කය වටා ඇති රශ්මි වළල්ලේ අබිරහස - ශ්‍රියාණි ද සේරම් විසිනි

මොකක්ද මෙි ඔිරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාද ඔිරා කියා හදුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුලක් වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වලල්ලක් මෙය ශක්ති ජනකයක් (Energy Field ) වශයෙනුත් හදුන්වනවා.

සැම ප්‍රාණියෙකු මෙන්ම වස්තුවක් වටාද මෙම රශ්මි වලල්ල පිහිටා තිඛෙනවා සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරිරයේ සෙ මි 30-40 ක ප්‍රමාණයක් වටා මෙම රශ්මි වලල්ල විහිදි පවතිනවා අධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන්ගේ මෙහි පරාසය විශාල වන්නට පුලුවන්.

බුදුරජාණන් වහන්සේ කි්‍රස්තුස් වහන්සේ ශාන්තුවරයන් වැනි අධ්‍යත්මික වශයෙන් දියුණු අයගේ ප්‍රතිමා සහ පින්තුර වලද හිස හෝ සිරුර වටා රශ්මි වලල්ලත් පිහිටා තිඛෙනු ඔබ දැක ඇති එලෙස දක්වා තිඛෙන්නේ මෙම ඔිරා නොහොත් රශ්මි වලල්ලයි. ඇත්තෙන්ම මෙය අපගේ ආත්මයේ ප්‍රතිනිරූපනයක් ලෙස හදුන්වන්න පුලුවන්.

අප තුල හටගන්නා සිතුවිලි ධාරාවන් සහ අප සිරුරෙ ඇති රෝගාබාධ අනුව අපගේ ඔිරාව විවිධ වරණයන් ගන්නවා විශේෂයෙන්ම අධ්‍යාත්මික වශයෙන් ඉහල තල වල සිටින අයගේ ඔිරා වලින් විහිදුවන්නේ කහ පැහැති ඉතා ප්‍රභාශ්වර රශ්මි ධාරාවක් මෙම රශ්මි ධාරාවන් පියවි ඇසින් දකින්නට අපහසුයි නමුත් අධි මානසික ශක්තියකින් හෙබි හෝ ධ්‍යාන ලාභි යෝගි සහ සෘෂිවරයන් වැනි අධ්‍යාත්මක වශයෙන් ඉහල තත්වයක සිටින පුද්ගලයන්ට එය පියවි ඇසින් දකින්නට හැකියාව තිඛෙනවා. අද ඇමරිකාවෙි සිටින එවන් අධි මානසිකත්වයක් සහිත මෙිරි ටි බ්‍රවුන් මහත්මිය මෙි පිළිබද ඇගේ මරණින් පසු ජිවිතය (Life after death) නමැති ග්‍රන්ථ යෙහි මනා ලෙස විස්තර කර තිඛෙනවා 

ඒ ඒ සිතුවිලි ධාරා සහ හැගිමි අනුව ඔඛෙි සිරුරෙහි රශ්මි ධාරාවන් වෙනස් වන හැටි මෙසේයි ආදරය සෙනෙහස වැනි පිවිතුරු හැගිමි ඉතා පියකරු රෝස පැහැයක් පෙන්වනවා. නිර්භිත බව තැඔිලි පැහැයෙන් පෙන්නුමි කරන අතර රෝගි බව දුඔුුරු පැහැයෙන්ද සුවපත් බව කොළ පැහැයෙන්ද පෙන්නුමි කරනවා. රතු පැහැයෙන් දන්වන්නේ ඔබ දැඩි කණස්සල්ලෙන් සහ කෝපයෙන් පසුවන බවයි. එමෙන්ම ඔඛෙි සන්සුන් බව සහ ප්‍රඥාවන්ත බව තද දමිපැහැයෙන් පෙන්නුමි කරනවා. අධ්‍යාත්මික දියුණු බව ප්‍රභාශ්වර කහ පැහැයකින්ද වෛරය සහ පසුතැවිල්ල අදුරු කලු පැහැයකින් ද පෙන්නුමි කරනවා. කෙනෙකුගේ ඔිරාව ඔහුගේ සිතුවිලි අනුව දිනකට කිහිප වතාවක්ම වෙනස්වන්නට පුලුවන් 

