ගෞතම බුදුන් වහන්සේ සෘදියෙන් අතීතයට ගොස් රාවණයන්ට දෙසු ලංකාවතාර සුත්‍රය

අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්මපූණ්ඩරික, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැඛෙනවා.

කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැඛෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.

මෙය අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නෙ කෙසේදැයි යමෙක් අසනවා නම්, එයටත් සටහනක් තියලම සුත්‍රය දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රි ලංකාව යනු ථෙරවාදී බෞද්ධ රටක්.

ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් ථෙරවාදී බෞද්ධයන් විදියට තමයි හදුනාගත හැක්කේ. අප රටේ ජනප්‍රිය මතය නම් මහින්දාගමනයත් සමගම බුදුදහම ලංකාවට පැමිණියා යැයි කියන එකනේ. එය එසේ නොවී මහින්දාගමනයත් සමගම ථෙරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණායැයි කියලා කියන එක තමයි මාගේ මතය නම්. එයට උදාහරණ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය ගන්න පුළුවන්. මානෑවේ විමළරතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජානන් වහන්සේ ප්‍රථමයෙන්ම අභිධර්මය දේශනා කරලා තියන්නේ ලක්වැසියන්ටයි.

අපි උපකල්පනය කලහොත් රාවණ රජු වැනි අති ශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා, මහින්දාගමනයේ අද දක්වා තිඛෙන ථෙරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මැකිය නොහැකි බැවින් එය ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සගවා තැබූ බව අපට සිතන්න පුළුවන්. මොකද මහායානය ඉස්මතුවීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දක්නට නැහැ. නියම බෞද්ධයන් ලෙස මහායාන හෝ ථෙරවාදී ලෙස නොඛෙදී විවෘත මනසකින් විමසීමට, ගවේෂණයට අපි යොමුවිය යුතුයි. ඒ නිසාම ලංකාවතාර සූත්‍රය මෙ දක්වා බ්ලොග් කරණයේ යෙදුන සරළ භාෂාවෙන් ගෙන එන්නේ.

රාවණ රජු උපදෙස් ඉල්ලයි...

මා විසින් මෙසේ අසන ලදි, අප භාග්‍යවතුන් වහන්සේ අති විශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්ව වරුන් සමගින් මහා සාගරයේ මලය කදුකරයේ කදු මුදුනේ පිහිටි, නොයෙක් වර්ගයන්ගේ මල් වලින් හා විවිධ වර්ගයේ හා මැණික් වලින් සෑදුන ලංකා මන්දීරයේ වැඩ වසනලදි. මහා මථී (මහා ප්‍රඥාවන්ත) බෝධිසත්වයන් විසින් නායකත්වය සපයන ලද මෙම බෝධිසත්ව-මහාසත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද, දසවිධ ආත්ම දමනයන්ගෙන්ද, දස බලයන්ගෙන්ද, අධ්‍යාත්මික ශක්තීන් 6කින්ද, සමන්විත වූවන් වූ අතර, මෙම බෝධි සත්වයන් වහන්සේලා සියළු බුදු වරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ.හදවත් තුල විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මැනවින් වටහාගෙන සිටයහ. උන් වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය, ඉගැන්වීම හා විනයානූ කූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන් , විඥානයන් අටක මැනවින් දක්ෂයන් විය.

ඒ සමයේදී, සත් දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානයේ ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කොට ගැන නිම කළ නොහැකි තරම්ව සිටි ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා, මලය කදුකරයේ ලංකාව දෙස බලා සිනාහ පළ කරමින් මෙසේ වදාළ සේක...

"අධ්‍යාත්මික ඥානයෙන්, දැනුම, විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තාථාගතයන් වහන්සේලා විසින්, දාර්ශනිකයන්ගේ දැනුමින්, ශ්‍රාවකයන්ගේ හා පසේ බුදුවරුන්ගේ විඥානයෙන් (දැනීමෙන්) එහා ගිය ඉතා ගැඹුරෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලය කදුකරයේ පිහිටි ලංකා මන්දීරයේදීය. එලෙසම මමත්, යක්ෂ ගොත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි."

