Showing posts with label Ayurvedic. Show all posts

ශ්‍රීලාංකික අපිටම අනන්‍ය වූ ආයුර්වේදයක් පවතිනවා. එවැනි අතිශය වටිනා උපදෙස් පිලිපැදීමෙන් තොරව කිරිපිටි පානයෙන් අස්ථි වර්ධනය බලාපොරොත්තු වන ඔබට අපි මේ ලිපියෙන් සත්‍ය වශයෙන්ම අස්ථි ආබාධ වලින් වැළකෙන හැටි කියාදෙන්නම්.ඇට මිදුළු දිරා යාම නිසා ඇතිවෙන ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් මෙන්ම අස්ථි බිදී යාම සහ අස්ථි අවට කාටිලේජ් වල දුර්වලතා වැනි රෝගාබාධ රාශියක් ඇති වෙනවා.අවුරුදු 30-40 අතර මෙන්ම ඊටත් අඩු වයසේ පිරිස් පවා අස්ථි ආශ්‍රිත රෝගාබාධ වලට දරුණු ලෙස මුහුණ දී සිටිනවා.හොද ඉරියව් පවත්වා ගැනීමටත් ශරීරයේ සමබර බව සදහාත් හෘදය සහ අක්මාවේ මෙන්ම පෙනහළු,මොළය,වකුගඩු ස්නායු පද්ධතියේ ආරක්ෂාව සදහාත් අස්ථි පද්ධතිය අත්‍යාවශ්‍ය වෙනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


පැරණි සිංහලයා වේදනාව සමනය සඳහා විවිධ ඖෂධ භාවිත කළහ. බාහිර ආලේපන, දුම් ඇල්ලීම, තැවීම ආදිය සිදු කළහ. එහෙත් අද කාර්යබහුල සමාජයේ එවැනි කාර්යයන් සඳහා වේලාවක් සොයා ගැනීම අපහසුය. හිසේ කැක්කුමට සුදුහඳුන් හෝ අබ පැලැස්තරයක් දැමීමට එදා ගැමියෝ හුරුව සිටියහ. එහෙත් අද ලේසියටත් පහසුවටත් වේදනා නාශක තිබේ. වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට නිල ප්‍රතිකාර භාවිත කළ හැකිය. ක්ෂණික ඉතා පහසු තමන්ටම කරගත හැකි නිල ප්‍රතිකර්ම රාශියක් තිබේ. එයින් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයට හානියක් හෝ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට හානියක් සිදු නොවේ. කොත්තමල්ලි වෙනිවැල්ගැට ටිකක් තැම්බෙන තුරු ඉන්න බැරි නම් ඒ වෙනුවට භාවිත කළ හැකි නිල වෙදකම හඳුනා ගනිමු. මිනිස් සිරුරෙහි නිල ස්ථාන රැසකි. ඉන් ස්ථාන බොහෝමයක්ම එදිනෙදා දිවියෙහි ඇතිවන වේදනා සමනයට භාවිත කළ හැකිය. 

- ඔබට තද හිස කැක්කුමක් ඇතිනම් ඇහි බැමි දෙක අතර ප්‍රදේශය මෘදුව තෙරපන්න. ඖෂධීය තෙල් භාවිත කරමින් තෙරපීම වඩාත් ප්‍රතිඵල දායකය.

- ඔබට පීඩා කරන දත් කැක්කුමක් හෝ කන් කැක්කුමක් හෝ තිබේ ද? නිකට හා යටි තොල අතරමැද මෘදු ලෙස තෙරපීමෙන් ඒ වේදනා සියල්ල සමනය කර ගැනීමට හැකිය.

- කාන්තාවන් පීඩා විඳින මාසික වේදනාව සමනය කර ගනිමින් පහසුවෙන් සිටීමට කැමැති ද? එසේනම් අතේ දබරගිල්ල සහ මාපටගිල්ල අතරමැද ප්‍රදේශය වක්‍රාකාරව මෘදුවට මදක් වේලා තෙරපමින් සිටින්න. නොසිතූ තරම් ඉක්මනින් ඔබේ අපහසුතා සමනය වී යයි.

- ඔබ ගිල දමන වේදනා නාශක පෙත්තක් රුධිරයට උරාගෙන ස්නායු පද්ධතිය දැනුවත් කොට වේදනාව සමනය කිරීමට යම් වේලාවක් ගතවිය හැකිය. එහෙත් නිල තෙරපීමෙන් වේදනා සමනය ක්ෂණිකව සිදුවේ.

- කාර්යාල සේවයෙහි නිරත වූවන් මෙන්ම කරබාගෙන වැඩ කරන බොහෝ දෙනෙක් බෙල්ලේ සහ උරහිස් හි වේදනාවන්ගෙන් පීඩා විඳිති. ඒ සඳහා උරහිස් දෙක හා ගෙල අතර හරි මැද ප්‍රදේශයෙහි ඇති විශේෂිත නිල ස්ථානය මෘදු ලෙස තෙරපීම කළ යුතුය. ඉන් ලැබෙන සුවය ක්ෂණිකය.

- නිල තෙරපීම හේතු කොටගෙන ස්නායු පද්ධතියේ සහ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූල වෙයි.

- ශරීරයේ විවිධ ස්ථානවල ඇති නිල බාහිරව තෙරපීම මඟින් මොළයට අවශ්‍ය රුධිරය නිසි ලෙස සම්පාදනය වේ.

- මිනිස් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වයට, රුධිරයේ මේද පාලනයට ද පළපුරුදු වෙදැදුරෝ අවශ්‍ය අවස්ථාවන් හිදී නිල තෙරපීම සිදු කරති.

- ඔබේ දෙපා දිගේ දිවයන වේදනාවක් සමනයට කළ යුත්තේ කොඳුනාරටියේ තුනටිය ප්‍රදේශයේ ඇති නැම්මේ හරි මැද නිලය මෘදු ලෙස තෙරපීමයි. තෙල් ස්වල්පයක් ආලේප කරමින් මාපටඟිල්‍ල ආධාරයෙන් කොඳු නාරටිය දෙපසට තෙරපීම මඟින් ද දෙපා දිගේ දුව යන වේදනාව සමනය කරගත හැකිය.

- සිරුරේ ඕනෑම ස්ථානයක ඇතිවන තදබල වේදනාවක් සමනයට විලුඹට මදක් ඉහළින් බලනහරය මත සිදු කරන මෘදු තෙරපීමකට හැකියාව ඇත.

- බොහෝ රෝග සමනය කරමින් සිරුරේ ඇතිවන වේදනාවන් දුරු කිරීමට දණහිසට වියතක් පහළින් ජංගාස්ථිය සහ අනු ජංගාස්ථිය අතර (ශරීරයේ පිට පැත්තෙ) ඇති නිලය යොදාගත හැකිය. එම නිලය නිසි ලෙස හඳුනාගෙන තෙරපීම මඟින් දීර්ඝායුෂ ලබා ගැනීමට ද අවස්ථාව ඇත.

- ඔබේ අත්පාවල හිරියක් ඇත්නම් දෑතේ සහ දෙපයේ ඇඟිලි අග ඇති නියකන්න මඳක් තෙරපීමෙන් එය සමනය කර ගැනීමට උත්සාහ කර බලන්න.

- යටි පතුලේ සහ අත්ලේ නිල ස්ථාන රැසක් ඇත. එම ස්ථාන නිසි ලෙස හඳුනාගෙන තෙරපීම මඟින් සි‍රුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් උද්දීපනය කළ හැකිය.

- දෑතින් රෙදි සේදීම ද, පාවහන් නැතිව මිදුලේ ඇවිද යාම ද නිලස්ථාන තෙරපීමකි. දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනයට මැටි වැලි අනමින් සෙල්ලම් කිරීමට ඉඩ සලසා දීම ද මිදුලේ දුව පැන නැටීමට අවස්ථාව සලසා දීම ද කළ යුතු ය.

