ලොව දෙදෙනකු එක හා සමාන නොවේ. එක මව්කුස තුළ උපන් නිවුන් දරුවෝද එක හා සමාන නොවෙති. රූපයෙන් සමාන වුවද ගතිගුණ අතින් වෙනස්කම් දක්නට ඇත. ලොව උපදින සියලුම මිනිසුන් ලග්න අනුව කොටස් දොළහකට බෙදිය හැකිය. එක් එක් ලග්නය අනුව මිනිසුන්ගේ චරිත ලක්ෂණ පහතින් දැක්වේ. මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
කතාවෙන් අන්‍යයන් වශීකරන මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වන බැවින් මේෂ ලග්නයෙන් උපන් අය උසස් අදහස් ඇති තේජවන්ත භාවයෙන් යුතු වූවන් වේ. ක්‍රියාශීලීව ඕනෑම දෙයක් වෙනුවෙන් ඉදිරියට යන කැපී පෙනීමේ ආශාව සිත තුළ තදින් ඇත්තෝ වන මොවුන් තමා ආශා කරන දේ කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ දරා අවසානයේ දී එය සිතැඟි පරිදි ඉටුකර ගනියි.
සටන්කාමී බව සහජයෙන්ම පිහිටන මේෂ ලග්න හිමියෝ සටන් කළ යුතු තැන සටන් කිරීමට පෙළඹෙන චරිතයක්ද හිමි බැවින් පටන් ගන්නා වාද විවාද අනවශ්‍ය ලෙස දුරදිග ගෙන යැමෙන් අනවශ්‍ය කරදරවලටද මුහුණදීමට සිදුවන අවස්ථා උදාවේ.
දැඩි ආත්ම ශක්තියකින් යුක්ත වේගයෙන් වැඩ කළ හැකි ඉතාමත් කඩිසර කාර්යශූර තැනැත්තන් මේෂ ලග්නයෙන් උපත ලබන අතර සමහර අවස්ථාවන්හිදී තැන නොතැන නොබලා කලබල වන අවස්ථාද බොහෝ ඇත. තමන් ඉදිරිපත් වන හැම දෙයකින්ම ජය බලාපොරොත්තු වන අතර කිසිවිටෙක පරාජය භාර ගැනීමට අකමැති වේ. ආඩම්බරකමින් තමන්ගේ මතයේම සිටිමින් අන්‍යයන්ගේ අදහස් පිළි නොගත්තද මේෂ ලග්න හිමියා අනුන් ගැන සිතන පරාර්ථකාමී අයෙකි.
හැම විටම උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට රුචිකත්වයක් දක්වන මොවුන් තමන් හැසිරෙන සමාජය තුළ විශ්වාසවන්ත බව රැක ගනිමින් හැසිරෙන්නට උත්සාහ කරන්නා වූ යහපත් සිතුවිල්ලෙන් යුතු වූවන් වේ.
කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබීමේ දැඩි ආශාවකින් මතු බලාපොරොත්තු සහිතව ක්‍රියා කරන අතර දහසක් දෙනා අතරට ගියද කෙසේ හෝ පෙරමුණෙහි රැෙඳමින් සිනහවෙන් කතාවෙන් අන්‍යයන් වශීකර ගැනීමෙහි සමත් බැවින් ඉතා පහසුවෙන් තමා වටා පිරිසක් එක්රොක් කර ගැනීමේ දක්ෂයෙක් වේ.
දන්නා නොදන්නා කුමන කටයුත්තක් පිළිබඳව වුවද ඉවකින් මෙන් කටයුතු කළ හැකි ශක්තිය සහජයෙන්ම උරුම අතර තමාට උදව් උපකාර කළ යම් කෙනෙක් වේද ඔවුන් වෙනුවෙන් පෙරළා ප්‍රති උපකාර කිරීමේ මාහැඟි ගුණය නිසාම ඒ සඳහා මැළි නොවේ.
අපක්ෂපාතී යුක්තිගරුක මේෂ ලග්න හිමියෝ අනුන් අවනත කර ගැනීමට සමත් වුවත් තමන් නම්‍යශීලී බවක් නොපෙන්වයි. කිසිවෙකුට යටහත් පහත්ව සිටීමටද මැළිකමක් දක්වයි. එහෙත් ඕනෑම අවස්ථාවක පුරුෂයකු නම් තමාගේ භාර්යාව කෙරෙහිද ස්ත්‍රියක නම් තමාගේ ස්වාමියා කෙරෙහිද එම තද ගති ලිහිල් වීම නිසා විවාහ දිවියේ බොහෝ ගැටලූ මඟහැරී යයි.
ඕනෑම දෙයක් වහා අවබෝධ වන තීක්ෂණ නුවණ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට මහත් රුකුලක් වන අතර සුළු දේවලට අකමැත්තක් දක්වන මොවුන් විශාල ව්‍යාපාර කටයුතුවලට පෙළඹෙන්නෝය. කළ යුතු සියලූ කාර්යයන් අංගසම්පූර්ණව මනා කළමනාකාරිත්වයක් යටතේ සිදුකර ගැනීමේ දැඩි ආත්ම ශක්තියක් තිබුණද මෙම ලග්නයෙන් උපන් අය එක පිට එක වැඩ කටයුතු රාශියක් කිරීමට උත්සාහ කර අවුල් සහගත පැටලිලි ඇති කර ගැනීම ඉතා ප්‍රබල දුර්වලතාවක් ලෙස දැක්විය හැකිය. එහෙත් අවස්ථානුකූලව උපායශීලී ලෙස කටයුතු කිරීමේ දී තමාගේ සැබෑ චරිත ස්වභාවය යටපත් කර ගැනීමේ අති දක්ෂයෝ වෙති.
හැම විටම තම ආත්මාභිමානය දැඩිකොට සලකන මොවුන් අන් අයට ගෞරව කිරීමට මැළිකමක් නොදක්වන අතර ඒ හා සමානව අන්‍යයන්ගෙන් තමන්ද ගෞරවය අපේක්ෂා කරයි. සෑම කටයුත්තක්ම සාධාරණව හා නිවැරැදිව කිරීමට මේෂ ලග්න හිමියන් තම හදවතට බලකරන නමුදු තමා තමාටම පාලනය කර ගැනීමට නොහැකි ලෙස ආත්මාර්ථකාමී බව මතුවීම නිසා ඇතැම් අවස්ථාවල නොසිතූ ආකාරයෙන් වැරැදි දේ කිරීමට පෙළඹේ.
නොඉවසිලිවන්ත බව නිසා ජීවිත කාලයේ බොහෝ අලාභහානි සිදු කර ගන්නා බව මේෂ ලග්න හිමියන් වෙතින් දක්නට ලැඛෙන අයහපත් ගුණාංගයක් බැවින් හැමවිටම ඉවසීම පුරුදු පුහුණු කර ගැනීමෙන් තමා බලාපොරොත්තු වන ඉලක්කයන් වඩාත් සාර්ථක කර ගැනීමට එය අතිශයින් ඉවහල් වන බව අවබෝධ කරගත යුතුය.
සිත තුළ දැඩි බවක් පවතින නමුදු බොහෝ අවස්ථාවන්හි අන්‍යයන් කෙරෙහි කාරුණික සංවේදී බවක් දැක්වීම තූළ ඇසුරු කරන්නන් අතර හෘදයාංගම හා සිත් දිනාගන්නා පුද්ගලයකු බවට පත්වන අතර තම පවුලට ඥතීන්ට දූ දරුවන්ට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නියමාකාරයෙන් ඉටු කිරීමට නැඹුරු හදවතක් ඇති අයකු වේ. අන් අයගේ බසට අවනත වීමේ ගුණය දුර්ලභ නමුදු අවනත වන බවක් අන්‍යයන් ඉදිරියේ මවා පෑමට අති දක්ෂයෝ වෙති.
දුරදිග කල්පනා කර තෝරා බේරා සිතා බලා තීරණයන්ට එළඹීමේ ශක්තියක් නොමැති මේෂ ලග්න හිමියෝ ක්ෂණිකව ගන්නා ඕනෑම තීරණයක් සිතා බලා ගත් තීරණයකට වඩා බුද්ධිමත්ව ගැනීමේ හැකියාව ඇත්තන් වීම විශේෂ ලක්ෂණයකි.
මධ්‍යම ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියන මෙවැන්නන්ට පියකරු අඟපසඟ සහිත සිහින් දිග ගෙලක් පිහිටයි. පැහැපත් සිරුරක් හිමි අතර ශරීරයේ පිත අධික වේ.
ත්‍යාගශීලී මේෂ ලග්න හිමියන්ට ජීවනෝපාය ලෙස ආරක්ෂක අංශවල, යන්ත්‍ර සූත්‍ර ආශ්රිත, ක්‍රීඩා අංශයට නැඹුරු, පොළව හා සම්බන්ධ (මැණික් - වගාවන්) රැකියා උරුම අතර ව්‍යාපාරික අවස්ථාද හිමි වේ.
තම සහකරු හෝ සහකාරිය වශයෙන් සෞම්‍ය ගති පැවතුම්වලින් හෙබි රූමත් ප්‍රසන්න කලා අංශයට නැඹුරු අයෙක් හිමිවන අතර සමහර අවස්ථාවල ඔවුන් ව්‍යාපාරික අංශයේද විය හැකිය.
මේෂය කුජට හිමි රාශියක් බැවින් නිතර උෂ්ණ රෝග හටගැනීම සිදුවිය හැකි අතර දැවිලි රෝග, මොළයේ අසනීප, උදරය ආශ්රිත රෝග, නින්ද නොයැමේ අපහසුතා වැනි රෝගාබාධවලට ලක්වීමේ ප්රවනතාව ඉතා අධිකය.
සුළුවෙන් කිරීමට හැකි ඕනෑම කටයුත්තක් මහා පරිමාණයෙන් කිරීමට පෙළඹීමත්, නොඉවසිලිමත්කම නිසා නිතර කෝපයෙන් පසුවීමත් සමගියට සමාදානයට එතරම් ගරු නොකිරීමත් මොවුන් තුළ ඇති දුර්වලකම් ලෙස පෙන්වා දිය හැකිය.
රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් බලවත්ම රාශිය ලෙස හැඳින්වෙන මේෂ ලග්නය එළුවකුගේ ස්වරූපයෙන් සංකේතවත් වේ. බ්‍රහස්පතින්දා දිනය මෙකී ලග්න හිමියන්ගේ සියලූ කටයුතු සඳහා ශුභ වන අතර සුබ වර්ණය ලෙස කුජට හිමි රතු පැහැයද ජය අංක ලෙස 1 සහ 9 පෙන්වා දිය හැකිය.
ඔබ වෘෂභ ලග්නයේ නම් උපතේ සිට මරණය දක්වා මෙසේ සිදුවිය හැකිය
ගොනකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා විසිතුනකින් සමන්විතය. කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරු පහකින් සැදුම්ලත් රෙහෙණ නැකතද, මුව හිසකට සමානව පිහිටි තරු තුනකින් සමන්විත මුවසිරස නැකතේ මුල් පාද දෙකද මෙයට ඇතුළත් වේ. රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභයයි. වෘෂභය, පඨවි හෙවත් තද ගුණයෙන් යුතු රාශියකි. ලග්නාධිපති ග්‍රහයා වනුයේ සිකුරුය. සිකුරු ග්‍රහ ම~ුල්ලේ මනාලියයි. එහෙයින් වෘෂභ ලග්නයෙන් උපන් අය අලංකාරයට, ආදරයට මුල් තැනක් දෙයි. නිතරම පිරිසිදුවටත්, ලස්සනටත් සිටීමට ඔවුහු වඩාත් රුචියක් දක්වති.
මෙම ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක් විශාලවන අතර නළල පළල බවක් පෙන්නුම් කරයි. දත් පෙනෙන සේ හ~ නගා සිනාසීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි. අඟපසඟ මනාව ලස්සනට පිහිටා ඇත. මහත් වූ ඛෙල්ලකට හිමිකම් කියන පිරුණ උරහිස්තලයකින්ද යුක්තය. කම්මුල් සහ මුඛය පිරුණ බවක් පෙන්වයි.
වෘෂභ ලග්නයෙන් උපදින අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද ප්‍රිය අය වේ. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද සූරයෝය. ඉක්මනට කෝපවෙති. තමාගත් දැඩි තීරණයේම එල්බගෙන සිටීම ඔවුන්ගේ විශේෂ ලක්ෂණයකි. සුළු සිද්ධියකින් පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක් විශාල සිද්ධියක් ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස් ඉගෙනීමක් ලබා උසස් තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. මොවුන් ඉතා ඥානවන්ත බැවින් ඕනෑම ගැටළුවකට පිළිතුරු දීමට සමත් ය. හොඳ ඉගෙනීමක් ඇතිනමුත් උඩඟ= ගතියක්ද පෙන්නුම් කරති. අන් අයට සංග්‍රහ කිරීමට වඩා කැමැති වේ. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරයි. වස්තුව රැස් කිරීමටද වඩා උනන්දු වෙති. දක්ෂ කථිකයන්, පණ්ඩිතයන්ව පොත්පත් කතුවරුන්, ශිල්ප ශාලා හා මුද්‍රණශාලා හිමිකරුවන්, ආචාර්ය පදවි ලැබූවන් බොහෝවිට මෙම ලග්නයෙන් උපත ලැබූ අය වෙති. තමන්ගේ අදහස අනුව කටයුතු කරනවා හැරෙන්නට අන් අයගේ අදහස් අනුව කටයුතු කිරීමට වෘෂභ ලග්න හිමියන් අකැමැතිය. තමා දන්නා කෙනෙකු සේ හැමවිටම සිතයි. සිතිවිලි ලෞකික පැත්තටම බර වේ. අනුන්ගේ මතයට ගරු නොකිරීම දුර්වලකමකි. කෘෂිකර්මය, ඉංජිනේරු ශිල්පය, හෝටල් පරිපාලනය, නීතිය, සත්ව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය ආදියට වෘෂභ ලග්න හිමියෝ විශේෂ කුසලතා දක්වති. වෘෂභ ලග්න හිමි කාන්තාවන් මනාලියන් හැඩගැන්වීම, මල් කලාව, ගෙතුම් ශිල්පය ආදියට දැඩි රුචියක් පෙන්වයි. සදාචාරසම්පන්නව හැදුණ වෘෂභ ලග්න හිමියෝ කල්‍යාණ මිත්‍රයෝය. ස්ථිර අදහස් උදහස් ඇති, නොසැලෙන, ප්‍රතිපත්තිගරුක, උසස් අදහස් ඇත්තෝද වෙති. වෘෂභ ලග්න හිමියන් ස්වභාවයෙන්ම වෙළෙඳාමට හා කෘෂිකම_යට දක්ෂ මෙන්ම, හොඳ කාර්ය සංවිධායකයන් වීමටත්, දේශපාලනඥයන්, පාලකයින්, නායකයින් බවට පත්වීමටද හොඳ පිහිටීමකි. දුර පෙනෙන ඥානයකින් යුත් මෙවැන්නෝ ගුප්ත ශාස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර හැදැරීමටත් ආශා කරති. වෘෂභ ලග්නයෙන් උපන් අය බොහෝ විට කැමැති වන්නේ ආදරය මුල්කරගත් විවාහයකටය. සමහරු පාසල් යන සමයේදී පවා පෙම් සබඳතාවල පැටලෙති. පෙම් සබඳතා කීපයක පැටලීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. පාසලේදී ඇතිකරගත් පෙම් සබඳතා බොහෝ විට විවාහයෙන් කෙළවර වෙයි. විවාහයේදී සිකුරු, කුජ, සඳු ප්‍රබල තැනක් ගනී. ඒ අනුව වෘෂභ ලග්න හිමියන් අධික කාමුක බවකින් යුක්තය. ලෝකෝත්තර සැපයට වඩා ලෞකික සැපය අගය කරති. යහපත් ග්‍රහයෝග පිහිටි වෘෂභ ලග්න හිමියන්හට මැති, ඇමැති තනතුරු පවා ලබා ගැනීමට වාසනාව ඇත.
