ලෝකයේ භයානකම සත්ව විශේෂ පහ මෙන්න

විශ්ම කර්ම තුලින් අද අපි ඔබව දැනුවත් කිරීමට යන්නේ ලෝකයේ විශාල වැසි වනාන්තර වල සහ මහ සාගරයේ ජිවත්ව සිටින ඉතා භයානක දරුණු සත්ව විශේෂ කිහිපයක් ගැනයි. එම සතුන් උරග, ක්ෂීරපායි, පක්ෂි හා මත්ස්‍ය යන විශේෂ වලට අයත් සතුන් කිහිප දෙනෙකි.

1. Bull Shark 

Bull shark යනු මාරාන්තික මෝර මත්ස්‍ය විශේෂයකි. අපි පළමුවෙන්ම ඔබට කියන්න යන්නේ ජලයේ සිටිනා ඉතා විශාල භයානක සත්වයෙක් ගැනයි. මෙම Bull shark මොර විශේෂය ලොව වටා මුහුදේ වෙසෙන අතර අප්‍රිකානු මුහුදේ බහුලව ඇත. මුහුදේ නොගැඹුරු ජලයේ ද ගංගා වල ද මොවුන් දක්නට ඇත. ජලයේ මීටර 30 ත් 150 ත් අතර ගැඹූර ප්‍රමාණ වල මොවුන් ඇත. අත්ලාන්තික් සාගරය, ඉන්දියන් සාගරය හා පැසිපික් සාගරය වැනි සාගර වලද බ්‍රිස්බේන් ගඟ, ඇමසන් නදිය, ගැන්ගස් නදිය, පොටුටැක් නදිය හා මිසිසිපි නදියේ ද මෙම මෝර විශේෂය දක්නට ඇත. ඇනිමාලියා රාජධානියට හා කොන්ඩ්‍රික්තියේස් වර්ගයට මොවුන් අයත් වේ. Bull shark මෝර විශේෂයේ විද්‍යාත්මක නාමය වනුයේ Carcharninus leucas ය. Bull shark ගැහැණූ සතුන් කි.ග්‍රෑ. 130 ක් පමණ බර වන අතර පිරිමි සතුන් කි.ග්‍රෑ. 95 ක් පමණ වේ. ශරීර ස්කන්ධය අනුව පෙනී යන්නේ පිරිමි සතුන්ට සාපේකෂව ගැහැණූ සතුන් විශාල බවයි. දැනට සොයා ගෙන ඇති විශාලතමBull shark විශේෂය කි.ග්‍රෑ. 300 ක් බර බව වාර්තා වී ඇත. Bull shark හට ඉතා ශක්තිමත් ශරීරයක් හා කෙලින් ඉදිරියට නෙරා ඇති ශක්තිමත් නාසයක් හිමිය. නිතරම නැවුම් ජලයේ ඉන්නට කැමත්තක් දක්වයි. වෙරළ ආසන්න මුහුදේ සැරිසරමින් ඉන්නට ද මොවුන් කැමත්තක් දක්වයි. Bull shark මොරකුගේ දිග මීටර 3.5 ක් පමණ වේ. ගැහැණු Bull shark මෝරුන් විශාල වන අතර ඔවුන් අවුරුදු 17 ක් පමණ ජිවත් වේ. පිරිමි Bull shark මෝරුන් ජිවත් වන්නේ අවුරුදු 13 ක් වැනි කෙටි කාලයකි. 