- රුධිර පීඩනය පාලනයට හා මානසික ආතතිය දුරුකර ගැනීමට ද දෙපාවල ඇඟිලි දිගේ විලුඹ දිශාවට තෙරපීම මඟින් හැකියාව ලැබේ.

- අකලට හිසකෙස් පැසීම හා අකලට කෙස් වැටීම නවතා ගැනීමට ද හිසේ වේදනා සමනයට ද හිස මුදුණේ වන නිල ස්ථාන සමත්ය. එබැවින් දිනකට කිහිප වර හිස පිරීම මඟින් එම නිල උත්තේජනය කර ගැනීමට හැකියාව ඇත.

- අපේ පැරැන්නෝ අලුත උපන් බිලිඳුගේ නාසය පිරිමදිමින්, කන්පෙති සකසමින් නළලත හා දෙපා මෘදු ලෙස පිරිමදිමින් ශරීරයෙහි අභ්‍යන්තර ඉන්ද්‍රියයන් උත්තේජනය කළහ. දඟ කරන දරුවන් ළඟට ගෙන කන් පෙති අත ගාමින් සිටියහ. දරුවන්, හා පැටවුන් සේ සන්සුන් කිරීම කන්පෙති වටා ඇති නිල ස්ථාන තෙරපීම මඟින් කළ හැකිය.

- මහලු වියේ සිටින අයගේ වේදනා සමනයට ද තෙල් ගා දෙපා පිරිමැදීම පිට පිරිමැදීම කළහ. ඉන් දුබල වූ අභ්‍යන්තර ඉන්ද්‍රියන් කාර්යක්ෂම වේ.

- වේදනාවක් කැක්කුමක් හැදුණු විට බෙහෙත් පෙති සොයා අල්මාරි අත්බෑග් පිරික්සීම අතහැර, ඔබේ සිරුරේ ඇති නිල ස්ථාන හඳුනාගතහොත් වේදනා නැසීම පමණක් නොව දීර්ඝායුෂ විඳීමට ද ඔබට පුළුවන.

වසර හාරසියයක් පමණ පැරණි කුරුනෑගල ගැට්ටුවානේ වෙද පරම්පරාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය වසන්ත උදයජිව මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උපාධිධරයෙකි. ආතරයිටිස් හෙවත් ආම වාතය, අංශභාගය, පිළිකාව ඇතුළු රෝග ගණනාවක් සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇති ඔහු ආත්‍රයිටිස් රෝගය සම්බන්ධයෙන් වයඹ පළාතේ සිටින හොඳම ආයුර්වේද වෛද්‍යවරුන් අතරින් කෙනෙකි.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය සඳහා අද ඔබ අපට දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - දේවදාර, තිප්පිලි, පත්පාඩගම්, රසකිඳ, බෙලි මුල්, ඇත්දෙමට මුල්, පාවට්‌ටා මුල්, අරත්ත අල, සුදුලූනු, උළුහාල්, සූදුරු, මහදුරු, කලං එක බැගින් ගෙන වතුර කෝප්ප අටක දමා, එය කෝප්ප එකට සිඳුවා, සීනි මී පැණි දමා උදේ සවස පානය කළ යුතුයි. දින 12 ක්‌ මෙය පානය කළාම සන්ධි වේදනාව, සන්ධි ඉදිමුම යනාදිය පහව යනවා.

ප්‍රශ්නය - මෙහි තිබෙන ඖෂධ වර්ග ශරීරය කෙරෙහි බලපාන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - දේවදාර ගස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ Cedrus deodara කියන නමින්. ඉන්දියානු අර්ධද්වීපය සහ රුසියානු කලාපයට ආවේණික බවක්‌ මෙහි තිබෙනවා. දේවදාර යන වචනයේ තේරුම දිව්‍යමය ගස කියන එකයි. මළ බද්ධය, ආම දොaෂ. දිවා කාලයේදී නිදිමත හට ගැනීම, කල් පවතින ඉක්‌කාව, උණ, ලේවල හටගන්නා දෝෂ, දියවැඩියාව. පීනස, කැස්‌ස, ඇඟ කැසීම, වාත දොaෂ යනාදියට දේවදාර ගසේ කොටස්‌ ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නවා.

තිප්පිලි - Piper longum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තිප්පිලි ආයුර්වේදයේ ආරම්භයේ සිටම පාවිච්චි කෙරන ඖෂධයක්‌. ක්‍රි. පූ. 5 වැනි සියවසේදී ඉන්දියාවෙන් ගෙනා තිප්පිලි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක්‍රටිස්‌ විසින් ගී්‍රසියට ගෙන ගොස්‌ ඖෂධයක්‌ ලෙස හඳුන්වා දුන්නා. උණට, සෙම්ප්‍රතිශ්‍යාවට, කැස්‌සට, ඉතාම හොඳ ඖෂධයක්‌ ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එසේම පෙනහළු ආබාධවලටත්, ආහාර දිරවීමටත් රාත්‍රි කාලයේදී නින්ද නොයැමටත්, ආත්‍රයිටිස්‌ රෝගයටත් ප්‍රතිකාර කිරීමේදී වසර දහස්‌ ගණනක පටන් තිප්පිලි යොදා ගත්තා. මෙය දියවැඩියාවටත් ගුණ දෙනවා.

පත්පාඩගම් - සෙම් රෝග සමනයට ඉතාම සුදුසුයි. 

ඇත්දෙමට - මෙය තම්බා බීමෙන් ආහාර රුචිය ඇති වෙනවා. මළ බද්ධය. අර්ශස්‌ සුව කිරීමට මෙය ඖෂධයක්‌ වශයෙන් යොදා ගන්නවා. මේ මගින් මුත්‍රා අඩස්‌සියටත් ඖෂධයක්‌ තනනවා. ආම වාත රෝගයට හා උණට ඉතාම ශුභයි.

අරත්ත - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Alpinia calcarata යන්නයි. කප සහ වාත දොaෂ සඳහා ඉතාම ගුණදායක ඖෂධයක්‌. ඉඟුරු කුලයට අයත් ශාකයක්‌.

(මෙම වට්‌ටෝරුවේ ඇති සෙසු ඖෂධවල උද්භිත විද්‍යාත්මක සහ ඖෂධීය විස්‌තර ඉකුත් සතිවල මේ පිටුවේ පළ වූ ලිපිsවල අන්තර්ගත විය.)

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

දිවයින

දෙළුම් කියන්නේ අනෙක් පලතුරුවලට වඩා රසයෙන් හා බාහිර පෙනුමෙන් වෙනස් පලතුරක්. මරණ මංචකයේ සිටින කෙනකුට මෙය අනර්ඝ ඖෂධයක්. ටිකක් විතර මිල ගණන් වැඩි වුණත්, එහි පවතින සුවිශේෂී ගුණ සමුදාය මිල පරදනවා. සායනික පෝෂණ අමෙරිකානු සඟරාවෙහි දෙළුම් ප්‍රතිඔක්සිකාරක ගුණය අතින් අනෙක් පලතුරුවලට වඩා ඉහළ ගුණයක් ඇති පලතුරක් බව දක්වා තිබෙනවා. අමෙරිකාවෙහි පෝෂණ විද්‍යාඥයන් කළ පර්යේෂණවලදී, කොලෙස්ට්‍රරෝල් වැළඳී ඇති රෝගීන්ට මෙය වඩාත් ගුණදායක බව සොයාගෙන තිබෙනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

