කතරගම දෙවියන් වුණේ කතිර කුමරුද?
ප්‍රාලෑ රජුගෙන් පසු ඔහු පුත් වීරචන්න කුමරුට රජවීමට අවස්ථාව තිබුණි. නමුත් දේව අධ්‍යාපනයෙන් ලද උද්දාමය තුළ ඔහු පෙඹුණේ අභියෝගාත්මකව නායකත්වයට ඒමටය. එබැවින් ලෝක ගෝලයේ ලංකාවට ප්‍රතිවිරුද්ධ දේශයට ගිය හේ ‘‘පාතාල රාජ්‍යය’’ (පාද+තලය+යට) බිහි කළේය. මේ නිසා ප්‍රාලෑ මුනුබුරු වූ බලි කුමරු (මහබලි) රාජ්‍යත්වයට පත්විය.
දේව අධ්‍යාපනයෙන් ලද දැඩි විනයකට අනුව පුහුණු වූ බලි රජු ප්‍රමාණය ඉක්මවා අනුකම්පා සහගත හා මොලොක් හදවතක් ඇත්තකු විය. දේව අධ්‍යාපනය තුළින් ඔහු පාලනය පිළිබඳ ප්‍රවීනතාවයක් ලබා තිබුණි. රාජ්‍යයක් කෙතරම් විශාල වුවද සංස්කෘතික ලක්ෂණ සමානවන්නා වූ අති මහත් පිරිස දක්වා එය ඒකීය බව ඔහුගේ දර්ශනය විය. නමුත් කුඩා කුඩා ඒකක වෙන වෙනම පාලනය විය යුතුය. එම කුඩා ඒකකයේ සීමාවල් දක්වා තිබුණි. එනම් එකිනෙකා දන්නා හඳුනන ප්‍රදේශයක් එම ඒකකය වීමය. ගම (ග්‍රාම) සංකල්පය එය විය. ගෝත්‍රික ලක්ෂණ වෙනුවට මෙකල ආහාර අවශ්‍යතා නිපදවා ගැනීම සිදුවීම නිසා එම නිෂ්පාදනය තුළ හා පරිභෝජනය තුළ එකිනෙකා දන්නා හඳුනන ප්‍රදේශය කුඩා ඒකකයේ සීමාව හා ප්‍රමාණය වුණි. පසු කලෙක ‘‘ගම් සබා’’ සංකල්පය බිහිවුණේ මේ මතයි. ඉතිහාසය උගන්වන ඇදුරන් මහාවංශයේ එන ‘‘පණ්ඩුකාභය රජු ලංකාව පුරාම ග්‍රාම සීමා නියම කිරීම’’ යන පාඨය වරදවා ගෙන පණ්ඩුකාභය රජු විසින් ගම් සභා ක්‍රමය ඇති කෙරුණ බව ඉගැන්වීම හුදු කරුණු වරදවා ගැනීමක් පමණි. පුරාණ ග්‍රන්ථවලට අනුව ගම්සබා ඇතිකෙරුණේ බලි රජු විසිනි. මේ වනාහී සකස්කළ යුතු වරදකි.
සම්ප්‍රදායික ප්‍රවීණ බලි ඇදුරකු වන ජේ.ඊ. සේදරමන් මහතාගේ සොයා ගැනීම පරිදි ‘‘බලි යාගය’’ ලොවට බිහිකරන ලද්දේ මහබලි රජු විසිනි. සූර්යයාගේ රශ්මිය ග්‍රහ තාරකාවන්ට වැදී පරාවර්තනය වීමේදී පෘථිවියට එම කිරණ ලැබෙන ආකාරයට අනුව ගස්වැල්වලට, සතුන්ට හා මිනිසුන්ටද බලපායි. අයහපත් කිරණ වලින් ලැබෙන නරක ප්‍රතිඵල වළක්වා ගැනීමට රූප නෙලා යන්ත්‍ර ඇඳ, ස්තෝත්‍ර කියා, බෙරවයා නැටුම් පවත්වා, සුවඳ දුම් අල්ලා පවත්වන පූජාවන් ‘‘බලිය’’ ලෙස හැඳින්වේ. ඉන් අදහස් වන්නේ අහස් සතර නොහොත් ජ්‍යොතිෂ්‍යය පිළිබඳ බලි රජු හොඳින් දැන සිටි බවය. දේව අධ්‍යාපනය තුළින් ලද අහස් සතර දැනුම ඔහු තම පර්ෙය්ෂණ මගින් දියුණු කරගන්නට ඇත.