Bull shark ඉතා ආක්‍රමණශීලී සුලභ මත්ස්‍ය විශේෂයකි. භයානකම මෝර විශේෂයක් වූවද ගංගා හෝ නදියවල් වල ඇති කිවුල් ජලයේ දි මොවුන් විශාල ලෙස දරුණු නොව්. Bull shark මෝරන්ගේ සහෝදර මෝර විශේෂ වනුයේ White shark සහ Tiger sharks ය. මිනිසුන් සමගම ගැටුමට Bull shark මෝරන් ඉතා කැමත්තක් දක්වයි. කෙටි ශරීරයක් හිමි වූවද නාසය දිගුව පිහිටීම ද ශක්තිමත් හිසක් පැවතීම ද හේතුවෙන් මොවුන්ට ජලය තුල ඉතා වේගයෙන් පිහිනා යාමට හැකියාව පවති. මධ්‍යම ප්‍රමාණයේ Bull shark කෙනෙකුගේ ළය කොටස තැනී ඇත්තේ ඉහළ සිට පහළට වී අකුර හැඩයෙන්ය. Bull shark මෝරන්ගේ ඉහළ ශරීරය කොටස අළු පැහැ වන අතර බඳ කොටස සුදු පැහැතිය. ලෝකයේ ඕනෑම සාගරයක නොගැඹුරු උණුසුම් ජලයේ සැරිසරමින් සිටීමට මොවුන් කැමැත්තක් දක්වයි. Bull shark මෝරන් ඉතා වේගවත්, කඩිසර හා කොල්ලකාරී මත්ස්‍යයෙකි. මෙම මොරන් දකින ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. මොවුන්ගේ ප්‍රධාන ගොදුරු වනුයේ විවිධ මාළු වර්ග, ඩොල්ෆින් හා වෙනත් ඔවුන්ගේ වර්ගයේම අනිත් මත්ස්‍යයින් ය. බොහෝ විට පුදුමය දනවන ලෙස මෙම Bull shark මසුන් මෝය වල් වල සැරිසරමින් සිටියදී ප්‍රහාර ඇති කර ගනිමින් අනෙක් සත්වයින් මැරීම සිදු කරයි. විශාල ලෙස මාංශ සහිත සත්වයින් ආහාරයට ගැනීමට ද සතුන් මැරීමෙන් පසු ඔවුන් ගෙන ගොස් සගවා ගෙන ආහාරයට ගන්නා බව ඇසුවහොත් ඔබ පුදුමයට පත් වේවි. Bull shark මෝරන්ගේ අනිත් සතුන් සමග ඇති වන ගැටුම් ඉතා සුලභය. මොවුන්ගේ තවත් රහසක් ඇත. එනම් Bull shark මෝරන් හට ඔවුන්ගේ ලේ වල ලුණු එක්තැන් කිරීමේ හැකියාවක් පවතින අතර මුහුදු ජලයෙන් වෙනත් ජලයකට මාරු වූවද මොවුන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. සැතපුම් 100 ක් වූව ද එක දිගට පිහිනා යාමේ හැකියාවක් මොවුන් සතුය. ගැහැණු Bull shark ට වඩා පිරිමි Bull shark සතුන් ගැටුම්කාරී ස්වභාවයක් ගනී. මුහුදේ සහ ගංගා වල සිටියද මොවුන් ගොඩබිම සිටිනා ඉබ්බන් හා මුහුදු පක්ෂීන් පවා පහසුවෙන් ගොදුරු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මනුෂ්‍යයන්ට සමානය. ප්‍රජනන අවධිය වසර 1 කි. එකවර පැටවුන් 5 – 15 අතර ප්‍රමාණයක් බිහි කරයි. සජීවී දරු උපත් ය. එක් මෝර පැටවෙකු සෙ.මී. 60 ක් පමණ දිග වේ. Bull shark මෝරන් දවස පුරා ක්‍රියාශීලීය. ලෝකයේ තුන් වෙනියට දරුණුතම shark විශේෂයයි. මොවුන්ට ඉතා තියුණු ඇස් දෙකක් ද යටි හණුවේ ශක්තිමක් උල් හැඩති දත් ද පිහිටා ඇත. යම් ගොදුරක් ආහාරයට ගැනීමෙන් පසු මොවුන්ට ගොඩක් කාලයක් නිරාහාරව රැඳී ඉන්නට පුලුවන්. මෙම සත්ව විශේෂය මුත්‍රා පහ කරනුයේ තමන්ගේ සම තුලින් ය. ඉතා දරුණු සම්භවයක් දරණ මෙම මෝරන් විශේෂයට කරදිය හා මිරිදිය යන දෙකෙහිම එක ලෙස සිටීමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන්ගේ වකුගඩු වල ඇති විශේෂ හැකියාව නිසාය..

2. Harpy eagle

Harpy eagle යනු නිවර්තන කලාපයේ වෙසෙන උකුස්සන් විශේෂයකි. දැන් අප ඔබව දැනුවත් කරන්න යන්නේ ලෝකයේ සිටින ඉතා භයානක පක්ෂි විශේෂයක් පිළිබඳවයි. මුලින්ම අපි බලමු මේ පක්ෂියාගේ මූලාරම්භය සහ ස්වභාවය ගැන. මෙම උකුසු විශේෂය වර්ෂ 1816 දී පමණ සොයා ගෙන ඇත. මෙම උකුස්සන්ගේ වාස භූමිය ලෙස දකුණූ හා මධ්‍යම ඇමරිකාවේ පහතරට නිවර්තන වැසි වනාන්තර හැඳින්විය හැක. නමුත් වර්තමානයේ මෙම පක්ෂියා මධ්‍යම ඇමරිකාවේ දැක ගන්නට නොහැකි බව වාර්තා වෙනවා. එමෙන්ම මෙක්සිකෝව , දකුණු ඇමරිකාව හා ආර්ජන්ටිනාව යන රටවල් වල හා සුලභවම දක්නට ඇත්තේ මෙම පක්ෂියා බ්‍රසීලයේ ය. එම රට වල් වල සමස්ත ජාතික දේශ සීමා පුරා මොවුන් සැරි සරමින් සිටියි. ජව සම්පන්න ඉතා විශාල Harpy eagle පක්ෂීන් දැක ගත හැකි වනුයේ වැසි වනාන්තර වලිනි. මොවුන් නිතරම රැඳී සිටින්නේ වැසි වනාන්තර වල ඇති විශාල ගස් වල ඉහළින්ම ඇති වියන් ආකාරයේ ඇති තට්ටු මතයි. පුරුද්දක් වශයෙන් එසේ රැඳි සිටින උකුස්සන් සමහර කාල වලදී ඇති වන කුණාටු හේතුවෙන් මරණයට පවා පත් වෙනවා. ඇමරිකාවේ නම් මෙම උකුස්සා හඳුන්වනුයේ Harpy eagle නමිනි. නමුත් සමහර අවස්ථාවන්හී දී New guinea harpy eagle ලෙසද හඳුන්වයි. එමෙන්ම මෙම පක්ෂියා ටිබෙට් බසින් The Papuan eagle ලෙසද බ්‍රසීලයේ royal hawk සහ පෘතිගිසී බසින් gaviao real යන විවිධ නම් වලින් හඳුන්වනු ලබයි. 

