ජ්‍යෙතිෂ ශාස්ත්‍රය පදනම්ව ඇත්තේ තාරකාවන්ගෙන් ලොවට ඇති කරන විවිධ ගුණාංගයන් නිසා විශ්වයට විශ්වයේ පාරිසරික තත්ත්වයන්ට සේම සත්වයාට බලපාන විවිධ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමටය. විශේෂයෙන් සතා සිව්පාවාට ද මෙම ප්‍රතිඵල බලපායි. නමුත් ලෝකය සකස් වී තිබෙන්නේ මිනිසාගේ යහපත අයහපත සොයා බැලීම සම්බන්ධයෙනි.
ග්‍රහ තාරකාවන් නිරන්තර සැරිසරන භෞතිකමය වස්තූන් ය. ඔවුන් විශ්වය වටා ගමන් කරන විට සූර්යාගේ ආලෝක කිරණ යටතේ විවිධ වූ ගුණාංග විශ්වයට මුදාහරී. තාරකා විද්‍යාව අනුව ග්‍රහ ගමන් පිළිබඳ මනා අවබෝධයක් ලද හැකි නමුත් එයින් සත්වයාට සේම ලෝකයට සිදුවන ගුණාංග පැවසිය හැක්කේ ජ්යෙතිෂයටයි.
බුදු දහම සත්ත්වයාගේ ආධ්‍යාත්මික ගැඹුරු ස්වභාවය පිළිබඳව ප්‍රකාශ කරන ගැඹුරු විශ්ලේෂණය වෙයි. ජ්‍යෙතිෂය හා බුදු දහම අතර ඇත්තේ සංකීර්ණ සම්බන්ධතාවයකි. ජ්‍යෙතිෂය තාරකාවන්ගේ ගමන අනුව විශ්වයට හා පරිසරයටත් සත්වයන්ටත් ඇති කරන හිතකර හා අහිතකර බලපෑම පිළිබඳ විශ්ලේෂණය වෙද්දී බුදු දහම සත්ත්වයාගේ ප්රභවය පිළිබඳව කර්ම කර්මඵල න්‍යාමයන් ඔස්සේ විකාශනය කරයි.
යම් කෙනෙක් ව්‍යාපාරයක් අරඹන්නට අදහස් කර ජ්‍යෙතිෂඥයෙක් වෙත පැමිණ සුබ නැකැත් තනා ගනී. එයට ජ්‍යෙතිෂඥයා බොහෝ කරුණු ගලපා බලයි. දිනය - නැකත - තිථිය - යෝගය - කරණය ආදී පංචාංග සිද්ධිය පමණක් නොව ඔහු ඒ වන විට ගත කරන මහදශාව අතුරු දශාව ආදිය ද ජ්‍යෙතිෂඥයා විමසා බලයි. එකී වේලාවට උදාවන නැකත් ලග්නය ගැන ද ජ්‍යෙතිෂඥයා විමසිලිමත් ව ධනය ලැබීම, වැයවීම, සතුරු කරදර ආදියද විමසා බලමින් නැකත සාදා දෙයි.
එක්තරා ශාක්‍ය වංශික තරුණයෙක් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ මෙසේ විමසුවේය. "ස්වාමිනි භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් වෙළෙඳ ආදී ව්‍යාපාරයක් අරඹයි. එතැන් සිට ඔහු මහත් ඵල ලබමින් ඉදිරියට ඒ ව්‍යාපාරය දියුණු වෙයි. තව කෙනෙක් එලෙසම ව්‍යාපාරයක් අරඹා පවත්වා ගෙන යද්දී එය පවතිනවා විනා, දියුණුවක් දකින්නට නෑ. එසේම ස්වාමීන් තව කෙනෙක් ද එලෙසම ව්‍යාපාරයක් අරඹා ටික කලකින් පාඩු ලබා ව්‍යාපාරය බිඳ වැටී නැති වී යන්නේය. ස්වාමිනි එසේ තුන් ආකාර ප්‍රතිඵලයක් ලැබීමට හේතුව කවරේද?"
මානවකය මනුෂ්‍යයා කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය උරුම කොට ඇත්තාහ. කර්මය නෑයා කොට ඇත්තාහ. කර්මය පිහිට පිළිසරණ කොට ඇත්තාහ. ඉදින් මානවකය උතුරා යන පරිද්දෙන් බොහෝ දන් දුන් අයගේ කර්මයට අනුව අර පළමුව කී පිරිස මහත් දියුණුවට පත්ව සිහින් සැප සතුට විඳින්නෝ ය. අල්ප ප්‍රමාණයෙන් සුළු ලෙස ජීවිතයේදී දන් දුන් පිරිස යෑපීම් මාත්‍ර කොට දියුණුවක් නැති ලෙසට ඒ කර්මය සකස් වී සිතින් කයින් තැවීම් ඇති කරන්නේය. දන් නොදුන් අයට එවැන්නකින් ඵල ලබා ගැනීමට හැකියාව ලැබෙන කර්ම බලයක් නැති නිසා මුලාවට වැටී දුකට පත් වන්නෝය."
