Showing posts with label Weekly Astrology Forecast. Show all posts

මේෂ

කුජ හිමි මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති කුජ දිග්බලව කේතු සමග දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැන’මට හැකිවේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ අපේක්‍ෂා කළ හැකියි. ඔබගේ රැුකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැන’මට හැකිවේ. මේ අතර අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල කටයුතු සාර්ථක වේ. විවාහ සහකරුට සුබදායක වේ. සමාජයේ ජනප‍්‍රියතාවයට පත්වේ. සති මැදදී සතුරු කරදරයක් නිසා කලකිරීමක් ඇතිවීමට ඉඩ ඇති අතර සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලූ ඇති කරයි. ආරක්‍ෂක අංශයේ රැුකියා කරන අයට විශේෂ සුබපල උදාවේ.

සුබ පාට - රෝස සුබ අංකය - 03

වෘෂභ - 

ඔබේ ලග්නාධිපති සිකුරු සමග ගුරු හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ඔබේ පදිංචිය සම්බන්ධව තිබූ න’තිමය ගැටලූවකට විසඳුම් ලබා ගත හැකිවේ. මේ අතර සිත් තැවුල්ද ඇතිවීමට ඉඩ තිබේ. ඔබ නිරත වන කටයුතුවලදී නායකත්වයක් හෝ තනතුරු ලැබීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. හෘදයාබාධ හා රුධිර ප’ඩනය වැනි රෝග ඇති අය වෛi උපදෙස් මත නිසි මාත‍්‍රාවෙන් ඖෂධ ලබා ගන්න. කෙසේ නමුත් සෙනසුරු අපලයක් ගත කරන නිසා මෝර පිරිත භාවිත කිරීමෙන් සුබ ප‍්‍රතිඵල උදාකර ගත හැක.

සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය - 06

මිථුන - 

ඔබේ ලග්නයට හා සිව්වැන්නට අධිපති බුධ සමග රවි, සඳු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබදායක වේ. ලිපිලේඛන හා අධ්‍යාපන කටයුතු කරන අයට සුබවේ. තම දක්‍ෂතා එළි දැක්වීමට අවස්ථාව උදාවේ. ගෘහජීවිතය යහපත් වේ. නිවසේ ළිං කැප’ම හා ජල සම්පාදන කටයුතුවලට සුබවේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. අසල්වැසියන් අතර වෙනදාට වඩා සමගිය ඇතිවේ. දරුඵල අපේක්‍ෂා කරන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. මේ අතර වියදම් පාලනය කර ගන්න. හදිසි අනතුරුවලින් ප‍්‍රවේශම් වන්න. කේතු දශා ගත කරන අය විෂබීජ ශරීර ගතවීම් හා ශරීර පෝෂණය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - ලා කොළ සුබ අංකය - 04

කටක - 

සඳු හිමි කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සඳු සමග රවි, බුධ දෙවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවන්නේය. ගෘහ ජීවිතය සුබදායක වන අතර නිවසේ ආගමික කටයුත්තක් සංවිධානය කිරීමට සිත යොමුවේ. නිවසේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ඔබට ප‍්‍රයෝජනවත් ගමන් බිමන්ද යෙදේ. මේ අතර තැන්පත් ධනය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන්න. ස්වයංරැුකියා වලින් හා කෘෂිකාර්මික කටයුතුවලින් බලාපොරොත්තු වූ ඉලක්ක ළඟා කරගත හැක. රැුකියා කටයුතුවලට සුබදායක වේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. වාහන ගනුදෙනුවලට සුබවේ. ඇස්වල ආබාධ ඇතිවීමට ද ඉඩ ඇත.

සුබ පාට - සුදු සුබ අංකය - 02 

සිංහ - 

ඔබේ ලග්නාධිපති වන රාජ්‍යකාරක රවි බලවත් වී 

දිග්බල බුධ හා සඳු සමග ලග්නයේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැන’මට නම් අලස නොවී උනන්දු විය යුතුය. සිංහ ලග්න හිමියන් තම ඉදිරි දියුණුව ගැන සිත යොමු කරයි. රැුකියා කටයුතු වලද’ ඔබගේ තනතුරු වල උසස්වීම් ලැබේ. උසස් අයගේ ප‍්‍රශංසා හිමිවේ. බාල සහෝදරයින්ට සුබවේ. මේ අතර විනෝද චාරිකාද යෙදිය හැකියි. සතුරු කරදර මර්ධනය වේ. විදේශ රැුකියා හා විදේශ ගමන් බලාපොරොත්තු වු අයට සුබ ප‍්‍රතිඵල ලැබේ. බොහෝ විට අසන’ප වලින් සුවය ලැබේ. 

සුබ පාට - දිලෙන සුදු සුබ අංකය - 01

කන්‍යා - 

ඔබේ කේන්දරයේ ලග්නයට හා දහවැන්නට අධිපති බුධ, රවි හා සදු සමග දොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායක වේ. ඔබගේ රැුකියා කටයුතු නිසා දුර ගමන් හෝ විදේශ ගමන්ද යෙදිය හැකියි. ආදායම් සතුටුදායක වුවත් වියදම්ද ඉහල යන බව පෙනේ. ඔබ සාර්ථකව කරගෙන ආ කටයුතු වලට තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත. රැුකියා හා ව්‍යාපාර කටයුතු වලද’ උසස් අය අමනාප වීමට හෝ නිත’මය 

ගැටලූවක් ඇතිවීමට ඉඩ ඇත. මේ අතර උසස් අධ්‍යාපන කටයුතු වලට සුබදායකයි. කෙසේ නමුත් සිකුරු බලවත් නිසා පෙරපින, වාසනාව හා දෙවි පිහිට ලැබේ. විවාහ සහකරු නිසා ධනයක් ලැබේ. උෂ්ණාධික රෝග වලින් ප‍්‍රවේශම් වන්න.

සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය - 06

තුලා -

ලග්නාධිපති සිකුරු බලවත්ව ගුරු සමග 

ලග්නයේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතු වලට සුබ වේ. රැුකියා හෝ ව්‍යාපාර සඳහා උසස් අයගේ සහයෝගය ලැබේ. හිඟ වැටුප් ලැබීමටද ඉඩ ඇත. න’තිමය අංශවලද සහය ලබා ගැන’මට හැකිවේ. පිරිස් බලය ලැබේ. උසස් මිතුරු මිතුරියන් හඳුනා ගැන’මට අවස්ථාව උදාවේ. වැඩිමහල් සහෝදරයකුගේ රැුකියා ප‍්‍රශ්නය විසඳේ. මේ අතර ගෘහ ජීවිත ගත කිරීමේදී ක්‍ෂණික කෝපය පාලනය කර ගන්න. අවිවාහක අයට මංගල යෝග යෙදේ. යුගදිවි ගත කරන අයට සුබදායක වේ. ඔබේ ආදායම් තත්ත්වය ද යහපත් වේ. ගෘහනිර්මාණ කටයුතුවලට සුබවේ. 

සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය - 06

වෘශ්චික - 

ලග්නාධිපති කුජ උච්චව කේතු සමග තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබා සුබ මිශ‍්‍රපලදායක වේ. ඔබේ රැුකියා කටයුතුවල විශේෂ සාර්ථකත්වයක් දැකිය හැකිවේ. රැුකියා අංශවල ප‍්‍රධාන’න්ගේ ඇගය’මට ලක්වේ. රැුකියා නොමැති අයට රැුකියා අවස්ථා උදාවේ. ව්‍යාපාරිකයින්ට සතුටුදායක ආදායමක් ලබා ගත හැකියි. තැන්පත් ධනය පරිහරණයේදී දුරදිග බලා කටයුතු කරන්න. වියදම් පාලනය කර ගන්න. මේ අතර විවාහ සහකරුට තරමක් අපලයි. අවිවාහක අයගේ මංගල යෝජනාවලට ද තරමක බාධා පවත’. දරුවන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතින නිසා බොහෝ බාධා ජයගත හැකිවේ. 

සුබ පාට - රෝස සුබ අංකය - 03

ධනු - 

ඔබේ කේන්දරයේ ලග්නයට හා සිව්වැන්නට අධිපති ගුරු ලාභස්ථානයේ ගමන් කරමින් උදාවන මෙම සතියේ පෙර පින, වාසනාව හා දෙවියන්ගේ පිහිට උදාකර කර ගත හැක. ගෘහජීවිතය පිළිබඳව සාර්ථක බවක් ඇතිවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. විදේශ ගමන්වලින් සුබපල ලැබේ. ආගමික ශාස්තෘවරුන්ගේ අවවාද අනුශාසනා ලැබේ. ආගම දහමට සිත යොමුවේ. මේ අතර ව්‍යාපාරිකයින්ට අපේක්‍ෂිත ලාබ ලැබේ. අවිවාහක තරුණ තරුණයින්ගේ මංගල කටයුතුවලට සුබවේ. ආදායම් තත්ත්වය යහපත් වේ. වැඩිමහල් සහෝදරයින්ට සුබයි. සෙනසුරු අපලයට අදාළ ග‍්‍රහ ශාන්තිකර්මවල නිරත වන්න.

සුබ පාට - කහ- තැඹිලි සුබ අංකය - 05

මකර - 

ඔබේ ලග්නාධිපති ශනි දොළොස්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපලදායකයි. සතිය ආරම්භයේ සඳු දුර්වලව ගමන් ගන්නා නිසා සිත්තැවුල් හා සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට ඉඩ ඇත. ජලයෙන් ප‍්‍රවේශම් වන්න. කෙසේ නමුත් සතිමැද වනවිට ගැටලූ රාශියකට විසඳුම් ලැබේ. ආගම දහමට සිත යොමුවේ. විවාහ සහකරුට සුබයි. පෙම්වතුන්ට සුබදායක වන අතර අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වේ. මේ අතර රවි හා බුධ අටවැන්නේ ගමන් කිරීම නිසා රැුකියා කටයුතුවලදී ප‍්‍රවේශම් වන්න. ලිපිලේඛනවලට අත්සන් කිරීමේදී හා කතා කිරීමේදී දුරදිග බලා කටයුතු කරන්න. උෂ්ණාධික රෝග වලින් ප‍්‍රවේශම් වන්න.

සුබ පාට - මිශ‍්‍ර ලා සුබ අංකය - 06

කුම්භ - 

ලග්නාධිපති ශනි අයස්ථානයේ ගමන් කරමින් උදාවන මෙම සතිය ඔබට මිශ‍්‍රපලදායක බවක් පෙන්වයි. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. දක්‍ෂ ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවීම්වලට දොරටු විවර වේ. විවාහ සහකරුගේ රැුකියා ප‍්‍රශ්නයකට විසඳුම් ලැබේ. ගෘහජීවිතයේ දියුණුවට කරන කටයුතුවලට සුබදායක වේ. ආගම දහමට සිත යොමුවේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. ආදායම් සතුටුදායකයි. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වේ. හවුල් ව්‍යාපාරවලට සුබවේ. මහජන ප‍්‍රසාදය හිමිවේ. සති අගවන විට සතුට සැනස’ම උදාවේ. 