ගොවිතැන සහ ඊට බද්ධ වූ ගම නමැති ජනාවාස රටාව මෙකල දියුණුවෙමින් ආ බව අනුමාන වශයෙන් නිගමනය කිරීමට බලි යාගය හා ගම්සභාව උදව්වේ. ගොවිතැන් සඳහා අහස හා දේශගුණික රටවල්ද, කෘමි රෝග හා සතුන්ගෙන් වන ආලාපාළුද වළක්වා ගත යුතුය. එමෙන්ම ජලය සම්පාදනය දත යුතුය. මේ සියල්ල අහස හැදෑරීමෙන් දත හැක. පොළව හසුරුවන්නේ අහස හරහා එන හිරු රැස් හා ග්‍රහ කිරණ මගිනි. මෙම දැනුම අත්හදා බැලීමෙන් නොව සෘෂිවරුන්ගේ විඤ්ඤාණය තුළින් ලබාගත් නිවැරැදි ශක්ති දැනුමයි.
ඉතා අනුකම්පාසහගත හා උණුවන හදවතක් ඇති බලි රජුගෙන් පලිගැනීමට විෂ්ණු දෙවැනි වරට ඉදිරිපත් වූයේ තම පස් වැනි අවතාරය වන වාමනක (අඟුටුමිට්ටා) අවතාරයෙන් ඒමෙනි. ඉතා අසරණ වේශයෙන් ආ අඟුටුමිට්ටා බලි රජුගෙන් වර දෙකක් ඉල්ලා ලබාගති. තුන් වැනි වරය ඉල්ලූයේ රජුගේ හිස මත පය තැබීමටය. බගවත පුරාණයේ දැක්වෙන පරිදි මෙම අවස්ථාවේදී එකල වූ ශක්‍ර හා ඔහුගේ දියණිය වූ දේවයානි නොහොත් මන්දාතද බලි රජු සමග සිටියහ. ශක්‍ර කෑගසා කීවේ අඟුටුමිට්ටාගේ තුන් වැනි ඉල්ලීම නොපිළිගන්නා ලෙසය. නමුත් අනුකම්පා කළ රජු අඟුටුමිට්ටා සැනසීම සඳහා හිසට පය තැබීමට ඉඩදුණි. හිසට පය තැබීමෙන් අඟුටුමිට්ටාට සිදුවන යහපතක් නැති අතර රජුට ඉන් සිදුවන නින්දාව ගැන සලකා ශක්‍ර ඊට විරුද්ධ විය.
හිසට පය තැබූ වහාම අඟුටුමිට්ටාගේ අසරණ ස්වභාවය පහවී ගොස් ඒකාධිපති මැරවර ස්වරූපයක් ආදේශ විය. රජු තමාට යටත් වූ බැවින් තමා සමග යා යුතු බවට නියෝග කළේය. එසේ නැතහොත් දේව අධ්‍යාපනය ලත් චාරිත්‍ර දන්නා අයෙකු නොවන බවද ප්‍රකාශ කළේය. සටන් කර අඟුටුමිට්ටා මැඩ පවත්වා රජු නවත්වා ගැනීමට තරම් හමුදා සෙබළුන් හෝ ආරක්ෂකයෝ නොවූහ. මේ ගැන වඩාත් කම්පාවට පත්වූයේ ශක්‍ර පියා සමග සිටිමින් සිද්ධිය සියැසින් දුටු දේවයානීය සටන් කිරීම මගින් අනෙකා මැඩලීමේ ක්‍රමයක් නොතිබීම නිසා මෙය සිදුවූ බැවින් සටන් කිරීම හා විරුද්ධවාදීන් මැඩලීම තමා උගැන්විය යුතු බවට දේවයානී තදින් සිතට ගත්තාය. ඒ අනුව තීරණයක්ද ගත්තාය.
