දෙනෙත් අඳ දියණියන් දෙදෙනා ඇස් දෙක මෙන් රකිනා උතුම් පියෙක්

ඇස් නොපෙනෙන දියණියන් දෙන්නකු හා අසනීප බිරිය ඇස්දෙක වගේ රැකබලා ගන්න උදාරපියකු පසුගියදා ගලේවෙල ප්‍රදේශයෙන් අපට හමුවිණි .

ගලේවෙල දුමින්ද බණ්ඩාරනායක මහතාගේ දැනුම්දීම පරිදි මේ අපුරු පියා සොයා අප එහි ගියමු .

වටගල ගලේවෙල යන ලිපිනයේ පදිංචි මේ ආදරණිය පියා වුයේ ඒ .ඒ . සිරිසේන(70) මහතායි .ඔහු ගේ ආදරණිය බිරිය ඉන්ද්රාණි මැණිකේ (61) මහත්මියයි .මේ යුවළට දරුවන් හතර දෙනෙක් ලැබුණු අතර ඒ ගැණු දරුවන් 2ක් පිරිමි දරුවන් 02 වෙයි .අවාසනාවක මහිමය වුයේ දියණියන් දෙන්නාගේම උපතින්ම දෑස නොපෙනීමයි .

කුලී වැඩ හා ගොවිතැන් කරන මේ පියා හා මව දරුවන් සිව් දෙනා හදාගන්න නොවිදිනා දුකක් නැත . දෑස නොපෙනෙන සිගිරි ලංකා දියණිය 38 වැනි වියේ පසුවන්නිය .දෙවැනි දියණිය වන්නේ අමිතා ලංකා 32 වැනි වියේ පසුවන්නිය .

ආදරණිය බිරිය ඉන්ද්රාණි මැණිකේ මහත්මිය කාලයක පටන් දණහිස් හා රෝගගාබාධ කීපයකින් පෙළේ .මේ සියලු දෙනා ජිවත් කරවීම දියණියන් දෙන්නාට ඉගැන්වීම් සියලු අවශ්යතා මේ ආදරණිය පියා විසින් සිදු කරනු ලබයි .

මේ පියාගේ තවත් විශේෂත්වය වන්නේ දියණියන්ට ජීවිතය ගැන ධර්මානුකුලව අවබෝධ කර දී තිබීමය .නිතර නිතර ගමේ පන්සලට දියණියන් දෙන්නා හා බිරිය සමඟ ගොස් පින් රැස් කරයි .

ආර්ථික දුෂ්කරතා කොතෙක් තිබුනත් තම දියණියන් දෙන්න කුසගින්නේ නොතියන මේ පියා අද වන සමාජයකට මහත්වූ ආදර්ශයකි .

මේ අන්ද දියණියන් කියා සිටින්නේ ලෝකයේ ඉන්න හොදම තාත්තා ඔහු බවය බිරිය කියන්නේ ලොව ඉන්න හොදම සැමියා බවය .

තමන් අත්විදින ජිවන අරගලය ගැන සිරිසේන මහතා අප සමඟ මෙසේ පැවසිය, මම ජීවිතය සතුටින් ගෙවපු කෙනෙක් තරුණ කාලයේ හොදට ගොවිතැන් කරලා හම්බ කළා ගමේ පොදු වැඩ කළා ජිවිතයටම වැරදි වැඩක් කරලා නැහැ .එත් පෙර කොරපු කුමන හෝ කරුමයකට මගේ දරුවන් දෙන්නටම අන්දව් ඉපදුනා .එදා තමයි මම ජිවිතයේ දුක් වුනු දවස.

එදා ඉදලා මේ දරුවෝ දෙන්නයි අස්පෙන දරුවෝ දෙන්නයි හදන්න අද දක්වාම විදින දුක කරන කැපකිරීම දන්නේ මමයි, බිරියයි, උඩ ඉන්න දෙවියොයි විතරයි .හැබැයි මම ඒ වේදනාව දරුවන්ටගමට හෝ කාටවත් පෙන්වන්න ගියේ නැහැ හැම දුකක්ම කිව්වේ බුදුහාමුදුරුවන්ට. ලබන ආත්මයේදීවත් මෙවන් දුකක් අපි කාටවත් වෙන්න එපා කියල.

මේ පවුලට කිසියම් උපකාරයක් කරන්නට කැමති කවෘන්හෝ සිටිනම 0775560824 අංකයට අමතන්න.

දිනමිණ ඇසුරිණි



මේ පවුලට කිසියම් උපකාරයක් කරන්නට කැමති කවෘන්හෝ සිටිනම 0775560824 අංකයට අමතන්න.