නිවැරදි ලෙස පිළියෙළ කළ අන්නාසි වතුර දේහය හානිකාරක විෂ ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීමට,අස්ථි සන්ධිවල ඉදිමුම සහ වේදනාව සමනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමට උපකාර වෙයි. පුදුමාකාරයි නේද?
ඔව්,ඒ වගේම ඉතා සරලයි.මේ අන්නාසි වතුර උදෑසන ආහාරයට පෙර දිනපතා පානයෙන් ඔබටත් මේ ප්‍රතිපල නොවැරදීම ලබාගත හැකියි. අන්නාසිවලට අකමැති අයත් ඉන්නවද? අන්නාසි ඉතා මිහිරි රසැති නිවර්තන කලාපීය පළතුරක්.පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිඔක්සිකාරක සංඝටක බහුල මේ පලතුර සෞඛ්‍යයට ඉතාම ගුණදායකයි.බඩ පිපීම,සමේ අසාදන සහ ඉදිමුම වැනි රෝග තත්ව සඳහා අන්නාසි ඉතාම ගුණදායකයි.
90%ක් ජලය සහිත එය අමතර ජලය ඉවත් කරන පොටෑසියම් සහ දේහයේ ඔක්සිජනීකෘත රුධිර සංසරණයට අත්‍යවශ්‍ය යකඩ වලින් පරිපූර්ණයි. මේ අන්නාසි වතුර දේහයේ ආහාර ජීර්ණයට උපකාරී වන සහ ප්‍රතිශක්තිකරණය සවිමත් කිරීමට දායකවන බ්රොමේලෙයින් නම් එන්සයිමය සහිත බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. එහි ඇති තවත් වැදගත් ගුණාංගයක් වන්නේ දේහයේ පරිවෘත්තීය ක්‍රියා වේගවත් කිරීමට එයට ඇති හැකියාවයි.
අන්නාසි අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාරයක් වන අතර ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 40ක් පමණයි.අන්නාසි ආහාරයට ගැනීමට සුදුසුම අවස්ථාව එය නැවුම් සහ ඉදුණු තත්වයේ ඇතිවිටයි. එසේම එය ශීතකරණයේ තබන්නේ නම් උඩ යටට හරවා තැබීමෙන් එහි සීනි ප්‍රමාණය තවත් අඩුකරගත හැකියි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
Post a Comment