මේ බුද්ධ වචනයත් ව්‍යාපාර නැකත තනා ගැනීමට ආ තැනැත්තාත් අතර බලවත් සම්බන්ධතාවක් නොපෙනෙන පරිද්දෙන් පවතී. අද මේ ඩිජිටල් ලෝකයේ ඒ සම්බන්ධතාව අවබෝධ කර ගැනීමට ජ්යෙතිෂඥයාට බලවත් මානසික වෙහෙසක් දරන්නට සිදු වේ. විශේෂයෙන් ම දන් දීම යනු ලෝභය හෙවත් තන්හාව දුරු කරන මඟකි. නමුත් මේ තන්හාව නිසාම මනුෂ්‍යයා යළි යළි උපදී.
තන්හාව යනු දුක ට කියන තවත් නමකි. තන්හාවෙන් විපිළිසර වන මනුෂ්‍යයා මෙලොව යම් යම් දේ කර ආස්වාද ලබා ගත්තද, ඊළඟට මිනිස් බවෙන් තොර අභව්‍ය ආත්ම භවයක් ලබා දීමට පවා තන්හාවට හැකියාව බලවත් ලෙස පවතී. ග්‍රහ තාරකාවන්ගේ ගුණාංගත්, මිනිසාගේ කර්මයත් විමසා බැලීම ලේසි නැත. අද බොහෝ දෙනා අවිඳ්ණික ස්වභාවයෙන් කටයුතු කරන නිසා කර්ම කර්ම ඵල විශ්වාසයක් බොහෝ අයට නැත.
විශේෂයෙන් කේJද්‍රයක භාග්‍ය ස්ථාන අධිපතිගේ බලපෑම අනුව කෙනෙකුගේ පුණ්‍ය බලය පිළිබඳ යම් හෝඩුවාවක් ලබා ගත හැක. පුණ්‍ය ස්ථාන අධිපතියා සතුරු කේන්ද්‍ර නොවී පාපීන්ගෙන් පීඩා නොවිඳ පාපීන්ට මැදි නොවී සුබ ස්ථානයක සිටීම හෝ භාග්‍ය ස්ථානය තුළම සිටීම හෝ වේ නම් ඔහු දන්දීමෙන් උපදවා ගත් බලවත් පුණ්‍ය කර්මයන් සිදුකර ඇති බව පෙනේ. ඔහුට යම් ව්‍යාපාරයක් සේම වෙනත් ඕනෑම වැදගත් කටයුත්තක් ඇරඹීමට එම ග්‍රහයාගේ මහ දශාව අතුරු දශාව වැදගත් වේ.
අතුරු දශාවක් නම් මහ දශාධිපතිගේ තත්ත්වයන් ද සතු=ටුදායක විය යුතුය. එසේම භාග්‍ය ස්ථානාධිපතියාට සුබ දෘෂ්ටි ලබා දුන් වෙනත් ග්රහයෙකුගේ මහ දශා/ අතුරු දශා කාල ද ඒ සඳහා වැදගත් වෙයි. එසේම අප කවුරුත් නොසිතන පරිදි සෙනසුරු ග්‍රහයා ද එවැනි සුබඵලදායී දේවලට ගජ හපනෙකි. එය කලාතුරකින් ලැබෙන බලයකි. අතීත සසරේ ඉපදුන ඈත භවයන් තුළ කරනු ලැබූ දාන මාන පිංකම්වල කර්ම බල මතු කොට සුබඵල ලබා දෙන දුර්ලභ අවස්ථාවකි.
