ජිවිතය පටන් ගන්නේ අවුරුදු 60න් - ශ්‍රියාණි ද සේරම් විසිනි

ජිවිතය පටන් ගන්නේ 60 න් මෙය අපට අලුත් මතයක් වුවත් යුරෝපීය රටවල නමි පිළිගත් මතයක්. ඔවුන් අවු 60 න් විවාහ ජීවිතයට පවා පා තබනවා. අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ ආයු කාලය දීර්ඝ වෙනවා.

නමුත් අපේ රටේ නම් 60 පැන්නා කියන්නේ මරණයේ එළිපත්ත උඩ ඉන්නවාකියන එකයි. මෙයඉතා වැරදි මතයක්. මේ සෘණාත්මක චින්තනය නිසා අපේ ජනතාවගේ ආයු කාලය පවා අඩුවන්න පුලුවන්. යුරෝපීය රටවල ජනතාවගේ ආයු කාලය දිනේන දින දීර්ඝ වනවා. ඔවුන් බොහෝ දෙනෙක් වයස 80 පමණ වන තෙක්ම කුමක් හෝ රැකියාවක නිරත වෙනවා. ඔබ අවු 100ක් ජීවත්වන්නේ නම් තව අවු 40 ක් ඉදිරියට ජිවිතය සැලසුම් කරන්නට වෙනවා.

ඔබටත් පුලුවන් ඔබ රැකියාවක නිරත වු කෙනෙක් නම් ඔබේ විශ්‍රාම දිවිය පටන්ගන්න. අපේ රට ගතහොත් අවු 60 න් පසු බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ඉතා අසතුටින්. ඔවුන් බොහෝ දෙනෙක් මානසික මෙන්ම ආර්ථික වශයෙන්ද පහත් තත්වයක සිටිනවා. මේ සදහා ඔබට ඉවහල් වන ඉතා වැදගත් උපදෙස් කීපයක් පහත සදහන් වනවා/

හදවතින් තරුණවන්න 

තමන් වයසට යන බව සිතීමෙන් සහ කියා පෑමෙන් වළකින්න. සමහරු කථාව පටන්ගන්නේ අනේ ඉතින් දැන් අපි වළේ පයයි ගොඩේ පයයි කියලයි. ඔබ වයසින් මුහුකුරා ගියත් රූපයෙන් සහ හදවතින් තවමත් තරුණ විය හැකියි. වයසට වඩ ඉතා කරුණ පෙනුමෙන් යුතු අය ඔබ දැක ඇති. එසේ වන්නේ හදවතින් තරුණ අයයි. බලන්න අද ලොව බොහෝරටවල නායකයන් දෙස ඔවුන් බොහෝ දෙනෙක් 60 පැනපු අය. අපේ රට ගැන බලන්න පාර්ලිමේන්තුවේ ¾ ක්ම 60 පැනපු අයයි. ඔවුන් වයසට වඩා තරුණ පෙනුමෙන් යුක්තයි. ඔබ නිතරම පිරිසිදුවට මෙන්ම ලස්සණට අදින්න පළදින්න නමුත් අනවශ්‍ය ලෙස තම වයසට නොගැලපෙන ඇදුම් පැළදුමි වලින් සැරසීමෙන් වලකින්න. ඔබ විශ්‍රාමික නම් ඔබට බලපාන්නේ ඔබ රැකියා කරන සමයේ තිබුණ පිළිගැනීම ඔබට නොමැති වීමයි. නමුත් ඒ වෙනුවට ඔබට යම් සමාජ සේවයක යෙදෙන්න පුලුවන්. එවිට ඉතා යහපත් මානසික තත්වයක් ඇතිවනවා. අප සමාජයේ විශ්‍රාම ගිය අයට සලකන්නේ ඉතා පහත් ලෙසයි. නමුත් දියුණු රටවල ඔවුන් ජේෂ්ඨ පුරවැසියන් ලෙස සලකා ඔවුන්ට මහත් ගෞරවයෙන් සලකනවා පමණක් නොව නොයෙකුත් සහන දීමනාද ලබා දෙනවා.

