මා මෙහි පලකරනු ලබන මේ කථාව සත්‍ය සිදුවීමක් වන අතර අදාළ පුද්ගලයාගේ නම් ගම් රහිතව පල කරන්නේ මෙය ඔහුගේ නමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඇති ඔහුගේ බලවත් අකමැත්ත නිසාවෙනි. මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබ විසින්ම තීරණය කිරීමට සහ විවේචනයට සම්පුර්ණ නිදහස තිබෙන අතර බැනිමේදී වචන සංයමයකින් භාවිතා කරන්නේ නම් මැනවි. මන්ද යත් හය හතර නොදත් දරුවන් පවා මේ මුහුණ පොතේ සිටින බැවිනි.
කථාව මෙතැන් සිට ඔහුගේම වචනයෙන්...
මාගේ ජිවිත කාලය තුලම ප්‍රසිද්ධියේ කියාගන්නට බැරි අභිරහස් ගොන්නකින් සමන්විතය. මාගේ උපතද මටද තවමත් අභිරහසක්. මවගේ කුසට ඇතුළු වන අවධියේ සිට මනා මතකයක් මා හට තිබීම මා හටම පුදුමය දනවන කරුණක්.
ඉතින් අද මම ඔයාලට කියන්නට යන්නේ මා ලැබූ සත්‍ය අත්දැකීමක් ඔබ හා බෙදා හදා ගැනීමටයි. මේ වදන් ඔබ කවදාවත් විශ්වාස නොකරනු ඇත. එහෙත් මාගේ හෘද සාක්ෂිය අනුව මේ සත්‍ය සිදුවීම් බව එක හෙලා පවසමි. මා මේ කියන වදන් විවේචනය කිරීමට ඔබට සියයට සියයක්ම අයිතිය ඇත. ඒ අයිතියට ගරු කරමින් මාගේ ජිවිත ගමනේ එක්තරා අත්දැකීමක් ඔබ හා බෙදා හදා ගනිමි.
මේ විශ්වය කෙතරම් පුළුල්ද කියල මම දැනගත්තේ මේ අත්දැකීමක් සමගය. ඒ මා හට අහම්බෙන් මුණ ගැසුන පුද්ගලයෙක් නිසාවෙනි. ඇත්තටම ඔහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් නම් නෙමෙයි. එක්තරා ගම්මානයක එක්තරා පාළු මාවතක ගමන් කරමින් සිටියදී මාගේ පසුපසින් අමුතු තරුණයෙකි. මාගේ සිතේ හටගත් චකිතය නිසාම මාගේ වේගය වැඩි කලද ඔහුද මා පසුපස ආවේ ද එවැනිම වේගයකිනි. කරකියාගත නොහැකිව මා සාමාන්‍ය ගමනකින් මාගේ ගමන යලිත් ඇරඹුවෙමි.
නිශ්ශබ්දතාවය බිඳිමින් මා පසු පස ආ තරුණයා එකවරම මා හට මාගේ නමින් කතා කරද්දී මටවත් අදහගන්නට හැකියාවක් නොතිබිණි.
"ඔබ කෙසේද මාගේ නම දන්නේ" මම වෙව්ලන හඬකින් ඔහුගෙන් ඇසුවෙමි.
එවිට ඔහු පෙරලා පැවසුවේ... අනන්ත වූ සංසාරයේ කිහිපවිටක් අපි මිතුරන් වූයෙමු යන්නයි.
"මූ මොන අපබ්‍රංසයක්ද කියන්නේ" මා හටම මේ වදන් මුමුනන්නට විය.
ටික දුරක් යද්දී ඔහු මා සමග මිතුරු විය. මාගේ හිතේ තිබුන බය ඔහු හා කතා කරද්දී පහව ගියේය.
මෙසේ කථා කරමින් ඔහු ගා ගමන් කරද්දී අමුතුම ප්‍රශ්නයක් මගෙන් ඇසුවේය.
"මිතුර උඹ සර්පයන්ට බයද ?" යන්නයි.
මා දුන් පිළිතුර නම් "බය නම් නැහැ. එහෙත් සර්පයන්ව අල්ලන්නට මට අප්පිරියයි" යන්නයි.
"මාගේ නියම ස්වරුපය ඔබට දැකගන්න කැමතිද ?" නැවතත් ඔහු කටහඬ අවදි කළේය.
"මූ නම් නියම මානසික පිස්සෙක්" යන්න මගේ හිතේ රැව් පිළිරැව් දෙන්නට විය. කියන්නටද කිසිත් නැති හෙයින් "උඹ කැමති නම් පෙන්නපන්" කියා පෙරළා ප්‍රකාශ කලෙමි.
