ළමා පාතාලය බිහිවන හැටි!

මේ ළමයා නම් පුදුම හිතුවක්‌කාරයි. කියන කිසිම දෙයක්‌ අහන්නේ නැහැ. මම කොච්චර නම් ගහනවද මේ ළමයට එත් කෝ හැදෙන්නේ නැහැනේ" තම දඩම්බර දරුවන් සම්බන්ධව දෙමාපියන් මැසිවිලි නගනු නිරන්තරව අසන්නට ලැබෙයි. දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටින විට මව ඔහු අතහැර වෙනත් ස්‌ථානයකට ගමන් කළහොත්, ඔහු හඬා වැළපෙමින්, සෙල්ලම් බඩු පොළවේ ගසමින් හිතුවක්‌කාර ලෙස කටයුතු කිරීම දැකිය හැකිය.

මෙවන් දරුවන් අසළට පැමිණෙන දෙමාපියන් තම දරුවනට තරවටු කරමින් බණිමින් ඇදගෙන යන අයුරු ඉන්පසුව දැකගත හැකිය. මෙය මට මෙන්ම ඔබටද සුලභ අත්දැකීමක්‌ වනු ඇත.

මේ සිදුවීම යාන්ත්‍රණය දෙස බලා සිටින විට පෙනීයන කරුණක්‌ වන්නේ තම දරුවා දෙසට දෙමාපියන්ගේ අවධානය අඩුවීම සමග ළමයින් වඩා ප්‍රචණ්‌ඩකාරී ස්‌වරූපයක්‌ ලබාගන්නා බවයි. කලබලකාරී, කලහකාරී දෙමාපියන් තම දරුවා නොසළකා හැර කටයුතු කිරීම එයට මගපාදන අතර දරුවාට සෙනෙහස පෑම සමග මේ අරගලය සංසුන්වෙයි.

දරුවාගේ ඇසට ඇස, සිරුරට සිරුර ගැටෙන ලෙස අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම දරුවා තුළ ඇති කරනුයේ යහපත් ආකල්පයකි. මෙම නොසළකා හැරීම සිදුවන අවස්‌ථාවේදීම වඩා වෙනස්‌ ලෙස දරුවාට දැනෙන්නට පටන් ගනියි. දරුවන් සහ මව අතර වන මෙවැනි සිදුවීම් විඩියෝගත කර දෙමාපියනට දර්ශනය වීමට සැලැස්‌වීම මගින් තමාගේ වැරැදි නිවැරැදි කර ගැනීමට දෙමාපියනට අවස්‌ථාව සැළසෙන අතර නෙදර්ලන්ත සේවා අංශ මෙය හඳුන්වා දෙන්නේ Positive Parenting ක්‍රමය හෙවත් දෙමාපියන් ධනාත්මක වීමට මග පාදන ක්‍රමය ලෙසිනි.

මේ සියලු කරුණුවලින් මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ දරුවා සහ ඔහුගේ දෙමාපියන් අතර වන බැඳීම දරුවා තුළ ප්‍රබල මානසික පරිවර්තනයන් ඇති කරන බවයි. වඩා වැදගත් වන්නේ මෙම සහ සම්බන්ධයෙන් ගුණාත්මක භාවයයි.

මේ වන විට යුරෝපය ඇතුළු බොහෝ රටවල පැතිර යන සමාජ සංස්‌කෘතික විපර්යාසවල බලපෑම් යටතේ තරුණ තරුණියන් අතර මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට හුරුවීම, මානසික රෝගවලට ගොදුරුවීම, කලහ සිදුකර ගැනීම ආදී සිදුවීම් ඉහළ ගොස්‌ ඇත.

දරුවන් සහ දෙමාපියන් අතර වන ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීමේ කාර්යය සඳහා මෙම නව උපායන් හඳුන්වා දිමේ කාර්යය නෙදර්ලන්ත සෞඛ්‍ය අංශවල මූලිකත්වයෙන් ආරම්භ වූවකි. මෙහිදී දෙමාපියන් හා දරුවන් අතර ගැටුම් ඇතිවීමට අවස්‌ථාව පවතින මං සොයා බලා ඒවාට පිළියම් යෙදීම සිදුකළ යුතුය. මෙම ධනාත්මක චින්තනය උපකාරී වන්නේ එහිදීය.

