ඔබ දන්නවාද ධන ශක්තිය සහ රින ශක්තිය ගැන. මේ විශ්වය පුරා මෙම ශක්තීන් විසිර තිබෙනවා. එපමණක් නොවේ සමහර පුද්ගලයන් පවා මෙම ධන ශක්තිය සහ රින ශක්තිය විශ්වයට එකතු කරනවා.යහපත් මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාකාරකකම් වලින් ධන ශක්තියද අයහපත් මිනිසුන් ඔවුන්ගේ ක්‍රියා කාරකම් වලින් රින ශක්තියද පරිසරයට එකතු කරනවා.
වාස්තු විද්‍යාව, පෙන්ෂුයි වැනි විද්‍යාවන් මගින් මෙම රින ශක්තීන් ඉවත්කරන ක්රමයන් පෙන්වා දී තිබෙනවා. අපේ නිවස අපට ඇති සොදුරුම ස්ථානය මෙන්ම අපට පුර්ණ ආරක්ෂාව සපයන ස්ථානයයි. නමුත් එම නිවස රිනශක්තියෙන් පරිපුර්ණ වු විට එය ඔබේ මනස හැගීමි වලට මෙන්ම සෞඛ්‍ය තත්වය ට දැඩි බලපෑමක් කරනවා. ඔබට එම රින ශක්තිය පියවි ඇසින් බැලීමට හැකියාවක් නැහැ. නමුත් එය ඔබට දැනෙන්නට පුලුවන් . කිමද එය මගින් ඔබේ ඇතුලත මානසික තත්වය වෙනස් කරන බැවින්. රින ශක්තිය මගින් ඔබේ නිවසේ ගැටලු ඇති කල හැකි වනවා ඔබේ පවුල තුල එකිනෙකා නුරුස්සන ස්වභාවය ඇති කිරිම, නොයෙකුත් ලෙඩ රෝග කරන කියන දේ සාර්ථක නොවීම . ඇති කරන්නට පුලුවන් ඒ මගින් ඔබ තුල ආතතිය සහ විශාදිය පවා ජනිත කල හැකිවනවා. මෙම රින ශක්තිය ඔබේ සිරුරෙන් මෙන්ම නිවසෙන්ද ඉවත්කල යුතු වනවා. මේ සඳහා අනාදිමත් කාලයක සිට නොයෙකුත් ක්රමයන් යොදාගන තිබෙනවා. මේ ක්‍රම පෙරදිග රටවල මෙන්ම අපරදිග රටවලද අද දක්වා භාවිතා කරනවා. අද ම ඔබට එම ක්‍රම කීපයක් හඳුදන්වා දිමට කැමතියි.
• පිරිසිදු කිරීම
අපිරිසිදු කම රින ශක්තිය ජනිත කරනවා, පමණක් නොව නොපෙනෙන බලවේග ආකර්ශනය කරනවා. එබැවින් ඔබේ නිවස ඉතා පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත් වනවා . නිතරම මකුණු දැල් කඩා, අතුපතුගා පිරිසිදු කල යුතු වන අතර කැඩී බිදී ගිය භාණ්ඩ භාවිතා නොකරන ඇදුම් පැලදුම් ඉවත් කල යුතුවනවා. එදිනෙදා කිලිටි ඇදුම් පිරිසිදු කර ගතයුතුයි. තවද මසකට සැරයක් වත් ඔබේ ගෘහභාණ්ඩ තබා තිබෙන තැනින් වෙනස් කල යුතු වෙනවා. එයට හේතුව මෙම ශක්තීන්ට මෙම භාණ්ඩ වල ඇලී සිටීමට හැකියාව තිබෙනවා
• පිරිසිදු වාතය සහ හිරු එළිය
පිරිසිදු වාතය සහ හිරු එළිය සතු ඉමහත් ශක්තියක් තිබෙනවා. මෙම බලවත් ස්වභාවික ශක්තීන් සැමවිටම ඔබට ධන ශක්තිය ලබා දෙනවා. එබැවින් ඔබේ නිවස තුලට පිරිසිදු වාතය සහ හිරුඑළිය මැනවින් ලැබීමට සලස්වන්න. සමහර නිවෙස් වල මාසයකට සැරයක් වත් සියලුම ජනෙල් විවෘත කිරීමක් සිදුවන්නේ නැහැ. එබැවින් මුලු නිවස තුලම රින ශක්තිය පිරී පවතිනවා. සෑම දිනම උදෑසන මුලු නිවසේම ජනෙල් දොරවල් සම්පුර්ණයෙන් විවෘත කර පිරිසිදු වාතයට සහ හිරු එළියට නිරාවරණය කරන්න. ඔබ දන්නවාද උදැසන හිරුඑළියට සිරුර පවා නිරාවරණය වීමෙන් විටමින් ඩී සිරුරට ලැබෙන අතර ආතතිය පවා දුරුවන බව එවන් ප්‍රබල ශක්තියක් හිරුඑළියට තිබෙනවා. පැරැන්නන් සූර්ය වන්දනාව කරන ලද්දේද සුර්යාගේ මෙම ශක්තිය ලබා ගැනීම සඳහායි.
• අඳුරු මුලු ඉවත් කිරිම හෝ ආලෝකමත් කිරීම
ඔබගේ නිවසේ අඳුරු මුලු තිබේ නම් ඒවා ඉවත් කිරීමට නොහැකි නම්,අඩුම ගණනේ විදුලි බුබුලකින් වත් ආලෝකමත් කරන්න. මේ ස්ථානවල අහිතකර බලවේග රැදී සිටිනවා. ඒ මගින් රින ශක්තිය ජනිත තරනවා.