එසේ සිතාගත් ඇය උත්තම දරුවන් ලැබීමේ මාර්ගය වූ මුණිවරයකු සමග එකතුවී දරුවන් තිදෙනකු ලැබුවාය. මාලි, සුමාලි හා මාල්‍යවන්ත නමින්ද, තාරක සුරගුප්ත හා සිංහමුඛ ලෙස මෙම කුමරුන් තිදෙනා හැඳින්වේ. අජමුඛී නමැති දුවක්ද ලද අතර ‘‘අජමුඛ’’ වර්ගයේ ගුවන් යානාවක් (ඉහත ලිපියක දක්වන ලදී) ඇය සතුව තිබීම ඊට හේතුවය.
ගුවන් යානා හා මිසයෙල් පවා තිබී යුද සටන් කිරීමේ පුරුද්ද හෙළ අසුර අධිරාජ්‍යයේ නොවීය. හැමදෙනාටම අවශ්‍ය සියලු දේ තිබීම නිසා සටන්කර ගැනීමක් අවශ්‍යව නොතිබුණි. සංස්කෘතික අධිරාජ්‍යයක් නිසා සතුරන්ගෙන් රට ආරක්ෂා කර ගැන්ම ගැන නොසිතුවේ සතුරන් නැති නිසාය. නමුත් දැන් සතුරන් හා සටන් කිරීමත් ඔවුන් පලවා හැරීමත් පුහුණු කිරීම අවශ්‍ය වුණි.
කිකිළිය පහුරුගා දී තම පැටවුනට කෑම අහුලා කෑමට පුරුදු කළාසේ දේවයානියද තම දරුවන්ට යුද්ධය පුහුණු කළ බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ය. මහාමාර්ග නොතිබුණු මෙකල යුද්ධය සිදුවූයේ අහස්යානා මගිනි. පුරයන්ද වූයේ ඈතින් ඈතින්ය. බෝම්බ දැමීම පහරදීමේ එකම මාධ්‍යය විය. හින්දු ජනප්‍රවාදයේ එන පරිදි දේවයාගේ පියාවූ ශක්‍ර විසින් ඇත ඇත ඇත යනුවෙන් තුන්වරක් කියා තම දියණිය තවත් ඉදිරියට යාම නවතා ලන ලදී. එසේ ඇය නැවතුණු ස්ථානය ඇතැන්ස් බව ජනප්‍රවාදයයි. මේ ග්‍රීසියේ ඇතැන්ස් නොව පන්ජාබයේ පැවති ඇතැන්ස් නම් ස්ථානයකි. ග්‍රීසියේ ඇතැන්ස් යන ඇතීනා දෙවඟන සිටිතැනයි.
උගත්තා වූ නව ශිල්පයෙන් උද්දාමයට පත් සුරගුප්ත කුමරු විසින් පහරදීම්, අල්ලාගෙන යාම් හා පැහැර ගැනීම් තම විනෝදාංශ බවට පත්කරගති. මෙවක හෙළදිවෙන් පිටමංකර යවන ලදුව ඉන්දු දේශයේ මුල් තැන (අද Multhan) නොහොත් පංජාබයේ ගංගා පහ එක්කාසුවන ස්ථානයේ සිටි ඉන්දු රජුගේ පුත් ජයන්ත කුමරුව සුරගුප්ත විසින් පැහැරගෙන හෙළදිවට ගෙනෙන ලදී. මින් කෝපයට පත් ඉන්දු රජු විශාල දේව සේනාවක් සහිතව කතිර කුමරු හෙළදිවට එවීය. ඒ සුරගුප්ත පරදවා ජයන්ත කුමරු බේරාගෙන ඒමටය. ඔහු හෙළදිවට අවුත් මැණික් ගඟ අසල තම ප්‍රධාන කඳවුර පිහිටුවා ගත් තැන කතිරගම (අද කතරගම) විය. වැඩහිටිකන්ද නොහොත් මහින්ද පුර විසූ සුරගුප්තව පරදවා මරන ලද අතර ජයන්ත කුමරු බේරාගෙන ආපසු මුල්තැනට (මුල්තාන්) යැවිණ. කතිර කුමරුද ලංකාවේ සිටි දේව අධ්‍යාපනය ලද අයකු නිසා තම සේනාවද සමගින් ලංකාවේම නතර වූයේය. ඔහුට අවශ්‍ය වුණේ තාරක හා සිංහමුඛ යන සුරගුප්තගේ අනිකුත් සොහොයුරන්ද පැරදවීමටය. කළුතර අසල වේලාපුර සිටි තාරක සමග ඔහු යුද වැදිණ. ඉන් තාරක පැරදී පාතාලයට (දකුණු අමෙරිකාවට) පලා ගියේය.
