එළඹෙන ජුනි මස 18 වැනි ශනි දින රාත්‍රී 10.52 ට ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් බුධ ග්‍රහයා තම ස්වක්ෂේත්ර භවනය වූ මිථුන රාශියේ සුබ බලයක් ස්මතු කරමින් බලවත් වනු ඇත. මෙය වසරකට දෙවරක් පමණක් සිදුවන සුවිශේෂි ග්‍රහ මාරුවකි. ඒ අනුව එතැන් සිට ජූලි මස 02 වැනි දින පාන්දර 03.08 ට කටක රාශි ගත වන තුරු දින 15 ආසන්න කාලයක් බුධ මිථුනයේ ගමන් කරනු ඇත. මෙම ග්‍රහ මාරුවත් සමඟින් මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්නවලින් උපන් අයට අන් ග්‍රහ ගමන් මත භද්‍ර නම් රාජ යෝග බලය උදා වන අතර ඔවුන්ට කරන කියන සියලු අංශවලින් අතිශය සුබ ප්‍රතිඵල උදාවනු ඇත. අනෙකුත් ලග්නවලට මධ්‍යම සුබඵල උදා වනු ඇත. මෙම ග්‍රහ තත්ත්වය එළඹෙන 2017 ජුනි මස 18 වැනි ඉරු දින සිට 2017 ජූලි 02 වැනි දින පාන්දර 03.08 දක්වා පවතිනු ඇත.
ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් අතරින් ලාබාල මෙන්ම කුඩාම ග්‍රහ ලොව වන බුධ ග්‍රහයා සූර්යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුම් 2705 ක පමණ විශ්කම්භයක් ඇති ග්‍රහයෙකි. අප වාසය කරන පෘථීවි ග්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්යයා හෙවත් රවි සමඟ ම ගමනක යෙදෙන බුධ ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇත. ග්‍රහ ලොව ඥාන කාරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොත පතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත් පත් වෙළෙඳාමට හා මුද්‍රණ කර්මාන්තයටද බලපෑමක් දක්වන ග්‍රහ ලොව ලෙස අපට හඳුන්වා දිය හැකිය.
මිථුන, කන්‍යා, වෘෂභ, තුලා, මකර හා කුම්භ යන ලග්නවලට සුබ ග්‍රහයකු වන බුධ මේෂ, කටක, සිංහ, වෘශ්චික හා ධනු යන ලග්නවලට තදබල පාපි ග්‍රහයා වනු ඇත. මිථුන කන්‍යා තුලා මකර හා මීන යන ලග්නවලට යෝගකාරකයා වන බුධ මේෂ, කටක, සිංහ වෘශ්චික යන රාශිවලට මාරක ග්‍රහයා වන්නේය. යම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇය නිරතුරු පොතපතට මෙන්ම උගත් අය සමඟ සාකච්ඡාවට මෙන්ම ලේඛන කලාවට වැඩි නැඹුරුවක් දක්වනු ඇත. එසේම බුධ බලවත් බොහෝ අයගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවන්නේ බුධ එම අංශයට එතරම් බර නොවූ ග්‍රහයකු නිසාය. බොහෝ විට බුධ ග්‍රහයා තමා සමඟ යෝග වන ග්‍රහයාගේ බලය ආරෝපනය කරගනු ඇත. එය බුධගේ ස්වරූපයයි.
බුධ බලවත්ව (උච්චව හෝ ස්වක්ෂේත්රව) යම් කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටින කල පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍ර නම් සුබ ප්‍රබල බලවත් සුබ යෝගය උදාවනු ඇත. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපනයට ඉතාම දක්ෂ ඥාන වන්තයින් වන අතර මනා අධ්‍යාපනයක් නොලැබුවත් උපතින්ම උගතුන් වනු ඇත. මේ අය නීතිය, ජ්‍යෙතිෂය, චතුර කථිකත්වයට උපතින්ම සහජ දක්ෂයින් වන්නේය. ඒ අනුව ඉහත සඳහන් කළ ජුනි මස 18 වැනි දින සිට ජූලි 02 වැනි දින පාන්දර 03.08 දක්වා උපදින දරුවන් ඉතාම වාසනාවන්ත වන අතර ඔවුන්ගේ ග්‍රහ බලය සමඟ ඉහත භද්‍ර නම් පංච මහා පුරුෂ යෝග බලය ද එක්වනු ඇත. ඒ අනුව එම දරුවන් අනාගතයේ අපේ රටේ මෙන්ම විදේශයන් තුළ ද කැපී පෙනෙන උගතුන් හා බුද්ධිමතුන් වනු නොඅනුමානය.
අධ්‍යාපනය හා ඒ අශ්‍රිත කටයුතු, පාසල් හා විශ්වවිද්‍යාල, නීතිය, ජ්‍යෙතිෂය, ලේඛන කලාව, ගුරු වෘත්තිය, කවිය, පොත් පත් හා වෙළෙඳාම මෙන්ම මුද්‍රණ කර්මාන්තයට ද මෙම බුධ ග්‍රහ මාරුව ඉතාම යහපත් වන්නේය. එම අංශවල කැපී පෙනෙන දියුණුවක් ඇති වනු ඇත.
2017 අගෝස්තු මස පැවැත්වෙන මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්නවලින් උපන් දරුවන්ටත් අනෙකුත් දරුවන්ටත් මෙම බුධ මාරුව සුබ දායක වනු ඇත.
ජ්‍යෙතිෂවේදී, බණ්ඩාරගම,
සම්පත් එස් කල්පගේ
Post a Comment