ජාත්‍යන්තර කාලගුණ ආයතනය විසින් රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලංකාව ආසන්නයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් තෙක් වර්ධණය වී ඇති බවත් එය පෙන්වන්නේ එය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවත්ය.
කෙසේ වෙතත් චන්ද්‍රිකා ජායාරුප අනුව මෙම පීඩන අවපාතනය දකුණු වෙරලාසන්නයෙන් ඉවත් වී බටහිර දෙසට ගමන් කරනු ඇති බව පෙන්වා දෙයි.
පැයට කිලෝමීටර් 80-100 පමණ වේගයකින් සුළං ධාරාවක් හමා යමින් පවතින අතර මෙම තත්වයත් සමග දිවයින වටා මුහුදු තීරනය්හි තද වැසි සමග තද සුළං ඇති වනු ඇත.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවනු ඇති අතර බොහෝ ප්‍රදේශයන්හි වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වනු ඇතැයිද සඳහන්ය.
බස්නාහිර කොළඹ අවට බලපෑ දැඩි වර්ෂාපතනය සහ සැඩ සුළං හේතුවෙන් පුද්ගලයන් විස්සක පමණ පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව දේශීය මාධ්‍ය පවසයි.
එසේම හෙට දිනයේ වෙරළාසන්න කලාපවල ධිවර පිරිස් එම කටයුතුවලින් බැහැර වී සිටින ලෙසටද ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර ප්‍රජාව දැනුවත් කර ඇත.
ක්ෂණිකව හටගත් මෙම අයහපත් කාලගුණ තත්වය නිසා ප්‍රදේශ රැසක ගස් කඩා වැටී ඇති අතර විදුලි බලයද විසන්ධි වී ඇති බැව් දැනගන්නට ලැබිණ. එසේම මෙම කාලගුණ තත්වය නිසා වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ.
කෙසේ වෙතත් මෙම අයහපත් කාලගුණ තත්වයෙන් ඒ ප්‍රදේශවල වැසියන්ට ආරක්ෂිතව සිටීමට උපදෙස් දී ඇත.
Post a Comment