Showing posts with label Travel. Show all posts

ලෙනක්‌ දුටුවොත් ඒකට රිංගලා බලන්නත් කන්දක්‌ දුටුවොත් ඒකට නැගලා බලන්නත් කාට වුණත් හිතෙනව. ඒකෙ වැරැද්දක්‌ නෑ. වැඩේ තියෙන්නේ ඒකට ගිහිං අතර මං වෙන එකයි. මිsනිසුන්ට පුදුම ආශාවක්‌නෙ තියෙන්නෙ. ඇතැම් විට ඒවායේ තියෙන්නෙ මොනවද කියල බලන්න හරි එහෙම නැත්නම් ගවේෂණාත්මක අදහසක්‌ වෙන්නත් පුළුවන්.

පහුගියදා තායිලන්තයේ චියෑංග් රායි පළාතේ තමිග් ලූඅන්ග් ගුහාවට ඇතුළු වී චාරිකාවකට ගිය කුඩා පාපන්දුකරුවන් හා ඔවුන්ගේ පුහුණුකරුට සිදුවුණේ එහි සිරගත වෙන්නයි.

මෙතරම් දිගු නැති වුවත් තවත් මෙවැනි මහජන ආකර්ෂණය දිනා ගත් ලෙන් ගුහා අග්නි දිග ආසියාතික රටවල දක්‌නට ලැබෙනවා. කඳු ශිඛරයන් තුළින් වසර මිලියන ගණනක්‌ තිස්‌සේ වේගයෙන් ඇදී යන වායු ධාරා නිසා මෙම ගුහා නිර්මාණය වෙමින් පැවතුන බවයි විද්‍යාඥයන් පවසන්නේ.

එවැනි අද්භූත හැඟීමක්‌ ඇති කරන ගුහා පරිශ්‍රයක්‌ මැලේසියාවේ දක්‌නට ලැබෙනවා. එය විශාල කඳුවැටියක (limestone hill) ස්‌වාභාවිකව හුණු ගලින් සැදුනු මහා අඳුරු ගුහාවක ඇති දේවස්‌ථානයක්‌. මුරුගන් දෙවියන්ගේ දැවැන්ත ප්‍රතිමාවක්‌ එම ලෙනට ඇතුළු වන තැනම ස්‌ථාපිතව තියෙනවා. එය කොතරම් උස ද කිවහොත් එතන සිට පහළ බැලුවාම පහළ කුරුමිට්‌ටන්ගේ දේශයක්‌ ලෙසයි දිස්‌වෙන්නේ. ඉහළට නැඟීමට පියගැට 200 කට ආසන්න ප්‍රමාණයක්‌ සකස්‌ කර තිබෙනවා. පියගැටවලට අංක යොදා ඇත්තේ කොපමණ පියගැට සංඛ්‍යාවක්‌ නැඟ යා හැකිදැයි වන්දනා කරුවනට දැන ගැනීමටයි. ඇතැමුන්ට එහි මුදුනට යා ගත නොහැකියි.

කාලාන්තරයක්‌ තිස්‌සේ ඛාදනයට ලක්‌වී ඇති ලෙනෙහි උස අඩි 60 කට වැඩි තරම්. දිsගින් දිගටම දෝනාවක මෙන් ගමන් කළ හැකි මේ ලෙනෙහි තැනින් තැන හින්දු ආගමික ප්‍රතිමා අඹා තිබෙනවා. ගිරි ශිඛරයේ ඉහළින් ඇති විවරයකින් හිරු එළිය ඒ තුළට කාන්දු වන විට කෙනෙකුට සිතෙන්නේ තමා පොළොව යට අද්භූත ලෝකයකට පිවිසුණා යයිs සිතෙන බවක්‌. ඒ අතර එහා මෙහා පියාඹන බටු වවුලන් එම අත්දැකීමට එක්‌ කරන්නේ අද්භූත බවක්‌.

හැබැයි මේ ගුහාවේදී නම් සංචාරකයන් අතරමං වීමක්‌ නම් වෙන්නේ නැහැ. පිවිසුණු තැනින්ම ආපසු පිටවිය හැකියි. මෙය වවුලන් නිතර ගැවසෙන නිසා මෙයට බටු ගුහාව යයි න්ම්කර තිබෙනවා.

අනික්‌ ගුහාව ඇත්තේ මියන්මාරයේ. ගුහාව පිහිsටා ඇත්තේ විශාල කඳුවැටියක. කන්දක්‌ කිව්වාට ඒක ඇත්තෙන්ම මහා ගුහාවක්‌ කීවොත් තමයි වැඩිය හරි. එහි ඇති පඩිපෙළ දිගේ අපි නගින්න පටන් ගත්තේ කළුව කපා එළිය වැටෙන ඉරිදා උදෑසනක පාන්දර ජාමෙ. දකුණු පැත්තෙන් මහා වගුරු බිමක්‌. ඉමක්‌ කොනක්‌ පෙන්නෙ නැති ගානයි. සිරස්‌ අතට විහිදී ගිය ලා නිල් කඳුපේළියෙන් ඒක නිමා වුණේ. මේ ගුහාව නම් කරලා තියෙන්නෙ පින්ඩයා Pindaya ගුහාව කියලයි. ෂාන් ප්‍රාන්තයේ කලව් නගරයට උතුරින් සැ 45 ක්‌ පමණ දුරින් පිහිටලා තියෙන්නේ. එය අඩි 7752ක්‌ උස කඳුවැටියක්‌.

මෙතැනට එන්න පාර දිගේ එන කොට අපි දැක්‌කේ කඳු වැටියේ බෑවුමේ ඉදි කරලා තිබුණු අලංකාර මාලිගා පරිශ්‍රයක්‌. දොරටුවේ ඉඳල ඇතුළට යන්න පඩිපෙළක්‌ තිබුණත් විදුලි සෝපානයක්‌ තිබුණත් ඒක ක්‍රියාකරු තාම නිදි. පිවිසුම් දොරටුවට වම් පැත්තේ දැවැන්ත මකුළුවෙකුගේ රුවක්‌ නෙළලා තියනව. ඊට මීටර් දෙක තුනක්‌ ඈතට වෙන්න කුමාරයෙක්‌ දුනු හී මාන ගෙන ඉන්නව අර මකුථවා දිහාට.