වෘෂභ ලග්න හිමියන්ට විවාහයට සුදුසු වන්නේ වෘෂභ, කන්‍යා, මකර යන රාශිවලින් උපන් තරුණ තරුණියන්ය. තමන්ට නොගැළපෙන සහකාරියක් ලැබුණොත් ඇයගෙන් වෙන්වීම ඔහුට සාමාන්‍ය දෙයකි. ඒ ගැන ඔහුට පසුතැවීමක්ද නැත. වෘෂභ ලග්නයෙන් උපන් කාන්තාවන් බොහෝ විට කැමැති වන්නේ ව්‍යාපාරිකයන් සමඟ විවාහ වීමටය. එයට හේතුව ඔවුන්ගේ ජීවිතයේදී ලෞකික හා භෞතික යහපත වැඩි වශයෙන් බලාපොරොත්තු වන බැවිනි. මේ නිසා ඔවුන් ආදායමට වඩා විවිධ ඇඳුම්, ආභරණ සඳහා වියදම් කිරීමට යැමෙන් බොහෝවිට තම සැමියාගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. මේ නිසා විවාහ ජීවිතයේ සමගියට බාධා ඇතිවෙයි. අන් අයගේ මතයට ගරු නොකිරීමද ඔවුන්ගේ දුර්වලකමකි.
වෘෂභ ලග්න හිමියන්ට වයස අවුරුදු 40 න් පසු වායු, සෙම, පිත් එකසේ බලපායි. අලූයම සහ සවස් භාගයේ නෑම නිසා සෙම ඉස්මතුවේ. නිරාවරණ හිසින් යුතුව තද අව්වේ යැම ඔවුන්ට හිතකර නොවේ. එසේ නොකිරීමෙන් සෙම කිපීමට මෙන්ම හිසකෙස් ගැලවීමටද හේතුවෙයි. හිසේ රෝග, ඛෙල්ලේ රෝග, ඇදුම, පපුවේ රෝග ආදිය වෘෂභ ලග්න හිමියන්ට පහසුවෙන්ම වැලඳීමට පුළුවන.
වෘෂභ ලග්න හිමියන්ට ප්‍රධාන බාධක ග්රහයින්වන්නේ සඳු, සිකුරු හා ගුරුය. මෙම ග්රහයින්ගේ පිහිටීම අනුව ආයුෂ තීරණය වේ. ප්‍රධාන බාධක ග්‍රහයා වන්නේ ගුරුය. ගුරු මහ දශාවේ හෝ අතුරු දශාවේදී මාරක අනතුරු සිදුවිය හැකිය. සතුන්ගෙන්, ජලයෙන්, සෙම් රෝග වැලඳීමෙන් උගුරේ ඇතිවන රෝගයකින්, රථවාහන ආදියට යටවීමෙන්, ආයුධ පහර ලැබීමෙන්, සිරගතවීමෙන් හා තැළීම්වලින් ආදී ක්‍රියාවලින් උපන් ගමෙන් පිටතදී යම් දිනක මරණය සිදුවීමට පුළුවන.
අපල උපද්‍රව සඳහා ආරක්ෂක මන්ත්‍රවලින් ජපකරන ලද දියමන්ති, මැණික් ගලක් පැළඳීම ඉතා සුදුසුය. සෙනසුරදා, බදාදා, සිකුරාදා යන දිනයන් වෘෂභ ලග්න හිමියන්ට ශුභ දිනයන් වේ. වර්ණ වශයෙන් කොළ පාට සහ සුදු පාටයි. 5, 6, 8 අංක ශුභ වේ.
මිථුන ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
රාශි චක්‍රයේ තුන්වැනි රාශිය මිථුනයි. මෙය වායු ගුණයෙන් යුත් රාශියක් වෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය, තිර ගුණයෙන් යුක්ත අග්නි දිගින් උදාවන පුරුෂ රාශියක් වන මිථුන රාශියෙන් උපන් ඔබ පැහැපත් සිරුරකට හිමිකම් කියයි. උස් වූ සම්පූර්ණ වැඩුණු ශරීරයක් වෙයි. දිගු අත්පා බොහෝ දෙදෙනකුට පිහිටයි. කාන්තාවන්ද මනා රූ සපුවකින් යුක්ත වේ. කිසියම් ලතාවකට ගමන් කරයි. පැහැදිලි ලෙස වචන පාවිච්චි කරයි.
උභය රාශිවලින් වැඩියෙන්ම උභය ගතියක් තිඛෙන්නේ මිථුන රාශියේය. එනිසා ගති දෙකක් ඇති කරයි. තරුණ වයසේදී වයසට වඩා වැඩි මහලූ ගතියක් ඇති කරයි. තරුණ වයස ගෙවුණාට පසු තැන්පත් වයසට තරුණකමක් පෙන්වයි. නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාවද ඔවුන්ගේ සිත්වල බොහෝ විට ඇති වේ. මෙම ලග්නයෙන් උපදින අය හැමවිටම ඥනය මෙහෙයවා කටයුතු කරන්නෝ වෙති. කරුණාවන්තභාවය සහ සියලූ සත්වයන්ගේ දුකට පිහිටවන මොවුහු කිසිදු ලෝභකමක් නොමැති ත්‍යාගශීලී අය වේ. මිථුන ලග්න හිමියෝ ඉක්මනට කලබලයට පත්වන අය නොවෙති. යමක් ගැන තීරණයට පළමු වඩාත් කල්පනාකාරීවේ. සිත චංචල ගතියෙන් යුක්ත වෙති. පොතපත කියවීමට වැඩි ආශාවක් දක්වති. හැම දෙයක්ම දන්නා අයකු මෙන් කතා කරයි. දක්ෂ ලෙස අන් අයට කරුණු පැහැදිලි කිරීමට සමත් වේ. නැටුම්, ගැයුම්වලට විනෝදවීම වැනි දේට ප්‍රියතාවයක් දක්වයි. අධික කාමුක ආශා ඇති අයෙකු විය හැක. ඇතැම්විට ශරීර අංග හීනවීම හෝ අංග වැඩිකමක් ඇති අයකු වීමටද ඉඩ ඇත. ගුරුවරයන් හා තාපසයන් මෙම ලග්නයෙන් උපන් අයට ප්‍රිය මනාප වෙයි. ගුණවත්භාවය ඇති වේ. නොයෙක් ආකාරයෙන් මුදල් උපයමින් නොයෙක් ආකාරයෙන් වියදම් කරයි.
මිථුන ලග්නයෙන් ඔබ උපදිනවිට ඔබේ ලග්නාධිපති බුධ බලවත්ව සිටියේ නම් හොඳ කථිකයකු / ලේඛකයකු / සංගීතඥයකු වීමට ඉඩ ඇත. හැමවිටම වෘත්තීන් දෙකක නිරත වෙයි. චිත්‍රකර්මයට, කලාත්මක දේට, කැටයම් ශිල්පයට ලැදියාවක් දක්වති. කවදාවත් නොකළ කාර්යයක් වුවත් තමන්ට කිරීමට භාරදුන හොත් එය කෙසේ හෝ නිම කරයි. වැඩෙහි යෙදී සිටිනතුරු දක්ෂ ලෙස එම වැඩය කරගෙන යැමටද හැකිය. එකදෙයක් ගැන දිගටම කල්පනා කරගෙන සිටින ගතියක් ඇත. හැම දෙයක් ගැනම සුළුවෙන් හෝ ඉගෙනගනී. නියම අවස්ථාවට උවමනා දේ කීමටත් කිරීමටත් හැකියාව ඇත. වරක් කළ කී දේට විරුද්ධව කටයුතු කිරීම මිථුන ලග්න හිමියාට නුපුරුදු දෙයක් නොවේ. නන්නාඳුනන අය සමග වුවත් පහසුවෙන් මිතුරුකම් ඇතිකරගත හැක. නමුත් වැඩි කලක් මිතුදම් පවත්වා නොගනී. ළඟ සිටින අයට උවමනා විදියට මිථුන ලග්න හිමියා පහසුවෙන් හැඩගස්වා ගත හැකිය. අන්‍යයන්ගේ සිත් සතුටු කිරීමට ආශා කරන බැවින් ඔවුන් හා විරුද්ධවීමේ ප්රවනතාවය බොහෝදුරට අඩුය. පටන් ගන්නා වැඩ පිළිවෙළ වෙනස් කිරීම හෝ අතහැර දැමීම, වෙනස්වන සුලූගතිය විවේක නොගැනීම, නොඉවසිලිමත් බව ඔවුන් තුළ දැකිය හැකි දුර්වලකම් වේ.
මිථුන ලග්නයෙන් උපන් කාන්තාවෝද බුද්ධිමත්වෙති. සිහින් මුහුණ, පළල් නළල සිත් ඇද ගන්නා ඇස්, පැහැදිලි නාසය, උල් නිකට, සිහින් තොල් සඟලෙන් යුත් කුඩා මුඛය, සිහින් තරමටම උස සෘජු ශරීරයක් මිථුන ලග්නයෙන් උපන් කතුන්ගේ මතුකර පෙන්වන ලක්ෂණයන් වේ. බොහෝ විට ඇවිදීමේදී බිම බලාගෙන පියවර නගයි. යමක් දුටු පමණින් කී පමණින් අවබෝධ කර ගැනීමේ ශක්තියක් ඔවුන් තුළ ඇත. ඉක්මනින් තැති ගැනෙන අනුකම්පාව අවියක් මෙන් පාවිච්චි කරයි. වෙනත් කෙනකුට ඉඩක් නොතබාම සාවද්‍ය බස් තෙපලන ගති ඇය කෙරෙහි කැපී පෙනෙයි. විහිළු, තහලූවලට වඩා කැමැති නොවේ.
මිථුන ලග්න කාරියන් තැන්පත්ය. පෙම් සබඳතාවයන්ට ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වයි. දෙමාපියන්ගේ ආශිර්වාද මැද විවාහ වීමට කැමැත්තක් දක්වයි. මේ නිසා බොහෝ තරුණියන්ගේ විවාහයන් ප්‍රමාද වෙයි. තම සහකරුට දේවත්වයෙන් සැලකීමට මිථුන ලග්න හිමි කාන්තාවෝ කැමැති වෙති. ඒ අනුව ඔවුන්ගේ පවුල් ජීවිතය සතුටින් හා සාමයෙන් ගතවෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට සිංහ ලග්නය, තුලා ලග්නය, ධනු ලග්නය, කුම්භ, මීන සහ මේෂ ලග්න හිමියන් විවාහයට වඩාත් යෝග්‍ය වේ. විවාහයේදී මෙවන් ලග්න හිමියන් තෝරා ගැනීමෙන් වඩාත් වාසනාවන්ත දිවියක් ගත කිරීමට හැකිය.
මිථුන රාශිය වායු රාශියක් බැවින් අවුරුදු 45 ඉක්මවූ පසු අත් පාවලට වායුව තදින්ම බලපානු ඇත. මේ නිසා දණහිස් ඉදිමෙයි. ඇවිදීමට අපහසු බවක් ඇතිවේ. අතපය වෙහෙසා වැඩ කිරීමට අලස බැවින් ශරීරය මහත් වෙයි. එය පසුව රෝගවලටද හේතුවෙයි. ඔවුන්හට වැලෙඳන අනික් රෝග අතර උණ රෝග, ලේ හීනතා රෝග, අත්වල හා උරහිස්වල කැඩුම් බිදුම් මොළයේ ව්‍යාකූල ගතියෙන් සෑදෙන මානසික රෝග ආදිය වේ. පෙණහැල්ලේ රෝග හා හුස්ම ගැනීමේ අපහසුතාවයද වේ. සරසවි කථිකාචාර්යවරුන්, දක්ෂ කාර්මිකයන් ඡායාරූප ශිල්පීන්, ග්රන්ථ කර්තෘවරුන්, ගුප්ත විද්‍යාඥයන් සංගීත හා නාට්‍ය ශිල්පීන්. මැහුම් ශිල්පීන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මිථුන ලග්නයෙන් ඉපදී ඇත. මිථුන ලග්නයෙන් උපන් ඔබට මාරක ග්‍රහයන් වන්නේ රවි, කුජ හා ශනිය, මෙම ග්‍රහයන්ගේ මහ දශා, අතුරුදශා කාලවලදී මාරක විපත් කරදර පමුණුවති. විශේෂයෙන්ම සෙනසුරු ඉතා දරුණු මාරක ග්‍රහයා වෙයි. ගංගා, වැව්, මුහුදු වැනි ස්ථානවලදී වඩාත්ම ප්‍රවේශම් විය යුතුය. පිහිනුම් තටාකවල නෑමෙන්ද වැළකී සිටිය යුතුය. රවි, ගුරු, කුජ, ඔබට අශුභ පළ දෙයි. ශුභඵල දෙන එකම ග්‍රහයා සිකුරුය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ජයග්‍රාහී දිනය අහරුවාදා වේ. ජයවර්ණය කොළපාට, ජය අංකය 3 වේ. අපල සඳහා පැලඳීමට ශුභ මැණික් පද්ම රාගල ගල් වේ.
අනුන් ගැන විශ්වාසය තබා අමාරුවේ වැටෙන කටක ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
කකුළුවකුගේ රූපයෙන් සංකේතවත් වන කටකය ග්‍රහලොව මව හෙවත් චන්ද්‍රයාට අයත් රාශියකි. සිතට අධිපති සඳු හිමි කටක ලග්නයෙන් උපන් අය උසස් සිතුවිලි ඇති තියුණු බුද්ධි මහිමයකින්ද නොසිෙඳන සිතුවිලි සමුදායකින් ද යුක්ත වූවන් වේ.
තමා ගැන පමණක් නොසිතන අන්‍යයන් සමඟ එක්ව දියුණුව කරා පා නැගීමට වෙහෙසෙන පරාර්ථකාමී අදහස නිසාම අන්‍යයන් අවවාද අනුශාසනා කළද තමන් ඒවා පිළිපැදීමට පසුබට වෙයි.
ස්වභාවයෙන්ම ඉවසිලිවන්ත බව අඩු බැවින් ක්ෂණිකව කෝපයට පත්වන අවස්ථා වැඩිවුවත් ඉතා ඉක්මනින් කෝපය නිවී යන තත්ත්වයද ඒ පසුපසම පවතින බැවින් පසුතැවිල්ලට පත්වේ. එකී ලක්ෂණය මනාසේ හඳුනාගෙන ආශ්‍රය කළ හැකි නම් කටක ලග්න හිමියා සැබෑ මිතුරකු ලෙස පිළිගැනීමේ කිසිදු වරදක් නැත්තේය.
අන්‍යයන් කෙරෙහි පමණට වඩා විශ්වාසය තබා කටයුතු කිරීමට යැමෙන් බොහෝ අවස්ථාවල අධික ලෙස කරදරයට පත්වීමට සිදුවේ. බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමේ හැකියාව තිිබුණ ද සිතේ පවතින්නා වූ දයානුකම්පා ගුණය ඉස්මතුවීම නිසා තර්කානුකුලව සිතා කටයුතු කිරීමේ ගුණය සිතින් බැහැර කරන්නේ හිතාමතාය. තමන් සතු සුළු දැනුම වුවද තීක්ෂණ චින්තන ශක්තියෙන් පුළුල් ලෙස ව්‍යාප්ත කරගත්තද එකී දැනුමෙන් තම දියුණුව සඳහා පල ප්‍රයෝජන අත්කර නොගැනීම විශේෂත්වයකි.
