පිටසක්වලට හදිසියේ ගහගෙන ගිය තරුණයා - සත්‍ය කථාවකි විශ්වාස කිරීම නොකිරීම ඔබ සතුය

මා මේ කියන දේ කවුරුන් හෝ විශ්වාස කරයි යැයි මා විශ්වාස නොකරමි. කියන්න යන මාගේ අත්දැකීම කෙනෙකුට විහිළුවක් වන්නටද පුළුවන. මෙවැනි දෙයක් මේ ලෝකය තුල කෙසේ නම් සිදු වේද යන්න කෙනෙකුට ගැටලුවක් වන්නටද පුළුවන. මාගේ හෘද සාක්ෂියට අනුව මේ කියන්නා වූ දේ සත්‍යයක් බව දනිමි. ඔබ මා හට සිනා සුනත් මේ කථාව ඔබ හමුවේ තබන්නේ මාගේ මේ අත්දැකීම විශ්වාස කරන්න කෝටියකින් කෙනෙකු හෝ සිටියි යන අනුමානයෙනි. 

සවස් යාමයේ යහළුවෙකුගේ ගෙදර ගිය මා ඔහු සමග දොඩමළු වී නැවත ගෙදර කරා පිටත් වන විට වෙලාව රාත්‍රී 9 ද පසුවී තිබිණ. ඒ මාර්ගයේ කිසිදු වාහනයක් මේ රාත්‍රියේ ගමන් නොකරන නිසාත්, මාගේ ගෙදරට එහි සිට ඇති දුර කිලෝමීටර් දෙකකට අඩු නිසාත් පයින්ම ගමන් කිරීමට සිදු විය. දහවලේදී මෙන් රාත්‍රියේ පයින් ගමන් කිරීම එපමණ වෙහෙසකර අත්දැකීමක් නොවිය. මාර්ගය ඉදිරියෙන් හමන්නා වූ මඳ සිසිල් සුළඟ මාගේ ගත කුල්මත් කල අතර අවට නිශ්ශබ්දතාවය මා හට නම් ස්වර්ගය වැනිය.

ඉදින් මෙසේ රාත්‍රියේ මෙලෙසින් නිදහස් සුව විඳිමින් නිවස කරා පයින්ම පියමැන්න මා හට කිසියම් අමුත්තක් දැනෙන්නට විය. අවට පරිසරයේ සුළගේ වේගය සැඩ විය. අහස දෙස බැලු මා හට වැසි වලාකුලක සේයාවක් වත් දකින්නට නොලැබුණි. අද්භූත ලෙස මා වෙත පැමිණි සැඩ සුළඟ මාව වෙලා ගත් නිසා මා බිය වූ අතර වන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව තුෂ්නුම්භුතභාවයට පත් විය.

අවට පරිසරය වේගයෙන් මා වටා කැරකෙන්නට විය. වන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මාගේ දෙඅත් මගින් දෙනෙත් වසා ගත්තෙමි. නැවත දෑත් මෑත් කොට දෙඇස් විවර කරද්දී මා දුටුවේ අමුතුම පරිසරයකි. ආශ්චර්යකි. දිව්‍ය ලෝකයක් මෙන් ලෝකයක මා සිටියි. ස්වර්ගය පරාදය. අමුතුම ලෝකයකි. මා මේ දකින්නේ සිහිනයක්ද ? මටම හිතාගත නොහැකි තත්වයකි.

ඇත්තටම කුමක්ද මේ සිදු වුයේ... මා මටම කියාගත්තෙමි. මා සිටියේ පාළු පාරකය. දැන් ඉන්නේ අමුතුම පරිසරයකය. මෙය කෙසේ නම් සිදු වුනිද ? මා පෙර සිටියේ රාත්‍රියේය... දැන් සිටිනා පරිසරය දහවලය. අහස දෙස බැලු මා හට දකින්නට ලැබුනේ ඉතා විශාල සඳවල් තුනකි. ඒවා ග්‍රහ ලෝක මෙනි. මා මේ සිටින්නේ කොහෙද ? මටම මේ දේ සිතාගත නොහැකි තත්වයක සිටිනා විට ඔබට කෙසේ නම් මෙය වටහා ගන්නද ?

ඉදීන් මා මේ සුන්දර පරිසරයේ වටපිටාව අත්වින්දෙමි. අවට සුළඟ පෘථිවියේ සුළඟ මෙන් කර්කශ නැත. මෙන්තොල් ටෝෆියක් කෑ විට මුළු ගතම වේලි යන ඒ සිසිලස ඔබට මතකද ? මේ පරිසරයේ හමා යන සුළඟ ගතේ ගවේටෙද්දී මා හට දැනුනේ එලෙසින්ය.

ගස් වැල් අමුතුය. ඒවා මා සමග කථාබස් කරනවා සෙ හැඟුනි. පරිසරයම නිහඬය. මෙසේ මා පැමිණි අමුතුම පරිසරයේ සුවය විඳිද්දී පෙර පරිදිම සැඩ සුළඟක් ගසාගෙන විත් මාගේ ගතේ ගැවටෙදිදී, පෙර පරිදිම අවට පරිසරය වේගයෙන් කරකැවෙන්නට විය.

පුදුමයකි නැවතත් පෙර මා සිටි නිවස කරා ගමන් කරමින් සිටි පාළු පාරේය. කුමක්ද මේ සිදු වුයේ ? උහතෝකොටික ප්‍රශ්ණයකට මැදි වූ මා කර කියාගත දෙයක් නොහැකිව නිවස කරා පියමං කලෙමි.

ඉදින් මේ මා ලද අත්දැකීම සමීප මිතුරන්ට කි විටද ඔහුන් මා හට සිනා සෙන්නට විය. මාගේ අත්දැකීම ඔහුන් නොලද නිසා ඔහුන් මා හට සිනා සුනි. එහෙත් මේ මා ලද අත්දැකීම නම් හිතාගත නොහැකිය. විශ්වාස කිරීම නොකිරීම ඔබ සතුය.



මා මේ කියන දේ කවුරුන් හෝ විශ්වාස කරයි යැයි මා විශ්වාස නොකරමි. කියන්න යන මාගේ අත්දැකීම කෙනෙකුට විහිළුවක් වන්නටද පුළුවන. මෙවැනි දෙයක් මේ ලෝකය තුල කෙසේ නම් සිදු වේද යන්න කෙනෙකුට ගැටලුවක් වන්නටද පුළුවන. මාගේ හෘද සාක්ෂියට අනුව මේ කියන්නා වූ දේ සත්‍යයක් බව දනිමි. ඔබ මා හට සිනා සුනත් මේ කථාව ඔබ හමුවේ තබන්නේ මාගේ මේ අත්දැකීම විශ්වාස කරන්න කෝටියකින් කෙනෙකු හෝ සිටියි යන අනුමානයෙනි.