අද වන විට කටක - තුලා - කුම්භ යන ලග්නවල සිටින අයට මේ බලය උදා වී තිබේ. එනම් සංසාරයේ ආත්ම දහස් ගණනකට එහා ආත්මයක වුවද කරගත් දාන ප්‍රතිඵල උප්පඡ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය ලෙස හෝ කර්ම විපාක දෙන අවස්ථා ඒ අයට උදාකර ගත හැක. හැබැයි කටක ලග්නයට සඳු ග්‍රහයා උපතින් වෘෂභ වෘශ්චික, ධනු, මකර යන රාශිවල සිටියේ නම් බලවත් පව් නිසා ඒ කුසල කර්මය අඩපන නිසා ප්‍රතිඵලය දුර්වලයි. තුලා ලග්න හිමියන්ට උත්පත්ති කේන්ද්‍රයේ සඳු වෘෂභ වෘශ්චික - ධනු - මකර රාශිවල සිටි අයටත් කුම්භ ලග්නයේ උපන් අයටත් ඒ විදියටම සඳුගේ පිහිටීම ඇත්නම් ඒ අයටත් ඒ පෙර ජාතිවල කළ දානමය කුසල බලය හීන වී යන්නේය.
ඉහත කී පරිදි එම ලග්න හිමියන්ට මේ සුබදායී කාලය උදාවන්aනේ කලාතුරකින් මහත් ඵල සලසන සෙනසුරු ග්රහයාගෙනි. සෙනසුරු මහ දශාවේ සඳු අතුරු දශාව හැර වෙනත් අතුරු දශා ගෙවන අයට ද සුබ වෙයි. සෙනසුරු මහ දශාව සුබය. කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ 06 වන භාවයේ ගමන් කරන සෙනසුරු අද මේ ගත වන කාලයේ සිට 2018 දෙසැම්බර් දක්වා ඉතාමත් විශිෂ්ට සුබඵල අත්කරයි. එසේම උත්පත්තියෙන් ද සෙනසුරු එතැන සිටියේ නම් සුබඵල මහත් වේ. 2018 දෙසැ. සිට 2019 පෙබරවාරි දක්වා කිසිදු සුබඵලයක් නොදේ. එතැන් සිට 2020 ජනවාරි දක්වා සුබදායි වෙයි.
ණයතුරුස්වලින් නිදහස - ධනලාබ - ලෙඩදුක් දුරුවීම - අනියම් කම්සැප ලැබීම - සතුරන් පරාජය වීම. වෙළෙඳ ව්‍යාපාර ඇරඹීමෙන් ඉහළ දියුණුව ලැබීම - කරන ව්‍යාපාර දියුණුවීම - වස්තු සම්පත් සේම සමාජයේ හොඳනම පැතිරීම සිදු වේ.
තුලා ලග්න අයට සෙනසුරු 03 වන භාවයේ ගමන් කරයි. ඔවුන්ට ද ධන ලාබ, ව්‍යාපාර ආරම්භයෙන් අනාගතේ දියුණුව, සතුරෝ පරාජය වීම, උසස් අයගේ උදව් උපකාර ලැබීම, කරගෙන ආ කටයුතු දියුණුවට පත්වීම ආදී මහත් ඵල ලබා දෙයි. තුලා ලග්න අයට 2017 ඔක්. සිට නොවැ. දක්වා අසුබයි. නොවැ. 30 න් පසු 2019 සැප් දක්වා යළි ඉතා සුබයි. සැප්. සිට නොවැ. දක්වා යළි අසුබයි. කාල මේ අනුව තෝරාගෙන කටයුතු කරන්න.
කුම්භ ලග්න හිමියන්ටත්, ඒ සුබ ප්‍රතිඵල ඒ ආකාරයෙන් ම ලැබේ. කුම්භ ලග්න හිමියන් 2017 මැයි සිට ජුලි දක්වා කාලයත් 2019 මැයි සිට ජුනි දක්වා කාලයත් කිසිදු කටයුත්තක් ආරම්භ නොකළ යුතුය. ඒ අනුව සුබ කාලවල කටයුතු අරඹන්න.
මෙසේ සෙනසුරු, කටක, කුම්භ රාශිවලට මහත් ඵල ලබා දෙයි. තමන්ගේ කේන්ද්‍රවල සෙනසුරු හැර ධන කාරක ග්‍රහයන්ගේ ගෝචර පරීක්ෂාකර ධනය ලැබීම් තම පිංබලය අනුව සොයාගත හැක. අමතක නොකළ යුත්තක් තිබේ. එනම් මේ ඔබට උදාවන්නේ පෙර ආත්ම දහස් ගණනකට එහා දුන් දාන ඵලයක් විය හැක. එනිසා එය පරිපූර්ණ කර ගැනීම පිණිස මේ කාලය තුළ ද ඔබ පස්පවෙන් වැළකී අවම වශයෙන් මසකට දෙවරක්වත් බුද්ධ පූජා පවත්වා පිං උපද්දමින් සත්‍යක්‍රියා කළ යුතුය.
ජ්‍යෙතිෂවේදී - අගලවත්තේ බී. හේරත්
දිවයින
Post a Comment