වශී ගුරුකම් කිව්වාට අපි ගොඩක් දෙනා වරදවා තේරුම් අරගෙන තිබෙනවා. පුංචි ළමයකුට තද පාටක් හෝ තද පාට ඇඳුමක් හෝ තද පාට සෙල්ලම් බඩුවක් පෙන්නුවාම ඒ පුංචි දරුවා ඒකට වශී වෙනවා. පෙනය පුප්පාගෙන ඉන්නා නාග රාජයා මුගටියාගේ ඇසේ තිබෙන කළු ඇස්බෝලයට වශී වෙනවා. තරුණ ගැහැනු ළමයෙක් එම වයසේ පිරිමි ළමයෙක් සමඟ එක්තරා ආකාරයකට කතා කළාම ඇයත් වශීවනවා. එච්චරක් නොවෙයි. අපිට බඩගිනි වුණාම ව්‍යාංජන සුවඳ හමන කෑම පිගානක් දුටුවාම අපි ඒකට වශී වෙනවා. කටට කෙළ උනන්නේ ඒකනේ.
ශිල්පය යසට හදාරණ සිසුන් අවශ්‍ය කාලයට ශිල්පාධිපති බ්‍රහස්පති අගුණ කරනකොට ශිල්පය හදාරන්න කම්මැලි වෙනවා. විභාග පෙනි පෙනී අලස වෙනවා. ඒකට අවශ්‍ය යන්ත්‍රය දාපුවාම සිසුවට ශිල්පය වශී වෙනවා. විවාහය අවශ්‍ය කාලයට විවාහය අහනවා. කතා කරනවා. බලනවා යනවා හරියන්නේ නැහැ. විවහාකාධිපති සිකුරා හතුරුයි. යන්ත්‍රය දාපුවාම හරි. මේවා සෘෂිවරයන් වහන්සේලාගේ නියමයන්. වැඩි පුරම පොතපතේ සඳහන් වන්නේ සොලෝකවලින්. දැන් බලන කොට අපි කවුරුත් වශීවලට කැමැතියි. අවශ්‍යයි.
වශීවලට දෙපැත්තක් ඒ කිව්වේ දෙපාර්ශ්වයක් තිබෙන බව දන්නවනේ මෙතෙක් වේලා කිවූ වශීවලට දෙපැත්තෙන් එක පැත්තක්වත් අකැමැත්තක් තිබුණේ නැහැනේ. වශී ගුරුකම් කරන්නේ මින් එක පැත්තක් කැමැත්ත නැති වුණාම විතරමයි. වශී ගුරුකම් කරන කොට ඒකට වියදම් වන ගාස්තුව නොවෙයි ඉස්සරවෙන්න ඕනෑ. මොකද්ද කරන්න ඕනෑ. කොහොමද කරන්නේ මොකක්ද කෙරෙන්නේ. දින කීයකට පසුවද මේ විස්තර තීරණයේ කර ගන්න ඕනෑ ඉස්සෙල්ලාම එහෙම නැතුව ගුරුන්නාන්සේ කිවු පළියට මුදල් වැය කරලා ඔය සුර බෙල්ලේ එල්ලුවාට කොට්ටේ යට තබාගත්තාට හරියන්නේ නැහැ.
වැරදි ක්‍රමයට ගුරුකම් කරලා නිශ්ඵල වෙලා මට කොච්චර අය දුක් අඳෝනා කරනවාද? ඒවාට මට උදව් කරන්න බැහැ දැන්. ගොඩක් අය හිතනවා. වශී ගුරුකම් කියන්නේ යාළු කරගන්න බැරි හෝ යාළුවෙලා ඉඳලා තරහ වුණ කෙනෙක්ව නැවත යාළු කරගන්න අවශ්‍ය ගුරුකම් කියලා. ඒකත් වශී තමයි. නමුත් ඒවා එච්චර උසස් ගණයට වැටෙන වශී ගුරුකම් නොවේ. ඒවා හරියනවට වඩා හරිනොයනවා වැඩියි.
අපි හිතමු යාළුවෙලා විවාහ වෙලා හෝ විවාහ නොවී කලකට පසු ඒ ඇසුර නවත්වලා වෙනත් ඇසුරක් පවත්වාගෙන යනවා කියලා. දැන් ඒක ගෙන්වා ගන්න වශී ගුරුකම් කරනවා. තව තැනක සම්බන්ධයක් තිබියදී මේ පැත්තට ගන්න හැකිද වශීයක් කරලා. වැටහෙන්නේ නැද්ද ඒ හිත තව තැනක හිරවෙලා කියලා. එහෙනම් පළමුව ඒ හිත නැත්නම් ආශ්‍රය කඩන්න ඕනෑනේ. ඊට පසු වශීය කරන්න.
