ජ්‍යෙතිෂයේ වෙනත් කරුණක් ගැන මෙවර ලියන්න සූදානම් වුවත් පවතින තත්ත්වය උඩ ඒ තීරණය වෙනස් කර මෙය ලියන්න හිතුණා. ඕනෑම කරදරයක් රෝගයක් හෝ ව්‍යසනයක් වැළැක්වීම සුවකිරීමට වඩා යහපත් බව වෛද්‍ය විද්‍යාවේ කියනවා. ප්‍රතිශක්තිමය එන්නත් පවා ලබා දෙනවනේ. මේ ක්‍රියාවට රජය ලොකු මුදලක් වැය කරනවා. වචන වෙනස් කිරීමක් වුණත් ජ්‍යෙතිෂයෙන් කරන්නේ ඒකමයි. අපි වටා වේගයෙන් භ්‍රමණය වන ග්‍රහ කිරණ දෙස බලලා අනාවැකි කියලා ව්‍යසනයෙන් මුදා ගන්නවා. වැරදියට අනාවැකි කිව්වොත් ඒකෙත් ප්‍රතිඵල ඒ විදිහටම ලැබෙනවා. කවුරු කොහොම කිව්වත් දියුණු රටවල යම් යම් නව කාර්යයන් ආරම්භ කරන්නේ නැකතකටමයි. නැකත කියන්නේ අප වටා නැත්නම් පෘථිවිය වටා වේගයෙන් කැරකෙන ග්‍රහ කිරණ අපට නැත්නම් පෘථිවියට බලපාන්නේ කොහොමද කියලා පරීක්ෂා කරලා ඒ ඒ කාර්යයන්ට සුදුසු කිරණ ලබා ගැනීමටත් නුසුදුසු කිරණ පලවා හැරීමටත් කරන උත්සාහයක්. නාසා ආයතනය අදටත් චන්ද්‍රිකා යවන්නේ නැකතට බව දන්නවනේ. මේ ජ්‍යෙතිෂයෙන් අනාවරණය කරන ග්‍රහ කිරණ ගැන හා බලපාන අයුරු තවමත් මිනිසුන් හරිහැටි දන්නේ නැහැ. දන්නව නම් මේ විදියට වැඩකරන්නේ නැහැ. රට මෙපමණ දූෂිත තත්ත්වයට වැටෙන්නේ නැහැ.
ඉපැරණි ලෝකයේ බොහෝ දෙනා ජ්‍යෙතිෂයට දුන් ස්ථානය අති මහත්. එකල ඕනෑම වටිනා දෙයක් කරන්න කලින් රජතුමා රාජකීය ජ්‍යෙතිර්වේදියා කැඳෙව්වා. ඔහු අවශ්‍ය දේ පරීක්ෂා කර තුන්වැනි ඥානය උපයෝගී කරගෙන ඉදිරියේදී සිදුවීම පිළිබඳ සත්‍ය ප්‍රකාශ කරනවා. ඒක අකුරටම හරියනවා. ඒ එදා. අදත් රාජකීය ජ්‍යෙතිර්වේදීන් එක එක අනාවැකි පවසනවා තමයි. ඒ රජතුමාට රජකමත් නැති කරන මට්ටමේ අනාවැකි. එවැනි අනාවැකිවලට ඒ දවස්වල නම් දඬුවම හිසගසා දැමීම. බලන්න අපේ සිද්ධාර්ථ කුමාරයාට නම් තැබීමේදී සිදු වුණේ මේක නොවේද? කොණ්ඩඤ්ඤ තවුසා හැර සෙසු අය ස්ථීර මත දෙකක් පළ කළේ නැද්ද? සිද්ධාර්ථ කුමාරයාගේ නළලේ " උර්¨ණ රෝම ධාතුව" දෙස බලා ඒකාන්තයෙන්ම බුදුවෙනවා. කිව්වේ නැද්ද?
ජ්‍යෙතිෂය කියන්නේ මහා පුදුම සත්‍යයක් උගන්වන ඥානයක්. හසළ බුද්ධියක්. ඒක සෘෂි ඥානය. පොත්පත් කියවල නිවැරදි දේ ලබාගන්න ඕනෑ. පරීක්ෂණ කරන්න ඕනෑ. යමක් ගැනම ඥානය ඒකරාශි කරලා හිතන්න ඕනෑ. බලන්න ඇපල්ගෙඩිය වැටුණ එක දුටු අයිසැක් නිව්ටන් ඒක අහුලාගෙන කෑවේ නැහැ. කල්පනා කළා කොහොමද ඒක වැටුණේ කියලා. ගුරුත්ව ආකර්ෂණ බලය සොයාගත්තා. වර්තමානයේ ගොඩක් අයට මේ ශාස්ත්‍රය දියුණුකරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය විකුණාගෙන කන්නයි. නැකත කියන්නේ අප වටා කැරකෙන බල ශක්තියක් හෝ කීපයක් ඒකරාශි කර ස්ථානගත කිරීමකටයි. ඒ නිසාම අවශ්‍ය කෙනාගේ ලග්නය නැකත නවාංශකය පරීක්ෂා කරනවා. අපි උපදින කොට අප වටා භ්‍රමණය වන ග්රහකිරණවලින් අවම වශයෙන් කිරණ 03 ක් වදිනවා. එකක් ලග්නය අයිති ග්‍රහ කිරණය, ඊළඟට නැකත අයිති ග්‍රහ කිරණය, තෙවනුව නවාංශය අයිති ග්‍රහ කිරණය. අඩුම තරමින් මේ ග්‍රහ කිරණ අපේ ජන්ම පත්‍රයේ භාවයන්ට ස්පර්ශ වන අන්දමට සුබ අශූභ ප්‍රතිඵල දෙනවා. උදාහරණයක් වශයෙන් ඔබේ ලග්නය මේෂ නම් අඟහරුවාත්, නැකත අස්විද නම් කේතාත්, නවාංශකය මීන නම් බ්‍රහස්පතිත් ඔබට සුබ අශුභ පල ඒ ඒ විදියට දෙනවා. එවිට ඔබට සුභ හෝ අශුභ සිදුවනවා.