ආගමික කටයුතුවලට ලැදි එකී කටයුතුවලට මැදිහත්වී ක්‍රියාකිරීමට දැඩි කැමැත්තක් දක්වන කටක ලග්නයෙන් උපන් අය දැඩි ලෙස දේව භක්තිය ඇත්තෙකු වුවත් අන්ධ භක්තිකයකු මෙන් නොව තර්කානුකූලව සිතා බලා තම සිතට එකඟව තම සිතෙහි උපදින සැබෑ ශ්‍රද්ධාව මත දෙවියන් ඇදහීමට පෙළඹේ.
අන්‍යයන් ඉදිරියේ තමන් නිර්භීත අයෙක් ලෙස පෙන්වීමට කොතෙක් උත්සාහ ගත්ත ද සැබැවින්ම මොවුන් නිර්භීත නොවේ. සැමවිටම යම් ප්‍රශ්නයක් තමා හමුවේ පැනනගීදෝ යන සැකය සිතේ තබා ගනිමින් ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීමට සූදානම් වෙයි. තමා හමුවේ කිසිදු ප්‍රශ්නයක් පැනනොනැගුනද අවදානමට අනවශ්‍ය ලෙස පෙර සූදානමකින් කටයුතු කිරීම මොවුන් උපතින්ම උරුමකරගත් ගති ලක්ෂණයකි.
තම බිරිඳට ස්මාමියාට දූ දරුවන්ට තද බල ලෙස ඇල්ම, ආදරය දක්වන කටක ලග්න හිමියෝ හදවතින්ම ආදරය කිරීමට පෙළඹෙන්නෝය. හැකි සෑම අවස්ථාවකම තම නිවස දිව්‍ය විමානයක් සේ සළකා තම පවුලේ අයට ආදරය කරමින් කල් ගත කිරීමට කොතෙක් උත්සාහ දැරුවද කිසිදු අවස්ථාවක පෙරළා ඒහා සමාන ආදරයක් සිය පවුලේ සාමාජිකයන්ගෙන් තමාට උරුම නොවේ. එහෙත් මෙම ලග්නයෙන් උපනුන්ට ලැඛෙන භාර්යාව හෝ ස්වාමිපුරුෂයා අතිශයින්ම කාර්යශීලී, බුද්ධිමත් අයකුවීම ඒකාන්තය. තම පවුලේ වැඩ කටයුතු සියල්ලටම කැපවීමෙන්, උනන්දුවෙන් උර දෙමින් සහාය වීමට මෙවැන්නෝ සමත් බැවින් ගෙදර දොර ප්‍රීතිමත් ස්වභාවයක් උසුලයි.
තමන් සතු සෘජු අදහස්, ප්‍රතිපත්ති, තීරණ නොසඟවා ප්‍රකාශ කිරීමෙන් හැමවිටම පාඩු සිදුකර ගනී. සිත තුළ ඇති සියලූ දේ නොසඟවා අන් අය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් නිතර නිතර පාඩු සිදුකර ගනී. සැඟවූ අදහස් නොමැති වීමෙන් තම පෞද්ගලික ජීවිතයේ තොරතුරු පවා නොවලඟා හෙළිදරව් කර අනවශ්‍ය ගැටලූ මතුකර ගනී. එහෙත් ඒ සියල්ලටම නොබියව මුහුණදී කුමනාකාරයකින් හෝ ඒවා ජයග්‍රහණය කිරීමේ ශක්තිය සහජයෙන්ම මොවුන් සතුව පවතින බැවින් කොතරම් නින්දා අපහාස ලැබුවත් ඒවා තුට්ටුවකට හෝ මායිම් නොකර තමාට කිසිවක් නොවූවා සේ හැසිිරීමට සමත්වේ.
උස් පහත්වන ධනය හා තරාතිරමකට හිමිකම් ඇති කටක ලග්න හිමියෝ විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමටද සුදුස්සන් වේ. මනා සංවිධාන ශක්තිය උපතින්ම පිහිටීම තුළ බොහෝ ව්‍යාපාරවල මූලිකත්වය මොවුනට හිමිවන අතර, හැම අවස්ථාවකම තමන් යටතේ සිටින සේවක කාරකාදීන්ට කළයුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකරන බැවින් සේවකයන්ගේ සිත් දිනාගන්නා ආදර්ශවත් නායකයෙක් බවට පත්වීමේ වාසනාව හිමිවන්නේය. කපටි කමින් වංචාවෙන් නීති විරෝධී දේ තුළින් ධනය ඉපැයීමට කිසිදු අවස්ථාවක කටක රාශි හිමියෝ උත්සාහ නොදරන අතර ධනය ඔවුන් සොයා එයි. වෙනත් සුවිශේෂ ග්‍රහදෝෂ බලපෑම් නිසා ධනය අහිමිවීමක් සිදුවුවහොත් හැර මොවුන් සැබැවින්ම ධන උල්පත් ලෙස හඳුන්වාදිය හැකිය.
තමාගේ යහපත්කම නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට අවනත වේ. මිතුරු සමාගම් ඇතිකරගන්නවා සේම ඒවා නැතිවන අවස්ථාද බොහෝය. අනුන්ගේ දුකෙහිදි අධික ලෙස කම්පාවට පත්වන කටක ලග්න හිමියෝ ඕනෑම කෙනෙකු කරදරයකට පත්වූ විට අවස්ථාව තැන නොතැන නොබලා සිය ආදරය අනුකම්පාව නොමඳව ලබාදෙයි. ආර්ථික වශයෙන් වුවද පිළිසරණ වීමට නොපැකිලෙයි. එහෙත් හිටිවනම වෙනස් වී මෙකී ගුණාංග එකලෙස පවත්වාගෙන යැමට අපොහොසත් වුවත් තමා විසින්ම යළි සැබෑ ස්වභාවය මතුකර ගනී.
ජීවිතයෙහි දුක සතුට සමසේ විඳ දරා ගැනීමට චෛතසික වශයෙන් පැහැදී සිටින කටක ලග්නයේ උපනුන් සෑම අවස්ථාවකදීම යථාර්ථවාදීව බුද්ධිමත්ව සිතා බලා කරුණු කාරණා අවබෝධ කර ගනී. ජීවිත කාලය තුළ නින්දා ප්‍රශංසා එකසේ ලබයි. දුක සතුට එකසේ සලකයි. මොවුන් තුළ පිහිටන මැදහත්භාවය නිසාම අන්‍යයන් අතර ප්‍රසිද්ධියට පත්වන සුවිශේෂී චරිතයක් බවට පත්වේ. දුර දිග නොබලා කටයුතු කිරීමත්, නොඉවසිලිවන්ත බවත්, පමණට වඩා අනුකම්පා කිරීමට යැම හා හිතුවක්කාරකම් නිසා පාඩු සිදුකර ගැනීම කටක ලග්න හිමියන්ගේ දුර්වලතා ලෙස පෙන්වා දිය හැකිය.
උදරාබාධ, ගලනාලයේ, ආමාශයේ රෝගාබාධ, අර්සස් රෝග හා පිත්තාධික රෝගවලින් නිතර පීඩා විඳීමට සිදුවන මොවුනට සෙනසුරාදා දිනය මාරක වේ. සුදු කහ රතු යන වර්ණයන් ශුභපල ගෙනෙන අතර ලග්න ස්ථානය දුර්වල හෝ පීඩිත වුවහොතක් ජීවිතයේ අවසාන කාලය තනිවම ගතකිරීමට සිදුවේ.
කටක ලග්න හිමියන් හැමවිටම ජය පරාජය අතර දෝලනය වන චරිත බැවින් ආත්ම ශක්තියත්, අධිෂ්ඨානයත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව කිව යුතුය.
සිංහ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
ග්‍රහ මඩුල්ලේ රජ වශයෙන් සලකනු ලබන රවි ග්‍රහයා අධිපතිත්වය දරණ එකම රාශිය සිංහ රාශියයි. මෙය තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වෙයි. කෘෘර රාශියක් මෙන්ම ස්ථිර රාශියක් වශයෙන්ද මෙය හැඳින්වේ. මෙම රාශියට අයත් නැකත් තරුපෙළ සිංහයකුගේ ස්වරූපයෙන් දිස් වෙන බැවින් මෙම රාශිය සිංහයෙකුගේ ස්වරූපයෙන් සංකේතවත් කර ඇත.
මෙම ලග්නයෙන් උපන් අය සිංහයකුට සමාන එඩිතර ගතියක් පෙන්නුම්කරයි. ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන ඔවුන්හට පළල්වූ උරහිස්වලින් යුත් වැඩුන ශරීරයක් හිමිය. ස්වයං තීරණ මතම කටයුතු කරන හා දැඩි ආඩම්බරකාර ගතියකින් යුත් අභීත ගතියකින් යුත් අයකු ද වෙයි. ඉතා ශබ්ද නගා කතා කරයි. අහංකාර ගතිය හා සෘජු ගතියද උතුම් ගුණවත් බවින්ද යුක්තය. අන් අය තමා වෙත යටත්කර ගැනීමේ අපූර්ව ගතියක්ද උපතින්ම පිහිටා ඇත. අවංකභාවයද ඇති අතර බාහිර කරුණුවලට විරුද්ධ වන ගතිය නිතර දක්නට ඇත. සිංහ රාශියෙන් උපන් අය සටනට ලැදිය. එහෙත් ආත්ම ගෞරවය දිවි දෙවැනිකොට සලකන හෙයින් තමන්ගේ චරිතයට කැළැල්වන කිසිම දෙයකට ඉඩ නොදෙයි. ඔවුන් සටනට බසින්නේ බැරිම අවස්ථාවක් වූ විටය. එය ජයග්‍රහණය කොට කරන සටනකි. ආත්ම ශක්තියෙන් හා චිත්ත ධෛර්යයෙන් යුත් අය නිසා ඕනෑම බරපතළ අමාරු කාර්යක් කිරීමට වුවද නොපැකිළිව බාර ගනී. ස්ථාවර බව නිසා නිතර නිතර අදහස් වෙනස් නොකරයි. සමාජ සේවා හා ආගමික කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකරයි. මොවුන් මස් මාංශ ආහාරයට වඩා ප්‍රියතාවයක් දක්වයි. බොහෝ කර්මාන්තවලින් තම පවුල ජීවත්කරවයි. ඥාතීන්ට පීඩා කරයි. නොයෙකුත් උපාය මාර්ග යොදා අධර්මිෂ්ඨ ක්‍රියාවන් කරන අවස්ථාද ඇත. බොහෝ භාර්යාවන් ලබන්නෝද වෙති. තම යුතුකම් හරිහැටි ඉටුකරන ඔවුන් ගෞරවය, ප්‍රසිද්ධිය බොහෝ ප්‍රිය කරයි. රවි සමඟ ගුරු සිකුරු වැනි ශුභ ග්‍රහ තරුවන් සම්බන්ධවීම හෝ ශුභ දෘෂ්ටියට ලක්වූ විට මෙම ගති පැවතුම් වඩාත් ප්‍රචලිතව ගෙන දෙයි. ශනි, කුජ, කේතු වැනි පාප ග්රහයෙකු සමඟ සංයෝගවූවිට හෝ දෘෂ්ටි ලැබූවිට මෝඩ අහංකාර ගතියෙන් යුත් මුරණ්ඩු අය වෙති. සමාජයේ යහපතට නොව විනාශකාරිත්වයට වැඩිදුර පෙළඹෙයි. දිවි ඇති තෙක් තවත් අයෙකුට යටත්ව කටයුතු කිරීමට කැමැති නොවේ.
සිංහ ලග්නයෙන් උපන් අය බොහෝවිට බුද්ධිමත්ය. තියුණු නුවණක් උපතින්ම පිහිටා ඇත. හැම දෙයක්ම කියවීම ඔවුන්ගේ සිරිතය. ඉංජිනේරු ශිල්පය, පරිගණක තාක්ෂණය, නාවික ඉංජිනේරු ශිල්පය, විදුලි ඉංජිනේරු අධිකරණ, වෛද්‍ය විද්‍යාව, නීතිය ගණිතය, කළමණාකරණය, අලෙවිකරණය, චිත්‍ර, සංගීතය, නැටුම් කලාව ආදී විෂයයන් කෙරෙහි විශේෂ දක්ෂතා දක්වති. විදේශ අධ්‍යාපනයක් ලබා ගැනීමේ වාසනාවද ඔවුන්ට හිමිවෙයි. ඉහළ තත්ත්වයේ රැකියා අවස්ථා ලබා ගැනීමේ වාසනාවද ලැඛෙනු ඇත. රාජ්‍ය ලේකම්, මහ කොමසාරිස්, තානාපති වැනි උසස් රැකියා කිරීමටද වාසනාව උපතින්ම ලැබි ඇත. ලග්නය සිංහවී එහි රවි සිටිවිට උපදින අය රාජ්‍ය සේවයේ යෙදෙන ශක්තිමත් සිරුරක් ඇති තේජසින් යුත් අයෙකු කරවයි. නිර්භීත වේ, අහංකාර වේ. මිනිසුන් තැතිගන්වන සුලූ ස්වභාවයක් ඇතිකරයි. ශරීර සෞඛ්‍ය හොඳවන නමුත් පීනස් රෝග, ඇස්වල ආබාධ, ශරීරයේ උෂ්ණාධික භාවයද, අධික වේ. ජනතා නායකයකුවීමේ භාග්‍යයද හිමිවේ. සිංහ ලග්නයේ සඳු සිටින අයට පලල්වූ මුහුණක් ඇතිවේ. ඇස් දුඹුරු පැහැ ගැන්වීමට හැකිය. සුළු කරුණකට වුවද කෝපයට පත්වෙයි. දත් රෝගවලින්, පිපාසයෙන් යන දේවලින් රෝග ඇති කරයි. එසේම තියුණු දැනීම් ඇති බැවින් සඳු සිංහයේ සිටින අයට හොරෙන් කිසියම් කටයුත්තක් කිරීම අපහසුය. සිංහ ලග්නය වී හතර වැන්නේ කුජ සිිිටීමෙන් රුවක නම් යෝගයද, හතේ ශනි සිටීමෙන් සසයෝගයද දහයේ සිකුරා සිටීමෙන් මාලවී යෝගය ද උදා කෙරෙන අතර, සිංහ ලග්න කාරයන්ට බොහෝකොටම බලපෑම් ඇතිවන ශාරීරික ස්ථාන සහ අංගයන් පිළිබඳව සොයා බැලීමේදී හෘදය හා කොදු ඇටපෙළ ආශ්‍රය හා ස්ථාන පීඩාවට පත් කරවන බව සැලකේ. නිරතුරුවම සිංහ ලග්නයෙන් උපන් අය අසාධ්‍ය ලෙස රෝගයකින් පෙළෙන්නේ නම් එය හෘදය පිළිබඳ අසනීපයක් විය හැක. හදිසි හෘදයාබාධවලින් පීඩාවට පත්ව නොසිතූ මොහොතක ජීවිතය අහිමි වීමට තරම් ක්ෂණික හෘද අකරණයට සිංහ ලග්න හිමියෝ පත්වෙති. ස්නායුගත ආබාධවලට සිංහ ලග්න හිමියෝ පහසුවෙන්ම ගොදුරු වෙති. එමෙන්ම උණ, වලිප්පුව, වසංගත රෝග, ඇස් රුදාව, සෙංගමාලය , පිත කිපීමෙන් ඇතිවන රෝග, බඩේ, පිටේ හටගන්නා රෝගද සිංහ ලග්න හිමියන්ට පීඩා කරති. බොහෝ කාලයක් නිසි පරිදි ආහාර නොලැබීමෙන් වන ශරීර දුර්වලතා, ජලචර සත්වයන්ගෙන් සිදුවන පීඩා, ආමරෝග, විෂ ශරීරගතවීම සහ ආයුධ පීඩා, සිංහ ලග්න හිමියාගේ මරණයට බොහෝ දුරට හේතුවිය හැක. කුජ, ගුරු මහ දශා අන්තර් දශා කාලවලදී සිංහ ලග්න හිමියන්හට ධන ධාන්‍ය වස්තු සම්පත්, යස ඉසුරු, කීර්ති ප්‍රසංසා ආදිය ලැබීම පමණක් නොව ජනප්‍රධානියකු වීමේ භාග්‍යයද උදා කරයි. එපමණක් නොව සිංහ ලග්නයේ හය වැන්නේත්, අටවැන්නේත්, දොළොස් වැන්නේත් ශනි ගුරු චන්ද්‍රයෝගය තිබේනම් එය විපරීත රාජ යෝග උදාවීමකි. එවැනි පිහිටීම් ඇති සිංහ ලග්න හිමියෝද නිරෝගී ශක්තිසම්පන්න ධනයෙන් හා යස ඉසුරින් පිරුණු ප්‍රීතිමත් ජීවිත ගතකරන්නෝ වෙති. පාලකයෙකු වීමේ භාග්‍යයද උදා කරයි.