අධි මානසික තත්වයක් ඇති කෙනෙතුට මෙම රශ්මි ධාරාවන් නිරික්ෂනය කිරිමෙන් කෙනෙකුගේ මානසික තත්වය සහ රෝගි තත්වයන් හදුනා ගත හැකිවෙනවා. කෙනෙකු මරණාසන්නවන විට ඔහුගේ රශ්මි වලල්ල ඉතා අදුරු පැහයක් ගන්නවා. එඩිගා කේසි යනු ලොව සුප්‍රසිද්ධ අධි =මානසික තත්වයකින් හෙබි පුද්ගලයෙක් ඔහු දිනක් සෝපානයකට ගොඩවිමට යද්දි එහි ගමන් කරන්නන්ගේ රශ්මි වලල්ලෙහි අදුරු පැහැයක් දැක තිඛෙනව. ඒ නිසා ඔහු එම සෝපානයට ගොඩ නොවැදි වෙනත් සෝපානයකට ගොඩවැදි තිඛෙනවා. ටික වෙිලාවකින් අර ඉහත කි සෝපානය කඩා වැටි එහි ගමන් කල සියලු දෙනාම මරණයට පත්වි තිඛෙනවා. 

මියගිය පසු තණ්හාව ආශාව සහ බැදිමි නිසා සමහර පුද්ගලයන්ගේ ආත්මයන් මෙි ලොවෙන් චුත නොවි මෙහිම ඇලි ගැලි ජිවත්වෙනවා. මොවුන් ප්‍රේතයන් භුතයන් මළ යක්ෂයන් ලෙසත් නැත්නමි නිරිසතුන් ලෙසත් හදුන්වනවා. මොවුන්ට ඇත්තේ සුක්ෂම සිරුරුයි එබැවින් ඔවුන් තම ශක්තිය ලබාගන්නේ මිනිසුන් ගේ සෘණාත්මක සිතුවිලි වලින් ජනිත කරන සෘණ ශක්තියෙන් 

ඔබ පුවත්පත්වල පලවන "පියවි ඇසින් ඔබිබට" "මලවුන්ගේ හෝරාව" වැනි ලිපි කියවා ඇත්නමි මෙම ආත්මයන් ගේ හැසිරිම ගැන දන්නවා ඇති. මොවුන් අපගේ සිරුරු වලට ඇතුල්වි හෝ අපගේ නිවෙස් වල අරක් ගෙන අප තුල කෝපය වෛරය ඇබිබැහැවිම ආදි සිතුවිලි ජනිත කර ඒ මගින් ඇති වන සෘණාත්මක ශක්තිය උරාගෙන ජිවත්වෙන්නට මාන බලනවා. මිට අමතරව මෙි සමහර නිරිසතුන් මිනිසුන්ගේ ලේ සෙමි සොටු අසුචි වැනි අපද්‍රව්‍ය ද ආහාර වශයෙන් ගන්නවා. බොහෝ විට මිනිසුන් ඇබිබැහි විමි වලට යොමු කරන්නේ මෙවැනි බලවෙිගයි. තදින් මත්පැනට මත්ද්‍රව්‍ය වලට ආශාවෙන් මියගිය ආත්මයන් මත් පැන් මත්ද්‍රව්‍ය වලට ඉතා ගිජු කමක් දක්වනවා. ඒ සදහා ඔවුන් මිනිසුන් ගේ සිරුරු තුලට ඇතුල් වි ඔවුන් මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමුකර ඒ ආශාවන් සංසිදවා ගන්නවා. ඒ වගේම දැඩි ලිංගික ඇසුර ප්‍රිය කල මියගිය ආත්මයන් ද තම කාමාශාව සංසිඳුවා ගැනිමටද මිනිසුන්ගේ සිරුරට ඇතුල් වෙනවා. 

