Showing posts with label Physiognomy. Show all posts

මිනිසෙකුට දිව නොමැතිව ජීවත්විය නොහැක. මන්ද ශරීර සෞඛ්‍ය රැකගැනීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන ආහාරපාන ගැනීමට උපකාරීවන බැවිනි. මීට අමතරව ජීව විද්‍යාත්මකව දිවේ වටිනාකම මෙසේය. අදහස්‌ ප්‍රකාශ කිරීම හෙවත් කථනයට, විවිධ වර්ගයේ රස හඳුනා ගැනීමට, මුඛය තුළ ආහාර හොඳින් මිශ්‍ර කිරීමට ආදිය වේ.

දිවේ මානව ජීව විද්‍යාත්මක වටිනාකම මෙසේ වෙද්දී සමාජීය අතින්ද දිව ඉතා වැදගත් වේ. බොරු කියන, කියන දේ නොකරන මිනිසුන් හැඳින්වීමටද දිව උපයෝගි කරගනී. මෙවන් මිනිසුන් දිව දෙකේ මිනිසුන් යෑයි පුරාණයේ සිට පැවසීමට පුරුදු වී සිටියි.

මෙවන් පුද්ගලයන්ට මෙසේ පැවසීම කොතරම්දුරට සාධාරණද යන්න දේහ ලක්‌ෂණ විද්‍යාව දන්නා යමෙකුට පහසුවෙන් වටහා ගත හැක. දේහලක්‌ෂණ විද්‍යාවේදී දිව ගැන පැවසෙන කරුණු හා පුද්ගල ස්‌වභාවය හොඳින් විස්‌තර කර තිබේ. තවද ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයටම දිවෙන් කියෑවෙන පලාඵල පොදු වීමද විශේෂත්වයකි.

දිව දුටු ගමන් දැකිය නොහැකි අවයවයක්‌ වුවද එමගින් පුද්ගලයාගේ ගතිගුණ හා පැවැත්ම පුරාණ සෘෂිවරුන් විසින් මොනවට පැහැදිලි කර ඇත.

ජීව විද්‍යාත්මක වටිනාකමක්‌ හා සමාජීය වටිනාකමකින් හා සමාජීය වටිනාකමිකින් යුතු මෙම කුඩා අවයවයෙන් කියෑවෙන පුද්ගල ගති එහි පිහිටීම, හැඩය හා වර්ණය අනුව හඳුනා ගනිමු.

- මඳක්‌ නිල් පැහැ දිවක්‌ පිහිටි ස්‌ත්‍රිය

නිතර දබර කරන, සැහැසි ස්‌ත්‍රියකි. මෙවන් ස්‌ත්‍රීන් බොරු කියයි. නිතර නිෂ්ඵල කථාද ප්‍රකාශ කරයි.

- පළල් වූ මහත දිවක්‌ හිමි ස්‌ත්‍රිය

නොකිය යුතු දේ කියයි. නොකෑ යුතු දේ කයි. නිතර බොරු කියයි. තවද මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහය ප්‍රමාද වන අතර, විවාහ වුවද විවාහ ජීවිතය ඉසුරුමත් නොවේ.

- දිවේ කලු ලප ඇති ස්‌ත්‍රිය

මෙවන් ස්‌ත්‍රීන් කටකාර කමින් උපරිමයට ගිය අයවේ. නිතර දබර කිරීමද පුරුද්දකි. මෙවන් අයගේ කටවහ අන් අයට බලපායි.

- දිව මොලොක්‌ වී සෘජු වූ ස්‌ත්‍රිය

මෙවන් ස්‌ත්‍රීන් දිළිඳු ස්‌ථානයක උපත ලැබුවද නොබෝ කලකින් පොහොසත් වේ. මොවුන්ගේ මුළු ජීවිතය පුරාවටම වාසනාව, සතුට ර¹ පවතී.

- දිව තද රතු පැහැ වූ ස්‌ත්‍රිය

කිසිවකුගේ ගුණ නොදකින, අනුන් හෙළා දකින, ඉක්‌මනින් කෝපයට පත්වන අයෙකි. මෙවන් අය සමාජයෙන් ප්‍රසංසා බලාපොරොත්තු වේ. නමුත් කිසිදා ප්‍රසංසා නොලැබේ.

- දිව මැද කළු, තඹ හෝ සුදු පැහැති ලප ඇති ස්‌ත්‍රිය

අතිශයින්ම කාම අධිකය, මෙවන් ස්‌ත්‍රීන් ගැළපෙන හෝ නොගැළපෙන අනියම් සබඳකම් පවත්වයි. නිතර කාම ගින්නෙන් දැවෙන ස්‌ත්‍රීන් වේ.

- දිව සුදු මැලි පාට ස්‌ත්‍රිය

නිතර ලෙඩ දුක්‌වලින් පීඩා විඳි

න්නියකි. මොවුන්ට ජීවිතයේ විටින් විට හදිසි අනතුරු ඇතිවී රෝහල් ගතවීමට සිදුවේ.

- එල්ලෙන සුළු අතිශයින්ම මොලොක්‌ දිවක්‌ ඇති ස්‌ත්‍රිය

ලද දෙයින් සතුටු නොවන, ආහාරපානවලට ඉතා ගිජු, වංචාසහගත, ස්‌ත්‍රියක්‌ වන අතර සොරකමට හා පුද්ගලයන් රැවටීමට ඉතා දක්‌ෂය. මෙවන් ස්‌ත්‍රීන් අනියම් සබඳකම්වලින් ලාභ උපයයි.

- රළු දිවක්‌ පිහිටි ස්‌ත්‍රිය

මුදල් නාස්‌තිකරන, නිෂ්ඵල කථා කියන, ජීවිතයේ අවසාන කාලය දුකින් කල් ගෙවන, අවශ්‍ය දේ පසක තබා අනවශ්‍ය දෑ කල්පනා කරන ස්‌ත්‍රියකි.

අප ජීවත්වන කලියුගයේ ජීවත්වන මිනිසුන් ඇසුරු කිරීමට පෙර හොඳ අධ්‍යයනයක යෙදිය යුතුය. මිනිසුන් පහසුවෙන් හඳුනා ගැනීමට දේහ ලක්‌ෂණ විද්‍යාව මහෝපකාරී වේ. ඔබත් දේහ ලක්‌ෂණ විද්‍යාව මැනවින් හදාරන්න. එවිට ඔබට කරදර, ප්‍රශ්නවලින් තොර ජීවිතයක්‌ ගත කළ හැක.
පී. බී. මංජුලා පුෂ්පරාංගනී
දිවයින ඇසුරිණි

බොහෝවිට කාන්තාවකගේ සුන්දරත්වය රදාපවතින්නේ ඇගේ පියයුරු මතයි. සමහර අධ්‍යනයන්ට අනුව කාන්තාවකගේ සුන්දරත්වය සදහා ඇගේ පියයුරු හා මුහුණ ප්‍රමුක වන බව තහවුරු කරගෙන තිඛෙනවා. සාමාන්‍යයෙන් සුන්දර කාන්තාවන් හට තරමක් විශාල පියයුරු හිමියි. ඉන් මම අදහස් කරන්නේ නැහැ විශාල හා පිරිපුන් පියයුරු පමණක් තිබූ පමණින් කාන්තාව ලස්සන වන බව. නමුත් කාන්තාවගේ සුන්දරත්වයේදී විශාල කර්තව්‍යක් පියයුරු විසින් ඉටු කරනු ලබනවා.

පියයුරු වල ප්‍රදාන කාර්යබාරය වන ළදරුවන් පෝෂණය කිරීම ගැන කතා කරන විට කාන්තාවට විශාල පියයුරු හිමිවීම වඩාත් වාසි දායකයි. ළදරුවකුගේ නිරෝගිකම පමුලිකවම රදාපවතින්නේ මවු කිරි මතයි. විශාල පියයුරු තුල මවුකිරි වැඩියෙන් රදවා තබාගත හැකි බැවින් ළදරුවාට ප්‍රමාණවත් තරම් මවුකිරි ලබාදීමට විශාල පියයුරු සහිත මවකට හැකියි. මීට අමතරව කුඩා ප්‍රමාණයේ පියයුරු වලට වඩා විශාල පියයුරු හිමිවීමෙන් කාන්තාවන්ට බොහොමයක් වාසි ගෙනදෙන අතර එම හේතූන් නිසා අද ලෝකයේ කාන්තාවන් විවිද ක්‍රම ඔස්සේ තම පියයුරු විශාල හා පිරිපුන් කරගැනීමට පෙලබවී තිඛෙනවා.

එලස පියයුරු වෙනස් කරගන්නා කාන්තාවන්හට ශාරීරිකව පමණක් නොව සමාජයීය වශයෙන්ද තම පියයුරු වල පෙර සහ නව වෙනස දැකීමට අවශයි. පිරිපුන් පියයුරු සහිත කාන්තාවන් හට පිරිමින්ගේ මෙන්ම සමකාලීන මිතුරන්ගේ වැඩි අවදානය ලබාගත හැකියි. ශල්‍යකර්මය මගින් පියයුරු වල හැඩය වෙනස් කරගැනීම අද ලෝකයේ කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රමයක් වූ නමුත් එහි යම් අවදානමකුත් තිඛෙනවා. කොහොම නමුත් එවැනි ශල්‍යකර්ම මගින් හැඩය වෙනස් කරගන්නවාට වඩා ස්වාභාවිකව තමන්ට උරුම වූ පියයුරු ගැන කාන්තාවන් සෑහීමට පත්විය යුතුයි. කෙසේ නමුත් ස්වාබාවික ක්‍රම මගින් හා ව්‍යායාම මගින් තම පියයුරු පිරිපුන් කරගැනීමට හා ඒවායේ හැඩය වෙනස් කරගැනීමට ඕනෑ තරම් ක්‍රම තිඛෙනවා. ඉතින් තවත් දවසක අපි කතා කරමු එම උපක්‍රම මොනවාද කියා.

කෙනෙකු දෙස බැලූ පමණින්ම අපේ නෙත ගැටෙන අංග ලක්‍ෂණයක්‌ වන දෙනෙත් දේහ ලක්‍ෂණ විද්‍යාවේදී ප‍්‍රමුඛ තැනක්‌ ගනී. ඇස්‌වල වර්ණය හා පිහිටීම අනුව ඔවුන්ගේ ගතිගුණ හා චරිත ලක්‍ෂණ පැවසීමට අපේ පැරණි සෘෂිවරු සමත් වූ බව පැරණි පොත්පත්වල සඳහන් වෙයි.

පියකරු පෙනුමකින් යුත් නිල් පැහැයෙන් බබලන කාන්තිමත් නෙත් යුවළක්‌ හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියකි. විවාහ දිවියේදී බොහෝ සැප සම්පත් විඳින ඇය සැමියාගේ ආදරය හා කරුණාව ද නොමඳව ලබන්නීය. දිගු කාලයක්‌ දිවි ගෙවීමේ වාසනාව ද ඇයට හිමිය.

ඇස්‌ යුවළේ කෙළවර රත් පැහැයෙන් යුක්‌තව කළු ඉංගිරියාව තද කළු පැහැයෙන් යුතු ඇස්‌ පිහාටු සමානව දෙපසේම පිහිටා ඇති කාන්තාවෝ ද වාසනාවන්තියෝ ය. කාගේත් ප‍්‍රශංසාවට ලක්‌වන ඇය තම පණ හා පතිදම් රකින්නියකි.

මුවැත්තියකගේ මෙන් නෙත් යුවළක්‌ ඇත්තී දගකාරය. කෙළිලොල් බවක්‌ පෙන්වන්නීය. නමුත් විශ්වාසයක්‌ තැබිය හැකි නොවේ. අන් අය අතරදී තමන් පිළිබඳ වර්ණනා කිරීමට පෙළඹේ. මුදල් උපයා ගැනීමට වඩා වියදම් කිරීමට දක්‍ෂය.