සිංහ ලග්නයෙන් උපන් කාන්තාවන්ගේ හිසකෙස් මඳක් රැලි සහිතය. තරමක් ඝන රෝමවලින් යුක්තය. නාසය විශාලය. වටකුරු නෙත් යුවල බබලන ගතියෙන් යුක්තය. ඔවුන් ඉතා බුද්ධිමත්ය. තියුණු නුවණක් උපතින්ම පිහිටා ඇත. හැම දෙයක්ම කියවීම ඔවුන්ගේ සිරිතය. ඕනෑම විෂයක් ඉගෙනීමට දක්ෂය. පොත පත කෙරෙහිම දැඩි අවධානය යොමුකිරීම විශේෂ ලක්ෂණයකි. විදේශ අධ්‍යාපනය ලබා ගැනීමේ වාසනාවද ඔවුන්ට හිමිය. ලේඛන කලාවට ඔවුන් පුදුම හැකියාවක් පෙන්වයි. සිංහ ලග්නකාරියන් බුද්ධිමත් නිසා බොලඳ පෙම්වතුන්ට නොරැවටෙයි. කෙනෙකුට ආදරය කරන්නේ ප්රවේශමෙනි. රූපය ගැන නොසලකයි. ආදායම් තත්ත්වය, රැකියාව ගැන විශේෂයෙන් සලකා බලයි. දෙමාපියන්ගේ ආශිර්වාද මැද විවාහවීම ඔවුන්ගේ පැතුමයි. සිංහ ලග්නයෙන් උපන් අයට විවාහය සඳහා වඩාත් සුදුසු වනුයේ සිංහ හා ධනු ලග්න හිමියන්ය. එම අය හා විවාහවීම සාර්ථක විවාහ ජීවිතයකට හේතුවනු ඇත. විවාහයෙන් පසු ඔවුන් අතර ගැටුම් ඇති නොවෙන අතර ජීවිත කාලයම සතුටින් ගතකිරීමේ හැකියාව ලැඛෙයි. සිංහ ලග්නයෙන් ජනිතවූවන්ගේ අපල සඳහා තද රතු මැණික් ගල්, දියමන්ති හෝ ඛෙරලියන්තු අල්ලන ලද ආභරණයක් පැළඳීම ඉතාමත් ශුභය. මැණික් ගල් ශරීරයේ ස්පර්ශ වනසේ ආභරණය සෑදිය යුතුයි.
තැනට සුදුසු අයුරින් කටයුතු කරන කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
ඥානයට අධිපති බුදගේ උච්ච රාශිය වූ කන්‍යාවේ උපන් අය ඥානය මෙහෙයවා ක්‍රියාකරන්නෝ වෙති. ලග්නාධිපති බුධගේ බලයෙන් ඕනෑම ශාස්ත්‍රයක් හොඳින් ඉගෙන ගැනීමේ ශක්තිය ඇතත් ඒ බව අන් අයට ප්‍රසිද්ධ නොකොට අන්‍යයන්ගෙන් අසා දැන ගැනීමට කැමැත්තෝ වෙති.
තමා අවට සිදුවන හැම දෙයක්ම විශේෂයෙන්ම ඉදිරියේදී කුමක් සිදුවිය හැකිද යන්න ඉවෙන් මෙන් දැන ගැනීමේ සහජ හැකියාවක් ඇති මොවුන් මුහුණදීමට සිදුවන ප්‍රශ්න විස¹ ගැනීමේ සුවිශේෂවූ ඥානය උපතින් රැගෙන එන්නෝය. අන්‍යයන්ගේ වැරදි මෙන්ම අඩුලූහු~ුකම් දුර්වලතා ඉක්මනින් අවබෝධ කරගන්නා නැණසක් හිමි වුවද අනුකම්පා සහගත කාරුණික හදවතක් හිමිවී ඇති බැවින් කෙනෙකුගේ වැරැද්දක් පෙන්වා දෙන්නේ ඉතා කාරුණික අයුරින් ප්‍රියමනාප ආකාරයෙනි. බොහෝ සියුම් දේ පවා ග්‍රහණය කරගන්නා සංවේදී පුද්ගලයන් වන අතර ඉතාමත් ප්‍රවේශම් සහගතව ජීවත්වීමට වගබලා ගනී.
තැනට සුදුසු අයුරින් කටයුතු කිරීමෙහි දක්ෂයන් වුවත් කාර්යශූර බව සමඟ කඩිසරව ක්‍රියාකිරීමට යැම නිසා අත්‍යවශ්‍යම දේ අමතකව කරගනී. දැඩි ආත්ම විශ්වාසායකින් යුතුව කටයුතු කරන අතර ආත්මාර්ථකාමී චරිතයකට හිමිකම් කියයි. තමා සතු දෙයක් අන් අයකුට දෙන්නේ එය තමාට අනවශ්‍ය යෑයි හැඟ=නු පසුව වීම කන්‍යා ලග්න හිමියන්ගේ සිරිතකි.
කලබල නොවිය යුතු දෙයට පවා බොහෝ සේ කලබල වන මොවුන් කිසිවක් කෙරේ විශ්වාසය නොතබන අතර තමා විසින් තමා කෙරේවත් විශ්වාසයක් නොතබයි. ගමනක් යැමට සූදානම් වුවද තමාගෙන යැමට අවශ්‍ය බඩු බාහිරාදිය සම්පූර්ණදැයි නැවත නැවත පරීක්ෂාකර බලයි. කීප වරක් පරීක්ෂා කර බලා අවශ්‍ය දේ සූදානම් කර තැබුවද අවසාන මොහොතේ ඒ සියල්ල එළියට ඇද පරීක්ෂාකර යළි තම විශ්වාසය තහවුරු කර ගනී. ලියුම් දෙකක් ලියා ඒවා නියමිත කවරයේ් දමා තැපැල් කරන්නට සූදානම්ව අවසන ඒවා නියමිත කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බැලීමට තරම් අවිශ්වාසයකින් පසුවේ.
ඉතාමත් පිළිවෙලට ක්‍රමානුකූලව සියලූ වැඩකටයුතු නිම කරන මොවුන් තමන් පරිහරණය කරන ඕනෑම දෙයක් ඉතා පිරිසිදුව නියමිත ස්ථානයේ හැර වෙනත් තැනක නොතබයි. නින්දට ගොස් යළි නැගිට පැමිණ හෝ යමක් නිවැරදිව තැබුවේද යන්න පරීක්ෂා කර බලා සැකහැර ගනී. ඉතා සුළු දේ පවා පමණට වඩා සොයා බලා ක්‍රමානුකූලව කරන්නට අනවශ්‍ය ලෙස උනන්දුවන කන්‍යා ලග්න හිමියන් අත්‍යවශ්‍ය වූ ප්‍රධානම දේ අතපසු කරගැනීමේ දුර්වලතාවයට පත්වන්නේ හිතාමතාය.
කෙනෙකුට අවවාදයක් දෙන අවස්ථාවක වුවද එකම දේ කිහිපවරක් කියමින් එය ඒ්ත්තුගන්වන්නට උත්සාහ කරයි. තමා විසින් දෙන අවවාදය ඔහු නිවැරදිව පිළිගෙන ක්‍රියාත්මක නොකරනු ඇතැයි යන අවිශ්වාසය සිතේ රඳවා ගනිමින් එකම දේ යළි කියයි.
බොහෝ අවස්ථාවල අන්‍යයන්ගේ දුක දැක කම්පාවට පත්ව දුරදිග නොබලා කිසිදු ආකාරයේ වග විභාගයකින් තොරව උදව් කිරීමට පෙළඹීමත්, උදව් නොකළ යුතු අයට පවා උදව් කිරීට යැමත් නිසා අනවශ්‍ය ප්‍රශ්න මතු කර ගනී.
එසේ වුවද කන්‍යා ලග්න හිමියා මුදල් වියදම් කිරීමේදී සකසුරුවම් වේ. අන් අය වෙනුවෙන් නිර්ලෝභීව අතදිගහැර මුදල් වියදම් කළද ඇතැම්විට තමන්ගේ ලෙඩකට දුකකට පවා මුදල් වියදම් කිරීමට තරම් මසුරුවේ. ඇතැම් විටෙක අනවශ්‍ය කටයුතු සඳහා නිකරුණේ මුදල් වියදම් කරයි. මොවුන් තුළ පවතින මෙකී දෙබිඩි ස්වභාවය අවබෝධ කර ගැනීමට ඇති අපහසුව නිසාම කෙතරම් උදව් උපකාර කළ ද මිතුරුදම් රැක ගැනීමට කන්‍යා ලග්න හිමියෝ අපොහොසත් වේ.
තමාට අදාළ නොවන වෙනත් අයගේ වැඩකටයුතුවලට මැදිහත්වීම උපදෙස් දීමට රුසියෝය. එයට ප්‍රධාන හේතුව ලෙස කන්‍යා ලග්න හිමිෙ යා් ඉතා හොඳ විචාරකයකු වීම පෙන්වා දිය හැකිය. බහුශ්‍රැත බව දක්වමින් තැන නොතැන නොබලා එකී කටයුතු සිදුකිරීම හේතුවෙන් තමා අවට සිටින බොහෝ අය අමනාප කර ගනී.
විවාහය බොහෝවිට ඉතාමත් සාර්ථක අයුරින් පවත්වාගෙන යැමට මෙකී ලග්නකරුවෝ සමත්වන්නේ අඹුසැමියන් අතර එකිනෙකාගේ හිත් නොරිදෙන ආකාරයෙන් උපක්රමශීලීව කටයුතු කිරීමෙනි. කන්‍යා ලග්න කාන්තාවෝ බොහෝවිට නිවසේ වැඩකටයුතු සැමියා ලවා ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන අතර පිරිමි පාර්ශ්වය බිරිඳට සියලූ කටයුතු බාරදී නිදහස්වීමට මාන බලති.
වයසට වඩා තරුණ බවක් පෙන්වන මොවුන් ස්වභාවයෙන්ම ක්‍රියාශීලී වෙයි. ප්‍රියජනක අන්‍යයන්ගේ සිත් ඇදගන්නා කතාබහ නිසා ඇසුරුකරන්නන් අතර ජනප්‍රිය භාවයට පත්වේ. පාරම්පරික ධනයකට, වැඩිහිටියකුගේ ලැඛෙන ධනයකට හෝ එසේ නොමැතිනම් අහම්ඛෙන් හිමිවන ධනයකට හිමිකම් කීමට තරම් කන්‍යා ලග්න හිමියෝ වාසනාවන්ත වෙති.
නිරෝගීතාවය අතින් මොවුන් අනෙකුත් ලග්න හිමියන් අතර ප්රමුඛස්ථානයෙ පසුවන අතර ඉතා සුළු අසනීප තත්ත්වයන් හැර දැඩි රෝගාතුරභාවයට මොවුන් පත්වන අවස්ථා විරලය. එහෙත් තමා රෝගී වේ යෑයි සිතා ප්‍රවේශම් වෙයි. කොතරම් නිරෝගීව සිටියද හැමවිටම තමන්ට රෝගාබාධ ඇතැයි සිතා නැති ලෙඩට බිය වෙමින් ශරීර සෞඛ්‍ය ගැන සිතමින් නිකරුණේ ඖෂධ පාවිච්චියට පවා පෙළෙඹෙයි.
කෙනෙකුගේ උපදෙස් නැතත් දෙයක් බලා සිට එය ක්‍රමවත්ව කිරීමට දක්ෂ මොවුන් නායකත්වය භාරගැනීමට ඇති අකමැත්ත නිසම ඉදිරියට යැමේ ශක්තිය තමන් විසින්ම නැතිකර ගනී. තමන්ගේ වාසිය පිණිසම කටයුතු කරයි. ගේදොර ඉඩකඩම් පිළිබඳ විශාල බලාපොරොත්තු ඇතිකර ගනී. තමන් සතු හැම දෙයක්ම පිළිවෙළකට තබා ගැනීමේ දැඩි ආශාවකින් පසුවේ. සතුරු කරදරවලට දැඩි බියක් දක්වන අතර කිසිකෙනෙකු හා අමනාප වන්නේ නැත. සියුම් ලෙසත් කල්පනාකාරී ලෙසත් තම එදිනෙදා කටයුතුවල නියෑළෙන බැවින් නොසිතූ විරූ දියුණුවක් හිමිකර ගැනිමේ දක්ෂයෝ වෙති. තම ආත්මගරුත්වය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන මොවුන් එය රැකගැනීමට සුවිශේෂ වූ වෙසෙක් දරයි.
ස්වභාවයෙන්ම ආහාරවලට දැඩිලෙස ලොල් බවක් දක්වයි. රස දේ කෑමට ගිජුවෙයි. ආමාශයේ රෝග හා ශරීර ශක්තිය අඩුවීමේ රෝගවලට භාජනය විය හකිය.
දැඩි ප්‍රවේශම් සහිත බව හා ක්රමානුකූල බව නිසා හිතනවාට වඩා වැඩ කරන්නකු වීම මෙකී ලග්න හිමියන්ගේ දුර්වලකම් ලෙස ආත්ම විහ්වාසයට අඩුකම හා අන්‍යයන් පිළිබඳ අවිශ්වාසයෙන් පසුබිම පෙන්වා දිය හැකිය.
කන්‍යා ලග්න හිමියන්ට අඟහරුවාදා දිනය මාරක වන අතර සියලූ සුබවැඩට සිකුරාදා දිනය යහපත් වේ. ජය වර්ණ ලෙස සුදු, කොළ, කහ දැක්විය හැකිය.
තම අදහසට අන්‍යයන් අවනතකර ගන්නා තුලා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
තරාදියක රූපයකින් සංකේතවත් වන තුලා රාශියෙන් උපනුන් සංකේතයේ ආකාරයට අනුව යමින් සමබරව යුක්තිය විසඳන්නෝ වෙති. බුද්ධියෙන් හා වාග් චාතුර්යයෙන් ප්‍රකට වූ යුක්තියට සහ නීතියට ගරුකරන සාමකාමී පුද්ගලයෝ වෙති. සෑම ප්‍රශ්නයකදීම සාධාරණ පැත්ත ගනිමින් සියල්ල සාමකාමීව විසඳීමට උත්සාහ දරයි. තර්කානුකූල නොවන කුමන කරුණක් වුවද තර්කානුකූල අයුරින් ඉදිරිපත්කොට ජයග්‍රහණය කිරීමට තුලා ලග්න හිමියා සමත්කම් දැක්වුවද වාද විවාදවලට ඇති අකමැත්ත නිසාම එවැනි අවස්ථාවල සමාදානයට ගරු කරයි.
උපතින්ම කරුණාවන්ත සිතක් ඇති මොවුන් සමග කවරකුට වුවද සහයෝගයෙන් වැඩකටයුතු කිරීමේ හැකියාව පවතී. තමන්ට කවරකුගෙන් වුවද වරදක් සිදු වූ විට එයට හේතු වූ කරුණු සලකාබලා සමාව දීමට තුලා ලග්න හිමියා කැමැති වන්නේ තමා අතින්ද වැරදි සිදුවන අවස්ථා ඇති බව පසක් කරමිනි.
