැහැර යෑමට සිදුවේ. කාලත්‍ර පාර්ශ්වයට අසනීපගති මතු කරයි. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා

අද දිනයේ ඔබ සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. රැකියා කරන ස්ථානයේ උසස් නිලතල ලැබීමට පුළුවන. සහෝදරයන් සමඟ සුහදව කටයුතු කරයි. වැය පාර්ශ්වය ඉහළ යා හැකිය. විදේශ ගමන් බලාපොරොත්තු අයගේ සිහින සැබෑ වේ. ස්වකීය උත්සාහය හා උනන්දුව මත තම කටයුතු උසස් තත්ත්වයකට පත්කර ගනියි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට බාධා මතු කරයි. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

වෘශ්චික

සමාජ සේවා කටයුතුවලින් ගෞරවය මෙන්ම ප්‍රශංසාව ද අසන්නට ලැබෙන දිනයකි. ඉගෙනීමේ කටයුතුවලට බාධා එල්ල වේ. ආර්ථික අපහසුතා අද දිනයේ එල්ල විය හැකිය. පදිංචි ස්ථානයේ වෙනසක් සිදු වේ. දූ දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරීමට සිදුවන දිනයකි. ප්‍රේම සබඳතාවලට බාධා මතු වේ. තෙල් සහිත ආහාරවලින් අද දිනයේ ඔබට පීඩාවන් ඇතිවිය හැකිය. ජය වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න.

ධනු

මවු පිය දේපළ උරුමකම් ලැබෙන දිනයකි. මිතුරන්ගෙන් තම දියුණුවට උදව් උපකාර ලැබේ. සමානාත්මතාවයෙන් යුතුව සැමදෙනා සමඟම සුහදත්වයෙන් යුතුව කටයුතු කරයි. ආර්ථික තත්ත්වය යහපත් වනු ඇත. දරුවන්ගේ දියුණුව සැලසේ. රැකියාව සම්බන්ධ අධ්‍යාපන කටයුත්තකට පුහුණුවීම් ආදියට සහභාගී වේ. හෘදයාබාධ ඇති කරවිය හැකිය. ප්‍රේම සබඳතා ආදියට බාධා ඇතිවිය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර

රැකියාවේ උසස්වීම් හිමිවන දිනයකි. ආර්ථික තත්ත්වය යහපත් වේ. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. බාහිර අලංකරණ කටයුතු සඳහා වැඩි මුදලක් වැය කරයි. දණහිස් ආශ්‍රිත රෝග පීඩා ඇති බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. නව මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වන දිනයකි. විදේශගත මිතුරකුගෙන් ආධාර උපකාර ඉල්ලීමට සුබදායකය. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ

අද දිනයේ ඔබ ආගමික කටයුතුවලට නැඹුරුතාවක් දක්වයි. පියාගේ උරුම දේපළ, උදව් උපකාර ලැබෙන දිනයකි. ප්‍රේම සබඳතාවලට යහපත් වනු ඇත. ව්‍යාපාර කටයුතු කෙරෙහි වෙනදාට වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරයි. අධ්‍යාපන හා ආගමට සම්බන්ධ දුර බැහැර ගමන් බිමන් යෙදීමට පුළුවන. සමාජයේ බොහෝ පිරිසක් සමඟ සුහදව කටයුතු කරයි. නිවාස ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන

බාහිර අලංකරණයට හා විනෝදයට සිත යෙදේ. රැකියා ස්ථානයේ යම් කරදර බාධා මතු වේ. අන් අයට උපකාර කිරීමට දොස් අසන්නට ලැබෙන දිනයකි. කාලත්‍ර පාර්ශ්වයට කරදර පීඩා ගෙනදෙයි. උෂ්ණාධික රෝගවලින් පීඩා විඳීමට සිදුවන බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සුබදායක දිනයකි. කෙටි ගමන් බිමන් ආදිය ඇති කළ හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

