නිලන්ත හෙට්ටිගේට දෙවියන් කියූ පණිවිඩය - සෝවාන් ඵල සහතික ලියා දෙන බෝසත්වරු - 02

බුදුදහමෙන් පෝෂණය වූ ගෝත්‍රික ඇදහිලිවල එකතුවකි. මා විසින් ඒ අපූරු නිරීක්‍ෂණය කරන තෙක්‌ කිසිවකු හෝ ඒ ගැන ප්‍රසිද්ධියේ නොකීම මම අදටත් පුදුමයක්‌ කොට සලකමි.

මම මේ ලිපි පෙළ තුලින් කියන ඕනෑම ඉගැන්වීමක්‌ ඔප්පු කර පෙන්වීමේ සූදානමින් සිටිමි. මා කියන ධර්ම කරුණු ඒ තරමටම නිවැරදිය.

අපි අද ඕනෑවටත් වඩා ගෝත්‍රික ආගම් පැත්තට බරව සිටිමු. මුල් බුදුසමයෙන් පවරා දුන් යුතුකම් සියල්ල අදවන විට අමතකව ගොස්‌ ඇත. මුල් බුදුසමය අනුව සෝවාන්වීම බෞදධයෙකුගේ පරම යුතුකමයි. එය බෞද්ධයකු වීමේ අවම සුදුසුකමයි. අර්හත්ඵලයට පත්වීම පැවිද්දෙකුගේ පරම යුතුකමයි. ''මේ එළඹ ඇත්තේ ගෞතම බුද්ධ ශාසනයයි. මේ බුදුසසුනෙහි වෙසෙන යම් පැවිද්දෙකු අර්හත්ඵලයට පත් නොවූවොත් ඒ පැවිද්දා නිග්‍රහ ලබන්නට සුදුස්‌සෙකි. මේ බුදුසසුන කාලයේ සිටින ගිහියකු අවම වශයෙන් සෝවාන්ඵලයට පත් නොවූවහොත් ඔහුද නිග්‍රහ ලබන්නට සුදුස්‌සෙකි'' යනුවෙන් ඛුද්ධක නිකායෙහි ස`දහන් කර ඇත.

එනමුත් අපේ රටේ බෞදධයන් යයි කියා ගන්නා අති බහුතරය තවමත් මාර්ගඵල ගැන උනන්දුවක්‌ නොදක්‌වති. මාර්ගඵල ලැබීම තමන්ගේ පරම යුතුකම බව නොදනිති. 

තමන්ගේ පරම යුතුකම නොදත් යතිවරු තමන් බුදුදහමේ අයිතිකරුවන් බව රටට පෙන්වන්නට නිසරු මාධ්‍ය සන්දර්ශන පෙන්වති. එය පීනන්නට නොදත් අය ගොඩ පීනමින් මිනිසුන් රැවටීම වැනි මුග්ධ ක්‍රියාවකි.

බුද්ධ ශාසනය මේ වන විට අප රටෙන් අතුරුදන්ව ඇත. දැන් ඇත්තේ බුද්ධ ශාසනය නොව එහි ඡායාමාත්‍රයකි. මම දැන් ඒ ප්‍රකාශයද පහසුවෙන් ඔප්පු කර පෙන්වමි. බුදධ දේශනයේ සංයුක්‌ත නිකායේ සූත්‍ර සසඳා බලන කල්හි බෞදAධයකු වීමට නම් අවම වශයෙන් සෝවාන්ඵලයට වත් පැමිණිය යුතුය. බෞද්ධයකු යනු දිවි හිමියෙන් බුදුන් සරණ ගිය අයෙකි. දිවි හිමියෙන් දහම් සරණ ගිය අයෙකි. දිවි හිමියෙන් ආර්ය සංඝයා සරණ ගිය කෙනෙකි. අවම වශයෙන් සෝතාපන්න ඵලයට පැමිණි කිසිවෙකු බෞද්ධයකු නොවන අතර මරණින් මතු ඔවුන්ගේ සරණාගමනය බිඳී අබෞදAධයන් බවට පැමිණෙති. මේ කරුණ බෝධිසත්වයන්ට පවා බලපාන බව සූත්‍ර පිටකයේ එන කරුණු අනුව පෙනෙයි.

