ඇස් යට කළු වෙලාද? මෙන්න විනාඩි පහක විසඳුමක්!

කාන්තාවන්ගේ ඇස් යට කලුවීම සදහා විවිධ හේතු නිසා සිදුවේ. ජානමය හේතු, අධික ලෙස සමේ සෛල ක්‍රියාකාරී වීම, වයසට යාම, ප්‍රමාණවත් නින්දක් නොලැබීම, පමණට වඩා නිදා ගැනීම, මානසික ආතතිය හා රූපලාවණ්‍ය සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ගවල ඇති  ඇති රසායන ද්‍රව්‍ය වැනි නොයෙකුත් හේතු දැක්විය හැකියි. නූතන ජීවන රටාව නිසා නිදා ගැනීමට ඇති කාලය රූපවාහිනිය ඉදිරිපිට ගත කිරීමද ඇස් යට කලු වීම සදහා හේතු විය හැකියි. 

ඇස් යට කළු වීම ඉවත් කරන විවිධ නිෂ්පාදන අද වනවිට වෙළඳපොලේ පවතිනවා. නමුත් මෙහිදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ අවපැහැ වුණු ඇස් වටා  දීප්තිමත් කළ හැකි, නිවසේදීම සාදාගත හැකි ඉතා සාර්ථක ක්‍රීම් එකක්.

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය

පිපිඤ්ඤා සාරය, මින්ට් සාරය, නැවුම් කිරි, ආමන්ඩ් තෙල්

සාදන ක්‍රමය 

• පිපිඤ්ඤා හා මින්ට් සාරයෙන් සමාන ප්‍රමාණ ගෙන මිශ්‍ර කරන්න. 

• මෙම මිශ්‍රණයෙන් මේස හැඳි 2ක් භාජනයකට එක් කර ගන්න. 

• මෙයට කිරි මේස හැන්දක් එක් කරන්න. 

• ආමන්ඩ් තෙල් මේස හැඳි 2ක් එක් කරන්න.

• හොදින් මිශ්‍ර කරන්න. 

• මෙයට කෝමාරිකා සාරය මේස හැඳි දෙකක් යොදා මිශ්‍ර කරන්න. 

දැන් ඔබ සාදා ගත් ක්‍රීම් එක සෑම දිනකම නින්දට පෙර ඇස් වටා ආලේප කරන්න. පසුදින උදෑසන අවදි වන තෙක් මෙය ගල්වා තබන්න. උදෑසන සෝදා හරින්න. 



ඇස් යට කළු වීම ඉවත් කරන විවිධ නිෂ්පාදන අද වනවිට වෙළඳපොලේ පවතිනවා. නමුත් මෙහිදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ අවපැහැ වුණු ඇස් වටා දීප්තිමත් කළ හැකි, නිවසේදීම සාදාගත හැකි ඉතා සාර්ථක ක්‍රීම් එකක්.