Showing posts with label Beauty Tips. Show all posts

තලෙළු සමකට උරුමකම් කියන ආසියාතික කලාපයේ කාන්තාවන බහුතරය නිතර උත්සහ දරන්නේ පවතින සමේ පැහැය වෙනස් කරගැනීමට. කොටින්ම කිව්වොත් ටිකක් සුදු වෙන්න. නමුත් සුදු වීම සහ පැහැපත් වීම කියන්නේ ආකාර දෙකක් බව ඔබ මතක තබා ගත යුතුය. එසේ සමේ වර්ණය කෙරෙහි බලපාන අපුරු ඖෂධයක් තමයි කුංකුම.

ලංකාවේදී අප කුංකුම ලෙසින් හැඳින්වුවද එහි සැබෑ නාමය Crocus Sativus හෙවත් සෆ්රෝන්ය. රුපලාවන්‍ය ආලේප නිෂ්පාදනයේදී කුංකුම භාවිතා වන බව අප දන්නවා. නමුත් එම බොහෝ නිෂ්පාදන තුල ප්‍රමිතිගත කුංකුම අඩංගු වෙනවාද යන්න සැක සහිතයි. ඊට හේතුව තමයි කුංකුම හෙවත් සෆ්රෝන් තරමක් දුර්ලභ මෙන්ම මිල අධික වීම. එම නිසා එවැනි නිෂ්පාදන භාවිතයේදී ඔබ වඩාත් සලකිලිවිම අවශ්‍යයි.

රතු රත්තරන් යනුවෙන් අන්වර්ථ නාමයෙන් ලොව පුරා හඳුන්වන්නේත්, ග්‍රෑම් 1 ක් ඩොලර් 24ක් එනම් ලංකා රුපියල් වලින් 3500 ක් වැනි මිලකට අලෙවි වන්නේත් එහි ඇති වටිනාකම නිසාමයි. කහ පැහැයෙන් සහ ලා දම් පැහැයෙන් යුත් සෆ්රෝන් මල් දෙවර්ගයක් ඇති අතර තද රත් පැහැයෙන් යුත් රේණු තමයි රුපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන්නේ. වසරකට දෙවරක් පමණක් මල් පිපෙන අතර චීනයේ වැඩි වශයෙන් වගා කරනවා. ඉතාලිය, ප්‍රංශය, සහ ඉන්දියාව වැනි රටවලද දැකිය හැකියි.

සම පැහැපත් කිරීමට හැකි අපුරු හැකියාව නිසාම මැදපෙරදිග කලාපයේ රටවල කාන්තාවන් අතරත් සෆ්රෝන් ඉතා ජනප්‍රියයි. රුපලාවන්‍ය සත්කාරයක් ලෙස සෆ්රෝන් කිරි සමග මිශ්‍ර කර පානය කිරීම සිදු කෙරෙනවා. නමුත් උෂ්ණාධික බැවින් වැඩි නිසා ප්‍රමාණය ඉක්මවා ගැනීමද හානිදායක බව අමතක කරන්න එපා.

අනුපමා හේරත්

අපි දැකල තියෙනවා ගොඩක් අය ජිම් එකට ගිහිල්ල ඇඟ හදාගන්න මහන්සි වෙනවා. හැබැයි නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කළේ නැතිනම් ප්‍රතිඵල අපතේ යනවා. නිවැරදි ක්‍රමවේදයක් වගේම මේ සඳහා කැපවීමත් අවශ්‍ය වෙනවා. ඒ කැපවීම නැති නම් මේ දේ ලඟා කරගන්න බැරි වෙනවා. ජිම් එකට ගිහිල්ල ඇඟ හදාගන්න යන කට්ටිය මේ වීඩියෝව අනිවාර්යෙන් නරඹන්න. මොකද වැරදි පිළිවෙත් අනුගමනය කිරීමෙන් ප්‍රතිඵලයක් නැතුව ඔබව වෙහෙසටම පත් වෙන එක පමණයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වීඩියෝව බලල ඔයාලටත් මේ විදියට ඇඟ හදාගන්න පුළුවන්ද කියල බලන්නකෝ.