සුබ පාට - ලා නිල් සුබ අංකය - 07

මීන - 

ඔබේ කේන්දරයේ ලග්නයට හා දසවැන්නට අධිපති ගුරු, සිකුරු සමග අටවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදාවේ. මෙම සතිය මුලදී දරුවකුගේ කටයුත්තක් නිසා අමතර වෙහෙසක් දරන්නට සිදුවිය හැකියි. ව්‍යාපාරවලට මුදල් යෙදවීමේදී දුරදිග බලා කටයුතු කරන්න. ණය මුදලක් ලබා ගැන’මට බලාපොරොත්තු වූ අයට පහසුකම් සැලසේ. සතුරු කරදර ජයගත හැකිවේ. රැුකියා කටයුතු කිරීමේදී උසස් අයගේ ඇගය’මට ලක්වේ. නඩුවලින් ද ජයග‍්‍රහණ හිමි කරගත හැකිවේ. ආදායම් තත්ත්වය යහපත් වේ. මේ අතර නිෂ්ඵල ගමන් බිමන්ද යෙදේ. ගුරු දශා ගත කරන අය සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න

සුබ පාට - රෝස සුබ අංකය - 03

අජන්තා ඒකනායක

මේෂ

සුබ පල ගෙන දෙයි. ක්‍රියාශීලීව කටයුතු කරයි. රැකියාවේ ගැටලු මතු කරයි. තරමක් අවිවේකී වේ. සමාජ සත්කාර කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. අධික කාමාශා ඇති කරයි. ආගමික කටයුතුවලට සහභාගි වේ. උදරාබාධ ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතී. මහත් ආඩම්බරයෙන් කාලය ගත කරයි. නිවසේ සමගියට සුළු බාධා පැමිණේ. විනෝද ගමන් හෝ දුර ගමනකට හේතු වේ. එක් ගතියකින් කල්ගත කිරීම අසීරු වෙයි. චංචල ගති ඇති වේ. කොටස්කාර ව්‍යාපාර තුළින් ලාභ ලැබේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා

සුබ වර්ණ – රතු සහ නිල්

සුබ අංක – 1, 2, 4, 5, 7, 9

සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ

මිශ්‍රපල ගෙනදෙයි. අලංකාර දේ සඳහා මිල මුදල් වැය කරයි. උසස් ගති වර්ධනය වේ. මව් පාර්ශ්වයේ හොඳ හිත දිනාගනී. ආගමානුකූලව කටයුතු කරයි. පපුවේ සෙම් රෝග සාදයි. පියාට අකීකරු වේ. සොහොයුරන්ට යහපත් වේ. සිහිකල්පනාවෙන් කටයුතු කරයි. අනාගත කටයුතු කෙරේ සැලසුම් සදයි. බෝවන රෝගවලින් ප්‍රවේශම් විය යුතුයි. සම්පත් භවභෝග යහමින් ලැබෙන සතියකි. දියුණුවට තිබූ බාධා මගහැරේ. තමන්ට වඩා පහත් ගතිගුණ ඇති අය ඇසුරට ලැබේ.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා

සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි

සුබ අංකය – 06

සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන

ශුභා’ශුභ මිශ්‍රපල උදාවෙයි. කතාව බහුල වෙයි. මඳක් උස් හ¾ඩින් කතා කරයි. නිවසේ අඬදබරවලට හේතුයි. සම්මුඛ පරීක්ෂණ හෝ එවැනි සාකච්ඡාවන්ට ඉඩකඩ පවතී. තම සැලසුම් ක්‍රියාත්මක කරයි. ආගමික උත්සව සංවිධානය කරයි. වස්තුව නිකරුණේ වියදම් කරයි. එයට හානි වේ. කොමිස් පිට භාණ්ඩ සැපයීමෙන් ලාභ ලැබේ. දුර ඥාතීන් වෙත යාමට සිත් වේ. පණ්ඩිත ගුණ වර්ධනය වේ. සහෝදර සහෝදරියන්ට සුබපල දේ. විනෝදජනක කටයුතු සඳහා මුදල් යහමින් වියදම් කරයි.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සුබ වර්ණ – කොළ, කහ

සුබ අංකය – 3, 5

සුබ මැණික් – පච්ච

කටක ලග්නය

සුබපල ගෙන දේ. උදේ‍යා්ගයෙන් පිබිදුණු ගතියෙන් කටයුතු කරයි. අන්‍යයන් අතර ප්‍රකට වේ. සුන්දර කතා ඇති වේ. අඩු වැඩි වුවද මුදල් යහමින් ලැබේ. හවුල් කටයුතුවලදී ගැටලු ඇතිකර ගනී. විවාහ දිවියට බලපෑම් මතු වේ. මහජන විරෝධයකට හේතු වේ. උෂ්ණාධික රෝග, පීනස් රෝග සාදයි. නිතර සිනාසීමට කැමතිය. කවට බස් කීමටත් ප්‍රිය වේ. ජීවිතය වැඩි කරදර නොමැතිව සැහැල්ලුවෙන් රැගෙන යයි. මිතුරන් පහසුවෙන් ලැබේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,

අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා

සුබ වර්ණ – සුදු, ක්‍රීම්

සුබ අංකය – 2, 7, 9

සුබ මැණික් – මුතු

සිංහ ලග්නය

සුබ අසුබ මිශ්‍රපල ගෙනදෙයි. වියදම් අධික වේ. ආදර සබඳතා ගොඩනැගේ. විදේශ ගමන් සඳහා සුබ කාලයකි. වම් ඇසට හානි සිදුවිය හැක. රූපය පිළිබඳ සැලකිලිමත් වේ. වෙනදාට වඩා වැඩි ප්‍රවේශම් ගතියක් ඇති වේ. ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කරයි. තම මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ආගමික කටයුතු කෙරෙහි සිත් යොමු වේ. සතුරන් පරාජය කරයි. උදරයේ රෝගයක් සාදයි. ඇතැම් විට එහි සැත්කමකටද හේතු වේ. හිතට කරදර උපදවන දේට හේතු වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

සුබ වර්ණ – රතු

සුබ අංකය – 1, 4

සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය

සුබපල ගෙන දෙයි. උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ආගිය තැන පිළිගනී. ලෞකික දියුණුවට යහපති. තම අරමුණු ජය ගනී. ආගමික වතාවත් සඳහා යොමු වේ. ඇසුරුකරන්නන්ගෙන් ලාභ උපකාර ලැබේ. කලබලකාරී ගති ඉස්මතු වේ. රහස් අසනීපවලට හේතුයි. ප්‍රීති සහගත දේට වැඩිපුර වියදම් කරයි. මිතුරන්ට රැවටීමට ඉඩ ඇත. තර්කානුකූල ඥානාන්විතව කතා කරයි. අලංකාරය සඳහා වියදම් අධික වේ. ඇස් රෝග සාදයි. සූදු ක්‍රීඩාවට, මත්පැන් පානයට සිත් යොමු වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සුබ වර්ණ – කොළ

සුබ අංකය – 2, 3, 5, 7

සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය

සුබපල ගෙනදෙයි. සියලු සැප, ලෞකික සම්පත් නම්බුනාම ලැබේ. බොහෝ මිතුරන් ලැබේ. එහෙත් සියලු දෙනාම අවංක නොවේ. වැඩිහිටියන්ගෙන් ලාභ උපකාර ලැබේ. ස්වකීය ඥාතීන් සමග ගැටලු ඇතිකර ගනී. තද මුරණ්ඩු සිත් ඇති වේ. සිහිකල්පනාව වාග් ශක්තිය ඇති වේ. ස්ථානෝචිත ප්‍රඥාව ඇති වේ. සියලු අකල් විපත් මග හැරෙයි. විශ්වාසය කඩ නොකරයි. සතුරන් නසා ජය ලබයි. පිට පළාත්වල සංචාරයට යහපති. මව්පියන්ට අපල වේ. පපුවේ රෝග සාදයි.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි

සුබ අංකය – 06

සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය

ශුභ අශුභ මිශ්‍රපල ගෙනදේ. රාජකාරි ස්ථානයේ පැවති බාධා මගහැරේ. මනෝහර භාවයෙන් කාලය ගත කරයි. ඇවිදීම් බහුල වේ. දෙමාපියන්ට හිතවත් වේ. සතුරන් පරාජය වේ. පියාට භක්තිවන්ත වේ. ආගමික කටයුතු සඳහා සිත් යොමු වේ. අන්‍යයන්ද ඒ සඳහා සහභාගි කර ගනී. විනෝදජනක දේට සිත් යොමුවේ. රෝගීන්ට ඇප උපස්ථාන කරයි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. මුදල් විනාශ වීමට හේතුවක් ඇතිවේ. කට නිසා බොහෝ මිතුරන් අමනාප කරගනී. සහෝදරයන්ට හිතවත්කම මඳ වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ වර්ණ – රතු

සුබ අංකය – 1, 2, 4, 5, 7

සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය

මිශ්‍රපල සහිතයි. වැඩිහිටියන්ට යහපත් වේ. විදේශ සංචාර පමුණුවයි. අන්‍යයන්ගෙන් ගරුසරු ලබයි. කෙසේ හෝ මුදල් උපයයි. වියදම් කිරීමේදී ලෝබ නොවේ. වචන ඉතා බලවත් වේ. හිත් කරදර සහිත වේ. නැටුම් ගැයුම්වලට සිත් යොමු වේ. වෘත්තිය සතුටින් ඉටු කරයි. ධාර්මික භාවය මර්දනය වේ. වැඩිහිටියන්ට ගරු කරයි. පියාගේ ධනය වර්ධනය වේ. සියුම් කර්මාන්ත කිරීමට ආශා වේ. අමුත්තන් තබා ගැනීමට ආශා නොවෙයි. ආත්මාර්ථකාමී වේ. උෂ්ණ රෝග සාදයි. ඇතැම් විට හිසේ තුවාල සෑදීමට ඉඩකඩ වැඩිය.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – කහ

සුබ අංකය – 3, 5, 6, 8

සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය

ශුභ අශුභ මිශ්‍රපල සහිත වේ. ආගමික කටයුතු කෙරෙහි වැඩිපුර සිත් යොමුවේ. තම ඥාතීන් මුණගැසෙයි. වැඩිහිටියන්ට ගරුසරු වේ. ක්‍රියාශීලී වේ. මත ප්‍රකාශ කිරීමේදී ගැටලු ඇති වේ. ධනය රැස් කිරීමේ ආශාවෙන් කටයුතු කරයි. අනතුරුවලට හේතු වේ. ලිංගාශ්‍රිත, උෂ්ණ රෝග සාදයි. රැකියා ස්ථානයේ උසස්වීම් ලැබේ. රහසේ සතුරන් ඇතිවේ. ඇවිදීම් බහුල වේ. භාර්යාවට අපල ගෙන දේ. පිත් රෝග පපුවේ දැවිල්ල ඇතිවේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – නිල්