යම් කාන්තාවකගේ ඇස්‌ ගිලී ගිය ස්‌වභාවයක්‌ පෙන්නුම් කෙරේ නම් රත් පැහැයට හුරු වේ නම් ඇගේ දුෂ්ට ගතිගුණ හෙළිවෙයි. තමන් ගැනම පමණක්‌ සිතන ඔවුන් අන්‍යයන්ට උදව් උපකාර කිරීමට අකැමැතිය. තම සැමියාගේ දෙමාපියන්ට හා වැඩිහිටියන් ද සැලකීමට අකමැති ඇය හැම විටම කෝපාවිෂ්ඨ වී සිටින බවක්‌ පෙන්වයි.

කළු ඉංගිරියාවත් සමග සුදු පැහැයෙන් ඇස්‌ පිහිටන්නේ වහා වෙනස්‌වන අදහස්‌ ඇති නුවණින් අඩු ස්‌ත‍්‍රීන්ටය. ඉදිරියට නෙරන ලද ඇස්‌ ඇත්තී වැන්දඹු වෙයි. තද නිල් වර්ණයෙන් යුත් ඇස්‌ ඇති අය කඩිසර ලෙස වැඩෙහි යෙදෙන තමන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටුකරන්නෝ ය.

දුඹුරු වර්ණයෙන් යුත් ඇස්‌ ඇත්තේ නම් ඔවුන් ලාමක අදහස්‌ වලින් යුක්‌ත වන අතර සිත් ඇද ගන්නා ගුප්ත දේවල් ගැන උනන්දුවක්‌ දක්‌වන්නෝ වෙති.

කාම අපරාධවලට මුල්වන අයගේ ඇස්‌ කහ වර්ණයෙන් යුක්‌තය. එමෙන්ම ඔවුහු රාගාධික බවක්‌ ද පෙන්වයි. අඳුරු වූ නිල් පාට කළු ඉංගිරියාව ඇති ඇස්‌ ඇතිවීමෙන් සහ ඇසිපිය රෝම නැති වීමෙන් ධන විනාශය ප‍්‍රකාශ කෙරේ.

කෙලින් බලා සිටීමට තරම් අපහසු තියුණු ඇස්‌ ඇති කාන්තාවට නිර්භීත මෙන්ම එඩිතර චරිතයක්‌ සතු වෙයි. තම පරම්පරාව හා සැමියා කෙරෙහි ද අප‍්‍රමාණ වූ ගෞරවයකින් හා බැඳීමකින් ජීවත් වෙයි. කිසිදා වරදෙහි නොබැඳේ. දික්‌ වූ නිල් පැහැයෙන් යුක්‌ත දෙනෙත් ඇති ස්‌ත‍්‍රිය දුෂ්චරිත ක‍්‍රියාවන්හි යෙදෙන අතර නපුරු ගතිගුණවලින් ද යුක්‌තය. සාමාන්‍යයෙන් පිටතට නෙරා ගිය ඇස්‌ ඇති කාන්තාව වටපිටාවේ අවබෝධය මෙන්ම යම් යම් දේවල් පිළිබඳ අවබෝධයක්‌ ඇති කර ගැනීමට උනන්දුවක්‌ දක්‌වයි.

පහළට එල්ලෙන්නාක්‌ මෙන් ඇස්‌ ඇති අය ද අපට දැකිය හැක. ඔවුන් අන් අයගේ ඕපාදූප කියාපාමින් තමන් නිවැරදි බව පවසන රහස්‌ ප‍්‍රතිපත්ති ඇති අය වෙති.

දකුණු ඇස අන්ධ වූ ස්‌ත‍්‍රිය බොහෝ දරුවන් ලබන්නීය. වම් ඇස අන්ධ වූ ස්‌ත‍්‍රිය තම පුරුෂයා අතහැර පර පුරුෂයන් කරා යැමට පෙළඹේ.  මෙවන් ඇස්‌ ඇත්තේ නම් ඇය සදාකල්හිම ධනයෙන් අන්ධව වෙසෙන්නීය. ඇය තම දරු මුණුබුරන්ගෙන් මෙන්ම තම පුරුෂයාගෙන් ද පැසසුම් ලබමින් දිගු කාලයක්‌ ජීවත් වන්නීය.

නීල වර්ණ ඇස්‌ ඇති අය ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇති අයවන අතර ඔවුහු හුදකලා ජීවිතයට වැඩි කැමැත්තක්‌ දක්‌වති.

ලා නිල්පාට ඇස්‌ ඇති අයට ඇත්තේ නිතර වෙනස්‌ වන අදහස්‌ ඇති චරිතයකි. වටකුරු ඇස්‌ ඇත්තේ නම් ඇය ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගන්නා අතර, තමන්ගේ කටයුතු කපටිකමින් කර ගැනීමට දක්‍ෂ අය වෙති. රක්‌තවර්ණ ඇස ඇති කතුන් කාමාධිකය. යම් අයෙකුට මහනෙල් පෙති ආකාර වූ කෙළවර වපර ගතියට හුරු නෙත් සගලක්‌ ඇත්තේ නම් සියලූ ඓශ්චර්යයෙන් පිරි අයෙක්‌ වෙයි. වපර වූ ඇස්‌ ඇත්තේ නම් වංක ගතියෙන් යුක්‌තය. කහ පාටට හුරු ඇස්‌ පිහිටන්නේ පාපිෂ්ට අදහස්‌ ඇති අයටය. ඇසිපිය රෝම නැතිවීමෙන් ධන විනාශය ද පෙන්නුම් කරයි. නිදිබර දැස්‌ හිමි අය බොහෝ විට කාමුකය.

ඇස්‌වලට සමීපව පිහිටන උපන් ලප මගින් ද කෙනෙකුගේ ජීවිත තොරතුරු හෙළිකරයි. දකුණු ඇස්‌ බැමෙහි උඩ උපන් ලපයක්‌ පිහිටි කාන්තාවන් ද ඉතා වාසනාවන්තය. ඔවුන්ගේ සිතුම්පැතුම් බොහෝ දුරට ඉටුවන අතර, සැප සම්පත් විඳීමේ භාග්‍යය ද ලබන්නෝ වෙති. වම් ඇහි බැමි උඩ උපන් ලප පිහිටියේ නම් තම මධ්‍යම වයසේදී නොයෙකුත් කරදරවලට පැටලෙන අතර, රෝග පීඩාදියට ද ලක්‌වෙනු ඇත. දකුණු ඇස්‌ පිහාටුව උඩ ලප පිහිටීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුනට මිල මුදල් ලැබීම අතින් යහපත් බවයි. නමුත් ඔවුන් අන් අයගේ රැවටිලි බස්‌වලට අසුවන අතර සමාජයෙන් නින්දා, අපකීර්තියට ද පත්වෙනු ඇත. වම් ඇස්‌ කෙළවර උපන්ලපය විවාහ ජීවිතයේ කරදරකාරී බව ප‍්‍රකට කරයි. ඉතා තුනී වූද, නිල් පැහැයෙන් යුතු වූද, දේදුනු ආකාර වූ ද, දෙනෙත් ඇති ස්‌ත‍්‍රිය ද රාගාධික වෙයි. කුඩා නෙත් ඇති අය කපටි බවින් යුතු වන අතර, උකුස්‌සන් හා කුකුලන්ගේ ඇස්‌ වලට සමාන ඇස්‌ ද සමහරුන්ට පිහිටයි. ඔවුන් කෲර ගති ලක්‍ෂණවලින් යුතු අන් අයගේ දේ උදුරා ගැනීමට තැත් කරන්නෝ වෙති. තරමක්‌ විශාල ඇස්‌ ඇති අය උගත්කමින් මෙන්ම කඩිසර කමින්ද යුතු වෙයි. පෙම් සබඳතා අඩු ඔවුන් නොයෙකුත් ශිල්ප හැදැරීමට දක්‍ෂයෝ වෙති.
හිඹුටානේ පියතිලක ද අල්විස්‌ 
දිවයින ඇසුරිණි

නලල් තලයේ හැඩය, ප්‍රමාණය අනුව පුද්ගලයකුගේ බුද්ධි මහිමය කියාපානවා මෙන්ම ඔහු හෝ ඇය තුළ තිබෙන සැඟවුණු ගති ගුණ ද කියා පායි. ස්‌ත්‍රී නලල් තලය බොහෝ වර්ණනාවට ලක්‌වන අංගයකි. නලල් තලය වර්ණනා කර ලියූ ගී පද, කවි, හරබර වදන් බොහෝ ය. නමුත් ස්‌ත්‍රී නලලෙන් ශුභ ඵල පමණක්‌ දෘෂ්‍යමාන නොවන බව ද වටහා ගත යුතුයි. ස්‌ත්‍රී නලලෙන් කියෑවෙන අසුභ ද බොහෝ ය. ස්‌ත්‍රී නලලෙන් කියෑවෙන සුබ අසුබ පිහිටීම් පහත පරිදි වේ. 

1. ඉදිරියට නෙරා ආ නලල් තලයන් පිහිටි ස්‌ත්‍රිය ඉතා බුද්ධිමත් ය. භාග්‍යවන්තය, උසස්‌ නිලතල, නම්බුනාම හිමිවන ස්‌ත්‍රියකි. සිටිනා තත්ත්වයෙන් නොසිතන තරම් ඉහළට එසවෙන අයෙකි. සමාජයේ ගෞරවය ද නොඅඩුව ලබයි. 

2. ත්‍රිකෝණාකාර නලල් තලයක්‌ හිමි ස්‌ත්‍රිය ලද දෙයින් කිසි විට සෑහීමකට පත් නොවේ. ඉතා ආත්මාර්ථකාමීය. නිතර පරුෂ වචන කියා නිවස තුළද, පිටත ද ආරවුල් ඇති කර ගනී. සමාජයෙන් කොන්වන, අවමානයට ලක්‌වන අයෙකි. 

3. නලලේ නහර ඉලිප්පී ඇති ස්‌ත්‍රිය ඉතා දුක්‌ විඳින කාන්තාවකි. නිතර දුකෙන් පසු වේ. යුග දිවිය බොහෝ විඳවිලි සහිත වේ. සැමියාගේ ප්‍රහාරයට ලක්‌වන අයෙකි. තම සැමියාගේ ආදර ගෞරවය කිසි විට හිමි නොවේ. 

4. නලල් තලය මත ඝන රෝම පිහිටීම මෙවන් ස්‌ත්‍රීන් කුඩා කාලයේදීම චරිතය නරක්‌ කර ගනී. අසාර්ථක විවාහ ජීවිතයක්‌ හිමි වේ. රාගාධිකය. අනියම් සම්බන්ධකම් පවත්වයි. නිතර බොරු කියන අය වේ. 

5. ඉහළට නෙරා ආ වටකුරු නලල පිහිටි ස්‌ත්‍රිය ඉගෙනීමට දක්‍ෂය, කරුණාවන්තය. උසස්‌ වූ සිතුවිලි ඇත. මෙවන් ස්‌ත්‍රීන්ට වාසනාවන්ත විවාහ ජීවිතයක්‌ හිමිය. දරුවන්ට හා සැමියාට බොහෝ ආදරය කරයි. පෙරළා ඔවුන්ගේ ද ආදරය නොඅඩුව ලැබේ. සමාජය තුළ කීර්තිමත් චරිතයක්‌ හොබවන අයෙකි. 

6. නිල්වන් නහර සහිත නලලක්‌ හිමි ස්‌ත්‍රිය අවාසනාවන්ත අයෙකි. සැමියාට හා දරුවන්ට ආදරය කළ ද ඔවුන් ආදරය නොකරයි. දුර්වල සෞඛ්‍යයක්‌ හිමි ස්‌ත්‍රියකි. බලාපොරොත්තු බිඳ වැටී නිතර දුකින් සිටින ස්‌ත්‍රියකි. 

7. පලල් නලල හිමි ස්‌ත්‍රිය අයුක්‌තියට අසාධාරණයට එරෙහිව නිතර කථා කරයි. බොහෝ නිහතමානී කාන්තාවකි. සමාජයේ කැපී පෙනෙනා චරිත වේ. 

