බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෝක විෂය කෙතෙක් පුළුල් ද යන්න මේ ලිපි පෙළ කියවන ඔබට ක්‍රමිකව ගම්‍ය වනු ඇත. පිටසක්වළක් පිළිබඳව නූතන විද්‍යාව කතා කළත් ඒවා සතර අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කරා තවමත් විනිවිද ගොස් නැත. එසේ විනිවිද යාමට සැරසෙන වගක්ද පෙනෙන්නට නැත. එසේ වූ පලියට අතීන්ද්‍රීය මනෝ මූලික භාවයෙන් සක්වල විනිවිද ගිය බුද්ධ දේශනාවහි ඇතැම් කාරණා ප්‍රතික්ෙෂ්ප කළ හැකිද? මුගලන් මහරහතන් වහන්සේ, ලක්ඛණ මහරහතුන් වැනි උතුමන් දුටු දේ ඉවත් කළ යුතුද?
විද්‍යාව අනුව පර්ෙය්ෂණ සිද්ධ වෙන්නේ භෞතික උපකරණ හා භෞතික ඇස පදනම් කර ගෙනය, භෞතික උපකරණයට හා භෞතික ඇසට තවමත් අසු නොවූ පුළුල් ලෝක විෂයේ අපි තවම සිටිනුයේ ළදරු වියකය. අනික් අතින් මේ පර්ෙය්ෂණ කරන අය කෙළෙස් භරිත මිනිසුන්ය. ඔවුන්ට හසුවන හා හසු කර ගන්නා යම් කොටසක් වෙතත් බුද්ධ දර්ශනය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානයක් වේ. එය සාමාන්‍ය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය අභිභවන්නකි.
කෙළෙස් භරිත මනසට වඩා නික්ලේශී මනසට බොහෝ දෑ හසුවේ. එබැවින් බුද්ධ දර්ශනය මත ලෝක විෂය හදාරන තැනදී විද්‍යාව පරම සත්‍යය නොවන බව අවබෝධ කරගෙන ‘ඔරුව දියත්’ කළ යුතුය.
එයට හේතුව කුමක්ද? පැවතුණත් දෙයක්, එය නොපෙනීමට හේතු කාරණා කීපයක් ධර්මය විස්තර කරයි. එනම්,
1. අතිදූර: ඇසට හසු නොවන දුරින් පිහිටි දේවල් අපට දුර වැඩි නිසාම පෙනෙන්නේ නැත. මහමුහුදෙහි ඈත බලනවිට මුහුදෙහි කෙළවරක් ලෙස ක්ෂතිජය පෙනෙයි. නමුත් සැබෑව එය ද? ඇස අපට තනා දෙන්නේ එක්තරා සීමාන්තිකයක් පමණි. එතැනින් එහා අතිදුර කරණකොට ඇසට ග්‍රහණය වීම නොවේ. එසේ වූ පළියට කිසිවක් නැත යැයි ප්‍රතික්ෂේප කළ නොහැකිය.
2. අතිසම්ප්‍ය: බොෙහා් ළං වූ දේද ඇතැම්විට අපේ ඇසට ග්‍රහනය නොවේ. උදා ලෙස ඇස් පිහාටු, ඇස සමීපයේම ළප, ආදිය ඔබට පෙනේද? නමුත් නොපෙනුණු පමණින් නැතැයි කිව නොහැකිය.
3. ඉන්ද්‍රිය ඝාත: එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී යම් ඉන්ද්‍රියක ඝාතනයකි. උදා, ලෙස ඇස් දෙකම අන්ධ වූවකුට යමක් නොපෙනී තිබිය හැකිය. ඔහුට ඇස් නොපෙනුණා කියා යමක් අපට අත හැරිය හැකිද?
4. මනෝ අනවස්ථාන: මනස නිසි තැනට ස්ථාන ගත නොවීම මනෝ අනවස්ථාන නම් වේ. උදා, ලෙස ඔබ බලවත් කල්පනාවක සිටී. ඔබ ඉදිරියෙන් ගිය කෙනකුවත් ගැන මතකයක් ඔබට නැත. නමුත් ඇත්තටම ඔබ ඉදිරියෙන් කීප දෙනෙක් එහා මෙහා ගමන් කර ඇත. ඔබේ අධික කල්පනාව හේතුවෙන් මනස නිසි පරිදි ස්ථාන ගත නොවීම මත යමක් සිදු නොවෙතැයි කිව නොහැකිය.
