පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් සහෘද පාඨක පිරිස් දිගින් දිගට මගෙන් ප්‍රශ්න කරති. රහතන්වහන්සේ කෙනකු විසින් පෘතග්ජනයකුගෙන් සමාව ගත හැකි ද යන්න ඒ ප්‍රශ්නයයි.
මා උගත් ධර්ම කරුණු අනුව ඔය කියන ප්‍රශ්නය සරලව හා සැකයකින් තොරව විසඳා දිය හැකිය. හරිදැයි සැක සහිත ඕනෑම ක්‍රියාවක හොඳ නරක විමසන පහසු ක්‍රමයක් ගැන කල්තබා ඔබ දැනුවත් කළෙමි. ඒ ක්‍රමය නම් වජ්‍රසත්වයන්ගේ ත්‍රිවිධ විමර්ශන ක්‍රමයයි.
ත්‍රිවිධ විමර්ශන ක්‍රමය අනුව ඕනෑම ක්‍රියාවක හොඳ හෝ නරක ඉතා ඉක්‌මනින් විසඳා දිය හැකිය. යම් කිසි ක්‍රියාවක් අලෝභ, අද්වේශ, අමෝහ යන කුශල මූලයන් තුනෙන් පැන නැග්ගේ නම් එහි හොඳ නරක ගැන තව කිසිවකුගෙන් අසා දැන ගත යුතු නැත. එවැනි ක්‍රියාවන්ගෙන් නරක ප්‍රතිවිපාක තමන්ට අයත් නොවේ. එසේම ත්‍රිවිධ විමර්ශන ක්‍රමය අනුව විමසා බලා තමන් නිවැරදි බව ප්‍රත්‍යක්‍ෂකර ගත් පසු කිසිවකුගෙන් සමාව ඉල්ලිය යුතු නැත.
මේ අනුව බලන කල සමාව යෑදීම යන්න සත්‍යාවබෝධයට ප්‍රතිපක්‍ෂ ලෝභ, ද්වේශ හා මෝහ යන ධර්මතාවයන්ගේ බලපෑමෙන් සිදුවන්නක් බව පැහැදිළිය. තමන් සත්‍යාවබෝධය ලද්දේ නම් හා තමන් ලෝභ, ද්වේශ, මෝහ යන අගතීන්ගෙන් මිදී ක්‍රියාත්මක වී නම් සමාව ඉල්ලීමක් කිසිසේත් අවශ්‍ය නොවනු ඇත.
සමාව යෑදීමත් පරිපූර්ණ සත්‍යාවබෝධයත් යන කරුණු දෙක එකවිට පැවතිය නොහැකිය. මන්දයත් සත්‍යාවබෝධය ලද මුණිවරයකුට ලෞකික හෝ ලෝකෝත්තර යන දෙපක්‍ෂයේම බලාපොරොත්තු තිබිය නොහැකි බැවිනි.
මුණිවරයකුට ලෞකික බලාපොරොත්තු තිබිය නොහැකිය යන්න ඔබට පහසුවෙන් වැටහෙනු ඇත.
මේ කරුණු දැනට වසර දහස් ගණනකට පෙර රචිත තාඕ තේචිං නම් ග්‍රන්ථයෙහිද සඳහන් වෙයි.
"පරමාර්ථ සත්‍යය ග්‍රහණයකරන පුද්ගලයා සියලු ලෞකික ආශාවෙන් සිත මුදවා හරියි. ආශාවන්ගෙන් තෙත්වූ මනස හුදු මනෝනිර්මිත ලෝකයක් මත විශ්වාසය තබයි." යමෙකු මනෝනිර්මිත ලෝකය ගැන විශ්වාසය නොතබයි නම් ඔහු තවකුගෙන් සමාව ගැනීමක් ගැන අපේක්‍ෂා කළ නොහැකිය.
මුණිවරයකුට ලෝකෝත්තර බලාපොරොත්තු තිබිය නොහැකිය යන්නේ අරුත කිම?
මුණිවරයා ලෞකික ඉලක්‌ක ඉක්‌මවා ලෝකෝත්තර ඉලක්‌කය සාක්‍ෂාත් කළ අයෙකි. එබැවින් තමන් සාක්‍ෂාත් කළ ඉලක්‌ක ගැන ඉවු නොවූ බලාපොරොත්තු තිබිය නොහැකිය. සමාව ගැනීම යනු ලෞකික හෝ ලෝකෝත්තර අපේක්‍ෂා සහිතව කරන ක්‍රියාවකි. සමාව නොගත්තොත් ලෞකික පාඩු සිදුවන බව දැනගන්නා අය ඒ ඉලක්‌ක අතහරිනු නොකැමතිව සමාව ගනිති.