බෞද්ධයකු හෙවත් සෝතාපන්න ඵලයට පැමිණියකු නොකරන වැරදි නවයක්‌ වෙයි. ඉන් එක්‌ වරක්‌ නම් අන් සාස්‌තෲවරයකුගේ සරණ යාමයි. සරණ යාම යනු පිහිට පැතීම හා සමාන දෙයකි. අපේ බෞදAධයන්ට සාස්‌තෲවරුන් දුසිමක්‌ පමණ වෙති. අප රටේ අදහන දෙවිවරුන්ගෙන් අති බහුතරය හින්දු දේවකථාවන්හි එන ප්‍රධාන න`ථවන් වන අතර ඉතිරි දේව චරිත සියල්ල ගෝත්‍රික ඇදහිලි වල ශේෂයන් බව පැහැදිළිය. විෂ්ණු දෙවියන් ගැන හෝ ස්‌කන්ධකුමාර දෙවියන් ගැන සූත්‍ර විනය අභිධර්ම යන තුන්පිටකයේ කිසිදු තැනක හමු නොවේ. අසවල් අසවල් දෙවියන්ට බුදුසසුන බාරකළ බව අපේ ඇත්තන් කියතත් උන් එකෙක්‌වත් ඕනෑ වෙලාවට ළ`ග නැත. අපේ දේශපාලන නායකයන් පවා දුකේදී සැපේදී දුවන්නේ තිරුපති කෝවිලට මිස ගමේ පන්සලට නොවේ. ගමේ පන්සලත් ආගන්තුක දෙවිවරුන් විසින් ආක්‍රමණය කර උන්ගේ භුක්‌තියට සවිකරගෙන ඇත.

ත්‍රිපිටක ධර්මයෙහි එන සැබෑ බුදුදහම දේව කන්නලව් නැති තමන්ගේම විමුක්‌තිය තමන්ම සලස්‌වා ගැනීමට උගන්වන එකකි. එනමුත් අපේ ඇත්තන් සියලුම වැදගත් කරුණු වලදී දෙවියන්ට මුල් තැන දෙති. 

බෝසත්වරුන් මා හට උපදෙස්‌ දී ඇති පරිදි සදෙව්ලොව වෙසෙන කිසිම උසස්‌ දෙවියකුට මිනිසුන්ගේ පූජා වට්‌ටි වල ඇති ආහාර රස බැලිය නොහැකිය. දෙවියන්ට ඔවුන්ටම පමණක්‌ විෂය වූ දේව ආහාර ඇත. බෝසත්වරුන් කියන පරිදි පූජාවට්‌ටිවල ඇති ආහාර පරදත්තූපජීවී ප්‍රේතයන්ට පමණක්‌ විෂය වෙයි. අන් කිසිදු අමනුෂ්‍යයෙකුට පූජා වට්‌ටි වල ඇති පලතුරු වල රස බැලිය නොහැකිය.

දෙවියන්ට වැඳීම පෘතග්ජනයන්ට අයත් ප්‍රතිපදාවකි. මහා යෝගී වජ්‍රසත්වයන් කියන පරිදි අප විසින් කළ යුත්තේ දෙවියන්ට වැඳීම නොවේ. දෙවියන්ගෙන් වැඳුම් ලබන තත්ත්වයට පත්වීමයි. මා දැන් සැරසෙනුයේ දෙවියන්ගෙන් වැ`දුම් ලබන ඒ රහස්‌ ප්‍රතිපදාව ඔබට හෙළිකිරීමටයි.

දෙවියන්ගෙන් වැඳුම් පි\qම් ලැබීමට කැමති අය එක්‌කෝ විදර්ශනා භාවනාව ප්‍රගුණ කළ යුතුය. නැතිනම් කරුණා භාවනාව ප්‍රගුණ කළ යුතුය. එසේ නැත්නම් බෝධිචර්යාව ප්‍රගුණ කළ යුතුය.

විදර්ශනාව ප්‍රගුණ කිරීම පහසු නමුත් කරුණා භාවනාව වැඩි දෙනෙකුට විෂය නොවේ. කරුණා භාවනාව ගැන මූලික සූත්‍ර වල දැක්‌වුණත් එය ප්‍රගුණ කරන ආකාරය විස්‌තර කර නැත. විසුද්ධි මාර්ගයේ ඇති විස්‌තරවලට අනුකූලව කරුණා භාවනාව ප්‍රගුණ කිරීම අපහසුය.