මේ ප්‍රතිරූප මේ ස්‌ථානය පිළිsබඳව මියන්මාර් ජනතාව තූළ පවතින අපූරු පුරාවෘත්තයක්‌ තියෙනව. එකල සිටි රාජකුමාරිකාවන් සත් දෙනෙක්‌ මේ කඳු ප්‍රාන්තය පහළ වනාන්තර මධ්‍යයෙහි ඇති පොකූණකට සිත්සේ දිය නෑමට එනව. ඔවුන් රාත්‍රියෙ ගුහාවට යනව. ඒත් මේ ගුහාව දැවැන්ත මකුළුවෙකුගේ වාසභවනයක්‌ බව ඔවුන් දැන සිටියේ නැහැ. මකුළුවා දුටු කුමාරිකාවන් මර බියෙන් තැති ගෙන විලාප නගනව. මේ අතර එතැනින් ගිය තරුණ රාජ කුමාරයෙක්‌ එම විලාප හඬ අසා තතු විමසා තම දුන්නෙන් විද මකුළුවා මරා කුමාරිකාවන් මරණයෙන් ගලවා ගන්නව.

ගුහාව ඇතුළට ඇවිද ගියාමයි දුටුවෙ එය ඉතා විශාල ඉඩක්‌ ඇති එකක්‌ බව. විදුලි ආලෝකයෙන් දිදුළන සියයක්‌ බුදු පිළිම එහි ශාන්ත ලෙස වැඩ ඉන්නව. ඇතුළ හරියට වංකගිරියක්‌ වගේ. හුදකලාව ගියොත් තරමක්‌ බයක්‌ හිතෙන තරම්.

තවත් අපූරු ගුහාවක්‌ තියනව වියට්‌නාමයෙ. උතුරු වියට්‌නාමයෙ තියනව හැවොලොන් බොක්‌ක කියල සංචාරකයන්ගෙ ආකර්ෂණයට ලක්‌ වූ විශාල ජලාශ පරිශ්‍රයක්‌. එය කි මී 43400 ක වපසරියක විහිදිලා තියෙනව. හැනොයි නගරයේ ඉඳල පැය 4 ක විතර ගමනක්‌ ගියාමයි මේ බොක්‌කට ළගා වෙන්න හැකි වෙන්නෙ. එහි තියෙනව සයුර දෙබෑකර ගෙන මතු වූ අලංකාර පර්වත රාශියක්‌. මේවා ඉතා තද හුණු ගල් විශේෂයකින් නිර්මාණය වූ ඒවා. ඉන් එක්‌ විශාල කඳුවැටියකයි මේ අපූරු ගුහාව පිහිටලා තියෙන්නෙ. එහි නම HANG SUNG SOT වුවත් ජනතාව එය හඳුන්වන්නෙ මකරාගේ ගුහාව කියලයි.

මෙහි යන සංචාරකයන්ට ඒ අසළ ජැටිය වෙත යාමට යාන්ත්‍රික බෝට්‌ටු තියෙනව. බෝට්‌ටු ගමන විනාඩි20 ක්‌ විතර යනව. ආරක්‍ෂිත කබා ඇග ලා ගත් පිරිස රැගෙන වටා පිටාවෙ ඇති විශාල පර්වත අතරින් යන ඒ බෝට්‌ටු ගමන සුන්දර එකක්‌. බෝට්‌ටුව නවත්වන්නෙ හොඳට ඉඩ පහසුකම් ඇති අලංකාර ලෙස සකස්‌ කරන ලද ජැටියක. ජැටිය ආසන්නයේ පිවිසුම් දොරටුව තියෙන්නෙ. එතැන දැන්වීම් පුවරුවක ලියලා තියනව කොන්දේ අමාරු පාදවල අමාරු හා හදවත් රෝගීන්ට අසතුටු නම් ගුහාවට ඇතුළු නොවී සිටිය හැකිය කියල. එහි පිවිසුම කුඩා විවරයක්‌ වුණාට ඉඩකඩ ඇතිව සකසා තියෙන එකක්‌. ඉන් ඇතුළු වී පියගැට 200ක්‌ විතර ගුහා ගර්භයට යාමට නැග යා යුතු වෙනව. ගුහාව ඇතුළෙ පඩි සකස්‌ කර තියෙන්නෙ ස්‌වාභාවික ලෙසයි. තරමක්‌ අඳුරු නිසා පරෙස්‌සමින් ඉදිරියට යන්න ඕන. දෙපස බිත්ති අල්ලා ගෙන සීරුවෙන් අඩිය තියන්න ඕන. තරමක්‌ අමාරුවෙන් ඇතුළට ගියත් නරඹන්නන් මවිත කරවන සුන්දරත්වයක්‌ ගුහාව තුළ නිර්මාණය කරල තියෙන විවිධ වර්ණවත් විදුලි ධාරා ගල් බිත්ති අතරින් පෙරී ඇවිත් මුළු පරිසරයම බබළවන්න පටන් ගන්නව. ගුහාවෙ පැති බිත්ති බිම ඉඳල මීටර් 300 ක්‌ ඉහළට විහිද යනව.