අඩි 10 ක් පමණ උසට වැඩෙන අතු බෙදී යන නික ශාකය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන අතර බහුලව වැවෙන්නේ වියළි කලාපයේය. මේ ශාකයට හිර එළිය අත්‍යවශ්‍යය. නික ඖෂධීය ශාකයකි. කොළ, මුල්, පොතු, මල්, ඖෂධ ලෙස භාවිතා කරයි. ආයුර්වේද වෙදකමෙහිත් පාරම්පරික වෙදකමෙහිත් ඉතා අගනා ඔසුවක්‌ ලෙස නික ශාකය හඳුන්වයි. ශරීරගත සියලුම රෝග උදෙසා මේ නික දළු බොහෝ දුරට උපයෝගි කර ගනී. මෙහි අගය දන්නේ ඉතා ස්‌වල්ප දෙනකි. ලංකාවේ සියලුම ප්‍රදේශවල මෙම පැළැටිය ඉතා සරු ලෙස වැඩේ. ඉන් වැඩිදුරට හිතකර වනුයේ වියළි ප්‍රදේශය. ඉතින් විශ්වකර්ම අපි අද කතා කරන්න යන්නේ විවිධ රෝගවලට නික කොළ භාවිතා කරන අන්දම ගැනයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

එඬරු හෙවත් එරඬු කියූ පමණින් අපට සිහිවන්නේ ආයුර්වේද ඖෂධයකි. එහෙත් ශාක පිළිබඳව පවත්වන ලද පරීක්ෂණවලට අනුව ලෝකයේ පවතින විෂ සහිත ශාක අතරට එඬරු ශාකයද අයත් බව ඔබ දැන සිටියාද? එඬරු විෂ වී මිය ගිය පුද්ගලයන් පිළිබඳව අසා නොතිබුණත් එඬරු බීජ 2 - 6 ප‍්‍රමාණයක් ශරීරගත වුවහොත් මරණය පවා ගෙන දිය හැකි බව පරීක්ණ වලින් හෙළි වී ඇත.බොහෝ විට එඬරු හෙවත් එරඬු ශාකය ගෙවතු වල පාරවල් අසළ බහුලව දැකිය හැකිය. තෙල් එඬරු (බෙහෙත් එඬරු), වැට එඬරු වශයෙන් එඬරු වර්ග දෙකක් දක්නට ලැබේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

මධුමේහය නොහොත් දියවැඩියාව අද ශ්‍රී ලංකාවේ  බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ සීග්‍රයෙන් ප්‍රචලිතව පවතී. නමුත්  සීනි  මෙන් දියවැඩියා රෝගීන් කෙරෙහි කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොකරන සීනිවලට සාපේක‍ෂව  තුන්සීයක් හාරසියක් තරම්  ප්‍රමාණාත්මක ප්‍රණීත ගුණයකින් යුතු රසවත්කමින් පොහොසත් ස්වභාවික ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ කොළ හෙවත් පත්‍ර වියලා කුඩුකර  සිනි මෙන් භාවිතයද (පවුඩර්) එම ශාකයේ කොළවල සාරය මිරිකා පෙරා ගැනීමෙන්  දියර වශයෙන්ද භාවිතා කල හැකිය.


බොලිවියා රාජ්‍යය නිජබිම කරගත් දකුණු ඇමරිකා රටවල දක්නට ඇති මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගාකර  සීනිවෙනුවට භාවිතා කරන ස්වභාවික ආදේශකයක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා  එම ශාක වගාකර පැල අලෙවිය සිදුකරන තරුණ යුවලක් කෑගල්ල ගනේතැන්න ප්‍රදේශයදී අපට හමුවිය.


කෑගල්ල ගනේතැන්න ප්‍රදේශය පදිංචි කෙනත් කිරිවන්දෙණිය මහතා සහ ඔහුගේ බිරිඳවන කේ. එම්.ඩබ්ලිව්.එන්.ද සිල්වා ආයුර්වේද වෛද්‍යවරියද ස්ටෙවියා රිබදූනියා බර්තෝනි ශාකය වගාවක් වශයෙන් සිදුකර සීනි මෙන් භාවිතය සහ එම ශාකයේ පැල අලෙවි කරන්නීය.


මේ පිළිබඳව අප එම දෙපලගෙන් විස්තර විමසූ අවස්ථාවේ ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු  සහ ව්‍යාපාරික වගාකරුවෙකු වන කෙනත් කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසුවේය. ඔහුගේ  දුරකථනය - 077-077-89-30


අප මෙම ‘ස්ටෙවියා රිබදනියා බර්තෝනි‘ ශාකය වගාකිරීමට යොමුවූයේ අහම්ඛෙන් වුවත් අපට ඒගැන විස්තර මුලින්ම කීවේ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරෙක්. ඔහු අපට පැල කීපයක්ද  දුන්නා. අපට එම පැල වර්ධනයවූ පසුව අතු වලින් තවත් පැල ව්‍යාප්තිය සිදුකරගන්නට හැකිවුණා. මෙවර සිංහල අලුත් අවුරුද්දට අපි වැලිතලප හැදුවේ මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාඛයේ  කොළ මද පවනේ වියළිමෙන් පසුව බ්ලෙන්ඩරයක් මගින් ඇඹරීමෙන් ලබාගත්  පිටිවලින් යැයි ඔහු අප සම`ග පැවසුවේය.


‘මේ ශාකයේ කොළ සාමාන්‍ය තෙත් වියළි පරිසරයක මඳ පවනේ ස්වභාවික හිරුඑලියට විවෘත තැබීමෙන් වියළා ගත හැකියි. එසේ එම කොළ වේළාගැනීමෙන් පසුව තරමක් තදවියළි කොළ පැහැයට පැමිණි පසුව ගෘහස්ථ පරිසරයේදීම සරල ක්‍රමයකට අඹරා කුඩුකර පිටි බවට පත් කරගැනීමෙන් පසුව සීනි මෙන්  එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකියි.  තේ සහ වෙනත් පලතුරු බීම වැනි රසවත් පාන වර්ග සඳහාත් පැණි රස කෑම වර්ග රසකැවිලි ආදියට සීනී වෙනුවට යොදාගත හැකි කදිම ස්වභාවික ආදේශකයක් බව මේ පිළිබඳව විස්තර කළ ඔවුහු කීහ.


ජපානය ඕස්ට්‍රේලියාව චීනය ජර්මනිය ඉන්දියාව නවසීලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල වෙළඳෙපාළේ  මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොළ නොහොත් පත්‍රවලින් ලබාගන්නා වියළිකුඩු නැතිනම් පවුඩර් මිශ්‍රනය හෝ එම ශාකයේ  පත්‍රවලින්  සාදාගත් දියරය සීනි ආදේශකයක් වශයෙන්  ගෙන පානීය බීමවර්ග රසවත් කෑම ටොපි සහ එවැනි රසකැවිලි වර්ග නිෂ්පාදනයේදී රසකාරකයක් වශයෙන් භාවිත කරයි.


