මෑතකදී මාධ්‍ය තුළින් අපට වාර්තා වුණේ කෝවක්කා ගෙඩියක් ආහාරයට ගෙන කුඩා දරුවෙක් මිය ගිය බවයි. මරණය උපදින විට අප දෝත දරාගෙන පැමිණුනත් මෙවැනි අකල් මරණ අපට හද කම්පා කරවන පුවත් බැවින් ඉන් සමාජයේ යම් විවරණයක් ද කෙරෙනු ඇත. ඒ පුවත ඔස්සේ අප මෙම ලිපිය ලිවීමට තීරණය කළේ දරුවන් පිළිබඳ දෙමව්පියන්ගේ අවධානය ගිලිහී යා නොදී ආරක්ෂා කරගන්නටයි.
දරුවන් ගැන සොයා බලා කටයුතු කිරීම, දරුවාට අසාත්මික වන යම් ආහාර පාන ඇත්තම් ඒවා පිළිබඳ දැනුවත් වීම් හා දරුවන්ගේ සියලුම ක්‍රියාකාරකම්වලට දෙමව්පිය අවධානය යොමුවීම අත්‍යවශ්‍යයි. අපගේ දරුවන් හදාවඩා ගන්නා ආකාරය ගැන යම් අවබෝධයක් දෙමාපියන් විසින් මනාකොට තිබිය යුතුයි. ඔවුන්ගේ සිතැඟි වගේ ම ජිවිතයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණාවලදී තීරණගැනීම මාපියන්ගේ වගකීමයි. ඔවුන්ට තමන් කන බොන දේ ගැන පවා හරි හැටි අවබෝධයක් ලබාදිය යුතුයි.
හොඳ නරක දැනෙන්නේ කෑවාට පසුවයි
නිතර බඩගිනි දැනෙන්නේ දරුවන්ටයි. දරුවන්ගේ ආහාර පාන,යන එන තැන හොයා බැලීම සිය මාපියන් විසින් රැක බලා ගත යුත්තේ ඔවුන් තවම දරුවන් වන නිසයි. නමුත් කිසියම් ජීවන අරගලයක වෙසෙන පුද්ගලයන් වුවද ජීවිතය ගැටගසා ගන්නට වෙහෙසෙන විටදී වුවත් තම දරුවන්ගේ සියලු ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමට තමන් වෙහෙස වී කටයුතු කළ යුතුයි.
ඔවුන්ට බඩගිනි වූ විට සොයා බලන්නේ නැතිව ළඟ පාතක ඇති ඕනෑම දෙයක් කෑමට රුචි නම් එය කා දැමීම මවුන්ගේ සිරිතයි. බඩගින්නට ඒ කිසිදෙයක් වලංගු නැත. හොඳ නරක දැනෙන්නේ කෑවාට පසුවයි. බඩ ගින්න ඊට වඩා වැඩි බැවින් දරුවන් කරන කියන දෑ ගැන විමසිලිමත් වීම වැදගත්ය.
සිනී මට්ටම අඩුකිරීමට උදවු කරනවා
ගෙවත්තෙන් කඩා ගන්නා කෝවක්කා මිටක් ගෙන තවත් පළා වර්ග එක්කර කලවම් මැල්ලුමක් සාදයි. ඒ ඇය පවුලේ පෝෂණය ගැන සිතන බැවිනි. ආහාරවේලට මැල්ලුමක් හෝ සම්බෝලයක් අත්‍යවශ්‍යයි. එදා ගැමි කාන්තාව ආහාර පරිභෝජන රටාව ගැන මැනවින් දැන සිටියා. සැමදා එකම ආහාරය ගැනීම සිරුරට හිතකර නොවන බව ගෘහණිය හොඳින් දැන සිටියා. ඒ එහි එකම සංඝටකය නිතර නිතර ලැබීම නිසා ඉන් ලැබෙන ප්‍රතිඵලය වැඩිවන නිසයි. මේ බව ගෘහණිය දැන උගත්තේ තම උරුමයෙන් ලද අත්දැකීම්වලිනි. එබැවින් කෝවක්කා සිරුරේ සීනි මට්ටම අඩුකිරීමට උදව්වන නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් සැමදා නිරන්තර පරිභෝජනයට නොගන්නේ ඉන් වන හානිය දන්නා නිසයි. ඒවා විශේෂයෙන් මැල්ලුම් හෝ සම්බලයක් පිණිස යොදා ගන්නේ නම්, කලවම් මැල්ලුමක් ලෙස යොදා ආහාරයට ගැනීමට තරම් එදා ගෘහණිය බුද්ධිමත්ය. සමහරවිට එය තවෙකෙකුට අසාත්මිකවීමට පුළුවන. එබැවින් ගෘහණිය මුලින් ලබාගත් අත්දැකීම් තුළින් ලබාගත් දැනුම නිසා නිවසේ ලෙඩ රෝග අවම කරගත හැකියි.