වියපත් වීම ඔබේ යුග දිවියට බාධාවක් කර නොගැනීම ඉතා වැදගත් වෙනවා සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය තරුණ පෙනුම රැකගැනීමට මෙන්ම නිරෝගී භාවය රැකගැනීමට ලොකු පිටුවහලක් වෙනවා. වියපත් විම කොටස් තුනකට වර්ග කරන්න පුලුවන්.එනම් කාලානුක්‍රමික, ජීව විද්‍යාත්මික සහ මානසික වශයෙන් කාලානුක්‍රමික එනම් වයස වශයෙන් වන වියපත් වීම අපට පාලනය කල නොහැකියි නමුත් ජීව විද්‍යාත්මක සහ මානසික වියපත් වීම අපට පාලනය කල හැකියි.

ආරෝග්‍යා පරමා ලාභා

නිරෝගි බව පරම ලාභයයි. ඔබ ඔබේ දරු මුණුබුරන්ට ආදරය කරන්නේ නමි ඔබේ සෞඛ්‍ය තත්වයට මුල් තැනක් දිය යුතු වෙනවා කිමද ඹබ නිතර රෝගී වීම ඔවුන්ට දුකක් වේදනාවක් මෙන්ම කරදරයක් හිරිහැරයක්ද වනවා. ඔබ නොවරදවා දිනපතා ඔබ ගන්නා ඖෂධ ගතයුතුවෙනවා. ඒ වගේ ම වෛද්‍ය පරීක්ෂන නිසිවේලාවට කර ගත යුතු වෙනවා. ඒ වගේම ඔබ කුමන හෝ ඔබට සුදුසු ව්‍යායාමයක දිනපතා නිරත විම අත්‍යවශ්‍ය වනවා. ඔබට ගෙවත්තක් තිබේ නම් එහි කුමක් හෝ ක්‍රියාකාරකමක නිරත වීම ඔබට සිතට ප්‍රබෝධයක් මෙන්ම ගතට ව්‍යායාමයක්ද ලබා දෙනවා.

අතේ මිටේ මුදල් ගැවසීම 

මෙම අවධියේ අතේ මිටේ මුදල් ගැවසීම ඉතා වැදගත් වෙනවා. එසේ වුවිට ඔබේ ස්වාධීනත්වය රැකෙනවා. ඔබේ දරුවන් වෙනුවෙන් වත් අනවශ්‍ය ලෙස මුදල් වියදමි කිරීමෙන් වලකින්න ඔබ මේ වන විට ඔවුන් වෙනුවෙන් කල ුතු යුතුකමි ඉටු කර හමාර බව සලකන් දැන් තිබෙන්නේ ඔවුන් විසින් ඔබට යුතුකම් ඉටු කිරීමයි බෙහෝ දෙමවි පියන් තම අර්ථ සාධක අරමුදල් සියල්ල දරුවන් වෙනුවෙන් වැය කර අද දරුවන්ගෙන් යැනෙ තත්වයට පත්වෙලා 

බොහෝ දෙමව්පියන් දරුවන්ගේ සේවක සේවිකාවන් වෙලා පියවරු රියදුරන් වෙලා මවි වරු ආයාවරුන් වෙලා. ඔබේ අතේ මුදල් නැත්නම් ඔබට මාසිකය යමි මුදලක් ලබා දීමට ඔබේ දරුවන්ගේ යුතුකමක් සමහර දරුවන් පවසන්නේ අපි ඉතින් අම්මට තාත්තට කන්න බොන්න දෙනවා ලෙඩට දුකට බලනවා තව මොනවද කියලයි. නමුත් ඔබටත් අතේ මිටේ යම් මුදලක් තිබීම අත්‍යවශ්‍ය බට ඔවුන් තේරුම් ගන්නේ නැහැ. අප ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නිසි කළමණාකරණයකින් කටයුතු කරන්නේ නම් අපට ඉතා සතුටුදායක ජීවිතයක් ගත කරන්න හැකිවනවා. විශ්‍රාම වැටුප් හිමි අයට නම් මෙම තත්වයට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. දියුණු රටවල සෑම පුරවැසියෙක්ම විශ්‍රම වැටුපකට හිමිකම් කියනවා. දේපල පැවරීමේදී ප්‍රාණ භුත්තිය තබා ලිවීම ඉතා වැදගත් එසේ නැත්නමි අවසන් කැමති පත්‍රයකින් දේපල පවරන්න පුලුවන්. ඒ වගේම දේපල වලින් සෑහෙන කොටසක් තමන් සතුව තබා ගැනීමත් ඉතා වැදගත්. ඔබ දන්නවා අද බේත් හේත් රෝහල් ගාස්තුවල මිල ඉතා අධිකයි. ඒ නිසාම ඔබ නිසි සෞඛය ආවරණයක් ලබා ගැනීම අත්‍යවශය වනවා. නැත්නම් ඒ සදහා වෙනම මුදලක් වෙන්කර තබා ගත යුතු වෙනවා.