ඉර උදාව - පෙරවරු 06.01 ට

ඉර බැසීම - පස්වරු 18.10 ට

රාහු කාලය

දිවා 09.01 සිට 10.30 දක්වා

රාත්‍රී 21.01 සිට 22.30 දක්වා

සුභ දිශාව - දකුණ

මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ

ආදායම් ලැබීමට හේතු වේ. ගරු නම්බු නාම ලැබේ. ආරක්ෂක අංශයේ අයට උසස් තනතුරු ලැබේ. සතුරන් පරාජය කරන වික්‍රමාන්විත ක්‍රියා කරන්නෙකි. ලේඛන හැකියාව දියුණු වේ. ගුප්ත විද්‍යාව වැනි ක්ෂේත්‍රයන්හි ඉගෙනීමට හිත යොමු වේ. ආගමික කටයුතු කෙරෙහි යොමු වේ. ප්‍රේම සබඳතා සඳහා වැඩිහිටි ආශිර්වාදය ලබයි. හදිසි අනතුරු ඇති වීමට ඉඩ ඇත. සෙම් රෝග හා මව ට අසනීප වීම් විය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

වෘෂභ

ආදායම් තත්ත්වය තර වේ. තැන්පත් ධනය වර්ධනය වේ. ඉවසීමෙන් කටයුතු කළ හැකි දිනයකි. ආගමික භක්තිය වැඩි වේ. පවුල් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් හට ගනී. ප්‍රයෝගවලට අසුවීමට ඉඩ ඇති දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. දරුවන් පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රේම සබඳතාවල දී කල්හාකාරී බවක් පෙන්වයි. අන් අය සමඟ කටයුතු කිරීමේ දී ගැටුම් මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. උදරාබාධ, ඇස් ආබාධ ඇතිවිය හැකිය. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05

මිථුන

ආත්ම ශක්තිය ඇති වේ. නිරෝගී වේ. පාලනයෙහි දක්ෂ වේ. උසස් තනතුරු, තාන්න මාන්න ලැබෙන දිනයකි. කතාවෙහි දුර්වලතා ඇති වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් දිනයකි. විවාහ යෝජනා ස්ථිර වේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලු ඇති වේ. සහෝදර පක්ෂයෙන් උදව් ලැබෙන දිනයකි. පියාට යහපත් වේ. මවට තරමක අපල ගති පෙන්වයි. මුත්‍රා රෝග හටගනී. බොහෝ විට අනවශ්‍ය වියදම් වැඩිවන බැවින් කල්පනාකාරී වන්න. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05.

කටක

රැකියාවල අස්ථිර බව, වගකීම් පැහැර හැරීම නිසා නීතිමය දඬුවම් ආදිය ඇති වේ. ඇස් රෝග සාදයි. අධ්‍යාපනයට ඉතා හොඳයි. හවුල් ව්‍යාපාර කොටස්වලින් ලාභ ලැබේ. ඉඩකඩම් පිළිබඳ ගැටලු ඇති වේ. සියලු බාධා ඉවත් වී ආදායම වර්ධනය වේ. ඕනෑම ස්ථානයක දී ජයග්‍රහණය ලැබේ. කල් පවත්නා රෝගාබාධ ඇතිවිය හැකිය. කතාව දුර්වල වීම ඇති වේ. මුහුණේ ලප කැළැල් සාදයි. ප්‍රධානීන් සමඟ මතභේද ඇති කරයි. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

ව්‍යාපාර ආරම්භ කිරීමට සිත යොමු වේ. වැඩිහිටියන්ගේ උදව් උපකාර නොමඳව ලැබෙන දිනයකි. ප්‍රසිද්ධ වේ. සතුරු කරදර අඩු දිනයකි. මනා ආත්ම ශක්තියක් ඇති වේ. මවු පාර්ශවයේ ඥාතීන්ට අපල ඇති කරයි. මුදල් ඉතිරි කිරීම අපහසු දිනයකි. සහෝදර සහෝදරියන්ට ළැදිව කටයුතු කරයි. දරුවන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. පිට පළාත්වල සංචාරය කිරීමට සිත් යොමු වේ. සෙම් රෝග හා ස්නායු රෝග හට ගනී. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01