අපගේ ඔිරා වෙි නැත්නමි රශ්මි වලල්ලේ සමහර අවස්ථාවල කුඩා සිදුරු (portals) හටගන්නවා. මෙය සිදුවන්නේ අපගේ මානසික සහ ශාරිරික ශක්තිය ද පිරිහුනු අවස්ථාවලයි අප දැඩි කණස්සල්ලට හෝ ශෝකයට පත්වු අවස්ථාවල සහ දැඩි ලෙස රෝගාතුර වු අවස්ථාවල හෝ දරුණු අපයෝජනයන්ට ලක්වු අවස්ථාවල අපගේ සිරුරෙ ශක්තිය රශ්මි වලල්ලේ සිදුරු වලින් කාන්දු විමට පටන් ගන්නවා. එවිට ඉහත කි කුඩා සිදුරු ඇතිවනවා. එවිට මෙි නිරි සතුන් ට අපේ සිරුරු වලට ඇතුල් විමට අවකාශ ලැඛෙනවා මෙය අප සමාජයේ විවිධ තත්වයන් ලෙස හදුන්වනවා.සමහරු මෙි තත්වය මානසික රෝගයක් කියලත් තවත් අය මතුරල දිපු දෙයක් කැවිල කියලත් තවත් සමහරු ප්‍රේත ජිවියෙක් සිරුරට ඇතුල් වෙලා ඇති කියලත් හදුන්වනවා.

මානසික සහ ශාරිරික වශයෙන් දුර්වල වු මිනිසුන් ගේ රශ්මි වලල්ලේ සිදුරු රැසක් තිඛෙන්න පුලුවන්. එවිට එක ආත්මයක් පමණක් නොව ආත්ම කිපයක් සිරුරට ඇතුල් වන්න පුලුවන් මෙවන් අවස්ථාවන් "Dual Persanality" "Multiple Personalities" යනුවෙන් හදුන්වනවා. එවිට කෙනෙක් තුල චරිත දෙකක් හෝ කිපයක් තිඛෙන කෙනෙක් වන්නට පුලුවන් මෙවැනි අවස්ථාවලදි මෙම සිදුරු වැසිම අත්‍යවශ්‍ය වනවා. බොහෝවිට ශාන්ති කර්ම මගින් කරන්නේ එයයි. 

මෙි ආත්ම බොහොමයක් ඉතා ආත්මාර්ථකාමි පහත් ආත්මයන්. මොවුන් ඔඛෙි සිරුරෙ පාලනයට ඇතුලුවිම ඉතා භයානක තත්වයක්. මොවුන් ඔබ බියපත් කිරිමෙන් ඔබව ඔවුන්ගේ පාලනයට නතු කරගන්නවා. අපේ සිරුරට ඇලි අපේ ශක්තිය උරාගන ජිවත් වෙන්නට පටන් ගන්නවා. එවිට ඔබ රෝගි වන්න පුලුවන් අයහපත් දේ කිරිමට ඔවුන් ඔබව පොලොඔවන්න පුලුවන්. ඒ වගේම සමහර අවස්ථාවල මොවුන් තමන් ගේම ඥාතින් ගෙන් පලි ගැනිමට ඔවුන් ගේ සිරුරු වලට ඇතුල් වෙනවා. මෙයත් ඉතා භයානක තත්වයක්. ඔවුන්ට හැකියාව තිඛෙනවා ඔඛෙි ජිවිත පවා අනතුරට ලක් කිරිමට. විශේෂයෙන්ම හදිසි අනතුරු වලට ලක්කිරිමට කටිටඩියන් කපුවන් වැනි අය මන්ත්‍ර බලයෙන් මෙම ආත්ම බැදගෙන ඔවුන්ගෙන් නොයෙක් අහිතකර දේවල් කරගන්නවා. ඒ මගින් සමහර අවස්ථාවල ජිවිත විනාශයන් පවා සිදුකරවනවා. 

