පැරණි ඊජිප්තුවේ ඒ කියන්නේ මිසරයේ වාස්තු විද්‍යාවේ අරුමය ලෝකෙට කියාපාන කැඩපත තමයි පිරමිඩ කියන්නේ. මෙතුවක් කල් නොනැසී තියෙන මිනිස් නිර්මාණය හැටියට සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඉඳලා කිලෝමීටර් 18ක් දුරින් ගීසා නම් නිම්නයේ පිහිටා තියෙන පිරමිඩ තුනයි. පිරමිඩ කියන්නේ ලෝකයේ පැරණිතම පුදුම හතට අයිති තවමත් නොනැසී තියෙන මිනිස් නිර්මාණයක්. මිට අවුරුදු 4600කට ඉස්සෙල්ලා මිසරයේ පාරාවෝ රජවරුන් හැටියට කටයුතු කරපු කූෆු (Khufu) ඔහුගේ පුත්‍ර කාෆ්රේ (Kahfre) මෙන්ම මුණුබුරා වන සැන්කුරේ තමයි තමන්ගේ සොහොන් ගෙවල් පිරමිඩ හැටියට නිර්මාණය කරන්න අණ දීලා තියෙන්නේ. ඒ සියවස තමයි මිසර සංස්කෘතික දියුණුවේ උච්චතම අවස්ථාව. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අබිරහසක් වූ ගීසා පිරමිඩයේ හිඩැස
මුවොග්රෆි (Muogrophy) කියන ස්කෑන් තාක්ෂණය යොදාගෙන ප්‍රංශ සහ ජපාන ජාතික පුරා විද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් විසින් මේ පිරමිඩ හිඩැස පිළිබඳ ස්කෑන් පරීක්ෂණය සිදු කරලා තියෙනවා.
Post a Comment