අදහස් අතින් ඉතාමත් සෘජු බවක් දක්්වන්නා වූ මොවුන් යුක්තිගරුක ලෙස ජීවත් වීමට දැඩි කැමැත්තක් දක්වන අතර අයුක්තිය ඉදිරියේ නොකිපී සමාවදීමට පෙළඹෙන්නේ යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ඛෙහෙවින් ගරුකරන්නන් නිසාවෙනි. තමා අතින් සිදුවූ වැරැද්දක් පිළිබඳව වුවද ඉතා
නිවැරැදි ලෙස යුක්තිය පසිඳලමින් එය තමාට වන පාඩුවක් සේ නොසලකා කටයුතු කරන්නේ ද යුක්ති සහගත බව අගයමිනි.
ඕනෑම වේලාවක තමන් සතු සැප පහසුකම් අන්‍යයන් වෙනුවෙන් කැපකිරීමට පෙළඹෙන තුලා ලග්න හිමියෝ පරාර්ථකාමී චරිතයකට හිමිකම් කියයි. සියුම් ඥනයකට හිමිකම් කියයි. බොහෝ දේ පිළිබඳ අනුදැනුම සහජයෙන්ම පිහිටීම නිසා අතීත වර්තමාන කරුණු නිවැරැදි ලෙස අවබෝධ කරගනිමින් දිවැසින් මෙන් අනාගතය කෙසේ වේද යන්න දැකීමේ ශක්තිය මොවුනට හිමිවේ. සෑම දෙයක්ම අනාගතය පිළිබඳ දැනුවත් වීමෙන් පසු කරන්නට කියන්නට යැමෙන් තුලා ලග්න හිමියාගේ ඇතැම් ගති ලක්ෂණ හැසිරීම් අන්‍යයන්ට තේරුම් ගැනීමට අවබෝධ කර ගැනීමට අපහසු වේ.
සිකුරු හෙවත් ශුක්‍ර අධිපතිව කටයුතු කරන තුලා රාශියෙන් උපත ලද්දෝ කිසිදු අවස්ථාවක කුමන හේතුවක් නිසාවත් අකටයුතුකම් නොකරති. සමාජයේ ගෞරවය දිනා ගනිමින් යහපත්ව ශීලාචාරව දැහැමින් කටයුතු කරමින් ගුණවත්ව ජීවිතය ගත කරයි. අනුන් වෙනුවෙන්ම කැපවී අනුන්ගේ යහපත වෙනුවෙන්ම කටයුතු කරන මොවුන් පොදුජන සේවය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්නෝය.
ක්ෂණිකව කෝපයට පත්වීමේ දුර්වලතාව ඇති නමුදු කෝපය ඉක්මනින් සංසිෙඳන ආකාරයේ සිතුවිලි ද ඒ පසුපසම පැමිණෙන බැවින් ඒ පිළිබඳ බොහෝ සේ පසුතැවීමට පත්වේ. තමාගේ ක්ෂණික කෝපය නිසා කවරකු හෝ අපහසුවට පත්වූ බව හැඟී ගියහොත් ඒ මොහොතේම අදාළ අය සමග සමගියෙන් කතාබහකර යම් වැරදි තීරණයක් ගෙන තිබුණේ නම් වහාම එය වෙනස්කර නිවැරදි වන්නට පසුබට නොවේ.
ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී අන්ය්යන් වෙනුවෙන් දෙන උපදෙස් කල්පනාකාරීව දුරදිග බලා අපක්ෂපාතීව දුන්නද තමාගේ ප්රශ්නවලදී නිවැරදි තීරණ ගැනීමට නොහැකිව අසරණ බවට පත්වන අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ.
සමාජගතවීමේ අවස්ථා කොපමණ ලැබුණ ද සමාජය හා නිතර ගැටුන ද සමාජශීලී භාවය හා ගතිගුණ තුලා ලග්න හිමියන්ට පිහිටන්නේම නැත. හැකි සෑම අවස්ථාවකම හිතා මතා තනිවීමට තනිව සිතීමට තනිවම කටයුතු කිරීමට ප්‍රියතාවක් දක්වයි. සමහර අවස්ථාවල පොදු වැඩකටයුතුවලට සිය කැමැත්තෙන් ඉදිරිපත්ව ඒවායේ මුල්තැන ගෙන කටයුතු කරයි. එහෙත් එය අවසන් වූ විගස සුපුරුදු හුදකලා බවට පත්වේ.
ඉතා ඉක්මනින් චංචල වීමත් අනවශ්‍ය ලෙස බිය වීමත් මොවුන්ගේ තවත් දුර්වලතාවකි. ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතන පරිණත බුද්ධියකින් හෙබි මහා ප්රාඥයකු ලෙස කටයුතු කළ ද තවත් මොහොතක් ගතවීමට මත්තෙන් ඒ සියල්ල අමතක කර දමා ලද බොළඳ පටු ක්‍රියා ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. දක්ෂ කතා විලාසයක් හිමි තුලා ලග්නකරුවන් ඒ තුළ අන්‍යයන් තම අදහස්වලට අවනත කොට රඳවා ගැනීමට දක්ෂයකු වේ. ඕනෑම කටයුත්තකට අති ශූර බවක් දැක්වුවද ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික කටයුතුවලදී ජන්මාන්තර දක්ෂතා පෙන්නුම් කරමින් සාර්ථකත්වය ළඟා කර ගනී. උසස් සිතුවිලිවලින් යුතුවෙයි. කුඩා දරුවකු සේ මෘදු මොලොක් ගතියෙන් යුක්ත වන අතර තැන නොතැන නොබලා ඒවා ක්‍රියාවට නැංවීමට ද පසුබට නොවේ. අන්ය්යන්ගේ සිත් රිදවීමට බොහො සෙයින් අකමැති නිසාම වාද විවාදවලට මැදිහත් නොවේ. තර්ක කර ජයග්‍රහණය කිරීමට හැකියාව තිබුණ ද ඒ සඳහා එතරම් කැමැත්තක් නොදක්වයි. පරාජය බාරගෙන හෝ නිශ්ශබ්දව සිටියි.
සුන්දර ස්ථාන නරඹමින් සංචාරය කිරීමට අතිශයින්ම කැමැත්තක් දක්වයි. ස්වභාව සෞන්දර්යය ඛෙහෙවින් ආදරය කරයි. හැකි සෑම විටම ප්‍රීතියෙන් විනෝදයෙන් සිටීමට උත්සාහ දරයි. අන්‍යයන් සමග එක්ව කටයුතු කළද තම පෞද්ගලික දියුණුව ගැන පමණක් නිතර සිතයි. කිසිදු අවස්ථාවක අන්සතු දේ බලෙන් හෝ වංචාවෙන් අත්පත් කර ගැනීමට අකමැති වේ. කිසිදු වාසියක් ලාබයක් බලාපොරොත්තුවෙන් තම පවුලට පරම්පරාවට අපකීර්තියක් වන අයුරින් ක්‍රියා නොකරයි.
තම ජීවිතය හා සම්බන්ධ කටයුතුවලදී තීරණවලට එළඹීමේදී ඒ පිළිබඳව අලස හා දුර්වල බවක් පෙන්වයි. ඕනෑම ප්‍රශ්නයක් පැනනැගුන විට පැය ගණන් කල්පනාකර සිතුවිලි අතර අතරමංව සිටියත් මොනයම් හෝ තීරණයකට නොපැමිණ ප්රශ්නය මඟහැරීමට උත්සාහ කරයි. එසේ නැතිනම් කාලයා විසින් අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙතැයි සිතා ලැඛෙන පිළිතුරකට එකඟවීමට සිත හදා ගනී. සෑම දෙයකදීම මනුෂ්‍යත්වය ගරුකොට සලකමින් මනුෂ්‍යත්වයෙන් කටයුතු කිරීම නිසාම අන්‍යයන්ගේ හොඳහිත දිනා ගනිමින් ආදරයට පාත්රවෙමින් කටයුතු කිරීමට සමත් වේ. තමාගේ සැපසම්පත් අනුන් වෙනුවෙන් කැපකර දුක්විඳීමටත් ජීවිතය පිළිබඳ නිසි තීරණ නොගෙන සිටීමත් තුලා ලග්න හිමියන්ගේ දුර්වලතා ලෙස පෙන්වාදිය හැකිය.
වකුගඩු රෝග, කටීවායුව හෙවත් තුනටියේ වාතරෝග, මුත්‍රා රෝග, මොවුන් පීඩාවට ලක්විය හැකි රෝගාබාධ වන අතර සිකුරාදා දිනය අශූභවේ. සිකුරු හෝරාව මාරක වේ.
විවෘත හදවතක් ඇති වෘශ්චික ලග්න හිමියෝ
කුජ හෙවත් අඟහරුගේ බලය බලවත් වන වෘශ්චික රාශිය ජල රාශියකි. රාශි චක්‍රයේ අටවන රාශිය ලෙස ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරන මෙකී රාශියෙන් එඩිතර කඩිසර ජන්මීන් බිහිකරයි. කිසිදු රහසක් සැඟවීමට උත්සාහ නොකරන විවෘත මනසකින් මෙන්ම විවෘත හදවතකින් යුතු වෘශ්චික ලග්න හිමියෝ බිය නොහඳුනන්නෝ වෙති. තමා වෙත එන ඕනෑම බාධාවක් මැ~ගෙන තම අභිප්‍රාය කරා පිය නඟන අතර සමහර අවස්ථාවලදී සියල්ල මඟහැර යන්නේ ජන්මයෙන්ම හැම දෙයක් කෙරෙහිම දුර දැකීමේ තීක්ෂණ නුවණ පිහිටා ඇති බැවිනි. ඉතා සියුම් අයුරින් අනාගතය දකින මොවුන් තමාට අවාසි වන තැනේදී ඒ පිළිබඳ උපක්‍රමශීලී වේ.
විවිධ වූ ශිල්ප ශාස්ත්‍රයන් කෙරෙහි ඇති නිපුනත්වයත් හැකියාවත් නිසා සමහර විටෙක යා යුතු මඟ තෝරා ගැනීමේ අපහසුව මත අතරමං වේ. මනා ලෙස අවබෝධයෙන් තෝරාගෙන කුමන මඟක ගියද අපහසුවකින් තොරව ඒ මඟ ජයග්‍රහණය කිරීමට සමත් වේ. තමන් නොදන්නා නුපුරුදු ක්ෂේත්රයන් පිළිබඳව පවා හුරුපුරුදු ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට තරම් දැනුමක් සතුවන අතර ක්‍රියාශීලී චරිතයක් වේ. අවශ්‍යතාවයේ ස්වභාවය අනුව ක්‍රියාශීලී වනවා සේම ඇතැම් අවස්ථාවල අලස බව දක්වමින් නිහ~ වෙයි.
කුමන ආකාරයේ ගැටලූවක් හමුවේ වුවද ධෛර්යය අහිමි කර නොගනී. තනිවම කල්පනාකොට තැනට සුදුසු ලෙස ඒ ඒ කාර්යය සඳහා අවශ්‍ය ආකාරයට ධෛර්යය සම්පන්නව කටයුතු කිරීම විශේෂ ලක්ෂණයකි. යම් අරමුණක් සඳහා යොමු වුවහොත් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් මඟ හෙළි පෙහෙළි කරගනිමින් තම ඉලක්කය සම්පූර්ණ කරගනී.
ස්වභාවයෙන්ම ආඩම්බර ගති පැවතුම් පිහිටයි. අන්‍යයන්ට යටත්වීමට දැඩි අකමැත්තක් දක්වයි. කෙනෙකුගේ බසට අවනත වීම බාල්දු වීමක් සේ සලකයි. අන් අයකු යටතේ රැකියාවක් කළද එය තමන්ගේ මතයට අනුව තමන්ට අවශ්‍ය පරිදි කිරීමට උත්සාහ කිරීම නිසා ගැටුම් මතු කරගනී. එබැවින් බොහෝ දුරට තමන්ගේම ව්‍යාපාරයක නියෑළීම සුදුසු වේ. නැතහොත් මූලිකත්වය ගෙන කටයුතු කළ හැකි පාලන අංශයේ රැකියා ගැලපේ.
සෑම දෙයක් පිළිබඳවම දැනුම තැන්පත් කර ගනී. එදිනෙදා මුහුණදීමට සිදුවන සියලූ ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට එකී නුවණ ප්‍රයෝජනයට ගනී. කුමන විෂය ධාරාවක් පිළිබඳව වුවද පුළුල් ලෙස සොයා බලා සිතෙහි හටගන්නා සැකය, කුතුහලය සංසිඳවා ගනී. ප්රත්යක්ෂයෙන් තොරව කිසිවක් පිළිගැනීමට අකමැතිය. පොතපතෙහි සඳහන් දේ ද වෙනත් ඕනෑම අයෙක් කියා දෙන දේද අත්හදා බලා එය නිවැරැදි නම් පමණක් පිළිගනී. තමා අවට සිදුවන සෑම දෙයක්ම තමා සමග එකම සිටින අයට වඩා වෙනස් ආකාරයෙන් දැකීම වෘශ්චික ලග්න හිමියන්ගේ විශේෂත්වයකි.
අන් අයගේ ගුණ දොස් විවෘතව කියයි. විවේචනයට ඉතා දක්ෂ හා ප්‍රිය බවක් දක්වයි. කෙනකුට ඉතා සරලව කිවිය යුතු දේ පවා සිත රිදෙන කලකිරෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීමට පෙළඹෙයි. එවැනි දේ තුළින් සතුටක් විඳීමට පෙළඹෙන අතර තමා සෘජු නිවැරැදි ප්‍රතිපත්තිගරුක අයකු බව පුන පුනා සිතයි.
පටන් ගන්නා ඕනෑම කටයුත්තක් තම ඉලක්කය සම්පූර්ණ වන තුරු අත් නොහරියි. දක්ෂතාව, උත්සාහය, අධිෂ්ඨානය නිසාම ජයග්‍රහණ හිමිකර ගත්තත් අරමුණ අතර ඉඳහිට අතරමං වන බැවින් ගමන හෙමින්ය.
තම එදිනෙදා කටයුතු අවශ්‍ය ආකාරයෙන් සිදු වුවහොත් එය ප්‍රමාණවත් යෑයි සිතා සෑහීමකට පත්වීමේ උතුම් ගුණාංගය හිමි මොවුනට කිසිදු අවස්ථාවක ධනය
රැස්කිරීමේ ආශාව නැත. එක් කටයුත්තක් සඳහා සැලසුම් රාශියක් සිතෙහි තබා ගත්තත් අවසානයේ එම සැලසුම් සියල්ලම ක්‍රියාත්මක නොකර නිහ~ව එම කටයුත්ත ක්‍රියාත්මක කරයි.
උසස් ගුණධර්ම වහා අවබෝධ කරගනී. ඒවා තම දිවියට බද්ධ කර ගනිමින් ජීවිතය සාර්ථක කරගනී. කොතරම් කලබලකාරී පසුබිමක වුවද වහා සිත තැන්පත් කරගැනීමට දක්ෂතා දක්වයි. හරවත් යමක් දුටුවිට එය අගය කරන අකාකාරයටම හරසුන් යමක් දුටුවිට දෙවරක් නොසිතා එය ප්‍රතික්ෂේප කරයි. ඒ පිළිබඳ නොසඟවා තම මතය ප්‍රකාශ කරයි. හොර රහසේ වැඩ නොකරයි. කරන ඕනෑම කටයුත්තක් කැපී පෙනෙන ලෙස සිදු කරයි. ඕනෑම දෙයක් පිළිබඳ විචාරශීලී වේ. ආත්ම විශ්වාසය දැඩි ලෙස පවතී.