කන්‍යා

මහජන කටයුතුවලට සුභ දිනයකි. ජනතාවගේ සහයෝගය නිරතුරුවම ලැබෙන දිනයකි. රැකියාවේ උසස්වීම් ලැබේ. ව්‍යාපාර දියුණුව ඇති වේ. ධාර්මික කටයුතුවලට සහභාගී වේ. පරණ ගෙවල් දොරවල් අලුත්වැඩියා කිරීමට පෙළඹේ. කෙටි ගමන් බිමන් යෙදේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. දරුවන්ට අපල ඇති කරයි. අනවශ්‍ය විනෝදාත්මක දේවල්වලට මුදල් වියදම් කිරීමෙන් පාඩු සිදු වේ. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

තුලා

ඉඩකඩම්, ගේ දොරවල් නිරවුල් වී අයිතිය ලබා ගත හැකි දිනයකි. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමෙන් පීඩාවට පත්වේ. අන් අයගේ හැඟීම්වලට හානිදායී ලෙස සමාජයේ හැසිරීම, සිහිකල්පනාව මඳ බව ඇති වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වේ. පියාට සුබ වේ. රැකියා ස්ථානයේ ගැටලු ඇතිවන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සෙම් රෝග ඇතිවිය හැකිය. සුරතල් සතුන් නිසා රෝගාබාධ ආදිය ඇතිවිය හැකිය. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

වෘශ්චික

මානසික පීඩනය අධිකව දැනෙන දවසකි. යුග දිවියේ ආරවුල් ඇති වේ. ධනය වියදම් වේ. සහෝදරයන්ට අපල ඇති කරයි. විදේශගත වීමට සුබ දිනයකි. වගකීම් කටයුතු පැහැරහැර තම මතයට ක්‍රියා කරනු ඇත. ගුප්ත හා අද්භූත දේ සෙවීමට උත්සාහ කරන දිනයකි. සතුරු කරදර ඉවත් වේ. ස්වයං රැකියාවලින් ලාභ ලැබේ. ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ඉතා සුබ වේ. කාර්මික වැඩ කටයුතු හා ගණිත විෂයට දක්ෂ වේ. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

ධනු

තැන්පත් ධනය වියදම් වීමට හේතු යෙදේ. දරුවන්ට රෝගාබාධ වැළඳීමට ඉඩ ඇත. වචන වේගවත් වේ. නූගත් පහත් අය ආශ්‍රය නිසා ගැටුම් ඇතිවිය හැකිය. ආරෝග්‍යශාලා වැනි ස්ථානවල සේවය කිරීමට සිදු වේ. මුත්‍රා රෝග හට ගනී. විවාහ යෝජනා පිළිබඳ ගැටලු ඇති වේ. අහංකාර ගති පෙන්වයි. දරුවන් නිසා දියුණුවක් ඇති වේ. ව්‍යාපාර දියුණු වේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගී වීමට ආරාධනා ලැබෙන දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

