මෙකල සෝවාන් ඵලය ලැබිය හැකි ද නොහැකි ද යන්න පිළිබඳව දැනට වසර ගණනාවකට පෙර ශාස්ත්‍රීය මතගැටුමක් ඇතිවිය. බහුතර මතය වූයේ මෙකල සෝවාන් විය නොහැකිය යන්නයි. බහුතර මතයට පදනමක් නොවීය. එනමුත් මෙකල සෝවාන් විය නොහැකි බව සිතට කාවැදෙන සේ පෙන්වා දීමට සමහර උගත් බෞද්ධ පිරිස් සමත් වූහ.
මම සුළුතර පිරිසට අයත්වීමි.
කලිනුත් දිනක මතක් කළ පරිදි ආත්තම්මාට කුඩාකලදී ලබා දුන් පොරොන්දුව කෙසේ හෝ ඉටුකිරීම මාගේ අභිලාෂය විය. ආත්තම්මාට මා දුන් පොරොන්දුව නම් රහතන් වහන්සේලාගේ යුගය නැවත කෙසේ හෝ බිහිකරන බවයි. එවකට මා කුඩා දරුවකු වුවත් ආත්තම්මා එක් දෙයක් පැහැදිලිව දැන සිටියාය. යමක් කීවොත් හොඳින් හෝ නරකින් කරන පුරුද්දක් මට ඇති බව ඇය සක්සුදක් සේ දැන සිටියාය.
රහතන්වහන්සේලාගේ යුගය නැවත ඇති කිරීම එකම අභිලාෂය වුවත් එය කෙසේ කවරාකාරයෙන් කළ යුතුද යන්න පැහැදිලි නොවීය. මම එක හුස්මට බණ පොත් කියවාගෙන ගියෙමි. ආත්තම්මා ඇයට පුළු පුළුවන් හැටියට බණ පොත් සපයා දී මට සහය වූවාය.
මම පොඩි පොඩි බණ පොත්වලින් පටන්ගෙන අභිධර්ම පොත් දක්වාම කියවාගෙන කියවාගෙන ගියෙමි. ඒ කියවීමේ පුරුද්ද මා පාසලෙන් සමුගත් පසුව ද එක දිගටම පැවතුණි. මේ අතර මට රජයේ පාසලකට උපාධි ගුරුපත්වීමක් ලැබුණි. එතැන දැවැන්ත පුස්තකාලයක් විය. එතැන තිබූ බෞද්ධ පොත් ප්‍රමාණය ඇත්තෙන්ම පුදුම එලවන සුළුය. හීනයාන හා මහායාන දර්ශනවාදයන් රැගත් පැරණි පොත් රාශියක්ම කිසිවකුගේ අවධානයට ලක්නොවී පොත් රාක්ක පුස් කමින් තිබුණි. මම ඒ සියල්ල එකිනෙක ගෙන ඉතා ප්‍රවේශමෙන් කියවීමි.
දිනක් අපූරු සිද්ධියක් ඇති විය. මම පුස්තකාලාධිපතිනියගේ මේසය ඉදිරිපිට අසුන්ගෙන සිටියෙමි.
''මම මෙතැන ඉන්න කාලෙ අවසන් වෙලා කියල මගෙ හිත කියනවා?''
''ඒ කොහොමද ඔයා එහෙම කියන්නෙ?''
''මම හිතනව මම ජීවත් වෙන්නෙ බුද්ධාගම වෙනුවෙන් කියල. මම අද අන්තිම බණ පොතත් කියවල ඉවර කළා. මම අත්දැකීමක් හැටියට දන්න දෙයක් තමයි මම ඉන්න තැන තියෙන අන්තිම බණ පොත කියවල ඉවර වුණ ගමන් එතැනින් යන්න වෙනවා.''
''ඒක හරි පුදුම කථාවක් නෙ?''
''හොඳයි බලන්න ඒක ඇත්තවේවිද කියල?''