ඇනිමාලියා රාජධානියට අයත් මෙම පක්ෂියා කෝර්ඩේටා වංශයට ද පක්ෂී වර්ගයට ද අයත් වේ. එමෙන්ම මොවුන් Accipitridae පවුලට අයත් වේ. මෙම උකුස්සාගේ විද්‍යාත්මක නාමය වනුයේ Harpia harpyja ය. harpy eagle යනු ලෝකයේ විශාලම විද්‍යාමාන උකුසු විශේෂයයි. සාමාන්‍ය බර කි.ග්‍රෑ. 4.8 ක් පමණ වේ. මෙම පක්ෂියාගේ මුහුණ ඉතා බියකරු ස්වභාවයක් ගත්ත ද ඔවුන්ගේ ශරීරය ඉතා ලස්සනය. harpy eagle ගේ පහළ පිහාටු ආවරණය වී ඇත්තේ ලා කළු පැහැති පිහාටු වලින්ය. ඇගේ බඳ කොටස තරමක් දුරට සුදු පැහැතිය. දෙපසට විහිදුවන පියාපත් ඉරි සහිත කළු පැහැයක් ගනී. ඒවා කළු පාටට විහිදෙන පටියක් ලෙස ඇත. පහළ පපුව ප්‍රදේශය සහ හිස ප්‍රදේශය අළු පැහැතිය. පහළ වලිගය කොටස කළු පැහැ වන අතර සුදු පැහැති පටි තුනක් විහිදී ඇත. ඔවුන්ගේ හොට වක් හැඩැතිය. කුරුල්ලන් හට දත් නොමැති බව ඔබ දැන සිටියා ද? එම උකුස්සන්ගේ ඇස් අළු, දුඹුරු හෝ රතු පැහැති වේ. පා ඇඟිලි කහ පැහැති වන අතර ඒවා අගල් 4 ක් පමණ දිගය. ඒවා වලසුන්ගේ පා ඇගිලි හා සමාන බව වාර්තා ඇත. පක්ෂියෙක් වූවද වලසෙකු තරම් බිහිසුනු යැයි අපට සිතිය හැකිද.. ගැහැණු හා පිරිමි සතුන් අතර වෙනස්කම් පැවතුන ද පිහාටු නම් දෙවර්ගයේම සර්වසමය. ගැහැණු harpy eagle ගේ උපරිම බර වනුයේ කි.ග්‍රෑ. 6 ත් 9ත් අතර ප්‍රමාණයක් ය. මුලාශ්‍ර වලට අනුව ඇරිකාවේ වැඩිහිටි ගැහැණු සත්වයෙකුගේ උපරිම බර කි.ග්‍රෑ. 10 ක් ලෙසය. නමුත් විශාලතම ගැහැණු සත්වයා ලෙස දැනට වාර්තා වී ඇත්තේ කි.ග්‍රෑ. 12.3 ක් බරැති සත්වයෙකි. එම උකුස්සාව මේ හේතුව නිසාවෙන් Jezebel යන විශේෂ නමකිනුත් හඳුන්වයි. ඔවුන් ගන්නා ආහාර ප්‍රමාණ අනුව බර වෙනස් විය හැකිය. අපි කලින් කියු සත්ව විශේෂ වලදී මෙන්ම මෙම පක්ෂි විශේෂයේ ද පිරිමි සතුන්ට වඩා ගැහැණූ සතුන් විශාලත්වයෙන් වැඩිය. සාමාන්‍යයෙන් harpy eagle සෙ.මී. 86.5 ත් සෙ.මී. 107 ත් අතර ප්‍රමාණයක් විශාලය. මොවුන්ගේ පියාපත් දිග හැරූ පසු දිග ප්‍රමාණය සෙ.මී. 176 හෝ 224 ක් පමණ දිග වන බව සඳහන් කල හැකිය. පිටුපස පියාපත් තටුව සෙ.මී. 37 ත් 42 ත් අතර පරතයක් වේ. පියාපත් නිරාවරණය නොකරණ විට මොවුන්ගේ දිග සෙ.මී. 4.2 ක් හෝ 6.5 ක් පමණ වේ. Philippine eagle ට වඩා harpy eagle උකුස්සා විශාල වේ. කෙසේ වෙතත් අනුපාතයක් ලෙස Steller’s sea eagle උකුස්සන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී. Wings pan harpy eagle සාපේක්ෂව ඉතා කුඩා වන අතර අනිත් උකුස්සන් වගේම සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්නයි.