8. මෘදු රෝම නලල් තලයේ පිහිටියේ නම් වාසනාවන්ත ජීවිතයක්‌ ගත කරයි. අඩු වයසින් විවාහ වේ. යුග දිවිය ඉතා සාර්ථකය. අනුන්ගේ ගෞරවයට පාත්‍ර වේ. මැයගේ ජීවිතය යස ඉසුරුවලින් පිරි එකකි. 

9. අඩසඳ නලල ඇති ස්‌ත්‍රිය බොහෝ වාසනාවන්තය. සැප සම්පත් රිසි සේ භුක්‌ති විඳීමට ලැබේ. විවාහ ජීවිතය ද සාර්ථක වේ. 

10. නලලෙහි සුලි සහිත ස්‌ත්‍රිය බොහෝ විට දරුවන් නොමැති පිහිටීමකි. විවාහය දෙදරා නිතර දුකින් පසු වේ.ඉතා හිතුවක්‌කාර ස්‌ත්‍රියකි. 

පී. බී. මංජුලා පුෂ්පරාංගනී

දිවයින ඇසුරිණි

මෙරටේ පමණක් නොව දියුණු නොදියුණු බොහෝ රටවල පෙරමග නිමිති සම්බන්ධයෙන් තද විශ්වාසයක් ඇති බව පෙනේ. මේ ගැන නොසලකන සමහර අය පෙරමඟට හමුවන දේවල් ගැන කිසි තැකීමක් නොකළ යුතු යැයි පවසති. පෙර නිමිති හුදු කාල්පනික මාත්‍රයක් පමණක් බව ඔවුන්ගේ විශ්වාසයයි.

ගමනක් යාමට ප්‍රථමයෙන් හමුවන සුබාසුබ දේවල් කෙරෙහි තද විශ්වාසයක් ඇති සමහරු ඒ ගැන ඉතා විමසිල්ලෙන් කටයුතු කරති. ඔවුහු ඉෂ්ටාර්ථ සිද්ධිය ඉහළම තත්ත්වයෙන් ලබාගනිති. අතීතයේත් වර්තමානයේත් මිනිස් සමාජය තුළ පෙර නිමිති සම්බන්ධයෙන් ලොකු පිළිගැනීමක් තිබූ බවට සාධක අපමණය.

නිවසින් පිටත්වන මනාල යුවළක් ඉදිරියට දිය පිරුණු බඳුනක් රැගෙන වැඩිහිටි කාන්තාවක් පැමිණීමේ සිරිත, අදත් උගත් යැයි සම්මත නාගරික සමාජයේ පවා සම්භාවිත වූවක් බව දැකගන්නට හැකි වෙයි.

මෙසේ ජල බඳුනක් රැගෙන කාන්තාවක්ම පෙර මගට පැමිණීම යහපත් පෙර නිමිත්තක් ලෙස සැලකීම අනුව කාන්තාවන් පෙර මගට හමුවීම සුබද අසුබද යන්න ශාස්ත්‍රීය වශයෙන් විමසා බැලීම වඩාත් උචිත වනු ඇත. ඒ අනුව සමාජය තුළ යම් කිසි වැරදි ආකල්පයක් මුල් බැසගෙන ඇත්නම් එය දුරුවී යාමටද මෙය ඉවහල් විය හැක.

අපගේ පැරණි සංදේශ කාව්‍යයන්හි පෙර මග සුබඅසුබ නිමිති ගැන බොහෝ තොරතුරු සඳහන් වෙයි. එය අපට වාසනාවකි. කාන්තාවන් පෙර මගට හමුවීම සුබ නිමිත්තක් වශයෙන් සඳහන් වී ඇත්තේ 15-16 වැනි සියවස්වලදී ලියූ සාහිත්‍ය කෘතිවලිනි. විශේෂයෙන් කෝට්ටේ යුගයේ සංදේශ කාව්‍යවල මේ පිළිබඳ තොරතුරු සඳහන් වෙයි.

සැළලිහිණි සංදේශ කාව්‍යයේ පෙර මග සුබ නිමිති ගැන සඳහන් කර ඇත්තේ මෙසේය.

නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ​ ගෙඩී

පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬී

සල සුදු සෙමෙර සේසත් ගිජිඳු නොද වැඩී

බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩී

රජ මැති නැකැති ගම් දෙටු වෙද තරුණ ගන

දරු ඇති ඉතිරි අැත් සේසත්ද වෙස ඟන

සුදු වති නියුතු අය සහ දිය පිරි බඳු න

මෙම යුති සියලු සුබ නිමිතිය යනු ගම න

මෙම කාව්‍ය නිබන්ධන අනුව පෙනී යනුයේ ප්‍රිය වචන කතා කරන තරුණ කාන්තාව, දරුවන් සිටින මාතාව සහ වෙසඟන යන කාන්තාවන් දැක්ම, ඉදිරියට හමුවීම සුබ නිමිත්තක් බවය.

සුබ නිමිති පිළිබඳව පරීක්ෂාකර බැලීමේදී එයට යොමුවන්නාගේ සිත තුළ හටගන්නා මානසික උද්​ෙව්ගයම සුබඅසුබ ප්‍රතිඵල ගෙන දීමට හේතුවන බව මනෝවිද්‍යාත්මක නිගමනයයි.

ප්‍රිය වචන කතාකරන කාන්තාවක් හා කතා කිරීමේදී සිතට සතුටක් ඇතිවෙයි. යම් කිසි අයෙකු සිතේ ව්‍යාකූල තත්ත්වයක් සහිතව ගමනක් යන විට ප්‍රිය වචන කතාකරන කාන්තාවක් හමුවුවහොත් සිතෙහි කිසියම් ප්‍රබෝධමත් ගතියක් ඇතිවෙයි. තරුණ කාන්තාවන් දකින කාගේත් සිතෙහි සතුට ඇතිවෙයි. නමුත් තමා බලාපොරොත්තු වන කාර්යය ඉටු වනතුරුම ඔහුගේ සිතේ ප්‍රබෝධමත් ගතිය පවතීයැයි අවිනිශ්චිතය.

දරුවන් ඇති කාන්තාව සුබ දර්ශනයක් ලෙස අතීතයේ සිටම සම්මතයේ පැවැතුණි. ඇය ඉතා උතුම් පෙරමග සුබ නිමිත්තක් ලෙස සැලකීම විවිධ හේතු සාධක තිබේ. කිරි දැරීම එහි මූලික අංගයකි. කිරි සුබ මංගල වස්තුවකි. දරුඵල දැරූ කාන්තාව කිරි දරන හෙයින් ඇය සුබ නිමිත්තකි. එම නිසා එවැනි කාන්තාවක් ඉදිරියට හමු වී යන ගමන සර්වප්‍රකාර්යෙන්ම සපල විය හැකිය.

වෙසඟන හෙවත් වෛශ්‍යා ස්ත්‍රිය පෙර මග සුබ නිමිත්තක් ලෙස පැරණි සාහිත්‍ය කෘතිවල සඳහන් කර ඇත. අතීතයේ රටවල්වල රාජාණ්ඩු පැවැතිණි. ඒවායේ ප්‍රධාන නගරවල රාජ්‍ය අනුග්‍රය ලැබූ නගර ශෝභනියෝ සිටියහ. නගර ශෝභනිය යන්න නගරයේ අලංකාරයයි. එවන් වෛශ්‍යාවන් දැකීම සුබ නිමිත්තක් ලෙස එදා සැලකූ නිසා සංදේශ කතුවරුද එය ඒ අයුරින්ම සිය කෘතිවලට ඇතුළත් කළහ.

සිරි රහල් හිමියෝ ලිහිණියාට නිතර නිතර මගතොටදී හමුවන සුබ නිමිති ගැන මතක් කර දුන්හ. කලින් කලට ඇතිවන සමාජ විපර්යාසයන් නිසා එම කරුණුවල යම් යම් වෙනස් කම් වර්තමානයේ දක්නට ලැබේ. පැරණි සමාජයේ නගර ශෝභිණියට තිබූ තත්ත්වය වර්තමාන සමාජයේ එවන් අයට නැත.

අද වෛශ්‍යාව විශේෂයෙන් දැන හඳුනා ගත නොහැක. පෙර මගට හමුවන තැනැත්තිය වෛශ්‍යාවක් ද නැද්ද යන්න නිශ්චය වශයෙන් තෝරා බේරාගත නොහැක. එද‌ා රාජ්‍ය අනුග්‍රහය යටතේ මහ ඉහළින් පිළිගත් එම වෘත්තීය අද ඉතා රහසිගතව නීතියේ රැහැනට අසු නොවී කරන්නක් බවට පත් වී ඇත.

පෙරමඟ සුබ නිමිති සම්බන්ධයෙන් පවතින ජන විශ්වාසය ආගමික මතය හා මනෝවිද්‍යාත්මක මතය යන දෙකටම පටහැණිය. අධිෂ්ඨාන ශක්තියම උතුම් බව ඒ දෙතැනම දක්වා තිබේ. කුමන වර්ගයේ කාන්තාවක් හමු වී ගමන ගියත් අධිෂ්ඨාන ශක්තිය ස්ථිර නම් අභිමතාර්ථය ඉටුවීම සැකයක් නැතැයි එහි දැක්වෙයි.

මෙයට හොඳම උදාහරණයක් ලෙස සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීම සැලකිය හැකිය. කුමරු දුටු පෙර නිමිති හතරින් තුනක්ම සිතේ අසතුට, භය, පිළිකුල දනවන ඒවා විය. එහෙත් ඒ පෙර නිමිති නිසා එතුමාගේ කාර්ය සිද්ධිය සම්පූර්ණයෙන්ම සඵල විය. මේ අනුව පෙනී යන්නේ පෙර නිමිතිවල ස්වභාවය කෙසේ වෙතත් ඒවා ගැන මෙනෙහි කිරීමෙන් ඇතිවන චිත්ත ශක්තිය හොඳට හෝ නරකට පවතින බවය.

අධිෂ්ඨාන ශක්තිය ස්ථිර නම් එයින් කළ හැකි බොහෝ දේවල් ඇතත් අධිෂ්ඨාන ශක්තියට කළ නොහැකි බොහෝ දේවල්ද මෙම විශ්වය තුළ පවතින බව අමතක නොකළ යුත්තකි.

රිය අනතුරු, හදිසි මරණ, විපත් වැනි දේ පිළිබඳව දකින පෙර නිමිති වලින් වැටහීමක් ලබා ගැනීමට හැකි වූ අවස්ථා ගැන බොහෝවිට දැන ගන්නට ලැබී ඇත. පෙරමග සුබ නිමිති ලෙස සඳහන් කාන්තාවන් හමු වී යන ගමනින් නිසැකවම අභිමතාර්ථය ඉටුවන බව පරික්ෂාකාරී වුවහොත් වැටහෙනු නිසැකය. අප යන බොහෝ ගමන් සාර්ථක වෙයි. තවත් සමහර ගමන් අසාර්ථක වෙයි. එහෙත් පෙර මගට හමු වූ අය ගැන කිසිවෙක් පරික්ෂාකාරීව ඉන්නේ නැත. වරද ඇත්තේ එතැනය. ශාස්ත්‍රයේ දෝෂයක් නිසා නොවේ. අඩුව ඇත්තේ අපගේ අපරික්ෂාකාරී බවේය.

පෙර මග සුබ නිමිති ලෙස ඉහත සඳහන් කාන්තාවන් සඳහන් කළ හැකි වුවද පෙර මගට හමු නොවිය යුතු කාන්තාවන් ගැනද නන්දි කේශ්වර පුරාණය නමැති ග්‍රන්ථයේ මෙසේ දක්වා ඇත.

හිස් කළගෙඩි ගෙන ඉදිරියට එන කාන්තාවන්, දරමිටි බැඳගෙන එන කාන්තාවන්, වැරහැලි ඇඳගත් මහලු ස්ත්‍රීන්, හිඟන්නියන්, වඳ ස්ත්‍රීන්, වැන්දඹු කාන්තාවන්, අන්ධ, කොර, අංගවිකල කාන්තාවන් පෙරමගට හමුවුවොත් ගමනින් බලාපොරොත්තු අභිමතාර්ථය ඉටු නොවේ.