දෙමාපියන් විසින් දරුවාගේ අවශ්‍යතාවයන් වහා තේරුම් ගත යුතුය. මේ තත්ත්වය Secure attachment ලෙස මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. දරුවාගේ අනාගත ක්‍රියාවන් සඳහා ඉතා වැදගත් වන්නේ ජීවිතයේ පළමු වසර තුන වන අතර එම කාල වකවානුවේදී ඇතිවන සහ සම්බන්ධතා සහ හැසිරීම් රටා ඔහුගේ අනාගතය හැඩවැඩ කිරීමට උපකාරී වේ. දරුවා කෙරෙහි ආත්මවිශ්වාය, සමාජ සම්බන්ධතා පිළිබඳ අවබෝධය ඇතිවන්නේ එවිටය. එසේ නොවන විට මානසික ව්‍යාකූලතාව සහ සමාජ විරෝධතා ඔවුන් තුළ ඇති වෙයි.

නවසීලන්තය තුළදී මේ සම්බන්ධව දිගුකාලීන අවධානයක්‌ සිදුකරනු ලැබූ අතර මෙහිදී 1972 වසරේ උපන් දරුවන්ව වයස අවුරුදු 21 පමණ වනතුරු අධ්‍යයනයන්ට ලක්‌ කරන ලදී. පළමු වසරේ කුඩා දරුවන්ගේ හැසිරීම, දෙමාපියන් දරුවන් අතර වන සබඳතාව ආදිය මෙහිදී අධ්‍යයනයට ලක්‌වූ අතර මෙහිදී අනාවරණය වූයේ කුඩා කාලයේදී බිඳවැටුන සමාජ සම්බන්ධතා වැඩිවිය පැමිණි විට සමාජ විරෝධී ක්‍රියාවකට දොරටු විවර කරන බවයි.

වඩා ප්‍රචණ්‌ඩකාරී හැසිරීම් රටා පෙන්වන දරුවන්ට ඔවුන්ගේ පරිසරය තුළින් සහයෝගය හිමිවන්නේ නම් ඔවුන් හොඳ දරුවන් බවට පරිවර්තනය කළ හැකි බව මනෝ විද්‍යාඥ මතයයි. මේ සොයාගැනීම ස්‌නායු ජෛව විද්‍යාත්මකව පැහැදිලි කළ හැකිය. විශේෂ ස්‌කෑන් පරීක්‍ෂා මගින් අනාවරනය වී ඇති අන්දමට අතහැර දමන ලද නොසළකා හරින ලද දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය සහ එසේ නොවී ආදරයෙන් රැකබලා ගන්නා දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අතර කැපී පෙනෙන වෙනස්‌කම් පවතියි. එසේ වුවත් ප්‍රචණ්‌ඩකාරී හැසිරීම් ඇති දරුවන්ගේ මොළයේ ස්‌නායු සැකැස්‌ම කෙතරම් නරක අන්දමට සැකසී තිබුණද එය යළි සාර්ථක ලෙස ප්‍රතිවර්තනය කිරීමට හැකියාවක්‌ පවතින බව විද්‍යාඥ මතයයි.

විවිධාකාර මානසික ව්‍යාකූලතාවයන්ට ගොදුරුවීම නිසා ආතතියට ගොදුරු වූ (සුනාමි ව්‍යසනයෙන් අනතුරුව) දරුවන් (Post Traumatic Stress disorders) වේ මොවුන් අදටත් පුනරුත්ථාපනය කරන මධ්‍යස්‌ථාන දිවයින පුරා පවතියි.

