සාමන්‍යයෙන් අප මෝහනය ලෙස හදුන්වන්නේ කෙනෙකු නිද්‍රා ස්වභාවයකට පත්කර ඔහුගේ යටිසිත අවදිකිරීමයි. සිතේ ප්‍රබල ශක්තිය ඇත්තේ යටිසිතෙහිය නමුත් එයට උඩු සිත මෙන් තර්ක විතර්ක කිරීමේ ශක්තියක් නැත. අවදි කර ගත් යටිසිතට යම්යම් ධනාත්මක යෝජනා කල විට ඒවා ඉතා ඉක්මණින් ඉතා ශක්තිමත්ව ක්‍රියාකාරීවන බව දැනගන්නට ලැබී තිබේ. ධනාත්මක චින්තනයේදීද මෙම යටිසිතට යෝජනා දැමීමෙන් තම කාර්ය සඵලකරගනී.
මිනිස් සිරුරේ දෛනික කටයුතු වලදී යටිසිත නිමාවක් නොමැතිව ශරීරයේ ආහාර ජීරනය් සිට සිහින පෙනීම දක්වා පාලනය කරයි .මේ සියල්ල සිතුවිලි ධාරාවක් පමණි .මොලයේ ක්‍රියාකාරීත්වයෙන් සිතුවිලි පාලනයවේ.
මිනිස් සිරුර සෑදී ඇත්තේ ස්වයංක්‍රියව රෝග සුව කර ගැනීමටයි. ඒ තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගිනි. එය සමහර විට කාලයක් ගතවන ක්‍රියාවක් විය හැක. මෝහනයේදී සිදුකරන්නේ එම ක්‍රියාවලිය කඩිනම් කිරීමය. මෝහනය මගින් යටිසිත ක්‍රියාත්මක කර එම රෝගය සුවකිරීම සදහා යොමු කරයි. අප සියලු දෙනාම දිනයක අවස්ථා දෙකකදී ස්වයංමෝහනයට පත්වේ. එනම් අප රාත්‍රි කාලයේදී නින්දට යන අවස්ථාවේ සහ උදෑසන අවදිවන අවස්ථාවේයි. එනම් නින්ද සහ අවදිය යන අතරමැදි අවස්ථාවයි.
මෝහනය ඉතා අනාදිමත් කාලයක සිටම රෝග සුව කිරීමේ ක්‍රමයක් ලෙස ලොව පුරා පැතිර ගොස් තිබේ. ඇත්තෙන්ම වසර 2000 කට පමණ පෙර මෙම මෝහන කලාව ලොවට හදුන්වාදී ඇත්තේඊජිප්තු පුජකවරුන් විසිනි. මෙහි දේවස්ථාන වල නොයෙක් ක්රමයේ රෝග සුව කිරීමේ කලාවන් පැවතිනුබවට ඉතිහාසය සාක්ෂි දරයි. පළිගුමගින්, චුම්බක(කාන්දම් ශක්තිය) මගින්, විශ්ව ශක්තිය, මෝහනය මගින් යන මේ ක්‍රම තුලින් ඔවුන් ඒවා සිදු කරඇති බව පැවසේ. ග්‍රිසීයේ පැවති ඇස්කුලේපස් නමැති දේවස්ථානය මේ පිළිබදව ඉතා ප්‍රසිද්ධියක ඉසිලූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙහි ඇත්තෙන්ම සිදුවී ඇත්තේ මෝහනය මගින් නිද්‍රාවට පත්කොට යටිසිතට යෝජනා කරමින් රෝග සුවකිරීම වුවත් එය නොපෙනන දේව බලයක් ලෙස හුවා දක්වන ලදී. මේ අතර විශ්ව ශක්තිය මගින් රෝග සුවකිරීමේ ක්රමයද ක්‍රමයෙන් ජනතාව අතර ප්‍රචලිත වීමට පටන්ගෙන තිබේ නමුත් මෝහන විද්යෙවේ පියා ලෙස හදුන්වන්නේ 1794 දී ඔස්ට්‍රියාවේ උපත ලද ප්‍රොන්ස් ඇන්ටන් මෙස්මර්නම් මහත්මයෙක්. ඔහුගේ සොයාගැනීමි මෙස්මරිසම් ලෙස හැදින්වේ