එබඳු කාන්තාවන් දැකීමෙන් සිතෙහි හටගන්නා අසතුට නිසා අභිමත කාර්යය විෂයයෙහි අනිෂ්ට විපාක ඇතිවිය හැකිය.

ලංකාදිප ඇසුරිණි

සාමුද්‍රික ශාස්‌ත‍්‍රයට අනුව අත්ල පරීක්‍ෂා කිරීමේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීම වගේම අත්ලේ පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි පහ එකකට එකක්‌ සමාන නොවන්නා සේම එක්‌ එක්‌ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතැඟිලිවල ස්‌වභාවය හා ප‍්‍රමාණයන්ද සමාන නොවේ. එමගින් ඔවුන්ගේ ජීවන රහස්‌ බොහෝ දුරට හෙළි කර ගත හැකිය.

මහපට ඇඟිල්ල

ඇඟිලි අතරින් සුවිශේෂ ස්‌ථානයක්‌ මහපට ඇඟිල්ලට හිමිවේ. සිකුරු මණ්‌ඩලයෙන් ආරම්භ වෙන සිකුරු ග‍්‍රහයාට අයත් යෑයි සැළකෙන මහපට ඇඟිල්ල සාමුද්‍රික ශාස්‌ත‍්‍රයේ විශේෂ අවධානයක්‌ යොමු කර ඇත. දැඩි ආත්ම ශක්‌තියකින් යුතු කුමන ප‍්‍රශ්නයක්‌ හමුවේ වුවද නොසැලෙන භාරගත් කාර්යය මනාව ඉටු කරන පුද්ගලයින්ට පහසුවෙන් නොනැමෙන මහපට ඇඟිල්ලක්‌ පිහිටයි. ඇතැම් අයට අත්ලට සමාන නොවන තරමේ කුඩා මහපටැඟිලි පිහිටයි. ඔවුන්ගේ කටයුතු ක‍්‍රමානුකූල නොවේ, අවුල් සහිතයි.

අලස ගතියෙන් යුත් ඔවුන් ආහාරයට ගිජු වූ රාගාධිකවූවෝද වෙති. අත්ලට සමාන නොවන තරම් විශාල මාපටැඟිලි ඇති අය උසස්‌ සිතිවිලි සහිත වූ ඥානයෙන් මෙන්ම බලයෙන් යුතු බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය වෙති. නිය සහිත මුදුන් පුරුකෙන් අධිෂ්ඨාන ශක්‌තිය. නොපසුබට උත්සාහය, ආත්ම විශ්වාශයද දෙවන (මැද) පුරුකෙන් ඥාන ශක්‌තිය, විචාර බුද්ධිය, තීරණ ගැනීමේ ශක්‌තියද, සිකුරු මණ්‌ඩලය ලෙසද සැලකෙන තුන් වන (මුල) පුරුකෙන් ආලය, රාගාධික පැවතුම් ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාව හා අනුකම්පාවද ප‍්‍රකට කෙරේ. වංචා සහගත ප්‍රෝඩාකාරී සිතිවිලි හා ක‍්‍රියාවන් ඇතිව ජීවත් වන අයගේ මහපට ඇඟිල්ලේ මුදුන් පුරුක අනෙක්‌ පුරුක්‌වලට වඩා කුඩාවට පිහිටයි. යම්කිසි කරුණක්‌ ගැන සාධාරණීය ලෙස තීරණයක්‌ ගන්නා අයගේ මාපටඟිල්ලේ දෙවන පුරුක අනික්‌ පුරුක්‌වලට වඩා දික්‌ව පිහිටයි. 

දබරැඟිල්ල

මම උගතා යෑයි උදම් අනන පුද්ගලයාගේ දබර ඇඟිල්ල දිගින් මැදඟිල්ලට සමානව පිහිටයි. එසේම හේ විනෝදයට වඩා ප‍්‍රිය කරයි. ගුරු ග‍්‍රහයාට හිමි දබරඟිල්ල ශක්‌තිය, බලය, ධෛර්ය, භක්‌තිය ආදී ගුණාංගයන්ගේ මූර්තියක්‌ ලෙස සලකනු ලබයි. දබරඟිල්ලේ නිය සහිත පුරුක මනාව වැඩී ඇත්නම් චිත්ත ශක්‌තිය බලය ආධිපත්‍යය ආදී ගුණාංග මනාව පිහිටයි. හැම අවස්‌ථාවකදීම කතාවෙන් නොව ක‍්‍රියාවෙන් තම දක්‍ෂකම් පෙන්වන පුද්ගලයාගේ මෙම ඇඟිල්ල කුඩාවට පිහිටයි. දබරඟිල්ල මැදඟිල්ලට වැඩියෙන් හෝ ඒතරම්ම හෝ දික්‌වුවහොත් උසස්‌ වීමේ අධික ආශාව ඇත්තෙකුවේ. එය දික්‌ව තිබීම අන් අය පාලනය කිරීමට ඇති දැඩි ආශාව පෙන්නුම් කරයි. එය වෙදඟිල්ලට වඩා දිග නම් අහංකාරගතිය. තමන් උසස්‌ කොට බලයට ඇලූ‍ම් කිරීම හා උසස්‌ වීමේ ආශාවද ඇත්තෙකුවේ. දබර ඟිල්ල දික්‌ව උල්තුඩක්‌ සහිත වී නම් ආගමික කටයුතුවලට ඇලූ‍ම් කරයි. දබරඟිල්ලේ අල්ලට සමීපව පිහිටි පුරුක අනෙක්‌ පුරුක්‌ දෙකට වඩා මනාකොට පිහිටා ඇත්තේ නම් ඉඳුරන් පිනවීමේ බලවත් ආශාව ඇත්තෙකු වේ. අන්‍යයන් අතර කැපී පෙනෙන්නට උත්සාහ ගන්නා ඔවුන් ධනයත් බලයත් ඇත්තෙකු වෙයි.

මැදඟිල්ල

සෙනසුරු ග‍්‍රහයාගේ ගුණයන් වන ස්‌ථානෝචිත බව, ඉවසීම, චිත්ත ශක්‌තිය ආදී ලක්‍ෂණ මැදඟිල්ල තුළින් මූර්තිමත් කෙරේ. එමෙන්ම එම අයගේ ඥානය, අධ්‍යාපනය, ආගම දහම කෙරෙහි ඇති විශ්වාසය දන්වන්නේ මැද ඟිල්ලෙනි. එම ඇඟිල්ලේ නිය පිහිටා ඇති පුරුක අනිත් පුරුක්‌ දෙකට වඩා දිගින් වැඩි නම් එම පුද්ගලයා තද මසුරු කමින් පිරුණ අයෙක්‌ විය හැක. එසේම ඊර්ෂ්‍යාවෙන් කුහකකමෙන් පිරුණ අයෙක්‌ වෙයි. සාමුද්‍රික ශාස්‌ත‍්‍රයට අනුව දෙවෙනි පුරුක අනිත් පුරුක්‌ දෙකට වඩා දිග නම් සුභදායකය. එබඳු අයට වැවිලි කර්මාන්ත වගා කටයුතු හා සත්ත්ව පාලන කටයුතුවලින් ඉතා දියුණු තත්ත්වයකට පත්විය හැක. මැද පුරුකේ කොඩියක සලකුණක්‌ පිහිටා ඇත්නම් ලොතරැයි ජයවැනි හදිසි ධනලාභ හිමිවෙන බව සඳහන්ය. මැද ඇඟිල්ලේ සෘජුව විහිදුනු රේඛාවක්‌ දර්ශනය වේ නම් හෝ හැමවිටම ජයග‍්‍රහණ ලබයි. ධනය මහත් සේ හිමිකර ගන්නා උතුම් කෙනෙකු වෙයි. යහපත් මානසික තත්ත්වයකින් යුතු කාරුණික අයෙක්‌ විය යුතුය. මැදඟිල්ල අනිත් ඇඟිලිවලට වඩා කොට නම් එම පුද්ගලයා මිනීමරු සාහසික අයෙකු වීමට බොහෝ විට ඉඩ ඇත. මැද ඇඟිල්ලේ තුඩු හතරැස්‌ ආකාරවීම සුභය. ආත්ම ශක්‌තිය යොදවා යහපත් තීරණ ගැනීමට ඔවුන් තුළ උපන් හපන්කමක්‌ ඇත.

වෙද ඇඟිල්ල

විචාර බුද්ධිය, කලාකාමිත්වය, ජයග‍්‍රහණය, කරුණාව, ගෞරවය ආදී ගුණාංග වෙද ඇඟිල්ල තුළින් සංකේතවත් කරයි. වෙදඟිල්ල, දබරඟිල්ල තරමටම දිගු වුවහොත් අධික ආශා ඇත්තෙකු වෙයි. හදිසි ධනලාභ ලොතරැයි ආදියෙන් ජයගැනීමට උනන්දුවක්‌ දක්‌වන අයෙකු එමඟින් පෙන්නුම් කරයි. වෙදඟිල්ල මැදඟිල්ල තරමටම දික්‌වූවහොත් ඔහු කලබලකාරී බව නිසාම බොහෝ දේ නැති කර ගනී. මෙම ඇඟිල්ල කෙටිනම් කලාකාමී අදහස්‌ නොමැති උදාසීන අයෙකු බව ප‍්‍රකට කරයි. එම ඇඟිල්ලේ මුදුන් පුරුක උල්ව පිහිටා ඇති අයුරක්‌ දිස්‌වේ නම් ඔහු හෝ ඇය ඉගෙනීමෙහි දක්‍ෂ වන්නාසේම චිත‍්‍ර, නැටුම් හා කැටයම් ආදී කලා අංශයන්ගෙන් කීර්ති ප‍්‍රශංසා ලබන්නේය. බුද්ධියට අනුව කටයුතු කිරීමෙන් මුදල් උපයන හා  ඕනෑම දෙයක්‌ ඉතා සංවිධානාත්මකව කිරීමේ දක්‍ෂතාවයක්‌ ඇති අයගේ සුලඟිල්ලේ අගපුරුක වෙදඟිල්ලේ අග පුරුකේ සන්ධියට සමානවේ. මෙම ඇඟිල්ලේ මැද පුරුක සෙසු පුරුක්‌වලට වඩා මහත්ව පිහිටියේ නම් ආත්මාර්ථකාමී මසුරු පුද්ගලයෙකුවේ. වෙදඟිල්ල දබරඟිල්ල තරමටම දික්‌වීම කීර්ති ප‍්‍රසංසා නම්බුව, බලය, ධනය, පිළිබඳව ඇති ආශාවද අධිකවෙයි. ඇඟිලි දිග ඇරිය විට වෙදඟිල්ල හා සුලඟිල්ල අතර පරතරයක්‌ තිබූ විට නිදහස්‌ ක‍්‍රියාශීලී අයෙකුවේ. ජීවිතයේ මැද භාගයේදී එම අයගේ භාග්‍යය උදාවේ.

සුලඟිල්ල

සුලඟිල්ලේ හැඩරුව හා පිහිටීම අනුව යමෙකුගේ ප‍්‍රකෘති ස්‌වභාවය, චිත්ත තත්ත්වය, ක්‍ෂණික කෝපය, කථාවෙහි දක්‍ෂතාවය, උද්යෝගය ආදී කරුණු විනිශ්චය කළ හැකිවෙයි. සුලඟිල්ල වෙදඟිල්ලේ නිය සහිත පුරුක ඉක්‌මයාම ඉතා ශූභ ලක්‍ෂණයකි. දික්‌වූද මනාව වැඩුනා වූද සුලඟිල්ලක්‌ ඇත්තේ නම් එම අය ධනවතෙක්‌ බවට පත්වේ.