මම හැම විටම කියන දෙයක් තමයි, විශ්වබලය ඒ කිව්වේ ස්වභාවධර්මයා, ස්වභාවධර්මය කියන්නේ ආපෝ, තේජෝ - වායෝ - පඨවි ආකාසවලින් ඇති වන ප්‍රතික්‍රියාව මේ පංච මහා භූතයෝ බලශක්ති විශේෂයක් කතා කරන්න බැරි එක විතරයි. අපි කළ/ කරන පව් පිං උඩ ක්‍රියාකරනවා. ඒ නිසා අපි ලෙහෙසියට කියනවා ඒ ග්‍රහයා හතුරුයි නැත්නම් මිතුරුයි කියලා.
මම 2017 අප්‍රේල් 30 වැනිදා දිවයින නැකත අතිරේකයෙන් කිව්වා. මේ වසරේ නැකැත් ගැන. පඨවි භූතයාට අධිපති අඟහරු ගැනයි. චන්ද්‍රයා ගැනයි. 2017-04-13 වැනිදායින් ආරම්භ කරන ශ්‍රී ලංකාවේ තත්ත්වය තමයි ඒ කිව්වේ. එදා මේෂයට අධිපති අඟහරුවා මුල් පුටුවේ සිට දෙවැනි පුටුවට ආවා. 02 කිව්වේ සිකුරුට අයත් වෘෂභය ආදර බර රාශිය. ඊට 6 ක් දුරින් සිටි සඳු එදාම වෘශ්චිකයට ආවා නීච වෙලා. සප්තම දෘෂ්ටියට අහුවුණා. අඟහරුවාගේ පඨවි තත්ත්වය නැති වුණා.
මම තවමත් ජ්‍යෙතිෂය හදාරනවා. ඒ යමක් ලබාගන්න නොවේ. ඥානයම පමණක් ප්‍රගුණ කරන්න. මේ ඥානය මතු භවයටත් අරගෙන යන්න. ඒ දැනුමෙන් කාටහරි පිහිට වන්න. මේ වසරේ චන්ද්‍රයාගෙන් හරි අපලයි. චන්ද්‍රයා කියන්නේ ජ්‍යෙතිෂයේ අම්මා - සතුටට අධිපතියා අප්‍රේල් 13 වැනිදා නීච වුණා. පඨවි ධාතුව භාර අඟහරුවා බල අඩුවුණා. ඔබේ ජන්ම පත්‍රයේ මහදශාව අන්තර් දශාව හෝ දෘෂ්ටි ඔය කියන අඟහරුට හෝ චන්ද්‍රයාට බලපානවා නම් ඔබ ප්‍රවේශම් වෙන්න ඕනෑ. ඔබ විතරක් නොවේ ඔබේ දේපොළ අඹුදරු පරිස්සම් කරන්න ඕනෑ. 02 කිව්වේ කුඩුම්බ ස්ථානය. කුඩුම්බය කිව්වේ බෙල්ලට. ඔබ පදිංචිය කන්දක් ළඟ නම් නාය යැම්වලින් ප්‍රවේශම් වෙන්න. ඒ කන්ද ළඟ ඇළ - දොළ හෝ කුමන වතුර පහරක් හෝ යනවා නම් තාවකාලිකව හෝ ඉවත් වන්න. අලුයට ගිනි ඔබේ නිවස ළඟ ඇළ දොළ ගංගා තිබෙනවා නම් බඩු බාහිරාදිය උඩුමහලට ගන්න. චන්ද්‍රයා ජ්‍යෙතිෂයේ අම්මා කෲර වුණා. තරහ වුණා. අමාත්යාය අඟහරුවා පඨවි තත්ත්වය අඩු කළා. රටක වතුර නරක් වී තද ගතිය අහෝසි වුණොත් ප්‍රතිඵලය දන්නවනේ. ජල ගැලීම් හිස ඔසවනවා. තව මාස 3 කින් වේගවත් සුළංවලින් කරදර වේවි. ඔබ අලුත්වැඩියා නොකළ මහල් නිවාසවල පදිංචි වී ඉන්නවා නම් හෝ ළඟ විශාල ගස් තිබෙනවා නම් ඉතා පරිස්සම් වන්න. මා අනාවැකි පළ කරන්නේ නැහැ. ඔබේ පරිස්සමට පොඩි පැටවුන්ගේ පරිස්සමටයි කිව්වේ.
තව එකක් කියන්න වටිනවා. ඔය ග්‍රහ කිරණ නරක් වුණාම ඒක ඔබට තේරෙනවා. අඟහරුවා හතුරු වුණාම ලෙඩ හැදෙනවා. බ්‍රහස්පති එහෙම දරුවන්ට නරක් වුණාම ශිල්පය විකෘති කරනවා. කෙහෙතා එහෙම නරක් වුණාම රෝග නැති රෝග හදනවා. ඔය වගේ කරදර එනවිට ඔබ ඉස්සෙල්ලම දක්ෂ ජ්‍යෙතිර්වේදී මහතෙකුගෙන් ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගැනීම මූලික වශයෙන් අත්‍යවශ්‍යම වෙනවා. ඊට පසු අවශ්‍යය සුදුස්ස කරවා ගන්න. වැඩි විස්තර සඳහා 072217553 අංකයට අමතන්න.
ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥ, ගුප්ත විද්‍යාධර
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දිවයින
Post a Comment