මකර

දැඩි උද්යෝගයකින් කටයුතු කළ හැකි දිනයකි. නිවාස දේපළ ලාභ ලැබේ. උසස් රැකියාවකට හිමිකම් ලැබේ. ප්‍රසිද්ධියට පත්වේ. සමිති සමාගම්වල කටයුතු කිරීමට සිදු වේ. මිතුරන් අහිමි වේ. විවාහ දිවියේ ගැටලු ඇති වේ. අනියම් සබඳතා ගොඩනැඟේ. දරුවන්ට රෝගාබාධ වැලඳේ. හදිසි අනතුරු ආදිය ඇති කරයි. සහෝදරියන් අතරේ ගැටලු ඇතිවන බැවින් කල්පනාකාරී වන්න. නීතිමය ගැටලු ආදිය ඇති වේ. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට වාතාවරණය සැලසේ. ආහාර දිරවීමේ ශක්තිය අඩු වේ. අසල්වාසීන්ගෙන් ඊර්ෂ්‍යාවට ලක්වේ. ධර්මය කෙරෙහි බොහෝ නැඹුරුතාවක් දක්වයි. සතුරු කරදර ඇති වේ. තැන්පත් ධනය අඩු කර ගනියි. වාහනයක් අලුත්වැඩියා කිරීමට සිදු වේ. දුර පළාත්වල සංචාරයකට සිත යොමු වේ. අයුතු යෝජනාවලට ලක්වේ. විසකුරු සතුන්ගෙන් හානි වීමට ඇති බැවින් ප්‍රවේශම් වන්න. වස විස ශරීරගත විය හැකි දිනයකි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

දේපළ පිළිබඳ ගැටලු ඇති කරයි. මැණික්, මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වටිනා දේ හිමි දවසකි. ආශ්‍රය සඳහා සුදුසුම අය පමණක් තෝරා ගනියි. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. අධ්‍යාපනය ලබන්නන්ට එතරම් යහපත් නොවේ. කෙටි ගමන් බිමන් අධිකව යෙදෙන දිනයකි. සූදු වැනි ක්‍රියාවලට සම්බන්ධ වේ. අනවශ්‍ය වියදම් වැඩි වේ. මහජන සහයෝගය ලැබෙන දිනයකි. පපුව ආශ්‍රිත රෝග හට ගනී. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

ඉර උදාව - පෙරවරු 06.02 ට

ඉර බැසීම - පස්වරු 18.11 ට

රාහු කාලය

දිවා 13.32 සිට 15.01 දක්වා

රාත්‍රී 01.32 සිට 03.01 දක්වා

සුභ දිශාව - උතුර

මරු සිටින දිශාව - දකුණ

මේෂ

අඹු සැමියන් අතර සහයෝගය වර්ධනය වන දිනයකි. ආගමට දහමට වැඩි කැමැත්තක් දක්වයි. පියාට තරමක් අපලදායකය. රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. හදිසි අනතුරුවලට ලක්විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඉඩ කඩම් දේපළ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. සේවක කාරක ආදීන්ගෙන් දෝෂාරෝපණයට ලක්විය හැකිය. රජයේ දඬුවම් ආදියට ඉඩ ඇති දිනයකි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

වෘෂභ

ආත්ම ශක්තියෙන් යුතුව දවසේ කටයුතු අරඹයි. කලබලකාරී තත්ත්වයක් මතුවිය හැකිය. ආවේගශීලී ගති මතු කරයි. කල් පවත්නා රෝග තත්ත්වයක් වර්ධනය විය හැකිය. තැන්පත් ධනය වර්ධනය වේ. රසවත් ආහාරපාන භුක්ති විඳීමට හැකි වන දිනයකි. ගිලනුන්ට උපස්ථාන කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔබගේ ඇතැම් කටයුතු සමාජයේ අවමානයට, දෝෂාරෝපණයට ලක්විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05

මිථුන

මනසේ සැහැල්ලු බව ඇති විය හැකිය. ශරීර සෞඛ්‍යයට යහපත් වනු ඇත. විවාහ ජීවිතය තුළ මතභේදකාරී තත්ත්වයක් ඇති කරයි. අධ්‍යාපනික හා ක්‍රීඩා තරග කටයුතුවල නියැළී සිටින අයට ජයග්‍රහණ ලැබෙනු ඇත. සතුරු කරදර මතු විය හැකිය. ආදායමට වඩා වියදම් පක්ෂය ඉහළ යා හැකි දිනයකි. ගුප්ත ශාස්ත්‍රය හදාරන්නන්ට සුබදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05