මහා සගරයට අධිපති වූ මකර රජුගේ මාලිගාවෙන් පිටතට පැමිණි බුදුන් වහන්සේ ඇතුළු පිරිස දුටු ධ්‍යාන ලාභී රාවණ රජු ප්‍රීතිමත් වී, "මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුළු වන ලෙස ඉල්ලනවා. මෙම සංසාරය නැමති දිගු රාත්‍රියට උන්වහන්සේගෙන් සෙතක් සැලසේවී, උන්වහන්සේ හොදක් කරාවි, දෙවියන් මෙන්ම මනුෂ්‍ය වර්ගයාද සතුටට පත්වේවි."

ඉන් අනතුරුව, රාක්ෂ අධිපති රාවණ රජු තම සහපරිවර සමගින්, පුෂ්පක නැමති දිව්‍යමය රථයෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේය. රථයෙන් පිටතට පැමිණී රාවණ රජු හා පිරිවර, ඉන්ද්‍රනීල මාණික්‍යකින් සෑදුන දණ්ඩකින් ඛෙරයක් වැනි සංගීත භාණ්ඩයක්ද, නිල් මාණික්‍ය ඔබ්බවා, මනා ලෙස නිර්මාණය කරන ලද වීණාවක් කහපැහැති අබරණින් හා අනර්ඝ සළුවලින් සාදන ලද ආධාරකය (බෝ) මගින් වයමින්, සප්තය, රිෂභය, ගාන්ධාර්වය, ධෛවතය, නිෂාධය, මධ්‍යමය හා කෛෂික වැනි සවණ පිණන අයුරින් ග්‍රම, මර්චනාදියෙන් උස්පහත් කරමින්, බටනලා වාදනය සමගින් හඩ මුසු කොට කාව්‍යන් ගයමින් වමේ සිට දකුණට තෙවරක් බුදු රදුන් වටා ගමන් කරමින් මෙසේ උපදෙස් ඉල්ලන ලදි.

1. සත්‍යයේ උතුම් වූ මුලධර්මයන් වනුයේ, සවාත්මයෙන් මිදුනා වූද, සියළු කාරණා වලට ඉහලින් නැගි සිටින්නා වූද, අපවිත්‍ර දෑ වලින් තොර වූ දෙයයි. එය යමෙකුගේ අභ්‍යන්තරයෙන් එකතු වන්නා වූ දැනුම කෙරෙහි යොමුවේ. ස්වාමීනි... මට ඒ සත්‍යට යන මාර්ගය පෙන්වන්න.

2. සුගත යනු අපරිමිත ශිලයෙන් අකලංක වූ ශරීරයයි. එම ශරීරයේ වෙනස් වීමන් ප්‍රත්‍යක්ෂය, එය ස්වාත්මයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය විවරණය කරයි. එය ලංකාවට පැමිණෙන සේක්වා. මුණිවරයානෙණි මේ ඒ කාලයයි.

3. මෙම ලංකා පුරවරය අතිත බුදුවරයන් වහන්සේලා පවා වැඩ සිටි භූමියකි, ස්වාමීණී, මට දැන් ඉහළම සත්‍ය පෙන්වන්න. විවධ චාරිත්‍ර විධින්ට අනුගතව සිටින යක්ෂ ගෝත්‍රිකයන් පවා ඇහුන්කම් දේවි.

ඉක්බිති රාවණ රජු විසින් තව දුරටත් තෝටක රිද්මයන්ට අනුගත වෙමින් මෙම ගතා ගායනා කරන ලදි.

සත්දිනකට පසු, භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයට අධිපති මකර රජුගේ වාසස්ථානයෙන් පිටත මුහුදු වෙරළට වැඩි සේක. මෙසේ බුදුන් වහන්සේ වඩිත්ම අප්සරාවන්, සුක, සරණ හා පණ්ඩිතයන්ගෙන් සෑදුන යක්ෂ සමූහයා පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැද නමස්කාර කොට එක්තපැස්ව තමන් හදුන්වා දුන්නේය.

