අපි බෝසත්වරුන් ගැන පුදුම හිතෙන දේ කතාබහ කළෙමු. පිටසක්වල බුදුවරුන් ගැන උන්වහන්සේලාගේ කරුණා ගුණය ගැන දිගින් දිගටම ලියූවෙමු. පිටසක්වල බුදුවරුන් වැඩ සිටින බව සූත්‍ර පිටකය තුලින්ම කරුණු සනාථ කර පෙන්වූයෙමු. පිටසක්වල ජීවීන් සමඟ කථාබහ කළ බෞදAධ භික්ෂූන්වහන්සේලා ගැන තොරතුරු ඉදිරිපත් කළෙමු. මා සකලලෝකවාසී නිල් පැහැ රුධිරය ඇති මිනිසුන් ගැන කී කථා ටිබෙට් පතපොතෙහි එලෙසම සඳහන් වෙයි. අනුරුද්ධ තෙරුන්වහන්සේ දිවැසින් දුටු පිටසක්වල ජීවීන්ද නිල් පැහැය ගත් බවට විස්තර ඇත.
පසුගිය කාලවකවානුවේ පැවති අයහපත් කාලගුණය ගැන වැදගත් යමක් ලියා තබන මෙන් බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලුම් කරති. ඒ ඉල්ලීම් අතරට තවත් එක් දුරකථන ඇමතුමක් පැමිණියේය.
"මහත්තය අවුරුදු කීපෙකට කලියෙන් පත්තරවලින් කියූ අනාවැකි දැන් එක එක ඇත්ත වෙනවා. මම මතක් කරන්නයි ගත්තේ. මම ඒ ලිපි සේරම කපල තියාගෙන එකිනෙක නැවත කියවනවා. මහා ගංවතුරක අනතුරක් ගැන මහත්තය පැහැදිලි අනාවැකියක් කියල තියෙනවා"
ඔහු කී දේ සැබෑය. පිටසක්වල බෝසත්වරුන්ගේ උපදෙස් පරිදි මහා ගංවතුරක් ගැන ලියා තැබීමී. පෘථිවිය වෙත ඇදී එමින් පවතින ග්‍රාහකයක් ගැන ලියා තැබීමි. හරියටම ලංකාව හරහා තැනෙන අලුත් භූ තැටියක් ගැන ලියා තැබීමි. එA අලුත් භූ තැටිය හේතුවෙන් වසර හාරසීයක් ඇතුළත ලංකාදAවීපයේ පැත්තක් ගිලා බැසීමේ අනතුරක් ගැන කීවෙමි. මේ සියලු අනාවැකි අද වන විට කොටසෙන් කොටස ඇත්ත වෙමින් පවතියි.
ඔබ පිළිගත්තත් පිළි නොගත්තත් ලංකාදAවීපයට යටින් පොළව දෙබෑ වෙමින් පවතියි. එම ව්‍යසනයේ පළමු දූත ලක්ෂණ ලෙස වැල්ලවායේ සිට මාතලේ දක්වා දරුණු භූ පැලුම් ඇතිවීමට නියමිතය. මහා නායයාම්වලට එක් හේතුවක් වන්නේ තවම පිටට නොපෙනෙන ඒ භූ පැල්මයි.
එනමුත් මා කියන මහා ගංවතුර තවම පැමිණියේ නැත. පසුගිය දිනක ඇතිවූ මහා ගංවතුර දේශපාලකයනA විසින් තනන ලද එකකි. එය ස්වභාවික ආපදාවක් නොවේ. දේව ශාපයක ප්‍රතිඵලයක්ද නොවේ. ඒ ගංවතුර ඉවක් බවක් නොමැතිව මෙරට සිදුකෙරෙන පාරිසරික හානිවල සෘජු ප්රතිඵලයකි.