අපගේ සිරුරේ සිහින් හැඩය පවත්වාගෙන යාමට අප නොයෙකුත් ක්‍රමවේදයන් අනුගමනය කරනවා. ඒ වගේම අවස්තානුකුලව සිහින් බව පෙන්වීමට අප ඒ ඒ විදියට ඇඳුම් පැළඳුම් අඳින්නත් පුරුදු වී සිටින බව නොරහසක්. ඉතින් ඇඳුම් ඇඳීමේදී තරබාරු කාන්තාවක් නම් මෙන්න මේ අවස්ථාවට බෙහෙවින් අසරණ වන අවස්ථා අප කොතෙකුත් දැක තියෙනවා. ඉදින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ විනාඩි දෙකෙන් කෙට්ටු බව පෙන්වන එබඳු මැජික් එකක් ගැන. ඉදින් ඔයාලගේ තරබාරු කම අඩුකරවල පෙන්වන උපක්‍රම දහයක් පිලිබඳවයි මේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


බහුතරයකට කොණ්ඩය වවාගනිමට තිබෙන්නේ පුදුම කැමැත්තක්. කේශ කල්‍යාණය ගැන බෙහෙවින්ම උනන්දු වන්නේ ස්ත්‍රී පාර්ශ්වය කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා විශ්වකර්ම අපි අද හිතුවා ඔයාලට කොණ්ඩය වවාගන්න රහස් වට්ටෝරුවක් ඔයාල වෙත ගෙන එන්න. සතියකට වරක් පමණක් භාවිතා කිරීමෙන් සහ අනෙක් දිනවල තෙල් ආලේපනයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වන අතර ප්‍රතිඵල ඔබව මවිත කරවනු නොඅනුමානයි. ඉදින් ඔයාලටත් මේක හත්හදා බලල ප්‍රතිඵල අපිත් එක්ක බෙදාහදාගන්න අමතක කරන්න එපා. ඉදින් මෙය සකසාගන්නේ කෙසේද කියල පහත ඇති වීඩියෝවෙන් ඔබටම බලාගත හැකියි.


බොහෝ වෙලාවට අපේ සිරුරේ හැඩය පවත්වා ගන්න එක අමාරු කාර්යයක්. නමුත් අවස්තානුකුලව අපට සිදු වෙනවා සුදුසු විදියට අදින්න වගේම පලදින්නත්. තරබාරු කාන්තාවක් බොහෝ වෙලාවට මෙවැනි අවස්ථා වලදී අසරණ වෙනවා. නමුත් එය එසේ විය යුතු නෑ. තරබාරු වීම අඩු කර පෙන්වන පහසු විස්මිත උපක්‍රම 10ක් මෙම ලිපියේ අඩංගු වෙනවා. මෙම උපක්‍රම අත්හදා බලන්න ඔබටම පුළුවන්.

01. පාවහන් පැළදීම.

ඔබගේ පාද වඩා දික්ව පෙනීමට සහ සිරුර සිහින්ව පෙනීම සදහා ඔබගේ සමේ පැහැයට සමාන පැහැයක් තිබෙන සපත්තු හෝ  සෙරෙප්පු භාවිතා කරන්න.ඔබේ දෙපා වල පැහැය දුබුරු, කළු තලෙළු හෝ කුමන වර්ණයේ වූවත් එම පැහැයටම සමාන සපත්තු පැලදීමෙන් පාද දික්ව පෙනීමට පටන් ගන්නවා.මෙම උපක්‍රමය නිසා ඔබේ පාද අගල් කිහිපයක් දිගෙන් වැඩිව  පෙනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ඔබගේ සමස්ත උස වැඩි වීමෙන් දේහයේ තරබාරු ගතිය අඩු වී පෙනෙනවා.

02. ප්‍රමාණයෙන් වඩා විශාල හෝ ප්‍රමාණයෙන් වඩා කුඩා ඇදුම් භාවිතා කිරීමෙන් වලකින්න.

ඔබගේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් විශාල හෝ කුඩා ඇදුම් භාවිතා කිරීමෙන් වලකින්න. ඔබ ප්‍රමාණයෙන් කුඩා ඇදුම් ඇගට තද වන සේ ඇදීමෙන් මෙන්ම විශාල ඇදුම් ලිහිල් ව ඇදීමෙන් වඩා තරබාරු පෙනුමක් ඔබට ලැබෙනවා. ඔබගේ ඇගේ ප්‍රමාණයට සමාන ඇදුම් භාවිතා කිරීමට පුරුදු වන්න.

03. නිරතුරුවම සෘජු ඉරියව් පවත්වාගන්න.

ඕනෑම කාන්තාවක් සෘජු ඉරියව් පවත්වා ගත් විට ඔවුන්ගේ පෙනුම වඩාත් යහපත් අයුරින් පෙනෙනවා.තරබාරු කාන්තාවක් නම්  එසේ සෘජුව සිටීම මගින්  ඔබගේ ඉගටිය ප්‍රදේශයද සිහින්ව පෙනීමට පටන් ගන්නවා.එමෙන්ම එසේ සෘජු ඉරියව් පවත්වාගැනීම ඔබගේ සෞඛ්යටද හිතකර වෙනවා.ඔබගේ පිටුපස කොටස සෘජුව පවත්වා ගැනීමද තරබාරු බව අඩුකර පෙන්වීමට භාවිතා කල හැකි උපක්‍රමයක් වෙනවා.