බාහිර ස්වරූපය ගැන කතා කල අපි දැන් බලමු මෙම උකුස්සාගේ වියරු කම කොහොමද කියලා. Harpy eagle ගොඩක් වෙලාවට කූඩුවකට වී හෝ ගසක් ඉහළ මධ්‍යයේ සිට නිශ්ශබ්දව සිටියි. ඒ නිහඩ බවින් ඔවුන්ගේ දරුණු බව පෙන්වයි. පෙනුම ඉතා නපුරුය. වැඩිහිටි උකුස්සන් නිතර විනිවිද දැකිය හැකිය. ගොදුරකට මාන බලමින් සිටින මොවුන් ඉහළ අහසේ වෘත්තාකාරව සැරිසරමින් කෑ ගසයි. ඔවුන්ගේ කටහඩ කනට අමිහිරි වැලපෙන හඩකි. එම කෑ ගැසීම ඉගියක් ලෙස දන්වයි. ඕනෑම වේලාවක් බිල්ලක් දඩයමක් ලබා ගැනීමට මෙම උකුස්සන් පසු බට වෙන්නේ නැහැ. මොවුන්ගේ ගොදුරු වනුයේ වඳුරන්, වගා කටයුතු කරන තැන් වල සිටින විවිධ පක්ෂීන්, ජලයේ හෝ ගොඩබිම වෙසෙන සර්පයින් හා ගොඩබිම වෙසෙන විශාල සත්වයන් ය. නමුත් මිනිසෙකු වූවද මෙම උකුස්සාගේ ගොදුරක් වීමට ඉඩ ඇත. ඒ තරම් ඔවුන්ගේ ජව සම්පන්න බව හා නිය වල ඇති තියුණු ස්වභාවය හේතුවෙන් ද අපට වූවද එම උකුස්සන් සමග තරග කල නොහැක. ඔබ දන්නවාද මීටර් 900 ක සිට යම් ගොදුරක් රැගෙන වූවද මීටර 2000 ක් පමණ උසකට වූවද පියාසර කල හැකි බව. එතරම් ඔවුන් ශක්ති සම්පන්නය. Harpy eagle ඕනෑම දේශගුණික විපර්යාසයකදී ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. Panama වල මෙම උකුස්සා ජාතික පක්ෂියාය. අප කුඩා කාලයේ ඉතා අසාවෙන් බලපු ලෝක ප්‍රසිද්ධ harry potter චිත්‍රපට වලට අරගෙන ඇත්තේ ද මේ වියරු ගතිගුණ ඇති Harpy eagle පක්ෂියාය. 

3. Jaguar

දැන් අපි බලමු ගොඩබිම සිටින භයානක සිවුපාවෙකු ගැන. සාමාන්‍ය ව්‍යවහරයේ අපි කොටියා යන නමින් මෙම වර්ගයේ සතුන් හැඳින ගත්ත ද ඔවුන්ගේ ද විවිධ වර්ගයේ සතුන් ඇත. අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ jaguar නැමැති සත්වයා ගැනයි. වනාන්තරයේ සිටින බළල් පවුලට අයත් සත්වයෙකි. ඇමරිකාවේ දේශීය panthera ගණයට අයත් වේ. සාමාන්‍ය jaguar සත්වයෙකුගේ බර කි.ග්‍රෑ. 56 ත් 96 ත් අතර අගයක් ගනි. ඇමරිකාවේ මෙම සත්වයන් සිටින ප්‍රදේශ වල දේශසීමාවන් හීදී මිනිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් jaguar යන්ගේ මුහුණු දැක්වෙන දැන්වීම් පුවරු එල්ලා ඇත. එසේ කරනුයේ එම සත්වයාගේ දරුණු බව හේතුවෙනි. jaguar යනු විශාල මාංශපේශී සහිත සත්වයෙකි. දිවියාගේ මෙන්ම දැඩි වූ ශරීරයක් jaguar ට ද ඇත. Jaguar ගේ විද්‍යාත්මක නාමය වනුයේ Panthera onca ය. Panthera ගණය ට ද, කෝඩේටා වංශයට ද, මැමේලියා හෙවත් කිරී බී වැඩෙන සත්ව වර්ගයට මොවුන් අයත් වේ. වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර හා බටහිර ප්‍රදේශ වලත්, මෙක්සිකො ජනපදයෙත්, වැඩිපුරම මධ්‍යම ඇමරිකාවේත්, දකුණු පැරගුවේ හා උතුරු ආර්ජන්ටිනාවේ මෙම jaguar යන් ජීවත් වේ. මෙම jaguar යන් තනි බළලුන් ලෙස බටහිර ඇමරිකාවේ ජීවත් වේ. 20 වන සියවසේ සිට මුලිනුපුටා දැමු සත්ව විශේෂයකට මොවුන් අයත් වේ. රතු දත්ත වාර්තා වලට ඇතුලත්ව ඇත්තේ තර්ජනයට ලක් වූ සත්ව විශේෂ ගණයටයි. වර්තමානයේ වූවද තර්ජනයට ලක් වූ ජනාවාස කාණ්ඩයක් ලෙසට මෙම සත්වයා අයිති වේ. දකුණු ඇමරිකාවේ විශාලතම බළල් පවුලේ සාමාජිකයෙකි. බොහෝ සෙයින් jaguar යන් දිවියාට සමාන කමක් සෑම අතකින්ම දක්වයි. නිවර්තන, උප නිවර්තන, තෙත් පළල් පත්‍ර සහිත වනාන්තර වල සහ වගුරු ප්‍රදේශ වලද, වන ලැහැඹවල් වැනි තැන් වල කාලය ගත කිරීමට මෙම සත්වයින් ඉතා කැමත්තක් දක්වයි. දකුණු ඇමරිකාවේ සිටින විශාලතම මාංශපේශී තිබෙන සත්වයා ලෙස හැඳින්විය හැක. මොවුන්ගේ ශරීරය තද කහ පැහැයක් ගන්නා අතර තැනින් තැන කළු පැහැති පුල්ලි ඇත. උදර කොටස සුදු පැහැතිය. පාද කෙළවර දුඹුරු පැහැ වන අතර වලිගයේ කෙළවර කළු පැහැති වේ. jaguar යන්ගේ ඔලුව සහ බෙල්ල ඉතා ඝන වන අතර වලිගය කොටස සියුම් වේ. නමුත් ඔවුන්ගේ පාද නම් ඉතා ජව සම්පන්නය. jaguar යෙකුගේ වැඩිම බර ලෙස වාර්තා වනුයේ කි.ග්‍රෑ. 158 ක් ය. කුඩා ගැහැණු jaguar යෙකු උපරිම කි.ග්‍රෑ. 36 ක් පමණ වේ. සාමාන්‍ය මෙම විශේෂයේ සතෙකුගේ නාසයේ සිට වලිගය දක්වා දිග මීටර 1.12 ක් හෝ 1.85 ත් අතර අගයක් ගනී. විශාල jaguar යෙකුගේ වලිගය සාමාන්‍යයෙන් කුඩා වේ. ( වලිගය පමණක් සෙ.මී. 45 – 75 පමණ වේ). සිංහයන් දිවියන් හා jaguar යන්ගේ බර එක සමානය. නමුත් jaguar යන්ගේ උරහිස් පටුය. බ්‍රසීල jaguar යන්ලේ ගැහැණු සතුන් කි.ග්‍රෑ. 95 ක් පමණ වන අතර පිරිමි සතුන් කි.ග්‍රෑ. 56 – 78 ත් අතර අගයක් ගනී. 