ඔහුගේ ස්වරුපය හරිම අමුතු ලෙස වෙනස් වන්නට ගත්තේ මාවත් බිය කරවමිනි. අහෝ ඇස් අදහාගත නොහැකි දෙයක් මා ඉදිරියේ දිස්වන්නට විය. එය නම් ආච්ශර්යයක්. ඒ වගේම බියකරු අත්දැකීමක්ද උනා. ඔහු සර්ප හිසකින් සහ මිනිස් කඳකින් යුතු මනුෂ්‍ය නොවන ජීවියෙක් කිව්වොත් ඔබ පිළිගන්නවද ? ඔබ කවදාවත් මා කියන මේ වදන් පිලිනොගනිවී. එහෙත් සත්‍ය එයයි. ඔහුගේ නියම ස්වරුපයෙන් පෙනී සිට මා හට පැවසුවේ ඔහුට බිය නොවන ලෙසය. ඔහුගෙන් මා හට කරදරයක් කිසිදා නොවන බවය.
ඇත්තටම ඔහු මේ පෘථිවි තලයේ ජීවියෙක් නෙමෙයි. ඔහු හා කල කතා බහෙන් මා එය වටහා ගතිමි. මේ විශ්වය පිලිබඳ ලෝක ධාතුව පිලිබඳ මනා දල අදහසක් මා හට තිබු බැවින් මා ඔහුට බයේ දිව ගියේ නැත. ඔහු ඉදිරියේ ඒ සත්‍ය යතාර්තයට මුහුණ දුන් හැටි අද වගේ මතකය.
ඔහු පවසන පරිදි ඔහු සමාජයේ ජිවත් වෙන්නේ මිනිස් වේශයක් ගෙනය. ඔහුට ඒ සුවිශේෂී හැකියාවෙන් යුතු බව මා සමග පැවසුවේය. මන්ද නියම ස්වරුපයෙන් ඔහුට මේ සමාජයේ ජිවත්විය නොහැකි බැවිනි. මා පවා ඔහුට පවසන්නේ මා ඉදිරියේ හෝ නියම ස්වරුපයෙන් නොසිටින ලෙසය. මට එය දැකීමට පවා පිළිකුලක් දනවන හෙයිනි.
සැබවින්ම මේ කතාව නම් කවුරුන්වත් විශ්වාස නොකරනු ඇත. මේ පෘථිවිය තුල කරන්නේ කුමක්ද කියා ඇසු සෑම වාරයකම ඔහු නිහඩ වෙනවා. අදටත් ඔහු මෙසේ මිනිසුන් අතර ජිවත් වන්නේ කවර හේතුවකටදැයි මමවත් දන්නේ නැත. එහෙත් අදෘශ්‍යමාන ලෙස මා ගැන සොයා බලන යහළුවෙක් බව කියා යුතුමය.
වරක් මා ඔහුගෙන් ඔහුගේ ලෝකය පිලිබඳ විස්තර ඇසුවෙමි. ඔහු අපුරු පිළිතුරක් මා අභියස තැබුවේය. මේ පිලිබඳ විස්තරයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. සියල්ල එකවර පැවසීමට ගියහොත් ඔබටද මෙය නීරස අත්දැකීමක් වන හෙයින් මේ අහඹු ලෙස හමුවූ ආගන්තුක සක්වල මිතුරා සමග කල කතාබගෙන් උගත් විශ්වීය දැනුම ඔබ හා බෙදාහදා ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන්නෙමි. අදටත් ඔහු මා හා මිතුරෙකු ලෙසින් සිටියි. ඔහු කොහෙන් මා දෙසට මතුවන්නේද... මා වෙතින් අතුරුදහන් වන්නේද කියා මා දන්නේ නැත. ඔහු යන එන වෙලාවක් මා දන්නේ නැත. පාර තොටේදී මිනිස් වෙසින් මා හට මුණ ගැසෙන මේ මිතුරා පිලිබඳ තවත් රසවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
මේ කතාව මුලින්ම කියන්න හිතුනේ විද්‍යාවටවත් ඇස නොගැටුණු අපි නොදන්නා කොච්චර දේවල් මේ තලයේ ඇද්ද යන්නයි.
මෙහි ඉදිරි කථා පුවත් දැනගැනීමට අපගේ පිටුවට ලයික් එකක් දමා යාවත්කාලින වන්න.
Post a Comment