ලෝකෝත්තර ඉලක්‌ක වෙනුවෙන් සමාව ගැනීම තරමක් දිග කතාවකි. ඒ කථාවේ සුලමුල සෙවීමට වජ්‍රසත්ව මුණිවරයා නැවත කැඳවා ගෙන ඒමට අපට සිදුවනු ඇත. අද කාලයේ මාර්ගඵල ලැබීමට උත්සාහ දරන බොහෝ පිරිස් ආර්යෝපවාද පාප කර්මයේ ප්‍රතිඵල ලෙස ඒ මාර්ගඵලයන් ලැබීමට නුසුදුස්‌සන් බවට පත්ව ඇති බව වජ්‍රසත්වයන්ගේ දේශනාවන්හි කියවෙයි. ආර්යෝපවාද පාපකර්මය යනු මාර්ගඵලලාභීන්ට නිග්‍රහ වශයෙන් බැණ වැදීමයි. මෙවැනි පාප කර්මයක් සිදු කරන තැනැත්තකු විසින් කෙතෙක් උත්සාහ දැරුවද මාර්ගඵලයනට නොපැමිණෙන බව ධර්මයෙහි සඳහන්ය.
ථෙරවාදී ක්‍රමයෙහි ආර්යෝපවාද පාපකර්මය සමා කිරීමේ ක්‍රම දෙකක් යෝජනා කෙරෙයි. ඉන් පළමු ක්‍රමය නම් නිග්‍රහයට ලක්‌වූ ආර්යයා වෙත ගොස් වැඳ ක්‍ෂමා කරවා ගැනීමයි. එනමුත් නිග්‍රහයට ලක්‌වූ ආර්යයා ඒ වන විටත් මරණයට පත්ව ඇත්නම් කුමක් සිදු කළ යුතුද? එවන් විටකදී ආර්යයාගේ සොහොන සොයාගොස් ඊට වැඳ සමාව ගත යුතු බව ථෙරවාදී ග්‍රන්ථයන්හි දැක්‌වෙයි. එනමුත් එවැනි විස්‌තරයක් මූලික සූත්‍ර තුළින් සොයා ගැනීම දුෂ්කරය.
ආර්යෝපවාදයත් සද්ධර්මයට ගැරහීමත් යන පාප කර්මයන් දෙකෙහිම විපාක අප සිතනවාට වඩා භයානකය.
මෑත අතීතයේ සිදුවූ එවැනි සිදුවීම් රාශියක් මට මතක් වෙයි. මා සමීපයේ නිතර ගැවසෙමින් භාවනා උපදෙස් ලබා ගත් බොහොම තැන්පත් ගතිගුණ ඇති යෝගියෙක් සිටියේය. මම ඔහුට අනුග්‍රහ පිණිස ආර්ය වජ්‍රසත්වයන්ගේ මාර්ගඵල රහස් ගැන කියා දුනිමි. හේ ඒ ඉගැන්වීම් පිළිගන්නා බව දක්‌වමින් තවත් එවැනි කරුණු ඇත්දැයි විමසා සිටියේය. මම ඔහුට කර්ම ශක්‌ති හායනය නම්වූ රහස් යෝග ක්‍රමය ගැන කියා දුනිමි. කර්ම ශක්‌ති හායන යෝගයේ යෙදෙන පුද්ගලයාට පූර්වකෘත අකුශලයන්ගේ බලයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදී කුශල පක්‍ෂයේ විපාක ලංකර ගත හැකිය. තවද හේතු සම්පත් ඇති අයකුට කර්ම ශක්‌ති හායනයේ යෙදී අර්හත්ඵලයට පැමිණිය හැකිය.
කර්ම ශක්‌ති හායනය යනු කුමක්‌ද යන්න පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීම සුදුසු වේ යෑයි කල්පනා කරමි.
අප කරන කර්මන්ගේ මූලය හටගනුයේ හෘදය ආශ්‍රිතවය. ඒ කර්ම බලය හෘදයෙන් ඉවතට රේඛාවන් මෙන් විහිදී ගොස් කර්ම සම්බන්ධතා ගොඩනැඟෙයි. සත්වයා ජීවත් කරවනුයේ ජනක කර්ම රැහැන නම්වූ කර්ම රේඛාවේ බලයෙනි. ශරීරය තුළ ඇඩි්‍රනලීන් නම් රසායන ද්‍රව්‍යය නිපදවීම කෙරෙනුයේ ද ජනක කර්ම රේඛාවේ බලපෑමෙනි.