අද සමාජය පළමු වැනි ගණයට දාලා තිබෙන්නේ ඔය ස්ත්‍රී පුරුෂ වශී. මේ වගේ වශී කරනකොට කිසිම ප්‍රවේශමක් තාත්වික භාවයක් නැතිව කරනවා. ඒක පසුවට නරක් වනවා. කව්රු හෝ වශියක් දෙනකොට ඒ වශී බෙහෙත් වතුරේ හෝ මුත්රාවල දියවනවා නම් බයවන්න කාරියක් නැහැ. නමුත් වැඩි මුදලක් වැය කරලා වතුරට දිය නොවන කිසිම දෙයක් වශී ක්‍රමයට ශරීර ගත කරන්න එපා. මහා පාපකර්මයක මුල එතැන වේවි. මං හිතන්නේ නොහිතන කාලයක් ඉදිරියට ගෙනයන මහා පාපකර්මයක් වෙනවා.
සමහරු මලයාලම් කියලා කරනවා ඒකේ තේරුම වත් දන්නේ නැතුව. මලයාලම් මතුරන්න ඕනෑ. නීච කුලේ මන්ත්‍රවලින් බව ඒ අය දන්නවද මම දන්නේ නැහැ. ඒ බව කීප දෙනෙක්ම මටම කියලා තිබෙනවා. නිචකුලේ මන්ත්‍ර කටපාඩම් කරන්නේ නැති බව මූලිකව අද දැනගන්න කෝ.
වශී ගුරුකම් මතුරන කොට එක් මන්ත්‍රයක් අවසන් කරන කොටසක මෙහෙම තිබෙනවා එනම්" සර්ව රෝග වසංකරී සර්ව සත්ත්ව වසංකරී, සර්ව සභා වසංකරී, සර්ව ශිල්ප ශිල්පා, වසංකරී සර්ව ආවාහ විවාහා වසංකරී. කියලා දිගටම මතුරාගෙන යනවා. නමුත් ලග්නය නැකත නම ඇතුළත් කරන්නේ නැහැ. ඒ දේවල් ඇතුළත් කරන්නේ ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්වලට විතරයි.
සර්ව වශී ගුරුකම විශේෂයෙන් රාජ්‍ය බලයේ සිටින රාජ්‍ය බලය අපේක්ෂිත බොහෝ දෙනෙක් කරගන්නවා. ඒවා වැඩිපුරම ප්‍රතිඵලදායකයි. ඉතාම ස්වල්පයක් හරි නොයන්නේ. සමහර උදවිය ප්‍රසිද්ධියේ ඔය නාළිකාවලත් මේ ගුරුකම්වලට දොස් කියලා අප්රසිද්ධියේ අප ළඟට ඇවිල්ලා ගුරුකම් කර ගන්නවා. වගකීමෙන් දමන වශී යන්ත්‍ර තිබෙනවා. අද ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ නැති මහජනයා තමා පැත්තට නැමෙන වශී සභා ජය වශී මේ අතර සමහරක්.
නමුත් මේවායේ කෙරුවාට ලෙහෙසියි කියලා දෙපාර්ශ්වයම හිතන්න එපා මේ ගුරුකම්වල විශේෂය තමයි කරලා ඉවරවෙලා පසුවදා අලුයම කතා නොකර කයිල වැලකට අල්ලා බලන්න ඕනෑ සත්‍ය අසත්‍යතාවය ගැන ඊට පසු තමයි ආතුරයට දෙන්න ඕනෑ. සමහර අය ඉන්නවා වශී ගුරුකම් කරනවා කියා කයිල වැල් අඳුනන්නේ නැහැ. අද තත්ත්වය ඒකයි. හරියට ජප මන්ත්‍රය මතුරනවා දිගැසි මන්ත්‍රය අඳුනන්නේ නැති වගේ.
වශී ගුරුකමට ප්‍රථම යක්ෂ ඉනාව ප්‍රේත ඉනාව දැනගන්න ඕනෑ. ප්‍රේත ඉනාව නම් දන්නවනේ ඔය කරදර ඇති ගෙවල්වල ප්‍රේත දොල දෙනකොට කරන්නේ මේවා පාරම්පරික ඇදුරො නම් දන්නවා. මේ එකක් වත් විඡ්ජා වගේ ප්‍රසිද්ධියේ කරන්න බැහැ. මොකද ගුරුකම් විඡ්ජා නොවන නිසා මේ හැම ගුරුකමක්ම ජාමෙට පටන් අරං එළිවෙන්න පෙර ඉවර කරන්න ඕනෑ. මේ ඔක්කොම සෙල්ලම් අදෘෂ්‍යමාන පිරිසක් සමඟ බව අමතක කරන්න එපා. අපි මේ ගුරුකම් කරන්නෙත් යම්කිසි මන්ත්‍ර නීතියකට අනුවයි. ඒ අයත් මේවා කරන්නේ වෙසමුනි රඡ්ජුරුවන් එදා දීපු ආඥාවන්වලට කීකරුව හා අනුකූලවයි.