සුබ අංකය – 6, 8, 9

සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය

මිශ්‍රපල ගෙන දේ. සතුරන් මර්දනය වේ. නිරෝගී ජීවිත කාලයකි. කලත්‍රයාව සැක කරයි. සහයෝගයෙන් කටයුතු කිරීමට අසීරු වේ. ආගමික කටයුතු කෙරේ සිත් යොමු කෙරේ. සිත කය සැපවත් කිරීමට කිසියම් මුදලක් වැය කිරීමට සිදුවේ. දුෂ්ට ක්‍රියාවන්ට සිත් වේ. සතුරන්ගෙන් හෝ සතුන්ගෙන් පීඩා ඇතිවිය හැක. පවතින රෝග පීඩා වර්ධනය වේ. නෑදෑ මිත්‍රාදීන් සමග කලහ ඇති කරගනී. අධික කාමාශා ඇති වේ. මුදල් ලැබිම් හීන වේ. මිතුරන්ගේ රැවටීමට නතු වේ. වියදම් අඩු වේ. රෝගීන්ට උපස්ථාන කරයි.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – රතු, නිල්

සුබ අංකය – 3, 8, 9

සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය

ශුභ අශුභ මිශ්‍රපල ඇති වේ. ප්‍රිය උපදවන යහපත් ශරීරය වේ. මිතුරන් අඩු වේ. මිතුරන්ව තමන්ට විශ්වාස නොවේ. අන් අය සමග ගනුදෙනුවේදී කල්පනාකාරී වන්න. දෙමව්පිය ආදරයට පාත්‍ර වේ. විනෝදකාමී කටයුතුවලට සිත් යොමුවේ. බෝවන රෝගවලට පහසුවෙන් ගොදුරු වේ. ආහාර තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න. උදරාබාධයන්ට ලක්වීමට හේතුයි. දරුණු වූ කාරණාවන්ට පාත්‍ර වීමට හේතුයි. පපුවේ, බඩේ දැවිල්ල ඇති කරයි. දරුවන්ට එතරම් සුබපල නොමැත. දූ කෙළියට සිත් යොමුවේ. නපුරු සිත් සහිත වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ වර්ණ – රතු, කහ

සුබ අංකය – 3, 9

සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ජ්‍යොතීර්වේදී අයිරාංගනී එදිරිසිංහ

මේෂ

වෘත්තීමය වෙනසක්

වෘත්තීය වශයෙන් හදිසි වෙනස්කම් කිනම් මොහොතක හෝ සිදුවිය හැක. නිවාස මාරුවීම් සිදුවේ. ගිවිසුම් අස්සන් කිරීම්වලට සුදුසු කාලයකි. පාසල් අධ්‍යාපනයට හිතකරය. අපේක්ෂිත විදේශ ගමන් කල්යයි. ව්‍යාපාර කටයුතුවලට සාර්ථක සතියකි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලැබීම් ප්‍රමාදයට ලක්විය හැකිය. ළය පීනස ඇතිවේ.

‍වෘෂභ

පෙම්වතුන්ට සුබයි

දර්ශනවාදී අදහස් ඇතිවේ. දුර බැහැර වන්දනා ගමන් යෙදේ. පාසල් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. උසස් අධ්‍යාපනයට බාධා ගෙන දෙයි. කලා ක්ෂේත්‍රයට සුබ කාලයකි. විශේෂයෙන් සංගීත අංශයට වාසනාව ගෙන දේ. හදිසි ගමන් බහුල වේ. ආදායම් සමතුලිත කරගැනීමට අපහසු වෙයි. හදිසි ආයෝජන යොදයි. පෙම්වතුන්ට සුබ කාලයකි. සිදුවිය හැකි දේ ගැන පැවසීමට හැකි ඉඩක් ඇතිවෙයි. රුධිර පීඩනය ඉස්මතු වේ.

මිථුන

යාපාරවලින් ලාභ

බහුවිධ ආදායම් කරා යා හැක. සෑම දෙනාට ම ගුරු උපදේශ දෙයි. නායකත්වය ලබා දේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලබයි. යුග දිවියේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වේ. පැරණි කෝන්තර මතුවෙයි. පාසල් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. උසස් අධ්‍යාපනයට බාධා අවහිරතා ඇත. පුවත්පත්, ග්‍රන්ථ ආදී ක්ෂේත්‍රවල නිරතවූවන්ට හිතකර කාලයකි. රුධිර දෝෂ ඇතිවේ.

කටක

කලාවට කැපවේ

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ප්‍රගතියක් පෙන්වයි. සියලුම වර්ගයේ කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට දැඩි කැපවීමෙන් වැඩ කිරීමට සිදුවේ. හවුල් ව්‍යාපාරිකයන්ට බාධා මධ්‍යයේ වැඩ කටයුතු කරගෙන යෑමට කටයුතු යෙදේ. වාසස්ථාන ගැටලු ඇතිවිය හැක. අධ්‍යාපනයට කැපවී වැඩකිරීමට සිදුවේ. ආයෝජන යෙදීමෙන් වාසිදායක තත්ත්වයක් ඇතිවෙයි. අත් පා උරහිස් ආබාධ ඉස්මතු විය හැක.