ජපානය වැනි රටවල බොහෝ සෙයින් භාවිතාවන මෙය එරට වෙළඳ පොළේ සීනි වෙනුවට භාවිතා කරන ආදේශක රසකාරකයක් වශයෙන් අලෙවියද සිදුකරයි. ඇතැම් රටවල් සිනි වෙනුවට රසකාරකයක් වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද සිදු කරනු ලබයි. දන්තාලේප සහ සමහර සූකිරි වැනි දේවල් සහ ඖෂධ වර්ග නිෂ්පාදනයටද මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ වියළි කොළවලින් ලබාගන්නා කුඩු හෙවත්  පවුඩර් හෝ පැණිරස දියරය සමහර රටවල් විසින්  යොදාගනු ලබයි


මේ පිලිබඳව වැඩිදුර විස්තර සීනි හා සාපේක‍ෂව කෙතරම්දුරට මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ භාවිතය ව්‍යාප්තිය සහ ගූණාත්මක බව සම්බන්ධව විද්‍යාත්මක විස්තරයක්  එවන් දේ පිළිබඳ ප්‍රමාණික සහ විද්‍යාත්මක දැනුමක් ඇති කෘෂි විද්‍යා මහාචාර්ය පියල් මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මේ සම්බන්ධ තෙරතුරු ඉදිරිපත් කලේ මෙසේය


අඩි හයක් පමණ උසැති මේ ශාකයේ කොළ දීප්තිමත් තද පැහැයක් ගනියි. stevia rebaudiana bertoni යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය කොලවල ඇති පැණි රස නිසාම එය මෙරට උදවිය පැණි පලා යයි හඳුන්වන නමුත් මෙය අපගේ දෙAශීය ශාකයක් නොවන නිසා වඩාත් උචිත වන්නේ ඊට හිමි විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වීමයි. මෙම ශාකය සූරියකාන්ත කුලය ශාක ප්‍රභවයකි. ඉංග්‍රිසියෙන් සුගර්ලීෆ් ස්වීට්ලීෆ් යනුවෙන්ද හින්දි බසින් මධුපත්‍රී, ශත පත්‍ර වශයෙන්ද සංස්කෘත බසින් සෞම්‍ය ගන්ධ නමින්ද හඳුන්වයි.


මෙහි ඇති සුවිශේෂිතාව නම් සීනිමෙන් මිනිස් සිරුරට අහිතකර නොවීම සහ සීනි වලට සාපේක‍ෂව තුන්සියයක් හාරසියයක් වරක් පමණ ප්‍රණිත රසයෙන් අනූනවීමයි.


දකුණු ඇමරිකා  රටක් වන බොලීවියා රාජ්‍යය මෙම ශාකයේ නිජබිම වශයෙන්  හැඳින්විය හැකියි. නිවර්තන හෙවත් උෂ්ණ කලාපීය රටවල ව්‍යාප්තිය සහිත මෙම ශාකය වගාකිරීම සිදුවන්නේ අතු කැබලි සහ බීජ මගිනි. වගාව සඳහා වඩා ඵලදායක වන්නේ අතුකැබලි මගින් පැල බෝකරගැනීමයි. බීජ ව්‍යාප්තිය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙන අසීරු දුෂ්කර කාර්යයකි. ත‍ම් ස්ටෙවියා ශාකය වගා කිරීමට යෝග්‍ය වන්නේ වැලි සහිත ජලවහනය හොඳින්   සිදුවන ලෝම පසයි. වගාබිම් සඳහා යෝග්‍ය පසේ පී එච් අගය 6.5 ත් 7.5  අතර වෙයි. මෙම ශාකය මල් කොළ ආදිය  විවිධ රටවලදී සුළුවශයෙන් වෙනස්කම් සහිත  ස්වභාවයක් දැකිය හැකියි.


වගාකරන ඇතැම් රටවල් පටක රෝපණය මගින් ලබාගන්නා පැලද වගා කරනු ලබයි ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ ශාක විශේෂ වර්ග 240 ක් පඹණ ලොව පුරා ව්‍යාප්තව පවතී. එයින් ශාක ප්‍රභේද 90ක් පමණ විවිධ වූ දේශගුණික තත්වයන් යටතේ වගාකළ හැකියි එම ප්‍රභේද අනුවර්තනයවී ඔරොත්තුදී වර්ධනයවීමේ හැකියාවෙන් යුතුයි. දීර්ඝ කාලීනව  කළ පර්යේෂණ මගින් මෙසේ ශාක ප්‍රභේද එකිනෙකට වෙනස් දේශගුණි තත්වය්ට සුදුසු අයුරින් වැඩිදියුණුව ඇත


සාමාන්‍යයෙන් උතුරු පැරගුවේ වගා බිමක අස්වැන්න නෙළීම වසරකට තෙවරක් හෝ සිවු වරක් සිදුකරනු ලබයි. අතු කැබලිවලින් පැළ ලබාගැනීමේදී කපාගත් අතු කැබලි කැපූ දින සිට දින 25ක් -30 ක් ඉක්මයානොදී සිටුවීමන් හොඳින් වර්ධනය වන පැළ ලබාගත හැකියි. පැළ ලබාගැනීමට අතු කැපීමට සුදුසු කාලය වන්නේ පෙබරවාරි මාර්තු මාසයන්හිදීය.


මේ ශාකයෙA මල් හටගැනීම නොවැම්බර් මාසයදී ආරම්භවේ. ඉතා කුඩා නමුත් ප්‍රිය උපදවන පෙනුමක් ඇති ලා දම් පැහැයට හුරු සුදු පැහැ මලක් දකින්නට හැකිවෙයි


මුල් කාලීනව ලතින් ඇමරිකා  වැසියන් තම ආගමික විශ්වාස ඇදහිලි චාරිත්‍රවලදී පූජාවන් සඳහා මේශාක කොටස් යොදාගෙන ඇත.  යනුවෙන් මේ පිලිබඳව බොහෝ දුරට  විස්තර කළ මාරසිංහ මහතා පැවසුවේය


 දකුණු ඉන්දියාවේද කෝවිල්වල ගණ දෙවියන් උදෙසා පූජා පැවැත්වීමේදී මේ ශාකය ප්‍රයෝජනයට ගනු  ලබන බව වාර්තාවේ.  ඔසු ගුණය සම්බන්ධව එතරම් විද්‍යාත්මකව සනාථවූ ප්‍රබල සාධක නොවූවත් විවිධ රටවල  පාරම්පරික සම්ප්‍රදායික ප්‍රතිකර්මවලදී ඖෂධ වශයෙන් භාවිතා කරයි. ඒ අනුව චීනය ජපානය ඇතුුඵ ලොව රටවල් බොහොමයකදී දියවැඩියාව සහ අඩු රුධිර පීඩනය ඇති රෝගීන්ගේ රුධිර පීඩන තත්ව ක්‍රමවත් කිරීමේ ගූණයක් ඇතිබව මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව අන්තර්ජාල තොරතුරුවලින් කියවේ. එසේම සමේ රෝග තත්වයන් වැලැක්වීමටත් දත්මුල් ඉදිමීටද මෙය ආරක‍ෂණ ගුණයකින් යුතු විශේෂ ඔසුවක් බවටද විවිධ රටවලින් වාර්තාවී ඇත


වටිනා ආහාර නිෂ්පාදනයක් වශයෙන් මේ සීනි ආදේශක ස්ටෙවියා රිබදූනියා බර්තෝනිහි වටිනාකම 2006 වසරදී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට හා අවධානයට යොමුව ඇත. 2012 වසරදී සීනි ආදේශක රස කාරක ගුණයකින් යුතු නිෂ්පාදනයක් වශයෙන් බටහිර රටවල සුපිරි වෙළඳ සංකීර්ණයන්හි අලෙවිය ආරම්භ විය.


ලංකාදීප ඇසුරිනි

ප්‍රරශ්නය - සුදු කබර රෝගය පිළිබඳව අප දරණ මතය මෙයයි. මේ රෝගය සුව වූ අය ඒ බව අන් අයට කියනු ඉතා දුර්ලභයි. මෙයට හේතුව මේ රෝගය තමන්ට තබුණබව සෙස්‌සන් දැන ගන්නවා ඔවුන් තුළ ඇති අකමැත්තයි. මේ නිසා Vitiligo යනුවෙන් හඳුන්වන මේ චර්ම රෝගය පුවපත් කර ගත හැකි මාර්ග පෑදී තිබෙනවා නම් ඒවා වැසී යනවා. ඒ එක්‌කම යුරෝපයේ සිටින අය විවිධ ලෙඩ රෝග සඳහා ඖෂධ සෙවීමට පර්යේෂණ කළත්, සුදු කබර සුව කිරීමට අවශ්‍ය ඖෂධ සෙවීමට පර්යේෂණ කරන්නෙ නැහැ. එයට හේතුව ඔවුන්ගේ සම සුදු පැහැති නිසා සුදු කබර පැල්ලම් කැපී පෙනීමක්‌ සිදු නොවීමයි. මේ ගැන ඔබ දරන මතය කුමක්‌ද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මේ මතය සමඟ මා එකඟ වෙනවා. සුදු කබර රෝගය සුව කළ හැකි ආයුර්වේද සහ පාරම්පරික වෛද්‍යවරුන් කිහිපදෙනෙක්‌ රට පුරා සිටිනවා. ඒ හපන්කම කළ හැකි වෙද පරම්පරා කිහිපයකුත් රට තුළ ඉන්නවා. අප කළ යුත්තේ ඒ අය හඳුනාගෙන ඔවුන් අනුගමනය කරන ක්‍රමවේද පරීක්‍ෂා කරලා වැඩිම ප්‍රතිඵල තිබෙන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමයි.