විශේෂයෙන් යුද කලාපවල ජීවත්වන දරුවන් තුළ මෙවැනි ව්‍යාකූලතා ප්‍රධාන වශයෙන් හමුවන අතර ඔවුනගේ මානසික ක්‍රියා සියල්ල "යුද්ධය" හා "ත්‍රස්‌තවාදය" විසින් මෙහෙයවනු ලබයි. මෙවැනි දරුවන් නිරන්තරව දැඩි මානසික බියකින් පසුවෙයි. වියට්‌නාම දේශයේ බොහෝ දරුවන් තුළින්ද මේ තත්ත්වය හමුවෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය වෙළ¹ම යුද්ධය ආයුධ දරාගත් සන්නද්ධ ත්‍රස්‌තවාදීන් ඔවුන් නිරුන්තරව දකින දර්ශනයි. ආයුධ දරා ගැනීමට ත්‍රස්‌තවාදීන් පුහුණු කර තිබුණද දරුවන් එයට හුරුවිය යුතු නොවෙයි. නමුත් මෙවැනි දර්ශන දකින දරුවන් එයට ඇබ්බැහි වීම නිරතුරුවම සිදුවෙයි.

මව පියා අතර වන මත ගැටුම්වලටද දරුවන් අතරමැදි වන අතර මව හෝ පියා අනෙකාගේ දොස්‌ නිතර දරුවන් ඉදිරියේ පැවසීම නිසා දරුවන්ගේ මානසිකත්වය කැපීපෙනෙන ලෙස පහත වැටෙහි. දික්‌කසාදයට දරුවන් අතරමැදියන් කර ගන්නා දෙමාපියන් මේ තත්ත්වය වටහාගත යුතුය.

Posltlve parenting ක්‍රමය හෙවත් දෙමාපියන් ධනාත්මක වීමට මග පාදන ක්‍රමය වැනි ව්‍යාපෘති සම්බන්ධව විශේෂ උනන්දුවක්‌ දක්‌වන්නන් ලෙස නවසීලන්තයේ කැමිලා බැරිමැස්‌තලාස්‌ හඳුන්වා දිය හැකිය. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන කැමිලා පවසන්නේ දරුවකු උපත ලබන අවස්‌ථාවේදී ඔහුගේ මොළයේ නොමේරු ස්‌නායු සෛල වලින් පිරීපවතියි. මෙම ස්‌නායු සෛල වඩා පරිනත බවට පත්වන්නේද අත්දැකීම්වලින් සමන්විත වන්නේද ඉදිරි වසර කිහිපය තුළදීය. මෙහි අවසාන ප්‍රතිඵලය දරුවන්ගේ අනෙකුත් කායික ක්‍රියා පාලනය කරන limbic system පද්ධතිය හෙවත් මොළයේ මතක ක්‍රියා අවධි කරමින් වඩා පරිනත මිනිසකු බවට පත්කරන ක්‍රියාවලිය සිදුවන්නේ ඒ හරහාය. දරුවන්ගේ මෙම අනෝන්‍ය සහජීවනය ඇතිවන්නේ විශේෂයෙන් දෙමාපිය ආදරය මතය.

මේ තත්ත්වය යටතේ දරුවා භයානක ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන විට මෙම මොළයේ ක්‍රියාකාරිත්වය අවාසි සහගත ලෙස වෙනස්‌ වී යෑයි. හදිසි අවස්‌ථාවන් ඇතිවන විට ඒ සමග සටන් කිරීමට හෝ පළායැමට (Fight or flight) රසායන සංයෝගය ශරීරය තුළදී ඇති වෙයි. මෙම රසායන දරුවාගේ මොළයට හානිකරන අම්ල ලෙස ක්‍රියාකරයි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස දරුවාගේ මොළයේ මානසික ක්‍රියාවන් සහ සමාජගතවීම පාලනය කරන ස්‌නායු පද්ධති අවුල් වියවුල් වී යෑයි. දරුවා තුළ පවතින්නේ අනාගතය ගැන අවිනිශ්චිත භාවයකි. අවධානය අඩුවී යයි. දිගින් දිගටම මානසික අවපීඩනයෙන් පෙළෙයි. ඔවුනට නිරතුරුව ගැටුම් ඇතිකර ගැනීමට අවශ්‍ය වෙයි. ගැටුමක්‌ නොමැති නම් ගැටුමකට මුල පිරීමට සිදුවෙයි.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ලන්ඩන් නුවර මොඩ්ස්‌ලේ රෝහලේ පශ්චාත් කම්පන මානසික අවපීඩන ඒකකයේ වෛද්‍ය ෆෙලිසිටි ඩී. ශැලීනා දරුවාට ආදරය කරන විට මොළයට හිතකර හෝර්මෝන වර්ග ස්‍රාවය වන බව පවසයි. හෙරොයින් වැනි රසායන ලබාගත්විටද මොළයට සතුට ඇතිවන්නේ මේ අන්දමිනි. දරුවා තුළ මොළයේ අහිතකර රසායන බලපෑමට ලක්‌වූ විට ඔහුට වෙනත් පුද්ගලයෙකු කෙරෙහි ආදරයෙන් අනුකම්පාවක්‌ ජනිත නොවෙයි. මිනිසකු මැරීම වුවද ඔහුට සාමාන්‍ය දෙයකි. මිනී මැරීමට පෙර ඒ ගැන සිතීමටවත් කල්පනා කිරීමටවත් ඔහුට අවශ්‍ය නැත. සිත් පිත් නොමැති ලෙස එය පුපුරුවා ලීමට ඔහු කැමතිය. අනෙකාට ගරු නොකරයි. තමාට අනතුරක්‌ වන විටම අනෙකාට පිහියෙන් ඇනීමට වෙර දැරීමට පෙළඹෙයි.