මඳ ආලෝක තත්ත්වය යටතේ ඇවිද යන සංචාරකයාට හුණු ගලින් නිමවූ අනගි ප්‍රතිමා නිර්මාණ මග දෙපස දක්‌නට ලැබෙනව. සමහර තැන්වල විවිධ රූප නිර්මාණය කරල තියනව. තවත් තැනක දැවැන්ත මිනිස්‌ රුවක්‌ දිස්‌ වෙනව. විශේෂයෙන් දක්‌නට ලැබෙන නිර්මාණයක්‌ නම් වියට්‌නාමයේ ශේ්‍රෂ්ඨ නායක හෝචි මිංගේ ප්‍රතිරූපයයි. අනතුරුව ඉතා පිරිසිදු ජලයෙන් පිරුණු ජල තටාකයක්‌ දකින්නට පුළුවන්. මේ සියල්ල නරඹමින් ඉදිරියට යන්නට පැය එකහමාරක්‌ පමණ ගත වෙනව. ඊළගට හමුවෙන්නෙ මංසන්දියක්‌. එහි අපූරු දැන්වීමක්‌ සවි කරල තියෙනව. ඔබ කැමති අපායට යන්න නම් වම් පසට යන්න ඔබ කැමති දෙව්ලොව යන්න නම් දකුණු පසට යන්න කියලයි එහි ලියල තියෙන්නෙ. සංචාරකයන්ට මෙහි අදහස තේරුම් යන්නේ කවුරුත් කැමති දෙව් ලොවට යන මාවත දිගේ ගොස්‌ ගුහාවෙන් එළියට ගියාමයි.

ලීලානන්ද වික්‍රමසිංහ

දිවයින ඇසුරිණි

අපි විවිධාකාර ස්ථාන වල සංචාරය කරන්න ගොඩක් කැමතියි. තමන්ගේ පවුල සමග විවේකයෙන් විනෝදයෙන් කාලය ගත කරන එක අපි කාගේත් හීනයක්. නමුත් ලෝකයේ වෙසෙන හැමදෙනාගේම රුචිකත්වයන් සමාන වන්නේ නෑ. සමහරක් පුද්ගලයන් වනාන්තරයේ සංචාරය කරන්නට කැමතියි. තවත් අය මුහුදු ගමන් වල යෙදෙන්න කැමතියි.අපි අද ඔබට කියන්න යන්නේ අමුතුම කතන්දරයක් ගැන. ඔබට හිතෙනවනම් ඔබ නිර්භීතයි කියලා මේ වීඩියෝව අවසන් වෙනකන් බලන්න. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


ඓතිහාසික නොවුනත් අප්‍රකට ස්ථානයක් වූ කොත්මලේ පුරවරයේ තියෙන විශේෂ පුජනිය ස්ථානයක් පිළිබඳව තමයි අපි අද ඔයාලට ගෙන එන්නේ. පත්තිනි මෑණියන්ට සම්බන්ධතාවයක් ඇති ශ්‍රී මිනාච්චි අම්මාන් දේවාලය බොහෝ අනුහස් සහිත ස්ථානයක්. මෙම ස්ථානය ගොඩක් දුරට විවිධ විශේෂිත පුද්ගලයන් විසින් මේ ස්ථානයට පැමිණ තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගැනීමට මේ ස්ථානයේ විශේෂ භාර හාර කිරීම් සිද්ධ කරනවා. ඒ වගේම මේ ස්ථානය අප්‍රකට ස්ථානයක් වුවත් ඉන්දීය සුපිරි නළු ධනුෂ් පවා මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. එසේම රටේ ඉහල නිලතල දරන විශේෂ පුද්ගලයන් පවා මේ ස්ථානයට පැමිණ ඇති බව දැනගන්නට ලැබුනා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


තමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත් සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්‍රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු පුරුදු වුණේ ජනතාවට හිතැති, රටට උදාර මෙහෙයක් කරපු රජවරුන් වගේම ඒ ඒ ප්‍රදේශවල මහජන සේවයේ යෙදුණු පුද්ගලයන්ව මරණයෙන් පස්සේ ජනතාව විසින්ම දේවත්වයට පත් කරලා වන්දනා මාන කරන එක. කොළඹ හලාවත මහාමාර්ගය අසබඩ පිහිටි තිනිිපිටි වැව ඉස්මත්තෙහි තනා තිබෙන විශාල සුදු අස්රුව දෙස එමගෙහි යනෙන ඕනෑම අයෙකු දෙතුන් වතාවක්වත් හැරි හැරී නොබලන්නේ නම් පුදුමයකි. තනිවැල්ලේ දේවාලය නම් වූ මෙය සුවිශේෂී වන්නේ මේ විශාල අශ්වරුව නිසාමය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


ප්‍රධාන මාර්ගයට ඉතාම ආසන්නයේ මදක් ඇතුළට වන්නට පිහිටි මන්නාරම් බ‍යෝබැබ් ගස මධ්‍යයේ විශාල කුහරයක් ද සහිතව අපූර්වාකාරයෙන් දක්නට ලැබේ. ඩෙල්ෆ් දූප‍ෙත්ද, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද, කලා වැව් නිම්නයේ ග‍ඟේ වාඩිය නම් ගම්මානයේ ද මේ විශාල ගස් ඉතිරිව තිබෙන බව කියැවේ. අප රටට මේ ගස් පැමිණියේ අතීතයේ වෙළෙඳාම සඳහා පැමිණි අරාබි වෙළෙඳුන්ගෙන් බැව් විශ්වාස කෙරේ. එමෙන්ම ඉන්දියාවේ ද ටැන්සානියාවේ ද මෙවැනි බයෝබාබ් ගස් ඉතිරිව තිබේ. ශාක විද්‍යාඥයන් පවසන පරිදි මෙම ශාකය දුර්ලභ ශාක විශේෂයක් වන අතර ශ්‍රී ලංකාවේ ද මේ ගස් දුර්ලභ වන නිසා ම ආරක්ෂිත ශාකයක් ලෙසින් නම්කර තිබේ. එනිසාම “යක්ෂ ගසක්” වූවත්, ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන බයෝබාබ් ශාකය මතු පරම්පරාවගේ දැකීම සහ දැනුම සඳහා වර්තමාන පරම්පරාව විසින් රැකදීම කාගේත් යුතුකම වේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