කන්‍යා

ප්‍රධානීන්ගෙන් උදව්

අප පක්ෂය සාර්ථකය. බහුවිධ ආදායම් මාර්ගවලින් වාසිදායක වේ. ව්‍යාපාර කටයුතු සඳහා සුබ සතියකි. පාසල් අධ්‍යාපනයට දුෂ්කර වාතාවරණයක් උදාවේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. ඉඩම්, වතුපිටි ගැටලු ඇතිවිය හැක. වෘත්තීමය කටයුතු සාර්ථකව ගෙන යයි. ආයතන ප්‍රධානීන්ගෙන් උදව් ලබයි. ගුප්ත රෝග ඇතිවේ.

තුලා

විදෙස් ගමන් යෙදේ

ස්වඋත්සාහයෙන් බොහෝ දෑ කරගැනීමට හැකිවේ. පෙම්වතුන්ගේ රැවටිලිවලට භාජනය විය හැක. උසස් අධ්‍යාපන කටයුතුවලට හිතකර සතියකි. අපේක්ෂිත විදේශ ගමන් යෑමේ අවස්ථා යෙදේ. ඉඩකඩම්, වතුපිටි නීති ප්‍රශ්න ඇතිවුවත් එයින් තමාට අවාසි වන්නේ නැත. වෘත්තීය මාරුවීම්, වෙනස්කම් ආදිය සිදුවිය හැක. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට වාසිදායකය. සෙම් රෝගවලින් පීඩා ගෙනදේ.

වෘශ්චික

යුගදිවියට බාධා

දුර බැහැර ගමන්, විදේශීය ගමන් යෙදේ. පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපනයට අවහිරතා ඇතිවේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. ආගමික කටයුතු සඳහා වියදම් දරයි. කට ප්‍රවේසම් කරගත යුතුය. යුග දිවියට බාධා ඇතිවේ. කලාවට සුබ සතියකි. විශේෂයෙන්ම පුවත්පත්, ග්‍රන්ථ කටයුතු කෙරෙහි නිරතවූවන්ට හිතකර කාලයකි. තුවාල ආදිය ඇතිවිය හැක.

ධනු

ගුප්ත විද්‍යාවෙන් පිහිට

බහුවිධ ආදායම් මාර්ග කරා යා හැක. මගුල් තුලා කටයුතුවලට අවහිරතා ඇතිවේ. කලාවට හිතකර සතියකි. දරාගැනීමේ ශක්තිය පිහිටයි. හදිසි මුදල් වියදම් ඇත. ගුප්ත විද්‍යාවෙන් පිහිට ලැබීම සඳහා ද වියදම් වේ. පූජ්‍ය, නීතිවේදීන්, ආචාර්යවරුන්ගෙන් උදව් උපකාර ලබයි. සමේ රෝග ඇතිවෙයි. ප්‍රවේසම් වන්න.

මකර

ඉඩම් ගැටලු

දැඩි විවේචනවලට මුහුණදීමට සිදුවේ. වරින්වර වෙනස්වන ගතිසොබා ඇතිවිය හැක. අධ්‍යාපනයට හිතකර කාලයකි. විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ සුබදායක බවක් පෙන්වයි. ඉඩකඩම් ගැටලු ඇතිවේ. ගුප්ත මූලාශ්‍රවලින් ආදායම් ලබයි. ආදායම් කටයුතුවලදී අවංකභාවය ගිලිහී යයි. ළය පීනස ඉස්මතු වේ.

කුම්භ

දරුවන්ගේ ප්‍රගතියක්

යෙදූ ආයෝජනවලින් ප්‍රතිලාභ ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ද ප්‍රගතියක් ඇත. හදිසි රෝහල්ගතවීමක් පෙන්වයි. අධ්‍යාපනයට සුබ කාලයකි. හිමිවිය යුතු ආදායම් ප්‍රමාදයට භාජනය වේ. ප්‍රභූවරුන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් සහයෝගය ලබයි. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. ස්නායු ආබාධ ඉස්මතු වේ.

මීන

පෙම්වතුන්ට අපවාද

අවාසි සහගත තත්ත්වයක් උදාවිය හැක. අධ්‍යාපනයට හිතකර කාලයකි. සහෝදරයන්ගෙන් උදව් ලබයි. සමස්තයක් වශයෙන් අය පක්ෂය හොඳය. පෙම්වතුන්ට අපවාදවලට ලක්වීමට ඉඩ ඇත. මගුල් තුලා කටයුතුවලට හිතකර සතියකි. ප්‍රභූන්ගෙන් උදව් ලබයි. කැපවීමෙන් උසස්වීම් ලද හැක. ළය පීනස ඉස්මතු වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

පානදුරේ රෝහන් වීරරත්න

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ දහවැන්නේ බලවත්ව සඳු කේතු සමඟ ද ගුරු හත්වැන්නේ ද ගමන් කරමින් උදාවන මේ සතිය සුභඵලදායකයි. දියුණුව වෙනුවෙන් කරන කටයුතුවලට නිතර නිවසින් බැහැරව යැමට සිදුවේ. බිරිඳ හෝ සැමියාට සුභඵලදායකයි. අඹු-සැමි සමගිය ඇති වේ. උත්සාහය ධෛර්යය වැඩි වන නිසා රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ. අසලAවාසීන් හා සහෝදරයන් සමඟ සුහදතාව වර්ධනය වේ. ලිපි ලේඛණ හා ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබයි. නීතියේ පිහිට ලැබේ. සතිය අගදී දුර ගමනක්‌ යැමට සිදු විය හැකියි. අධ්‍යාපන කටයුතු සුභඵලදායකයි. 