මාගේ කථාව ඇසූ පුස්තකාලාධිපතිනිය තූෂ්ණිම්භූතව බලා සිටියාය. දහවල් දොළහට පමණ වැදගත් ලිපියක් ලැබුණි. ඒ ලිපියද
රැගෙන පුස්තාකාලාධිපතිනිය හමුවීමි.
''මම ආවේ අදින් පස්සෙ එන්නෙ නෑ කියල මතක් කරල යන්න. මට හෙට රුහුණු විශ්වවිද්‍යාලයෙ වැඩ භාරගන්න යන්න තියෙනවා?''
පුස්තකාලාධිපතිනිය පුදුමයෙන් පුදුමයට පත්වූවාය.
මාර්ගඵල ගැන මා දක්වන උනන්දුව මෙරට උගතුන්ගේ හාස්‍යයට ලක් වූයේ වරක් හෝ දෙවරක් නොවේ. මම මාර්ගඵල ගැන විස්තර කෙරෙන සියලු ධර්ම කරුණු ඒකරාශී කර පොත් මුද්‍රණය කරවා බෙදා හැරියෙමි. මා ලියූ බෞදAධ පොත් සංඛ්‍යාව හැත්තෑවකි. මාර්ගඵල ගැන මුල් බුදුසමයේ කියෑවෙන සියලු දේ මා විසින් මේ වන විට ලියා අවසන්ය. සැකෙවින් දක්වතොත් මුල් බුදුසමය ගැන ලියන්නට තවත් දේ මට ඇත් ද යන්න පවා සැක සහිතය. ධ්‍යාන මාර්ගඵල සමාපත්ති ආදිය ගැන කිසිදු පොතක් නොබලා කට පාඩමෙන් කීමේ හැකියාවක් මට ඇත. ඒ ඉගැන්වීම් සියල්ල තනි චිත්‍රයක් ලෙස සකස් කර පෙන්වීමට මට හැකිය.
මා පිටසක්වල බුදුවරුන් බෝසත්වරුන් දකිනුයේ මුල් බුදුසමය හදාරා අවසන් වී මාස පහකට නැති නම් හයකට පසුවය. 2011 හා 2012 වර්ෂ අතර වූ කාලවකවානුව බෝසත්වරුන් හා බුදුවරුන් සමඟ සාකච්ඡා බහුලව ඇතිවූ සමයකි. බෝසත්වවරු මාගේ ආරාධනාවක් නොමැතිවම පැමිණ විවිධ පණිවුඩ ලබා දුන්හ. මම ඉන් ද නොනැවතී බෝසත්වරුන්ගෙන් විවිධ ධර්ම ගැටලු විමසීමි. ඒවාට ලැබෙන පිලිතුරු මතු පරපුරෙහි ප්‍රයෝජනය පිණිස ලියා තැබීමි.
සමහර බෝසත්වරු සූක්ෂ්ම කයින් යුතුව මා හමුවට පැමිණියහ. තවත් අය දුරස්ථව හිඳ පැහැදිළිව අදහස් හුවමාරු කරගත්හ. පිටසක්වල බුදුවරු දුර සිටම කසිණාලෝකය හරහා ධර්මය දේශනා කළහ. විශ්වයේ බෞද්ධ ජනාවාස වල පිහිටීම මට දැන් තරමක් දුරට විස්තර කළ හැකිය.
අපට ළඟින්ම පිහිටි මනුෂ්‍ය ලෝකය සාගලෝකධාතුවයි. අළු පැහැ මිථ්‍යා දෘෂටික ජනවර්ගයක් ද නිල් පැහැ බෞද්ධ ජනවර්ගයක් ද එහි වෙසෙති. විශ්ව සම්මත නීති අනුව බෞද්ධයෝ අළු පැහැ මිථ්‍යා දෘෂ්ටිකයන් දැඩි කොන්දේසි මත සංවර කරගෙන සිටිති. අළු පැහැ ජීවීන්ට කැමති පරිදි වර්ගයා බෝ කිරීමේ නිදහස නැත. කැමති තැනක යැමට නිදහස නැත. ඔවුන් යන එන සියලු තැන් නිල් පැහැ නායකයන්ගේ තියුණු පරීක්ෂාවට ලක් වෙයි. නිල් පැහැ ජීවීන්ගේ නායකයා කත්රික සක්විති රජුය. කත්රිකයන්ගේ දෙටු පුත් අක්ෂෝභ්ය සක්වල චාරිකාවේ යෙදෙමින් බුදුදහම පතුරුවයි.
