Showing posts with label News. Show all posts

නව වසරක් උදා විය. එය පෘථිවියට පමණක් නොව මුළු විශ්වයටම බලපාන අන්දමේ දෙයකි. මේ වසරේ පළමු චන්ද්‍රග‍්‍රහණය මෙම මස 31 වෙනිදා ඇති වේ. මාසයේ දෙවෙනි පූර්ණ චන්ද්‍රයා එදිනට පායන අතර එම චන්ද්‍රයා හඳුන්වන්නේ ‘බ්ලූ මූන්’ ලෙසිනි. මාසයක දෙවෙනි පූර්ණ චන්ද්‍රයා සමඟින් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් ඇති වීම වසර 150කට පමණ පසුව සිදුවන සිදුවීමක් බව නාසා ආයතනය පවසයි.

ජනවාරි 31 ද‌ා මධ්‍යම රාත්‍රියේදී පූර්ණ චන්ද්‍රග‍්‍රහණය ඇති වන අතර එම මොහොතේදීම පැසිෆික් සාගරය අවට ප‍්‍රදේශයට දිස් වේ. ඉන්දියන් සාගරය, මැදපෙරදිග හා නැගෙනහිර යුරෝපයට චන්ද්‍රයා නැඟ ඒමත් සමඟින් චන්ද්‍රග‍්‍රහණයේ ආරම්භය පමණක් දිස් වෙනු ඇත. 

නැගෙනහිර ඇලස්කාව, හවායි හා වයඹදිග කැනඩාවට චන්ද්‍රග‍්‍රහණයේ ආරම්භයේ සිට අවසානය දක්වාම නැරඹිය හැකිය. උතුරු හා මධ්‍යම ඇමරිකාවටත් එතරම්ම පැහැදිලිව නොවුණත් චන්ද්‍රග‍්‍රහණය නැරඹිය හැකි වෙනු ඇත. එසේම ‘බ්ලූ මූන්’ චන්ද්‍රයාගේ පැහැදිලිම රූපය නවසීලන්තයටත් ඕස්​ෙ‌ට්‍ර්ලියාවටත් සැන්දෑ අහසේ දැකිය හැකිය. 

මෙලෙස විවිධ වේලාවන්හි පෘථිවියේ විවිධ පැතිවලට දිස්වන චන්ද්‍රග‍්‍රහණය සඳහා මිනිත්තු 77ක් ගතවෙනු ඇතැයි නිරීක්ෂකයින් උපකල්පනය කරයි.

එළඹෙන 31 වැනිද‌ා සිදුවන බ්ලූ මූන් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයට පසුව යළිත් පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් ඇති වන්නේ 2028 දෙසැම්බර් 31 වැනිදායි. ඉන්පසුව 2037 ජනවාරි 31 වැනිදාත් පූර්ණ චන්ද්‍රග්‍රහණයන් ඇතිවෙයි. ගෙවී ගිය 2017 වසරට පෙර මෑතක කාලයේ චන්ද්‍රග්‍රහණයක් ඇති වූයේ 2009 දෙසැම්බර් 31 වැනිදායි. එහෙත් එය අර්ධ චන්ද්‍රග‍්‍රහණයකි. ඊට පෙර 1866 මාර්තු 31 වැනිදා බ්ලූමූන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇති වී තිබිණි. 

ජනවාරි 31 වැනිදා දකින්නට ලැබෙන මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සුවිශේෂි වන්නෙත් ආසන්න වශයෙන් වසර 152කට පසුව දැක ගන්නට ලැබෙන දෙයක් නිසාවෙනි. එහෙත් ශ්‍රී ලංකාවේ සිටින්නන්ට නම් මෙම සුවිශේෂී අවස්ථාව පියවි දෑසින් දැක ගැනීමට අවස්ථාවක් නොලැබේ.   

මේ වසර කොහොමටත් චන්ද්‍රයාට සුවිශේෂී ස්ථාන ලැබෙන වසරකි. බොහෝ මාසයන්වල පූර්ණ චන්ද්‍රයා දෙවරක් දිස්වේ.

පවනි උමයංගනා - ලංකාදීප   

ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි  

ජාත්‍යන්තර කාලගුණ ආයතනය විසින් රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලංකාව ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් තෙක් වර්ධණය වී ඇති බවත් එය පෙන්වන්නේ එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවත්ය.

කෙසේ වෙතත් චන්ද්‍රිකා ජායාරුප අනුව මෙම පීඩන අවපාතනය දකුණු වෙරලාසන්නයෙන් ඉවත් වී බටහිර දෙසට ගමන් කරනු ඇති බව පෙන්වා දෙයි.