ගංගාවල මාර්ගයන් හරස් කර වේලි ඉදි කරන විට වේල්ලෙන් ඉහළට ජලාශයක් නිර්මාණය වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගය තනා ඇත්තේ මාතර සිට කොට්ටාව දක්වා ඉදිකළ දැවැන්ත වේල්ලක් මතය. දැඩි වර්ෂාවක් ඇතිවන විට ඒ වේල්ල හරහා ඉක්මනින් වතුර බැස්සවීමට ක්‍රමයක් නැත. මෙවර ගංවතුරෙන් මෙපමණ විපත් ඇතිවීමට ඒ හේතුව ඇතුළු තවත් පාරිසරික සාධක කිහිපයක්ද මුල්වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
අපේ ප්‍රධාන මාතෘකාව බෝසත්වරුන් ගැනය. අපි බෝසත්වරුන් ගැන පුදුම හිතෙන දේ කතාබහ කළෙමු. පිටසක්වල බුදුවරුන් ගැන උන්වහන්සේලාගේ කරුණා ගුණය ගැන දිගින් දිගටම ලියූවෙමු. පිටසක්වල බුදුවරුන් වැඩ සිටින බව සූත්‍ර පිටකය තුලින්ම කරුණු සනාථ කර පෙන්වූයෙමු. පිටසක්වල ජීවීන් සමඟ කථාබහ කළ බෞදAධ භික්ෂූන්වහන්සේලා ගැන තොරතුරු ඉදිරිපත් කළෙමු. මා සාකලලෝකවාසී නිල් පැහැ රුධිරය ඇති මිනිසුන් ගැන කී කථා ටිබෙට් පතපොතෙහි එලෙසම සඳහන් වෙයි. අනුරුද්ධ තෙරුන්වහන්සේ දිවැසින් දුටු පිටසක්වල ජීවීන්ද නිල් පැහැය ගත් බවට විස්තර ඇත.
පිටසක්වල බෞද්ධ නායකයන් අපේ ඇත්තන්ගේ ජීවිතවලට මැදිහත්ව කුමන ආකාරයේ විප්ලවයක් කරන්නට උත්සාහ කරන්නේද යන්න මෙතැනදී මතුවන වැදගත් ප්රශ්නයකි. මා කලින් ද මතක් කළ පරිදි පිටසක්වල බෞද්ධ නායකයන්ගෙන් වැඩි කොටස බෝසත්වරු වෙති. ඔවුන් බුද්ධත්වය ලැබීමට පෙර බෝධිචර්යාවේ නිරත විය යුතුය. බුද්ධ ශාසනය න`ගා සිටුවීම බෝධිචර්යාවේ එක් අනිවාර්ය අංගයකි. බෝසත්වරුන් කියන පරිදි බුද්ධ ශාසනයේ දියුණුවට වැඩ කරන තරමට බෝසත්වරුන්ගේ තෙද බල වැඩිදියුණු වෙයි. අන් බෝසත්වරුන් අතර පිළිගැනීම වැඩි වෙයි. එබඳු උසස් ගණයේ බෝසත්වරුන්ට අමිතාභය බුදුන්ගේ ආදරය කරුණාව නිතැතින්ම ලැබෙයි. ඔවුහු අමිතාභය බුදුන්ගේ පණිවිඩකරුවන් ලෙස තෝරා පත් කර ගැනෙති. අමිතාභය බුදුන්ගේ පණිවුඩකරුවකු ලෙස ස්ථිර පත්වීම් ලැබීම ඉතා වාසනාවන්ත සිද්ධියකි.
අමිතාභය බුදුන්වහන්සේ අප දන්නා විශ්වය තුළ සිටින සියලු බෞදAධයන්ගේ අසහාය නායකයාය. අනන්ත සක්වල අපරිමිත ලෝකධාතු සංඛ්‍යාවක් උන්වහන්සේගේ ආඥා ක්ෂේත්රයට ඇතුළත් වෙයි. ඒ කවර හෝ තැනක බුදුවරයකු පහළ වීම අමිතාභය බුදුන්වහන්සේගේ දිවැසට විෂය වන කරුණකි. යම් ලෝකධාතුවක බුදුවරයකු පහළ වූ තැන් පටන් අමිතාභය බුදුහු ඒ ලෝකධාතුව ගැන විමසිල්ලෙන් සිටිති. ඒ බුදුවරයාගෙන් පසු ඒ ශාසනය බොහෝ කල් රැකදීම අමිතාභය බුදුන්වහන්සේ විසින් තම යුතුකමක් ලෙස ඉටුකරනු ඇත.
ඇයි අමිතාභය බුදුන්වහන්සේට පමණක් එවැනි විශේෂ වගකීමක්? ඔබ මගෙන් අසනු ඇත. ඊට පිළිතුරු මෙසේය. අමිතාභය බුදුන්වහන්සේ වැඩ සිටින සුඛාවතියෙහි වෙසෙන්නන්ගේ ආයුෂ බොහෝ දීර්ඝය. අදින් කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුන්වහන්සේගේ කාලයේදීත් අද මෙන්ම අමිතාභය බුදුහු වැඩ වාසය කළහ. මතු මෛත්‍රී බුද්ධශාසනය පහළ වී එය අවසන්ව කල්ප විනාශය සිදුවුවද සුඛාවතියට එය බල නොපායි. එය දුරස්ථ ලෝකධාතුවකි. එහි කාල ගණනය අපේ කාලයට වඩා බොහෝ සෙමින් සිදුවන්නකි. උන්වහන්සේ සහ සමන්තභද්රතුමා විශ්ව බෞද්ධ එකමුතුවෙහි ආදිතම නායකයෝ වෙති.