04. මුහුණ සම්බන්දව සැලකිලිමත් වන්න.

මුහුණට  භාවිතා කරන වර්ණ සහ අඩංගු රුපලාවන්‍ය මගින්  ඔබගේ මුහුණ සිහින්ව පෙන්වීමට පුළුවන්.මෙහිදී රූපයේ සදහන් පරිදි මුහුණේ කම්මුල්  සදහා අදුරු වර්ණද නළල සහ නිකට සදහා දීප්තිමත් වර්ණද යොදාගත යුතුයි. නහයේ තරබාරු බව අඩු කිරීම සදහා නාසය දෙපසද අදුරු වර්ණ යෙදීමට වගබලාගන්න.එමෙන්ම මේකප් යෙදීමේදී පළමුව තද වර්ණ ආලේප කිරීමෙන් පසුව ලා වර්ණ ආලේප කිරීම කල යුතුයි.එමෙන්ම මේකප් කිරීමේදී කඩතොළු ඇති නොවන පරිදි මනා නිමාවකින් යුතුව අවසන් කිරීමට උත්සාහ කරන්න.

05. ඔබගේ පාද වල සම මදක් අදුරු කරන්න.

ඔබ මේ සදහා පළමුවෙන්ම ඔබගේ සම ස්ක්‍රබ් එකක් ආධාරයෙන් පිරිසිදු කරන්න. පසුව  සුදුසු ක්‍රීම් වර්ගයක් භාවිතා කර සම  කිහිපවරක් මෘදුව පිරිමදින්න.ඔබගේ පාද වල දණහිස් සහ අත් වල වැලමිට ආශ්‍රිත ප්‍රදේශ ගැන සැලකිලිමත් වෙන්න.

06. ඔබට සුදුසු රෙදි වර්ගය තෝරාගන්න.

ඔබට සුදුසු වන්නේ මෘදු රෙදි වර්ගයි.සිලික් වැනි රෙදි භාවිතා කිරීමෙන් ඔබේ ශරීරයේ වඩාත් තරබාරු වී තිබෙන කලාප  කැපී පෙනීමට පටන් ගන්නවා.සිනිදු කපු රෙද්දෙන් මසන ලද ඇගට වඩාත් පහසු මෘදු රෙදි වර්ගයක් භාවිතා කිරීමෙන් ඔබගේ තරබාරු බව අනෙක් අයට එතරම් නොපෙනේවි.

07. විලාසිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

ඔබ බෙල්ල වටා සළුවක් සහිත විලාසිතාවක් කිරීමේදී ඔබගේ මුහුණ වඩාත් විශාලව සහ තරබාරු ලෙස පෙනෙන්නට පටන් ගන්නවා.හැකි තරම් ගෙල ආශ්‍රිතව නිදහසේ තබන්න. තරබාරු ඔබ තෝරාගත යුත්තේ වී හැඩයක කරක් තිබෙන ඇදුම් වර්ගයි. බෙල්ල ආශ්‍රිතව බොත්තම් දෙකක් හෝ තුනක් විවරව තබන්න. එමෙන්ම තරමක දිගින් යුතු ගෙල පළදනාවක්  භාවිතා කිරීම තුලින්ද ඔබේ ගෙලේ තරබාරු ගතිය අඩුවී පෙනෙනවා.

08. තරබාරු ප්‍රදේශ බලහත්කාරයෙන් වැසීමට උත්සාහ කිරීමෙන් වලකින්න.

බොහෝ යුවතියන් තමන්ගේ සිරුරේ අවලස්සන යැයි හැගෙන ස්ථාන සහ තරබාරු බවින් වැඩි ස්ථාන සගවාගැනීමට උත්සාහ කරනවා. නමුත් මෙම උත්සාහයේදී සිදුවන්නේ බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත ලැබීමයි. එමනිසා එම ස්ථාන වැසීමට නුසුදුසු විලාසිතා කිරීමෙන් වලකින්න.

09. කොණ්ඩා විලාසිතාව.

තරබාරු කාන්තාවන් කඩා හැලෙන කොණ්ඩා විලාසිතා සිදු කිරීම උචිත වන්නේ නෑ. මධ්‍යම දිගකින් යුක්තව, කැරලි සහිත කොණ්ඩා විලාසිතාවක් මගින් ඔබගේ මුහුණේ තරබාරු ගතිය අඩු වී පෙනෙනවා.එමෙන්ම වඩා වැඩි විලාසිතා වලින් යුතු කොණ්ඩා මෝස්‌තර ඔබට ගැලපෙන්නේ නෑ.

10. ශරීරයේ හැඩය ඉස්මතු වී පෙනෙන බාහිර  පළදනා භාවිතා කරන්න.