5. සූක්ෂමභාව: සියුම් දෙයක් සියුම් වැඩිකම නිසාම අපට නොපෙනී යා හැකිය. උදා ලෙස ඔබ අතට ගත් අබ ඇටයක් අබ ගෝනියකට යොමුකර කළවම් කරවා දුනහොත් ඔබට පෙර අතෙහි වූ අබ ඇටය තෝරාගත හැකි ද? ඔබට එය අපහසු වූවා කියා ඔබේ අතේ තිබුණු අබ ඇටය ගෝනියේ නැතැයි කිව හැකිද? සූක්ෂමභාවය වැඩි කමට ඔබගේ පෘථග්ජන ඉන්ද්‍රියට එය හඳුනා ගත නොහැක. අැතැම් විට නූතන විද්‍යා උපකරණවලට ද නොහැකිය. නමුදු අතීන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ ඥානී නික්ලේශී මනසට එය පහසුවෙන් කළ හැකිය.
6. අභිධාන: එනම් යම් දෙයක් යමකින් වැසී තිබීම නිසා නොපෙනී යාමයි. ඔබේ කාමරය බිත්තිවලින් වැසී ඇති නිසා සමීප කාමරය නොපෙනෙන්නේය. ඔබට සමීප කාමරය නොපෙනුණු පළියට එය නැතැයි කිව හැකිද?
දැන් ඔබ මොහොතක් සිතන්න. මේ කාරණා 6ට අදාළ ඇතැම් කාරණා විනිවිද යාමට සිත බලවත් විය යුතුය. එවැනි සිත බලවත් වූවකුට සක්වල විනිවිද යා හැකිය.
මුගලන් මහරහතන් වහන්සේට සෘර්ධි බලයෙන් මහාමේරු පර්වතය, හිමාලය කන්ද පවා ඔසවා කකුලේ මහපට ඇඟිල්ලෙන් අරන් අහසේ ඇවිදීමට හැකියාව තිබුණු බව ධර්මයේ විස්තර කෙරෙයි. මෙය ඔබට පුදුම සහගත කාරණාවක් විය හැකිය.
‘කොහොමද ඕවා කරන්නෙ? ඕවා මහා විහිළු’ යැයි ඔබ හිතන්නට පුළුවන. නමුත් සිත බලවත් වූ අයගේ ප්‍රතිඵලය එයයි. සිත හරියාමට සේම සිත වැරදීමට මෙපරිදිම ප්‍රතිඵල ඇත්තේය.
ධර්මයේ තවත් තැනක, මුගලන් මහ රහතන් වහන්සේ ගිජුකුළු පවුව ගලවා අතට ගෙන එය අටමහා නිරයේ පළමු වැන්න වන සංජීවයට වැටෙත්වායි අධිෂ්ඨාන කරගෙන අත හැරියොත් එය සාමාන්‍ය වේගයෙන් සංජීව නිරයට වැටෙන්නට එහි මාස වලින් මාස 4ක් ගතවන බව කියැවේ. වේගයෙන් පහළට වැටෙන යමකට ඒ සා කාලයක් ගත වේ නම් සංජීවයට වැටුණු කෙනකු ගොඩ ඒමට කෙතරම් කාලයක් ගත වේද? ෙම් යථාර්ථය අපි අවබෝධ කළ යුත්තේය.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි පිටසක්වළක් පිළිබඳ අපට පැහැදිලිව හඳුනා ගත හැකි සුවිශේෂ තැනක් වන්නේ අසුර ලෝකයයි. එය සතර අපායෙන් (තිරිසන්, ප්‍රේත, අසුර, නිරය) එකකි. අපට නොපෙනෙන, බුද්ධ ඥානයෙන් ඇතැයි කියන මේ අසුර ලෝකය යනු කුමක්ද? සුර නොවන තැන අසුරයි. ධර්මයේ විස්තර වන හැටියට අසුරයෝ දෙවියන්ට වඩා බල සම්පන්න සත්ව කොට්ඨාසයකි. ඒ කෙසේද යත් දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් පැවැතියොත් නියත වශයෙන් අසුරයෝ දිනා ගති. ඔවුහු දෙවියන්ට වඩා දඩබ්බරය, චණ්ඩය, සැඩය. අසුරයන්ට විශ්වය පුරා වේගයෙන් ගමන් කළ හැකිය. ඔවුන්ට අපායේ සිට දිව්‍ය, බ්‍රහ්ම ලෝක කරා ක්ෂණයෙන් යා හැකිය.
මේ අසුර ලෝකයේ කොටස් පහකි. එනම්,
1. දේව අසුරය
2. විනිපාතික අසුරය
3. වේමාණික අසුරය
4. ලෝකාන්තරික අසුරය
5. ප්‍රේත අසුරය
ඉහත කී අසුරයන් අතුරින් ප්‍රේත අසුරයන් පමණක් නිරෙයහි වාසස්ථාන ගනී.