පුත්තලමේ සිට මන්නාරම දක්වා දිවෙන සිලාවතුර මුහුද තිරය අදටත් මනස්කාන්තය. ඒ වගේම අතීත සැඟවුණු රහස්ද අපමණය. මුතුපර සඳහා ඉතා ප්‍රසිද්ධියක් ඉසිලු මන්නාරම් මූදු බොක්කේ ශිලාවතුර හා කොන්ඩච්චි අඩවිය පිලිබඳ ඓතිහාසික සාධක විල්පත්තුව ප‍්‍රදේශයේත්, විලච්චිය ප‍්‍රදේශයේත් අදටත් සඳහන්ව තිබෙනවා. මෙරට ඉතිහාසයේ තවත් එක්තරා පැතිකඩක් වශයෙන් කියාපාන ශිලාවතුර වැල්ලේ නැරඹුන්ව ඇති ඩොරික් බංගලාව බැලු බැල්මට ගුප්ත ස්වභාවයක් ගන්නා මෙය එහි වැසියෝ පවසන්නේ හොල්මන් බංගලාච ලෙසින්ය. මෙහි හොල්මන් ඇද්ද නැද්ද යන්න අපි නොදනිමු. එහෙත් මෙහි ඇති ඓතිහාසික පසුබිම පිළිබඳව ගෙනහැර දැක්වීමට උචිත යැයි අපි සිතමි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


පසුගිය දිනෙක අපි මන්නාරම සහ තලේ මන්නාරම ගිය විත්තිය ඔයාල දන්නවනේ. ඉතින් ඒ පිලිබඳ වීඩියෝවකුත් පසුගිය සතියේ ගෙන ආව. ඒ වගේම එහි අතු පෞරාණික දේවල් ගැනත් ඉදිරියේදී වීඩියෝවකින් ගෙන එන්නට සුදානම්ව සිටිනවා. ඉතින් අපි කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මන්නාරම වෙත දුම්රියෙන් ගමන් කරද්දී ඇස් අදහගතනොහැකි අපුරු සුන්දරත්වයක් අපි දුටුවා. ඉතින් අපි දුටු ඒ සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදාහදාගන්න තමයි අපි මේ සුදානම. ඉතින් වීඩියෝවනම් ටිකක් දිගයි. මොකද දුම්රියේ ඉඳන් අපි ගොඩක් සුන්දර තැන් රාශියක් පටිගත කළා. ඉතින් ඔයාලත් මේක බලල කොහොමද කියල සහ අපේ රටේ සුන්දරත්වය පිළිබඳව ඔයාලගේ අදහසත් කොමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


2017 නොවැම්බර් 21 වන අඟහරුවාදා ඉතාමත් කම්මැලි දවසක් විය. ඉතින් විශ්වකර්මයට හිතුනා එදා රෑම නයිට්මෙල් එකෙන් තලෙමන්නාරමට යන්න. ඉතින් ඔක්කොම ලැහැස්තිවෙලා ඉන්නකොට තනියම යන්න එපා කියල අපේ අම්ම කොක්කක් ඇද්ද. ඉතින් අපේ ඉස්කෝලේ යහළුව රනුෂ්කට කතා කරා මේ ගමනට එක්කාසු කරගන්න. ඉතින් ඌට එදා දවස බැහැ කියල කිව්වේ අපේ අනිත් ඉස්කෝලේ යහළුවෝ දෙතුන්දෙනෙකුත් දෙසැම්බර් මසටේ ට්‍රිපක් යන්න වටමේස සාකච්චාවක් දාල තියෙන නිසා. ඉදින් 23වනදා උදෙන්ම රනුෂ්කයයි මමයි උදේ කෝච්චියේ මන්නාරමට යන්න පිටත් උනා. මන්නාරමට ලඟා වෙද්දී හවස 5 විතර ඇති. ඉදින් අපේ එදා මන්නාරමේ රූම් එකක නැවතිලා පහුවෙනිදා උදෙන්ම මන්නාරම, තලේමන්නාරම සහ සිලාවතුර යන ප්‍රදේශවල සංචාරය කළා. ඉතින් අපි ඒ දුටු අසිරිය ඔයාලට පෙන්නන්න වීඩියෝ කරන්නත් අපි අමතක කලේ නැහැ. ඉතින් මේ ප්ලෑන් එකක් නැතිව හිතුන ගමන් යන්න ඕන උන මේ ගමනේදී අපිට ස්ථාන පිලිබඳ සහ එහෙදි ට්‍රාන්ස්පෝට් පහසුකම් ලබාදීමට කටයුතු කලේ නිල්මිණි අක්ක. ඉතින් මේ ගමනට උදව් කරපු නිල්මිණි අක්කටත් අපේ ස්තුතිය. ඉතින් අපි දැන් නරඹමු මන්නාරමේ සහ තලේ මන්නාරමේ අසිරිය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


ලෝකය කියන්නේ අබිරහස් රැසක් සඟවා ගත් තැනක්. මේ පෘථිවියේ අදහගන්න බැරි ලස්සන ප්‍රදේශ කොතෙකුත් තිබෙනවා මෙන්ම ඒවා අතරින් ගවේෂණය නොකළ ස්ථානද එමටය. තවමත් ගවේෂණ මට්ටමේ තිබෙන කෙසේ නම් ඒවා ගොඩ නැගී ඇද්ද කියන හේතුන් විසඳාගත නොහැකිව අදටත් විද්‍යාඥයන් උහතොකොටික ප්‍රශ්නවලට මැදිව සිටිති. ඉදින් විද්‍යාඥයින් විසින් අප්‍රමානිකව යෙදෙන විශ්ව ගවේෂණය විවිධ මිත්‍යා මත සුනු විසුනු කරන්නට සමත් වුවද සමහර කරුණු කාරනා විසඳාගත නොහැකිව අදටත් අබිරහසක්ව පවතියි. තවමත් අනාවරණය නොකරන ලද සොබා දහමේ විස්මිත භූ පිහිටීම් කිහිපයක් ගැනයි අද අපි ඔයාල හමුවේ තබන්නේ. මේ විස්මයජනක තොරතුරු රැස ඔබේ කුතුහලය නමැති පිපාසය සංසිඳුවනු නොඅනුමානයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