ප්‍රශ්නය - මොකද්ද මේ සුදු කබර රෝගය කියන්නේ

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මුලින්ම නවීන විද්‍යාව අනුව මේ රෝගය අර්ථකථනය කරමු. ඒ අනුව SV සුදු කබර රෝගය සහ NSV සුදු කබර රෝගය යනුවෙන් දෙවර්ගයක්‌ තිබෙනවා. මෙහි S යනු Vitiligo හෙවත් ඡේදත්මක සුදු කබර යන්නයි. දෙවැන්න එසේ නොවන සුදු කබරයි. සාමාන්‍යයෙන් බහුලව පැතිර යන රෝගය තමයි මේ දෙවැනි වර්ගයේ සුදු කබර. පළමුවන වර්ගයේ සුදු කබර සුවපත් කිරීම සඳහා කබර පැල්ලම් පවතින තැන්වල චර්ම බද්ධ කිරීම පවා සිදු කෙරෙනවා. 

දෙවැනි වර්ගය සඳහා UV කිරන හෙවත් අධෝරක්‌ත කිරණ මගින් ප්‍රතිකාර කරනවා. මේ දෙවැනි වර්ගයේ සුදු කබර රෝගය තවත් උප කොටස්‌ 5 කට බෙදෙනවා. ඒවායේ ස්‌වරූප මෙහෙමයි.

පළමුවන වර්ගයේ කබර රෝගය සිරුර පුරාමතැන තැන පැල්ලම් ඇති කරනවා.

දෙවන වර්ගය විශාල පැල්ලම් වශයෙන් සිරුර පුරා පැතිරෙනවා.

තුන්වන වර්ගය ළමයින්ට බහුල වශයෙන් වැළඳෙන අතර ශරිරයේ එක්‌ ප්‍රදේශයකට පමණක්‌ සීමා වෙනවා.

හතරවන වර්ගය අත් හා ඇඟිලි මත හට ගන්නවා.

පස්‌වන වර්ගය කට, නාසය, ඇස්‌ යන ප්‍රදේශ වටා හට ගන්නවා.

ප්‍රශ්නය - සුදු කබර රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - සුදු කබර රෝගය වෙනත් රෝගවල වගේ සුවිශේෂ රෝග ලක්‍ෂණ දනවන රෝගයක්‌ නොවෙයි. මෙහි මූලික රෝග ලක්‍ෂණය වන්නේ සම මත කුඩා සුදු පැහැති ලප කැලැල් හට ගැනීමයි. මුලදී මේ ලප ඉතා කුඩයි. එහෙත් කල්ගත වන විට මේවා ක්‍රමයෙන් විශාල වීමට පටන් ගන්නවා. කල්ගත වන විට මුහුණ අත් පා කට වටා යන තැන්වල තිබෙන කැලැල් තවදුරටත් පැතිරෙනවා. තවත් කාරණයක්‌ කිව යුතුයි. සුදු කබර මුලින්ම හටගන්නේ තොල්, කටවල් ආශ්‍රිතවයි. එතැන සමඉතාම සියුම් හා මෘදු සමක්‌.

ප්‍රශ්නය - මේ රෝගය හට ගන්නේ කොහොමද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - බටහිර විද්‍යාවට අනුව ගෙනෙන ප්‍රධාන තර්කයක්‌ තමයි ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය විකෘති වීමෙන් මෙය හටගන්නා බව. එතකොට ශරීරයේ සමෙහි තිබෙන අඳුරු පැහැති වර්ණකය වන මෙලනින් විනාශ වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය මෙලනින්වලට පහර දීමට පටන් ගෙන ඒවා විනාශ කර දමනවා. තවත් සමහරු කියන්නේ අවුව තැපීම නිසා සම මත හට ගන්නා පිළිස්‌සුම් මගින් සුදු කබර හටගන්නා බවයි. ධාන්‍යවල තිබෙන ග්ලුටන් ශරීර ගතවීමෙන් ඇතිවන අහිතකර බලපෑමත් මෙයට හේතු වන බවට මතයක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - කිසියම් රෝගයක්‌ වැළඳුන විට එහි අතුරුපලයක්‌ හැටියටත් සුදු කබර හට ගන්නවාද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - ඔව් එවැනි පිළිගැනීමක්‌ තිබෙනවා. Hashimoto thyroiditis නමැති තයිරොයිඩ් ආශ්‍රිත රෝගය, scleroderma හෙවත් සම ඝන වීමේ රෝගය, රුමටොයිඩ් ආත්‍රයිටිස්‌, දියවැඩියාව, සොරසියිස්‌ යන රෝග හටගත් විට සදු කබර ඇතිවන බවත් කියනවා.

සුදු කබර වර්ගයේ ආයුර්වේද නිර්වචනය සහ එයසුව කරන ඖෂධ ගෙදරදී හදන හැටි ලබන සතියේ කතා කරමු.

නොමිලේ විස්‌තර 037 494 0866/ 071 4257711
දිවයින ඇසුරිණි

පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.

කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.

දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.

ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.

උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.

බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය.

ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.

සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.

උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.

ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.

‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’

බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත් ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.

‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම් ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’

වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.

වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ.

තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.

‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’

වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.

තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.

‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’

අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.

වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.

වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැට`එ ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.

කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.

උඑපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.

උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.


විශේෂ ස්තූතිය අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට
ලංකාදීප

පූජනීය වෘක්ෂයන් අතර "අශෝක" ගහට හිමි වන්නේත් සුවිශේෂී ස්ථානයක්. ආගමික ස්ථානවලත් මේ වෘක්ෂය බහුල වශයෙන් දැකගන්න පුළුවන්. ශෝකය නැති කරවන්නා යන අරුත ඇතිවයි මේ ශාකයට අශෝක යන නාමය ව්‍යවහාර වෙන්නේ. ඉතිහාසයට අනුව සීතා දේවිය අශෝක වනයේ රඳවා තැබූ බව සඳහන්. හනුමා සීතා සොයමින් යන විට මල් වනයකදී ඇය හමුවුණා. ඒ මොහොතේ ශෝකය නැති වූ නිසා ඒ මල් වනය අශෝක ලෙස හැඳින්වූවා.

රන් පැහැති පුෂ්පවලින් සහ තඹ පැහැති දලූවලින් සමන්විත අශෝක ශාකය "තම්ර පල්ලව" යන නමිනුත් හඳුන්වනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය වැනි රටවල සීතල දේශගුණ සහිත ප්‍රදේශවල හටගන්නා මේ ශාකය මීටර් 12ක් පමණ උසින් යුත් අතු විහිදී ගිය ගසක්. අශෝක පුෂ්ප රත්තරන් පාටින් සමන්විත වුණත් මල කෙමෙන් කෙමෙන් පරවන විට රතු පැහැයෙන් සමන්විත වෙනවා. දිගු කරල්වලින් සමන්විත අශෝක ශාකයේ කරල් අඟල් හයක් හතක් වගේ දිගකින් සමන්විතයි. ඒ කරල් ඇතුළත කුඩා ඇට විශේෂයක් පවතිනවා.

