බඩේ තියන ටයර් ටික, ඒ කිව්වේ බඩ වටේ තැන්පත් වෙලා තියන තෙල් තට්ටුව තියාගෙන ඉන්න ආස අය නම් බොහොම අඩුයි. වැඩි දෙනෙක් මෙහෙම ඉන්නේ එක්කෝ ආස කෑම පාලනය කර ගන්න බැරි නිසා, නැතිනම් ව්‍යායාම කරන්න කම්මැලි නිසා හෝ වෙලාවක් නැති නිසා. කවුරු හරි ඇවිත් බඩ අඩු කරලා දෙනවා නම් ඒකට අකමැති අය කවුරුත් ඉඳියි කියලා හිතන්න අමාරුයි නේද? හැමෝම ආසයි ලස්සන බඩක් හිමි කර ගන්න. අපි දැන් කියන්න යන්නේ ඒ වගේ කිසිම අතිරේක මහන්සියක් නැතිව ලේසියෙන්ම බඩ අඩු කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.
මෑත කාලයේ කරපු අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි බඩේ මේ විදිහට තෙල් පිරිලා තියන එක ලස්සන ගැන ප්‍රශ්නයක්ම නෙවෙයි කියලා. මේකෙන් දරුණු ලෙඩ රෝග වැළෙඳන්න තියන අවස්ථාව වැඩි වෙනවා. ඔබේ බර නියමිත ප්‍රමාණයේ තියෙනවා වුණත් බඩ ප්‍රදේශයේ තෙල් පිරිලා තියෙනවා කියන්නේ ඔබ නිරෝගී නැහැ කියන එකයි. ඔබේ ආයු කාලය අඩු කරන්නත්, තමන් ගැන අවතක්සේරුවෙන් හිතෙන්නටත් බඩේ තෙල් තැන්පත් වීම හේතු වෙනවා.
අපි දැන් මේ කියන්න යන මේද දහනය කරන වට්ටෝරුව ලෝකය පුරාම ජනප්‍රිය වුණු එකක්. විවිධ වයස් මට්ටම් වල, විවිධ බරවල් තිබුණු අය මේක උත්සාහ කරලා බලලා තමන්ගේ බර අඩු වුණු බව කියලා තියෙනවා. මේ නිසා මෙතෙක් හොයා ගත්තු ඉතාම සාර්ථක ක්‍රමයක් මේක. ප්‍රධානම දේ මේක හදා ගන්න එක හරිම සරලයි වගේම පහසුයි. අවශ්‍ය වෙන්නේ පාස්ලි, ලෙමන් සහ වතුර විතරයි. මේවා තුන පාවිච්චි කරලා අපට පුළුවන් අපේ පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරගෙන බර අඩු වීම වේගවත් කර ගන්න. කරන්න තියෙන්නේ මේ සරල උපදෙස් ටික පිළිපදින එක විතරයි.
මුලින්ම අවශ්‍ය දේවල් ටික ලබා ගන්න. පාස්ලි කොළ මිටියක්, ලොකු ලෙමන් ගෙඩියක් සහ වතුර කෝප්පයක් ලඟට ගන්න. කරන්න තියෙන පිළිවෙල මෙහෙමයි. මුලින්ම පාස්ලි කොළ ටික මිටියක් වගේ අරගෙන මැල්ලූම් හදන්න වගේ පුළුවන් තරම් සිහින්ව කපා ගන්න. ඒක කරන්න කම්මැලියි නම් බ්ලෙන්ඩර් එකේ කුඩු කරන භාජනයට දාල කුඩු කර ගත්තත් කමක් නෑ. ඊට පස්සේ ලෙමන් ගෙඩිය දෙකට කපලා යුෂ ටික වීදුරු භාජනයකට මිරිකා ගන්න. මේ යුෂ වලට කෑලි කර ගත්තු පාස්ලි කොළ ටිකයි, වතුර කෝප්පයයි එකතු කරන්න.
මේ මිශ්‍රණය දිනපතාම උදේ නැගිටපු ගමන් හිස් බඩට බොන්න ඕනේ. එක දිගටම මේ විදිහට දවස් 6ක් හැමදාම උදේට මේක බොන්න. මතක තියා ගන්න මේක නැවුම්ව හදා ගත්තු ගමන් තමයි බොන්න ඕනේ. ඊට පස්සේ දවස් 10ක් විවේක ගන්න. ඒ කිව්වේ දවස් 6ක් මේක බීල ඊළඟට දවස් 10ක් මේක නොබී ඉන්න ඕනේ. ඉන් පස්සේ තවත් බර අඩු කර ගන්න ඕනේ නම් ආයෙත් දවස් 6ක් බොන, 10ක් විවේක ගන්න චක්‍රය කැමති කාලයක් කරන්න.
මේ බීම එකේ තියන වැදගත් ලක්ෂණ බොහොමයි. පාස්ලි හා ලෙමන් කියන දෙකම ඔබේ මේදය දහනය කරනවා වගේම කලිනුත් කිව්වා වගේ පරිවෘත්තිය ක්‍රියාවලියත් වේගවත් කරනවා. විශේෂයෙන්ම පාස්ලි වලින් ඔබේ ආහාර ජීර්ණය වේගවත් කරලා ශරීරයේ එකතු වන තරලයන් ඉවත් කිරීම කාර්යක්ෂම කරනවා. මේ නිසා මුහුණේ එහෙම තියෙන පිම්බුණු ගතිය දුරු වෙලා යනවා. මේදයටත් වඩා අපිව මහතයි වගේ පෙන්න හේතුව මේ විදිහට ශරීරයේ තරල එක් රැස් වීම.
ඔබටම පුදුම හිතෙයි මේකෙන් ලැඛෙන ප්‍රතිඵලය දැක්කම. පළවෙනි දවස් 6 අවසාන වෙන්න කලින්ම පැහැදිළි වෙනසක් බලා ගන්න පුළුවන්. බඩේ තියන තෙල් ටික දහනය වෙලා ගිහින් ඇඟටත් ශක්තියක් ලැබේවි. සති කිහිපයක් මේක කළා නම් කිසිම මහන්සියක් නොවී ලස්සන සිරුරකට හිමිකම් කියන්න පුළුවන් වේවි.
පේනවා නේද ස්වභාවික දේවල් පාවිච්චි කරලා ගන්න පුළුවන් ප්‍රයෝජනය. මේ සයිට් එක පුරාවටම මේ වගේ හිතන්න බැරි තරම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ලිපි අඩංගුයි. ඒවත් කියවලා බලන්න. ඔබට තියෙන ඕනෑම සෞඛ්‍ය ගැටලූවකට වුණත්, රූපලාවන්‍ය ගැටලූවකට වුණත් විසඳුම් දෙන ලිපියක් ටිකක් සර්ච් කරලා බැලූවොත් හොයා ගන්න පුළුවන් වේවි. මේ හැම දෙයක්ම ඉතා පහසුවෙන් කර ගන්න පුළුවන් ක්‍රම නිසා ලේසියෙන්ම විසඳුමක් ලබා ගන්නත් ඔබට හැකි වේවි.
Post a Comment