මෙතනට පැමිණි මම රාවණ නම් දසසිස් රාක්ෂස රජු වෙමි, හිමියෙනි මා ඇතුළු ලක් වැස්සන්ගේ ගෞරව පූර්වක කරුණාව පිළිගන්නා සේක්වා.

"මේ නගරය ආධ්‍යාත්මික හා දැනුවේ විචික්ෂණ බුද්ධියෙන් අභ්‍යන්තර විඥානයන් පවා අවබෝධ කරගත් ස්ථානයකි, මහා අනර්ඝ පාෂාණයන්ගෙන් සෑදුන මේ කදු මුදුන මෙම බුද්ධිය විදාරණය කල ස්ථානයකි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේත් මේ මහා අනර්ඝ පාෂණයන්ගෙන් සරසන ලද මෙම ශිඛරයේදී මා ඇතුළු පිරිවරටද නිර්මල වූ සත්‍ය වදාළ සේක්වා, අපි ඇසීමට කැමැත්නේ සිටිමු."

ලංකාවතාර සූත්‍රය වනාහි අතීතයේ වැඩ විසූ බුදුවරුන් පවා වර්ණනා කල, ඉතා අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූ අන් කිසිම දහමක හමු නොවන්නා වූ අනර්ඝ දහමකි. අතීතයේ වූ විජයග්‍රාහී පුතුන් හමුවේ අතීත බුදුවරු දේශනා කරන මේ දහම නැවතත් සිහිකරගන්නෙමි. භාග්‍යවතුන් වහන්ස දේශනාකරන සේක්වා.

අනාගතයේදී යක්ෂ ගෝත්‍රිකයන් කෙරහි බුදුවරුන්, බුද්ධපුත්‍රයන් විසින් අනුකම්පිත අවධානය යොමුකරාවි. යක්ෂ ගෝත්‍රික නායකයන් පිරිවර උදෙසා මෙම මහානුභාවසම්පන්න දහම, මෙම අනර්ඝ පාෂණයන්ගෙන් සෑදුන ශිඛරය මත දී දේශනා කරනු ඇත.

මහානර්ඝ පාෂණයන්ගෙන් ලංකෘත, මහා ශිඛරයන්ගෙන් වටවුණු, සුවදායක හා අලංකාර වූ අභාරණ වලින් සෑදුන වියන් වලින් සමන් විත ලංකාපුරය විභූතිමත් පුරවරයකි.

භාග්‍යවතුනි, මෙහි සිටින්නා වූ යක්ෂගෝත්‍රිකයන් තන්හාවෙන් මිදුන, අභ්‍යන්තරයෙන්ම අතීත බුදුවරුන්ගේ සත්‍යාවබෝධ කරගත්තා වූ පිරිසකි. ඔවුන් මහායාන ඉගැන්වීම් විශ්වාස කරන්නන්ය. අප යක්ෂගෝත්‍රික තරුණ දූ වරුන් හා පුතුන් හට මහායානය දැනගැනීමට අවැසි වී ඇත.

භාග්‍යවතුනි, මහා ගුරුවරයාණෙනි මලය කදුමුදුනේ ලංකාපුරයට වඩිනු මැනවි.

කුම්භකර ඇතුළු රාක්ෂ ගොත්‍රික මහායානය කෙරෙහි සැදහැවත්ව මේ නගරරයේ සිටන්නද මේ අභ්‍යන්තර අවබෝධය පිළිබදව ඇසීමට සැදීපැහැදී සිටි. ඔවුන් අතීතෙය් බුදුවරුන්ටද අනලස්ව තම උපහාරය දැක්වූවන්ය. අදටත් එසේය. ලංකාපුරය කෙරෙහි දයානුකම්පාව දක්වා, හිමියනි වඩිනු මැනවි.

මහාමථි, (මෙලෙස මහාමථි නම් බෝධිසත්වයන් වරයෙක් පිළිබදව මෙම සුත්‍රය පුරාවටම දැකගත හැක) විවිධ වර්ගයන්ගේ අබරණ ගෙපැලැදැ අපසාරවන්ගෙන් පිරුණ මාගේ මන්දීරයද, මනෝරම්‍ය වූ අශෝක උයනද පිළිගනුමැනවි. මම බුදුරදුන් වහන්සේට හා බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සේවයට කැපවන්නෙමි, උන්වහන්සේලාගේ අනුකම්පාව උදෙසා මා හට කැප කල නොහැකි දෙයක නොමැත. මහා මුණිවරයාණෙනි මා හට අනුකම්පා කරණ සේක්වා.