මේ අශෝක ශාකය අපේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ රෝග රැසකට සුවය සලසන අගනා ඖෂධයක්. චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව වැනි ග්‍රන්ථවල "කාශයක් කන්ධ" යන කොටසට අයත් ඖෂධයක් ලෙස වර්ගීකරණය කර ඇති අශෝක වේදනා නාශනය කරන ඖෂධ අතර සුවිශේෂී ඖෂධයක් ලෙසත් සඳහන්.

ලඅශෝක ශාකයේ පොතු, ඇට යන ඖෂධ කොටස් කෂාය සෑදීමට වගේම ඖෂධ චූර්ණ (ඔසු කුඩු) සෑදීමටත් ගන්නවා. ආයුර්වේදයේ ස්ත්‍රී ප්‍රජනක රෝග සුවයටත් අශෝක ඖෂධය භාවිත කරනවා. ගර්භාශගත රෝග සුව කිරීමට යම් ඖෂධයක් නිර්දේශ කරනව නම් ඒ අතර අශෝක ඖෂධයත් අනිවාර්යයයි. ගර්භාශ ගෙඩි සුව කිරීමට, අධික රුධිර වහනය නැති කිරීමට ආදී විවිධ ස්ත්‍රී රෝග දුරු කිරීමට යොදා ගන්න පුළුවන් සුවිශේෂී ඖෂධයක් තමයි අශෝක කියන්නේ. එවන් ස්ත්‍රී රෝගවලින් පෙළෙන කාන්තාවන් අශෝක පොතු ග්‍රෑම් 60ක් පමණ අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත අටක් මිශ්‍ර කර පත එකට සිඳුවා උදේට පත භාගයයි, සවසට පත භාගයයි බැගින් දින කිහිපයක් පානය කරන්න. ඒ වගේම අශෝක පොතු මඳක් වියළා හොඳින් කුඩුකරගෙන කෝපි වගේ පානය කරනවනම් එය ඉතාමත්ම ගුණදායකයි.

අශෝක මල් දියවැඩියා රෝගීන්ගේ අධික සීනි මට්ටම පාලනය කරන්නට සමත් සුවිශේෂී ඖෂධයක්. දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අශෝක මල් වියළා (මඳ පවනේ වියළාගන්න.) හොඳින් කුඩුකර උණුවතුර වීදුරුවකට ඒ කුඩු ස්වල්පයක් දමා දිනකට දෙවරක් පමණ පානය කරනවා නම් ශරීරයේ සීනි මට්ටම පාලනය කර ගන්න පුළුවන්. එහෙම නැතිනම් අශෝක මල් මිටක් මඳ පවනේ වියළා එය මුට්ටියක දමා වතුර පත හතරක් මිශ්‍රකර එය පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් පානය කරන්න. සතියක් පමණ අඛණ්ඩව මේ කෂාය පානය කළොත් සීනි තත්ත්වය යථා තත්ත්වයට පත්කරගන්න ඔබට පුළුවන්.

සාමාන්‍ය අතීසාර තත්ත්ව අවස්ථාවලදී අශෝක මල් කෂාය දින කිහිපයක් පානය කිරීම වැදගත්. නමුත් රුධිරය පිටවන අතීසාර තත්ත්වවලදී වඩාත් යෝග්‍ය වන්නේ අශෝක පොතු තැම්බූ කෂාය. මේ කෂාය පානය කිරීමට වගේම අර්ශස් සේදීමටත් ගුණාදයකයි. අර්ශස් ගෙඩි හැකිළවීමේ ඖෂධීය ගුණයක් මේ ශාකය තුළ පවතිනවා.

අපේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ රුධිරය පිරිසිදුකර ගැනීමට සුදුසු ඖෂධ රැසක් පවතිනවා. ඒ ඖෂධ අතර රුධිරය පිරිසුදු කිරීමට භාවිත කළ හැකි සුවිශේෂී ඖෂධයක් තමයි අශෝක පොතු කියන්නේ. අශෝක ගහේ පොතු කෂායක් ලෙස සාදා පත එකට සිඳුවා ඒ පත එකට ඇති පදමට සීනි දමා ඖෂධීය පැණියක් සාදාගන්න. ඒ පැණිය ළිපෙන් බාගෙන හොඳින් නිවුනට පසුව සුළං නොවදින බෝතලයකට දමා තබාගෙන දිනකට තේ හැඳි දෙකක් පමණ පානය කරනව නම් රුධිරය නරක්වීම නිසා ඇතිවන හම අවපැහැ ගැන්වීම නැතිවෙනවා. ශරීරයේ බිබිළි, කුෂ්ඨ ගෙඩි සුව කරන්නත් මේ ඖෂධීය පැණිය අඛණ්ඩව පානය කිරීම වැදගත්.

වකුගඩු ආශි්‍රතව ඇතිවන ගල් දිය කිරීමට ඉතාමත්ම ගුණදායක ඔසුවක් තමයි අශෝක ඇට වියළාගෙන සකස් කරගන්නා කුඩ. අශෝක ඇට වියළා සියුම් ලෙස කුඩුකර දිනපතා උදේ සවස උණු වතුර වීදුරුවකට තේ හැඳි ස්වල්පයක් බැගින් මිශ්‍රකර පානය කරනවා නම් වකුගඩු ආශි්‍රතව හටගත් ගල් දිය කිරීමේ හැකියාවක් පවතිනවා.

අද බොහෝ දෙනකුට පීඩා ගෙන දෙන රෝගාබාධය තමයි හන්දිපත් වේදනා, තුනටිය වේදනා කියන්නේ. කොයි තරම් ඖෂධ, තෙල්, වාත්තු කළත් සුව නොවන හන්දිපත් වේදනාවලදී ~ශ+ලහර~ වැනි තෙලකට (ර්ණීර්ථීච් මට්ටමෙන් ලබාගත හැකිය.) අශෝක ගසේ පොතු කබලෙ පුලූස්සා ගත් කුඩු ස්වල්පයක් මිශ්‍රකර හන්දිපත් වේදනාවල අලේප කරන්න. ඉක්මනින් හන්දිපත්වල කැක්කුම්, වේදනා සුව කිරීමේ හැකියාවක් ඒ ඖෂධීය තෛලය තුළ පවතිනවා.

ස්ත්‍රීන්ට ඇතිවන ගර්භාශ රෝගවලදී භාවිත කිරීමට සුදුසු හොඳම ඖෂධය ලෙසයි අශෝක හැඳින්වෙන්නේ. ආර්තව වේදනාවලදී ඒ වේදනාව බහුල වශයෙන් නැති කරන්න පුළුවන් අශෝක පොතු කෂාය උදේ සවස පානය කරන නම්. අශෝක පොතු කෂාය තරමක් කහට රසයි. ඒ නිසා ඇතැම් අයට මෙය පානය කිරීමට යම් මැළිකමක් ඇතිවෙන්න පුළුවන්. ඒ කහට රස නැති කර සාමාන්‍ය රසකින් අශෝක කෂාය පානය කරන ආකාරයක් ගැන මම ඔබට කියන්නම්. අශෝක පොතු ග්‍රෑම් 60ක් පමණ අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත හතක් මිශ්‍ර කර එළකිරි පත එකකුත් එයට මිශ්‍ර කර පත එකක් වනතුරු සිඳුවාගන්න. ඉන්පසු එය පෙරාගෙන උදේට පත භාගයයි, සවසට පත භාගයයි බොන්න. කිරිත් මිශ්‍ර කළ නිසා කහට රසක් එන්නේ නැහැ. කාන්තා රෝගවලදී, ආර්තව වේදනාවලදී මේ ඖෂධීය කෂාය පානය කරනව නම් එය ඉතාමත්ම ගුණදායකයි.