එළිපෙහෙළියේ දුව පැන ඇවිදින ළමුන් පරිසරයේ තිබෙන විවිධ දෑට ඇලුම් කරයි. අතපත ගායි. කටට දාගන්න වුණත් පුළුවන්. කෝවක්කා ගෙඩිය රතු පාටින් තිබෙන්නේ ඉඳුණු බව හගවන්නයි. ඒ නිසා එහි පවතින පෙණුමට පුෂ්ටිමත් භාවයට රැවටී දරුවා එය තැන නොතැන නොබලා ආහාරයට ගැනීමට පෙළඹ ඇත. මෙය සමහරවිට, අසාත්මිකවීමට හෝ අගුණවීමට පුළුවන. රුධිරයේ සීනි පාලනයක් කෝවක්කා තුළින් වනවා සේම දරුවන් පාලනය ගැන ද යමක් තමා තුළ තිබිය යුතුයි. ඒ නිසා ඔබ ප්‍රවේසම්කාරීව හා අවධානයකින් යුතුව ආහාරයට ගැනීම සුදුසුයි. එසේ නොමැති නම්, සිරුරේ යම් අකර්මණ්‍ය තත්ත්වයක් හෝ අසාත්මිකතාවයක් ඇතිවීමට හැකියාවක් ඇත. මෙවැනි තත්ත්වවලදී එවැනි ආහාර ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ නිතර නිතර ආහාරයට නොගෙන ඉඳහිට ගැනීමටයි. ඉන් ඔබේ සෞඛ්‍ය නිරෝගීමත් වේ.
කුඩා දරුවන්ට කෝවක්කා අගුණ ද?
හැදී වැඩෙන දරුවන් තුළින් දඟකාරකම හා විනෝදය ඇති බව අප අත් දැක තිබේ. බෝ නොවන රෝග බොහෝ විට කුඩා දරුවන්ට වඩා වයස අවුරුදු 40න් පසුවයි. දැකිය හැකි වනුයේ. දියවැඩියා රෝගියා කුඩා දරුවකු වන්නේ කලාතුරකිනි. එබැවින් දියවැඩියාවට දෙනු ලබන ඖෂධ වර්ග සුදුසු වන්නේ දියවැඩියා රෝගියෙකුට මිස සාමාන්‍ය නිරෝගි අයෙකුට නොවේ.
නමුත් එවැනි දේවල් කෝවක්කා වැඩිපුර ගත්තොත් මිස සාමාන්‍ය පරිදි මැල්ලුමක් ලෙස හෝ සම්බලයක් හෝ ලෙස ගැනීමෙන් සිදුවේද යන්න සැක සහිතයි. නමුත් නිරෝගී අයට සීනි පාලනය කරන කෝවක්කා නිතර දෙවේලේ නොව සතියකට දෙකකට සැරයක් ගැනීමෙන් සීනි පාලනය ගැන අවදානමක් නැති බව සඳහන් කළ හැකියි. කෙසේ වෙතත් දරුවකු තවම හැදී වැඩෙන බැවින් සමහර ආහාර වර්ග අසාත්මිකතා ලෙස අගුණවීමට පුළුවන. ඒ ගැන වැඩිහිටි ඔබ මනා පරිචයක් ලබා තිබිය යුතු වගේම අවධානය යොමු කළ යුතුයි.
දියවැඩියා රෝගීන්ට ගුණයි
දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි පාලනයට කෝවක්කා කොළ කැඳ ඖෂධයක් ලෙස භාවිත කරයි. එමෙන්ම කලවම් පළාවට කෝවක්කා එකතු කර ගනියි. සම්බලයක් ලෙස ආහාරයට ගනී.
හඳුනාගන්න කෝවක්කා ගෙඩිය
දරුවකුගේ කෑමට කෝවක්කා ඉදුණු ගෙඩිය රතුපාටට ඇති නිසා එය ප්‍රණීත බැවින් කටට රහට දැනෙන්නට ඇති. එහි පෝෂණීය ගුණය කෙසේ වෙතත් රුධිරයේ සීනි පාලනයට සුදුසු ඖෂධයක් ලෙස ගත හැකියි. සාමාන්‍යයෙන් කෝවක්කා දියවැඩියා රෝගීන්ට දෙන ඖෂධීය කැඳ වශයෙන් එහි කොළ භාවිත කරයි. සමහර අවස්ථාවලදී කලවම් පලාවලට ද ගෘහණිය මේ කොළ භාවිත කරයි.
කෝවක්කා යනු ආධාරකයක් මත වැඩෙන වැලකි. පත්‍ර කොළ පැහැතිය. කණ්ඩිකා 5 කින් යුක්තයි. මෙහි මල් සුදු පැහැයට හුරු තරු හැඩැති නාළාකාර මලකි. කුඩා සුදු පැහැයට හුරු කොළ පැහැති ගෙඩි හට ගනී. මෙහි හැඩය පිපිඤ්ඤා ගෙඩියක ආකාරය ගනී. මදය මාංෂලයි. ඉදුණු විට දීප්තිමත් රතු පැහැයක් ගනී. එම ගෙඩි අමුවෙන් තිත්ත රසයක් ගන්නා අතර ඉදුණු ගෙඩි මිහිරි රසින් යුක්තයි. කෝවක්කා වැලේ හොඬල අල වැනි අල හට ගනී. ඒවා මඟින් ව්‍යාප්තිය සිදු වේ.
තුවාල වලට ගුණයි.
සිරුරේ සිදුවන තුවාල සඳහා කෝවක්කා හොඳ ඖෂධයකි. කැපුම් තුවාල සුව කරයි. කෝවක්කා කොළ මස් බැද්ද කොළ සමඟ කොටා තුවාලයට මිරිකීමෙන් තුවාලය එකට පෑහීමට ලක්වේ. මෙය තුවාලවලට සැබෑ ඖෂධයකි.
ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව කුමාරකන්ද
වෛද්‍ය ඩිස්නා මයුරි හේවගේ
දිනමිණ ආරෝග්‍යා ඇසුරිනි
Post a Comment