MER-MAID යන වචනය දියකිඳුරන්ට ගලපා ගත්තේ මේ විදිහටයි. MER යන්නෙන් මුහුදත් MAID යන්නෙන් තරුණ කාන්තාවත් අර්ථ ගැන්නුවාම මුහුදේ සිටින තරුණ කාන්තාව කිඳුරිය විsදිහට ව්‍යවහාරයට එක්වුණා. කිඳුරන් ගැන අපේ මිථ්‍යාවන් ඇතත් ඒ පිළිබඳව තවමත් සෑහීමට පත් විය හැකි සාක්ෂි නොමැත. බෞද්ධ සාහිත්‍ය තුළ කිඳුරන් පිළිබඳව වූ සඳහන් අපමණය. ඉන්දියාවේ ජෛනාගමේ ජලයට අධිපති අප්සරා නම් දෙවඟනක් ගැන සඳහන් වෙනවා.
චීන ප්රස්ථා පිරුලකට අනුව දිය කිඳුරියන් විවාහ කර ගැනීම කියන්නේ මරණය කලින්ම ඉල්ලා ගැනීමක් බවයි. චින නැවියන් විසින් මෙම කිඳුරියන් වශි කරගෙන විවාහ කර ගත්තත් ඔවුන් කිඳුරියන්ගේ සාපය නිසා අකාලයේ මිය ගොස් තිබෙනවා. මේ නිසා චීන ධිවරයන් මුහුදු යැමට පෙරාතුව "කිඳුරු පහන" නමින් පහනක් දල්වා තමන්ට කිඳුරියන් මුණ නොගැසේවා යෑයි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිඳුරන්ගේ කඳුළුවලින් නිරෝගි වීමට වගේම අමරණීය වීමේ හැකියාව ඇති බව චීන ජන විශ්වාසයන් අතර තිබෙන අදහසක්.
කෙසේ වුණත් කිඳුරන් ගැන මිථ්‍යා සහ ජනප්‍රවාද රාශියක් තිබෙනවා. රුසියානු මිථ්‍යා කතාවක සිටින Rusa කන් ආත්මය විවාහයට පෙරාතුව මරණයට පත් වුණා. මෙම සාපය නිසා ඇය විලක කිඳුරියක්ව උපන්නා. විල අසලින් යනෙන මිනිසුන්ට ඇසෙන ලෙසින් මිහිරි ගීත ගායනා කරමින් ඇය ඔවුන් විල සමීපයට ළංකර ගෙන එයින් අනතුරුව විල පත්ලට ගෙන ගොස් තමා මරණ ලද බවට වූ චෝදනාව එම තැනැත්තා පිළිගත් දිනක ඇය මෙම සාපයෙන් මිදෙන බවට පිළිගැනීමක් තිබුණා.
ග්‍රීක දේවතාවියක් වුණ සිරියන් තමන්ගේ දූපත අසලින් යන නැවියන් වශී කර ගෙන ඇගේ දූපත අසලට ගෙන්වා ගෙන නැව මුහුදු බත් කරනවා. Triton ගි‍්‍රක දෙවියා වාසය කරන්නේ ගැඹුරු මුහුද පත්ලේ තිබෙන රත්රන් මාලිගාවකයි. අත ත්රිශුලයක් තිබෙන අතර ඔහු හොරණෑවෙන් සහ හක්ගෙඩියෙන් භයානක නාදයක් නිකුත් කරනවා. ඔහුගේ පියා මුහුදට අධිපති Poseidon යන නමින් හඳුන්වන දෙවියෙක්.
මානව විද්‍යාඥයන්ගේ පිළිගැනීමට අනුව කිඳුරන් යනු මුල් යුගයේදී මිනිසා සමග වෙරළාසන්නව ජීවත්ව පසුව සාගර පත්ලට පිවිස ආහාර වෙනුවෙන් පැලෑටි ගෙන ජීවත්වුණ ජීව විශේෂයක් ලෙසයි. මේ නිසා කිඳුරන්ගේ රූපකාය අපගේ මනස තුළ මැවෙන කිඳුරාගේ රුව දක්වා සංක්‍රමණය වී ඇත.
