මේද ආහාර ගන්නා විටකදි
- බදිනවා වෙනුවට යකඩ දැලෙක ලා පුළුස්සා ගන්න.
- තෙල් බේරී යාමට හෝ උරා ගැනීමට සලස්වන්න
- සංතෘප්ත තෙල් හෝ අවිනිශ්චිත එළවළු තෙල් හෝ වෙනුවට බහු අසංතෘප්ත තෙල් භාවිතා කරන්න.
- පිසූ ආහාර ශිතකරණයක තබන්න. එවිට තෙල් කොටස් උඩට මිදෙයි. ආහාර නැවත රත් කිරීමට පෙර හැන්දකින් මිදුනු මේදය ඉවත් කරන්න. එවිට ව්‍යාංජනයේ තිබු මේදයෙන් විශාල ප්‍රමාණයක් ඉවත් කෙරේ.
බහු අසංතෘප්ත මේද යනු බහු අසංතෘප්ත යන යෙදුමෙන් වැටහෙන්නේ මෙම මේදයන්හි පවත්නා රසායනික ස්වභාවය යි. එනම්, තවත් හයිඩ්රජන් පරමාණු වලට සම්බන්ධ විය හැකි බන්ධන කිහිපයක්ම නිදහස් ව පවතින බවයි.
හානිකර රුධිර මේදය (එල්.ඩී.එල්) ඉවත් කරමින් ආහාරයට රසය හා පෝෂ්‍යදායි බව එක් කිරීමට බහු අසංතෘප්ත තෙල් වර්ග ප්‍රයෝජනවත් ය.
වඩාත් යෝග්‍ය බහු අසංතෘප්ත තෙල් වර්ග නම්,
- බඩ ඉරිඟු,
- සෝයා තෙල්,
- සුරියකාන්ත තෙල්
බහු අසංතෘප්ත තෙල් වර්ග ශීත උෂ්ණත්වයන්හි දී සාමාන්‍යයෙන් නොමිදෙයි. (එසේ වුවත් සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන තත්ත්වයේ පවතින බහු අසංතෘප්ත මාජරින් වර්ග ඇත. මේවායේ ගුණාත්මකභාවය සැක සහිත ය)
බහු අසංතෘප්ත තෙල් හා මේද නිතර කකාරවමින් යළි යළි භාවිතා කිරීම සුදුසු නැත. වරක් රත් කළ තෙල් යළි භාවිතයට නොගෙන ඉවත හළ යුතුය.
බහු අසංතෘප්ත මාජරින් තුළ බහු අසංතෘප්ත තෙල් ඉතා ඉහළ සාන්ද්රණයෙකින් පවතී. සිමිත ප්‍රමාණයන්ගෙන් භාවිතය ප්රයෝජනවත්ය. තේ හැඳි එකකට වඩා වැඩියෙන් දිනෙකට ආහාරයට ගැනීම අනතුරුදායක බව සැලැකෙයි.
ඒක අසංතෘප්ත මේද පිළිබඳ තත්ත්වය කුමක්ද?
සමහර තෙල් වර්ග රසායනික වශයෙන් ඒක අසංතෘප්ත මේද ලෙස හැඳින්වේ. ඒ සඳහා හොඳ උදාහරණයක් නම්,
ඔලිව් තෙල්
මේ තෙල් වර්ගය ආහාරයට ගැනීමෙන් යහපතක් සැලැසේ.
මේද අනුභවය පිළිබඳ අමතර කරුණු කීපයක්
- සර්ව සම්පුර්ණ ආහාර වේලක් සඳහා මේදය අවශ්‍ය බව සැබෑය. එහෙත් අනුභව කරන මේද වර්ගය ද වැදගත් බව සලකන්න.
බිත්තර සුදුමද වැඩිපුර කන්න.
- බිත්තර උසස් ගණයේ ප්‍රෝටීන සපයන ආහාරයක් නිසා සතියකට බිත්තර දෙකක් ගැනීමට පුළුවන. බිත්තර සුදුමදයේ කොලෙස්ටරෝල් අඩංගු නොවන නිසා ඒ කොටස පමණක් වැඩිපුර ගත හැකිය.