මෙවැනි පළදනා භාවිතා කිරීම නිසා ඔබගේ ශරීරයේ හැඩය  කෘතිමව වෙනස් වීමකට ලක් වෙනවා. එතුලින් වඩා හැඩ සිහින් සිරුරක් ඔබට ලැබෙනවා.මෙය තරබාරු කාන්තාවන්ට පමණක් නොව ඕනෑම කාන්තාවකට පැළදීමට පුළුවන්. නමුත් විශේෂ අවස්ථා වලදී හැර මෙවැනි පළදනා නිරන්තරයෙන් පැළදීම සුදුසු වන්නේ නෑ.

ඉහත සදහන් කරුණු මගින් ඔබට ක්ෂණික සිහින් සිරුරක් ලැබුනත්  ක්‍රමානුකුල ආහාර පාලනය සහ නිසි පරිදි ව්‍යායාම කිරීම තුලින් ඔබට නිරෝගිමත් සිහින් සිරුරක් ලබා ගැනීමට පුළුවන්.මෙහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ උසට සරිලන බරක් සහිත සිරුරක් පවත්වාගැනීම  මිස සිහින් සිරුරක් ලබා ගැනීමට නොවේ.ඒ සදහා කැපවීමෙන් කටයුතු කරන අතරතුර මෙම උපක්‍රම අත්හදා බැලීමට ඔබට දැන් පුළුවන්...!!!

සුදු වෙන්න කවුද අකමැති. සුදු වෙනවනම් ඕනෑම දෙයක් වෙළඳපොලෙන් අරගෙන ගා ගන්න බවට කිසිදු සැකයක් නැහැ. ඇති අතුරු ප්‍රතිඵල විඳින කොට නම් නීරස බවක් දැනෙනවා. ඉදින් විශ්වකර්ම අපි අද ඔයාලට කියා දෙන්න යන්නේ ගෙදරදීම ස්වභාවික අමුද්‍රව්‍ය මගින් තනාගන්නා විස්මිත ආලේපයන් කිහිපයක් පිළිබඳවයි. ඉදින් අපි අද කියන්න යන මේ වට්ටෝරු ඔබත් හත් හදා බලල සිදු වේ වෙනස අපත් එක්ක පවසන්නටත් අමතක කරන්න එපා. ඒ වගේම මෙම ආලේපයන් සියයට සියයක්ම ස්වභාවික නිසා කිසිම අතුරු ආබාධයක් වන්නේ නැති බව වගකීමෙන් අපිට කියන්නට පුළුවන්. එහෙනම් මේ දක්වල තිබෙන ක්‍රමවේදයන් ඔයාලත් අනුගමනය කරලා වෙනස කොහොමද කියල අත්විඳින්න. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


ආහාර පිසීමට අමතරව ලුණුකුඩු වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන රාශියක් තිබෙනවා. මහා පොලව මගින් අපිට නොමිලයේම දායාද කරන මෙම ස්වභාවික අමුද්‍රව්‍ය මගින් මිනිසුන් පිඩා විඳින දරුණු ලෙඩරෝග තත්වයන් පහසුවෙන් සුවකරගන්න පුළුවන්. ඉතින් විශ්වකර්ම අපි අද ඔබට කියාදෙන්නේ ලුණු භාවිතා කරලා ඔබගේ හිසකෙස් කළඹ ආශ්‍රිතව ඇතිවන ප්‍රධානතම සෞඛ්‍ය ගැටළු තුනක් විසඳා ගන්නා ආකාරය පිළිබඳවයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

දවසේ ඕනෑම වෙලාවක භාවිතා කරලා පුදුමාකාර ප්‍රතිපල ලබාගන්න පුළුවන් සම පැහැපත් කරන රහසක් දැනගන්න කැමතිද? මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ලෙමන් ගෙඩි බාගයක් සහ කහකුඩු ටිකක් හෝ කස්තුරි ආලේපය ස්වල්පයක් පමණයි. මෙහිදී අපි භාවිතා කරන ලෙමන්වල අම්ල ගතිය නිසා මෙම ප්‍රතිකාරය ඉර බැසීමෙන් පසුව භාවිතා කිරීම හෝ භාවිතා කළ පසුව හිරු එළියට නිරාවරණය නොවීම වඩාත් සුදුසුයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