හුදකලාවේ තනිවම වතුර බොන්නට එන සීබ්‍රාවුන්, මුවන් වැනි සතුන්ව ගස් අතර සැගවී සිට එකවර ඇවිත් පහර දී ඔවුන්ව ගොදුරු කර ගැනීමේ සහජ හැකියාවක් මෙම jaguar යන් හට තියෙනවා. එම සතුන්ව අල්ලා ගත් පසු බෙල්ල ප්‍රදේශය සපා කෑමෙන් එම සතුනව මාරා දමයි. jaguar යන් හට පවතින තියුණු දත් නිසාවෙන් එක් වර සැපීමකදී වූවද සතෙකු මරා දැමිය හැකිය. එම සතුන් ගේ අස්ථි කොටස් පවා මොවුන් ආහාරයට ගන්නවා. jaguar යන්ගේ පහළ ගාත්‍රා කොටස සෑදී ඇති අන්දමට ඔවුන් හට ඉතා වේගයෙන් දීවීමටද ගස් නැගීමටද හා ජලයේ පිහිනා යාමටද පුලුවන. මෙම jaguar යන් ගංගා අසල වගුරු ප්‍රදේශයන්හි වෙසෙන විශාල කිඹුලන් පවා ගොදුරු කර ගන්නට තරම් ශක්තිමත් යැයි ඇසුවහොත් ඔබ පුදුමයට පත් වේවී. දකුණු ඇමරිකාවේ විශාල වගාවන් වල යෙදී සිටින ගොවියන් හට ද මෙම jaguar යන්ගෙන් මහත් සේ කරදර ඇති වන බව වාර්තා වේ. අතීතයේ මෙම jaguar යන් විශාල ලෙස මරා දමා තිබෙනවා. ගොඩක්ම මොවුන්ව මරා ඇත්තේ සම ලබා ගැනීමට හා ඝන අස්ථි කොටස් ලබා ගැනීමටය. නමුත් වර්තමානයේ නම් මෙම සතුන් මැරීම ජාත්‍යන්තරය විසින් තහනම් කර ඇති අතර jaguar යන්ගේ අස්ථි කොටස් යම් පාර්ශව විසින් ලග තබා ගැනීමද තහනම් කොට ඇත.