• නිවස තුල දුම් ඇල්ලීම
දුම් ඇල්ලීම අනාදිමත් කාලයක සිටම රින ශක්තිය ඉවත්කිරීමට යොදාගත් සාර්ථක ක්‍රමයක්. නිවස තුල උදේ හවස සුවද දුම් ඇල්ලිය හැකි නම් එය ඉතාම වැදගත්. පාරම්පරික ඇමරිකානු ජනතාව අතර මෙය ඉතා ප්‍රචලිත ක්‍රමයක්. සේජ් නමින් හදුන්වන පැලැටිවල අතුකොල වලින් සදන ලද කොලමිටියක් ඒ සදහා ඔවුන් යොදාගන්නවා. මෙය දැල්විමෙන් පිටවන දුම සිරුර වටේ මෙන්ම මුලු නිවස තුලම අල්ලනු ලබනවා. අපේ රටේ මේ සඳහා දුම්මල සහිත සුවදු දුම් භාවිතා කල හැකියි .එලෙසම මෙම දුම්මල සහිත දුම් අමනුෂ්‍ය බලවේග පලවා හරිනවා.
• නිවස තුල ධන ශක්තිය වඩවන පැලැටි තබා ගැනීම
ඔබ දන්නවාද සමහර පැළැටි ධන ශක්තිය ජනිත කරනවා. එවැනි පැළැටි නිවස තුල තබා ගන්නා විට රින ශක්තිය පහව යනවා. මේ සදහා රෝස්මරී , පෙපර්මින්ට්. කෝමාරිකා ,උණ පැළැටි ,තුල්සි ශාකය ආදීය යොදා ගත හැකියි.
• මුහුදු ලුනු
මුහුදු ලුණු මුලු ලොවම පිළිගත් රිනශක්තිය වනසන මෙන්ම නොපෙනෙන ආත්මයන් ඉවත් කරන ද්‍රව්‍යක් මුහුදු ලුණු දියකර ගත් ජලය ඔබේ නිවසේ සියලු තැන් ආවරණය ලෙස ඉසින්න. ඔබේ සිරැරේ ශක්ති ශරීරය නැත්නම් ඕරාව පිරිසිදු කර ගැනීම සඳහා මුහුදු ජලය ස්නානය කරන්න . නැත්නම් ඔබ ස්නානය කරන ජලයට මුහුදු ලුනු සහ බේකින්සෝඩා ස්වල්පයක් මුසු කරන්න .
• පළිගු
රින ශක්තිය ඉවත්කිරීම සදහා සමහර මැණික් වර්ග සහ පළිගු වර්ග යොදාගන්නවා. මේ සදහා බෙහෙවින් යොදාගන්නේ බ්ලැක් ටෝර්මලින්(කලු තෝරමල්ලි) සහ ඇමතිස්ට් වැනි මැණික් වර්ගයි. කලු තෝරමල්ලි වලට රිනශක්තිය උරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේවා නිවස තුල තැන්පත් කරන්න.
• සුවද තෙල්
සුවද තෙල් නිවස තුල විසිර වීම මගින්ද මෙම රින ශත්තිය වැනසී යනවා. විශේෂයෙන්ම පැගිරි තෙල්, සදුන් තෙල්, කුරුදු තෙල් මේ සදහා යොදාගත හැකියි මෙම තෙල් ස්වල්පයක් නිවස තුල ඉසදමන්න.
• ශබිදය ජනිත කිරීම
නිවස තුල ශබ්දය ජනිත කිරීම මගින් ඇතිවන තරංග කම්පනය මෙම රින ශක්තිය ඉවත් කරන තවත් උපක්‍රමයක් . මේ සඳහා අත්පුඩි ගැසීමක් නැත්නම් සීනුවක් භාවිතා කල හැකියි. අත්පුඩි ගසමින් හෝ සීනුවක් නාද කරමින් මුලු නිවස තුලම ගමන් කරන්න .
• නිවස අවට නොපෙනෙන බලවේග
අමනුෂ්‍ය බලවේග ද නිවස තුල රින ශක්තිය ජනිත කරනවා. එබැවින් ඒවායින් ආරක්ෂාවීමද ඉතා වැදගත්. සමහර ගස්වැල් පැළෑටී මගින් මෙම ආත්මයන් විකර්ශනය කරනවා. ඔබගේ නිවස අවට පැගිරි සහිත ගස්, එනම් දොඩම්, නාරං, යකිනාරං, මෙන්ම රැක් අගුන, අරත්ත, ඉගුරු,කලු අත්තන වැනි ශාක වගා කරන්න. එවිට ඔබට මෙම බලවේග වලින් ආරක්ෂා විය හැකිවනවා.
• ඔබගේ නිවසේ වැදුම් පිදුම් කටයුතු දිනපතා කරන්න
ඔබ කුමන ආගමිකයෙකු වුවද එම ආගමික කටයුතු ඉතා භක්තියෙන් ඉටුකරන්න.ශබ්ද නගා ගාථා පිරිත් වැනි දෑ කීමෙන් ඔබේ නිවස තුල ධන ශක්තිය ජනිත කරනවා. හැකිනම් ටිකවේලාවක් භාවනාවක යෙදෙන්න. එයද නිවස තුල ධන ශක්තිය වර්ධනය කරනවා.
මේ සඳහන් කරුණු සාර්ථකව සිදුකර ඔබේ සොඳුරු නිවසෙන් රින ශක්තිය දුරුකර එය සතුට සම්පත පිරි නිවසක් කරගන්න.
ශ්‍රියානි ද සේරම්
Post a Comment