පැයට කිලෝමීටර් 80-100 පමණ වේගයකින් සුළං ධාරාවක් හමා යමින් පවතින අතර මෙම තත්වයත් සමග දිවයින වටා මුහුදු තීරනය්හි තද වැසි සමග තද සුළං ඇති වනු ඇත.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවනු ඇති අතර බොහෝ ප්‍රදේශයන්හි වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වනු ඇතැයිද සඳහන්ය.

බස්නාහිර කොළඹ අවට බලපෑ දැඩි වර්ෂාපතනය සහ සැඩ සුළං හේතුවෙන් පුද්ගලයන් විස්සක පමණ පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව දේශීය මාධ්‍ය පවසයි.

එසේම හෙට දිනයේ වෙරළාසන්න කලාපවල ධිවර පිරිස් එම කටයුතුවලින් බැහැර වී සිටින ලෙසටද ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර ප්‍රජාව දැනුවත් කර ඇත.

ක්ෂණිකව හටගත් මෙම අයහපත් කාලගුණ තත්වය නිසා ප්‍රදේශ රැසක ගස් කඩා වැටී ඇති අතර විදුලි බලයද විසන්ධි වී ඇති බැව් දැනගන්නට ලැබිණ. එසේම මෙම කාලගුණ තත්වය නිසා වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

කෙසේ වෙතත් මෙම අයහපත් කාලගුණ තත්වයෙන් ඒ ප්‍රදේශවල වැසියන්ට ආරක්ෂිතව සිටීමට උපදෙස් දී ඇත.

අන්තර්ජාලය හරහාත් ශ්‍රව්‍ය දෘශ්‍ය නාලිකා හරහාත් ලිඛිත මාධ්‍යය ඔස්සේත් උණු කැවුම් වගේ පැතිරගිය සුනාමි බියක් ඉන්දීය අගමැති මෝඩිට පුද්ගයෙක් යැවු ලිපියත් සමග ඇති විය. මේ ලිපිය නිසාම අන්තර්ජාලයම කැළඹී ඇති බව නොරහසකි. විවිධ මාධ්‍යය වල මේ පිලිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරන අතර නිම්මි මුදිතා හේරත් විසින්ද දිවයින පුවත්පතට එම සුනාමි ලිපියේ සිංහල අනුවාදයක් ලියා ඇත. එසේම විශ්වකර්ම අපිද මේ පිළිබඳව ආචාර්ය ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්තයන්ගෙනුත් අසන්නට අමතක කලේ නැත. ඉදින් ඇත්තටම සුනාමියක් එයිද? ප්‍රවීනයන්ගේ සහ විද්‍යාඥයන්ගේ මෙන්ම ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ අදහසත් අපි මෙලෙසින් එකට කැටිකොට දක්වන්නෙමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


එළැඹෙන නොවැම්බර් 19 වැනි දින හෝ ආසන්න දිනකදී අබිරහස් "නිබිරු" ග්‍රහ ලෝකය ඝට්ටනය වීම හේතුවෙන් පෘථිවිය විනාශයට පත්වන බව සෞරග්‍රහ මණ්ඩලයේ මතුවන අර්බුද පිළිබඳ මත පළකරන න්‍යායවාදීන් කණ්ඩායමක් විසින් අනාවරණය කොට තිබෙනවා. මීට පෙරද සැප්තැම්බර් 23 වන දින මේ අන්දමින් ලෝක විනාශය සිදුවන බව ක්‍රිස්තියානි ගණිත ශාස්ත්‍රඥයකු විසින් ප්‍රකාශ කොට තිබිණි. මෙම පුවත මාධ්‍යවල විශාල අවධානයකට ලක්ව ඇති නමුත් නාසා ආයතනය පවසන්නේ එවැන්නක් සිදුවීමට කිසි ලෙසකින් ඉඩ නොමැති බවයි.

ඉහත මතය පළ කරන න්‍යායවාදීන් පවසන්නේ නොවැම්බර් මස 19ට ආසන්නයේ නිබිරු මත අති ප්‍රබල භූකම්පන රැසක් හට ගන්නා අතර ඒ හේතුවෙන් පෘථිවියේ ජීවය සහමුලින්ම විනාශ වී යන බවයි.

