තලෙමන්නාරමේ ඔබ නොදුටු අසිරිය - ලංකාවද කියල හිතාගන්න බැරි වේවි

2017 නොවැම්බර් 21 වන අඟහරුවාදා ඉතාමත් කම්මැලි දවසක් විය. ඉතින් විශ්වකර්මයට හිතුනා එදා රෑම නයිට්මෙල් එකෙන් තලෙමන්නාරමට යන්න. ඉතින් ඔක්කොම ලැහැස්තිවෙලා ඉන්නකොට තනියම යන්න එපා කියල අපේ අම්ම කොක්කක් ඇද්ද. ඉතින් අපේ ඉස්කෝලේ යහළුව රනුෂ්කට කතා කරා මේ ගමනට එක්කාසු කරගන්න. ඉතින් ඌට එදා දවස බැහැ කියල කිව්වේ අපේ අනිත් ඉස්කෝලේ යහළුවෝ දෙතුන්දෙනෙකුත් දෙසැම්බර් මසටේ ට්‍රිපක් යන්න වටමේස සාකච්චාවක් දාල තියෙන නිසා. ඉදින් 23වනදා උදෙන්ම රනුෂ්කයයි මමයි උදේ කෝච්චියේ මන්නාරමට යන්න පිටත් උනා. මන්නාරමට ලඟා වෙද්දී හවස 5 විතර ඇති. ඉදින් අපේ එදා මන්නාරමේ රූම් එකක නැවතිලා පහුවෙනිදා උදෙන්ම මන්නාරම, තලේමන්නාරම සහ සිලාවතුර යන ප්‍රදේශවල සංචාරය කළා. ඉතින් අපි ඒ දුටු අසිරිය ඔයාලට පෙන්නන්න වීඩියෝ කරන්නත් අපි අමතක කලේ නැහැ. ඉතින් මේ ප්ලෑන් එකක් නැතිව හිතුන ගමන් යන්න ඕන උන මේ ගමනේදී අපිට ස්ථාන පිලිබඳ සහ එහෙදි ට්‍රාන්ස්පෝට් පහසුකම් ලබාදීමට කටයුතු කලේ නිල්මිණි අක්ක. ඉතින් මේ ගමනට උදව් කරපු නිල්මිණි අක්කටත් අපේ ස්තුතිය. ඉතින් අපි දැන් නරඹමු මන්නාරමේ සහ තලේ මන්නාරමේ අසිරිය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




ඇත්තටම මේ ලංකාවමද කියල ඔයාලට හිතාගන්න බැරි වේවි. අපේ මේ සුන්දර ලංකාවේ ඔබ නොදුටු දසුන් අපමණයි.