දක්‍ෂ ලේඛකයෙක්‌, කථිකයෙක්‌, හෝ ධනවත් ව්‍යාපාරිකයෙක්‌ වේ. සුලඟිල්ල කෙටිවූයේ නම් උපායශීලී නොවන කතාවෙහි දක්‍ෂතාවයක්‌ද නොපෙන්වයි. මානසික තත්ත්වයද දුර්වලය. සුලඟිල්ලේ නිය සහිත පුරුක දික්‌ව මනා ලෙස වැය තිබීම ක‍්‍රියාශීලී බව ප‍්‍රකට කරයි. නිතර කුමන හෝ කාර්යයක යෙදෙන අතර නිකරුනේ කාලය ගත කරන්නෙකු නොවේ. චතුර ලෙස කතා කිරීමේ දක්‍ෂතා ඇති ඔවුන් අසන්නන් වසඟ කිරීමෙහි සමත්වෙයි. සුලඟිල්ල වෙදඟිල්ල තරමටම දික්‌වුවහොත් දාර්ශනිකයෙක්‌ හෝ ප‍්‍රඥාවන්තයෙක්‌ වේ. අතෙහි වෙනත් ලක්‍ෂණ අශූභ නම් ප‍්‍රයෝග කාරයෙකි.

ඉසිවරු පැරැණි තල්පත් ඉරුවල ස්‌ත්‍රියකගේ දේහ ලක්‍ෂණයන් හඳුනා ගැනීමේ හා පලාපල කීමටද දේහ ලක්‍ෂණ විද්‍යාව උපයෝගී කොට ඇත. ඒ දේහ ලක්‍ෂණයන් මෙසේය.

ස්‌වාභාවිකව මුව ඉතා කුඩා අය ලඡ්ජාශීලීය. තමාගේ කටයුතු පමණක්‌ බලන්නාහුය. මෙවැන්නන් අතර ස්‌වභාවයෙන් තොල් සඟල තදින් පියවා සිටින්නී. ගුප්තමය චරිත ඇත්තියකි. කටයුතු ඉතා රහස්‍යයි. ඊට හේතුව ඔවුන් තුළ ඇති ලඡ්ජාශීලී බව විය හැක. කුලෑටි බවද ඇත. සිතැඟි එක එල්ලේ පළ නොකළ හැකි මෙවැන්නිය ආලය ප්‍රකාශ කරන්නේද විවෘතව නොවේ. යටි හිතේ පිරී ඇති ආදරය ආලය ප්‍රකාශ කරන්නේද විවෘතව නොවේ. යටි හිතේ පිරී ඇති ආදරය වචනයට නොනගයි. එවන් ප්‍රතිචාරයක්‌ හඳුනා නොගැනීම නිසා විවාහය බිඳ වැටී දෙදරා යයි.

ලවන් පෙති නිබඳ සසලවමින් විවිධ ඉරියව්වලට නඟමින් කතාකරන අය ඉහත දැක්‌වූ චරිතයට හාත්පසින්ම වෙනස්‌ චරිත ඇත්තේය. විවෘතව තම සිතැඟි පළ කිරීම ඔවුන්ගේ සිරිතයි. මොවුන් කෙළින් විවෘතව සෘජුව කතාකරන්නියන්ය.

සිනාසීමේදී උඩුතොල එයට සහභාගි කර නොගන්නා ඉරියව්වද ඉතා වැදගත් චරිත ලක්‍ෂණයන් විදහා පායි. සොම්නස්‌ දොම්නස්‌ ඈ වේදනා කෙතරම් තදින් සිත තුළ හට ගතුදු ඒවා වචනයට නඟා පිට කිරීම ඔවුන් අතින් සිදු නොවේ. ගිලගෙන සිටින හැඟීම් ඇත්තියකි. එහෙත් ඔවුන් සඟවාගෙන සිටින සුඛ දුක්‌ඛ වේදනා කවරේදැයි ස්‌ත්‍රීමනා පරීක්‍ෂාවකින් සිටින්නකුට වෙනස්‌ ඉන්ද්‍රියයන් කෙරෙන් හඳුනාගත හැකිවෙයි. ඇසට උනන කඳුළ උදාහරණයකි.

මුවෙහි ඇත්තේ ඉතා සංවේදී සියුම් සිවියකි. එය දෙතොල් පෙති මතුයෙහි රනින් මැවී පෙනෙයි. "රතොට රතු දියෙන්" යන කව් සිළුමිණ යෙදුම මේ සංවේදී දෙතොල් මගින් කෙරෙන චිරන්තන සුබාස්‌වාදී ක්‍රියාවන් පෙන්වයි. මුව නිදහස්‌ව ඇතිවීම දෙතොල් සඟල බෙහෙවින් අනාවෘතව හෙවත් පිටතට පෙනෙන සේ විහිදී ඇත්නම් හේ ඉඳුරන් පිනවීමේ රුචිය ඇත්තියකි. තොල් සඟලේ රත්පැහැ සිවිය මධ්‍යම මට්‌ටමකින් අනාවෘතවී පෙනෙන්නේනම් බුද්ධි ගෝචර ලෙස ඉඳුරන් පිනවීම හෙවත් ආශ්වාදය විඳීම කරන්නියකි. තොල් සඟල අති විස්‌තාරයෙන් පිටතට අනාවෘත වූයේ කාමිනියකි. කාම දේනුවකි. ශිෂ්ටත්වය ඉක්‌මවා කම්සැප අවශ්‍යයි.

දෙතොල සම බරව ඇත්තී ආලයට සුදුස්‌සියකි. උඩු තොළ යටි තොලට වඩා අනාවෘත වූයේ ආදරයේ ස්‌ථාවර භාවය කුමක්‌ වුවද ආදරය ඉහළින් අපේක්‍ෂා කරයි. යටි තොළ උඩු තොලට වඩා අනාවෘත වී නම් ජීවිතයේ නිතර අපේක්‍ෂා භංගත්වයෙන් නොහොත් සුළු කරුණකදී පවා අතෘප්තකර භාවයට පත්වීමේ ගති ස්‌වභාවය ඇත. මේ අය සමාජ ආශ්‍රයට නුසුදුස්‌සියෝය.

වනිතාවකගේ දෙපා ද වාසනා ගුණය පෙන්වන වැදගත්ම අංගයකි. දිළිසෙන නිය ඇති මැදින් උස්‌ව දෙපැත්තෙන් ක්‍රමයෙන් පහත්ව ඇති උඩි පතුල ඇඟිලි තුඩු උල්ව සමාන වළලුකරවලින් යුතු දෙපා ඇති ස්‌ත්‍රී තොමෝ රජ සැප හා සමාන සැප විඳී. දණහිසෙන් පහළ අධික රෝම පිහිටා ඇත්නම් විවාහය ප්‍රමාද වේ. විවාහ වුවද ස්‌වාමියා අතහැර යයි. ඇස්‌බැමි එකට යාව ඇත්නම් අසුබය. රෝම මෘදුව ඇත්නම් ගුණ පෙන්වයි.

අතේ සුළඟිල්ල ඇද නම් වංකය. හැම විටම තම ලාභයම බලාපොරොත්තු වෙයි. පාදයේ සුළඟිල්ල හෝ ඊළඟ ඇඟිල්ල පොළවට නොවැදේ නම් පින් මඳය. පාපී ෙච්තනා ඇත්තීය. අනිත් පිරිමින්ගේ ආදරය පතයි. පාදයේ මහපට ඇඟිල්ල වඩා දිග නම් විවාහය නිසා කරදරයේ වැටේ. ස්‌වාමියා නුරුස්‌සයි. හිතූමතයේ වැඩ කරයි. අවේලාවල ගමන් බිමන් යයි. මේ ඇඟිල්ල දික්‌ අය උසින් වැඩිය බිඳුනු නාසයක්‌ හෝ වැහැරුණු නාසයක්‌ වේ නම් කාමාධිකය. එඩිතරය. ගමනේදී පාදවල ශබ්ද නැගේනම් සැමියාට අපල ගෙනදේ. මුහුණින් පෙන්වන සතුට සිත ඇතුළේ නැත. හදිස්‌සියේ නැගෙන ආශාවන් ඇත්තීය.

හස්‌තයෙහි මෙන්ම පාදයෙහිද අවලක්‍ෂණ ඇද ඇඟිලි ඇත්තී දරුවන් නොලබන්නීය. ස්‌වාමියාගේ ආයුෂ හීන කරන්නීය. යම් ස්‌ත්‍රියකගේ ඉඟවට කුරු රෝමයෝ ඇත්නම් ධනය ඇතිව උප්පත්තියත් ලැබූවත් දාසියක්‌ වන්නීය. බෙල්ලේ නම් දරුවන් නොලබන්නීය. නළලත නම් ස්‌වාමියාට අපල ගෙනදේ. කලහකාරීය. දූෂිත චරිත ඇත්තියකි.

ඉතා කොට බෙල්ලක්‌ ඇත්තී දුප්පත් වන්නීය. ප්‍රමාණයට වඩා දිග බෙල්ල ඇත්තී කුලය නසන්නීය. බෙල්ලේ කළු ලපයක්‌ ඇත්තී බොහෝවිට මුල්වරට පිරිමි දරුවකු ලබන්නීය.

ඇස දුඹුරු පාට ඇත්නම් අළුපාට නම් නිතර චංචල ගතියෙන් යුක්‌තයි. සිනාවෙන විට දෙකම්මුල් වළ ගැසේනම් ඉතා කාමුකය. සැපට කැමතිය. පිරිමියා කාමයෙන් පිනවයි. විනෝද කාමියි. හිසකේ පොකුටුනම් උඩු ඇන්දේ ඉදිරි දත් මැද හිඩසක්‌ ඇත්නම් පුරුෂ වසඟයෙහි දක්‍ෂය. පාලනය මනාය.

පැහැදිලි දීප්තිමත් විවෘත ඇස්‌ ඇත්තී උතුම් ගුණයෙන් යුක්‌තයි. නිල්වන් ඇස්‌ ඥනාන්විත බවේ ලකුණකි. කාල වර්ණ නම් දැඩි අධිෂ්ඨාන ශක්‌තියෙන් යුක්‌තියකි. කුඩා ඇස්‌ නම් කාමුකයි. අඳුරු ඇස්‌ ඇත්තී මිනිස්‌ ගති ගුණයන්ගෙන් හීනයි. තෙත් ගතියෙන් නම් සිත දුර්වල ඇත්තියකි. වපර ඇස්‌ වංක ගතියේ ලකුණයි. නිතර ඇස්‌ පියවේනම් ආයුෂ මඳය. නපුරු ඇස්‌ දරුඵල හීනයි. විශාල ඇස්‌නම් කරුණාව, අනුකම්පාව ඇත්තීය.

විශාල වූ අගින් මහත් නාසය නැණවත් බවට ලකුණයි. වැඩ කිරීමට ආශාව දක්‌වයි. අනුනගේ අදහස්‌ ගැන සලකයි. අගින් උඩට නැමුණු විශාල නාසය ඇත්තී වීරත්වය කියා පායි. (පිරිමින්ට විශේෂයි) කුඩා දිගිටි නාසය ක්‍රීඩා ලෝලියි. පැතැලි නාසය දරුණුකම් රැවටිලි ගති ඇත්තීය. අගින් උල්වී පහතට නැමුණු නාසය ඇත්තී ආඩම්බරයි. උල් නාසය තේජවන්ත වේ. අගින් රක්‌ත වර්ණ නාසය ඇති පිරිමි සුරාවට ගිජුයි. තෙත් ගතියෙන් විවරව එල්ලෙන තොල් ඇති අය සුළුදේදී පවා තැති ගනී. ඔවුන් හිතට ආ දෙයක්‌ කරනවා මිස කල්පනාකර යමක්‌ කරන්නේ නැත. සඟවා කතා නොකරයි. වේගවත් පහර ගැසීම් කිරීම් සිsරිතයි.