බෝධිසත්වවරුන් කියන පරිදි ලෝකසත්වයන් කෙරෙහි කරුණාව පහළ කර ගත හැක්‌කේ සාමාන්‍ය කෙනෙකුට වඩා උසස්‌ අයෙකුට පමණි. කරුණාව යනු දුකට පත් සත්වයන් කෙරෙහි අනුකම්පාව ඇතිකර ගැනීමයි. සාමාන්‍ය කෙනෙකු කරුණා භාවනාව වඩන්නේ නම් පළමු කොට ඔහු බෝධිසත්ව චර්යාව සමාදන් විය යුතුය. සැබෑම බෝධිසත්වයකු කරන ලෙස විපතට පත්වූ ජනයාට අනුකම්පා කිරීම, බුදුසසුනෙහි උන්නතියට වැඩ කිරීම බෝධි චර්යාවෙහි අත්‍යවශ්‍ය අංගයන් වෙයි. මෙයාකාර බෝධිචර්යාව සමාදන් වූ තැනැත්තෙක්‌ කරුණා භාවනාව වැඩීමට සුදුස්‌සකු වෙයි. මන්දයත් ඔහු සෙස්‌සන්ට වඩා උසස්‌ අයෙකු බවට පත්වීම ආරම්භ කර යම් දුරක්‌ ගිය බැවිනි.

කරුණා භාවනාව උසස්‌ ලෙස වැඩීමට කැමති තැනැත්තා පළමු කොටම නිශ්ශබ්දතාව හොඳින් ඇති තැනකට ගොස්‌ පළක්‌ බැ`ද හි`දගත යුතුය. දැන් මෙයාකාරයට සිතුවිලි මාත්‍ර වශයෙන් කරුණාව ඇති කරගත යුතුය. '' සංසාරය බොහෝ බියකරුය. සසරෙහි සැප ටිකකි. දුක බහුලය. ලෝක සත්වයන්ගෙන් වැඩි දෙනෙක්‌ විපතට පත්ව බොහෝ දුකින් වාසය කරති. සසර දුකින් මිදීමට ඇත්තේ එක මඟකි. එය නිර්වාණාවබෝධයයි. ඉදින් මමද නිර්වාණාවබොAධයට පත්ව මට හැකිතාක්‌ සත්වයන් ඒ ම`ග යවමි. මම ද සසරෙන් මිදෙමි. අනුන්ද සසරෙන් මුදවමි. සිය`ථ දුක්‌ විඳින සත්වගට මාගේ කරුණාවෙන් ශාන්තියක්‌ම වේවා.'' මෙය කරුණා භාවනා පරිකර්මයයි.

මෙයාකාරයෙන් ටික වේලාවක්‌ සිතමින් හිඳිනකල මම බෝධිසත්වයෙකු වෙමිය යන හැඟීම ඇති වෙයි. මේ හැ`ගීම ඇතිවූ කල්හි සිතට ප්‍රීතියක්‌ දැනෙයි. ඒ ප්‍රීතියට සංවේදීව සිට හෘදය දෙසට අවධානයෙන් සිටින කල්හි නෝථම් මලක පිරිසිදු රත්පැහැයෙන් යුතුව හදවතෙහි ලේ ධාතුව සිතට ග්‍රහණය වෙයි. එය කරුණා භාවනාවෙහි උද්ග්‍රාහ නිමිත්තයි. මෙලෙස උපයාගත් උද්ග්‍රාහ නිමිත්ත නිතර මෙනෙහි කිරීම් වශයෙන් වඩන විට තියුණු ප්‍රතිභාග නිමිත්ත උපදියි. ප්‍රතිභාග නිමිත්ත වමට දකුණට ඉදිරියට පසුපසට උඩට යටට ආදී ලෙස පැතිරවිය යුතුය. එලෙස පතුරවාහළ ප්‍රතිභාග නිමිත්ත ඇසුරු කොට සිත සමාධිගත කිරීම ඊළ`ග පියවරයි. 

මෙයාකාරයෙන් හුරු කරන ලද කරුණා භාවනාව බොහෝ ප්‍රතිඵලදායකය. මා ඉහතින් කී පරිදි කරුණා භාවනාව හෝ බෝධිසත්ව චර්යාව හෝ විදර්ශනා භාවනාව ප්‍රගුණ කළ කිසිවකු දෙවියන්ට වැ`දීම අවශ්‍ය නොවේ. එවැන්නන්ට දෙවියෝ ඉබේම ආකර්ෂණය වෙති. සම්‍යග්දෘෂ්ටික දෙවියන් ආකර්ෂණය කරගැනීමෙන් බොහෝ ඉෂ්ඨ ප්‍රතිඵල ලැබිය හැකිය.