මෙවැනි දරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීම ඉතාම වැදගත්ය. තමාට සවන් දෙන්නකු සිටීනම් ඔහුට හෝ ඇයට ආදරය කිරීමට කිසිවකු සිටිනම් ඔහුටද දරුවා පෙරළා වහා ආදරයට පෙළඹෙයි. මේ ප්‍රචණ්‌ඩත්වයේ රසායන පදනම දරුවනට පැහැදිලි කර දිය හැකි නම් එය වඩා සාර්ථක වනු ඇත.

කැමිලා විසින් ආරම්භ කරන ලද ළමා පුනරුත්ථාපන කඳවුර මගින් පසුගිය කාලසීමාවදී ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරෙන දරුවන් 3000 ට ආසන්න ප්‍රමාණයක්‌ බේරා ගැනීමට සමත්ව ඇත. එසේ නොවුණානම් ඔවුන් නතරවනුයේ සිපිරිගෙයිනි. දෙමාපියන් නොමැති දරුවනට දෙමාපිය ආදරය (parenting) ලබාදිය යුතුය. අධ්‍යාපනයට යොමු කළ යුතුය. අඩු වයසින් මත්පැනට හා මත්ද්‍රව්‍ය වලට ගොදුරු වූවන් බේරා ගැනීමටද මේ අන්දමට වැඩපිළිවෙළක්‌ යුරෝපා රටවල ක්‍රියාත්මක වේ.

මේ අනුව කුඩා දරුවන් තුළ ඇතිවන ප්‍රචණ්‌ඩත්වය සම්බන්ධව දරුවාට පමණක්‌ චෝදනා කර විස¹ලිය නොහැකි ගැටලුවක්‌ බව පෙනෙයි. එය සංකීර්ණ මනෝ - ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මේ තත්ත්වය හිතුවක්‌කාර දරුවන්ගේ දෙමාපියන් මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන් විසින්ද පුළුල් ලෙස අවබෝධකර ගත යුතුය. එසේ නොවුනහොත් අපට සමාජගත වන හිතුවක්‌කාර දරුවන් ප්‍රමාණය පාලනය කරගත නොහැකි වනු ඇත. හිතුවක්‌කාර දරුවාට තවදුරටටත් තරවටු කිරීම ඔහු මිනීමරුවකු ත්‍රස්‌තවාදියෙකු බවට පත් කිරීමයි.

වෛද්‍ය 

ජී. ජී. චමල් සංජීව



මේ ළමයා නම් පුදුම හිතුවක්‌කාරයි. කියන කිසිම දෙයක්‌ අහන්නේ නැහැ. මම කොච්චර නම් ගහනවද මේ ළමයට එත් කෝ හැදෙන්නේ නැහැනේ" තම දඩම්බර දරුවන් සම්බන්ධව දෙමාපියන් මැසිවිලි නගනු නිරන්තරව අසන්නට ලැබෙයි. දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටින විට මව ඔහු අතහැර වෙනත් ස්‌ථානයකට ගමන් කළහොත්, ඔහු හඬා වැළපෙමින්, සෙල්ලම් බඩු පොළවේ ගසමින් හිතුවක්‌කාර ලෙස කටයුතු කිරීම දැකිය හැකිය