සම මත රෝම පිලිබඳ වඩාත් සැලකිලිමත් වන්නේ කාන්තා පක්ෂයයි. ඉදින් ඉතා සුසිනිඳු සමක් බලාපොරොත්තු වන කාන්තාවන් මුහුණ පාන ප්‍රධාන ගැටළුව වන්නේ මුහුණේ සහ ශරීරයේ අනවශ්‍ය රෝම හටගැනීමයි. මේ සඳහා විවිධ කෘතීම ආලේපන භාවිතා කරත් අසාත්මිකතා සහ අතුරු ආබාධ නම් එමටයි. ඉතින් විශ්වකර්ම අපි අද හිතුවා ස්වභාවික ආලේපනයක් ඔයාලට ගෙන එන්න. සම මත ඇති අනවශ්‍ය රෝම සියල්ලම සහමුලින්ම ඉවත් කර ඔබේ සම සුසිනිඳු හා පැහැපත් සමක් බවට පත්කිරීමේ හැකියාව ඇති මෙම ආලේපනය 100%ක් ස්වාභාවිකයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

කවුද අකමැති සුදු වෙන්න. ඉතින් ඉක්මනින් සුදු වෙන්න අකමැති කවුරුත් නැහැ කියල මම හිතනවා. ඉතින් සුදු වෙන්න කියල වෙළඳපොලේ විවිධ ආලේපන ඇති බවට නොරහසක්. හැබැයි ඒ ආලේපන නොකඩවා ආලේප කර එකවරම නතරකළහොත් අත්වෙන තත්වය ඔබ නොදන්නවා විය හැක. එකවරම මුහුණ රැලි වැටීම සහ අවපැහැ ගැන්වීම වැනි දේවල් කෘතීම ආලේප එකවරම නතරකළහොත් ලැබෙන අතුරු ඵලයි. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට මේ කියන්න යන්නේ නිවසේදීම තනාගත හැකි අතුරු ආබාධ නැති ස්වභාවික ආලේපනයක් පිළිබඳවයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

විශේෂයෙන් තරුණ කාන්තාවන්ට බලපාන ගැටලුවක් තමයි ඇස් යට කළු වීම. ඉතින් මේසඳහා ඔබ මවිතයට පත් කරවන ප්‍රතිකාර ක්‍රමවේදයක් තමයි විශ්වකර්ම අපි අද කියන්න යන්නේ. පමණට වඩා නිදා ගැනීම, ජානමය හේතු, මානසික ආතතිය , අධික ලෙස සමේ සෛල ක්‍රියාකාරී වීම, ප්‍රමාණවත් නින්දක් නොලැබීම සහ රූපලාවණ්‍ය සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ගවල ඇති  ඇති රසායන ද්‍රව්‍ය වැනි හේතුන් නිසා ඇස් යට කළු වීමට පුළුවන. ඉතින් විශ්වකර්ම අපි මේ කියන්න යන්නේ ගෙදරදීම තනාගත හැකි අවපැහැ ගැන්වූ ඇස් වටා දීප්තියක් ඇති කරවන්නා වූ ඉතා සාර්ථක ක්‍රීම් එකක් පිළිබඳවයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

දවසේ ඕනෑම වෙලාවක භාවිතා කරලා පුදුමාකාර ප්‍රතිපල ලබාගන්න පුළුවන් සම පැහැපත් කරන රහසක් දැනගන්න කැමතිද? මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ලෙමන් ගෙඩි බාගයක් සහ කහකුඩු ටිකක් හෝ කස්තුරි ආලේපය ස්වල්පයක් පමණයි.

සැලකිය යුතුයි - මෙහිදී අපි භාවිතා කරන ලෙමන්වල අම්ල ගතිය නිසා මෙම ප්‍රතිකාරය ඉර බැසීමෙන් පසුව භාවිතා කිරීම හෝ භාවිතා කළ පසුව හිරු එළියට නිරාවරණය නොවීම වඩාත් සුදුසුයි.

ක්‍රමය

• ලෙමන් ගෙඩි භාගයක් ගෙන ඇට සියල්ල ඉවත් කරගන්න

• කුඩා භාජනයකට කහකුඩු පුරවාගන්න

• දැන් මේ භාජනයේ ලෙමන් ගෙඩි භාගය හොඳින් දවටන්න

• දැන් මේ ලෙමන් ගෙඩි භාගය ගෙන ඔබේ මුහුණේ විනාඩි පහක් පමණ සෙමින් මෘදුව අතුල්ලන්න

• විනාඩි දහයක් පමණ එසේ තිබෙන්නට හැර ඇල්වතුරෙන් සෝදා හරින්න

ලෙමන් විටමින් සී සහ සිට්‍රික් අම්ලයෙන් සපිරි නිසා කාලයක් භාවිතා කිරීමෙන් ඔබේ මුහුණට නැවුම් දීප්තියක් සහ පැහැපත්බවක් ලැබේවි.කහ කුරුලෑ සහ කුරුලෑ කැළැල් ඇතිවීම වලක්වන්නට උපකාරී වෙනවා.එසේම එහි ඇති විෂබීජනාශක ගුණය නිසා මුහුණේ සියුම් සිදුරු ආවරණය කරමින් සම ආසාදනයන්ට ලක්වීම වලක්වා මුහුණට නැවුම්බවක් ලබා දෙනවා.