කටක

ධන ලාභ ලැබීමට වාසනාව ඇත. විදේශ රැකියා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉෂ්ට වේ. විවාහ ජීවිතය තුළ අනපේක්ෂිත ගැටලු ඇති කරයි. සතුන්ගෙන් හානි සිදුවිය හැකිය. කෙටි ගමන් බිමන් අධික වේ. සිතේ නොසන්සුන්තාවක් වර්ධනය වේ. යාන වාහන දේපළ ලැබීමට හා මිලයට ගැනීමට සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සම්බන්ධතාවල දී ආවේගශීලී ගති මතු කරන නිසා කල්පනාකාරීවන්න. කහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02

සිංහ

තැන්පත් ධනය වර්ධනය වේ. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට හේතු වන දිනයකි. රජයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. සහෝදරයන්ගේ උදව් උපකාර ලැබිය හැකි දිනයකි. ගේදොර කටයුතු අධික විය හැකිය. ලිපි ගනුදෙනු ආදියෙන් වාසි සැලසේ. විදේශ රැකියා බලාපොරොත්තු වූ අයගේ එම අදහස ඉෂ්ට වේ. ක්‍රීඩා කටයුතුවලින් ජයග්‍රහණ ලබාගත හැකිය. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල දී ප්‍රවේශම් වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01

කන්‍යා

නීතිමය කටයුත්තකින් ජයග්‍රහණ ලැබිය හැකිය. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට හේතු වන දිනයකි. රැකියා කටයුතුවල වර්ධනයක් වේ. ක්‍රීඩා කටයුතුවල නිරත වන්නන්ට ජයග්‍රහණ ලැබිය හැකිය. ආධ්‍යාත්මික කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. කලක් පැවති අසනීප තත්ත්වය සුව අතට හැරේ. විදේශගතව සේවය කරන අයට තම කීර්තිය රඳවා ගත හැකි දින‍යකි. කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරවලට සුබදායකය. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය - 05.

තුලා

විදේශගතවීමට බලාපොරොත්තු වන අයගේ එම අරමුණු ඉෂ්ට වන දිනයකි. ගින්නෙන් හානි සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අක්ෂි ආබාධ මතු විය හැකිය. උසස් අයගේ ඇසුරට පත්වන දිනයකි. රැකියා ස්ථානයේ දී ආවේගශීලී තත්ත්වයක් මතු කරයි. දේපළ ඉඩකඩම් යාන වාහන සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. දුර ගමන් බිමන්වලින් අධික මහන්සිය හා ධන හානි ඇති කරයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

වෘශ්චික

ගමන් බිමන් බහුල වන දිනයකි. ණය ගනුදෙනුවලින් නිදහස් විය හැකිය. පවුල් ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්වයක් වර්ධනය විය හැකිය. ගංගා ඇළ දොළවල දිය නෑමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. රැකියාවල නිරත අයට රැකියා ස්ථානයේ ගැටලුකාරි තත්ත්වයන් නිර්මාණය වේ. ධෛර්යය හා කාර්යක්ෂමතාව වැඩි වන දිනයකි. උදරාබාධ, දණහිස් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් මතු කරයි. පංච වර්ණ මල් පූජා කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09

ධනු

ආදායම් ලැබීමට සුබ දිනයකි. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇත. වැය පක්ෂය ද ඉහළ යා හැකිය. කාන්තාවන් සඳහා යටි බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැකිය. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරන දිනයකි. මානසික අසහනය වැඩි කරයි. විවාහ ජීවිතය තුළ ගැටලු වර්ධනය වන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. දුර බැහැර ගමන් ආදියෙන් අද දිනයේ ඔබට පීඩාකාරී තත්ත්වයන් මතු කරයි. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03.