කොටි තිස්පහකට අධික මහායාන මෙන්ම ථෙරවාදී බෞද්ධයෝ ලොව පුරා වෙසෙති. කෙසේ වුවත් ඉන් අඩුම වර්ධනයක් සහිත ආගමික පිරිස බෞද්ධයන් බව පසුගියදා ඩේලි මේල් පුවත්පත වාර්තා කෙරින. ඒ වගේම දැනට වැඩිම වේගයකින් වර්ධනය වන ආගමික පිරිස වන්නේ ඉස්ලාම් භක්තිකයන් බවත් 2070 දී ලොබ බහුතර ආගම වන්නේ එය බවත් සමීක්ෂණයකදී හෙළි විය. ඉදින් මේ කරුණු කාරනා අතරින් ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය නිර්මාණය කිරීමෙහි ලා චීනය සමත් වෙලා තිබෙනවා. ඉදින් විශ්වකර්ම අපි බෞද්ධයන්ගේ පහන් සංවේගය උදෙසා මේ පිලිබඳ වීඩියෝ වැඩසටහනක් ඔබ වෙතට ගෙන එන්නට සැරසුණා. චීනයේ ලොරන්ගා නිම්නයේ පිහිටි මෙම ලෝකයේ විශාලතම බෞද්ධ ජනපදය බෞද්ධයන් වශයෙන් අපටත් පහන් සංවේගය උපදවන දසුනක් වනු නොඅනුමානයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

කොළඹ කියූ පමණින් සිහියට නැගෙන්නේ ඉතාමත් නාගරික ස්වභාවයක්. ඉතින් කොළඹ අවට සිත නිදහසේ තියාගන්න තරම් සුදුසු ස්වභාවික පරිසර පද්ධතියක් තියේද යන්නත් කා හටත් සැක උපදවන එක අරුමයක් නෙමෙයි. ඉතින් එක්දහස් අටසිය බර ගණන් වල කොළඹ ගාලුමුවදොරටත් අලි ආව කියල අහල ඇතිනේ. වර්තමානයේ තත්වයනම් මිට වඩා වෙනස්. නාගරිකරනයත් සමග එදා තිබුණු ගැමි සුන්දරත්වය කොළඹින් අතුරුදහන් වී ගිහින්. ඉතින් අද විශ්වකර්ම අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලව පුදුම කරවන කරුණක්. ඒ තමයි කොළඹද කියල ඉතාගන්නත් බැරි ජෛව විවිධත්වයකින් හෙබි තරමේ පරිසර පධතියක් ගැනයි. ඒ තමයි අසිරිමත් බැද්දගාන තෙත් බිම් උද්‍යානය. ලංකාවේ අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇති මේ සුන්දර පරිසර පද්ධතිය පිලිබඳ ඔබත් මවිතයට පත්වනවා නොඅනුමානයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


ලෝකය කියලා කියන්නේ අපට සංචාරය සදහා විවිධ ගමනාන්තයන් රාශියකින් යුත් මනහර ස්ථානයක්. සංචාරය, අද වනවිට ඉතා සරල ක්රියාවලියක් බවට පත්වෙලා. අපි අනිවාර්යයෙන්ම ඔබට කියන්නේ ඔබ සංචාරයෙහි නිරත වී පුළුවන් තරම් ලෝකය දකින්න. නමුත් ලෝකයේ භයානක ස්ථානත් ගොඩාක් තියෙනවා.. එමනිසාම අප තීරණය කළා කිසිම තත්ත්වයක් මත සංචාරකයෙකු වශයෙන් ඔබ නොයා යුතු ස්ථාන 5ක් පිලිබඳව ඔබව දැනුවත් කරන්න. දැන් අපි පටන් ගමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

කොළඹ නුවර පාරේ යනකොට අනිවාර්යයෙන්ම මතක් වෙන කොනෙක් තමයි සුර සරදියෙල්. කෑගල්ලත් මාවනැල්ලත් අතරෙ තියෙන සරදියෙල් ගල නිසා ඔහු ගැන අහලා තියෙන ඕනම කෙනෙකුට සරදියෙල් ගේ වික්‍රම මතක් කරන්න පුලූවන්. 2017 ජුනි මස 11 වන ඉරු දින විශ්වකර්ම අපිද Hiking Girls කණ්ඩායම සමග කොටුවෙන් පිටත් වුයේ උතුවන් කන්ද තරණය සඳහාය. මේ අප ලැබූ එහි ත්‍රාසජනක අත්දැකීමය. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

20 වන සියවසේ මහා ප‍්‍රාඥයෙකු හැටියට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) කෙටි සංචාරයකට මීට දශක නවයකට පෙර ලංකාවට ආ බව ඔබ දන්නවා ද?

ජර්මනියේ උපත ලබා අමෙරිකාවේදී මිය ගිය මේ මහා මොළකාරයා, ජිවිත කාලයේ නොයෙක් දේශ සංචාරවල යෙදුණා. 1922 ඔක්තෝබර් අගදී ඔහු සිය බිරිඳ එල්සාත් සමග මෙහි ආවේ ජපානයේ දේශන කිරීමට යන අතරතුරේයි. ගුවන් ගමන් නොතිබි ඒ යුගයේ එබඳු සංචාර සිදු කළේ නැව් ගමනින්. බොහෝ නැව් පෙර අපර දෙදිග බලා යද්දී දිනකට හෝ දෙකකට කොළඹ වරායේ නවත්වනවා.

අයින්ස්ටයින්ගේ ලංකා ගමන ගැන වැළලී ගිය තොරතුරු ඉස්මතු කර ගත්තේ ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් විසින්. කලක් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ (IFS) අධ්‍යක්‍ෂවරයා වූ ඔහු දැන් ඇමරිකානු සරසවියක උගන්වනවා.

