මයිකල් නොස්ට්‍රඩාමුස් පිළිබඳ කතාව කෙටි ලිපියකින් නොව විශාල පොතකින් කිව යුතු කතාවකි. පෘථිවිය වටා සූර්යයා සහ සෞරග්‍රහ මණ්ඩලය භ්‍රමණය වන බව දෙවනුවත්, පෘථිවිය ගෝලාකාර නැති පැතිලි වස්තුවක් බව පළමුවත් විශ්වාස කළ පූජකයන් විසින් ලෝකය පාලනය කෙරුණු යුගයක ප්‍රංශයේ උපන් ඔහු එතෙක් මෙතෙක් ලොව පහළ වූ විශිෂ්ටතම අනාවැකි කියන්නා බව අදටත් පිළිගැනෙයි. 1503 දී උපන් ඔහු 1999 ජුලි මාසයේදී ලෝකය විශාල යුද්ධයකින් පරිහානියට පත්වන බව කීවේය. ඇමරිකාව ප්රමුඛ නේටෝ හමුදා ඉරාකයට එරෙහි සිය පළමුවන යුද්ධය පටන් ගන්නේ මේ කාලයේදී ය. කපටි පූජකයන් විසින් කතෝලික ආගම කනපිට හරවා සිය සාක්කු පුරවා ගනිමින් සිටි මේ කාලයේදී අනාවැකි කීම ඉතා පරෙස්සමෙන් කළ යුතුව තිබු අතර අනාවැකි කියන්නා ගැන සැක හිතුනොත් ඔහුට යකකු වැහී ඇති බව ප්‍රකාශයට පත් කර පණ පිටින් පුළුස්සා මැරීමට පූජකයන්ට බලය තිබිණි. ඒ අනුව නොස්ට්‍රඩාමුස් සිය අනාවැකි ව්‍යංගාර්ථයෙන් කවි මගින් ප්‍රකාශයට පත් කළේය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
තුන්වන ලෝක යුද්ධය පිලිබඳ නොස්ට්‍රඩාමුස්ගේ ඇඟ කිළි පොලා යන අනාවැකිය
මයිකල් නොස්ට්‍රඩාමුස් පිළිබඳ කතාව කෙටි ලිපියකින් නොව විශාල පොතකින් කිව යුතු කතාවකි.
Post a Comment