4. Green Anaconda

Green Anaconda විශේෂයෙන් ජලයේ හා ගොඩබිම වෙසෙන ප්‍රසිද්ධ ඇනකොන්ඩා වර්ගයකි. මෙම ඇනකොන්ඩා විශේෂය රාත්‍රි කාලයේදී හඳුනා ගැනීමට ඉතා අපහසුය. වැඩිපුරම දක්නට ලැබෙනුයේ දකුණු ඇමරිකාවේය. ලෝකයේ විශාලතම හා දිගම සර්ප ගණයට අයත් වේ. Green Anaconda විශේෂයේ විද්‍යාත්මක නාමය වනුයේ Eunectes murinus ය. මෙම ග්‍රීන් ඇනකොන්ඩාවන්ගේ ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා පමණක් විශාලත්වයෙන් හා දිගින් වැඩිය. ග්‍රීන් ඇනකොන්ඩා ගැහැණු සතුන් මීටර් 4.6 පමණ දිග වන අතර පිරිමි සතුන් මීටර් 3 ක් පමණ දිගැතිය. ඔවුන්ගේ ඇස් හා නාසය පිහිටා ඇත්තේ හිසෙහි ඉහළ ප්‍රදේශයේය. එනම් ශීර්ෂයේය. එය ඔවුනට ජලයේ සිටියදී වූවද වාත අවකාශයේ සිටින ගොදුරක් අල්ලා ගැනීමට හැකි වන පරිදි ස්වභාවධර්මයෙන් ලැබී ඇත. ලෝකයේ දැනට සොයාගෙන ඇති දිග ප්‍රමාණ අනුව ගැහැණු සතුන් මීටර් 5.21 ප්‍රමාණයෙන්ද පිරිමි සතුන් මීටර් 4.6 ක දිගකින් යුතු සතුන් ද දක්නට ඇති බව වාර්තා වේ. මොවුන්ගේ බර සාමාන්‍යයෙන් කි.ග්‍රෑ. 30 ත් 70 ත් අතර ප්‍රමාණයෙන් යුක්තය. Green Anaconda ඇමරිකාවේ විශාලතම හා දේශීය සර්ප විශේෂය වේ. ඇනකොන්ඩා නැමැති සත්වයාව කුමන සත්වයෙකු හෝ ගොදුරක් ලෙස ගන්නවා නම් අනිවාර්යයෙන් එම සත්වයා මීටර් 9.1 ක් එනම් අවම අඩි 30 ක් විශාල විය යුතුයි. ඇමරිකාවේ සත්ව විද්‍යාඥ රීසස් ඇන්ටෝනියෝ රිවාස් විසින් දහස් ගණනක් ඇනකොන්ඩා වි‍ශේෂ ගැන අධ්‍යනය කර ඇති අතර මීටර 5.21 දිගැති හා විශාලම බර ලෙස කි.ග්‍රෑ. 77.5 ක ගැහැණු ග්‍රීන් ඇනකොන්ඩාවෙකු විශාලතම සත්වයෙකු ලෙස වාර්තා කර ගෙන ඇත. මොවුන් විවිධ වර්ණ සංයොජනයක් සහිත වේ. ඔලිව් කොළ පැහැති පසුතලයක් ඔවුන්ගේ හිස ප්‍රදේශයේ ඇත. අනෙක් සියලුම ශරීරය ගස් වල පොතු වල ඇති දුඹුරු ස්වභාවයක් ගනී. එය පරිසරයට ආවේණිකව ජීවත් වීමටත් ගොදුරු අල්ලා ගැනීමටත් උපකාරී වේ. කළු පැහැති පැල්ලම් විවිධ ප්‍රමාණ වලින් මුළු ශරීරය පුරාම ඇත. මෙම ඇනකොන්ඩා විශේෂයේ ශරීරය හා සසඳන විට ඔවුන්ගේ හිස ඉතා පටුය. සාපේක්ෂව මොවුන්ගේ ශරීරයේ පැති වල වල තැඹිලි - කහ වර්ණ සංයෝජනයෙන් යුත් තීරයක් පවතී. ග්‍රීන් ඇනකොන්ඩාවන්ගේ ඇස් හිසෙහි ඉහළ ප්‍රදේශයේ පිහිටීම ජලයේ සිට පිටත බැලීමට උපකාරී වේ.

ග්‍රීන් ඇනකොන්ඩාවන් දැක ගැනීමට හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් දැක ගැනීමටද ඡායා රූප කරණය ද ඉතා අපහසුය. එම සතුන්ගේ ශරීර කිඹුලන්ගේ ශරීර වලට වඩා විශාල වේ. ඒ නිසා කිඹුලන්ව පවා ගොදුරට ගැනීමට හැකියාවක් ග්‍රීන් ඇනකොන්ඩාවන් සතු වේ. ගීන් ඇනකොන්ඩාවන්ගේ සම ඉතා ඇදෙන සුලුය. එමෙන්ම ඔවුනට දිග වලිගයක් ද සහිතය. මොවුන් ගොදුරක් අල්ලා ගත් විට එම ගොදුර වෙලා ගනිමින් ගොදුරට අසු වූ සත්වයාව ඉතා ඝනව හිර කොට මැරෙන තුරු ටික වේලාවක් සිටියි. පසුව එම ගොදුර ඇනකොන්ඩා විසින් ආහාරයට ගනී. මෙම සතුන්ගේ ජීවිත කාලය දිගුය. විවිධ ශරීර ප්‍රමාණ වලින් ග්‍රීන් ඇනකොන්ඩාවන් සිටින බවට බොහෝ පැරණි ලියකියවිලි වලින් වාර්තා වී ඇත. හෙන්රි වෝල්ටර් බේට්ස් සහ ඇල්ෆ්‍රඩ් රුසෙල් වෝල්ස් නැමැති පරිසර විද්‍යාඥයා විසින් වාර්තා කර ඇති අන්දමට මෙම ඇනකොන්ඩා විශේෂය උපරිම දිග වනුයේ අඩි 30 ක් හෝ 40 ක් පමණි. වර්ෂ 1937 දී ගයානාවේ ඇල්පස් හයිට් වෙරිල් නැමැති පරිසර විද්‍යාඥයා විසින් කඳු පර්වතයක් තුල සිටි මෙම වර්ගයට අයත් ඇනකොන්ඩාවෙකුගේ දිග මීටර 6.1 ක් ලෙස තක්සේරු කර ඇති අතර ඔවුන්ගේ සම ඇදෙන සුළු බව හේතුවෙන් එම සත්වයා හට මීටර් 10 ක් වන තුරු විශාල වීමට හැකි බව සොයා ගෙන ඇත. විශාලම ශරීර බර ලෙස කි.ග්‍රෑ. 180 ක් වන ගැහැණු ග්‍රීන් ඇනකොන්ඩාවෙකු වර්ෂ 1978 දී කොලොම්බියාවේ විලියම් ඩබ්ලිව් ලැමර් විසින් සොයාගෙන ඇත. මෙම ග්‍රීන් ඇනකොන්ඩාවන් ජලයේ දී ඉතා ක්‍රියාශීලි සත්වයෙකු වන අතර ගොඩබිමේ දී යම් දුරට භයානක හැසීරීම් පවතී. මොවුන්ගේ ගොදුරු ලෙස විශාල කිඹුලන්, මුවන්, කුරුල්ලන්, ගෝනුන්, දිවියන් හා මිනිසෙකු වුවද කිව හැකිය. ගොදුරක් ලෙස ඇනකොන්ඩාට හසු වූ පසු බේරී යාමට නොහැකිය. ලෝකයේ ඉතා භයානක සත්වයෙකු ලෙස මෙම ග්‍රීන් ඇනකොන්ඩාව නම් කල හැකි අතර ලෝකයේ විශාල වැසි වනාන්තර වන ඇමරිකාවේ ඇමසන් වැසි වනාන්තරයේ ද විශාල වගුරු බිම් වලදීද දැක ගැනීමට හැකි වේ.