සැහැල්ලු බව සහ විනෝදය

වසර ගණනාවක් දරු මල්ලන් වෙනුවෙන් ජිවිතයේ කාලය ශ්‍රමයකැප කල ඔබට ඒ කාර්ය බහුලත්වය නිසා කර කියා ගත නොහැකි වු දේ කිරීමටට දැන් කාලයයි. ඔබේ ජිවිතය විදීමට මෙය අවස්ථාවක් කරගන්න. ඔබ අධ්‍යාත්මික පැත්තට යොමුවීම වැදගත් වන්නේ එයින් ඔබට සැහැල්ලුබවක් ලබා ගත හැකි නිසයි. පොත් පත් පුවත් පත් කියවන්න ඔබේ පැරණි මිතුරු මිතුරියන් හමුවන්න ඔවුන් සමග විනෝද ගමන් වල යෙදෙන්න. රට රටවල සංචාරයෙහි යෙදෙන්න. කණගාටු දායක පුවත් ඇසීමෙන් හෝ කියවීමෙන් හැකිතාක් වලකින්න. හැකි තරමි හුදකලා බැවින් මිදෙන්න. සෑම රෝගයකටම මානසික තත්වයකටම මුල මෙම හුදකලා බවයි. ඔබට සුරතල් මුණුබුරු මුණුබිරියන් සිටීනම් ඔවුන් සමග කාලය ගත කරන්න. ඔබේ සහකරැ හෝ සහකාරිය නොමැති නම් ඒ පාලුව මැකීමට කෙනෙක් සොයා ගන්න. මෙය අපේ සංස්කෘතියට පටහැනි යයි කෙනෙකුට කිවහැකියි. නමුත් ඇත්තෙන්ම තිබෙන්නේ දරුවන් තුල ඇති දේපල තණ්හාව සහ ඊර්ශ්‍යාවයි. නමුත් තනිකම පාලුව දන්නේ එය විදින පුද්ගලා පමණයි. විදේශ රටල තත්වය මෙයට හාත්පසින්ම වෙනස්. ඒ රටවල දරුවන් එවන් අවස්ථාවල තම දෙමවිපියන්ව සහකරුවෙකු හො සහකාරියක සොයාගෙන විවාහ වන ලෙස උනන්දු කරනවා.

කාලය රන් හා සමානය

මේ අවධියේදිඅපේ කාලය ඉතා වටිනවා උදාවන සෑම දිනක්ම අලුත් දිනයක් ලෙස සලකන්නඊයේ යනුඅවලංගු චෙක් පතකි හෙට යනු බලාපොරොත්තු තැබිය හැකි පොරොන්දු නෝට්ටුවකි අද යනු අතට ලැබුනු මුදලකි එබැවන් අද දිනයෙන් උපරිම ප්‍රෙයා්ජන ගන්න අප වයසට යනවිට බොහෝ විට දැනෙන දෙයකි අමතකවීම ඒ නිසාම අවශ්‍ය දෑ තැනින් තැන සැගවීමෙන් වලකින්න එකම තැන සියල්ල තිබීමෙන් ඔබට එය සොයා ගැනීම පහසු වනු ඇත.