කිසිවකුට ඕනෑවට වඩා ගරු සැළකිලි නොදක්වන අතර හැමවිටම තමාගේ අඩුපාඩු වැරැදි හදා ගැනීමට උත්සාහ කරන චරිතයකි. අන්තවාදී ලෙස කටයුතු කිරීම නිසාත් දැඩි කලබලකාරී බව නිසාත් අනවශ්‍ය ගැට ලූ මතුකර ගනී.
පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරයි. කලබල අඩු නිස්කලංක පෙදෙස්වල වාසය කිරීමට කැමැත්තක් දක්වයි. දර්ශනීය ස්ථානවලට ප්‍රිය කරයි. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක්‍රියා කරන ගතියක් පවතී. තමාගේ දක්ෂතාවන් පිළිබඳ ඇති ආත්ම විශ්වාසය නිසාම සියලූ කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕන වෙලාවට කරන්නම් යන මතය වෙනස් නොකරන්නේ එබැවිනි.
ඉබේ ගෞරවයට පාත්රවන වෘශ්චික ලග්න හිමියෝ සමාජයේ කැපී පෙනෙන චරිත වේ. විරුද්ධවාදීන් කොතෙක් සිටියද මෙම ලග්නකරුවන්ට එරෙහි වීමට සියල්ලෝ අසමත් වෙති. දේශපාලනයට බොහෝ ලැදිකම් දක්වයි. එසේ නොමැති වුවහොත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් හා දැඩි සබඳකම් පවත්වයි. හිතට එකඟව කටයුතු කරයි. අන් අයගේ දැනමුතුකම් උපදෙස් පිළිගන්නා බව පෙන්වුවද අවසානයේ තමා හිතන දේම ක්‍රියාවට නංවයි.
තමා අතින් ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටු කිරීමට සෑම උත්සාහයක්ම ගනී. වහා කිපෙන ගති තිබුණත් තරහ පිට නොකරයි. ජීවිතයේ බොහෝ කටයුතු කල්දමයි. එහෙත් අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ ඉටු කිරීමට පසුබට නොවේ.
රාශි අතුරින් ගවේෂණාත්මක රාශිය ලෙස ගැනෙන වෘශ්චික රාශියේ උපන් අයගේ දුර්වලතා ලෙස අන්‍යයන්ගේ ගුණ දොස් විවේචනයත්, සිත රිදෙන ආකාරයෙන් කතා කිරීමත් පෙන්වා දිය හැකි අතර මුත්‍රාශයේ, ගර්භාෂයේ රෝග හා මුත්‍ර ගල්වලට මෙකී ලග්නකරුවෝ භාජන වීමේ ප්‍රවණතාව වැඩි බවද දැක්විය හැකිය.
ඉරිදා - සඳුදා - බ්‍රහස්පතින්දා වෘශ්චික ලග්නකරුවන්ට යහපත් අතර බදාදා දිනය අයහපත්ය. රතු, තැඹිලි, කහ සුබ වර්ණයන් වේ.
අනුන් දෙස අවිශ්වාසයෙන් බලන ධනු ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකු සංකේතවත් කරන ධනු රාශිය රාශි චක්‍රයේ නව වෙනි රාශිය වේ. පුරුෂ හා දක්ෂිණ රාශියක් වන ධනු ලග්නයෙන් උපන් අය තමන්ට අයත් නොවන දේ මායිමකටවත් නොගන්නෝ වෙති.
ප්‍රඥාකාරක ගුරු හෙවත් බ්‍රහස්පති අධිපතිත්වය දරන ධනු ලග්නයේ උපනුන් උසස් ගුණධර්මවලින් පිරිපුන් එඩිතර යුක්තිගරුක කෙලින් වැඩ කරන නිදහස් අදහස් දරන අය වේ. හැම විටම ස්වරූප දෙකකින් පෙනී සිටින මොවුන් විටෙක ඉතාමත් කලබලකාරී ඉක්මන් කෝපයෙන් කටයුතු කරන අතර තවත් විටෙක දැඩි ඉවසීමෙන් යුතුව සංවරව බුද්ධියට මුල් තැනදී ක්‍රියා කරයි. භාරගත් කුමන කටයුත්තක් වුවද අවසන්වනතුරු අත්නොහරී. හැකි සෑම අවස්ථාවකම තම විනීතකම හා ආත්මගෞරවය ආරක්ෂා කර ගනී. උපතින්ම චාම් දිවියකට ප්‍රිය කිරීම නිසාත් ගුණධර්ම දියුණු කර ගැනීමේ හැකියාව නිසාත් උසස් තත්ත්වයකට පත්වීමේ වාසනාව ලබන්නෝය.
පරිත්‍යාගශීලී ගුණය මොවුන් තුළ දක්නට ලැඛෙන සුවිශේෂී ලක්ෂණයකි. තමන් සතු සැප සම්පත් අන් අය වෙනුවෙන් කැපකිරීමට තරම් සැබෑ මිනිස් ගතිගුණවලින් පිරිපුන් චරිතයක් මොවුනට හිමිවේ. නිතරම තරුණ බවින් සිටීමට උත්සාහ කරන අතර බොහෝ විට තම රූපයට වඩා අඩු රූප සම්පත්තියක් හෙබි සහකරුවන් ලබයි. මේ නිසාම ධනු ලග්න හිමි බොහෝ දෙනෙක් අන් අයගේ භාර්යාවන්ට හා සැමියන්ට ඛෙහෙවින් ඇළුම් කරයි
පුළුල් යුක්ති ගරුක අදහස් ඇති සෘජු ගතිගුණවලින් හෙබි ධනු ලග්නයෙන් උපන් තැනැත්තෝ මේෂ රාශියේ උපන් ජන්මීන් සේම උසස් වීමේ දැඩි බලාපොරොත්තු සහිත අයෙක් වේ. යුක්ති ගරුක වීම නිසා පොදු සමාජය තුළ ගෞරවයට පාත්රවන ධනු ලග්න හිමියා නිතර සතුරන් ඇති කර ගනියි. එහෙත් ඒ බව දැන දැනම තමනට කුමනාකාර පෞද්ගලික අවාසි සිදු වුවද තමන් ඉදිරියේ කවරෙකුට වුවද අයුත්තක් සිදු වුවහොත් එය ඉවසිය නොහැකි වෙයි. වහා මැදිහත් වෙයි. සටනට වුව ද පෙළඹෙයි. තමන් කරන කුමන කටයුත්තක් වුවද නිත්‍යානුකූල ලෙසම කරයි. වාසිය දැක දැකත් යුක්ති ගරුක වෙමින් අවාසිය පිළිගනියි.
බොහෝ ක්ෂේත්රයන් පිළිබඳ පුළුල් අත්දැකීම් පිහිටයි. භාරගත් කුමන කටයුත්තක් වූව ද නිසි ලෙස ඉටු කිරීමට වෙහෙස වෙයි. දැනුමත් ධෛර්යයත් නොඅඩුව පවතින බැවින් කුමන කටයුත්තක් වුවද බිය නැතිව භාර ගනී. එමෙන්ම එය අවසානය දක්වා එක සමාන උනන්දුවකින් යුතුව කරන්නේ පටන් ගත් දේ අතර මග නතර කරන මිථුන ලග්න හිමියාට වඩා ප්‍රතිවිරුද්ධ ස්වභාවයකිනි.
විවිධ ශිල්ප ශාස්ත්‍රයන්ද, ආගමික දර්ශනාදිය ද, මහත් උසස් කොට සලකයි. මුදලට, බලයට නොව එවන් දැනුමැති උගතුන්ට ගෞරව කරයි. ඇසුරු කරයි. බොහෝ විට ධනු ලග්න හිමියා තම රැකියාව බවට පත්කර ගන්නේ ශිල්ප ශාස්ත්‍ර දර්ශන ආදියට සම්බන්ධ අංශයක් බව පෙනේ. කරන කියන කුමන කටයුත්තක් වුවද පුළුල් අයුරින් කිරීමට සැලසුම් කරයි. ඇතැම් විට මේ පුළුල් බව නිසාම කටයුතු අතපසු වෙයි. එහෙත් එවන් කටයුතුවලින් ජය ලැබීමේ භාග්‍ය ඔවුනට උපතින්ම හිමිවෙයි.
නිදහසට, සාමයට ගරු කරයි. තම දූ දරුවන්ට, බිරිඳට වුවද හැකිතරම් නිදහස ලබා දෙයි. තමා ද නිදහස් ලෙස ගත කිරීමට ඛෙහෙවින් උත්සාහ කරයි. ඇතැම් විට සියලූ බැමිවලින් නිදහස් වන්නට සිතයි. ඒ සම්බන්ධ ග්‍රහයෝග සුවිශේෂව යෙදුණහොත් ගිහිගෙය හැරයාමට වුවද ඉඩ තිබේ.
අන්‍යයන්ගෙන් නොරැවටීමට ප්‍රවේශම් වෙයි. බොහෝ විට ධනු ලග්න හිමියන්ට සහජ ඉවකින් මෙන් අන්‍යයන්ගේ සිත් දක්නා නුවණ පහළව ඇති බැවින් එසේ ප්‍රවේශම් විය හැකිවෙයි. ඇතැම් විට යමෙක් කපටිකමක් කරන බව දැන දැනම ඊට සම්බන්ධ වෙයි. එසේ කරන්නේ ඔහු කෙරේ අනුකම්පාවෙන් විනා කපටිකමට අසු වී නොවේ. නිතර ප්‍රීතියෙන් පසු වීමට උත්සාහ කරයි. කොතරම් විශාල ගැටලූවක් සිත තුළ තිබුණ ද එය අමතක කර දමා සතුටු වෙයි. ඇතැම් විට අනෙකෙකුගේ ගැටලූවකට පිළිතුරු සොයන්නට වෙහෙසෙයි. අන්‍යයන්ට උපදෙස් දෙයි. ඔහුගේ ඇතැම් උපදෙස් ආඥා ස්වරූපය ගන්නා බැවින් ඔහුගේ චරිතය මනාව නොහඳුනන්නකු අමනාප වීමට බැරි නැත. සිතෙහි කපටි කමක් නොමැතිව කිවයුත්ත බොහෝ විට ප්‍රසිද්ධියේම කියයි. හිත රිදෙන බව සලකා බොරුවෙන් මුළා නොකරයි.
ධනු ලග්න හිමියාගේ හැසිරීම අන් අයට පූර්ව නිගමන දිය හැක්කක් නොවේ. ඇතැම් විට අතදිග හැර අනවශ්‍ය වියදම් පවා කරන ඔහු විටෙක හැසිරෙන්නේ තද මසුරකු පරිදේදෙනි. කෙතරම් බුද්ධිමත් තීරණ ගැනීමට සමතකු වූවද හිටිවනම පොඩි දරුවකු නොකරන තරමේ බොළඳ වැඩක් වුවද කිරීමට පෙළඹෙයි. ධෛර්ය සම්පන්න පුද්ගලයකු වන නමුදු විටෙක දැඩි අලස ස්වභාවයක් දක්වයි. එහෙත් බොහෝ විට දවසේ වැඩි කාලයක් ප්‍රයෝජනවත් කටයුතු සඳහා මහන්සි වෙයි. දුර්වල ග්‍රහයෝග නැතොත් බොහෝ විට කරන කටයුතුවලින් කුමනාකාර හෝ ජයක් ලබයි.
විනීත ස්වභාවයකින් සහ ප්‍රීතිමත් ස්වභාවයකින් යුක්ත බැවින් හිතවතුනට ප්‍රිය වේ. ධනු ලග්න හිමියා නිබඳවම ආදරයට සෙනෙහසට දැඩි ඇල්මක් දක්වයි. සෙනෙහස පතා බොහෝ දේ කරයි. රටක් රාජ්‍යයක් වුවද සෙනෙහස වෙනුවෙන් අත්හැර දමන්න ධනු ලග්න හිමියා කැමති වෙයි.
තීන්දු ගැනීමේ දී ධනු ලග්න හිමියන් තරම් දක්ෂ ලෙස ක්‍රියා කරන්නන් අනෙක් කිසිදු රාශියක නැත. ක්ෂණිකවම ගන්නා තීරණ වුවද කල්තබා සැලසුම් කළ අයුරින් සාර්ථක වෙයි. නිහතමානීය, චාම්ය. තම සැප අනුන් වෙනුවෙන් කැප කිරීමට හැමවිටම සූදානම්ය.
නොසිතූ විරූ ඉලක්කයන් හඹා ගොස් ජය ලබා ගැනීමට සහජයෙන් ලැබූ කිසියම් බලයක් ඇති ධනු ලග්න හිමියා අන්‍යයන් කෙරේ බොහෝ විට අවිශ්වාසයෙන් බලයි.
තේජෝ ගුණයෙන් යුතු ධනු ලග්නයෙන් උපන් අය අන්අය යටතේ සේවය කිරීමට අකමැතිය. අයුක්තියට අසාධාරණයට හිස නොනමන මොවුන් ජනප්‍රිය වීමේ දැඩි ආශාවකින් පෙළෙන්නෝ වෙති. යමක් කරන්නට කියන්නට පෙර එය නුවණින් සිතාබලා කිරීම සිරිතකි.
පැහැපත් ප්‍රියමනාප පිරිපුන් දේහයකට හිමිකම් කියන ධනු ලග්න හිමියෝ හැමවිටම තම වයසට වඩා තරුණ බවක් පෙන්නුම් කරයි. කිසිවෙකුට විරුද්ධ වන්නේ නම් ඔහුගේ තත්ත්වය බලය නිලය පිළිබඳ තකන්නේ නැත. දැඩි නීති ගරුකව ජීවත් වන අතර වරෙක ආඩම්බරය වරෙක දඩබ්බරය. එහෙත් අනුන්ගේ රැවටිලිවලට හසුවිය හැකි අවස්ථාද පෙන්නුම් කෙරේ. කරන දේ ලොකුවට කිරීමට සිතන මොවුන් හදිසියේ ගන්නා තීන්දු තීරණ බොහෝ විට සැළසුම් සහගත ලෙස ගත් තීන්දු ලෙස හරියයි.
තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල පවතින රෝග උගුරේ සෙම තත්ත්වයන් නිසා හට ගන්නා රෝග අර්ශස්, කකුල් ඉදිමීම නොඑසේනම් කකුල්වල ලේ නහර මතු වීම වැනි රෝගා බාධයන් ධනු ලග්න හිමියන්ට පීඩාගෙන දෙන ඒවා වන අතර මොවුනගේ මාරක ග්‍රහයන් වන්නේ ශනි, සිකුරු හා සඳු බැවින් මෙම ග්‍රහයන්ගේ දශා අන්තර්දශා කාලවලදී වාහන, ඉන්ධන, ගින්දර, විදුලිය වැනි දේවලින් ප්‍රවේශම් වීම වැදගත්ය. විශේෂයෙන්ම ගිනි හා විදුලිය දරුණු ලෙස බලපායි.
සතියේ බදාදා සහ සිකුරාදා යන දිනයන් ජයග්‍රාහී දිනයන් වන අතර සඳුදා අඟහරුවාදා දිනයන් අශූභ වේ.
ලෞකික ජීවිතයට දැඩිසේ ඇලූම්කරන මකර ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
දුකට අධිපති ශනි ග්‍රහයාට අයත් මකර රාශිය රාශි චක්‍රයේ දහවැනි රාශිය වේ. පඨවි රාශියක් බැවින් මකර ලග්නයෙන් උපන්නෝ සියුම් සිතුවිලි අඩු ක්‍රියාත්මක ගති වැඩි වූවෝ වෙති. කුමන ප්‍රතිලාභයක් තමනට හිමි වුවද, ඒ කිසිවක් අතට ලැඛෙන තුරු ඒ පිළිබඳ විශ්වාස නොකළත් මෙකී ලග්න හිමියෝ බොහෝ දේ ලබා ගැනීමේ වාසනාව ඇත්තෝය.