මකර

රැකියා කටයුතුවල යෙදී සිටින්නන්ට සුභ දිනයකි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්විය හැකි දිනයකි. ණය ගනුදෙනුවලින් පාඩු සිදුවිය හැකිය. මිතුරන් සමඟ සහයෝගය මතුවිය හැකිය. ජලය ආශ්‍රිත තරගවලට පෙනී සිටින්නන්ට ජයග්‍රහණ ලැබිය හැකිය. තමාගේ පිළිගැනීම සහ ජනප්‍රියත්වය වැඩිවන දිනයකි. ඔබගෙන් ලබා ගන්නා උපදෙස් තුළින් බොහෝ පිරිසක් ප්‍රයෝජන ලබා ගන්නා දිනයකි. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08

කුම්භ

ආදර සබඳතා ගොඩනැගෙන දිනයකි. අධ්‍යාපන කටයුතුවල නිරත අයට සුභයි. තැන්පත් ධනය වර්ධනය වේ. සතුරු කරදර මතු විය හැකිය. නිර්මාණකරණයේ යෙදී සිටින්නන්ට සුබදායකයි. පියාගෙන් ලාභ ප්‍රයෝජන ලබයි. ආගමානුකූල සිතුවිලි පහළ වන දිනයකි. වන්දනා ගමන් විනෝද චාරිකාවලට සහභාගී වීමට ඉඩ සැලසේ. රසවත් ආහාර ආදිය අද දිනයේ භුක්ති විඳීමට අවකාශ ලැබෙනු ඇත. අද දින නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06

මීන

කාර්මික අංශයේ රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි. කලක් පැවැති රෝග තත්ත්වයකින් සුවයක් ලැබිය හැකිය. දේපළ ඉඩකඩම් යාන වාහන මිල දී ගැනීමට හා විකිණීමට සුබදායකය. නව නිවසක පදිංචියට යෑමට සුභ දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක නොවනු ඇත. ගිවිසුම් ආදිය අත්සන් කිරීමේ දී නීත්‍යානුකූලභාවය පිළිබඳව දෙවරක් කල්පනා කළ යුතුය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03

ඉර උදාව - පෙරවරු 06.02 ට

ඉර බැසීම - පස්වරු 18.12

රාහු කාලය

දිවා 12.02 සිට 13.31 දක්වා

රාත්‍රී 00.02 සිට 01.31 දක්වා

සුභ දිශාව - උතුර

මරු සිටින දිශාව - නිරිත

මේෂ

තරග කටයුතුවලින් ජය ලැබේ. රැකියාවේ නිරත ආරක්ෂක අංශයේ නියුතු අයට උසස්වීම්, තනතුරු ලැබේ. ගේ දොර යාන වාහන සම්බන්ධ ගැටලු ඇති වේ. රාජ්‍ය අංශයට සම්බන්ධ රැකියා ලාබ ලැබේ. පපුව ආශ්‍රිත රෝග හා වේදනා මේ කාලය තුළ සිදුවීමට ඉඩ ඇත. මානසික පීඩාවන්ට හේතු වේ. වැය පක්ෂය තරමක් දුරට ඉහළ යනු ඇත. අනවශ්‍ය වියදම් සිදුවිය හැකිය. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ

මේ සතිය තුළ රජයට සම්බන්ධ ආයතන තුළින් වාසි අත්වේ. නිවේදන කටයුතු සඳහා ඉල්ලුම් කළ හැකි සතියකි. උපයා ගත් ධනය ආයෝජනය කිරීමට යහපත්ය. පවුලේ සමඟිය ඇති වේ. උරුමයෙන් දේපළ හිමිවන කාලයකි. රැකියාවේ උසස්වීම් ලබාගත හැකිය. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ. අසල්වැසියන් සමඟ හොඳ සබඳතා ගොඩනැගේ. ප්‍රේම සබඳතා සඳහා යහපත්ය. ඇස් පෙනීමේ දුර්වලතා හටගනී. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන

මිථුන ලග්න හිමි ඔබට අද දිනයේ ගරු බුහුමන් ලැබේ. උසස් පුද්ගලයන් ආශ්‍රයට ලැබීම, උසස් අධ්‍යාපනයක් ලැබීම, රැකියාවේ උසස් නිලතල ලැබිය හැකිය. උද්යෝගයෙන් කටයුතු කළ හැකි වේ. අනවශ්‍ය වියදම් වැඩි වේ. පාලන ශක්තිය ඇති එඩිතර බව පෙන්වයි. තම කාර්යයන් සඳහා උගත් වැදගත් අය හමුවන දිනයකි. ගේ දොර ඉඩකඩම් වස්තුව ලැබෙයි. ගෘහ ජීවිතය යහපත් වේ. ලැබීම යහපත් වේ. නිරෝගී වේ. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක

කටක ලග්න හිමි ඔබට අද දිනය එතරම් සුබදායක නොවේ. ධනය වැයවන සතියකි. විදේශ රැකියා ඉල්ලීම සඳහා සුදුසුය. නීති විරෝධී ක්‍රියා නිසා අපවාදයට ලක් විය හැකිය. අධ්‍යාපනය ලබන්නන්ට එතරම් යහපත් නොවේ. සමාජය වෙනුවෙන් කාලය කැප කිරීමට සිදු වේ. ආදායම් තත්ත්වය පහත වැටේ. පවුල් ආරවුල් පැන නඟී. ප්‍රේම සබඳතාවලට යහපත් දිනයක් නොවේ. ඇස්වල ආබාධ ඇති කරයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.

සිංහ

ඉතාම හොඳ දිනයකි. නිරායාසයෙන් ධනය ගලා එයි. කැපී පෙනෙන චරිතයකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතාම යහපත්ය. උසස් මිතුරන් ආශ්‍රයට ලැබේ. ජලයට සම්බන්ධ ව්‍යාපාරවලින් ආදායම් ඉපැයිය හැකිය. විවාහ දිවිය ඉතා යහපත් වේ. මවට පියාට පවුලේ සැමට හොඳය. ලොතරැයි ජය ලැබිය හැකිය. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේ. අසනීපයෙන් පසුවන අය සුවපත් වේ. සතුරු කරදර අඩු වේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා

උසස් තනතුරු ලැබෙයි. පියාට ඉතාම සුබය. තැන්පත් ධනය සම්බන්ධ ගැටලු ඇතිවේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට එතරම් සුබදායක නොවේ. ප්‍රේම සම්බන්ධතාවල දී රැවටීම්වලට අසුවන හෙයින් කල්පනාකාරීවන්න. ගෘහ ජීවිතය සාමයෙන් ගත වේ. කෙටි ගමන් බිමන් යෙදේ. දූ දරුවන් බලාපොරොත්තු වන විවාහක අයට සුදුසු කාලයක් නොවේ. ඉඩකඩම් යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. සෙම අධික රෝග හට ගනී. ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා

රැකියා ස්ථානයේ ගැටලු මතු කරයි. ස්ථාන මාරුවීම් වැනි කාරණා යෙදේ. ඉඩකඩම් සම්බන්ධ ගැටලු විසඳේ. ව්‍යාපාර සම්බන්ධ ගැටලු ඇති වේ. පියාට සුබයි. පුණ්‍ය කටයුතුවලට ලැදි වේ. අධ්‍යාපනය ලබන්නන්ට විදේශීය රටවල්වලට ශිෂ්‍යත්ව ලැබීමට සුබයි. වියදම් වැඩි වේ. අසනීප වැනි කරදර ඇති වේ. සෙම් අධික රෝග ඇති කරයි. සුරතල් සතුන් ආදීන්ගෙන් ලෙඩ රෝග ඇතිවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