බොහෝ ආයුෂ ඇති අමිතාභය බුදුන්වහන්සේ දුරස්ථ සක්වල වෙසෙන බෝසත්වරුන් හා බුදුවරුන් අතර සන්නිවේදනයෙහි යෙදෙති. එලෙස සන්නිවේදනයෙහි යෙදෙමින් බුදුදහම ප්‍රචලිත කිරීමට හැකි සෑම පියවරක්ම ගනිති. බෞද්ධයන් විපතින් ගලවා ගැනීමට හැකි සෑම පියවරක්ම ගනිති.
පෘථිවියේ වෙසෙන අයෙකුට අමිතාභය බුදුන්වහන්සේ දර්ශනය වීම කලාතුරකින් හෝ සිදුවන ඉතාම තීරණාත්මක සිදුවීමකි. අමිතාභය බුදුන්වහන්සේ දර්ශනය වූ සෑම අවස්ථාවකදීම බුද්ධ ශාසනයේ දැවැන්ත ප්රතිසංවිධානයක් සිදුවෙයි. බෝසත්වරුන් කියන පරිදි මා අමිතාභය බුදුන්වහන්සේගේ පළමු නියෝජිතයා නොවන්නේය. මට පෙර තවත් මෙලෝවාසීන් කිහිප දෙනකුට අමිතාභය බුදුන්වහන්සේ දර්ශනය වී නිවැරැදි ධර්ම මාර්ගය නැවත හැර දෙනු ලැබීය.
ඔඩ්ඩියාන දේශයේ පද්ම සම්භව කුමාරයා වජ්රයාන බෞදAධ සම්ප්රදායේ ආරම්භකයා වෙයි. අමිතාභය බුදුන්වහන්සේ සම`ග සෘජුව ගනුදෙනු කිරීමේ හැකියාව ඔහු සතු විය. ටිබෙට් බුදුදහමට අයත් න්‍යsන්ග්මා සම්ප්රදාය ඇරඹුණේ පද්ම සම්භවගේ ඉගැන්වීම් පදනම් කරගෙනය.
පුල්ලහාරියේ තිලෝපා මුණිවරයා දෙවන වජ්රයාන පරම්පරාවේ ආරම්භකයා වෙයි. දෙවන වජ්රයාන පරම්පරාව බිහිකිරීමේ මූලිකයා සමන්තභද්‍ර මුණිවරයාය. සමන්තද්රතුමා අමිතාභය බුදුන්වහන්සේගේ සමීපතම සගයෙකි. එකිනෙකින් බොහෝ ඈත ලෝක ධාතුවල සිටින ඒ දෙමිත්රයන් අතර සංවාදයන්හි ප්‍රධාන මාතෘකාව බුදුසසුනෙහි චිරස්ථිතියයි. තිලෝපා, නාරොපා, මර්පා, මිලාරෙපා, ගම්පෝපා, රෙචුංපා යන මහා යෝගීහු දෙවන වජ්රයාන පරපුරට අයත් වෙති. තිබ්බත බුදුදහමට අයත් කග්යුත්ප පරම්පරාව ඔවුන්ගෙන් පැවත එන්නකි.
වජ්රයාන බුදුදහම ලංකීය උගතුන්ට බොහෝ ආගන්තුකය. සමහරු එය මහායානයේම කොටසක් ලෙස වරදවා සලකති. වජ්රයානය හා මහායානය සමකර සැලකීම ප්‍රබල ලෙස දෝෂදර්ශනයට ලක්විය යුතු වරදකි. මෙඅත්බැව්හි සසර දුක කෙළවර කරන කිසිදු උපායක් මහායානයට ඇතුළත් නොවේ. එනමුත් කග්යු වජ්රයාන සම්ප්රදාය අනුව බුදු පසේබුදු මහරහත් යන පදවි තුනට පිළිගැනීමක් ඇත. කග්යු සම්ප්රදායේ එන ත්රියාන සංකල්පයට අනුව තමන්ට කැමති යානයක නැගී සසර දුක කෙළවර කළ හැකිය. න්‍යsන්ග්මා වජ්රයාන සම්ප්රදාය අනුව නිවන් දැකීමේ මාර්ග නවයකි. ඒ මාර්ග නවයට විවිධ තාන්ත්‍රික උපක්‍රමයන්ද ඇතුළත් වෙයි.