"ප්ලැනට් ×" යනුවෙන්ද හඳුන්වන නිබිරු අප සෞරග්‍රහ මණ්ඩලයේ අෑත කොනක පිහිටා ඇතැයි පැවැසෙන උපකල්පිත ග්‍රහ ලෝකයක්. එය හිරු වටා වරක් භ්‍රමණය වීම ස¼දහා වසර 3600ක් ගතවන බව සඳහන් වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ අර්බුද පිළිබඳ මත පළ කරන න්‍යාය වාදීන් විශ්වාස කරන අන්දමට නිබිරු නම් "රළු ග්‍රහයාගේ" ගුරුත්වාකර්ෂණ බලපෑම මඟින් මීට වසර සිය ගණනකට පෙර ද සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන්ගේ කක්ෂයට බාධා පමුණුවා තිබෙනවා. ඊළඟ විනාශකාරී පියවර ඕනෑම අවස්ථාවක සිදුවීමට ඉඩ ඇති බව පවසන එම න්‍යායවාදීන් එය සෘජුවම පෘථිවියේ ගැටීමට හෝ පෘථිවිය මත විනාශකාරී කාලගුණික රටා මතු කරනු ඇතැයි සඳහන් කරනු ලබනවා.

වසර 20ක පමණ කාලයක සිට මෙම උපකල්පිත ග්‍රහ ලෝකය පිළිබඳ න්‍යායවාදීන්ගේ අවධානය යොමු වූ අතර මේ පිළිබඳ නවතම අදහස් ප්‍රකාශයට පත් කොට ඇත්තේ ර්ථීතචදඥබයදඥඹඵ.ජධථ වෙබ් අඩවිය මඟිනුයි. මේ පිළිබඳව අදහස් දක්වන ඔවුහු සඳහන් කරන්නේ මෑත භාගයේ පෘථිවියේ ඇතිවූ භූකම්පන සහ ගිනි කඳු පිපිරීම් ආදියට හේතුව, පෘථිවි කක්ෂයට සමීප වෙමින් පවතින නබිරු ග්‍රහයා විසින් ඇති කළ ගුරුත්වාකර්ෂණ බලපෑම බවයි.

කෙසේ වුවද මේ පිළිබදව තම අදහස් දක්වන නාසා ආයතනය සඳහන්

කරන්නේ න්‍යායවාදීන් විසින් සඳහන් කරන අන්දමේ ලෝක විනාශයක් වීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවයි. එසේම නිබිරු නම් ග්‍රහ ලෝකයක් නොමැති බවත් එය හුදු "අන්තර්ජාල මවාපෑමක්" පමණක් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

"නිබිරු එහෙමත් නැතිනම් ප්ලැනට් × නම් ග්‍රහලෝකය සැබෑවක් නම් සහ එය ඝට්ටනය වීමට පෘථිවිය කරා ඇදී එනවා නම් ගගන විද්‍යාඥයන්, තාරකා ශාස්ත්‍රඥයන් අඩුම ගණනේ ඒ පිළිබඳ යම් හෝඩුවාවක් මීට අවුරුදු 10කටවත් පෙර සොයා ගන්නවා. ඒ වගේම මේ වන විට එය යාන්තමින් හරි පියවි ඇසට පෙනිය යුතුයි. මේ අනුව එහෙම ග්‍රහ ලෝකයක් නැති බව අපට ස්ථීරවම කිව හැකියි." නාසා ආයතනය එසේ පවසනවා.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රිස්තියානි ගණිත ශාස්ත්‍රඥයකු වන ඩේවිඩ් මීඩ් විසින් 2017 සැප්තැම්බර් 20 හා 23 අතර නිබිරු ග්‍රහයා පෘථිවියේ ඝට්ටනය වන අතර ඒ බව පුරාණ ඊජීප්තු පිරමීඩයක සඳහන්ව තිබූ බව ප්‍රකාශ කොට තිබුණා. නමුත් එය එසේ සිදු වූයේ නැහැ. එසේ වුවත් මෙවැනි මත පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරන බොහෝ සංඛ්‍යාවක් ලොව පුරා සිටිනවා.

ගැමුණු රත්නායක

මව්බිම ඇසුරිණි


ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේවත් කොතනකවත් නොවන සිද්ධියක් අද (12) රත්නපුරයෙන් වාර්තා වුණා. අමාරුම කාලයේ රටේ තිබෙන චාරිත්‍ර සහ සිංහලකම සුරකිමින් තමා හමුවට පැමිණෙන හිතවතුන් අසල්වැසියන් අසරණයන් හට මුදල් ආධාර ලබා දීමක් අද දින රත්නපුර මලංගම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී පැවැත්වුණා.

මේ අවස්ථාවට ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණි අතර ඔවුන් එකිනෙකාට රුපියල් 5000, 3000, 2000, 1500,1000 බැගින් මුදල් බෙදා දුන් අතර රුපියල් ලක්ෂ 50ක මුදලක් පැය 4ක් වැනි කාලයක් තුලදී බෙදාදීම විශේෂිත වේ.


Powered by Blogger.