දෙකොනින් ඇඹරී ගිය මුඛය ඇත්තී විෂයි. දරුණුයි. ඉක්‌මනින් කෝපවෙයි. ඉදිරියට නෙරා ඇති යටි තොල ඇති අයගේ කරුණාවන්තකම නැත. කුඩාවට පිහිටි මුඛය බිය සුලුයි. කලා ශිල්ප සාහිත්‍ය රසාස්‌වාදයන්ට හිත කරයි.

මුඛය කෙනකුගේ ගති ගුණ කියවෙන වැදගත් අංගයකි. මනාව පිහිටි මුඛය මනා චරිතයක්‌ පිළිබිඹු කරයි. කුඩා මුඛය ඇත්තී බුහුටියි. නිසංසලයි. තියුණුය. විශාල මුඛය ඇත්තී කෑමට ගිජුයි ආශා ඇත. නොසිතාම කතා කරයි. ඇස්‌ ලොකුවට ඇති මුහුණ මහත් අය හා ශරීරය තරබාරු ඉඟ සුඟ බෙරයක මෙන් ඇති පියයුරු මහත එල්ලෙන ඇත්තී බොරු කියයි. තම තනතුරු සඟවා බොරු ලොවට කියා මහන් තත්ත්වයෙන් සිටී. ඊර්ෂ්‍යා කරයි. ඇය හැම දෙයක්‌ම දන්නා බව බොරුවට ප්‍රකාශ කර කරන දේවල් පුස්‌සක්‌ බවට පත්කර ගන්නීය. සැමියාටද වධයකි. සැමියා යටත් පහත්ව ගණන් ගනී.

ශශ පුරුෂයා කලාකාමියෙකි.

මෘග පුරුෂයා බිරියට පණසේ ආදරය කරයි.

වෘෂභ පුරුෂයා දකින දකින මුහුණට කැමතිය.

අශ්ව පුරුෂයා සහකාරියට දස වද දෙයි.

ලොව ජිවත්වන සියලු පුරුෂයින් දේහ ලක්ෂණ විද්‍යාවේ වර්ග හතරකට බෙදා දක්වයි. එනම් ශශ,මෘග, වෘෂභ හා අශ්ව ලෙසිනි. මොවුන්ගේ චරිත ස්වභාවය,ගතිගුණ හා හැඩරුව අනුව එකිනෙකාගෙන් මනාව වෙන්කර හඳුනාගත හැක. මින් ශශ හා මෘග පුරුෂයන් සුබ ලෙස ද අනෙක් දෙදෙනා අසුබ ලෙස ද සැලකේ. සුබ අසුබ බව පෙන්වා දී ඇත්තේ විවාහය සමඟය. බාහිර පෙනුමෙන් ඔවුන් හඳුනා ගන්නා අයුරු මෙසේ විස්තර කෙරේ.

ශශ පුරුෂයා

මුහුණ වටකුරුය.දෑස් රතු පැහැ ගනී.හිඩැස් නැති මනාව පිහිටි දත් දෙපලක් හිමිය. මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්තය. හිස කෙස් තද කළුය.අත්ල තඹ පැහැය ඇති මෘදු ස්වභාවයක් ගනී. අතේ ඇඟිලි සිහින්ය. දිගුය.නිය රෝස පැහැයෙන් යුතුය.රෝම සහිත සිරුරක් හිමිය.මේ අය ආගම දහමට ලැදිය.ගුණවත් බුද්ධිමත් කරුණාවන්ත කලහකාරී නොවන තරමක් පොහොසත් අය වෙති. අන්‍යයත් ආකර්ශනය කරගන්නා හැකියාවක් ඇති නිහඬ චරිතය. ජනප්‍රිය වේ.තමන් දන්නා දේ අන්‍යයන්ට පැහැදිලි කර දීමට දක්ෂය. කලාකාමී හැඟීම් සහිත ඊට දක්ෂතා ඇති අයය.කළගුණ දන්නා යුතුකම් ඉටුකරන අය වෙති. එකවර කාර්යයන් දෙකක් කිරීමෙහි දක්ෂය. රාග සිතිවිලි අවමය. තම සෞඛ්‍යය පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වයි. පිළිවෙළකට කටයුතු කරන තෘප්තිමත් අය වෙති. සැපත පිරි විවාහ දිවියක් ගත කරයි. මෙවැනි ගති ඇති ශශ පුරුෂයකු හා විවාහ වන කත ඉතා වාසනාවන්ත පින්කළ යුවතියන් බව සෘෂි මතයයි.

මෘග පුරුෂයා

බොහොමයක් ගති ශශ පුරුෂයන්ට සමානය. මෘග පුරුෂයාගේ දෑස් නිතර කලබලය. වටපිට බලයි. මුවකුගේ මෙන් දෑස් ඇත. දේහය ඉතා ශක්ති සම්පන්නය. අත් පා හොඳින් වැඩී ඇත. සිනහ මුසු මුව මඩළකින් යුතුය. එක් වේලකට ආහාර අධික ප්‍රමාණයක් ගැනීම මොවුන් ගේ දුර්වලතාවයකි. මේ අයගේ විවාහ සාර්ථකය. තම බිරියට දරුවන්ට බොහෝ සේ ආදරය කරුණාව දක්වයි. රැකවරණය නොඅඩුව ලබා දෙයි.

වෘෂභ පුරුෂයා 

පළල් මුහුණකි. කඳට සාපේක්ෂව හිස තරමක් විශාලය. දත් කෙටිය. පළල්ය.ඇස් රතුපැහැයෙන් යුතුය.ගෙල මසින් පිරී ඇත.කන් පෙති විශාලය අත්ල රතුය.පපුව ඉදිරියට නෙරා ඇත.මිටි තරබාරු සිරුරකි. උදරය රවුම්ය. අත් පා මසින් පිරී ඇත. ඇඟිලි කොට මහතය. නමුත් මොවුන් පියකරුය. මදක් ඉදිරියට නැවී ඇවිදී.ඇස් පිහාටු ඝනව වැඩී ඇත. දකින දකින ස්ත්‍රියට මෙන්ම ලිංගිකත්වටද එකසේ ලොල්ය. විළිබිය නැත. පාපයට බිය නැත. ලෝකයට පෙනෙන්නට සිල් ගන්නා අයුරින් සිටී. නෑදෑයන් මිතුරන් බහුලය. විනෝදකාමීය. කටහඬ ගැඹුරුය. කතාවෙන් අනුන් බියවැද්දීමට උත්සහ කරයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ තැකීමක් නැත. අලස ඇත්තන්ය. මොවුන්ගේ විවාහය සාර්ථක වන්නට නම් ලිංගිකත්වයට ලොල් කතක් සමඟ විවාහ විය යුතුය.

අශ්ව පුරුෂයා

අසුබම පුරුෂයා ලෙස පිළිගැනේ. නමුත් කඩවසම් පෙනුමකින් හෙබි අයය. මුහුණ අත් පා දිගටි හැඩයකින් යුක්තය. දෑත්වල නහර ඉලිප්පී ඇත. හිසකෙස් ඝනය. විශාල අත්ලක් හිමිය. මහපට ඇඟිල්ල කැපී පෙනෙන සේ දිගුය. නමුත් අතේ නිය කෙටිය. බොහෝ විට ශරීරය සිහින්ය. සෘජුය. විරුද්ධ ලිංගිකයින්ගේ සිත් වසඟකර ගනී. උස්ය. සිරුරේ රෝම අවමය. රෝම ඇත්නම් කළුවට හුරු තඹ පැහැයෙන් යුතුය. හිස හා කඳ සෘජුව තබාගනිමින් ගමනේ යෙදේ.උරහිස් පළල්ය. තියුණු කටහඬකි. දියුණුවට නිතර වෙර දරයි. උගතුන් හා බලවතුන් පමණක් ඇසුරු කරයි. උඩඟු හැඟීම්වලින් පිරී ඇත. නීති ගරුක, ලෝභ මෙන්ම කාමාධික චරිතයකි. තම බිරිඳගේ මෙන්ම අනුන්ගේ ද දොස් දකී. ආදරය සිත තුළ තිබුණද නොඅඟවයි. විවාහ දිවියේ වගකීම් යුතුකම් පැහැර හරින මොවුන්ගේ විවාහ ‍අසාර්ථක වේ. මෙවැනි පිරිමින් බොහෝ කඩවසම්ය. ප්‍රිය මනාප බව නිසා බොහෝ ස්ත්‍රීන් රැවටුනද අශ්වස පිරිමින් හා විවාහ වන කත පෙර බොහෝ අකුසල කර්ම කළ තැනැත්තියන් බව සෘෂි මතයයි.

රෝමයන්ගෙන් තොර වූ පපුව ප්‍රදේශය ඔප මට්ටම සිනිඳු ආකාරයෙන් යුක්ත වේ නම් විවාහය සම්පුර්ණයෙන්ම සාර්ථක වේ. සැමියාට බොහෝ ප්‍රිය වේ. මෙවැනි කාන්තාවක ලබන සැමියා භාග්‍යවන්තයෙකි. සැමියාට නොයෙක් ආකාරයේ සැප සම්පත් ලබා දෙයි. නිදි යහනයේදී ඔහු ප්‍රීති ප්‍රමෝදයට පත් කරවනු ලබයි.

පපුව ප්‍රදේශය පහතට නෙරා ගොස් තිබියදී පිරුණු මාංශයන්ගෙන් තොරවීම අශුභ ලක්ෂණයකි. මෙවැනි කාන්තාවන්ගේ ජිවිතය සාර්ථක භාවයෙන් අඩුය. නිතර අන්‍යන්ගේ දෝෂාරෝපණයට ලක්වේ. උරුමයෙන් ලැඛෙන තම ධනයෙන් හෝ වස්තු සම්පත් ආදියෙන් පවා නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට ඇති හැකියාව අඩු කෙරේ. දුක් දොම්නස්වලට පහසුවෙන් ලක් වේ.

පපුව රෝමයන්ගෙන් ගවසිගත්තේනම් ඇය සැමියාට ප්‍රිය නොවේ. ඔහුගේ ඕනෑඑපාකම් ඇයගෙන් ඉරු නොවේ. සැමියාට යම් යම් විපත්ති කරදර ඇති වේ. අර්ත්මාර්තකාමිත්වයෙන් යුක්ත වේ. ජිවිතයේ මුල, මැද, අග යන තුන්කල්හිම දුක් දොම්නස් විඳීමට සිදු වේ. විෂම අදහස් දරන්නිය.

පපුව සම්පුර්ණයෙන්ම පිරි පවතින අතර එය උස වූ ස්වභාවයෙක් යුක්ත වූවානම් එය ශුභ ලක්ෂණයකි. එම කාන්තාව ජිවිත කාලය පුරාවටම විවිධ සැපසම්පත් අනුභව කරන්නීය. අන්‍යන්ගේ ප්‍රසාදයට භාජනය වේ. උසස් පුද්ගලයන්ගේ ඇසුරට භාජනය වේ. විවාහය බලාපොරොත්තු වුවාට වඩා සාර්ථක වේ, වාසනාවත වේ. පින්වත් දු පුතුන් ලබා ගැනීමේ වාසනා ගුණය ඇති කෙරේ.

පැතිරී ගියා වූ පපුව ඇත්තියගේ චරිතය යහපත් නොවේ. ඇය යුග දිවියට පත්වීමට පොරොතුව ලිංගික සම්බන්ධකම් ඇතිකර ගනී. යුග දිවියට පත්වීමෙන් අනතුරුව වෙනත් පිරිමින්ගේ ඇසුරට පත් වේ. කරුණාවන්ත භාවයෙන් තොරය. අන්‍යන්ට විපත්, හිරිහැර කිරීමට කැමැත්තක් දක්වන්නිය. ආගම දහම කෙරෙහි බැඳීමක් නොමැත.