අශෝක ගහේ පොතුවල බැක්ටීරියා, දිලීර වගේ ආසාධන නැති කිරීමේ සුවිශේෂී ගුණයක් පවතිනවා. ඒ නිසාම තුවාලයක් හට ගත්විට රුධිරය වහනය වනවානම් පරණ තුවාලවලින් සැරව පිටවනවානම් ඒ තත්ත්වය නැතිකර තුවාලය ඉක්මනින් වියළා සුවඅතට ගන්න අශෝක පොතු ඉතාම ගුණදායකයි. ඔබ කළ යුත්තේ අමු අශෝක පොතු ස්වල්පයක් පිරිසිදුකර අරගෙන හොඳින් ගලේ අඹරා කල්කයක් ලෙස සාදාගෙන ඒ කල්කය තුවාලවල, සැරව බිබිළිවල ආලේප කිරීම පමණයි.

කැඩුම් බිඳුම් වෙදකම තුළත් අශෝක පොතුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. අස්ථි භග්න හෙවත් ඇට බිඳීම් අවස්ථාවලදී අශෝක පොතු, කුඹුක් පොතු එක්කර පත්තුවක් ලෙස සාදා ඒ කැඩුම් බිඳුම් ඇති වූ ස්ථානයේ පත්තුව බඳින්න. සති කිහිපයක් යද්දී අස්ථි බිඳුණු තැන් සවිමත් වෙන්න මේ අශෝක පොතුවල තිඛෙන ඖෂධීය රසායනික සංඝටක ඉතා වැදගත්.

අතීතයේ විදුරුමස් දියවීම්, සෙම් ගෙඩි, මුඛ දුර්ගන්ධය, දත් පණුවන් කෑම ආදී මුඛාශි්‍රත රෝග සුව කරන්න අශෝක පොතුවලින් දත් ඛෙහෙත් කුඩක් සාදාගෙන තිඛෙනවා. අශෝක පොතු මඳක් වියළා හොඳින් කුඩුකර ඇල්දිය ස්වල්පයක් සමඟ මිශ්‍රකර ඒ කුඩුවලින් ඔබ දත් මදිනවනම් පෙර කී මුඛාශි්‍රත රෝග සියල්ලම දුරු කරන්න වගේම ඒවා නොවැලඳී තිඛෙන්නත් එය ඉතා වැදගත්. දිනපතා අශෝක පොතු කුඩු මිශ්‍රකළ උණුවතුර එකකින් කට සෝදනව නම් එයත් ගුණදායකයි. කට වණවීම් ආදී සියලූම බැක්ටීරියා රෝග එමඟින් විනාශ වී යනවා.

ඇත්තටම අශෝක කියන්නේ පූජනීය ශාකයක්ම පමණක් නෙවෙයි කියලා ඔබට දැන් පැහැදිලි ඇති. අශෝක ඖෂධයක් ලෙස වැදගත්කම වැඩියෙන්ම දැනෙන්නේ කාන්තාවන්ටයි. එයට හේතුව තමයි කාන්තා රෝගවලට දෙන සුවිශේෂීම ඔසුව අශෝක වීම.

වෙළෙඳපොළ තුළ පවතින කාන්තා රෝගවලට දෙන අශෝක අරිෂ්ටය සාදන්නේත් මේ අද්විතීය ඖෂධයෙන්ම තමයි.

- මව්බිම

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි.

ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයක්. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හඳුන්වන්න පුළුවන්. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වෙනවා. දිවුල් මල්, ගෙඩි, කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස ගන්නවා.

දිවුල් කියන්නේ වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරක්. ඒ නිසාම මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත කියලත් හඳුන්වනවා. සවිමත් කටුවක් ඇති ගෙඩි නිසා දැඩි ඵල කියලත්, දැඩි සුවඳකින් සමන්විත නිසා ගන්ධ ඵල කියලත් හඳුන්වනවා. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් එහි තිඛෙන්නේ සුවිශේෂ රසායනික සංඝටක බහුල නිසයි. කැල්සියම්, යකඩ වගේ ඛනිජ වර්ග වගේම විටමින් A, B වගේ පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගතයි. කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් කියලත් දිවුල් හඳුන්වන්න පුළුවන්. ඖෂධ පිණිස ගෙඩි ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයක්ම භාවිත කරන්න පුළුවන්.

වඳ බව නසන දිවුල් ඛෙහෙත

ඉඳුණු දිවුල් ගෙඩියක් අරගෙන හොඳින් සූරා එහි මදය ගෙන එයට මීපැණි ස්වල්පයක් හා සූදූරු ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් තළා ගන්න. ඉන්පසු ඒ උකු ද්‍රාවණය දිනපතා උදෑසන ආහාරයට ගන්න. මෙය අපහසුවකින් තොරව දිනපතා උදෑසන තමන්ටම සාදාගන්න පුළුවන් ඖෂධයක්. දෛනිකව මෙය ආහාරයට ගත්තොත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වඳභාවය දුරු කරන්න මෙය ඉතාමත්ම ගුණදායකයි.

අතීසාරයට දිවුල්

අතීසාරය, බඩ බුරුලෙන් යෑම වැනි රෝග නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ඒ අපහසුතාව තවදුරටත් තබා ගන්න ඕන නෑ. එයට සුවය දෙන ඖෂධයක් දිවුල්වලින් සාදා ගන්න හැටි මම කියන්නම්, ඉදුණු දිවුල් ගෙඩියක මද අරගෙන ඇට ඉවත්කර ගන්න. ඉන්පසු එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන ආහාරයට ගන්න. අතීසාරය වැනි රෝග තත්ත්වයන්ට එය සුවදායක ඖෂධයක්.

අර්ශස්වලටත් දිවුල් ගුණයි

ඒ වගේම තමයි ආහාර අජීර්ණය, අර්ශස් කියන්නෙත් සමාජයේ බහුතරයක් පිරිස් පීඩා විඳින ලෙඩ රෝග. එවන් තත්ත්වයකදී ඉදුණු දිවුල් මද අරගෙන එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බැදපු සූදුරු කුඩු ස්වල්පයක්, එනසාල් ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගන්න. අර්ශස් සහ අජීර්ණය සුවයට එය හොඳයි.

කුඩා දරුවන්ට අජීර්ණයට ද දිවුල්වලින් ඔසුවක්

කුඩා දරුවන්ට නිතරම වැලඬෙන රෝගයක් තමයි අජීර්ණය. එවන් අවස්ථාවක ළපටි දිවුල් කොළ ටිකක් අරගෙන හොඳින් පිරිසුදු කර කොටා එහි යුෂ තේ හැඳි තුනක් පමණ මිරිකා ගන්න. එයට සීනි ස්වල්පයක් හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනකට තෙවරක් බැගින් සතියක් පමණ පානය කරන්න දෙන්න.

බඩ දැවිල්ල නැති කිරීමට, ආහාර ඉක්මනින් දිරවීමට,

අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමට අගනා පානයක් දිවුල් කොළවලින් සාදාගන්න පුළුවන්. මේක දිනපතා බොන තේ වගේ අපිට පානය කරන්න පුළුවන්. දිවුල් කොළ ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩු කර බෝතලයකට ඒ කුඩු දමා තබා ගන්න. දිනපතා තේ ගොටුවට තේ කොළ වෙනුවට දිවුල් පත්‍ර කුඩු දමා උණු වතුරින් තම්බා එය හකුරු සමග හෝ සීනි සමඟ පානය කරන්න. මෙය ඉතාමන්ම වටිනා ඖෂධීය පානයක්. දිනපතා භාවිත කරනව නම් ගොඩක් හොඳයි.