ජනක කර්මය අවසන්වූ වහාම ජනක කර්ම රැහැන ගැලවී යයි. එතැන් සිට ඇඩි්‍රනලීන් නිපදවීමක් සිදු නොවන බැවින් සත්වයා පණ ඇදීම අරඹයි. ජනක කර්ම
රැහැන ගැලවී ගොස් දින කිහපයක් තුළ සත්වයාට සිය ශරීරය අත්හැර දැමීමට සිදු වෙයි. සත්වයා ජනක කර්මය ක්‍ෂයවී ගොස් මරණාසන්න වන කල්හි ජනක කර්ම රැහැන හෘදයෙන් ගැලවී ඉවත් වෙයි.
අවසෘත කර්ම රැහැන ජනක කර්ම රැහැනට වඩා අපූරු එකකි. ශරීරයට ඉහළින් ඇදී විත් හිස් මුදුනෙන් ඇතුළුවන අවසෘත කර්ම රැහැන සංසාර ගමන නියෝජනය කරයි. අවසෘත කර්ම රැහැනෙන් අවසෘත කර්ම බල නිවේදනය කෙරෙයි. අවසෘත හෙවත් අවස්‌සුත යනු ආශාවන්ගෙන් තෙත්වූ යන තේරුම ඇති පදයකි. සත්වයා තෘෂ්ණාවෙන් යුතුව රැස්‌කර කර්මයන්හි ඵල නිවේදනය කරනුයේ අවසෘත කර්ම බලයෙනි. පාරමී ධර්ම පිරීම යනු අවසෘත කර්ම බලය හෙවත් ආශාවෙන් තෙත්වූ කර්ම බලය මැඩපැවැත්වීමේ ශක්‌තිය ලබා ගැනීමයි. පාරමී දම් පිරුණු අයෙකුගේ පමණක් අවසෘත කර්ම රැහැන හෘද චක්‍රයෙන් ගලවා වෙන් කළ හැකිය.
අවසෘත කර්ම රැහැනෙහි කාර්යයන් පුදුම සහගතය. ආශාවන් නැවත නැවතත් ඇති කිරීම අවසෘත කර්ම බලයේ කාර්යයයි. ආශාවන් ඇති කරන රසායන ද්‍රව්‍ය ශරීරය තුළ නිපදවෙනුයේ මෙකී අවසෘත කර්ම බලයේ උදව්වෙනි. ඊaස්‌ට්‍රජන්, ටෙස්‌ටස්‌ටෙරොන් වැනි හෝමෝන නිපදවෙනුයේ අවසෘත කර්ම බලයෙනි. සත්‍යාවබෝධයට උත්සාහ දරන පාරමී සම්පත් සම්පූර්ණ පුද්ගලයා විසින් දරන සම්‍යග් උත්සාහය හේතු කොටගෙන අවසෘත කර්ම රැහැන යළි එක් නොවන්නට ගැලවී යයි. එතැන් සිට සති දෙකක් ඉක්‌ම යැමට පෙර සත්‍යාවබෝධය සිදුවෙයි.
ඉහතින් සඳහන් කරන ලද්දේ ආර්ය වජ්‍රසත්වතුමා විසින් හෙළිදරව් කරන ලද කුණ්‌ඩලීනි යෝග රහස් කිහිපයකි. එම රහස් කර්ම ශක්‌ති හායනය නම්වූ යෝග ක්‍රමවේදයේ අන්තර්ගත වෙයි.
මා ඉහතින් මතක් කළ යෝගියා වජ්‍රසත්වයන්ගේ කර්ම ශක්‌ති හායන මූලධර්ම සමච්චලයට ලක් කළේය. හේ තැන තැන ගොස් වජ්‍රසත්ව යනු මාරපාක්‍ෂික බලවේගයකැයි කීය. වජ්‍රසත්ව යනු මනෝභ්‍රාන්තියකැයි කීය.
වජ්‍රසත්ව යෝගියාගේ ක්‍රියාව ගැන නොසතුට පල කළේය.
"පින්වත, මා කී දේ සැබෑවකි. මා හට නිග්‍රහ කිරීමෙන් ඔහු ආර්යෝපවාද කර්මයට ලක්‌විය. ඔහු එළඹෙන අප්‍රේල් මාසයේ අවසන් සතිය ඉක්‌ම යැමට පෙර නිර්ධනව නිවස හැර යනු ඇත. ඒ අවස්‌ථාවේදී ඔහුට ඉතිරි වනුයේ ඇඳිවත පමණි."