ලෞකික ජීවිතයට දැඩි සේ ඇලූම් කරන අතර ලෞකික වශයෙන් උසස් ජීවන තත්ත්වයකට පත්වීමට ද දැඩි ආශාවක් දක්වයි. කොතරම් බාධක පැමිණිය ද ඒ සියල්ලටම මුහුණදී තමාට අවශ්‍ය ඉලක්කය කරා යැමට සමත් වේ.
තම දියුණුව වෙනුවෙන් ඕනෑම දුක්් කරදරයක් විඳීමට සමත් වේ. ඒ තුළින් තම අනාගත දියුණුව සලසා ගනී. පාලනයෙහි දක්ෂ මකර ලග්න හිමියන් කිසිවෙකුට නොනැමෙන සෘජු ගති ඇත්තන් වේ. තමා කරදරයකට විපතකට පත් වූ අවස්ථාවකදී වුවද අන් අයගේ උදව් උපකාර ලබා ගැනීමට දැඩි අකමැත්තක් දැක්වුවද අන් අයගේ දුක් කරදර තම ප්‍රශ්න සේ සලකා ඒවා විසඳීමට ඉදිරිපත් වේ.
උපතේදී සෙනසුරු ග්‍රහයා ලග්නයේ සිටියේ නම් දුක් කරදර බාධක හමුවේ නොසැලී තම අරමුණු සඵලකර ගැනීමේ හැකියාව හා වාසනාව උදා වන්නේය.
බොහෝ විට ඉතා ගුණ ගරුක මෙන්ම කරුණාවන්ත ගති පෙන්නුම් කරන අතර ඒ තුළ අන්‍යයන්ගේ ආදරයට ගෞරවයට ලක්වේ.
එකෙනෙහිම ඉක්මනින් කෝපයට පත් වේ. අසාධාරණය හමුවේ කලබැගෑනි ඇති කරයි. සටන්කාමී ගති ලක්ෂණ පෙන්නුම් කරයි. සමහර අවස්ථාවල ඉතා ලොකු වරදක් කරබා ඉවසා සිටින අතර තවත් විටෙක ඉතා කුඩා වරද හමුවේ ලෝකය පෙරළෙන තරමට කලබලව කටයුතු කරයි. තම තීන්දුව අවසාන තීන්දුව ලෙස සිතන්නට අන් අය පෙළඹවීමට තරම් අසාධාරණ වේ.
සමානාත්මතාවය ඉතාමත් අගය කොට සලකන මොවුන්ට පොදු කටයුතුවලදී නිරන්තරයෙන්ම මූලිකත්වය හිමිවේ. සුළු මුදලක් උපයා ගත්තත් එය ඉතිරිකර ගැනීමට මසුරු ස්වභාවයෙන් කටයුතු කළත් ඇතැම් විට දෙවරක් නොසිතා තමා අපහසුවෙන් වෙර වෑයමෙන් එකතු කර ගත් දේ අනුන් සඳහා අතදිගහැර වියදම් කරයි.
මුදල් කටයුතුවලදී ඒ පිළිබඳව අකුරටම සොයා බලා අදාළ ගනුදෙනුව ක්‍රමානුකූලව සිදු කරන රාශි චක්‍රයේ සිටින හසලතම පුද්ගලයා මකර ලග්න හිමියාය. තමන් පිළිබඳ අන්‍යයන් ඇතිකර ගන්නා විශ්වාසය පළුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීම මෙකී ලග්නකරුවන්ගේ සිරිත වන අතර සියලූම මුදල් කටයුතු ඉතා විශ්වාසවන්ත ආකාරයෙන් සිදු කරයි. එබැවින් බොහෝ ආයතනවල සමිති සමාගම්වල පරිපාලන ධුරය මෙන්ම ගණකාධිකාරි ධුරය මොවුනට නිතැතින් ම හමුවේ. මනා සංවිධාන ශක්තියක්් හා පිරිස් පාලන හැකියාවක් උපතින්ම පිහිටන අතර එය පොදු කටයුතුවලදී මෙන්ම සමිති සමාගම්වල තනතුරු දැරීමේදී බොහෝ උපකාරී වේ. කරදරයකට අපහසුවකට පත්වන්නට සිදු වූ අවස්ථා වෙතොත් කිසිවකුට මුහුණදීමට මැළිවන අතර, අන්‍යයන් කෙරෙන් සැඟවෙන්නට උත්සාහ දරන්නේ ආත්ම ගෞරවයට හානි වෙතැයි යන සැකය සිතෙහි පවතින බැවිනි.
තැන - නොතැන, හොඳ - නොහොඳ නොසලකා අනුන්ගේ සිත් රිදෙන ආකාරයට කතා කිරීමට දක්ෂය. සිත් නොරිදෙන ආකාරයට කිව හැකි දේ වුවත්, සිත් රිදෙන ආකාරයෙන් කියයි. කිසිවකු පිළිබඳව වුවද ඕනෑවට වඩා විශ්වාසය නොතබයි. එකම විශ්වාසය වශයෙන් සලකන්නේ තම අරමුණ පමණි.
යාන වාහන, ඇඳුම් පැළඳුම් ආදී සියලූ දේට ඇල්මක් දක්වයි. පිරිසිදුකමට හා අලංකාරයට ප්‍රිය කරයි. කිසිදු තැනක දෙවැනි වන්නට ඇති අකමැත්ත නිසාම දෙවැනි වන තැනකට යැම තරයේ ප්‍රතික්ෂේප කරයි. තම මතයම ඉස්මතු කර ගැනීමට බැරි වූ අවස්ථාවලදී සාධාරණ නොවන අයුරින් කෝපයට පත් වේ.
නිතර නිතර ගමන් බිමන් යැමට රුචිකත්වයක් දක්වන මොවුන් හැම විටම සිතේ චංචල ගතියෙන් පසුවේ. මුදල් ඉපැයීමට දක්ෂ වේ. තමා අවට සිටින්නන් පිළිබඳව නිතරම සැකයෙන් හා අවබෝධයෙන් සිටීම නිසා රැවටිලිවලට හසු නොවේ. තමාට යම් අහිතක් අවැඩක්සිදු කළ අයකුට යුක්තිය අයුක්තිය නොසලකා ප්‍රතිචාර දැක්වීමට පෙළඹේ. අනුන්ගේ උදව් අපේක්ෂා නොකරන අතර කෙතරම් නැතිබැරි කම් තිබුණද, වෙනත් අයගෙන් යෑපෙන්නෙකු නොවේ. තම පවුලට බොහෝ සේ හිතවත් වේ. ඔවුන්ගේ දියුණුවට වෙහෙස වේ. තමා කෙනෙකුට දෙවැනි නොවන ආකාරයෙන් තම පවුලේ සාමාජිකයන් ද දෙවැනි නොකිරීමට වගබලා ගනී.
මකර ලග්නයට අධිපති වන්නේ සෙනසුරුය. 1, 4, 7, 10 සෙනසුරු සිටීමෙන් සස යෝගය යෙදේ. උපතේදී සෙනසුරු ලග්නයේ නම් දුක් කරදර බාධක හමුවේ නොසැලී තම අරමුණු සඵලකර ගැනීමේ හැකියාව හා වාසනාව උදාවේ. ශනි ලග්නගතව සිටී නම් ඒරාෂ්ටක තත්ත්වයකි. උපතේදී එල්ලවන ඒරාෂ්ඨක බලය නිසා මුල් කාලයේදී දුක් කරදරවලට මුහුණ දීමට සිදුවේ. එහෙත් තරුණ වියේදී සිය ජීවිතය යහපත් තත්ත්වයට හැරේ. කුජ හතේ නම් විවාහය ප්‍රමාද වේ. කුජ ශනි ග්‍රහයන් ලග්නගතව සිටීම උසස් බුද්ධිමත් කෙනෙතු වීමට හේතු වේ. මකර ලග්නයෙන් උපන් අයට කුජ, ගුරු, සඳු, අශුභ ඵල උදා කරන ග්‍රහයන් වන අතර බුධ, සිකුරු යහපත් ඵල ලබා දෙන ග්‍රහයෝ වෙති.
මකර ලග්නයෙන් උපන් අයට විවාහය සඳහා වඩාත් ගැලපෙනුයේ මකර, කටක, වෘශ්චික, මීන යන ආපෝ (ජල) රාශිවල උපන් අය වන අතර, එකී ලග්නවල උපන් අය සමඟ විවාහවීමෙන් විවාහ දිවිය වඩාත් සාර්ථක ලෙස ගත කිරීමට හැකිවනු ඇත.
එකකට එකක් හාත්පසින් ම වෙනස් ලෙස සත්ත්වයන්ගේ කොටස් එකතු කොට තැනූ සංකල්ප රූපයක් මගින් සංකේතවත් වන මකර ලග්න හිමියෝ එවැනිම වූ වෙනස්කම් සහිත ගතිගුණ පිළිබිඹු කරන්නෝ වෙති. කිසිදු හිතවත්කමක් නොමැති අයෙකු වුවද මකර ලග්න හිමියන්ගේ ඉල්ලීම් පැහැර නොහැරීම නිසා නොසිතූ විරූ ජයග්‍රහණ හිමි වෙයි. ඇසුරු කරන්නන්ගේ උදව් උපකාර ලබයි. නිස්කලංක දිවියකට ප්‍රිය කළත් නිස්කලංකව සිටින මොහොතක් කිසිසේත් දැකිය නොහැකි එකම ලග්න හිමියා ~මකර~ ලග්න හිමියා වේ.
නොපසුබස්නා උත්සාහයත් කරදර බාධක විඳගැනීමට ඇති හැකියාවත් නිසාම ජයග්‍රහණය කරා ගමන් කරයි. ක්රමානුකූල පාලනයෙහි දක්ෂ බැවින් ව්‍යාපාර ක්ෂේත්රයේ මූලිකත්වය දැරිය හැකි පාලන ශක්තිය හිමිය. කථාවෙහි බොහෝ දක්ෂය. කියන දේ ඕනෑම අයෙකුගේ මුහුණට කියයි. පාවිච්චි කරන වචන ඉතා දරුණු අන්‍යයන් නුරුස්සන ඒවා වේ.
කෙතරම් අවවාද අනුශාසනා ලැබුවද, අන්‍යයන්ගේ මතයට හිස නොනමයි. කෙනෙකුට අවනත වන බව මතුපිටින් පෙන්වුවද, ඇතුළාත්නය තමන්ගේ මතයට අනුව ක්‍රියාකිරීම වේ. කිසිවකුට යටත් නොවන ගති පැවතුම් නිසා සතුරන් ඇති කර ගනී. විශාල ලෙස ලාබ, වාසි ලැබිය හැකි වුවද, ඒ හමුවේ හරි හෝ වැරදි සාධාරණ හෝ අසාධාරණ තම ප්‍රතිපත්ති වෙනස් නොකරන අයවළුන් වේ.
සමේ රෝග, දණහිස් රෝග, හන්දි කැක්කුම් හා වාත රෝග මකර ලග්න හිමියන් නිතර ගොදුරුවන රෝගාබාධ වේ. මෙකී ලග්න හිමියන්ට සතියේ අඟහරුවාදා, සිකුරාදා සියලූ කටයුතු සඳහා සුබ වන අතර, සඳුදා, සෙනසුරාදා දිනයන් අසුබ වේ. සුබ වර්ණයන් ලෙස සුදු හා නිල් වර්ණයන් සඳහන් කළ හැකිය.
ලෝකය පෙරළුණත් කලබල නොවන කුම්භ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ
ජ්‍යොතිෂ්‍යයේදී ලෝකෝත්තර රාශියක් ලෙස හැඳින්වෙන කුම්භ රාශිය, තුලා රාශිය හැරුණු විට අජීවී භාණ්ඩයකින් සංකේතවත් වන එකම රාශිය වේ. ශනි හෙවත් සෙනසුරු අධිපතිත්වය දරන කුම්භ ලග්නයේ උපන්නෝ පරාර්ථකාමී සිතුවිලිවලින් හෙබි අය වේ. ශනි අධිපතිත්වය දැරුවද කුම්භ ලග්න හිමියෝ ප්‍රතිපත්තිගරුක ස්ථිර අදහස් ඇති එහෙත් ගතින් සිතින් දුක්විඳීමට උරුමකම් ඇත්තෝය.
සමාජයේ කැපී පෙනෙන චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ තම අන්තිම වස්තුව පවා අන් අයට දීමට සූදානමින්, නැති බැරි අයට උදව් උපකාර කරන නිසාවෙනි. අසරණයන්ට පිහිටවීම ජීවිතයේ කොටසක් සේ සලකන අතර තමා අවට සිටින සියලූ දෙනාටම දැඩි ඇල්මකින් ලෙන්ගතු බවකින් යුතුව යුතුකම් ඉටුකරයි.
පොදු කටයුතුවලදී දුර්වල පක්ෂයට හිතවත් වේ. ඔවුන්ගේ සැබෑ යහපත සඳහා කැප වෙමින් කටයුතු කරයි. කරන්නට යන වැඩකටයුතුවල අග මුල තරාතිරම යනාදී වශයෙන් වර්ග නොකරයි. සිදුවිය යුත්තේ කුමක්ද එයම සිදුකරයි. බොහෝ අවස්ථාවල වැඩ කිිහිපයක් එකවර පටලවා ගනී. ධාරණ ශක්තියෙන් උසස් නිසාම පොත පත කියවීමේ රුසියෙකි. අන්‍යයන් වෙත අවවාද අනුශාසනා කිරීමට කැමති වේ. කරන කියන හැම දෙයකම ප්‍රධානත්වය බලාපොරොත්තු වීම නිසා නිකරුණේ ගැටලූ මතුකරගනී. එහෙත් සැම විටම පීඩිත මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ දරයි.
ඉතා සියුම් ඥනයක් ඇති කුම්භ ලග්නකරුවෝ ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර, ධර්ම අධ්‍යයනය කිරීමේ දක්ෂයන් වන අතර එවැනි ශාස්ත්‍ර දත් අයට ගෞරව කරන්නන්ය. කිසිදු ශාස්ත්‍රයක් පොත පතින් ඉගෙන ගෙන සිටීමෙන් පමණක් සෑහීමකට පත් නොවේ. එලෙස ඉගෙන ගන්නා සෑම දෙයක්ම ප්‍රායෝගිකව අත්හදා බැලීමට උත්සුක වේ. ඒ සඳහා සහජයෙන් ලත් වාසනා ගුණය මෙන්ම ක්ෂණිකව දෙයක් වටහාගන්නා නුවණ පිහිටයි. ගුරුවරයකුගේ හෝ උපදෙස් නොමැතිව වුවද බොහෝ ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කිරීමේ හැකියාව මෙකී ලග්න හිමියා සතුවන්නේය.
ඉවසීම, සීරුවෙන් අරපිරිමැස්මෙන් කටයුතු කිරීම, තැන්පත් බව යනාදී මානුෂික ගුණාංගයන්ගෙන් හෙබි මොවුන් තම ඇසුර සඳහා යහපත් මිතුරන් සොයා ගන්නා අතරම අරඹන්නා වූ මිතුදම් හොඳින් ආරක්ෂා කරගනී. ආගම දහමට කැමති වුවද ඒ පිළිබඳ විශේෂ ලැදියාවක් නොදක්වයි. කළයුතු දේ සොයා බලා කරයි. නොදන්නා දේ පිළිබඳ පසුතැවෙන්නේ නැතිව වෙනත් කෙනකු කරන ආකාරය දෙස බලා එලෙස කිරීමට පෙළඹේ. මතුපිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුළාන්තයේ ඇති කෙනෙක් බැවින් අන් අයට ඒවා අවබෝධ කරගත හැක්කේ බොහෝ කල් ආශ්‍රය කිරීමෙන් අනතුරුවය. ආත්ම ලාභයට, ප්රධානත්වයට ආශා නොකරන බැවින් නියම ලෙස මහජන ගෞරවය ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ චරිතයකට හිමිකම් කියයි.