බැබිලෝනියානු ශිෂ්ටාචාරයේදී "ඔවෙන්සිස්" නම් දේවතාවියක් වෙනුවෙන් වන්දනාමාන කළ අතර ඇගේ සිරුරේ ඉහළ කොටස මිනිසකුගේ සිරුරට සමාන අතර පහළ කොටස මත්ස්‍යයකුට සමානය. අරාබි ජන ප්රවාදයන් හිදීත් මෙම "ඔවෙන්සිස්" හමුවෙන අතර පැරිසියේ "ලොව්රේ" කෞතුකාගාරයේ ද මෙම දේවතාවිය වෙනුවෙන් පුද පූජා පවත්න බවට සාක්ෂි ඇත. බයිබලයේ සඳහන් තොරතුරු අනුව "ඩාගන්" නම් දෙවියාට දිගු මාළු වලිගයක් තිබූ අතර මෙම දෙවියන් දියකිඳුරියන් වෙත දිව්‍යමය බලයක් පවරනු ලැබේ.
දියකිඳුරියන් දුටු බවටත් බොහෝ සාක්ෂි නැතුවාම නොවේ. එංගලන්තයේ හුණුගල් පර්යේෂකයකු ලෙස කටයුතු කරන පීටර් එඩ්වඩ්සන් දිනක් තම සහායක කාර්ල් ලුඩ්විග් සමග මුහුදේ යාත්‍රාවක යෙදෙමින් සිටියේ හුණුගල් දූපතක අධ්‍යයන කටයුතු වෙනුවෙන්ය. එක්වරම ඔහු දුටුවේ ගල්පරයක හිඳගෙන සිටි උඩුකය නිරුවත් වූද, සිරුරේ පහළ කොටස මත්ස්‍යයකුට සමාන රූපයකි. එඩ්සන් සහ සහායක දැක බියට පත් මෙම ජීවියා ගැඹුරු සාගර දියට පැන ගත් අතර ඇගේ කෙස් දුඹුරුවන් වූ අතර ඒවා ටික වේලාවක් මුහුදු දිය මත පාවෙමින් තිබිණි. නමුත් එඩ්වඩ්සන් සහ කාර්ල් මෙම ප්‍රදේශය බෙහෙවින් පරික්ෂාවට ලක් කළත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මේ ගැන ඔවුන් මාධ්‍ය හරහා සංවාදයක් ගොඩ නගන්නට උත්සාහ කළත් එය ද අසාර්ථක ප්රයත්නයක් විය.
පාසල් ගුරුවරයකු වූ ස්කොට්ලන්තයේ විලියම් මුර්නව් සැන්ඩි ෂයින් වෙරළේ ඇවිදමින් සිටියදී ගල්පරයක සිටි සුන්දර කාන්තාවක් දුටුවේය. ඇගේ සේයාරුවක් ගැනීමට විලියම් උත්සාහ කළා පමණී. සුන්දර කාන්තාව දියට පැන අතුරුදන් වූවාය. මේ ගැන අදහස් දක්වමින් TIME සඟරාව කියා සිටියේ මෙම මුහුදු ප්‍රදේශය ඉතා ගැඹුරු අතර එහි ඇති විශාල ගල්පර නිසා කිඳුරන්ට වාසභුමි සපයන බවයි.
1825 වසරේ රොබට් එස්. පෙස්කර් කෝන්වේල් නොගැඹුරු මුහුදු කලාපයේ පිහිනමින් සිටියදී ඔහුගේ පාදයේ සීතල යමක් ගැටෙන බව දැනී හැරි බලත්ම සුන්දර යුවතියක් දුටුවාය. ඇය මෘදු සංගිත රාවයක්ද පතුරවමින් ජලය අතර නොපෙනී ගියාය. 1981 වසරේ අරාබි ධීවරයන් පිරිසක් අනතුරට ලක් කරන ලද අසාමාන්‍ය මත්ස්‍යයා ගැන තොරතුරු මෙසේ සඳහන් විය. මත්ස්‍යයාගේ බඳ ප්‍රදේශය මාළුවෙකුටත් සිරුරේ ඉහළ ප්‍රදේශය මිනිසකුටත් සමාන විය. මෙම මාළුවා හසු කර ගැනීමට බිලි කොකු භාවිතා කිරීම නිසා පාද බිඳී ගොස් තිබුණී.
1608 වසරේ හෙන්රි හඩ්සන් සිය නෞකා ලොග් සටහන් පොතේ අපුරු සටහනක් තබා තිබුණි. එම සන්ධ්‍යාවේදී රූමත් යුවතියක් කිසිදු ආධාරකයක් නොමැතිව ඔහුගේ නෞකාව සමිපයේ පිහිනමින් සිටියාය. දැල එලා මෙම කාන්තාව හසු කර ගන්නට තැත් කළත් එය අසාර්ථක උත්සාහයක් විය.
පුන්‍යා චාන්දනි ද සිල්වා
දිවයින ඇසුරිණි
Post a Comment