සුබ වර්ණ - සුදු, රෝස, සුබ අංකය ( 2, 3.

වෘෂභ

වාෂභ ලග්න හිමි ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ බුධ රාහු තුන්වැන්නේ ද සඳු සමඟ කුජ කේතු නමවැන්නේ ගමන් කරමින් උදාවන සතිය ඔබට මිශ්‍රඵලදායක වේ. පසුගිය දින දෙක තුනේ පැවති ගැටළුවකට විසඳුම් ලැබේ. අසනීපයක්‌ තිබුණේ නම් සුව අතට හැරේ. අසල්වැසියන් සමඟ තිබු අමනාපකමක්‌ දුරු වේ. ප්‍රතිඵලදායක ගමන් බිමන් නිතර යෙදේ. බිරිඳ හෝ සැමියාට සුභඵලදායකයි. කෘෂිකාර්මික කටයුතුවලින් ලාභ ලැබේ. සේවක සහයෝගය ලැබේ. එහෙත් සෙනසුරු අශ්ටම ඒරාෂ්ඨක අපලයක්‌ පවතින බැවින් සෞඛ්‍යය ගැන වැඩියෙන් සැලකිලිමත් වීම වැදගත්ය. 

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුදු, සුබ අංකය - 2, 6.

මිථුන

ඔබේ ලග්නාධිපති බුධ, රාහු, සිකුරු සමඟ දෙවැන්නේද, රවි ලග්නයේද, සඳු සමග කුජ කේතු අටවැන්නේ ගමන් කරමින් සතිය උදාවෙන අතර මෙම සතිය තරමක්‌ අපලදායක බව පෙනේ. සතිය මුලදී අමතර වියදමක්‌ දැරීමට සිදුවිය හැකියි. කතාව නිසා පාඩුවක්‌ සිදුවීමට ඉඩ තිබේ. සතිය මැද වන විට පැවති ගැටලුවකට විසඳුම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැක. වැඩිමහල් සහෝදරයෙකුට අපලයක්‌ පෙන්වයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකි වේ. කේතු දශා ගතකරන අයට තරමක්‌ අපලයි. කලට වේලාවට ආහාර ගැනීමට සහ සෞඛ්‍යය රැක ගැනීමට සැලකිලිමත් වන්න. 

සුබ වර්ණය - ලා කොළ, සුබ අංකය - 4.

කටක

කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සඳු සමඟ කේතු කුජ හත්වැන්නේද බුධ, සිකුරු, රාහු ලග්නයේද සිටිමින් උදාවන සතිය සුබඵලදායක වේ. බිරිඳ හෝ සැමියා සමඟ තිබුණු අමනාපකමක්‌ දුරු වේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ගෘහ ජීවිතය සුබඵලදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. වියදම් ඉහළ යා හැකියි. තැන්පත් මුදලක්‌ පවා වැය වීමට ඉඩ තිබේ. සේවක සහයෝගය නොඅඩුව ලැබෙන බැවින් රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගත හැකිය. පවුලේ අය සමඟ සතුටින් සාමයෙන් කාලය ගතවේ. දරුවෙකුගේ විවාහ ප්‍රශ්නයකට විසඳුමක්‌ ලැබෙනවා ඇත. 

සුබ වර්ණය - සුදු, කහ, සුබ අංකය - 2, 5.

සිංහ

ඔබේ ලග්නාධිපති රවි එකොළොස්‌වැන්නේද, සඳු සමඟ කුජ කේතු හයවැන්නේද, ශනි පසAවැන්නේද ගමන් කරමින් උදාවන සතිය ඔබට සුබදායක වේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීමකට ඉඩ තිබේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. වැඩිමහල් සහෝදරයෙකුට සුබඵලදායකයි. බලාපොරොත්තු සාර්ථක කරගත හැකි වේ. විදේශ ගමන් පිළිබඳ බලාපොරාත්තු සාර්ථක කරගැනීමට කරුණු යෙදේ. දරුවෙකුට අපලයක්‌ පෙන්වයි. සතුරන් හා තරගකරුවන් අභිබවා ක්‍රියා කිරීමට ශක්‌තිය ඇති වේ. රාහු කේතු දශා තරමක්‌ අපලයි. අන් අයට මිශ්‍රඵලදායකයි. 

සුබ වර්ණය - දිලෙන සුදු, සුබ අංකය - 1.

කන්‍යා 

කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති බුධ, රාහු, සිකුරු සමඟ එකොළොස්‌ වැන්නේද, රවි දහවැන්නේද සඳු සමඟ කේතු කුජ පස්‌වැන්නේ ගමන් කරන අතර මේ සතිය සුබඵලදායක බව පෙනේ. රැකියා හා ව්‍යාපාර අංශවල මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගතවේ. ආදායම සතුටුදායකයි. ගෙදර වැඩිහිටියෙකුට අපලයක්‌ පෙන්වයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. දරුවන්ගේ දියුණුව දැක සතුටුවිය හැකි වේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කරගැනීමට කරුණු යෙදේ. බිරිඳ හෝ සැමියාට ධන ලාභ ලැබේ. 

සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 5.