හරියටම අප්‍රේල් මස විසිඅට වන දින අරුම පුදුම පණිඩුයක් ලැබුණි. ඒ පණිවුඩය මා පෙර සඳහන් කළ යෝගියාගේ ඥාතිමිත්‍රාදීන්ගෙනි. ඔවුන් කී දෙයින් වජ්‍රසත්වයන්ගේ අනාවැකිය අතිශය නිවැරදි එකක් බව පසක් විය.
යෝගියා භාවනාව පසෙක ලා ඇඳිවත පමණක් ඇතිව කාන්තාවක් සමඟ නිවසින් පැනගොස් තිබුණි. ඔහු අදටත් තැන තැන ඇවිදිමින් කල් ගෙවයි.
අමිතාභය බුදුන්වහන්සේ, වජ්‍රසත්ව, අක්‍ෂෝභ්‍ය වැනි උතුමන්ලාහට මා මෙතරම් ගෞරව කරනුයේ හේතු සහිතවය. එබැවින් මාර්ගඵලලාභීන්ට උසුළු විසුළු කිරීමට පෙර දෙවරක් නොව දහස්‌වරක් සිතා බැලීම නුවණට හුරුය.
මා විසින් මේ දිනවල වෙනදාට වඩා උනන්දුවෙන් ධර්ම ප්‍රචාර කටයුතු සිදුකරන්නේ ඇයි දැයි සමහරු මගෙන් අසති. මා අධික්‍රියාකාරිත්වයකින් ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකරනුයේ බුදුදහමට එල්ල වී ඇති අන්තරාය කුමක්‌දැයි අද වන විට මා පැහැදිළිව වටහා ගෙන සිටින බැවිනි.
තම තමන් අතර කෙතරම් පෞද්ගලික කෝන්තර තිබුණත් පොදු අන්තරායකදී එක්‌සත්ව එක්‌සිත්ව ක්‍රියා කිරීම කවර හෝ ජන කොට්‌ඨාශයක සිරිතයි. අවාසනාවකට මෙන් සිංහල බෞද්ධයන්ට එවැනි සාමූහික හැඟීමක් මෙතෙක් ඉපිද නැත. අදවන තුරු බෞදධයන් කවුරුත් උත්සාහ දරන්නේ තමන් කැමති පිළේ දේශපාලන නායකයකු නැවත රජ කරවීමටයි. එනමුත් රටට ජාතියට ආගමට මේ වන විට එල්ල වී ඇති තීරණාත්මක අන්තරාය ගැන මෙතෙක් කිසිම බෞදධ නායකයෙක් උනන්දු වී ඇති බවක් නොපෙනෙයි.
විල්පත්තුව ඇතුළු වනාන්තර ගණනාවක්‌ම සුපුරුද ලෙසම කැපි කැපීගොස් දිස්‌ත්‍රික්‌ක කිහිපයකම කාන්තාර ලක්‍ෂණ පහළ වෙමින් පවතියි. නොයිඳුල් වනාන්තර අහිමි කිරීමට වන්දියක් ලෙසදෝ පොලිතීන් තහනමක් දැන් ක්‍රියාත්මක වී ඇත. නැගෙනහිර පළාතේ පන්සල් ඩෝසර් කර දැමීම ගැන දැන් කවුරුවත් කතා නොකරන තත්වයක් උදාවී ඇත. අහිමිවූ පන්සල් වෙනුවට ශාඛ්‍ය ජනපදයක් ඉදිකරන බැවින් ඒ සියලු ප්‍රශ්න අමතක කර දැමීමට උත්සාහ කරමින් සිටිමි.
පොදු අන්තරායන් ගැන කතා කරන විට සොපිහාමි උපාසාකා මාතාව මට නිතර සිහිපත් වෙයි.
අල්ලපු ගමේ සිටි සොපිහාමි සතර පොහොයට සිල්ගත් කාන්තාවකි. ඕ සෑම අවුරුද්දකට වරක් වට වන්දනාවේ යැමට පුරුදුව සිටියාය. වන්දනා චාරිකාව නිමාවීමත් සමඟ තමන් රැස්‌කරගත් පින් කන්දරාව ගැන කයිවාරු ගැසීම සොපිහාමිගේ ප්‍රියතම විනෝදාංශයයි.
මම එක්‌තරා දිනක සොපිහාමි සමඟ කතාවට වැටුනෙමි.
මතු සබැඳි
නිලන්ත හෙට්ටිගේ
Post a Comment