අහසේ සිට පෙනෙන අබිරහස් රේඛා පිටසක්වලයින් සඳහා නිර්මාණය වුවක්ද

පේරු රටේ ක්‍රිස්තු පුර්ව දෙසියයේදී විතර ජීවත්වුණු ගෝත්‍රික ජන කොටසක් තමයි නස්කාවරුන් කියලා කියන්නේ. අන්දිස් කඳුකරය මායිම්ව පිහිටලා තියෙන කාන්තාර නිම්නය ඇතුලේ හැතැම්ම ගාණක් දිගට විහිදෙන ලොකු රේඛා සමුහය ඇඳලා තියෙන්නේ මේ නාස්කාවරුන් කියලා තමයි විශ්වාස කරන්නේ. මේ රේඛා වලින් නිරූපිත ඉතා විශාල චිත්‍ර ඉතා අපුරුවට පේන්නේ අහසේ ඉඳලා බැලුවොත් තමයි. වඳුරෝ රාජාලියෝ වගේ සත්තුන්ගේ රුප පොළෝ මට්ටමේ ඉඳලා බැලුවට හරියට පේන්නේ නෑ. අහසේ ඉඳලා බැලුවොත් මේ සත්තුන්ගේ රුපවලට අමතරව එක එක විදියේ හැඩතල සංකේත වගේම රටාවනුත් දැකගන්න පුළුවන්ලු.



නස්කාවරුන් මේවා ඇන්දා නම් මේවා ඇන්දේ මොකටද? කාට පේන්නද? දෙයියන්ට පේන්නද? නස්කාවරුන් දෙයියන්ව විශ්වාස කළාද , මේගොල්ලෝ දෙයියෝ කිව්වේ පිට සක්වල ජීවියෝ කාන්ඩේකටද? වගේ මහා ගොඩක් ප්‍රශ්න තමයි මේක දැක්කම අපිට ඇහෙන්නේ.