මෙරටත්, අමෙරිකාවේත්, ඊශ‍්‍රයාලයේ ජෙරුසලමේ අයින්ස්ටයින් ලේඛනාගාරයේත් ගවේෂණ කිරීමෙන් තොරතුරු මතු කර ගන්නට ඔහුට හැකිව තිබෙනවා. මෑතදී ජාතික විද්‍යා පදනමේ දේශනයකදී ඔහු මේ තොරතුරු ඉදිරිපත් කළා.

අයින්ස්ටයින් හා එල්සා 1922 ඔක්තෝබර් 8 වනදා ප‍්‍රංශයේ මාසේ වරායෙන් ගමනාරම්භ කළා. ඔවුන් රැගත් කිතානෝ මාරු (Kitano Maru) නම් ජපන් මගී නොෟකාව ඊජිප්තුවේ පෝට් සෙඞ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං, චීනයේ ෂැංහයි යන වරායන්හි නතර කරමින් සති පහක චාරිකාව හමාර කළේ නොවැම්බර් 17 වනදා ජපානයේ කෝබේ නුවර වරායෙන්.

මේ ගමනට වියදම් කළේ ඔහුට ජපානයට ඇරයුම් කළ සනෙහිකෝ යමාමොතෝ Sanehiko Yamamoto නම් ජපන් ප‍්‍රකාශකයායි. ඔහුගේ තෝකියෝවේ කයිසෝහා Kaizosha ප‍්‍රකාශන සමාගම මුලික වී මාසයකට අධික කාලයක් ජපානයේ විවිධ තැන්වල අයින්ස්ටයින්ට විද්වත් දේශන සංවිධානය කරනු ලැබුවා.

1922 වන විට දශකයක පමණ කාලයක් තිස්සේ හැම වසරක ම භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට අයින්ස්ටයින්ගේ නම යෝජනා වුවත් නොබෙල් කමිටුව ඒ හැම වතාවකම හේතු නොදක්වා ත්‍යාගය වෙනත් අයට පිරිනැමුවා.

1919 වන විට තත්ත්වය වෙනස් වුණේ බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ආතර් එඩිංටන් පූර්ණ සූර්යග‍්‍රහණයක් නිරීක්‍ෂණය කොට අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයේ න්‍යායාත්මක පදනම තහවුරු කර තිබු නිසයි. එහෙත් මේ වන විට ජර්මනියේ බලධාරින් යුදෙව් සම්භවය සහිත උගතුන්ට කැනහිලිකම් කිරීම අරඹා තිබුණා. යුදෙව්වකු මෙන් ම අතිශයින් සාමවාදියකු (pacifist) ද වූ අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය නොදෙන ලෙස ජර්මන් වියතුන් හා නිලධාරින් නොබෙල් කමිටුවට රහසේ බලපෑම් කළා.

1922 ඔක්තෝබරයේ ඔහු ජපානය බලා නැව් නගින විට නැවත වාරයක් අයින්ස්ටයින්ගේ නම නොබෙල් ත්‍යාගයට යෝජනා වී තිබුණා. 1921 වසර සඳහා නොබෙල් ත්‍යාගය 1922 ඔක්තෝබර් මුලදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල යුතුව තිබණත් එය නොවැම්බර් මැද දක්වා අසාමාන්‍ය ලෙස කල් ගියා. මේ අවිනිශ්චිත බව අයින්ස්ටයින්ට මානසිකව බලපෑවා.

යුදෙව් බුද්ධිමතුන්ට හා ප‍්‍රභූන්ට ප‍්‍රහාර එල්ල කරන අහිතකර වාතාවරණයක් එවකට යුරෝපයේ පැවති නිසා කලකට යුරෝපයෙන් ඈත් වී සිටීමේ වැදගත්කම ද අයින්ස්ටයින් තේරුම් ගත්තා.

ඇල්බට් හා එල්සා කොළඹ වරායට ළගා වුණේ 1922 ඔක්තෝබර් 26 වනදා සවස. ‘කිතානෝ මාරු‘ නැව ජෙටියේ ගාල් කළ පසු ඔවුන් හමු වූ මුල් ම ලාංකිකයා වුයේ අයින්ස්ටයින් නමට ලැබී තිබූ ටෙලිග‍්‍රෑම් රැගෙන ආ සිහින්, සුදුවන් රැවුලක් ඇති පුද්ගලයෙක්. සමහර විට වරාය සේවකයකු හෝ නැව් සමාගම් සේවකයකු විය හැකියි. තම කාරිය ඉටු කොට එයට ‘ටිප් ’ එකක් ඉල්ලා සිටි බවත්, මේ මිනිසා ගැන කණගාටුවක් ඇති වූ බවත් අයින්ස්ටයින් දින පොතේ ලියා තිබෙනවා.

අයින්ස්ටයින් යුවල කොළඹ දෙදිනක් ගත කළා. ඔක්තෝබර් 27 වනදා ඔවුන් නගර සංචාරයකට නැවෙන් එළියට ආ විට ඒ සඳහා තිබුණු එක ම ප‍්‍රවාහන ක‍්‍රමය වූයේ රික්ෂෝයි. තවත් මිනිසෙකු ඇද ගෙන යන වාහනයකට අයින්ස්ටයින් කැමති වූයේ නැහැ. ‘රුපියල් දෙකයි – රුපියල් දෙකයි’ යනුවෙන් ඝෝෂා කරමින් ජෙටිය අවට පොර කන රික්ෂෝකරුවන් දුටු අයින්ස්ටයින් මවිත වූවා. එවිට නැවේ නිලධාරියකු කීවේ: ‘ඔබ දැන් ඉන්නේ පෙරදිග රටක. එහි යථාර්ථයට මුහුණ දෙන්න’ කියායි.