ලොව වෙනස් නොවන එකම දෙය වෙනස්වීම බව පිළිගන්නසැම දේම වෙනස් වෙනවා ලෝකය වෙනස්වෙනවා සිතුම් පැතුමි වෙනස් වෙනවා අපේ දරුවන් වෙන්ස් වෙනවා අපිත් වෙනස් වෙනවා ඒ සත්‍ය අප පිළිගත යුතු වෙනවා ඒ වගේම නවීන තාක්ෂණය අපට නොයෙක්දේ පහසු කරනවා අප ඒවාට හුරු පුරුදුවිය යුතුවෙනවා.

ආත්මාර්ථකාමිත්වය පිටු දකින්න

අප වයසට යනවිට අපේ ආත්මාර්ථකාමිත්වය ද වැඩි වනවාඅපට අවශ්‍ය ආදරය කරුණාව පිළිගැනීම අහිමි වන විට මේ තත්වය උදාවනවා මෙම යථාර්ථය අප අවබෝධ කර ගත යුතුම වෙනවා මෙය කාටත් පොදු දෙයක් සෑම දිනකම කුමක් හෝ පුණ්‍ය කටයුත්තක යෙදෙන්න කෙනෙකුට සුලුවෙන් හෝ උපකාරයක් කරන්න ඔබජීවිතයේ ලබා ගත් අත්දැකීම් සම්භාරයෙන් කෙනෙකුටඋපදෙසක් ලබා දෙන්න එය විශාල පුණ්‍ය කර්මයක්.

අමතක කිරිම සහ සමාව දීම 

වැඩිහිටි අවධියට පිය නගන විට අපේ ආවේගශීලිත්වය ටිකක්ඉහල යනවා වැඩිපුර කේන්ති යනවා මෙහිදී දරුවන්ගේ යුතුකම එම තත්වය තේරුමි ගන ඉවසීමයි අපේම සුව සෙත සදහා අපට යමි යමි අය කල කී දේ අමතක කිරීමට සිදුවනාව අපට වරද කරල අයට සමාව දිය යුතු වෙනවා දරැවන්ගෙන් සහ හිතවතුන් ගෙන් සිදුව න අතපසුවීම් පිටු දැකිය යුතු වෙනවා එයින් ළුල ලැබෙන්නේ අපටමයි අපේසිතෙන් කණස්සල්ල, වෛරය,  ක්‍රෝධය ඉවතට යනවා සැනසීම ලැබෙනවා අප නිරෝගි වනවා.

මරණය පිළිබද ඇති බිය ඉවත්කර ගන්න 

අප සෑම දෙනාම කවදා හෝ මැරෙන බව අප නියත වශයෙන්ම දන්නවා එය වැඩිහිට ඔබට පමණක්නොව ළදරු තරුණ සැමටම පොදු දෙයක් නමුත් අප බොහෝ දෙනෙක් මරණයට දැඩි බියක් දක්වනවා අපේ දරුවන් ගැන ඔවුන්ගේ අනාගතය ගැන අප ශෝකවෙනවා අපේ වියොව ඔවුන්ට දරා ගත නොහැකියයි අප සිතනවා නමුත් ඇත්තෙන්ම කිසිසේත් එසේ වෙන්නේ නැහැ කවුරුවත් අප වෙනුවෙන් මැරෙන්නේ නැහැ ඔනෑම දුකක් වේදනාවක් කාලයා විසින් මක දමනවා අප අත්හැරීම ප්‍රගුණ කල යුතුවෙනවා මරණය යනු එක් නවාතැනකින් තවත් තැනකට පිය නැගීමක් පමණයි.

ශ්‍රියාණි ද සේරම් විසිනි




ජිවිතය පටන් ගන්නේ 60 න් මෙය අපට අලුත් මතයක් වුවත් යුරෝපීය රටවල නමි පිළිගත් මතයක්. ඔවුන් අවු 60 න් විවාහ ජීවිතයට පවා පා තබනවා. අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ ආයු කාලය දීර්ඝ වෙනවා.