අනික තමයි ජප වාර ගණන අඩුම තරමින් 1000 වර පන්නන්නට ඕනෑ. මේ විදියට ලියන්නේ වශී ගුරුකම ටිකකින්වත් අඩුවුණොත් ප්‍රතිඵලයත් ඒවගේමයි. අනික තමයි දෙපාර්ශ්වයට අවංක විය යුතුමයි. නූලක් පන්නවා දෙන්න කිව්වාට ඒක බාගෙට කළාට වැඩේ අහක යනවා. ඔය වගේ අඩුපාඩු තියෙන්න බැහැ. වශී ගුරුකම්වලට අදාළ දේම කරන්න ඕනෑ.
කවන්න ඕන එකට පන්නලා හරි යන්නේ නැහැ. ඔය නූල් පැන්නිල්ල හරියටම කරන්න ඕනෑ. අනික තමයි සභා ජය ගැනීම පිරිස ජය ගැනීම වගේ සර්ව වශීවලට දෙපාර්ශ්වයම පරිස්සම් වෙන්න ඕනෑ. යන්ත්‍රය හෝ මන්ත්‍රය මතුරන්න ප්‍රථම ගුරුතුමාත් යන්ත්‍රය හෝ ගුරුකම කළාට පසු ආතුරයන් ඒ පිළිවෙත් රකින්න ඕනෑ. විශේෂයෙන් ගෙරි මස් කෑම නතර කරන්න ඕනෑ. එම නිසා ඒව පිළිපදින්න බැරිනම් වශී ගුරුකම් කිසිවක් කරන්න එපා කියන එකයි මගේ අදහස. විශේෂම එකක් තමයි ක්‍රමවේදය. දිව්‍ය රාජ වශීය ශ්‍රී ලංකාවේ කරන්න හරිම අමාරුයි. සමහරු කරනවා මම දැකලා තිබෙනවා. දිව්‍ය රාජ වශියට දිවිතෙල් හෝ කොටි තෙල් අවශ්‍යමයි. වෙනත් තෙල් අහන්නේ නැහැ. මේවා ශ්‍රී ලංකාවේ හොයාගන්න අමාරු බව දන්නවනේ. ඉතින් අනුපාන තෙල් දමනවා ගුරුකම අහක යනවා. ඔය ඖෂධත් සොයා ගැනීම දැන් හරි අසීරුයි.
ඔය යන්ත්‍ර රත්කරන විට පස්පැඟිරි දරවලින් රත්කරන යන්ත්‍ර වෙනත් කිසිම දරවලින් රත් කරලා බැහැ. අවශ්‍ය කෙනාගේ නැකතට සුදුසු දිනයක යාමයක ඔහුගේ හෝ ඇයගේ පක්ෂියාගේ තත්ත්වය බලලා හරියට කළාම ප්‍රතිඵලත් එවගේමයි ඔය බෙහෙත් කඩවල තිබෙන ඒවා නියම පස්පැඟිරි දර නොවෙයි. ඒවා විශ්වාසයෙන්ම තමුන් හොයාගන්නම ඕනෑ.
වෂී ගුරුකම්වලට යක්ෂ ඉනාව මගින් ගුරුකම භාර දෙන්න ඕනෑ ජප මන්ත්‍රයට පස්සේ. මේ විදියට නියම ගුරුකම් කළාම ඔබ දෙවියන්ගෙන් වැඳුම් ගන්න නියම කෙනෙක් වේවි. අන්තිමට තව වැදගත් එකක් ලියන්නම් කිසිම වශීයක් රාම මන්ත්‍රයෙන් හෝ නවනීල මන්ත්‍රයෙන් මතුරන්න හොඳ නැහැ. නිවැරදිව කරල අවශ්‍ය අයට සෙවණක් වීම මන්ත්‍ර ශාස්ත්රයේ තිබෙන ගුණයක්.
වැඩිදුර විස්තර සදහා දුරකථන අංකය 0722174553.
භාරත භාෂිකර ශිරෝමණී උපධිධාරී
ජ්‍යෙතිෂ ශාස්ත්‍රඥ, ගුප්ත විද්‍යාධර
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දිවයින ඇසුරිණි
Post a Comment