මම කාලයක්‌ කරුණා භාවනාව හුරු කළෙමි. ප්‍රතිභාග නිමිත්ත දක්‌වා භාවනාව දියුණු නොවූවද එයින් බොහෝ උසස්‌ ප්‍රතිඵල ලැබුණි. සමහර අවස්‌ථාවල දේව සභාවන්හි වැදගත් තීරණ මා වෙත සෘජුවම දැනුම් දෙනු ලැබුණි. 

දෙදහස්‌ දහහතර වර්ෂයේ සැප්තැම්බර් මාසයේ එක්‌තරා දිනක හවස්‌ වරුවේ දෙවියෙක්‌ මා හමුවට පැමිණ සිටියේය.

''ඔබට විශේෂ ප්‍රවෘත්තියක්‌ දැනුම් දෙන්නයි මම ආවෙ. මේක දේවසභාවෙ තීරණයක්‌''

''මොකක්‌ද ඒ තීරණය''

''අපි තීරණය කළා ලංකාණ්‌ඩුවට සහයෝගය නොදෙන්න''

''ඇයි ඒ වගේ හදිසි තීරණයකට ආවෙ?''

'' මේක තරමක්‌ දිග කථාවක්‌. ලංකාවෙ රජවරු මරණින් මතු කිහිප විටක්‌ම නැවත මෙරට රජකමට පත්වුණ අවස්‌ථා තියෙනවා. ඔය දැන් ඉන්න රජ්ජුරුවොත් කලින් මේ රට පාලනය කරපු කෙනෙක්‌. එයා අපේම කෙනෙක්‌. එයාට මෑතක්‌ වෙනතුරු දේවසභාවෙ පූර්ණ අනුග්‍රහය තිබුණා.''

''ඇයි දැන් අනුග්‍රහය කපා හැරලද?''

''ඔව්. ඒක සිද්ධ වුණේ එයාගෙම ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ විධියට. එයා අපෙන් අවසර නැතිව ලංකාවෙ සිතියම වෙනස්‌ කළා. ඉතින් අපි දේව සභාව ඒකරාශි වෙලා තීන්දුවක්‌ ගත්තා ලබන අවුරුද්දෙ මුල් මාස තුන ඇතුලත රජ්ජුරුවන්ව ගෙදර යවන්න''

දෙවියා කියන අණ්‌ඩර දෙමළය මට නොතේරුණි. ලංකා සිතියම වෙනස්‌ කිරීම ගැන මම නැවත දෙවියා විමසමි.

''මෙන්න මේකයි ලංකා සිතියම වෙනස්‌ කළා කියන්නෙ. අර හම්බන්තොට රට ඇතුලෙ වරායක්‌ කියල එකක්‌ හැදුවනෙ. ඒක මිනිසුන්ට වරායක්‌ විදියට පෙනුනට දෙවියන්ට ඒක පෙනෙන්නෙ මුහුද රට ඇතුලට ඇවිත් කියල. ලංකාභූමියේ කොටසක්‌ මුහුදට බිලිදීම ගැන දෙවියො කම්පා වෙලා.''

ඒ දෙවියා කී අනාවැකිය හිතවත් ජ්‍යෙdතීර්වේදීන් දෙදෙනෙකුට කීමි. තවත් හිතවතුන් ගණනාවකට දැනුම් දුනිමි. ඒ අනාවැකිය කොතරම් නිවැරදිද යන්න මට පසක්‌ වූයේ සියල්ල අකුරටම සිදුවූ පසුවය. මාගෙන් ඒ අනාවැකිය ලද අය අදටද නිතර මා සිහිපත් කරති.

දැන් සියල්ල නරක අතට හැරෙමින් පවතියි. ඒ ගැන සැකයක්‌ නැත. ලංකාව බෞද්ධ රජ්‍යයක්‌ව තිබී අනාගමික රාජ්‍යයක්‌ බවට සීරුමාරු වෙමින් තිබෙයි. අන්‍යාගමික මූලධර්මවාදීන් තමන්ට ලබාදුන් කොන්ත්‍රාත්තුව ඉටුකර අවසන් කරනතුරු කටපියාගෙන සිටිනු යන්න අද බෞද්ධයන්ට නිරත දෙවේලේ ඇසෙන පොදු පණිවුඩයයි. අද මෙරට ඇතිව තිබෙන අති භයානක තත්වය හමුවේ බෝසත්වරු හා අමිතාභය බුදුන්වහන්සේ අපට සක්‍රියව උදව් කිරීමට කැමතිව සිටිති.

ලබන සතියට 

නිලන්ත හෙට්‌ටිගේ



නිලන්ත හෙට්ටිගේ මහතා විදින දිවයින විශේෂාංග තීරුවට ලියු නවතම ලිපියයි මේ.