5. Poison Dart Frog

දකුණු ඇමරිකාවට දේශීය වූ මධ්‍යම නිවර්තන වැසි වනාන්තර වල මෙම poison dart frog නැමැති ගෙම්බන් විශේෂය දැක ගැනීමට පුලුවන. මෙම ගෙම්බන් විශේෂයට දීප්තිමත් වර්ණවත් ශරීර ඇත. ඇනිමාලියා රාජධානියට අයත් poison dart frog ඇම්පිබියා හෙවත් උභය ජීවී කාණ්ඩයට අයත් වේ. වර්ෂ 1865 දී මෙම උභය ජීවී විශේෂය සොයා ගෙන ඇත. පහතරට ඇමසන් වැසි වනාන්තරයේ දී සැරිසරීමෙන් මෙම poison dart frog ව දැක බලා ගැනීමට හැකි වේ. poison dart frog ඉතා විෂදායක සත්වයෙකි. කුහුඹුවන්, වේයන්, කුරුමිණියන් නැමති කෘමි විශේෂ මෙම ගෙම්බන්ගේ ප්‍රධාන අහාරය වේ. වනාන්තර වල ගස් කඳන් වල, කොළ අතු වල පිටුපස හා ගල් පර්වත වල මෙම ගෙම්බන් දක්නට ලැබේ. මෙම ගෙම්බන්ගේ ශරීර විශාල නැත. අඟල් ½ සිට අඟල් 2 දක්වා පමණ කුඩා ශරීර සහිත වේ. poison dart frog වනාන්තරයේ වුවද දැක ගැනීමට ඉතා අපහසු සත්වයෙකි. විවිධ දීප්තමත් වර්ණවත් හා විවිධ හැඩ වලින් මෙම ගෙම්බන් සමන්විතය. ලෝකයේ වර්ණවත්ම ඇම්පිබියාවන් වර්ගයට මෙම ගෙම්බන් අයත් වේ. බොහෝ සංකිර්ණ අභිජනන ක්‍රියාවලියක් සහිත සත්වයෙකි. ප්‍රමාණයෙන් කුඩා සත්වයෙකු වූවත් මෙම ගෙම්බන් විශේෂය දවස පුරාම ක්‍රියාශීලි සත්වයෙකි. වැසි වනාන්තර වල වෘක්ෂලතාදීයේ ද දිය ඇලි අසල හා සමහර ඕකිඩ් විශේෂ අසලදී ද මෙම ගෙම්බන් වාසය කිරීමට කැමත්තක් දක්වයි. 