ලොව බොහෝ දියුණු රටවල් සිත මුල් කර ගත් රෝග සුවකිරීම සහ රෝගීන්ගේ වේදනාවන් අවම කිරීම සදහා මෝහනය බහුලව යොදාගනී. හේතුව මානසික රෝග බොහොමයක් කායික රෝග සමග විශාල සම්බන්දයක් පැවතීමය. සමහර රටවල මෝහන විද්‍යාව අනෙකුත් වෛද්‍ය විෂයන් මෙන්ම විශේෂ වශයෙන් ඉගැන්වේ
සාමාන්‍යෙයන් 75% ක පමණ ප්‍රමාණයක් මෝහනය කල හැකි බව පැවසේ. මෝහනය කිරීමට අපහසු පුද්ගලයාගේ මානසික ව්යාකුලතාවය ඉතා තදින් බලපායි.. දරුවන් සහ මානසික රෝගින් පහසුවෙන් මෝහනය කර හැකිය. මෝහනය කිරීමද එක්තරා ශිල්පයකි. ඒසදහා යම් කිසි පුහුණුවක් අවශ්‍යය ඒ සදහා නොයෙකුත් ක්‍රමසහ විධි තිබේ. නමුත් මෝහනය හා බැදී තිබෙන සමහර මිත්‍යා මත නිසා බොහේ දෙනෙක් මෝහනය වීමට බියක් දක්වති. සමහරක් මේ මිත්‍යා මත නම් මෝහනය කිරීමෙන් පසු නැවත ප්‍රකෘති තත්වයට පත්වීමේදී සමහර අවස්ථාවල මානසික රෝගියෙකු විය හැකි බවයි. නමුත් මෙය අනියත බියක් බවත් මෙවැනි කිසිවක් මෝහනයෙන් සිදු නොවෙන බවත් මෝහන විද්‍යාඥයන් පවසති.
මෝහනය සහ ස්වයං යෝජනා
මෝහනය මගින් රෝග සුවකරන්නේ නිද්‍රා භාවයට පත් කර යටිසිත අවධි කර ඒ රෝගයට නිධාන වූ යම් හේතුවක් ඇත්නම් එය සොයාගෙන යම් ධනාත්මක යෝජනා කිරීමක් ඇණවුමක් මගින් එම සිතුවිල්ල ඉවත් කිරීමේනි. මෝහනය කිරීමෙන් සියලු රෝග සුව කල හැකි නොවේ. නමුත් ඇදුම, ගොතය, නින්ද නොයාම, මත්ලෝලත්වය මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවීම ගර්භනී කාලයේ ඇතිවන අපහසුතා, අපස්මාරය, ලිංගික බෙලහීනත්වය හීනමානය. පෝබියාව, බ්‍රාන්තිය යනාදී සිත මුල් කොට ඇතිවන රෝග පහසුවෙන් සුව කල හැකිෙ බව පැවසේ. සමහර වෛද්‍ය වරු මෝහනය නිර්වින්දිකයක් ලෙසද යොදාගනි. බොහෝවිට ප්‍රසව වේදනාව සමනය කිරීමට සහ දන්ත වෛද්‍ය විද්‍යාවේදි මෙය බෙහෙවින් යොදාගනී.බොහෝ මානසික අසහනයන් මෝහනය කර ඔවුන්ට යෝජනා ඉදිරිපත් කර යටි සිතට දැමීමෙන් සුව කල හැකි බව අදවන විට සාක්ෂි සහිතව ඔප්පු කර තිබේ. මේ මගින් ඇබ්බැහිවීම පවා නැති කල හැකි බවට සාක්ෂි ඉදිරිපත් කර තිබේ.
