වෙළඳ කණ්‌ඩායමක් තමන් රැගෙන ආ සර්වඥ ධාතුන් වහන්සේ සහ පූජා භාණ්‌ඩ ගිරිහඩුගසක තැන්පත් කොට වෙළඳාම සඳහා පිටත්ව ගොස් නැවත පැමිණි විට සර්වඥ ධාතූන් වහන්සේලා සමඟ මෙම වෘක්‌ෂය බිම ගිලී ගොස් තිබුණි. මෙම විශ්මජනක පුවත සැලවූ මහානාග යුව රජු මෙම ධාතුන් වහන්සේලා ගිලී ගිය ස්‌ථානයේ චෛත්‍යයක් ඉදිකරන ලද්දේය. ඉන් අනතුරුව රජු මෙම ස්‌ථානයේ බුදු මැදුරක් සහ සංඝාවාසයක් ඉදිකොට මෙහි නඩත්තු කටයුතු සඳහා ගම්වරයක් පූජා කළ බව පුරාවෘත්තයන්හි සඳහන් වේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සසල සිත් නිසල කරන බිංගිරියේ පුද බිම - ශ්‍රී දේවගිරි රජමහා විහාරය
හලාවත, කුරුණෑගල මාර්ගයේ බිංගිරිය නගරාසන්නයේ පන්සල් හන්දියේ සිට කිලෝ මීටරයක් උතුරු දෙසට යන විට අලංකාර තුරු වදුලින් වැසුණු නිසල පරිසරයක බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්‌ථානය දැකගත හැකිය.
Post a Comment