මෙවැනි ආත්මයන් සමහර අයට ආවෙිස වෙලා දෙවිවරුන්ගේ නමි විකුණමින් ශාස්තර කියන්න පටන් ගන්නවා මෙහිදි මොවුන්ට ස්ථාන ගේ දොර ඉඩකඩමි ගැන හුගක් දුරට හරියට කියන්න පුලුවන්. මොකද මොවුන්ට සැම තැනම සැරිසැරිමෙි හැකියාව ඇති නිසා. ඒ වගේම බොරු කියල මුලා කරන්නත් පුලුවන්. එවිට අප සමහර විට ශාස්තර කියන අයට දොස් කිවත් ඔවුන් කියන්නේ මොවුන් කියන එකයි සමහර විට ස්වාමින් වහන්සේලාට පුජකවරුන් වැනි අධ්‍යාත්මික කටයුතු වල යෙදෙන්නන් පවා නොමග හැරිමට මෙම ආත්මයන් ට හැකිවනවා කලාතුරකින් සුභවාදි ආත්මයන් ද තිඛෙනවා. ඔවුන් තමන්ගේ ඥාතින් ආරක්ෂා කරනවා. ඒ වගේම තරමක් දුරට සත්‍ය දේ ප්‍රකාශ කල හැකි වනවා.

ඔබ දැක ඇති සමහර අවස්ථාවල පුද්ගලයන් සිතා ගන්න බැරි විදිහට හැසිරෙනවා. නැත්නමි කිසිවකු විසින් මෙහෙයවනව ආකාරයක් ඔහුගේ හැසිරිමි රටාවෙි දක්නට ලැඛෙනවා. තමන් කිසිදා නොකරපු දේවල් කරනවා. එපමණක් නොවෙි ඔබට දැඩි තෙහෙටිටුවක් වෙහෙසක් බියක් කමිමැලි කමක් දැනෙනවා. නමි ඔබට කිසිදා නොවුන ලෙස පාලනය කල නොහැකි කෝපයක් හටගන්නවා නමි මුලු දවසම නිදා ගන්නවා නමි හදිසියේම ඔබ කෑමට ඉතා ගිජු කමක් දක්වනවා නමි තවත් විටක ඔබ නිදා සිටින විටකදි කෙනෙක් ඔබව තල්ලු කර ගෙන සිටින බවක් දැනෙනවා නමි ඔබට කැ ගැසිමට අවශ්‍යය වුනත් වචන පිටනොවනෙ බවක් හැගෙනවා නමි හෝ තමන් තුලම කෙනෙක් තමන් අමතනවා වැනි ශබිද ඇසෙනවා නමි සතුන්ට දැඩි ලෙස හිංසා පිඩා කරන්නට සිතේ නමි ඉතා පිරිසිදුව සිටි කෙනෙක් අපිරිසිදුව සිටින්නට පටන් ගන්නවා නමි මෙි ලක්ෂන ඔබගේ ඔිරා වට ආත්මයක් නැතහොත් නිරි සතෙක් ඇතුලු වි ඇති බවට සඥාවක් වන්නට පුලුවන්.

මෙි පිළිබදව මනෝ වෛදවරුන් විවිධ අදහස් පවසනවා. බොහෝ විට මෙිවා මානසික රෝග ලෙස සලකා ප්‍රතිකාර කරනවා. මෙයින් සිදුවන්නේ පය බරවයට පිටි කරට, ඛෙිත් බැදිම වැනි කි්‍රයාවක්. ඒ කෙසේ වුවත් මෙවැනි අවස්ථා අද සමාජයේ බොහෝ දුරට දක්නට ලැඛෙනවා බුදු දහම අනුව පමණක් නොව කිතු දහම, හින්දු දහම, සහ මුස්ලිමි දහම, අනුව වුවත් එවැනි දේ සිදුවන බව පිලිගන්නවා ඛෙෘද්ධ අප බෝධි පුජා යන්ත්‍ර මන්ත්‍ර තොවිල් පවිල් ශාන්ති කර්ම කරනවා.මෙන්ම ඔවුන්ද මෙවැනි දේ සදහා ඒ ඒ ආගමි වලට අනුව ඒ ඒ පුද්ගලයන්ට සුදුසු ලෙස ශාන්ති කර්ම කරනවා.