වෙනත් විකල්පයක් නැති බැවින් එල්සා හා ඇල්බට් රික්ෂෝවල නැගී වීදි සංචාරය කළා. එදින ඔහු දිනපොතේ ලියුවේ මෙයයි. ‘ලාංකික රික්ෂෝකරුවන් සිරුරෙන් කුඩා වූවත් ඔවුන්ට යොධ සවියක් ඇති බව පෙනෙවා. තවත් මනුෂ්‍යයකුගේ සවියෙන් ගමන් කිරීම මට මහත් පිළිකුල් සහගත කාරියක් වුවත් වෙන් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. එල්සා කීවේ මේ රැකියාවෙන් ඔවුන් පණ ගැට ගසා ගන්නා බවයි.’

කොළඹ නගරයේ ‘හින්දු ප‍්‍රදේශ’ හා ‘බෞද්ධ පන්සලක්’ තමන් නැරඹු බව අයින්ස්ටයින් දිනපොතේ ලියනවා. මේ පිටකොටුව ප‍්‍රදේශය හා කැළණිය පන්සල විය හැකි යයි තෙන්නකෝන් අනුමාන කරනවා. නැත්නම් කැළණිය යයි කියා වෙනත් පන්සලක් ඔවුන්ට පෙන්වන්නට ඇත් ද? තෙන්නකෝන්ට එබඳු දෙගඩියාවක් ද තිබෙනවා.

කොළඹ කොටුව ගැන අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ යන්තමින්. වරාය ගැන පමණයි. තමන් දුටු ස්ථානවලට වඩා මිනිසුන් හා ගැහැණුන් ගැන සාපේක්‍ෂව වැඩිපුර දිනපොතේ ලියා තිබෙනවා.

කොළඹ යාචකයන් ගැන ඔහු ලීවේ මෙයයි. ‘නාඳුනන අයකු දුටු විට රොත්තක් මෙන් එක් රැස් වන මේ යාචකයන් තමන්ගේ දුක් ගැනවිලි ගැන කියමින් සිඟමන් ඉල්ලන්නට ඉතා සමත්. එයින් ඕනෑම සිතක් උණු විය හැකියි.’

යාචකයින් මෙන් ම මහමග දුටු වෙනත් දුගී පෙනුම ඇති ලාංකිකයන් ගැන ද අයින්ස්ටයින් සානුකම්පිතව ලියනවා. ‘දුඹුරු හෝ කාල වර්ණ සම ඇති මේ අයගේ මුහුණුවල බොහෝ හැගීම් ප‍්‍රකාශ වෙනවා. ඇත්තට ම ප‍්‍රභූ සම්භාවයක් තිබී පසුව අසරණ වූ ගතියක් පෙනෙනවා. දුක්ඛිත පෙනුමට යටින් සියුම් ප්‍රෞඩත්වයක් ද දැකිය හැකියි.’

තවත් සටහනක තමා දුටු ලාංකිකයන් ගැන අයින්ස්ටයින් මෙසේ කියනවා. ‘ඔවුන්ගේ සිරුරු කුඩා වුවත් සවිමත් මුහුණු පියකරු හා ඉවසිලිමත් පෙනුමකින් යුක්තයි. දරුණු හෝ ප‍්‍රචණ්ඩ බවක් පෙනෙන්නට නැහැ. එසේම කඩපිල්වල ලොකු ගාල ගෝට්ටයක් ද නැහැ. පෝට් සේඞ්හිදී අප දුටුවාක් මෙන් කලබලකාරී නොවී සැහැල්ලූවෙන් දිවි ගත කරන බවක් පෙනෙනවා.’

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට ඉතා කෙටි සංචාරයකින් පසුව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කළ නිරීක්‍ෂණ එතරම් නිවැරදි නොවන බව තෙන්නකෝන් කියනවා. මුළු රටක් ජාතියක් ගැන එසේ ඉක්මන් නිගමන වලට එළඹීම විද්‍යානුකූල නැහැ. වෙනත් බොහෝ පැතිකඩවලින් විවෘත හා රැඩිකල් මනසක් තිබූ අයින්ස්ටයින් ලංකා සංචාරය කරන කාලයේ තවමත් පාරිසරික නියතිවාදය (environmental determinism) නම් සංකල්පය විශ්වාස කළ බව තෙන්නකෝන්ගේ විග‍්‍රහයයි.

මේ සංකල්පයේ හරය නම් මානව සමාජවල ප‍්‍රගතිය ඔවුන් වෙසෙන පරිසරයන් හා දේශගුණය මගින් මුළුමනින් නිර්ණය වන බවයි. (19 වන සියවසේ මතුව ආ මේ සංකල්පය 20 වන සියවස මුලදී ක‍්‍රමයෙන් ප‍්‍රතික්‍ෂෙප වූවා.)

අයින්ස්ටයින් ලංකාවට එන විට මේ මානසිකත්වයෙන් සිටි බව තෙන්නකෝන් කියනවා. සීමිත නීරික්‍ෂණ මත පදනම්ව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කියා ඇත්තේ මෙබන්දක්: ‘‘(ශීත ඝෘතු පවතින රටවලට වඩා) වසර පුරා සිරුරට දරා ගත හැකි ඝර්ම කලාපීය දේශගුණයක් පවතින ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි. ගුණයෙන් පිරිහුණු, රළු හා කෑදර යුරෝපීයයන්ට වඩා මොවුන් සංවරශීලියි. එහෙත් යුරෝපීයයන් භෞතික පරිසරය ජය ගන්නේ ඔවුන් සතු එම ගුණාංග නිසාමයි.’‘

කොළඹ වරායේ නැව් වලින් බඩු එහා මෙහා ගෙන යන කම්කරුවන් හා මුහුදේ ගිලී තිබෙන නැව් බඳ පවිත‍්‍ර කරන කිමිදුම්කරුවන් කෙතරම් වෙහෙසී වැඩ කළත් සිනහ වෙමින් හා නිරහංකාරව සිටි බවද අයින්ස්ටයින් වාර්තා කොට තිබෙනවා.