අ`ගල් 18 ක් පමණ උස වූ පපුව ඇත්තී වාසනාවෙන් පිරුණු තැනැත්තියකි. බුද්ධිමත්ය. ඉගෙනීමට දක්ෂය. රුප ශෝබාව දියුණු වේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. තමාගේ අදහස් උදහස් ආදියට ගරු කරන ස්වාමියෙකු ලැඛෙනු ඇත. පින්වත් දු දරුවන් ලබන අතර පවුලේ සාමය සමගිය ඇති වේ. සැමියාට විවිධ සැප සම්පත් ලබා දෙන්නීය. ජීවිතය බොහෝ සෙයින් වාසනාවන්තය.

පපු ප්‍රදේශය පළල් වුවත් මැද කොටස ගිලා බස ගිය ස්වරුපයෙන් යුක්ත වුවා නම් නපුරු අදහස් ඇත්තියකි. සුළු දෙයකදී වුවද ඉතා ඉක්මනින් කලබලයට හා කෝපයට පත් වී නපුරු වචන කියන්නීය. මෙසේ පපු ප්‍රදේශය පමණ ඉක්මවා පළල් වූ කාන්තාවන්ගේ කාමාශාව අන්‍ය කාන්තාවන්ට වඩා වැඩි කෙරේ. මේ නිසා එක පුද්ගලයෙකුගෙන් පමණක් සෑහීමකට පත් නොවේ. යුග දිවියෙන් පසුව අන්‍ය පුද්ගලයන් සමග අනාචාරයට පෙළඹේ. අසල්වැසියන් සමග සාමයෙන් කල් ගෙවීමට අපහසුය. සිතුවිලි පිරිසිදු නොවේ. අන්‍යන්ට හිරිහැර කරමින් හෙලා දකින්නීය.

පපු ප්‍රදේශයේ පවතින රෝමයන් තැනින් තැන සැදී ඉහල ට නැගී පවතී නම් එය සැමියාගේ වාසනා ගුණයට හානියකි. සමහර විට සැමියාගේ පැවැත්මටද හානිදායකය. මෙවැනි කාන්තාවෝ විවාහ කිහිපයක් කරගැනීමට පෙළඹේ. ඔහුන්ගේ ලිංගික ආශාවන් අන්‍ය කාන්තාවන්ට වඩා වැඩිය. මේ නිසා විවාහයෙන් පසුව අනියම් ඇසුරට පත්වේ.

පපුව තැනින් තැන නහර ඉලිප්පී ඇත්නම් යමක් නිරවුල්ව පැහැදිලිව කිරීමට අපහසුය. ජීවිතය පුරාවටම විවිධ ගැටළු වලට මැදි වේ. අන්‍යයන් සමග හොඳ හිත පවත්වාගෙන යෑමට අසීරුය. විවාහය සැපවත් නොවේ. විවාහයට ලැඛෙන්නේ තමා බලාපොරොත්තු නොවූ ආකාරයේ කෙනෙක්ය. නිතර පදිංචි ස්ථාන මාරු කිරීමට සිදුවේ.

රෝමයන්ගෙන් රහිත පපු ප්‍රදේශය දිගින් යුක්ත නම් ඇය කුමන ආකාරයෙන් සිය උප්පත්තිය ලැබුවද උසස් ආකාරයේ සැප සම්පත් නොඅඩුව භුක්ති විඳි. උසස් රැකියාවල නිරත වීමට වාසනා ගුණය ඇත.කිර්තිය, ප්‍රසිද්දිය ලැබේ. ගුණ ගරුක යහපත් ජිවිතයක් ගතකිරීමට වාසනාව ඇත. කරුණාව, මයිත්‍රීය, ත්‍යාගවන්තභාවය වැඩි දියුණු වේ. මේ නිසා අන්‍යන්ගේ ප්‍රසාදයට හේතු වේ.

අටළොස් අ`ගලට වඩා පපුව අඩු වූවානම් කෘර නපුරු අදහස් දරන්නිය. පහසුවෙන් සතුරු නොවේ. දරුවන් නොලබන්නිය. කලකිරුණු ස්වභාවයෙන් යුක්තව කල් ගෙවන්නීය. සතුරු කරදර වැඩි කෙරේ. කර්කශ ජිවිතයක් ගත කිරීමට සිදු වේ. සැපයෙන් හීනය.

පපුව ඕනෑවට වඩා පළල ස්වභාවයෙක් යුක්තනම් ඇගේ කාමරාගී භාවය වැඩි වේ. මෙවැනි කාන්තාවන් ලිංගික ජීවිතය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. ඒ නිසා අනියම් ලිංගික සේවනයට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩි කෙරේ.

පපු ප්‍රදේශය ඉහලට නෙරා ගොස් තිබේ නම් එය ශුභ පිහිටීමක් නොවේ. එවැනි කාන්තාවගේ චරිතය යහපත් නොවේ. විවාහය යහපත් අයුරින් නොපවතී.

දේහ ලක්ෂණ අනුව කෙනෙකුගේ චරිත ස්වභාවයන් කිවහැකි සේම ශරීරයේ කිසියම් තැනක පිහිටි උපන් ලප හා ලප කැලැල් අනුවද කෙනෙකුගේ චරිත ස්වභාවයන් කිවහැකි බව පැරණි සෘෂිවරුන් සඳහන් කර ඇත. උපන් ලප පිළිබඳව සමාජයේ නොයෙකුත් මති මතාන්තර ඇතත් ඇත්ත වශයෙන්ම පැරැන්නන් කී මේවායේ සත්‍යතාවයක්ද දකින්නට ඇත. උපන් ලපය යන වචනය සිහිවත්ම අපේ ශරීරයේ කිසියම් තැනක පිහිටි කවාකාර ලපයක් මතකයට නැගෙයි. එවැනි ලකුණුද උපන් ලප ලෙස සැලකුවත් එපමණක්ම නොවේ, තල කැලැල් හා නියමල්ද උපන් ලප ගණයට වැටේ.

යම් ස්ත්‍රියකගේ නලලේ මැද ලපයක් පිහිටියේ නම් තමාට මෙන්ම තම ස්වාමිපුරුෂයාටද සැප සම්පත් ලබාදෙන සමාජයේ ගරු බුහුමන් ලැබීමටද හේතුවන වාසනාවන්ත පිහිටීමකි.

නලලේ මැද කළුපාට ලපයක් රෝම ගසක් දර්ශනය වේනම් ඇය රංගන ශිල්පිනියක් නම් ජනප්‍රියත්වයේ ඉහළටම යනු ඇත. සමාජයේ සුවිශේෂ පුද්ගලයකු හා විවාහයටද පත්වෙයි. සැමගේ ආදර ගෞරවයටද පාත්‍රවන ඇය ධනය බලය ලබන්නියක් වන අතර රටේ ඉමහත් කීර්තියටද පත්වෙනු ඇත.

පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක් පිහිටීම සෞභාග්‍යවත් බව පෙන්වන සංකේතයක් වන අතර වම් උර හිසෙහි ඇති උපන් ලපය ගුණහීන පුද්ගලයක් ලෙස හඳුන්වා දෙයි.

දකුණු උරහිසෙහි ඉන්නෙක් හෝ තල කැලලක් පිහිටීම සුභ ලකුණක් වූවත් වම් උර හිසෙහි එවැනි සලකුණු තිබීම සුභ නොවේ.

වම් උරහිසෙහි උපන් ලපයක් ඇති කාන්තාව ස්වාමියාට ප්‍රිය භාර්යාවක් වන්නීය.

දකුණු උරෙහි ඉන්නෙක් හෝ ලපයක් පිහිටීමෙන් දිගුකල් ජීවත්වන ඉසුරු බවින් පිරුණ කාන්තාවක් පෙන්නුම් කරයි.

අත්ලෙහි උපන් ලපයක් ඇති පුද්ගලයා අනුන්ගේ සිත් දිනා ගැනීමට සමත් සෘජු ගතිගුණ ඇති අයෙක් වෙයි.

අත්ලෙහි උපන් ලපයක් හෝ ඉන්නෙක් පිහිටියේ නම් එම වනිතාව උසස් විවාහයකට හිමිකම් ලබන්නීය.

දකුණු අත්ලෙහි තල කැලලක් ඇත්තේ නම් වස්තු භංගත්වයත්, වම් අත්ලෙහි එවැනි ලකුණක් දිටිමි නම් නෑදැයින්ගේ ගෞරවයට පාත්‍රවීමක් බව දත යුතුය.

කාන්තාවකගේ ඇගිලිවල උපන්ලප ඇතිවීම අසහනය පෙන්නුම් කරන පිහිටීමක්ද වේ.

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ දෙබැම හෝ පුරුෂයකුගේ දෙබැම ඇති ලප ඉතාම අභාග්‍ය සම්පන්න කරදරකාරී ජීවිතයක් පෙන්වන්නකි.

දෙබැම අතර පිහිටීම කාමයට ඇති ලොල්බවක් පෙන්නුම් කරයි. එසේම දුර්ජන සිතිවිලි වලින් ගහනවූ හදවතක් හිමිය. ඇස් පිහාටුවල එවැනි ලප බොහෝ දුරට කනගාටුව ගෙනදෙයි.

නාසයේ දකුණු පැත්තේ උපන් ලපයක් ඇතිවීම අවාසනාව පෙන්නුම් කරන අතර වම් පැත්තේ පිහිටීම ඉසුරු සම්පත් ලැඛෙන පිහිටීමක් වනු ඇත.

කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන්ද ලැබීමටද, සංගීත හා කලා අංශ වලට දක්ෂ බවද ප්‍රකට කරයි.

නිකටේ ලප පිහිටීමද වාසනාව ගෙන දෙන්නකි.

ඛෙල්ලේ වම්පස උපන් ලප පිහිටියේ නම් ආයුධ සම්බන්ධ කැපුම් කෙටුම්වලට භාජනය වීමද ඛෙල්ලේ දකුණු පස සල්ලාල ජීවිතයක ලක්ෂණද පෙන්වයි.

හෘදයේ ලප පිහිටීම දරුලාභ, මිත්‍ර ලාභද, උරෙහි පිහිටීම නෑදැයින් අතර ආරවුල්ද කිහිලිවල ධනය, දියුණුව සැප සම්පත් ලැබීමද පෙන්නුම් කෙරෙයි.

පිටෙහි ලප පිහිටීමද වාසනාවන්තය. සෘජු අදහස් ඇති කිසිවෙකුට යටතේනොවී ජීවත් වන අයෙක් වෙයි.

මැණික් කටුව ප්‍රදේශයේ නම් කීකරු මනා සංයමයකින් යුතුව දිවි ගෙවන අයෙක් බව ප්‍රකට වෙයි. අත්දෙකෙහි එවැනි ලකුණු පිහිටීම මැණික් ඉඩකඩම් ලාභ පෙන්නුම් කරයි.

සුරාපානයට ගිජු පුරුෂයාගේ තොල්වල උපන් ලප දිස්වන බව ශාස්ත්‍රීය නිගමනයයි.

තොලෙහි උපන් ලපයක් පිහිටි කාන්තාවන් අන්අයගේ ඕපා දූප සොයමින් ගතකරන කේලාම් කාරියක් බව කියනු ලැබේ.

තොලෙහි ඉන්නෙක් හෝ තලකැලලක් ඇත්තේ නම් මෙවුන්දම් සේවනයෙහි සීමාරහිත ලෙස ආශා ඇති ගැහැණියක් ලෙස හඳුනාගත හැකිය.

ඛෙල්ලෙහි ලප දිස්වීම විවාහ සැප සම්පත් අඩුවී යැමට හේතුවන අතර නිතර නිතර සිත් වේදනාවෙන් කල් ගෙවීමටද හේතුවෙයි.

අත්ලේ සුල`ගිල්ලේ බුධ මණ්ඩලයේ කළු ලප ඇතිවීම අධ්‍යාපනයට බාධා ගෙන දෙන්නකි.

රවි මණ්ඩලයේ (වෙද`ගිල්ලේ මුල) කළුලප පිහිටියේ නම් ඔහු හෝ ඇය බියගුලු ගති ඇති නීතියට බිය ඇති අයෙක් කරවයි.