2011 හා 2012 වර්ෂ අතර කාලයේදී අක්ෂෝභ්ය කුමරු සූක්ෂAම කයින් යුතුව මා හමුවට ආවේය. අපි බොහෝ දේ කථා කළෙමු. බුදුදහම හා රාජ්‍ය පාලනය අක්ෂෝභ්ය කුමරුන්ගේ ජනප්‍රියතම මාතෘකාවන් වෙයි.
ඔහුගේ දේශපාලන මතවාදය අක්ෂෝභ්ය පාලන තන්ත්රය නම් වෙයි. සැමට සමව සැලකීම අක්ෂෝභ්ය ප්රතිපත්තීන්ගේ වැදගත්ම ලක්ෂණයයි. මම මින් පෙර අවස්ථාවක අක්ෂෝභ්ය ප්රතිපත්තීන් ගැන සවිස්තරව දැක්වූවෙමි. දැන් මා හෙළිකරන්නට යන වැදගත් රහස් බෞදAධයන්ගේ සැනසිල්ලට හේතු වේ යයි කල්පනා කරමි. මේ කරුණු පිළිවෙළ අනුව ගලපා නොමැති අතර කියවීමට පහසු පිණිස ඒවායේ අනුපිළිවෙළ මා විසින් නැවත සකස් කරනු ලැබීය.
තවත් වැදගත් කරුණක් මතක් කළ යුතුය. අක්ෂෝභ්ය සිංහල භාෂාවෙහි නිපුණත්වයක් දක්වන්නෙකි. ඔහුට අනුව සිංහල භාෂාව විශ්වීය මවු භාෂාවන්ගෙන් පැවත එන්නකි. එබැවන් ඔහු විසින් සිංහල කථා කරන්නේ අප භාෂාව හසුරුවන ආකාරයට තරමක් සමානවය.
''පින්වත් අක්ෂෝභ්ය කුමාරයාණනි, මෙකල්හි රහතන්වහන්සේලා වැඩ වාසය කරන්නේද?''
''පින්වත, ඔබ දන්නා පරිදි ධර්මයේ අකාලික ගුණයෙහි වෙනසක් කිසිකලෙක ඇති නොවේ. සද්ධර්මය ඇත්තේ කොතැන ද රහතන්වහන්සේලා පහළවීමට බාධාවක් එතැන ඇති නොවේ.''
''ලක්දිව දැනට රහතන්වහන්සේලා වැඩ වාසය කරන්නේද?''
''එසේය. දැනට ලක්දිව රහතන්වහන්සේලා තිස් නමක් වැඩවාසය කරති.''
''රහතන්වහන්සේලා දැනට වැඩ වාසය කරනුයේ කුමන ස්ථානයන්හිද?
''සිතුල්පව්ව ආශ්රිත වනයේ රහතන් වහන්සේලා පස්දෙනෙක් මේ දිනවල වැඩ සිටිති. සමනොළ කන්දේ එක් රහතන් වහන්සේ නමක් වැඩ වෙසෙති. සියලුම රහතන්වහන්සේලා දැනට අප්රසිද්ධියේ වාසය කරති.''
රහතන්වහන්සේලා ගැන දැනගන්නට ලැබීමෙන් අපමණ සතුටක් ඇතිවිය. මට ද මාගේ ගමනාන්තය ගැන විමසන්නට සිත්විය.