ඉතා භයානක විෂ සහිත සත්වයෙකි. ශරීරයේ රඳවා ගත් යම් විශ ප්‍රමාණයක් සහිතය. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඕනෑම වේලාවක එම රඳවා ගෙන සිටින විශ ශරීරයෙන් පිට කිරීම මගින් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමට ඔවුන් සමත් වේ. එම විශ විවිධ රසායනික ද්‍රව්‍ය කිහිපයක සංයෝජනයක් සහිත වන බව පරිසර විද්‍යාඥයින් විසින් පවසයි. අවුරුදු ගණනාවකට පෙර මෙම poison dart frog නැමැති ගෙම්බන් විශේෂය විවිධ නම් වලින් හදුන්වා ඇත. එනම් arrow frogs සහ poison arrow frogs යනුවෙනි. මෙම ගෙම්බන් විශේෂය කිසි දිනෙක වෙරළාසන්න ප්‍රදේශයකින් සොයා ගත නොහැකිය. උභය ජීවී ගණයට අයක් වූවත් මොවුන්ගේ මුලීක වාසස්ථානය වනුයේ වැසි වනාන්තරයි. මෙම ගෙම්බන් විශේෂය සාමාන්‍යයෙන් වෙනම ඇති කිරීමට ඉතා අපහසුය. මොවුන්ගේ බිත්තර ඉතා බිඳෙන සුලුය. පැටවුන් බිහි වූ පසු මාස 3 ක් හා මාස 5 ක් පමණ යන විට අඟල් එකක් පමණ විශාල වේ. සමහර ගෙම්බන් අඟල් 12 ක් දක්වා විශාල වේ. වඩාත් ආලෝකය සහ වැඩි තාපයක් සහිත තැන් වල මොවුන් බිත්තර දැමුවත් ජීවී වූ පසු සීතල හා අඩු ආලෝකය සහිත තැන් වල ජීවත් වෙන්නට කැමත්තක් දක්වයි. එබැවින් මොවුන් අකාබනික තෙත පරිසරයේ ජීවත් වීමට කැමැත්තක් පවතී. උසස් තත්වයේ කැල්සියම් සහ විටමින් ආහාර ලෙස ලබා ගැනීමට යොමු වේ. නමුත් මොවුන් ආහාර වර්ග කිරීමක් කරන්නේ නැහැ. ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. කුඩා අවධියේ දී දිනපතා ආහාර විශාල ප්‍රාණයක් අවශ්‍ය වෙනවා. මධ්‍යම ප්‍රමාණයේ ගෙම්බන් ආහාරයට ගන්නේ පළතුරු මැස්සන් පමණි. ඔබ දැනසිටියාද ගෙම්බන් කිසි දිනක ජලය පානය නොකරන බව. ඔවුන් ශරීරයට අවශ්‍ය ජලය ලබා ගනුයේ සමට උරා ගැනීමෙනි. කුඩා ශරීර හිමි මොවුන්ගේ සම ඉතා සියුම් තෙත සහිත වීම නිසා ජලය ඉතා ඉක්මනින් උරා ගනී. දිවා කාලයේ ෆැරන්හයිඩ් අංශක 72 – 80 අතර මොවුනට ඉන්නට පුලුවන් වන අතර පැය 5 ක් පමණ ෆැරන්හයිඩ් අංශක 85 දී වූවද රැඳී සිටීමට පුලුවන්. රාත්‍රී කාලයේ දී ගස් වල කෙළෙ අතුරින් බල්බ දැල්වෙන ආකාරයේ දීප්තියක් මෙම සතුන්ගේ ශරීරයේ ඇති පැහැපත් වර්ණයෙන් දිස්වේ. මෙම මෙම ගෙම්බන් උපරිම අවුරුදු 20 ක් පමණ ජිවත් වේ. බහුතරයගේ දර්ශීය ජීවිත කාලය අවුරුදු 4 හෝ අවුරුදු 8 ක් වේ. මෙම සතුන් තමන්ගේ ආහාර සැපයුම තනිවම ඉතා හොඳින් කර ගනි. මොවුන් දර්ශීය ඉඩ පහසුකම් සහිත ස්ථාන වල සිටීමට වඩාත් ප්‍රිය කරයි. poison dart frog ගේ ශරීර උපස්තරයේ කිහිපයක් පමණ පාංශු ද්‍රව්‍ය පවතින බව සඳහන් වේ. මෙතෙක් අප ඉතා ලස්සන සතෙක් ලෙස මෙම ගෙම්බන් විශේෂය හැඳින් වුවත් මෙම සත්වයා අතිශය මාරාන්තික සත්වයෙකි. ඔබට ඇසුවොත් පුදුම සිතෙන කාරණය නම් එක් poison dart frog සත්වයෙක් තුල මිනිසුන් 10 දෙනෙකු මැරීමට පමණ විශ සහිතය. අතීතයේ සිටි දඩයක්කාර මිනිසුන් මෙම ගෙම්බන් මරා ඔවුන්ගේ විශ අරගෙන ඒවා දුනු ඊතල වලට යොදා ගනිමින් දඩයම් කළ බවද සඳහන් වේ. poison dart frog ගේ එම විශ මනුෂ්‍ය ශරීරයකට ඇතුලු වූවහොත් මිනිසාගේ හදවත සහ ස්නායු පද්ධතිය අක්‍රිය කිරීමට තරම් ප්‍රබල බව ඇසුවහොත් ඔබ පුදුමයට පත් වේවි. ඔබ යම් අවස්ථාවක වනාන්තරයකට ගිය අවස්ථාවකදී හෝ යම්කිසි පරීක්ෂණ අවස්ථාවක දී මෙම සත්ව විශේෂය ලස්සන නිසා ඔබ ඔවුන්ව ස්පර්ශ කලහොත් වහාම දෙඅත් ඉතා ඉක්මනින් සේදීමට වග බලා ගන්න.



විශ්ම කර්ම තුලින් අද අපි ඔබව දැනුවත් කිරීමට යන්නේ ලෝකයේ විශාල වැසි වනාන්තර වල සහ මහ සාගරයේ ජිවත්ව සිටින ඉතා භයානක දරුණු සත්ව විශේෂ කිහිපයක් ගැනයි. එම සතුන් උරග, ක්ෂීරපායි, පක්ෂි හා මත්ස්‍ය යන විශේෂ වලට අයත් සතුන් කිහිප දෙනෙකි.