වෘශ්චික

මනස අවුල් සහගත බවක් පෙන්වයි. ශරීර සෞඛ්‍ය පිරිහේ. ගුණ ධර්ම පිරිහේ. සහෝදරයන් සමඟ අමනාප වේ. ආරක්ෂක අංශයේ රැකියාවල නියුතු අයට උසස් වීම් ලැබිය හැකි දිනයකි. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් නොවේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදු වේ. ප්‍රේම සබඳතාවල දී කල්පනාකාරීව කටයුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමන් වැඩි වේ. ආදායම් තත්ත්වය සුබදායක නොවේ. අලස බවක් පෙන්වයි. ජය වර්ණය - රතු, ජය අංකය - 09, නෙළුම් මලක් පූජා කරන්න.

ධනු

තනිව සිටීමට කැමති වේ. වියදම් වැඩි වේ. වචන බලවත් වේ. වචන බලවත් වේ. අන්‍යයන් සමඟ හවුලේ කටයුතු කිරීමට අපහසුය. අහංකාර වේ. ලිවීමෙන් හා කියවීමෙන් ලාබ ලැබේ. ඉගෙනීම අවුල් කරයි. උරුමයෙන් ලැබෙන දේපළ හිමි වේ. හොඳ මිතුරන් ආශ්‍රයට ලැබේ. හදිසි අනතුරු ඇතිවිය හැකිය. රුධිරය ආශ්‍රිත රෝග හට ගනී. ප්‍රේම සබඳතා වර්ධනය වේ. සමාජ අප ක්‍රියාවලට යොමු වීම වැනි දේ සිදුවිය හැකිය. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර

නිරෝගී වේ. තමාගේ වාසිය පිණිස තමාගේ වාසිය පිණිස කටයුතු කරයි. ඉදිරියට යන ශක්ති සම්පන්න කෙනෙකි. නිරායාසයෙන් ධනය උපයයි. ඉඩකඩම් ලැබීම යහපත් වේ. විවාහ ජීවිතයේ තරමක් ගැටළු ඇති කරයි. නොගැළපෙන සම්බන්ධතා ගොඩනැගෙන බැවින් කල්පනාකාරී වන්න. සතුරු කරදර අඩු වේ. රැකියා සඳහා විදේශ ගමන්වලට යෑමට සුභය. ප්‍රසිද්ධ වේ. මිත්‍ර සබඳතා වැඩි වේ. ස්ත්‍රී පක්ෂයෙන් වැඩිපුර ලාභ ලැබේ. අනතුරුවලට මුහුණ දීමේ අවධානමක් ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ

හොඳ මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. මහජන ප්‍රසාදය හිමි වේ. තමා විසින්ම ධනය උපයා ගනී. ඉගෙනීමට ඉතාම යහපත් වේ. දරුවන්ට සුබ වේ. නාට්‍ය රචනා කිරීම ආදියට සුබ වේ. පියාට ඉතාම යහපත් වේ. රැකියා ස්ථානයේ මාරුවීම් ඇති වේ. වැඩිමහල් සහෝදරයන්ට අපල ඇති වේ. සතුරු කරදර අඩු වේ. යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. ආමාශගත රෝග හට ගනී. වස විස වර්ග ශරීරගත විය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන

ආදායම් මාර්ග යහපත් වේ. ප්‍රේමය විවාහය ගැන තීරණ ගැනීමේ දී කල්පනාකාරී වන්න. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් නොවේ. දේශපාලනය කරන්නන්ට වැදගත් දවසකි. රැකියා ස්ථානයේ ගැටලු ඇති වේ. ආගමික භක්තිය ඇති වේ. කෙටි ගමන් බිමන් යෙදේ. නෑදෑයන් විරුද්ධ වේ. ඉඩකඩම් ගේ දොර පිළිබඳ කරදර ඇති වේ. සැපය අඩු වේ, මිත්‍රයන් අඩු වේ. පාදවල අමාරු ඇති කරයි. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

Powered by Blogger.