මෝහනය සහ අපරාධ
මෝහනය අපරාධ පිළිබද කරුණු එලි දැක්වීමට මෙන්ම අපරාධ කරවීමට ද යොදගත හැකැයි යන මතයන් දෙකක් ඇත.
මෝහනය සහ පුනරුත්පත්තිය
අද වන විට ලෝකයේ මොහනය මගින් පුනරුත්පත්තියසාක්ෂි ඇතිව ඔප්පු කර තිබේ.අතීත ආත්ම ආවර්ජනය (past life regression) පමණක් නොව අනාගත ආත්මආර්ජනය (future life regression) දක්වා අද මෝහන විද්‍යාවේ ප්‍රගතියක් දක්නට ලැබේ.මෑතකදි ඇමරිකාවෙ සුප්‍රසිද්ධ මනෝ වෛද්‍ය වරයෙකුවන ආචාර්ය බ්‍රයන් වයිස් මහතා විසින් රචිත (many masters many lives) යන ග්‍රන්ථය මෝහන ලෝකයේ විප්ලවයක් ඇති කල අවස්ථාවක් විය. එම ග්‍රන්ථයේ සදහන් වන්නේ එම මහාචාර්ය වරයා විසින් මෝහනය කරනලද කැතරින් නමැති යුවතිය විසින් ආත්ම 80 කට අධික ප්‍රමාණයක් ආවර්ජනය කිරීමයි. එපමණක් නොව ඇය මෝහනය වු අවස්ථාවේ වෙනත් ලෝකවල සිටින ආත්මයන් ගේ පණිවිඩ ගෙන ඒමට පවා සමත් වීමය. අද වන විට ආචාර්ය බ්‍රයන් වයිස් මේ පිළිබද ග්රන්ථ රැසක් පල කර තිබෙන අතර ඒ පුවත් වල සත්‍යතාවයද ඔප්පු කර තිබෙ. කැතරින් මෙනෙවිය මෝහනය වූ අවසථාවේ වයිස් මහතාගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා කීමට ඇයට හැකිවී තිබේ. තමන් විසින් පසුගිය ආත්ම වල කල කීදැමෙන්ම සිදුවුන සංසිද්දි මෙම භවයේ රෝග පීඩාවලට හේතුවු අවස්ථාරැසක් මෝහනය මගින් හදුනා ගැනිමට ඔහුසමත් වි ඇති අතර මෝහනය මගින් අදාල ඇණවුම් යෝජනා කිරීමෙන් ඒවා සුව කිරීමට සහඉවත් කිරීමට හැකියාව ලැබී තිබේ. නොයෙකුත් ක්‍රම මගින් තමන්ට ස්වයංමෝහනය වීමටද හැකියාව තිබේ මේ සදහා තැටි භාවිතා කෙරේ. මෝහනය මගින් අතීත ආවර්ජනක කිරීමේදි මරණාසන්න අවස්ථාවල අත්දැකීම් පවා මැනවින් ආවර්ජනය කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
සංසාරික බැදීම් අනුව තම මව පියා සොයුර සොයුරියන් සසර පුරා තමන්ගේ සැමියන් බිරින්දන් සොයුර සොයුරියන් ලෙස ජන්මලාභය ලබන අන්දම පිළිබද වැදගත් සාක්ෂි මෙම අතීත ආවර්ජනයන් වලින් හමුවී තිබේ. අප කුමන ආගමක් ඇදහුවවත් කුමන ජාතියක කුලයක උපත ලැබුවත් අප සියලු දෙනාම මරණයෙන් පසුඑකම ස්ථානයකට යන බවත් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබීම ලෝක ධර්මතාවයක් බවත් දැනගන්නට ලැබී තිබේ. මෙය එක් එක් ආගම් වලට අනුව වෙනස් විදියට අර්ථදැක්වේ. බුදු දහම අනුව එය කර්මය ලෙස හැදින්වේ. අප කෙනෙකුට යම් අගතියක් කලහොත් අපට ඒ පුද්ගලයාට කල අගතියහා සමාන අගතියකටම මුහුණ දිමට සිදුවනු අනිවාර්යය. මෙය බුද දහමේද විස්තර කරඇති අතර කතොලික ඉස්ලාම් දහම්වලදවිස්තර කෙරේ. නමුත් මෙම සෑම ආගමක් සහ දර්ශණයක්ම කාලයාගේ ඇවෑමෙන් සමහර පුද්ගලයන්ගේ අදහස් උදහස් අනුව වෙනස්වී ඇති බව අප කව්රුත් අවිවාදයෙන්ම පිළිගත යුතුව ඇත.