කාන්තාවන්ගේ ඇස් යට කලුවීම සදහා විවිධ හේතු නිසා සිදුවේ. ජානමය හේතු, අධික ලෙස සමේ සෛල ක්‍රියාකාරී වීම, වයසට යාම, ප්‍රමාණවත් නින්දක් නොලැබීම, පමණට වඩා නිදා ගැනීම, මානසික ආතතිය හා රූපලාවණ්‍ය සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ගවල ඇති  ඇති රසායන ද්‍රව්‍ය වැනි නොයෙකුත් හේතු දැක්විය හැකියි. නූතන ජීවන රටාව නිසා නිදා ගැනීමට ඇති කාලය රූපවාහිනිය ඉදිරිපිට ගත කිරීමද ඇස් යට කලු වීම සදහා හේතු විය හැකියි. 

ඇස් යට කළු වීම ඉවත් කරන විවිධ නිෂ්පාදන අද වනවිට වෙළඳපොලේ පවතිනවා. නමුත් මෙහිදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ අවපැහැ වුණු ඇස් වටා  දීප්තිමත් කළ හැකි, නිවසේදීම සාදාගත හැකි ඉතා සාර්ථක ක්‍රීම් එකක්.

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය

පිපිඤ්ඤා සාරය, මින්ට් සාරය, නැවුම් කිරි, ආමන්ඩ් තෙල්

සාදන ක්‍රමය 

• පිපිඤ්ඤා හා මින්ට් සාරයෙන් සමාන ප්‍රමාණ ගෙන මිශ්‍ර කරන්න. 

• මෙම මිශ්‍රණයෙන් මේස හැඳි 2ක් භාජනයකට එක් කර ගන්න. 

• මෙයට කිරි මේස හැන්දක් එක් කරන්න. 

• ආමන්ඩ් තෙල් මේස හැඳි 2ක් එක් කරන්න.

• හොදින් මිශ්‍ර කරන්න. 

• මෙයට කෝමාරිකා සාරය මේස හැඳි දෙකක් යොදා මිශ්‍ර කරන්න. 

දැන් ඔබ සාදා ගත් ක්‍රීම් එක සෑම දිනකම නින්දට පෙර ඇස් වටා ආලේප කරන්න. පසුදින උදෑසන අවදි වන තෙක් මෙය ගල්වා තබන්න. උදෑසන සෝදා හරින්න. 

ඔබටත් තිබෙන්නේ ලප කැළැල් වලින් පිරුණු අවපැහැ ගැන්වුණු මුහුණක් නම් අද අපි මේ කියල දෙන ආලේපන තුන භාවිතා කර බලන්න. ඒ මගින් අවපැහැ ගැන්වෙන ඕනෑම මුහුණකට පැහැපත් බවක් ලබාගන්න හැකියාව තිබෙනවා.

පළමු සත්කාරය වන යෝගට් සහ මීපැණි ආලේපනය සකස් කරගන්නා හැටි අපි දැන් බලමු.

මේ සඳහා කුඩා භාජනයක් සපයා ගන්න. මේ ආලේපනය සකස් කරගැනීම සඳහා යෝගට් මේස හැන්දක්, මි පැණි මේස හැන්දක් සහ ලෙමන් යුෂ මේස හැන්දක් පමණයි.

මේ අමුද්‍රව්‍ය ටික සපයාගත් භාජනයකට දාල හැන්දක් ආධාරයෙන් ක්‍රීම් එකක් වගේ මෘදු ආලේපනයක් වන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. ඇස් අවට සහ කට අවට වගේ සංවේදී ස්ථාන වල ආලේප නොකර කම්මුල් වල නිකට සහ නළල් තලයේ හොඳින් ආලේප කරගන්න. ආලේපනය මුහුණෙන් වක්කෙරෙන්න ඉඩ තිබෙන නිසා මුහුණ උඩු අතර තිබෙන ආකාරයට පුටුවක වාඩි වී හෝ දිගාවී විනාඩි පහලවක පමණ කාලයක් සිටින්න.

පසුව මන්ද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ආලේපනය මුහුණින් ඉවත්කරගන්න. ඔබේ මුහුණ තරමක් ඇලෙනසුළු බවක් දැනෙනවා නම් face-wash එකක් භාවිතා කරන්න පුළුවන්.