දේව අසුරයෝ තමන්ගේ සශ්‍රීකත්වයෙන් හා සම්පත්තියෙන් දෙවියන්ට සමාන කොටසක් බව කියැවේ. විනිපාතික අසුරයෝ ඉතා බලවත් කොටසක් වේ. නිරයෙහි ප්‍රධානියා වන යමරජා ද විනිපාතික අසුරයෙකි. යමපල්ලෝ ද අපායේ රජුගේ සේවකයෝ ද අසුරයෝමය.
නිරා දුකට වැටෙන නිරි සතුන්ට දඬුවම් නියම කරන්නේ මේ යම රජු වන අසුරයාය. ලෝදිය පොවමින්, කටුගස්හි නංවමින්, අත් පා කපමින්, උල්වලින් අනිමින් නිරි සතුන්ට දැඩි දඬුවම් දෙන්නේ යම රජුගේ ගෝලයන් වන අසුර කොටස්ය.
නමුත් විනිපාතික අසුරයන්ගෙන් වැඩි කොටස දිව්‍ය ලෝකයට අයත් වේ. ඒ අතර ප්‍රියංකර මාතු, උත්තර මාතු වැනි අසුර නායකයෝ ද ප්‍රමුඛය.
ලෝකාන්තරික අසුරයෝ, ලෝකාන්තරික නිරයට අයත් වෙන්නාහ.
මේ අනුව අසුරයන්ගෙන් එක කොටසක් නිරයේ බලවතුන් වන අතර අනෙක් කොටස දිව්‍ය ලෝකයේ බලවතුන් වෙති.
අට්ඨ කථාවේ දක්වන පරිදි අසුර ප්‍රධානියා පාලියෙන් අසුරින්ද නම් ඔහුම සංස්කෘතයෙන් අසුරෙන්ද්‍ර වේ. බලවත් අසුරයන් කීප දෙනෙක් ගැන කතා කළොත් පහාරාද යන් ඉන් කෙනෙකි. ඔහු මහමුහුදේ සුමේරුගිරි පර්වතයේ වාසය කරන බව කියැවේ.
සමහර බලවත් අසුරයන්ට ඉර - හඳ - තාරකාවල ගමන පවා වෙනස් කළ හැකිය. ඇතැමුන්ට රාත්‍රියක් දහවල කළ හැකිය. සමහරකුට දහවල රාත්‍රිය කළ හැකිය. විශ්වයේ එපමණට බලයක් අසුරයන්ට පැවැත්විය හැකිය.
ගංගා මූදු ගොඩ ගැල්විය හැකිය. කඳු සමතලා කළ හැකිය. සමතලා බිම් මැටි පිඬක් සේ ගෙන කඳු කළ හැකිය. බණ පොතේ වේරෝචන අසුර නායකයා යනු රාහුට කියන නමකි. කේන්ද්‍රයේ රාහු බලවත් නම් එය වේරෝචන අසුරයා බලවත් වීමකි. එය තවත් දීර්ඝව යාහැකි මාතෘකාවකි.
දෙදෙව් ලොවට අධිපති සක්‍ර දිව්‍ය රාජයා විවාහ වී සිටින්නේ අසුර කාන්තාවක සමඟය. ඇය වේමාණික අසුර ලෝකයේ සිටි සුන්දරම අසුරාංගනාවයි. සුජම්පතිකාව නමින් අෑ හඳුන්වයි.
මේ සුජම්පතිකාවට ස්වයං වරයක් විය. ඒ තමන්ගේ විවාහයට තමාට කැමැති අසුරයකු තෝරා ගැනීමයි. මේ සඳහා බලවත් අසුර නායකයෝ ඉතා ලස්සනට හැඳ පැළඳ සුජම්පතිකාව හමුවට ආහ. මේ අසුරාංගනාවගේ සෝබාව දුටු තාවතිංස දෙව්ලොව වෙසෙන සක්‍ර දෙවියන්ට ද ඇයගේ අත ගැනීමේ උවමනාව ඇති විය.
සක්‍රයා ද බලවත් අසුරයකු පරිද්දෙන් හැඳ පැළඳ මෙහි ආහ. ෙත්රීම අවසාන විය. සුජම්පතිකාව තෝරා ගත්තේ අසුර වෙස් ගත් සක්‍රයාය. සක්‍ර දෙවියන් මේ අසුරාංගනාව සමග තාවතිංස දිව්‍යා ලෝකයට ගියේය.
තමන්ගේ අසුර ලියක් පැහැර ගත්තැයි අසුරයන් හා තාවතිංසේ දෙව්වරු තවමත් සටනකය.
සටහන : අසංක ආටිගල
ලංකාදීප ඇසුරිණි
Post a Comment