මෙලෙස රාවණ රජුගේ ආරාධනාවන්, වර්ණනාවන් අසා සිටි තිලෝගුරුන් "යක්ෂාධිපති රජුනි, මේ මහානර්ඝ පාෂණයන්ගෙන් සෑදුන මේ කදුමුදුන අතීත බුදුන් පවා වැඩිය භූමියකි, ඔබ හට අනුකම්පා කර සත්‍ය දේශනා කරමි. එලෙසම අනාගත බුදුවරුන් පවා මාණික්‍යන්ගෙන් සැදූනා වු මෙම කදු මුදුනේදී ඔවුන්ගේ ධර්මයන් දේශනාකරනු ඇත."

"මෙම ගැඹූරු වූ සත්‍ය, සත්‍ය සෙවීමේ අරමුණින් සිටින්නා වූ යෝගී වරුන් පවා බලාපොරොත්තුව සිටි සත්‍යකි. යක්ෂ රජුනි ඔබ හට මාගේ අනුකම්පාව හිමිය."

භග්‍යවතුන් වහන්සේ මෙලෙස රාවණ රජුගේ ආරාධානාව පිළිගෙන නිශ්ශබ්දව හා රාවණ රජු විසින් පිළිගන්වන ලද පුෂ්පක රථයට වැඩි සේක.

අනතුරුව විජයග්‍රාහී පුත්‍රයන් වන රාවණ රජු හා පිරිවර විසින්, අප්සරාවන් විසින් ගෞරව පූර්වකව ගයමින්, වයමින් හා නර්තනය කරමින් බුදුන් වහන්සේ ඇතුළු පිරිවර රැගත් රථය ලංකාපුරයට ලගා විය.

මනරම් වූ ලංකාපුරයට සැපත් වීමෙන් අනතුරුව නැවත නැවතත් බුදුන් වහන්සේ ගෞරව පුර්ව වන්දනාවන්ගේ ගෞරව දැක්වීය. රාවණ රජු ප්‍රමුඛ යක්ෂ සමූහයෙන්ද, යක්ෂ ගෝත්‍රික කාන්තාවන්ගේද වන්දනාවට ලක්විය. විවිධ වූ මාණික්‍යන්ගෙන් සෑදුන වියනක් තරුණ යක්ෂ පුතුන් හා දූවරුන් විසින් බුදුන් වහන්සේට පූජාකරන ලදි.

රාවණ රජු විසින් අලංකාර ආභරණින් යුක්ත වූ ගෙලපලාදනාවක් බුදුන් වහන්සේ ඇතුළු බුද්ධ පුත්‍රවහන්සේලාට පළදවන ලදි. බුදුන් වහන්සේ ප්‍රමඛ නැණයෙන් සම්පන්න වූ බුද්ධ පිරිවර විසින් පිළගන්වන ලද, පූජාකරන දේ පිළිගනිමින් ගැඹුරු වූත්, අභ්‍යන්තරයෙන් අවබෝධ කරගත්තා වූත් සත්‍ය දේශානාකරිමට සූදානම් විය.

දක්ෂම කථිකයා ලෙස ගෞරව කරමින්,රාවණ රජු හා යක්ඛ පිරිවර විසින් මහාමථි බෝධිසත්වයන්ගෙන් නැවත නැවතත් මෙසේ ඉල්ලන ලදි.

"ඔබ, අභ්‍යන්තරයෙන්ම අවබෝධ කරගත්තා වූ සර්වඥ ඥානය සම්බන්ධයෙන් බුදුන් වහන්සෙගෙන් විමසීමේ හැකියාවෙන් යුක්ත වන්නේය. මෙතන සිටින්නා වු යක්ඛ පිරිවර, එලෙසම බුද්ධ පුත්‍රයන්ද ඇසීමට කැමැත්තෙන් සිටින්නේය. මම, යක්ඛ පිරිවර, බුද්ධ පුත්‍රයන් හා බුද්ධිමත් මනුෂ්‍යන්ගෙන් සෑදුනා වූ පිරිවර මෙසේ ඔබගෙන් ඉල්ලමු."