ආචාර්ය බ්‍රයන් වයිස් මහතා පවසන පරිදි මෙම අතීත ආත්ම ආවර්ජනය කිරීමේදි එළිවන තොරතුරු ඉතා විස්මය ජනකය. ඒ ඒ ආත්මවලට පිවිසෙන සමහර පුද්ගලයන් තමන් ඒ භවයේ ජිවත්ව සිටි රටවල් ප්‍රෙද්ශයන් ඇද සිට ඇදුම් පැලදුම් පමණක් නොව ඒ දිනවල තමන් සමග සිටි අය දැනටමත් තමන් සමගම මෙම ආත්මයේ පවා ඉපදී එකට ජීවත් ව සිටින බවච පවසා තිබේ. තවද ඔහු පවසන පරිදි අප භවයේ දිගටම අපේ ම ඥාතීන් සමග එකටම පැමිණෙන ස්වරූපයක් දක්නට ලැබේ.
පුනරුත්පත්තිය පිලිනොගත් ඇමරිකානු සහ යුරෝපිය වැසියන් 80% ක්ම අද පුනරුත්පත්තිය පිලිගන්නා තත්වයට පැමින ඇත්තේ මෝහනය මගින් එළි කරගත් මෙවන් සොයාගැනීම් නිසාමය.. අනාගත අනාවැකි පැවසීම මෝහනය වන සැම කෙනෙකුට කල හැකි දෙයක් නෙවෙන බව පවසන වයිස් මහතා ඒ සදහා අධි මානසික තත්වයෙන් යුතු පුද්ගලයන්ට අතීත ආත්ම ආවර්ජනයද කල හැකි බව සදහන් කරයි. අනෙක ඒ සමහරක් අපට නිත්‍ය වශයෙන් ස්ථිර කර ගත නොහැක. නමුත් අනාගතයේ ලොව මෙලෙස පවතිතැයි උපකල්පනය කිරීමට මේවා ඉවහල් වනු ඇත.
විවිධ වර්ගයේ මෝහන ක්‍රම තිබේ. ඒවා ඒ ඒ පුද්ගලයන් අනුව වෙනස්වේ සාමාන්‍ය ප්‍රචලිත ක්‍රමය නම් සයනයක නිදිකරවා සිරුර සන්සුන් කර නිද්‍රා තත්වයට පත් කර ඇණවුම් කිරීම මගින් මෝහනය කිරීමයි. සාමාන්‍යෙයන් මෝහන වේදියෙකු සතු ගුණාංග අතර ඉතා මෘදු හැගිම් බර කටහඩක් තිබිය යුතුඅතර කායික සහ මානසික සංවරයක් තිබිය යුතුය. එසේම මෝහනය වන පුද්ගලයා පිලිබදව වගකීම මෝහන වේදියා විසින් ගත යුතුය හේතුව මෝහනය වූ පසු මෝහන වේදියා ගේ යෝජනා අනුව ක්‍රියාත්මක වෙන බැවිනි. තවද මෝහනය කිරීමේ හැකියාව පවතින්නේ මෝහනය කරන්නා මත නොව මෝහනයට භාජනය වන පුද්ගලයාගේ සහයෝගය හා එම පුද්ගලයාගේ මෝහන්තත්වයට පත්වීමට ඇති කැමත්ත මතය.