දුටු සැණින් කෙනකු කෙබඳු අයෙක් දැයි හඳුනා ගැනීමේ සුවිශේෂ හැකියාවක් මොවුන් සතුව පවතී. ඒ අනුව පුද්ගලයන් තෝරා බේරා ගෙන ඇසුරු කිරීමට කුම්භ ලග්නයෙන් උපන් අය අතිදක්ෂයෝ වෙති.
කරන සෑම කටයුත්තක්ම සිතට එකඟව කරයි. කරන කියන සෑම දෙයක්ම ප්‍රසිද්ධිය සඳහා නොව යහපත පිණිසම කරන බැවින් බොරු කරන්නන්ට දැඩි සේ එරෙහි වෙයි.
තිත්ත වුණත් ඇත්තම කියන කුම්භ ලග්න හිමියෝ කියන දේ මුහුණට කීමටත් ඇනෙන සුලූ වචන කීමටත් පෙළඹෙන බැවින් අන්‍යයන් අතර මොවුන් එතරම් ප්‍රියජනක චරිතයක් නොවේ. එහෙත් මොවුන්ගේ ඇතුළාන්තය දන්නා අය අතර නිබඳවම ගෞරවයට පාත්‍ර වේ. ලෝකය පෙරලූනත් කලබල නොවන මොවුන් තුළ තිඛෙන ඉවසීමේ ශක්තිය බොහෝය. ප්‍රවේශම් සහිතව කටයුතු කිරීමේ සැබෑ හපනෙකි. ධාරණ ශක්තියත් අවබෝධ කරගැනීමේ හැකියාවත් ප්‍රබල බැවින් මෙකී ලග්න හිමියන්ට ඕනෑම අයෙක් සමග කටයුතු කිරීමේ හැකියාව ඇති අතර අන්‍යයන්ට මොවුන් සමග කටයුතු කිරීම අසීරු වේ. යමක් කරන්නට සිතන ඒ සඳහා ක්‍රියාත්මක වන කිසිදු අවස්ථාවක යමෙක් අමනාප වේද එයින් මට අවාසියක් සිදුවේද යන්න සිතා නොබලන මොවුන් දුරු කළ යුත්ත දුරු කිරීමටත් නොකළ යුත්ත නොකර සිටීමටත් උපායශීලීව කටයුතු කරන්නෝ වෙති.
කෙනකුගේ සිත අධ්‍යයනය කිරීමේ හැකියාව පවතින දොළොස් රාශිය තුළ සිටින දක්ෂතමයා කුම්භ ලග්න හිමියා වේ. තමන් නොදන්නා සෑම දෙයක්ම මනා ඉවසීමෙන් යුක්තව අධ්‍යයනය කර ගනිමින් ක්‍රියාවට නංවයි. අන් අය කරන දේ හොඳින් නිරීක්ෂණය කරමින් තනිවම අත්හදා බලමින් ඉගෙන ගැනීමට දක්ෂය.
සමහර අවස්ථාවලදී තමා අදාළ වැඩය බලාගත් අයගේ වැරැදි තැන් පවා නිවැරැදි කරගෙන ඔහුට වඩා එකී කාර්යය දක්ෂ ලෙස නිමකිරීමට සමත් වේ. ආවාට ගියාට කතා කරන, චාරයක් නොමැතිව වැඩ කරන අය කුම්භ ලග්න හිමියාට රුස්සන්නේ නැත. එවැනි අය සමග කටයුතු කිරීමට මොවුන් අකමැති වේ. එහෙත් යම් හෙයකින් කුම්භ ලග්නකරුවන්ගේ සිතට රුචි වුවහොත් දිගින් දිගටම උපකාර සත්කාර කරයි.
අතිශයින්ම මානුෂික හදවත් ඇත්තෝ බැවින් කෙනකුට උදව් උපකාර කිරීමේදී ඔහුට අදහාගත නොහැකි ලෙස උදව් උපකාර කිරීමට පෙළඹේ. අන් අයට උපදෙස් දීමට කැමති වෙයි. ලෞකික ආශාවන් අඩුය. ජීවිතයේ ජය ලබන බව නොපෙනුනද කුම්භ ලග්නකරු ස්ථාවරම ජය ලබන්නකු වේ. කිසිදු අවස්ථාවක කැපී පෙනීමට ප්‍රශංසා ලැබීමට උත්සාහ නොකරයි. නායකත්වය සොයා නොයයි. එකී සියලූ ප්රතිලාභ තමා ළඟට පැමිණෙනතුරු තමන් යන ගමන ස්ථාවරව යයි.
තමාගෙන් යතුකම් ඉටුවිය යුත්තන්ට නොපිරිහෙලා සිය යුතුකම් ඉටුකර මොවුන් ඒ නිසාම මහජන ප්‍රසාදයට පත් වේ. තම සිතෙහි ඇති සෑම දේම නිවැරැදි හා මුරණ්ඩු ලෙස සිතීමත් ලෞකික දේට සිත යොමු නොකිරීමත් මොවුන්ගේ දුර්වලතා ලෙස පෙන්වා දිය හැකිය.
කකුල්වල සන්දිස්ථානවල හා අත්වල මැණික් කටු ආශ්රිත වේදනා නහර ගැටගැසීම හෘද රෝග ආදිය කුම්භ ලග්න හිමියන්ට පීඩාගෙන දෙන රෝගාබාධ ලෙස දැක්විය හැකි අතර සතියේ බදාදා, ඉරිදා දිනයන් අසුබ වන අතර සියලූ වැඩ සඳහා සිකුරාදා දිනය සුබ වේ.
ලැබු දෙයින් සතුටුවන මීන ලග්න හිමියෝ
දෙළොස් රාශියේ අවසාන රාශිය වන මීන රාශිය සංකේතවත් කරන්නේ මත්ස්‍ය ජෝඩුවකිනි. ගුරු හෙවත් බ්‍රහස්පති හිමි මීන ලග්නය ස්ත්‍රී දක්ෂිණ ආපෝ හෙවත් ජල, උභය, ඵලදායි, ගොළු, ද්විත්ව රාශියකි. මීන රාශියට ගුරු හෙවත් බ්‍රහස්පති අධිපති වන බැවින් එකී ලග්න කරුවෝ ඉතාමත් ප්‍රසන්න පෙනුමකින් යුක්ත වන අතර ජලජ රාශියක් බැවින් හැමවිටම වැනෙන ප්රතිපත්තීන්ගෙන් යුතු වූවෝ වෙති. සැඟවුණු සහ සඟවන අදහස්වලින් හෙබි මොවුන් හැමවිටම තම අදහස් එකවර ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වයි.
අසීමිත ලෙස නිදහස ප්‍රියකරන සාමය අගයන මොවුන් ජීවිතයේ සෑම කටයුත්තක්ම සැහැල්ලූවට ගනිමින් වගකීම් වලින් තොරව ක්‍රියාකරන අතර ජීවිතයේ බරපතළ බව ගණනකට නොගනී. චංචල සිතකට හිමිකම් කියන අතර ආත්ම ශක්තියෙන් ඉතා දුර්වල අයකු වේ. පමණට වඩා හැඟීම්වලට වහල්වන ගතිය නිසාම වරින්වර දුකට පත්වන චරිත වේ.
පියකරු මුහුණක්ද කාරුණික පෙනුමක්ද තියුණු දෑසක්ද හිමි මොවුන් වඩා උස මහත ශරීරයකට හිමිකම් නොකියයි. එක් වරකට කටයුතු දෙකක නියෑළීමේ විශේෂ දක්ෂතාවක් ඇති මීන ලග්නයෙන් උපන් අය කුමන දක්ෂතාවයෙන් පිරිපුන් වුවද සිත එක අරමුණක රඳවා ගැනීමේ නොහැකියාව මත තම දියුණුවට බාධා පමුණුවා ගනී. කොතරම් දැඩි තීරණ ගත්තා ද බලපෑම් මත තම තීරණය වෙනස්කර කිසිසේත් බලාපොරොත්තු නොවූ යමක් කිරීමට පෙළඹේ.
මහජන සේවයට ඛෙහෙවින් කැමැති වේ. නම්බු නාම බලාපොරොත්තු නොවේ. තමා වෙත එන සෑම දුකක් කරදරයක්ම ඉවසමින් කවදා හෝ තමාට මේවායේ හොඳ ප්‍රතිඵල ලැබේ යෑයි සිතා යළි යළිත් එකී කටයුතුවල නියෑළේ්. කවරෙකු හෝ තමා ගැන තැබූ විශ්වාසය කඩ නොවන ආකාරයෙන් කටයුතු කිරීමට දක්ෂ වේ. අධික ත්‍යාගවන්ත භාවයෙන් හා දුරදිග නොබලා උදව් පදව් කිරීමට යොමුවීම නිසා මීන ලග්න හිමියෝ දුකට කරදරයට පත්වන අවස්ථා බහුල වේ.
සතුරෙකුට වුවද දේරා්හිකමක් කිරීමට පසුබට වෙන මෙකී ලග්න කරුවෝ සතුරෙකු වුවත් දුක් විඳිනවා දැකීමට අකමැති වේ. තමාට කොපමණ දේරා්හිකම් කළ අයකු වුවද කරදරයකට පත්වූ බව දැනගත් මොහොතේ සිට පිහිට වෙමින් කටයුතු කරයි. සමාව දීමේ විශේෂ ගුණය පිහිටන මොවුන් හැදෙන ගහක් වැලක් කපා දැමීමට පවා මැලිවේ.
අසරණ, දුගී ආබාධිත අය කෙරේ දැඩි අනුකම්පාවකින් කටයුතු කරන අතර අසල්වාසීන්, ඥාතීන්, හිතමිතුරන් අතරද ඉතා සුහදශීලීිව කටයුතු කරන්නේ කිසිවකුගේ සිත් රිදවීමට ඇති අකමැත්ත නිසාමය. කිසි විටෙක තමාගේ හොඳගති අන් අයට නොපෙන්වන මොවුන් ඒවා තමාගේම සතුට පිණිස භුක්ති විඳී.
තමා ආදරය කරන අයට තම දිවි දෙවැනි කොට ආදරය කරයි. එහෙත් එවැන්නන්ගෙන් තමාට ආදරය නොලැබුණද ඒ ගැන සිතා පසුතැවිලි නොවන්නේය. බුද්ධියට වඩා හදවතට එකඟව සියලූ කටයුතු සිදුකිරීමට යැමෙන් කරන වැඩකටයුතු අවුල් සහගත බවට පත්කර ගනී. හැමවිටම පිළිවෙළකට ජීවත් වීමට උත්සාහ දරයි.
මොනයම් හේතුවක් නිසා හෝ සිතේ මතුවන තරහ තනිවම විඳගනිමින් පාලනය කර ගැනීමේ උත්සාහ දරයි. බැරිම අවස්ථාවක කෑගසන්නේ එය තමාට ආරක්ෂක උපක්‍රමයක් ලෙස සිතමිනි. ඕනෑම කෙනකු සමඟ ඇතිවන ක්ෂණික කෝපය ඉතාමත් සුළු වේලාවකදී හේතු විරහිතවම නිවී යයි. එසැණින් ඔහුට හෝ ඇයට පෙරළා උදව් උපකාර කළත් ඒ කිසිවකින් හොඳක් අසන්නට නොලැඛෙන අතරම මීන ලග්න හිමියා සතු මෙකී උදාර ගති සමාජය ඉදිරියේ නිවටකමක් ලෙස කතාබහට ලක් වේ.
අහස උසට ප්‍රාර්ථනා බලාපොරොත්තු තිබුණත් ලැබුණු දෙයින් සෑහීමකට පත්වන්නට මීන ලග්න හිමියා හිත හදා ගනී. තමා සතු බලාපොරොත්තු මත මියෑදෙන්නට නොයන මොවුන් ඒවා ඉටු වුණොත් ඉටු වුණාවේ හිමිකමක් ඇත්නම් ඉටු වෙයි යනුවෙන් සැහැල්ලූවෙන් සිතයි. තමා කොතරම් ආශා කරන දෙයක් වුවද ඒවා අන් අය වෙත දීමට තරම් ත්‍යාගවන්ත වන අතර බොහෝ විට තම රුචි අරුචිකම් එළිදක්වන්නේ නැත.
මීන ලග්නයෙන් උපනුන් සෑම අවස්ථාවකම අන්‍යයන්ගේ දුක දකින්නේ තමා උපමාවට ගනිමිනි. අන් අය විඳින දුක තමාට අත් වුවහොත් යන්න පිළිබඳ සිත සමඟ තර්ක කරයි. එය ඉසිලිය නොහැකි බවත් ඒවාට විසඳුම් තමාම සොයයි. අනතුරුව දුකට පත් අය දුකින් මුදා ගැනීමට සිතයි. ඒ සඳහා අවශ්‍ය සෑම උපකාරයක්ම කිරීමට පෙළැඹේ.
කුමන ආකාරයේ රැකියාවක නිරත වන්නට සිදු වුවද එය වගකීමකින් ඉටු කිරීමට දක්ෂ වේ. නිතර ජනතාව සමඟ ගැටෙමින් රෝහල් ක්ෂේත්රය, බැංකු, පුවත්පත් ආදී රැකියාවලින් ප්‍රයෝජන ලබයි. හැමවිටම තම ශරීරය පිරිසිදුව තබා ගැනීමට උනන්දු වන අතර ජලාශ්‍රිත දේට වඩාත් ප්‍රියකරයි. යම් දෙයක් කරන ආකාරය එක වරක් දැකීමෙන් එය ඒ ආකාරයෙන් ම කිරීමේ සහජ දක්ෂතාව ඇතත් මීන ලග්නයේ් ඔබ එම උනන්දුව බලෙන් ඇති කර ගත යුතුය. එසේ වන්නේ ඔබ ජන්මයෙන්ම කම්මැලි තත්ත්වයට පත් කර ඇති බැවිනි. ඇඟ වෙහෙසා කරන කටයුතුවලට අකමැති අතර දියුණුව කෙරෙහි කැපවීම් නොකරන අයවලූන් වේ.
මීන, කටක, වෘශ්චික ලග්න හිමියන් මොවුනට විවාහය සඳහා වඩාත් යෝග්‍ය වේ. එම ලග්නකරුවන් සමඟ විවාහය වඩාත් සාර්ථක වේ. යහපත් භාර්යාවන්් ස්වාමියෙක් ලැබීමට තරම් මීන ලග්නකරු වාසනාවන්ත වුවත් දැන දැනම පවුල් ජීවිත අවුල් කර ගැනීමට තරම් අඥනවන්තයකු වන අවස්ථාද ඇත.
මීන ලග්න හිමියන්ට විශේෂයෙන්ම ජලයෙන් ඇතිවන රෝග බලපාන අතර සෙම් රෝග, පෙනහළු රෝග, උදරාබාධවලින් නිතර පීඩා විඳීමට සිදුවේ. මේ හැරුණු කොට හන්දිපත් ආබාධ සහ ලේවල දෝෂවලටද ලක්විය හැකිය.
මෙම ලග්න හිමියන්ට සිකුරු, රවි, ශනි යන ග්‍රහයන් මාරක වන බැවින් එම ග්‍රහයන්ගේ දශා අතුරු දශා කාලවලදී රථවාහනවලින් හා ගංගා, මුහුදු ආදී ස්ථානවලින් දැඩි ලෙස ප්‍රවේශම් විය යුතුය. සතියේ බ්‍රහස්පතින්දා හා අඟහරුවාදා මොවුනට සියලූ කටයුතු සඳහා සුබ වන අතර සිකුරාදා දිනය අසුබ වේ.
Post a Comment