"ඔබ සුභාෂිත වූ කථිකයෙකි, එලෙසම මහත් උද්යෝගීමත් යෝගී වරයෙකි, භක්ති පූර්වකව ඔඛෙන් මෙසේ අයදිමි, බුදුන් වහන්සේගෙන් ධර්මය පිළිබදව විමසුනු මැනවි. විශිෂ්ඨ වූ ධර්මය පිළිබදව විමසනු මැනවි."

දර්ශනවාදීන්, පසේ බුදුවරුන් හා ශ්‍රාවකයන්ගේ වැරදීම්, අඩුපාඩු වලින් තොරවූ අභ්‍යන්තර සවිඥානයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය, නිර්මල වූත්, අග්‍ර වූත් බුද්ධත්වයයි.

අනතුරුව, භාග්‍යවතුන් වහන්සේ අබරණින් සමලංකෘතවූ ශිඛරයන් හා අනෙකුත් වස්තූන් ගැනිය නොහැකි තරම් අතීමහත් වූ අබරණින්,මහානුභාව සම්පන්නව අලංකාර කල සේඛ.

සෑම ශිඛර මස්ථකයකම බුදුන් වහන්සේ දර්ශනය වූ අතර රාවණ රජු ප්‍රමඛ යක්ඛ සේනාවද එම මස්ථකයන් හී දක්නට ලැබුණි. සෑම ශිඛර මස්ථකෙය්ම සියළු දේශයන් හී නායකයන්ද, පරිවාර සමූහයාද විය. ලංකාවාසී රාක්ෂ රජුද මෙහි විය. තවද මෙම සෑම ශිඛර මස්ථකයක්ම, බුදුන් වහන්සේගේ ඉල්ලීමට අනුව මහා මථි බෝධි සත්වයන් විසින් සාදන ලද, අශෝක මලින් ගැවසුන අශෝක වනයන්ගෙන් යුක්ත විය.

යක්ඛ පරිවරගේ යහපත උදෙසා ඉතා අභ්‍යන්තර සාක්ෂාත් කරගැනීමට මගෙපන්වන්නා වූ සත්‍ය දෙශනා කරන්නා, සම්පූර්ණ සුත්‍රධර්මයන් මධුර හඩින් විවිධ සිය ගණනින්, දහස්ගණනින් කදු මුදුන මතදී දේශනාකරන ලදි.

අනතුරුව බුදුන් වහන්සේ හා බුද්ධ පුත්‍රයන් වහන්සේලා රාවණ රජුගේ ප්‍රසාදයේන් නැගී සිට රාවණ රජු හා යක්ඛ පිරිවර අතහැර ආකාශයේ නොපෙණි යන ලදි. රාවණ රජුට මෙසේ සිතින, මෙය වන්නේ කොහොමද? මෙහි තේරුම කුමක්ද? කා හටද එය ඇසුනේ? මොකක්ද ඒ? ඒ දර්ශනය ? එය දක්නා ලද්දෙ කවුරුන්ද? නගරය කොහේද? බුදුන් වහන්සේ කොහේද? තිබුණා වූ දේශයන්, අභරණින් දිළිසුණ බුදුන් වහන්සේ, සුගතයන් වහන්සේ කොහේද ? මෙය සිහිනයක්ද? එසේත් නැතිනම් දර්ශනයක්ද? ගාන්ධර්වයන් විසින් මවන ලද්දා වූ මායාවක්ද? නැතිනම් ඇසේ වූ දූවිලි නිසා වූවක්ද? මරු විකල්ලෙන් වූවක්ද? එසේත් නැති නම් වද ගැහැණියකෙග් සිහින දරුවාද? අග්නි චක්‍රෙය් දුමාරයද? මා ඒ දුටු වේ? අනතුරුව රාවණ රජු විසින් අවර්ජනය කරගන්නා ලදි. මෙය වූ කලි මානසික රාජධානියට අයත් ධර්මතාවයයි, සියළුදෙනා තම පරිකල්පනයෙන් ව්‍යාකූලත්වයට පත්වීමෙන් ඇතිවන්නා වූ මුග්ධ බාවය නිසා මෙය වටහාගත නොහැක.