අක්මාවේ රෝග නසන දිවුල් කොළ පානය

ඇතැම් අයට ආහාර අනුභව කළාම එය ඇලජික් වෙනවා. එහි අතුරුඵල විදියට උදරාබාධ, කැසීම වැනි තත්ත්ව හටගන්න පුළුවන්. එවන් අයට ඇලජික් නැති කරන්නත් සත්ත්ව විෂ, ආහාර විෂ ශරීරගත වූ අවස්ථාවක ශරීරයෙන් විෂ විනාශ කරන්නත් පුළුවන් ඛෙහෙතක් දිවුල්වලින් සාදාගන්න පුළුවන්. දිවුල් කොළ ඉස්ම මිලි ලීටර් 20ක් අරගෙන එයට බැදපු සූදුරු තේ හැන්දක් මිශ්‍ර කර දිනකට දෙවරක් බීමට උදේ සවසා දින කිහිපයක් පානය කරන්න.

දද කුෂ්ඨවලට දිවුල්

උෂ්ණ බිබිළි, ලප, කැළැල්, කුෂ්ඨ, හොරි, දද, තුවාල යන බාහිර චර්ම රෝගවලටත් දිවුල් පත්‍ර යුෂ ගුණදායකයි. එවන් අවස්ථාවක ඇල් දියෙන් අඹරා ගත් දිවුල් කොළ යුෂ ඒ තුවාල, දද, කුෂ්ඨ මත ආලේප කරන්න. මෙය සතියක් පමණ දිනපතා ආලේප කරන්න. වෙනස ඔබටම දැනේවි.

සර්ප විස නසන දිවුල් වංචාංග කැඳ

සර්ප විෂක් හරි මී විෂක් හරි ශරීර ගත වූ පුද්ගලයෙක් ඖෂධ අරගෙන එය සුවය ලැබුවත් පසු කාලීනව විවිධ අතුරු ආබාධ වැලඳීමේ අවදානමක් තිඛෙනවා. උදාහරණ විදියට ගත්තොත් මීයෙක් කෑවම පසු කාලීනව ශරීරයේ සුදු කබර වැනි රෝග වැලැඬෙනවා. එවන් විෂක් ශරීරගත වූ විට ඖෂධ ලැබූ පසු අතුරු ආබාධවලින් මිදෙන්න දිවුල්වලින් කැඳක් සාදාගන්න හැටි මම කියන්නම්. එහි තම දිවුල් පංචාංග කැඳ. දිවුල් මුල්, මල්, කොළ, පොතු ගෙඩි සියල්ලම අරගෙන ඒවා කොටා එහි යුෂ අරගෙන එකට මිශ්‍ර කර කැඳක් ලෙස එය සාදා සර්ප විෂට ලක්වූ පුද්ගලයාට බොන්න දෙන්න. දින තුනකට වරක් හෝ මේ කැඳ සති කිහිපයක් පානය කරනව නම් ඔබට සර්ප විෂ, මී විෂ නිසා හටගන්න අතුරු ආබාධවලින් නිට්ටාවටම සුවයක් ලබා ගන්නත් පුළුවන්. ඒවා වැලැඳීමේ අවදානම නැති කර ගන්නත් පුළුවන්.

මුත්‍රා රෝගවලට ගුණ දිවුල්

බොහෝ දෙනෙක් උදරයේ මුත්‍රා ගල් තිඛෙන නිසා උදරාබාධ, යටි බඩ කැක්කුම් වැනි රෝගවලින් වේදනා විඳිනවා. නමුත් ඒ රෝගවලින් මිදී මුත්‍රාශය ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයක්ම සුව කර ගන්න දිවුල් ගෙඩි පලතුරු පානයක් ලෙස බොන්න. කල් ගතවූ කැස්ස, ඉක්කාව වැනි රෝගවලටත් ඒ පානය ගුණයි. මේ පානය ඉන්දියාවේ නම් රාමාගේ උපත සමරන දවසට සෑම අයෙක්ම සාදාගෙන බොනවා. ඔබත් මෙය බොන්න. රෝග සුවකර ගන්න. එය සාදන්නේ මෙහෙමයි. ඉදුණු දිවුල් මද අරගෙන උක් හකුරු පැණි තේ හැඳි 2ක්, වතුර වීදුරු 2ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, එනසාල්, දෙහි ඉස්ම, ලුණු අවශ්‍ය පදමට දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සාමාන්‍ය ලෙස හෝ ශීතකරණයේ දමා හෝ පානය කරන්න. මෙය රසවත් පලතුරු පානයක් වගේම මම පෙර කී ලෙඩවලටත් ගුණයි.

ලේ පිරිසුදු කරන දිවුල්

දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයක්. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

රස පිරි දිවුල් කිරි

ඉදුණු දිවුල් ගෙඩි කිහිපයක මද අරගෙන ඒවා හොඳින් පොඩිකර ගන්න. පසුව එයට අවශ්‍ය පමණට වතුර මිශ්‍ර කර හොඳින් කලවම් කරගෙන පෙරා ගන්න. පෙරාගෙන ඇට ඉවත් කර ගත් පසු ඒ යුෂට පොල් කිරි මිශ්‍ර කරගන්න. ලුණු සහ සීනි අවශ්‍ය පදමට දමා අවශ්‍ය නම් දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍ර කරගෙන අමුත්තාට සංග්‍රහ කරන්න. ගෙදර අයටත් මෙය වටිනා රසවත් ගුණවත් පලතුරු පානයක්.

දිරවන්නේ නැති අයට දිවුල්

සමහර අයට නොදිරවා මල පිටවීමේ අවදානමක් පවතිනවා. එවන් රෝගීන් සඳහා නිවෙසේ සිටම පානයක් දිවුල්වලින් සාදාගන්නෙ මෙහෙමයි. වියළා ගත් දිවුල් මද, වියළි ඛෙලි ගැට මද, වියළි ඇඹුල් ඇඹිලිය කොළ සහ වියළි දෙළුම් ලෙලි වෙන් වෙන්ව කුඩු කරගෙන සෑම ඖෂධයකින්ම ග්‍රෑම් 15 බැගින් අරගෙන මිශ්‍ර කර ගන්න. ඉන්පසු මුදවපු කිරි වීදුරුවක් අරගෙන ඖෂධ මිශ්‍රණය එයට දමා හොඳින් මිශ්‍ර කර පානය කරන්න. නොදිරවා මල පිටවීමේ රෝගය එමගින් සුව වෙනවා.

සෙමට හා කැස්සට දිවුල්

ඉදුණු දිවුල් මද ස්වල්පයක් අරගෙන වතුර වීදුරුවකට දමා පැය කිහිපයක් එය නිසොල්මනේ තබන්න. ඉන්පසු එය හොඳින් මිරිකාගෙන යුෂ පෙරා ගන්න. ඒ යුෂට මී පැණි, තිප්පිලි කුඩු ස්වල්පය බැගින් මිශ්‍ර කර බොන්න. සෙමට සහ කැස්සට එය ගුණයි.

දිවුල් අඩංගු ඖෂධ

දිවුල් ඖෂධය සම්පාදිත ඖෂධ රැසක් බාහිර ඖෂධහල්වල පවතිනවා. ඒ අතරින් 'කපිත්තා පඨක චූර්ණය' ඔබට භාවිත කරන්න පුළුවන් අතීසාරය, ආහාර නොදිරවා මල පිටවීම, ග්‍රහණිය ආශ්‍රිත රෝග වැනි රෝගවලින් සුව වීමට. ඒ වගේම සර්ප විෂ, මී විෂ, පත්තෑ විෂ ආදි විෂ වර්ග ශරීරගත වූ විටකදී බාහිරින් ආලේප කළ හැකි අගනා තෛලයක් ර්ණීර්ථීච් මට්ටමෙන් පවතිනවා. එහි නම සර්ව විෂාදී තෛලය.
Powered by Blogger.