තාරකට වේලාපුර හා සුරගුප්තට මහින්දපුරද යන පුර රාජ්‍යයන් දෙක තිබුණි. සිංහ මුඛට පුරයක් ෙනාවූ නිසා මය නොහොත් විශ්වකර්ම ‘‘ලංකාපුර’’ ගොඩනංවා ‘‘පුෂ්පක’’ යානයද නිර්මාණය කරදුන් බව රාමායණය පවසයි. සුරගුප්ත හා තාරක ජයගෙන කතිර කුමරු තුන් වැනිව ගියේ ලංකාපුරයෙහි සිටි සිංහමුඛ ජයගැනීමටය. සිංහමුඛ යුධයට මුහුණ නොදී සිට පලාගිය අතර ජයග්‍රාහී කතිර කුමරු තම දේව සේනාවද ගෙන ආපසු නොගොස් කතිරගම තම ජනාවාසය කරගෙන ජීවත් වුණි. මරණයෙන් පසු ඔහු කතරගම දෙවියන් බවට පත්වූ බව එක් ප්‍රවෘත්තියකි.
වේලාපුර (කළුතර), මහින්දපුර (වැඩහිටිකන්ද) යන පුර මුහුදට නුදුරින් පිහිටි නිසා ලංකාපුරද මුහුදට නුදුරු තැනෙක තිබෙන්නට ඇති බව අනුමාන කළ හැක. මුහුදට ගිලුණේ එබැවිනි. ලංකාපුරය අරාජක වූ විට එය අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රවස්ගේ යක් බිරියක් වූ ඉල්විලාගේ පුත්‍ර කුවේර විසිනි. නමුත් කුවේර ලංකාපුරයේ රජවීම ගැන රාවණ විරුද්ධ විය. කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණයෙන් හදාරා නැතිවීමත් ඔහු රකුස් නොවී යක් මවකගේ දරුවා වීමත් හේතු කාරණා විය. එබැවින් දුම්රක් (දිඹුලාගල) නමැති සිය මාමාගේද උදව් ඇතිව රාවණ විසින් කුවේරව ලංකාපුරයෙන් නෙරපා හරින ලදී. ඔහුට කාශ්මීර ප්‍රදේශයේ පාලනය භාරදී කෛලාශ කූටය ලබාදී තිබුණි. අලකාපුරය කුවේරගේ මධ්‍යස්ථානය විය. එයද ‘ලංකාපුරයට’ සමානව සැකසිණ.
මේ අතර මහාචාර්ය ඩේවිඩ් ෙප්‍රා්ලි හෙළිදරව් කරන ලද ප්‍රවෘත්තිය ඉතා පුදුමසහගතය. ‘‘පත්තිනි දේවිය’’ යනු මෙම දේවයානි නොහොත් මන්දක බවට ඔහු කරුණු ඉදිරිපත් කරයි. දකුණු ඉන්දියාවේදී මෙය පත්තිනි අැදහිල්ල බවට පත්වී ඇත. තම ස්වාමිපුරුෂයා (පාලබ) සොරකු ලෙස දඬුවම් ලැබූ විට ඇය තම වම් තනය කඩා බිම ගැසුවාය. ඉන් මුළු මදුරා නගරයම ගිනිගති. මෙම අතිශයෝක්තිය මගින් දක්වා ඇත්තේ තම සැට්ටය අස්සේ සඟවා තිබූ අත්බෝම්බයක් (ග්‍රෙනේඩ්) දමා ගසා ගින්නක් ඇතිවීම බවට ෆ්‍රෝලි සාක්ෂි දක්වයි. ගැහැනියක තම වටිනා දේ සැට්ටය අස්සේ සඟවා තබා ගැනීම අදත් සිරිතය. පුපුරන ද්‍රව්‍ය හා පහරදීම් දෙන මන්දාත සුවිශේෂී වනහැටිද ෆ්‍රේා්ලි පෙන්වා දෙයි. අදටද වඩා බලවත් යුද අවි එකල වූ බවට පමණක් නොව න්‍යෂ්ටික අවි පවා පාවිච්චි වූ බවට සාක්ෂි තිබේ.