ශාස්තෘවරෙයක් සිටියා සිටියා හෝ නොසිටියා හෝ, දේශකයෙක් නොසිටියා හෝ දේශනාවක් නොමැති වුවත්, බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය පිළිපැදීමෙන් විචික්ෂණ බුද්ධිය ලැබේ. මෙවැනි සංසිද්ධින් මෙයට පෙර දුටුවන් බුදුන් වහන්සේ නොදකී. විචක්ෂණ බුද්ධිය අවදී නොවූ විට බුදුන් වහන්සේ දැකිය නොහැක. බුදුන් වහන්සේ තම සර්වඥතා ඥානයෙන් ලෝකය ලෝකය විසින්ම පරිණාමය නොවන බව දුටු සේක.

ලංකාධිපති, රාවණ රජු (තම මතක ආවර්ජනයෙන්) හදිසියෙම අවදි වූ අතර හදවතේ ජුගුප්සාවක ඇති වූ අතර තම මනස තරම් ලෝකය කියා දෙයක් නොමැති බව අවබෝධ කරගත්තේය. අනතුරුව රාවණ රජු වෙනස් කොට තැකීමෙන් තොරවූ තම රාජධානියේ හිදගනිමින්, තම අතීත නිවැරදීවූ ක්‍රියාවන්ගෙන් ප්‍රබෝධමත්ව, සියළු ග්‍රන්ථයන් අවබෝධ කරගැනීමේ දක්ෂතාවයන් අයත් කරගනිමින්, යමක් ඇති සැටියෙන්ම දැකීමේ බුද්ධිමහිමය ලගා කරගනිමින්, අන්‍යන්ගෙන් සවායත්ත වෙමින්, කාරණයන් අතිවිශිෂ්ඨ ලෙස තමාගේම බුද්ධියෙන් නිරීක්ෂණය කරමින්, අක්‍රමිකවත් තර්කණයන්ගෙන් තොර වූ විඥානය උකහාගනිමින්, විනයානු කූල ශ්‍රේෂ්ඨ යොගීවරයෙක් මෙන් තමා තුල ඇති සියළු විශිෂ්ඨ ආකාරයන්(හැකියාවන්) මනා ලෙස ප්‍රත්‍යක්ෂ කරගනිමින්, තමාතුල ඇති සූක්ෂම අවබෝධයන් මුළුමනින්ම හදුනාගනිමින්, සුක්ෂම ලෙස බාධාවන් ජයගැනීමට අවැසි සෑම අවධියකම ආවේණික වූ ලක්ෂණයන් පිළිබදව දැනුම සහිතව, සිත, මනස හා මනෝවිඥානය යන 3න් ස්වභාවයන් අවබෝධ කරගැනීමේ ප්‍රීතියෙන්, තුන්කල් පැවැත්ම කපා දැමිය හැකි වන දර්ශණය ලබාගනිමින්, සියළු දාර්ශනිකයන්ගේ හේතුඵල දහම පිළිබද තර්කයන් විධානය කොට තබා ගැනීමේ දැනුමෙන් යුක්තව තම අභ්‍යන්තර විඥානයෙන් මුළුමනින්ම තථාගත ගර්භය තේරුම්ගනිමින්, මුළුමනින්ම බුද්ධත්ව අවදිය තේරුම් ගනිමින්, කිසිම දිනක වෙනස් නොවන්නා වූ බුද්ධ මාර්ගය (බුද්ධ මාර්ගයට පිවිසීමේ ඥාණය) තමාවිසින්ම සොයගන්නා ලදි. මේත් සමගම "එය තමා විසින්ම දැනගත යුක්තකී" යැයි පවසමින් හඩක් ආකශ ගර්භයෙන් ඇසෙන්නට විය.

