වර්ෂ 1904 ජනවාරි මස 16 වැනදා උපන් ඩොරති එඩී අනිකුත් පුංචි දරුවන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ දැරියකි. එඩී පවුලේ එකම දරුවා වූ ඩොරති මව්පියන්ගේ මහත් වූ ආදර උණුසුම මැද දඟකාර දිවියක් ගත කළාය. නමුත් මේ සියල්ල වෙනස් වූයේ කිසිවෙකුත් නොසිතූ ආකාරයටය. 1907 වසරේ එක් උදෑසනක පුංචි ඩොරති හදිසියේම පඩිපෙළින් ලිස්සා වැටුණු අතර බාහිර තුවාල කිසිවකුත් නොමැති වුවද සිහිසුන් වූ ඇයව රෝහල් ගත කළ විට වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බව පවසා සිටියේය. ඇය පියවි සිහිය ලැබුවාය. නමුත් එක්වරම වසර හතරකට පසු ඇගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් විය. විටෙක ඇය කතා කරනු ලැබුවේ කිසිවෙකුත් නොදන්නා අමුතු භාෂාවකිනි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ලන්ඩනයෙන් මතු වූ පාරාවෝ බිරිඳ
වරක් අතීත ඊජිප්තුවේ පැරණි නගරයක් වූ ඇබිඩෝස් හි ඡායාරූපයක් දුටු ඇය එය තමා උපන් නගරය බවත් තම නිවස පිහිටා තිබෙන්නේ ඇබිඩෝස් හි බවත් පවසමින් එහි ගෙන යන්නැයි පියාගෙන් ඉල්ලා සිටියාය.
Post a Comment