සිකුරු මණ්ඩලයේ (මාපට`ගිල්ලමුල) හා දකුණු අත්ලේ මැද පිහිටි කළු ලපවලින් අසාර්ථක විවාහයක් හා චිත්ත පීඩා හා ධන හානියද පෙන්නුම් කරන අතර කුජ මණ්ඩලයේ කළුලපවලින් බන්ධනාගාරගත වීමට හේතුවන අභාග්‍ය තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

අත්ලෙහි මැද උපන් ලපයක් පිහිටි පුද්ගලයා අන් අයගේ සිත් දිනාගැනීමට සමත් සෘජු ප්‍රතිපත්ති ඇති අයෙක් වෙයි.

ඇ`ගිලිවල එවැනි ලප ඇත්තේනම් හෝ ප්‍රසිද්ධ පුද්ගලයකු විය හැක. සිනිදුවූත් මට සිලිටුවූත්, වෘත්තාකාරවූත්, ශෝභාවගෙන දෙන ලපයක් කෙනෙකුගේ හිසෙහි ඇත්නම් එය ජීවිතයේ මැදිවයසේදී හදිසි ධන ලාභයක් ගෙන දෙන ලකුණක් වෙයි.

කෙනෙකුගේ නාසයේ දකුණු පැත්තේ පිහිටි ලප අවාසනාව ගෙනදෙයි. වම් පැත්තේ නම් ඉසුරු සම්පත් ලැඛෙන බව පෙන්වයි. 

කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමටද, සංගීත කලා අංශවල දක්ෂතාවයද ප්‍රකට කරයි.

පපුවෙහි දකුණු පාර්ශ්වයෙහි උපන් ලපයක් පිහිටි පුරුෂයා තමාට වඩා උගත් ධනවත් ස්ත්‍රියක් හා විවාහයට පත්වෙයි.

උපන් ලපය පිහිටියේ ලය මැද නම් ඔහු දූෂිත චරිතයකට හිමිකම් කියන අතර එවැනි ලකුණක් වම් ලයෙහි පිහිටියේ නම් ඔහු කාමාධික පුද්ගලයකු ලෙස සැලකේ.

ස්ත්‍රියකගේ දකුණ ලයෙහි උපන් ලපයක් ඇත්තේනම් ඇය ස්වාමියාට ප්‍රියවන්නීය. වම් ලයෙහි නම් පිංවත් දරුවන් ලබන බව කියෑවේ.

කාන්තාවන්ගේ තොල්වල හැඩය අනුව ඔහුන්ගේ මුහුණට ලැබෙන්නේ ඉතා ලස්සන පෙනුමක්. නමුත් එය ඔහුන්ගේ ගතිගුණ පිළිබඳව මෙන්ම වාසනාව සහ අවාසනාව පිළිබඳව විස්තර කෙරෙන බව ඔබ මින් පෙර අසා නොතිබෙන්නට ඇති. කාන්තාවක් වචන වලින් නොපසවන නමුත් ඔහුන් පිලිබඳ හෙළිවන කරුණු රාශියක් ගැන විශ්වකර්ම අපි අද ඔබව දැනුවත් කරනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

අනාදිමත් කාලයක සිට තමයි හස්ත රේඛා ශාස්ත්‍රය ඇසුරින් කෙනෙක්ගේ චරිත ලක්ෂණ, දියුණුව සහ බැඳීම් ගැන පවසන්නේ. ඉතින් විවිධ රටවල් වල ඊට අනුරුපිව මේ හස්ත රේඛා ශාස්ත්‍රය සහ දේහ ලක්ෂණ විද්‍යාව හසුරුවයි. ඉතින් විශ්වකර්ම අපි අද කියන්න යන්නේ අතේ ඇඟිලි වල ස්වරුපය ආශ්‍රයෙන් ඔබ කුමන වර්ගයට අයත් කෙනෙක්ද යන්නයි. කුඩා ඇඟිල්ලට සාපේක්ෂව මුදු පළඳින ඇඟිල්ලේ ප්‍රමාණය පහත වීඩියෝවේ දැක්වෙන පරිදි නම් ඔබත් සුවිශේෂී කෙනෙක්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

ඝන බවට පත් වූ පුෂ්ඨිමත් පියයුරු යුගල එක සමාන වූ ආකාරයෙන් යුක්ත වූවා නම් එවැනි කාන්තාව වාසනාවන්ත ජිවිතයක් ගතකරයි. ඔවුන් නොයෙක් සැප සම්පත් භුක්ති විඳි. විවාහය උසස් ආකාරයෙන් පවත්වාගෙන යයි.

මටසිලිටු පියයුටු යුගලය වාසනාවන්තය. එවැන්නන්ගේ ජීවිතය බොහෝ සැහැල්ලුවෙන් ගෙවෙ. ප්‍රශ්න ගැටළු දුක් දොම්නස් ඇති නොවේ. බලාපොරොත්තු පැතුම අනුවම ඉටු වේ.

දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. උසස් තනතුරු ලාභ, කිර්ති ප්‍රසංසා ලැබේ.

වැහැරුණු පියයුරු ඇත්ති සැපසම්පත් නොලබයි. නිතර අනුන්ගේ අඩුපාඩු සොයන්නිය. කේලාම් බස් කීමට වැඩි කැමැත්තක් දක්වන්නිය. පවුලේ සාමය, සමගිය තහවුටු නොවේ. නිතර රෝගාබාධයන්ට ගොදුරු වේ. හිතේ එකඟතාවයක් නොමැත.

පියයුරු මුල මහත්ව අග භාගය ක්‍රමයෙන් සිහින් වුයේ නම් ජිවිතයේ මුල් කාලය තුල සැප සම්පත් ලැබුණු නමුත් මැදි වයසේ සිට එම සැප සම්පත් ක්‍රමයෙන් ගිලිහි ගොස් පශ්විම යාමයේදී විවිධ දුක් දොම්නස් විඳීමට සිදුවේ.

පියයුරු ඇතා පරතරය දුරස් වුවා නම් හිතේ එකඟතාවය අඩුය. වරින් වර පදිංචි ස්ථාන මාරු කිරීමටද සිදුවේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු ඉටු නොවේ. යුගදිවිය කටුකොහොලින් ගහනය.

දකුණු පියයුරුව උස්ව පිහිටා ඇත්නම් ජිවිතයේ අන්තිම කාලයේ උසස් සැප සම්පත් භුක්ති විඳින අතර වැඩි වශයෙන් පිරිමි දරුවන් ලබයි. විවාහයේ මුල් කාලය තුල කරදර ඇති වුවත් මැදි වයසේදී යම් සහනයක් සතුටක් ලැබේ.

වම් පියයුරුව උස්ව පිහිටීම නිසා ඇය වැඩියෙන් ගැහැණු දරුවන් ලබන අතර එම දරුවෝ වාසනාවන්තයන් බවට පත් වෙති. ධන සම්පත්වලින් පොහොසත්ය.

ගෝලාකාර ප්යයුරු ඇත්තී වාසනා ගුණයෙන් හීනය. විවාහයට පොරොතුව අනියම් සම්බන්ධතා ඇති වේ. විවාහයෙන් පසුව චරිතය යහපත්ව පවත්වාගෙන යාමට අසීරුය. තම සම්පත්වලින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකි වේ.

තනපුඩු යුගලය බොහෝසෙයින් විශාලව කළුවන් පැහැයෙන් යුක්තනම් දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් ඇය උසස් සැප සම්පත් භුක්ති විඳින්නිය.

පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ. බොහෝ අවස්ථාවලදී තම මතයම ක්‍රියාවට නැංවීම උත්සහ ගනී. එබැවින් සමාජ සම්බන්ධතා බිඳ වැටේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ.

පියයුරු යුගලය බොහෝ සෙයින් පළල් වූත් පැතලි වුත් තැනැත්තියගේ ඇතැම් පැවතුම් යහපත් ආකාරයෙන් නොපවතී. එවැනි කාන්තාවෝ කටයුතු පිළිවෙලකට කිරීමට අසමත් වෙති. තැන නොතැන නොබලා කතා කරති. ප්‍රියමනාප භාවයෙන් යුක්ත නොවේ. සැප සම්පත් නොලැබේ. යුගදිවියේ සාර්ථක භාවය අඩු කෙරේ.

ඉතා කෙටි වූ පියකරු ඇත්තී නොයෙක් සටකපටකම් කරන මායාකාරී ස්ත්‍රියකි. තමාගේ අදහස් කුමන ආකාරයෙන් හෝ ඉටු කර ගනී. ඉර්ශ්‍යාවෙන්, ක්‍රෝධයෙන් හදවත පුරවාගෙන ඇත. නිතර පවුලේ අඩදබර ඇතිවේ.

ඉතා විශාල ප්‍රමාණයේ පියයුරු යුගලය අත්තියගේ කාමරාගී භාවය අඩුය. විවාහය ලාබාල අවධියේම සිදුවේ. එහෙත් එම විවාහය සාර්ථක නොවේ. අන්‍යන්ට නිතර කරදර කරන ඔවුන්ගේ අදහස් උදහස් ආදියට ගරු නොකරන ලෝභ මසුරු තැනැත්තියකි.

එක සමාන නොවූ ආකාරයේ පියයුරු වලින් හෙළිවන්නේ හිතේ එකඟතාවයක් නොමැති බවයි. එවැනි කාන්තාවෝ අන්‍යන්ට හිරිහැර කිරීමට පෙළඹේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ පෑමට සිදුවේ.

කුඩා ආකාරයේ මොළොක් පියයුරු ඇත්ති මසුරු භාවයෙන් යුක්තය. කාමරාගී භාවය වැඩි දියුණු වේ. විශේෂයෙන්ම මැදි වයසට පත් වීමෙන් අනතුරුව තම කාමරාගී භාවය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී යුග දිවිය බිඳ වැටීමට පවා ඉවහල් වේ.

මිනිසුන්ගේ චරිත ස්වභාවයන් ගැන අධ්‍යනය කිරීමේදී  ඔවුන්ගේ බාහිර ශරීර ලක්ෂණ භාවිතයට ගැනීම අතීතයේ පටන් සිදු වූවක්. එතරම් ප්‍රචලිතව නැතත්, ඉදිරිපස දත් දෙකක් අතර හිඩැස අතීතයේ පටන් විවිධ අයුරෙන් අර්ථකථනය වී තිබෙනවා. ඉන්දියාවේ පමණක් ඉදිරි දත් දෙකක් අතර හිඩැසක් ඇති මිනිසුන් මිලියනයකට වඩා සිටින බවට ගණන් බලා තිබෙනවා. ඔබ මේ දුර්ලභ මිනිසුන් අතරින් එක අයෙක් නම් මේ වීඩියෝව ඔබේ පෞරුෂත්වය වඩාත් හොඳින් තේරුම් ගන්නට උපකාර වෙයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


මේ සමහරක් කරුණු ගෙතූ බොරු ඒවා හෝ කොමෙන්ටු වැඩිපුර ලබාගැනීමට කියන ඒවා සේ පෙනිය හැකි වුවත් මේ කරුණු පසුපස විද්‍යාත්මක සත්‍යයක් තිබෙනවා. වසර තුන්දහසක් පමණ පැරණි චීන වෛද්‍ය පොතක් ආධාරයෙන් තමන්ගේ මුහුණේ ලක්ෂණ කියවීමේ ක්‍රමවේදය සොයාගත් බව හෑනර් ඇගේ පොතේ කියනවා. මුහුණේ හැඩයෙන් ඔබේ චරිත ලක්ෂණ පමණක් නොව ඔබ ජීවිතය දකින සහ ගෙවන ආකාරයත් කියන්නට පුළුවන් වීම බෙහෙවින් සිත්ගන්නා සුළුයි. ඔබේ මුහුණ ඔබේ පෞරුෂත්වය පමණක් නොව ඔබේ මුළු ජීවිතයම පෙන්වන සිතියමක් වගෙයි.පහතින් දැක්වෙන්නේ මුහුණේ හැඩයන් පහක් සහ එයින් ඔබේ චරිතය ගැන කියැවෙන රහස්. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


Powered by Blogger.