යෝගට් සහ මීපැණි මගින් මුහුණේ තෙතමනය ආරක්ෂා කර දුන්නත් සංවේදී සමක් ඇති අයෙක් නම් මේ ආලේපනය භාවිතා කලොත් මෙහි අන්තර්ගත වන ලෙමන් යුෂ නිසා සමේ වියලිමක් ඇතිවෙනවා. ඔබේ සමත් වියලි සහ සංවේදී සමක් නම් මේ ආලේපනය භාවිතා කිරීමෙන් පසුව සමේ තෙතමනය ආරක්ෂා වෙන ආලේපනයක් සැලකිලිමත් වන්න. මේ ආලේපනය භාවිතා කිරීමෙන් පසුව හිරු එලියට ආවරණය වීමෙන් වලකින්න. මෙහි අන්තර්ගතවන ලෙමන් යුෂ අධිසංවෙදිතාවයක් දක්වන නිසා සම හිරු එළියෙන් පිච්චීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මේ සත්කාරය සතියට වාර තුනක් හෝ හතරක් සිදු කරන්න.

දෙවන සත්කාරය වන රෝස මල් පෙති සහ කඩල පිටි ආලේපනය සකස් කරගන්නා හැටි දැන් අපි බලමු.

මේ ආලේපනය සකස් කරගැනීමට අවශ්‍ය වන්නේ රෝස මල් පෙති පෙඟවූ ජලය මේස හැඳි දෙකක්, ලෙමන් යුෂ මේස හැඳි දෙකක් සහ කඩල පිටි මේස හැඳි දෙකක් පමණයි. ඒ වගේම ඔබේ සම සංවේදී සහ වියලිභාවයෙන් යුත් සමක් නම් කිරි මේස හැඳි දෙකක් මෙයට එකතුකර ගන්න.

මේ සියල්ලම ඝන පාප්ප තට්ටුවක් ආකාරයෙන් සකස් වන තුරු භාජනයකට දමා හැන්දක් ආකාරයෙන් හොඳින් කවලම් කරගන්න. ඇස් අවට කට අවට සහ නාසය අවට වගේ සංවේදී ස්ථාන වල ආලේප නොකර මේ ආලේපනය ඔබේ ඇඟිලි වල තවරාගෙන මුහුණ පුරා ආලේප කරන්න. ආලේපනය මුහුණෙන් වක්කෙරෙන්න ඉඩ ඇති නිසා මුහුණ උඩු අතට සිටින සේ පුටුවක වාඩි වී හෝ දිගා වී විනාඩි පහලවක් හෝ විස්සක් පමණ සිටින්න. පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදා ආලේපය මුහුණෙන් ඉවත් කරගන්න. මුහුණ තරමක් ඇලෙනසුළු බවක් දැනෙනවා නම් ඔබට face-wash එකක් භාවිතා කරන්නත් පුළුවන්.

මේ ආලේපනය මුහුණේ ආලේප කිරීමෙන් පසුව හිරු එලියට නිරාවරණය වීමෙන් වලකින්න. මෙහි අන්තර්ගතවන ලෙමන් යුෂ හිරු එලියට අධි සංවේදී බවක් දක්වන නිසා සැමට හිරු එලිය වැටීමෙන් සම පිච්චීමට ඉඩ තිබෙනවා. සතියට තුන් වතාවක් මේ සත්කාරය සිදු කළහොත් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ඔයාට දැකගන්නට ලැබෙයි.

අවසන් වශයෙන් තුන්වන සත්කාරය වන කහ කුඩු ආලේපන සත්කාරය සකස් කරගන්නා ආකාරය අපි දැන් බලමු. 

මේ ආලේපනය සකස් කරගැනීමට අවශ්‍ය වන්නේ කහ කුඩු තේ හැන්දක්, සහල් පිටි තේ හැඳි දෙකක්, සහ යෝගට් මේස හැඳි තුනක් පමණයි. මේ අමුද්‍රව්‍ය තුන කුඩා භාජනයකට දමා හැන්දක් ආධාරයෙන් හොඳින් කවලම් කර ගන්න. මේ ආලේපනය මුහුණේ ආලේප කරන අතරතුර ඔබේ ඇඳුම් වල කහ ආලේප උනොත් ඇඳුම් වල පැල්ලම් ඇතිවන නිසා තුවායක් උරහිස වටේ දමාගන්න අමතක කරන්න එපා. ඇස් අවට ඇහිබැමි අවට සහ දෙතොල් අවට ආලේප නොකර මේ ආලේපනය ඔබගේ ඇඟිලි වල තවරාගෙන මුහුණ පුරා ආලේප කරන්න. 

ආලේපනයේ අන්තර්ගත වන සමහර සංයෝග නිසා ඔබේ මුහුණේ වැඩෙන රෝම පවා පහසුවෙන් ඉවත්කරගන්න පුළුවන් වේවි. පසුව මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ආලේපනය මුහුණෙන් ඉවත් කරගන්න. මුහුණ තරමක් ඇලෙනසුළු බවක් දැනෙනවා නම් කලින් වගේම ඔබට face-wash එකක් භාවිතා කරන්න පුළුවන්.

