දිනෙන් දින ලෝකය තුල විවිධ වූ අදහගන්නට අපහසු දේවල් දැනගන්නට ලැබෙනවා. ඉතින් විශ්වකර්ම අපිත් එවන් පුවතක් ඔයාලට අද ගෙන එන්න තීරණය කළා. ඇත්තෙන්ම මේ පුවත වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. ඒ පිරිමියෙකු විසින් දරුවෙකු ප්‍රසුත කල බවයි.
පසුගිය 16 වැනි දින සිසේරියන් සැත්කමකින් හැඩන් ක්‍රොස් නමැති මෙම පුද්ගලයා විසින් ගැහැණු දරුවෙකු ප්‍රසුත කල බවට දෙස් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
දැනට වසර තුනක පමණ කාලයක සිට මහා බ්‍රිතාන්‍ය තුල පිරිමි පුද්ගලයෙකු සේ හැඩන් ක්‍රොස් නිත්‍යානුකුලව ලියාපදිංචිව සිටින අතර ඔහුට ලැබුණු මෙම ගැහැණු දරුවාට නම් තබා ඇත්තේ "ට්‍රිනිටි" ලෙසයි.
මෙම ට්‍රිනිටි නම් දියණියගේ උපතත් සමග මහා බ්‍රිතාන්‍ය තුල මෙවැනි ප්‍රසුතියක් සිදු කල ප්‍රථම පිරිමියා බවට වාර්තා වන්නේ හැඩන් ක්‍රොස් ය.
මිට ඉහතදී ඇමෙරිකා එක්සත් ජනපදයේ "තෝමස් බෙවති" නම් පුද්ගලයෙකුද 2008 වසරේදී දරුවෙකු ප්‍රසුති කල අතර ඔහු උපතින්ම කාන්තාවක් වන අතර පසුව ලිංගික සංක්‍රාන්තියකින් පසුව පිරිමි පුද්ගලයෙක් බවට පත් වූ අයෙකු බව සඳහන්.
හෝමෝන ක්‍රියාකාරිත්වය හේතුකොටගෙන ලිංගික සංක්‍රාන්තියකින් පිරිමි පුද්ගලයෙක් බවට පත් වුවද ගැබ් ගැනීම සඳහා ගර්භාෂය ශරීරය තුල ආරක්ෂිතව පවතින බවට විශේෂඥ වෛද්‍යවරුන් පවසති.
Post a Comment