ඌව පළාතෙ රදළ පවුළකින් මහණ වෙච්ච බොහොම භක්තිවන්ත ගුණවන්ත හාමුදුරුනමක් හිටිය. මේ හාමුදුරුවො පිණ්ඩපාතෙන්මයි ජීවත් උනේ. ගිහි ජීවිතේ කලකිරිල මහණ වෙච්චි කෙනෙක්. ඒ නිසා පංසල් ජීවිතේ මට ඕන නෑ කියල රට පුරාම තැනින් තැන පිණ්ඩපාතෙ යමින් ඇවිදිනව. රාත්රියට අහුවෙච්ච පංසලක නවතිනව. කොයි පංසලේ හිටියත් බුදුන් වඳිනව. පිරිත කියනව. භාවනාවත් කරනවා. ඒවායේ අඩුවක් කරන්නේ නෑ. හැමදාම උදේ දවල් දෙකටම පිණ්ඩපාතෙ යනවා. පයින්මයි ඇවිදින්නෙ. වාහනවල යන්නෙම නෑ. ඔහොම තමයි මේ හාමුදුරුවො අපවත් වෙන තුරුම හිටියෙ. මට හම්බවෙනකොට ඒ හාමුදුරුවන්ට වයස අවුරුදු 80ක් විතර ඇති. ඉතින් මේ හාමුදුරුවෝ තම ජිවිතයේ එක්තරා බිහිසුණු අත්දැකීමක් ගැන බලංගොඩ ආනන්ද මෛත්රී හිමියන් සමග මෙසේ බෙදා හදා ගත්තා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
කුවේණි දිෂ්ඨියට හසු වූ හිමිනමකගේ බිහිසුණු අත්දැකීම
බලංගොඩ ආනන්ද මෛත්රී හිමියන් සමග හිමිනමක් කුවේණි දිෂ්ඨියට හසු වූ අයුරු මෙලෙසින් විස්තර කළේය.
Post a Comment