පානීය ජාල බෝතල් හිතකරද ? මෙන්න ඔබ නොදත් කම්පනයට පත් කරවන තතු

ප්ලාස්ටික් බෝතල්

ප්ලාස්ටික් බෝතල් භාවිතය අප අවම කළ යුතුය. නමුත් ඇතැම් විට අපට මෙම බෝතල් භාවිත කිරීමට සිදුවේ. ප්ලාස්ටික් බෝතල වල යොදා ඇති කේත අංකය ඔබ දැක තිබේනවාද? අවශ්‍ය වූ විටක වඩා ආරක්ෂාකාරී බෝතලයක් තෝරා ගැනීමේදී මෙම අංක උපයෝගී කර ගත හැක.

මිනරල් වතුර හා සිසිල් බීම බෝතල් - මෙම කාණ්ඩය භාවිතයට සුදුසු වන්නේ එක් වරක් පමණි. නමුත්, අව්රශ්මියට හා තාපයට නිරාවරණය වූ විට එක් වරක් වත් භාවිතයට නුසුදුසුය. උණු ජලය පිරවීමට ද නුසුදුසුය. මෙම බෝතල් සෝදා පිරිසුදු කිරීමට නොහැකිය.

පාසල් දරුවන් භාවිතා කරන ප්ලාස්ටික් වතුර බෝතල් - නැවත නැවත භාවිතය සුදුසුයි. වරින් වර ජලය හා සබන් යොදා සේදිය හැක. නමුත් වසර ගණානවක් එකම බෝතලය භාවිත කිරීම අනුමත කළ නොහැක. තද උණු වතුර පිරවීමෙන් වැළකිය යුතුයි. පිරිසුදු කිරීමේදී තදින් මැදීම හා සේදුම්කාරක භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. බෝතලය ඇතුළත යම් ලෙසකින් හානි වී ඇත්නම් භාවිතයෙන් ඉවත් කිරීම සුදුසුය.

විශාල මිනරල් වතුර බෝතල් - නැවත භාවිතයට සුදුසු නමුත් තද අව් රශ්මියට හා තාපයට නිරාවරණය වීම සුදුසු නැත. පෙනුම දුර්වර්ණ වී හැඩය වෙනස් වී ඇත්තම් භාවිතයෙන් ඉවත් කිරීම සුදුසුය.

මෙම බෝතල් වලට වඩා පානීය ජලය රැස් කිරීම සඳහා පියනක් සහිත මැටි කළයක් හෝ මැටි ගුරුලේත්තුවක් භාවිත කිරීම වඩාත් සුදුසුය.

වීදුරු බෝතල් - භාවිතයේදී බීදි යෑමේ හැකියාව. බරින් වැඩි වීම වැනි ප්‍රායෝගික හේතු නිසා දරුවන් මේවා භාවිත කරන්නේ සාපේක්ෂව අඩුවෙනි. ඒ නමුත් තාපයට වඩාත් ස්ථායි වීම, හොඳින් පිරිසුදු කිරීමට හැකි වීම හා ජලයට රසායනික එකතු නොවීම නිසා ප්ලාස්ටික් බෝතල්වලට වඩා එදිනෙදා භාවිතයට වීදුරු බෝතල් අනුමත කළ හැක. ඒ අනුව නැවත නැවත භාවිතය සුදුසු වන අතර තරමක් උණුුසුම් ජලය පිරවීමට යොදා ගත හැක.

මල නොබැඳෙන වානේ බෝතල් - බෝතලය ඇතුලත හා පිටත මල නොබැඳෙන වානේ වලින් සාදා ඇති විට නැවත නැවත දිගු කලක් භාවිතයට සුදුසුයි. උණු වතුර භාවිතයට සුදුසුය.

ඇතැම් වානේ බෝතල් ඇලුමිනයම් වලින් සාදා ඇති අතර ආහාර ද්‍රව්‍ය යෙදීමට සුදුසු නොවේ.

ජලය සහිත ආහාර භාවිතයට ගනිමු

අපේ ආහාරයට එක්කර ගත හැකි ජලය අඩංගු ආහාර බොහෝ වේ. පලතුරු, එළවළු. පලා වර්ග, කිරි ආහාර හා තේ. තැඹිලි, කැඳ. සුප් වැනි පානයන්හි ජලය විශාල ප්‍රතිශතයක් ඇත. එමෙන්ම රණවරා, පොල්පලා, බෙලිමල් වැනි ඖෂධීය පානයන් පානය කිරීමෙන් ද ඔබට ජලය ලබා ගත හැක.

ඔබ ප්‍රමාණවත්ලෙස ජලය පානය කරන්නේ නම්...

ඔබේ මුත්‍රා අවර්ණ බවින් යුක්තය.

පිපාසය ඇතිවන තෙක් නොසිට පිසාපයක් ඇතිවීමට පෙර නිතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

ඉතින් නිසි ලෙස ජලය පානය කරමු.

දවස පුරා ජලය පානය කරන්න....

ඔබ පාසල් යන විට හෝ වෙනත් ගමනක් යන විට පානීය ජලය බෝතලයක් රැගෙන යන්න. එවිට අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට ජලය පානය කළ හැකිය. විශේෂයෙන් උදෑසන අවදි වූ විගස,රාත්‍රි නින්දට පෙර හා ස්නානයට / පිහිනීමට පෙර ජලය පානය කිරීම සෞඛ්‍යට හිතකරය.

රූපවාහිනීය නරඹන විට සහ පරිගණකය භාවිත කරන විටද නිරන්තරයෙන් ජලය පානය කරන්න. ඔබ විනෝද ගමන් යන විට දී නිතර ජල පානය පුරුද්දක් කර ගන්න.

ඔබ දිනකට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකරන්නේ නම්...

පහත සඳහන් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකිය.

- අධ්‍යාපන කටයුතු සඳහා මානසික ඒකග්‍රතාව පවත්වා ගැනීම අපහසු වීම

- ප්‍රශස්ත මට්ටමින් ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් කිරීමට නොහැකිවීම.

- ශරීරය විජලනයට ලක් වී පිපාසය ඇතිවීම

- මුඛය සහ ඇස් වියළීම නිසා ඒවායේ විෂබීජ වර්ධනය වීම

- නිදිමත ගතිය හා ශාරීරික දුර්වල බව ඇති වීම

- ඉක්මනින් කේන්ති යාම

- සම වියළි වීම හා රැලි වැටීම.

ඔබත් අඩුවෙන් ජලය පානය කළ දිනවලදී මෙවැනි අත්දැකිම් ලබා තිබිය හැක. නිසි ලෙස ජලය පානය මගින් මෙවැනි අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීම ඔබට ඉතා පහසුවෙන් කළ හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශනයක් ඇසුරිනි



ප්ලාස්ටික් බෝතල් භාවිතය අප අවම කළ යුතුය. නමුත් ඇතැම් විට අපට මෙම බෝතල් භාවිත කිරීමට සිදුවේ. ප්ලාස්ටික් බෝතල වල යොදා ඇති කේත අංකය ඔබ දැක තිබේනවාද? අවශ්‍ය වූ විටක වඩා ආරක්ෂාකාරී බෝතලයක් තෝරා ගැනීමේදී මෙම අංක උපයෝගී කර ගත හැක.