බටහිර රට වල මෙවැනි දේ හදුන්වන්නේ Auric Cleaning නැත්නමි රශ්මි වලල්ල ශෝධනය කිරිමක් වශයෙන් මෙි සදහා ඔවුන් අධි මානසික ශක්තින් වලින් හෙබි පුද්ගලයන්ගේ සේවය ලබාගන්නවා. එයට අමතරව භාවනාව යාඥාවන් මෝහනය ආදි නොයෙකුත් ක්‍රම භාවිතා කරනවා. තවද ලුණු වතුරෙන් නෑම විශේෂයෙන්ම මුහුදේ නෑම, නිවෙස් වලට ලුනු ඉසිම සේජ් නමි කොළ වර්ගයෙන් දුමි ඇල්ලිම, පෙන්ඩුලමි වැනි මෙවලමි භාවිතා කිරිම වැනි දැ කරනවා. ඒවා අප විසින් නිවසේ සුවද දුමි ඇල්ලිම, කහ දියර ඉසිම, වැනිදේට සම කල හැකියි. 

හිරු එලිය මෙි ආත්මයන්ට අවහිර කරනවා එබැවින් අපේ නිවෙස් වල ජනෙල් දොරවල් හොදින් විවෘත කර හිරු එලිය වැටිමට සැලැස්විම ඉතා වැදගත් වෙනවා අපිරිසිදු කම මෙි ආත්මයන් ආකර්ශනය කරනවා විශේෂයෙන්ම ආහාර පාන පිලුණු වන තුරු නිවෙස් තුල තිබිම මළගිය අයගේ පින්තුර බොනික්කන් වැනි දැ මෙි ආත්මයන් ආකර්ශනය කරනවා.

අපේ ඔිරාව නැත්නමි රශ්මි වලල්ල පිරිසිදුව මෙන්ම ශක්තිමත්ව තබාගැනිමට අප උනන්දු විය යුතු වනවා.. එය අපටකල හැක්කේ කණස්සල්ල ඉරිසියාව බය වෛරය වැනි සෘනාත්මක සිතුවිලවලින් තොරව ආදරය සෙනෙහස කරුණාව මෛත්‍රිය වැනි ධනාත්මක සුභවාදි සිතුවලි අප සිත් තුල ජනිත කිරිමයි. අනෙක අප හොදින් විද දරා ගැනිමෙි ශක්තිය ප්‍රගුණ කල යුතු වෙනවා. නිදසුනක් වශයෙන් තමන් හුගක් ආදරය කල කෙනෙකුගේ වෙන්විම සිතට දැඩි ශෝකයක් වෙිදනාවක් ඇති කරනවා. මෙවැනි අවස්ථාවල අප ජිවිතය පිළිබද කලකිරෙනවාග දිවි නසා ගන්න පවා සිතෙනවා. එවිට අපේ ඔිරා රැස් වලල්ලේ තාවකාලික සිදුරු වෙනුවට ස්ථිර සිදුරු හටගන්නවා. එවිට ඇතුලු වන පහත් ආත්මයන් පලවා හැරිම තරමක් අසිරු වෙනවා.

අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරුණු ආතතියෙන් තොර ශක්තිමත් මානසික තත්වයෙන් යුතු දිවියක් ගත කිරිමෙන් අපගේ ඔිරා ශක්තිය වරධනය වෙනවා. එවිට මෙම ආත්මයන්ට අපගේ සිරුරට ඇතුල් විමෙි හැකියාව නැතිවනවා. එවිට අපට නිරෝගිමත් මෙන්ම සැනසිලිදායක ජිවිතයක් ගත කිරිමට පුලුවන් වෙනවා.

ශ්‍රීයාද සේරමි ( අන්තර්ජාලය සහ "The five rules of thoughts” by Mary T Brown" ඇසුරිනි)



මොකක්ද මෙි ඔිරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාද ඔිරා කියා හදුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුලක් වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වලල්ලක් මෙය ශක්ති ජනකයක් (Energy Field ) වශයෙනුත් හදුන්වනවා.