ඔබටත් තිබෙන්නේ ලප කැළැල් වලින් පිරුණු අවපැහැ ගැන්වුණු මුහුණක් නම් අද අපි මේ කියල දෙන ආලේපන තුන භාවිතා කර බලන්න. ඒ මගින් අවපැහැ ගැන්වෙන ඕනෑම මුහුණකට පැහැපත් බවක් ලබාගන්න හැකියාව තිබෙනවා.
පළමු සත්කාරය වන යෝගට් සහ මීපැණි ආලේපනය සකස් කරගන්නා හැටි අපි දැන් බලමු.
මේ සඳහා කුඩා භාජනයක් සපයා ගන්න. මේ ආලේපනය සකස් කරගැනීම සඳහා යෝගට් මේස හැන්දක්, මි පැණි මේස හැන්දක් සහ ලෙමන් යුෂ මේස හැන්දක් පමණයි.
මේ අමුද්‍රව්‍ය ටික සපයාගත් භාජනයකට දාල හැන්දක් ආධාරයෙන් ක්‍රීම් එකක් වගේ මෘදු ආලේපනයක් වන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. ඇස් අවට සහ කට අවට වගේ සංවේදී ස්ථාන වල ආලේප නොකර කම්මුල් වල නිකට සහ නළල් තලයේ හොඳින් ආලේප කරගන්න. ආලේපනය මුහුණෙන් වක්කෙරෙන්න ඉඩ තිබෙන නිසා මුහුණ උඩු අතර තිබෙන ආකාරයට පුටුවක වාඩි වී හෝ දිගාවී විනාඩි පහලවක පමණ කාලයක් සිටින්න.
පසුව මන්ද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ආලේපනය මුහුණින් ඉවත්කරගන්න. ඔබේ මුහුණ තරමක් ඇලෙනසුළු බවක් දැනෙනවා නම් face-wash එකක් භාවිතා කරන්න පුළුවන්.
යෝගට් සහ මීපැණි මගින් මුහුණේ තෙතමනය ආරක්ෂා කර දුන්නත් සංවේදී සමක් ඇති අයෙක් නම් මේ ආලේපනය භාවිතා කලොත් මෙහි අන්තර්ගත වන ලෙමන් යුෂ නිසා සමේ වියලිමක් ඇතිවෙනවා. ඔබේ සමත් වියලි සහ සංවේදී සමක් නම් මේ ආලේපනය භාවිතා කිරීමෙන් පසුව සමේ තෙතමනය ආරක්ෂා වෙන ආලේපනයක් සැලකිලිමත් වන්න. මේ ආලේපනය භාවිතා කිරීමෙන් පසුව හිරු එලියට ආවරණය වීමෙන් වලකින්න. මෙහි අන්තර්ගතවන ලෙමන් යුෂ අධිසංවෙදිතාවයක් දක්වන නිසා සම හිරු එළියෙන් පිච්චීමට ඉඩ තිබෙනවා.
ඒ වගේම ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මේ සත්කාරය සතියට වාර තුනක් හෝ හතරක් සිදු කරන්න.
දෙවන සත්කාරය වන රෝස මල් පෙති සහ කඩල පිටි ආලේපනය සකස් කරගන්නා හැටි දැන් අපි බලමු.
මේ ආලේපනය සකස් කරගැනීමට අවශ්‍ය වන්නේ රෝස මල් පෙති පෙඟවූ ජලය මේස හැඳි දෙකක්, ලෙමන් යුෂ මේස හැඳි දෙකක් සහ කඩල පිටි මේස හැඳි දෙකක් පමණයි. ඒ වගේම ඔබේ සම සංවේදී සහ වියලිභාවයෙන් යුත් සමක් නම් කිරි මේස හැඳි දෙකක් මෙයට එකතුකර ගන්න.
මේ සියල්ලම ඝන පාප්ප තට්ටුවක් ආකාරයෙන් සකස් වන තුරු භාජනයකට දමා හැන්දක් ආකාරයෙන් හොඳින් කවලම් කරගන්න. ඇස් අවට කට අවට සහ නාසය අවට වගේ සංවේදී ස්ථාන වල ආලේප නොකර මේ ආලේපනය ඔබේ ඇඟිලි වල තවරාගෙන මුහුණ පුරා ආලේප කරන්න. ආලේපනය මුහුණෙන් වක්කෙරෙන්න ඉඩ ඇති නිසා මුහුණ උඩු අතට සිටින සේ පුටුවක වාඩි වී හෝ දිගා වී විනාඩි පහලවක් හෝ විස්සක් පමණ සිටින්න. පසුව සිසිල් ජලයෙන් මුහුණ සෝදා ආලේපය මුහුණෙන් ඉවත් කරගන්න. මුහුණ තරමක් ඇලෙනසුළු බවක් දැනෙනවා නම් ඔබට face-wash එකක් භාවිතා කරන්නත් පුළුවන්.
මේ ආලේපනය මුහුණේ ආලේප කිරීමෙන් පසුව හිරු එලියට නිරාවරණය වීමෙන් වලකින්න. මෙහි අන්තර්ගතවන ලෙමන් යුෂ හිරු එලියට අධි සංවේදී බවක් දක්වන නිසා සැමට හිරු එලිය වැටීමෙන් සම පිච්චීමට ඉඩ තිබෙනවා. සතියට තුන් වතාවක් මේ සත්කාරය සිදු කළහොත් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ඔයාට දැකගන්නට ලැබෙයි.
අවසන් වශයෙන් තුන්වන සත්කාරය වන කහ කුඩු ආලේපන සත්කාරය සකස් කරගන්නා ආකාරය අපි දැන් බලමු.
මේ ආලේපනය සකස් කරගැනීමට අවශ්‍ය වන්නේ කහ කුඩු තේ හැන්දක්, සහල් පිටි තේ හැඳි දෙකක්, සහ යෝගට් මේස හැඳි තුනක් පමණයි. මේ අමුද්‍රව්‍ය තුන කුඩා භාජනයකට දමා හැන්දක් ආධාරයෙන් හොඳින් කවලම් කර ගන්න. මේ ආලේපනය මුහුණේ ආලේප කරන අතරතුර ඔබේ ඇඳුම් වල කහ ආලේප උනොත් ඇඳුම් වල පැල්ලම් ඇතිවන නිසා තුවායක් උරහිස වටේ දමාගන්න අමතක කරන්න එපා. ඇස් අවට ඇහිබැමි අවට සහ දෙතොල් අවට ආලේප නොකර මේ ආලේපනය ඔබගේ ඇඟිලි වල තවරාගෙන මුහුණ පුරා ආලේප කරන්න.
ආලේපනයේ අන්තර්ගත වන සමහර සංයෝග නිසා ඔබේ මුහුණේ වැඩෙන රෝම පවා පහසුවෙන් ඉවත්කරගන්න පුළුවන් වේවි. පසුව මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ආලේපනය මුහුණෙන් ඉවත් කරගන්න. මුහුණ තරමක් ඇලෙනසුළු බවක් දැනෙනවා නම් කලින් වගේම ඔබට face-wash එකක් භාවිතා කරන්න පුළුවන්.
Post a Comment