මධ්‍ය කඳුකරයේ උත්තුංගව විරාජමාන වන සමනළ කඳුවැටිය උසින් අඩි 7360 ක් පමණ වේ. සපරගමුව බෞද්ධ සිද්ධස්ථාන අතුරින් මුදුන් මල්කඩ ලෙස සැලකෙන සමන්ගිර මත තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රීපාද ලාංඡනය පිහිටුවා ඇත. බුදුන් තෙවැනි වර ලංකාවට වැඩි ගමනේදී එවකට එහි ප්රදේශාධිපතිව සිටි සුමන දේව නැමති දේව වංශික ප්රභූවරයාගේ ආරාධනාව පරිදි මේ උත්තම පාද ලාංඡනය සමන්ගිර මත පිහිටු වූ බව මහාවංශයේ සඳහන් වේ. බුදුබණ අසා සෝවාන් ඵලයට පත්වූ මොහු සපරගමු වාසී ජනතාව විසින් දේවත්වයෙන් පුදනු ලැබූ අතර, පසුව සුමන සමන් දෙව් රජුන් ලෙස අතිසම්භාවනාවට පාත්‍ර විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව මහ සමන් දේවාලේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහැර මංගල්‍යයෙන් ඔහු කළ මෙම සේවාව අද ද බෞද්ධ ජනතාව විසින් මහත් සේ ඇගයීමට ලක්කෙරේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සපරගමු මහ සමන් දෙවොලේ පැලවෙන ගලේ අරුමය ඔබ දන්නවද
බුදුන් තෙවැනි වර ලංකාවට වැඩි ගමනේදී එවකට එහි ප්රදේශාධිපතිව සිටි සුමන දේව නැමති දේව වංශික ප්රභූවරයාගේ ආරාධනාව පරිදි මේ උත්තම පාද ලාංඡනය සමන්ගිර මත පිහිටු වූ බව මහාවංශයේ සඳහන් වේ. බුදුබණ අසා සෝවාන් ඵලයට පත්වූ මොහු සපරගමු වාසී ජනතාව විසින් දේවත්වයෙන් පුදනු ලැබූ අතර, පසුව සුමන සමන් දෙව් රජුන් ලෙස අතිසම්භාවනාවට පාත්‍ර විය.
Post a Comment