යම් කිසි ආකර්ශන ශක්තියක් සිරුරේ පවතින කෙනෙකු මෝහනය කිරීමෙන් අනෙක් අය පිළිබදව තොරතුරුත් දැනගැනිමේ හැකියාවක් පවතී. මෙය මෝහනයේ ඉතා සුවිශේෂි ලක්ෂණයකි.මෙය (Remote viewing) ලෙස හැදින්වේ. මෝහන තාත්වයට පත්කළ නොහැකි රෝගීන් හා වඩාත් වයස්ගත පුද්ගලයින් හා ඉතා කුඩා දරුවන් පිළිබදව පරීක්ෂන සදහා මෙම ක්‍රම යොදාගැනේ.
දැන් දැන් අපේ රටේ මෝහන විද්‍යාව පිළිබද යම් කිසි අවධානයක් යොමුවෙමින් පවති නමුත් තවමත් අපේ ජනතාව අතර මෝහනය කිරීම පිළිබද අස්ථාන බියක් පවතී. මෝහනයයෙන් පසු නැවත ප්‍රකෘති ලොවට පැමිණිමට නොහැකි වන අවස්ථා ඇති බවද ඒ නිසා මානසික රෝගීයෙකුවිය හැකි බවද මේ සමහරක් මිත්‍යා මතයන්ය.
අද එංගලන්තය,කැනඩාව, රුසියාව ලොව බොහෝ දියුණු රටවල් රෝගීන් සුවපත් කිරීම සදහා මෝහනය බහුල වශයෙන් යොදාගනී. නමුත් අපේ රට තවමත් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු නොකිරීම ඉතා කණගාටුවට කරුණකි. මෝහනයෙන් අපේ රටෙි දුක්විදින දහසකුත් එකක් රෝගින්ට විශාල සහනයක් ලබා දිය හැක. විශේෂයෙන් පිළිකා රෝගීන්ගේ වේදනාවන් සමනය කිරීමට මෝහනය යොදාගත හැක.
අපේ රටේ මෝහනවේදීන් සිටින්නේ ඉතා ස්වල්පයකි. මනෝ වෛද්‍ය විශේෂඥයන් ගෙන් සමහරක් රෝගීන්සුවපත්කිරීම සදහා මෝහන විද්‍යා යොදා ගත්තත් ඒ සදහා වැය වන කාලය ආර්ථික වශයෙන් ඔවුන්ට වැදගත් නොවෙන බැවින් මේ පිළිබද වැඩි අවධානයක් යොමු නොකරති. අනෙක මෝහනය සිදුකිරීමේදි දිනකින් හෝ දෙකකින් නුවය ලබා ගත නොහැක. ඒ සදහා සැසි කීපයකට සහභාගී විය යුතුය.ඒ සදහාද සැලකියයුතු මුදලක් වැයවේ. අද වන විට එක්තරා වෛද්‍ය පිරිසක් රූපවාහිනී වැඩසටහන් මගින් මේ පිළිබද අවබෝධයක් ජනතාවට ලබාදීමට දරණ උත්සාහය පැසසිය යුත්තකි.
සමහරුන්ට මෝහනය සංදර්ශණයකි. මෙයින් ජනතාවට යම් විනෝදයක් ලබාදීම මුලික අදහසක් වි ඇත. මෙවැනි දේ කිරීමෙන් සමාජයට වන කිසියම් සෙතක් නැත. එමෙන්ම කෙනෙකු මෝහනය කිරීමේදි ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය පිළිබද අවධානය යොමු කල යුතුය.සමහර විට මානසික රෝගීන් සහ හෘදයා බාධ වැනි රෝග වලින් පෙලෙන අය මෝහනය කර ස්වයංඇණවුම් ලබා දීමේදි අනතුරට පත් විය හැක.මෝහනය හුදු සංදර්ශණයක් බවට පත්නොකරගෙන එයින් සමාජයට කල හැකි අමිල මෙහෙවර කිරීමට උනන්දු වන පිරිසක් අපේ රටේත් බිහිවේවා යයි ප්‍රාර්ථනය කරමු
ශ්‍රීයානී ද සේරම් විසිනි
This comment has been removed by the author.
ReplyDelete