සමේ අඳුරු ලප කැළැල් බොහෝ දෙකෙන්ට බහුලව ඇති ප්‍රශ්නයක්. මෙය ඉතා අශෝභනයි. බොහෝ අය උත්සහ ගන්නවා මෙම ප්‍රශ්නය විසඳගන්න. මේවා සාමාන්‍යයෙන් බෙල්ලේ, කිහිලිවල, හා කලවා ඇතුලත දක්නට ලැබෙනවා. විවිධ හේතු මෙයට බලපාන්න පුළුවන්. ප්‍රමාණවත් පරිදි බෙල්ල ප්‍රදේශය පිරිසිදු නොකිරීම, හිරු කිරණට නිරාවනරණය වීම ජානමය ගැටළු, දියවැඩියාව ඉන් කිහිපයක්. සමේ මේ අඳුරු පැහැය ඉවත් කරගන්නා ක්‍රමවේදයක් තමයි විශ්වකර්ම අප අද කියන්න යන්නේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

ඔබේ ශාරීරික පරිවෘතිය ක්‍රියාවලිය මන්දගාමී නම් ශරීරයේ බර වැඩිවීමට සහ උදරය ඉදිරියට නෙරා ඒමට වැඩි ඉඩකඩක් තිබෙන බව හොඳින් මතක තබා ගන්න. විශ්වකර්ම අපි අද ඔබව දැනුවත් කරන්නේ මන්දගාමී වී තිබෙන එම පරිවෘතිය ක්‍රියාවලිය දවස පුරාවටම වේගවත් කරන සාර්ථක ස්වභාවික ප්‍රතිකර්මයක් පිළිබඳවයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

කොණ්ඩය දිගට වැවෙන්නේ නැති එක, තට්ටය පෑදෙන එක කොයි කවුරුත් මුහුණ පාන ගැටළුවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ පුදුම සහගත ලෙස කොණ්ඩය දිගට වවාගන්න පුළුවන් වට්ටෝරුවක් පිළිබඳවයි. ඉතින් පහතින් දැක්වෙන වීඩියෝවේ දැක්වෙන අයුරින් ඔබට මෙය පහසුවෙන් සාදා ගත හැකි වන අතර ප්‍රතිඵල අපට කියන්නත් අමතක කරන්න එපා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

කළු පැහැති තොල් නිසා ඔබ පිඩා විඳින බව අමුතුවෙන් කිව යුතු නැත. විවිධ ආලේපන මගින් ඔබට සෙතක් වුයේ නැති තරම්. එසේ නම් විශ්වකර්ම අපි ඔබට ගෙන එන්නේ ඔබ මවිතය දනවන කරුණක්. නා දළු වන තොල් පෙති වලට උරුමකම් කියන්නට ඔබටත් වරම් මෙමගින් හිමිවනවා නොඅනුමානයි. මෙය විශේෂයෙන්ම අපේ කාන්තා රසිකයන් සදහා වුවත් පිරිමි ඔබටද පාවිච්චි කරන්නට පුළුවන්. කෘතිම ආලේපන වෙනුවට මෙම ස්වභාවික ඖෂධ පාවිච්චි කිරීම සෞඛ්‍යට වගේම සාක්කුවටත් වාසි ගෙනයි. අතුරු ආබාධ නැත. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

නීරෝගිමත් දිගු කෙස් කලඹකට හිමිකාරියක් වෙන්නට ඇත්නම් එය කෙතරම් වාසනාවන්තද? එහෙත් ලස්සන දිගු කෙස් කලඹකට හිමිකම් කියන කාන්තාවන් අද ඉන්නේ කීයෙක් කී දෙනාද? බොහෝ විට අපට අසන්නට ලැඛෙන්නේ විවිධ හේතු කාරක නිසා විවිධ රෝග තත්ත්වයන් නිසා හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට හානිකර බලපෑම් ගෙන දී ඇති ආකාරයයි. Youtube ඔස්සේ නැරඹීමට මෙතන ක්ලික් කරන්න.


බර වැඩි බව සහ බඩ ඉදිරියට නෙරා ඒම කොයි කවුරුත් මුහුණ පාන ගැටළුකාරී තත්වයක්. විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ගොඩක්ම අමුතු ක‍්‍රමවේදයක් ගැනයි. අවුරුදු දහයක කාලයක් තිස්සේ කුකුට්සි කියන ජපාන වෛද්‍යවරයෙක් බර අඩු කරගැනීමේ අරුම පුදුම ව්‍යායාමයක් ජපන් වැසියන්ට හඳුන්වා දී තිබෙනවා. Youtube ඔස්සේ නැරඹීමට මෙතන ක්ලික් කරන්න https://goo.gl/ipkjdd


Powered by Blogger.