"අගනේය, ලංකාධිපති අගනේය. සත්‍යවශයෙන්ම නැවත වාරයක් අගනේය. යෝගී වරයන් තමාවිසින්ම විනයානු කූල යුක්ත විය යුතුය. තථාගතයන් වහන්සේ හා සියළු දේ තමා විසින්ම දකින පරිදි දැකිය යුතුය. අනෙකුත් ක්‍රම වලින් දැකිය හොත් එය ශුන්‍යවාදීය. අර්ථ රහිතය. සියල්ල තමා විසින්ම සිත, මනස හා විඥානය උත්තරීතර භාවයට රැගෙන එමින් අවබෝධ කරගත යුතුය. තමා විසින්ම (අධ්‍යාත්මය) අභ්‍යන්තරය බැලිය යුතු අතර ලේඛනයන් කෙරෙහි හා අවිචක්ෂණ දැකීම් කෙරෙහි ඇලී නොසිටිය යුතුය. තමා විසින් ශ්‍රාවක, පසේබුදුවරුන්ගේ හා දාර්ශණිකයන්ගේ සමාප්තීන්, සංකල්පයන්, අත්දැකීම් හා සමාධියන්ට නොවැටිය යුතුය. කුඩා කතාන්දර හා සිනහා උපදවන කියමන් කෙරෙහි රුචියක් නොදැක්විය යුතුය. තමාවිසින් පෝෂණය කරනලද්දා වූ සකේතාත්මක භාවයන් නැතහොත් නායකත්වය පිළිබදව වූ පුරසාරම් සහිත සිතුවිලි තුරන් කල යුතුය. සය ධ්‍යානයන්ට අයත් ධ්‍යාන වැනි ධ්‍යානයන්ගෙන් නොවැජඹිය යුතුය."

"ලංකාධිපති, මෙය වූ කලි මහා මුනිවරුන්ගේ යථාඅවබෝධයයි. පෙර දේශනා කරනලද දේ මුලිනුපුටා දමමින්, අධර්මිෂ්ඨ වූ දැක්මන් කැබැලිකරමින්, තම තමන්ම මොහෝය මුල්වූ දැක්මන්ගෙන් නිවැරදිව ඈත්වෙමින්, මනසේ තැන්පත් වී ඇති පිළිකුල් සහගතයන් විශිෂ්ඨ ඥානයෙන් හදුනාගතයුතුය. ඔවුන් බුද්ධමාර්ගයේ ගමන් කරන්නන්ය. තාථාගතයන් වහන්සේ ලබාගත්තා වූ ආත්ම අවබෝධය ලබාගැනීමට, තමා විසින්ම විනයානුකූල විය යුතුය."

"ලංකාධිපති මෙලෙස ඔබගේ මන්දිරයේ මෙම පිරිස රැස් කීරමෙන් ඔවුන්ව පැමිණි ලෙසින්ම තව දුරටත් ශෝධනය වීමට දෙන්න. තමන්ව විනයාකූල සමාධියේ හා සමාපත්තියේ වැදීමෙන්ද, ශ්‍රාවකයන් හෝ පසේ බුදුන් වහන්සේලා අනුගමනය නොකරන්න. දාර්ශනිකයන් අනුගමනය නොකරන්න. ඔවුන්ළාමක දාර්ශනිකයන් අනුව යමින්, ඔවුන් තම පරිකල්පනයෙන් ලබාගත්තා වූ, වින්දා වූ දේ අනුගමනය නොකරන්න. ඔවුන් ලෝකය නිර්මාණය කරයැයි කියන්නා වූ ගර්වයෙන් යුක්ත අදහස් වලට ඇලී සිටි. ඔවුන් එම හැගීම් මුලධර්ම, ගුණාත්මක බව හා භාවර්ථය ලෙස භාවිතා කරති, ඔවුන් මෝහයෙන් යුක්ත දැක්මන් වලට තදින් ඇලී සිටි. ඔවුන්හිස් බාවය පැතුරවන්නා වු ඉපදීමේ අදහස පෝෂණය කිරීමෙන් ව්‍යාකූලත්වයට පත්ව සිටි. ඔවුන් එය විචික්ෂණ බුද්ධිය ලෙස සලකා එයට ඇලී සිටිත්, ඔවුන් ද්වෛත්වය හෙවත් යෝග්‍ය කිරීම හා යෝග්‍ය ලබාගන්නා යැයි සිතන්නා වූ මාර්ගයකට වැටි ඇත"