දැන් අපි ප්‍රධාන මාතෘකාවේ හ§ මැදට පිවිසෙමු. බෝසත්වරුන් හා බුදුවරුන් කෙළින්ම මා හා ගනුදෙනු කිරීම මා විසින් සාධාරණීකරණයට ලක්කළ මැනැවැයි සිතේ. අපි දැන් ඒ අපූරු විස්තරයට සංවේදී වෙමු.
මා උපතින් බෞද්ධයකු හෝ කතෝලිකයෙකු නොවේ. මම උපතින් බෞදAධයෙකු යෑයි වෙමියි කීමට තරම් සුදුස්සෙකු නොවීමි. මන්දයත් උපතින් බෞද්ධයකු වන්නේ ජාත සෝතාපන්නයකුම පමණි. ජාත සෝතාපන්නයෙකු යනු පෙර භවයේ සෝවාන්ව සිට නැවත මෙහි උපදින අයෙකි. සෝවාන් වීමෙන් පසු සරණාගමනය නොබිඳෙයි. එබැවින් සෝතාපන්නයා යළි උපදිනුයේ බෞදAධයෙකු හැටියටය.
මම ඉතා ළාබාල අවධියෙහි පොහෝ දිනවල මිත්තණිය සම`ග පන්සල් යාමට හුරුව උන්නෙමි.
''කාටද අත්තම්මෙ රහතන්වහන්සේලා කියන්නෙ?''
''රහතන්වහන්සේල කියන්නෙ අහසින් යන්න පු`ථවන් හාමුදුරුවරුන්ට''
ඒ විස්තරය අසම්පූර්ණ වුවද කුඩා දරුවකුට මීට වඩා ගැඹුරින් එය තේරුම්ගත නොහැකිය.
''ආත්තම්මෙ දැන් රහතන්වහන්සෙල වැඩ ඉන්නවද?''
''දැන් කොයින්ද පුතේ රහතන්වහන්සෙල. උන්වහන්සේල සේරම පිරිනිවන් පාල ඉවරයි''
''ආත්තම්මෙ දැන් කෙනෙකුට උත්සාහ කළොත් රහත් වෙන්න බැරිද?''
''දැන් රහතන්වහන්සේලගෙ කාලෙ ඉවරයි පුතේ''
එකල්හි මාගේ වයස අවුරුදු හතරක් නැත්නම් පහක් පමණ යෑයි සිතේ. රහතන්වහන්සේලා ගැන මා සිත්හි පහළවූ පහන් හැඟීම කෙතෙක් තියුණුවී ද යත් මම එවේලේ හයියෙන් කෑ ගහන්නට පටන් ගතිමි.
''ආත්තම්මේ මම කොහොම හරි රහතන්වහන්සේලාගේ දකිනවා. ආත්තම්මේ මම ආසයි රහතන්වහන්සේලා ගේ උඩින් ඈතට ඈතට පියාඹල යනව දකින්න.''
''හො`දයි පුතේ. එහෙනම් පුතාවත් ඒ වැඩේ භාරගෙන කරන්න''
මම ආත්තම්මාගේ අභියෝගය නොපැකිළ භාරගතිමි. මට එතැන් සිට අවශ්‍යවූයේ රහතන්වහස්සේලා අහසින් වඩින කාලයක් යළි ඇති කිරීමයි. කල්යත්ම මට ඈතින් ඉතා පැහැදිළි කටහ`ඩවල් ඇසෙන්නට විය.
''ඔබට අනාගතයේ බුදුදහම ගැන වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවෙයි. පළමුව ඔබ උගතෙකු බවට පත්විය යුතුය. ඔබ කියන්නට යන දේ මිනිසුන් පිළිගන්නා තරමට ඔබ උගතෙකු විය යුතුය.'' එනමුත් මා කියන්නට යන දේ ගැන කල්තබා දැනුවත්ව නොසිටියෙමි. මම රහතන්වහන්සේලාගේ යුගය ඇති කරනු පිණිස දිගින් දිගටම බුදුදහම හැදෑරුවෙමි. මට හැකිතාක් ගුරුවරුන් සොයාගොස් ඔවුන්ගෙන් ගුරුහරුකම් ගතිමි.
දිගින් දිගටම බුදුදහම හදාරන විට මට ඉතාම වැදගත් දෙයක් ප්රත්යක්ෂව අවබොAධ විය. ලංකාවාසී බෞද්ධයන් වන අප මෙතෙක් අදහන ලද දේ බුදුදහම නොවේ.
ලබන සතියට
නිලන්ත හෙට්ටිගේ
දිවයින
Post a Comment