''මෙය ඔබගේ අවසාන ආත්මභාවය නොවන්නේය. එහෙත් ඔබ මිනිසුන් අතරට පැමිණියේ සුවිශේෂී වගකීමක් පෙරදැරිවය. අප ඔබ හමුවීමට එක් හේතුවක් වන්නේද එයයි. ගෞතම බුදුන්වහන්සේගේ කැබලි වලට ඉරී ගිය ශාසනය ඒකරාශී කර රහතන් වහන්සේලාගේ යුගය නැවත බිහි කිරීමේ කටයුත්තේ වැදගත් රාජකාරියක් ඔබ වෙත පැවරී ඇත්තේය.''
''ඒ වගකීම කවුරුන් විසින් පනවන ලද්දක්ද?''
''එය ඔබගේම පූර්වකෘත ප්‍රාර්ථනයක් හේතුවෙන් සිදුවන්නකි. ඔබ ඊට සත්බුදුවරුන් වහන්සේලාගේ ආශීර්වාද ලද්දෙAය. ඔබ ඊට ගෞතම බුදුන්වහන්සේගෙන් ආඥා ලද්දේය. සර්වාවතී ලෝක ධාතුවෙහි සම්බුද්ධ ශාසනය නැවත පිහිටුවීමට පිරිස් ඒකරාශි කිරීම ඔබගේ වගකීම වන්නේය.''
මට සත්බුදුවරුන් ගැන තවදුරටත් අසා දැනගැනීමට කැමැත්තක් ඇතිවිය. අක්ෂෝභ්ය සත්බුදුවරුන් ගැන මෙසේ විස්තර කළේය.
''ඔබ වෙසෙන සර්වාවතී ලෝකධාතුවෙහි ගතවූ අනූ එක් කල්පයක් තුල බුදුවරු සත්නමක් පහළ වූහ. සි‚ විපස්සී වෙස්සභූ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම නම් වන ඒ බුදුවරුන් සත්දෙනා වහන්සේලාගේ ආඥා බලය අදටද වලංගු වෙයි. මෙරට ඉපදී සිටින අයගෙන් පහළොස් දෙනෙක් සත්බුදුවරුන්ගේ ආශීර්වාද ලද අය වෙති. ඒ පහළොස් දෙනාට සත්බුදුවරුන් විෂයෙහි බුද්ධානුස්සති භාවනා කර්මස්ථානය වඩා උසස් ප්‍රතිඵල ලද හැකිය. බලංගොඩ ප්‍රදේශයේ එක් ස්වාමීන් වහන්සේ නමක්ද කුරුණෑගල පොත්ගුල් පිරිවෙණේ ස්වාමීන්වහන්සේ නමක්ද ඒ අය අතර වෙති. උන්වහන්සේලා අෂ්ඨ සමාපත්තිලාභීහු වෙති.''
මෙරට කෙරතම් මාර්ගඵලලාභීන් සංඛ්‍යාවක් සිටින්නේද යන ගැටලුව විසඳා ගැනීමට මට අවශ්‍ය විය. මම එය අක්ෂෝභ්ය කුමරුන්ගෙන් ඇසීමි.
''මෙරට සෝවාන් ඵලයට පැමිණි අය එකොළොස්දහසක් සිටිති. මේ භවයේ සෝවාන් වීමට පින ඇති අය දහසක් සිටිති. සෝවාන්ඵලයට පැමිණි අය අතිබහුතරයක් ජාත සෝතාපන්නයෝ වෙති. පෙර අත්බැව්හි සෝවාන්වූ අය එලෙස ජාතසෝතාපන්නව උපත ලැබ සිටිති. මේ අයගේ එකතුව දොළොස්දහසකි. එයින් එක්දහස් පන්සීයක පිරිසකට මේ භවයේ රහත්වීමට පින ඇත.''
ලබන සතියට
නිලන්ත හෙට්ටිගේ
දිවයින ඇසුරිණි
Post a Comment