රාමායණය දක්වන පරිදි බලි රජුගෙන් පසු හෙළදිව කොටස් තුනකට බෙදා පාලකයන් තුන්දෙනකු අතරේ බෙදීමට අවශ්‍ය වුණේ සතුරන් වැඩිවීම නිසාය. පුෂ්පක යානය නොහොත් දඬුමොණරයද ප්‍රහාරක යානයකි. එහි ආසන 200 ක් වූ බව හනුමා පවසයි. නමුත් රජෙකු විසින් පදවනු ලබන මගී ගුවන් යානා නැත. ප්‍රහාරක සෙබළුන් 200 ක් එහි ගමන් කළා විය හැක. ගුවන් යානාවක් පදවන්නේ එය නිපදවීම දන්නා සෘෂිවරයකු පමණි. සෙබළු යනු සාමාන්‍ය වැසියන්ය.
කිසිදු හැලහැප්පීමකට ගොදුරු නොවී කලක් තිස්සේම නිවර්තනික සංස්කෘතික අධිරාජ්‍යයක් ලෙස පැවති අසුර අධිරාජ්‍යය බලවතා දැන් බලයට පත්වන දේශපාලන අධිරාජ්‍යයක තත්ත්වයට පරිවර්තනය විය. සම්මතයෙන් නොහොත් මහා සම්මත මනුගේ සිට රජවරු 28ක් රටවැසියාගේ කැමැත්තෙන් තේරූ අතර දැන් දේව අධ්‍යාපනය (රාජ්‍ය පරිපාලනය) නිසා සුදුසුකම් මත තේරෙන්නට විය. මෙවිට පුද්ගලිකත්වය ඉස්මතුවීමද සිදුවේ. කුවේරට විරුද්ධව රාවණගේ පෞද්ගලිකත්වය ඉස්මතුවූ අයුරු දැන් පෙනේ. මහා සම්මත යුගයේදී හෝ ඉන්පසු මඛා දේව යුගයේදී මින් පෙර මෙබඳු පුද්ගලයා ඉස්මතු වීමත් දැනගන්නට නැත. මෙනිසාම රාවණ යුගයේදී පුද්ගලිකත්වය ඉස්මතුවීම විය. රාමායණය නමැති ප්‍රබන්ධ කාව්‍යයේද සීතා පැහැරගෙන යාම ලෙස පුද්ගලික කටයුත්තක් ලෙස සංකේතවත් කරන්නේ පාලක බව හා පෞද්ගලිකත්වය එකට සම්බන්ධ වීමය. රාවණ යුගය වන විට ලංකාපුරය නමැති කේන්ද්‍රයෙන් හසුරුවන අසුර අධිරාජ්‍යය නමැති පරිදිය ඇති ආකාරයේ හෙළ අසුර සංස්කෘතික අධිරාජ්‍යයක් දියුණු වී තිබිණ. එහි අනිවාර්ය ප්‍රතිඵලය නම් සතුරන් ඇතිවීමය. දකුණු අමෙරිකාවේ පාතාලය දේශපාලනික ලෙස සමත්බව අපේක්ෂා කළ නිසා යුද්ධ ඇතිවිය. සුපර්ණිකාගේ සැමියා වූ විදාත යටෙත් පාතාලයට යැවූ සේනාව පරාජය වී සුර්පණිකාද වැන්දඹු වූ බව රාමායණය පවසයි.
ලංකාදීප ඇසුරිණි
ආචාර්ය සුරිය ගුණසේකර
Post a Comment