‘නගර සංචාරයේදී අයින්ස්ටයින් යුවල කොළඹ ධනවතුන් ප‍්‍රභූන් හා යුරෝපීය පාලකයන් පදංචිව සිටි ප‍්‍රදේශ ද පසු කර යන්නට ඇති. එහෙත් සාමාන්‍ය ජනයා ගැන උනන්දු වූ ඔහු මේ ප‍්‍රභූන් ගැන කිසිවක් දිනපොතේ ලියා නැහැ’ තෙන්නකෝන් කියනවා. අයින්ස්ටයින් ඒ වන විට ලෝක ප‍්‍රසිද්ධ චරිතයක් වූවත් ඔහුගේ කෙටි කොළඹ සංචාරය ගැන කිසිදු නිල වාර්තාවක් මේ දක්වා සොයා ගත නොහැකි වූ බව තෙන්නකොන් කියනවා. එසේ ම කොළඹ සිටි දෙදින තුළ කිසිදු නිල උත්සවයකට හෝ සාදයකට ඔහු සහභාගී වූ බවට සාක්‍ෂියක් ද නැහැ. අයින්ස්ටයින්ගේ සංචාරය ගැන මෙරට බි‍්‍රතාන්‍ය පාලකයන් දැන සිටියා විය යුතුයි.

නිල උත්සව පිළිගැනීම් හා පම්පෝරි ගැන තැකීමක් නොකළ අයින්ස්ටයින් දිනපොතේ එබන්දක් සටහන් නොකළා වුවත් වෙනත් වාර්තා පැවතිය හැකි ද? තමා ජාතික ලේඛනාගාරයේ ගවේෂණය කළත් මේ දක්වා සොයාගත හැකි වූයේ අයින්ස්ටයින් සමග ටයිම්ස් ඔෆ් සිලෝන් පත‍්‍රයේ වාර්තාකරුවකු කළ සාකච්ඡාව හා ගමන ගැන කෙටි පත‍්‍ර වාර්තා පමණක් යයි තෙන්නකෝන් කියනවා.

‘‘ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්තාකරුවා හොඳින් කරුණු අධ්‍යයනය කොට පැමිණ අයින්ස්ටයින් සමග සාකච්ඡා කළ බව එය මනා සේ ලියා ඇති ආකාරයෙන් පැහැදිලියි. අද මෙන් ඉක්මනින් තොරතුරු සොයාගත නොහැකි වූ ඒ කාලයේ පවා අළුත් ම පර්යේෂණ තත්වය මේ වාර්තාකරුවා දැන සිටි බව පෙනෙනවා’’

දෙදිනක කෙටි නතර වීමකින් පසු කිතානෝ මාරු නැව යළිත් ගමනාරම්භ කළා. ඔක්තෝම්බර් 29දා මධ්‍යයනයේ කොළඹ වරායෙන් පිටත්ව යද්දී අයින්ස්ටයින් දිනපොතේ ලිව්වේ ‘‘ලංකාව ගස්වැල්වලට නම් පාරාදීසයක්. එහෙත් එහි වැසියන් නම් ගෙවන්නේ දුක්බර දිවියක්’’ කියායි.

නොවැම්බර් 2 වනදා නැව සිංගප්පූරුවට ළඟා වුණා. එහිදී විවිධ නිල හා ශාස්ත‍්‍රිය උත්සව ගණනාවක් සංවිධානය කර තිබූ අතර, ඒවා ගැන අයින්ස්ටයින් දිනපොතේ මෙන් ම වෙනත් (මාධ්‍ය හා අනෙක්) මූලාශ‍්‍රවල ද වාර්තා වී තිබෙනවා.

එතැනින් යාත‍්‍රා කළ නැව නොවැම්බර් 9 වනදා හොංකොං වරායට ද නොවැම්බර් 13 වනදා චීනයේ ෂැංහයි වරායට ද ළඟා වූවා. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය අයින්ස්ටයින්ට පිරිනමා ඇති බව ඔහු දැන ගත්තේ මේ දෙනුවර අතර මුහුදේ සිටියදී. ඒ නොවැම්බර් 11 වනදා.
සාම්ප‍්‍රදායිකව වසරේ දෙසැම්බර් 10 වනදා නොබෙල් ත්‍යාග පිරිනමනවා (සාම ත්‍යාගය නෝර්වේ අගනුවර ඔස්ලෝ නුවරදීත් ඉතිරි සියළු ත්‍යාග ස්වීඩන් අගනුවර ස්ටොකෝම්හිදීත්). එහෙත් තමාට පිරිනැමුණු නොබෙල් ත්‍යාගය පිළිගන්නට අයින්ස්ටයින් ස්ටොකෝම් ගියේ නැහැ. දිගට ම ජපන් සංචාරය කර ගෙන ගියා. ජපානයේ ඉතා ඉහළින් ඔහුට සළකණු ලැබුවා.

පසු දිනෙක අයින්ස්ටයින් තම නොබෙල් ත්‍යාගය එකතු කර ගත්තා. ජර්මනියේ අධික උද්ධමනය නිසා ආර්ථික අහේනියට මුහුණ පා සිටි ඔහුට තෑගි මුදල වෙලාවේ හැටියට ලොකු උපකාරයක් වූවා.
අයින්ස්ටයින් චරිතය හා එවකට පැවති සමාජයීය හා දේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කළ කීර්ති තෙන්නකෝන් කියන්නේ අයින්ස්ටයින් තම යුගයේ ප‍්‍රවණතා සියුම්ව ග‍්‍රහණය කළ කෙනකු බවයි. සමහරුන් සිතන තරම් ප‍්‍රායෝගික දේවල් නොතැකූ හා තමන්ගේ ම කල්පනා ලෝකයක ජීවත් වූ අයකු නොවන බවයි.

ඔහුට තියුණු දේශපාලනික හා සාමයික දැක්මක් ද තිබුණා. ඒ ගැන වෙන ම කථා කළ යුතුයි.

(උපුටා ගැනීම: නාලක ගුණවර්ධන,රාවය පුවත්පත)
Powered by Blogger.