- බහු අසංතෘප්ත මාජරින් හා බහු අසංතෘප්ත තෙල් වර්ග සීමිත ප්‍රමාණයන්ගෙන් ගන්න විට ප්‍රයෝජනවත් ය.
ඒවා ඕන තරම් ගැනීමේ වරදක් නැතැයි සිතීම වැරැදි සිතිවිල්ලෙකි. ඒවා ගත යුත්තේ සුළු ප්රමාණයන්ගෙනි. (එනම් දිනකට තේ හැඳි එකක් පමණ)
පොල් භාවිතය සඳහා උපදෙස්
1. පොල් නිෂ්පාදන අතරින් වඩාත් හානිකර වන්නේ පොල්තෙල් බව සිහි තබා ගන්න. එනිසා වැළැකිය යුතු ම වන්නේ නිස්සාරණය කළ පොල් තෙල් වලිනි.
2. පොලෙහි තෙල් අඩංගු වනුයේ පොල් මදයෙ හි ය. එහෙත් ගාන ලද පොලෙන් (උදා - පොල්, සම්බෝල) තෙල් පහසුවෙන් අවශෝෂණය නොවේ. කවර හෙයින් ද යත් - තෙල් රැඳි ඇත්තේ තද තන්තුමය රාමුවක බැවිනි. ඒ නිසා පොල් සම්බෝල හෝ කපාපු පොල් සුළු ප්‍රමාණයන්ගෙන් භාවිතය අගුණ නොවේ.
3. පොල් කිරි තුළ සැලකිය යුතු ප්‍රමාණයක් තෙල් අඩංගු ය. පොල් මදයේ තන්තු වලින් බැහැරව ඒ තෙල ඇති බැවින් ඒ පහසුවෙන් අවශෝෂණය වෙයි. එ නිසා ව්‍යාංජන පිළියෙළ කිරීමේදී පොල් කිරි හැකි පමණ දියට සකස් කර ගැනීම යහපත් ය.
පිටි කළ පොල්කිරි උකු කිරි තරමට හානිකරයි.
4. අවකරණය කළ (පිටි කළ) පොල් කිරි උකු කිරි, තරමට ම හානි කරය. මෙම පොල් කිරි ස්වාභාවික කිරි තරමට ම පහසුවෙන් අවශෝෂණය වෙයි.
පොල් ආහාරයට ගැනීමෙන් සම්පුර්ණයෙන් වැළකී සිටිය යුතුද?
පොල් තෙල් වනාහි සංතෘප්ත මේදය අඩංගු තෙල් වර්ගයකි. සංතෘප්ත මේදය ශරීරය තුළ දී කොලෙස්ටරෝලය නිෂ්පාදනය කිරීම උදෙසා යෙදවේ.
ඒ නිසා දැනට අප සතු විද්‍යාත්මක සංකල්ප අනුව නම් පහත සඳහන් පුද්ගලයන් සංතෘප්ත තෙල් භාවිතය සීමා කර ගැනීම ඔවුන්ගේම යහපතට හේතු වන බව කිව හැකි ය.
පොල්තෙල් භාවිතා නොකළ යුතු අය
1. දැනටමත් හෘදයාබාධයක් වැළැදී ඇති අය
2. රුධිරයෙහි අධික කොලෙස්ටරෝල ප්‍රමාණයක් සහිත අය
3. ජන්ම උරුමයෙන් හෘදයාබාධයක් වැළැදීමට වැඩි ප්‍රවණතාවක් සහිත අය.
4. හෘදයාබාධ වැළැඳීමට භූමිකාව සකසන වෙනත් අවදානම් සාධක කිහිපයක්ම (ස්ථුලතාව, දුම්පානය ව්‍යායාම නොගැනීම, අධි රුධිර පීඩනය ආදීය) සහිත අය.
ඉහත කණ්ඩායම් වලට අයත් නොවන වැඩිහිටි ළමා කාහට වුවත් ආහාර වේලට පොල් එකතු කැර ගැනීමෙන් සම්පුර්ණයෙන් වැළැකී සිටීම අවශ්‍ය නොවේ.
හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
රුවන් ඒකනායක
දිනමිණ ආරෝග්‍යා ඇසුරිනි
Post a Comment