"ලංකාධිපති, විවිධ ආකරයේ විශිෂ්ඨ සමාප්තියන්ට ලගා කරගැනීමට මග පෙන්වන්නේ මෙයයි. අභ්‍යනතර සමාප්තියන්ට එලැඹිමට දැනුවත් කිරිම වර්ධනය කරන්නෙ මෙයයි. මෙය වූ කලි මහායාන යාථාවබෝධයයි. සංසාරයේ විශිෂ්ඨ වූ ලගාකරගැනීම් ලබා ගැනීමට මෙය හේතු වේ."

"ලංකාධිපති, මහායාන විනයානුකුලත්වය එලැඹිමෙන් මෝහය විනාශ වේ. එලෙසම දාර්ශනිකයන්ගේ පිහිට හෝ පුහුණුවට එලැඹෙන්නේ නැත."

"ලංකාධිපති, දාර්ශනිකයන්ගේ පුහුණුවන් ඔවුන්ගේම ගර්වයෙන් පිරුණා වූ බැදීම් වලින් ආරම්භ වේ. ඔවුන්ගේ අසුන්දර පුහුණුවන් තමන්ගේම සවරූපයේ විඥානයන්ට සම්බන්ධ වූ ද්වෛත්වික දැක්මකින් නැගී සිටි."

"යහපති ලංකාධිපති, මෙයට පෙර ඔබ තථාගතවන් දකින විට ඇති වූ අදහස ආවර්ජණය කරගන්න. මේ සදහා, සත්‍යවශයෙන්ම, තථාගතයන් දකිමින් ඉන්න."

මෙම ලංකාවතාර සුත්‍රයට අනුව බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කිරීමටත් පෙර සිටම ලංකාව බෞද්ධ දේශයක් වූ බව පැහැදිලිය. මෙම සුත්‍රයේ කරුණු වලින් හෙලිවන දෙයනම් මහායාන බුදුදහම ලංකාව පුරා අතීතයේ සිටම පැතිරී තිබූ බවයි. එලෙසම අප සැලකිල්ල දැක්විය යුතු කරුණක් වන්නේ බුදුදහම යනු ගෞතම බුදුන් වහන්සේ විසින් පමණක් දේශනා කල කරුණු පමණක්ද යන්නයි. මහායාන ධර්මයට අනුව පෙරබුදුවරු පවා දේශනාකරන ලද සුත්‍ර ධර්මයන් පවා ප්‍රධානතම ධර්ම කරුණු ලෙස භාවිතා වේ. මෙම සුත්‍රය ඊට හොදම උදාහරණයයි.

මෙම සුත්‍රයට අනුව රාවණ වැනි අපගේ ශ්‍රේෂ්ඨ නරපතියන් බුදුන් දැකීමට පවා පෙර බෞද්ධයන් වූ බව පැහැදිලි වේ. රාවණ රජුහට නොයෙකුත් බලයන් තිබූ බව ප්‍රකට කරුණකි. අදටත් මහායාන ධර්මය තුල මාර්ග ඵල නොලබා විවිධ වූ ධ්‍යානයන් ලබාගත් පුද්ගලයන් මහායාන ධර්මය අදහන චීනය, ජපානය වැනි රට වල අප්‍රසිද්ධව ජීවත් වන බව අසන්නට ලැබේ. මේ පිලිබදව වැඩිපුර අවබෝධයක් චීන කුංෆු සටන්කලාව අශ්‍රිතව හදුනාගත හැක. විවිධ සිනමාපට මගින්ද මෙලෙස අහසින් ගමන් කරන, පාවෙන, මනසින් ගමන් කරන පුද්ගලයන් මතුවෙන්නේ මහායාන ඉගැන්වීම් අනුව ලබාගත් ධ්‍යානවලින් බව සිතාගත හැක.




අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්මපූණ්ඩරික, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැඛෙනවා. කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැඛෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.