තුලා

ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ බුධ, රාහු දහවැන්නේද සඳු සමඟ කේතු කුජ හතරවැන්නේද, ගුරු ලග්නයේද ගමන් කරමින් උදාවන මෙම සතිය ඔබට සුබඵලදායක බව පෙන්වයි. කෘෂිකාර්මික කටයුතු සාර්ථක වේ. ගෙදර මවුපියන් හා දූ දරුවන් සමඟ සතුටින් කාලය ගතවේ. සතිය මැදදී දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අඹු-සැමි සමගිය ඇති වේ. රැකියාව හෝ දියුණුව වෙනුවෙන් කරන කටයුතු වලට නිතර නිවසින් බැහැරව යැමට සිදුවේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ ගමන් බිමන්වලට සුබඵලදායකයි. 

සුබ වර්ණය - සුදු, මිශ්‍ර ලා, සුබ අංකය - 2, 6.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමි ඔබේ ලග්නාධිපති කුජ සඳු හා කේතු සම`ග තුන්වැන්නේ ද, රවි අටවැන්නේ ද ගුරු දොළොස්‌වැන්නේ ද ගමන් කරන අතර මේ සතිය මිශ්‍රඵලදායක බවක්‌ පෙන්නුම් කරයි. පවුලේ වියදම් තරමක්‌ ඉහළ යා හැකියි. තැන්පත් මුදලක්‌ පවා වියදම් වීමට ඉඩ තිබේ. මේ නිසා වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න. බිරිඳ හෝ සැමියාට තරමක්‌ අපලයි. විවාහ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථිර කර ගැනීම පිළිබඳ කටයුතුවලට සුබ නොවේ. කතාව නිසා අන් අය අතර අප්‍රසාදය ඇති විය හැකියි. දුර දිග බලා කටයුතු කරන්න. ආදායම සතුටුදායකයි. ගෘහ ජීවිතයට මිශ්‍රඵලදායකයි. 

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 2.

ධනු

ඔබේ ලග්නාධිපති ගුරු එකොළොස්‌වැන්නේ ද, රවි හත්වැන්නේ ද සඳු සමඟ කුජ කේතු දෙවැන්නේද ගමන් කරන මේ සතිය ඔබට මිශ්‍රඵලදායක වේ. පසුගිය දින දෙක තුනේ හිතට වධ දුන් ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ව්‍යාපාර හා රැකියාවලට සුබඵලදායකයි. එහෙත් සේවක ගැටලු ඇතිවිය හැකියි. සහෝදරයෙකු පිළිබඳව සතුටුදායක ආරංචියක්‌ ලැබේ. ආදායම් සතුටුදායකයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. සෙනසුරු දශා ගතකරන අය ශරීර සෞඛ්‍යය ගැන වැඩියෙන් සැලකිලිමත් වන්න. 

සුබ වර්ණය - කහ, සුබ අංකය - 5.

මකර

මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති ශනි දොළොස්‌වැන්නේ කුජ කේතු සමඟ සඳු ලග්නයේද, රාහු සමඟ බුධ සිකුරු හත්වැන්නේ ගමන් කරයි. මේ සතිය ඔබට සුබඵලදායක බවක්‌ පෙන්වයි. බිරිඳ හෝ සැමියා සමඟ තිබූ අමනාපකමක්‌ දුරු වේ. විවාහ සහකරු ගැන වෙනදා නොදුටු අගයක්‌ දැනෙනු ඇත. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණයක්‌ ගැන පසුතැවිල්ලක්‌ ඇති විය හැකිය. සතුරන්ගෙන් ජය ලැබේ. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට සුබඵලදායකයි. උත්සාහය ධෛර්යය නොඅඩුව පවතින නිසා බොහෝ කටයුතු සාර්ථක කරගැනීමට හැකි වේ.

සුබ වර්ණය - ලා කොළ, සුබ අංකය - 4.

කුම්භ

ඔබේ ලග්නාධිපති ශනි එකොළොස්‌ වැන්නේ ද, සඳු ග්‍රහයා කේතු, කුජ සමඟ දොළොස්‌වැන්නේද, ගුරු නමවැන්නේද ගමන් කරමින් උදාවන සතිය මිශ්‍රඵලදායකයි. හිත මිතුරන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන නිසා රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි වේ. විදේශ රැකියා කටයුතුවලට සුබයි. ඉක්‌මන් කෝපය හා කලබල වීම නිසා පාඩු වීමට ඉඩ තිබේ. ආගම දහමට හිත යොමු වේ. දරුවන්ට මිශ්‍රඵලදායකයි. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක්‌ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. 

සුබ වර්ණය - නිල්, සුබ අංකය - 7.

මීන 

මීන ලග්නය හිමි ඔබේ ලග්නාධිපති ගුරු අට වැන්නේත්, සඳු සමඟ කුජ, කේතු එකොළොස්‌වැන්නේත් රාහු සමඟ බුධ, සිකුරු පස්‌ වැන්නේත් ගමන් කරමින් උදාවන මේ සතිsය මිශ්‍රඵලදායක බවක්‌ පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබඵලදායකයි. හිත මිතුරන් සමඟ සතුටින් කාලය ගතවේ. අලුත් බලවත් මිතුරන් හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. ආදායම සතුටුදායකයි. පදිංචිය පිළිබඳ සිත් තැවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ. දරුවන්ට සුබඵලදායකයි. දරුවෙකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුමක්‌ ලැබීමට ඉඩ තිබේ. ගුරු දශා අතුරු දශා ගතකරන අය ශරීර සෞඛ්‍යය ගැන වැඩියෙන් සැලකිලිමත් වන්න. 

සුබ වර්ණය - සුදු, සුබ අංකය - 2.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

Powered by Blogger.