2017 අපේ‍්‍රල් මස 14 වැනි සිකුරාදා අලූයම 2.04 ට සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිංහල අලූත් අවුරුද්ද උදාවේ. අවුරුදු උදාව ජ්‍යොතිෂයේ මෙසේ දක්වයි. මීන රවි 31 භාග බක්මස අව දියවක නම් තිථිය ලත් ගුරු දින මධ්‍යම උදයාදී පැය 49 විනාඩි 45 තප්පර 00 ට නොහොත් ශුද්ධ සූර්යාදයාදි පැය 50 මිනිත්තු 02 තප්පර 30ට හෙවත් ක්‍රි. ව. 2017 ක් වූ අපේ‍්‍රල් මස 14 වන කිවි දින ලංකා සම්මත ඔරලෝසු වේලාවෙන් පූර්වභාග 2.04 ට අංශක 22 කලා 02 ගත ශනි හිමි මකර ලග්නයෙන්ද, රවි හිමි සිංහ රාශි්යාධියද, බුධ හිමි කන්‍යා දෙකර්ණාංශකයද, ගුරු හිමි ධනු සප්තාංශකයද, සඳු හිමි කටක නවාංශකයද, බුද හිමි කන්‍යා ද්වාදසංශකයද, ශනි හිමි මකර ත්රිංශාංශකයද, ගුරු හිමි වීසා නැකතේ අංශක 08 කලා 59 ක් ගත තුන්වන පාදයද සහිතව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්රමණයවීමෙන් ආරම්භ වන්නේය.
සියලූම සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍ර මිනිසාගේ නීරෝගී සුවයට, බුද්ධි වර්ධනයට, යහපත් වන්නේය.
නවසඳ බැලීම
මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා (චක්‍ර වර්ෂය සඳහා) අපේ‍්‍රල් මස 28 වැනිද සිකුරාදා අභිනව සූර්ය වර්ෂය සඳහාද සඳ බැලීම යෝග්‍යයි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අපේ‍්‍රල් මස 12 වැනිදා බදාදා
පුණ්‍ය කාලය
අපේ‍්‍රල් මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 7.40 සිට 14 වන සිකුරාදා පූර්වභාග 8.28 දක්වා පුණ්‍ය කාලය වේ. ඒ අනුව 13 දින අපරභාග 7.40 ට පෙර අහාරපාන ගෙන සියලූ වැඩ අත්හැර පුණ්‍ය කටයුතුවල යෙදිය යුතුය.
ආහාර පිසීම
අපේ‍්‍රල් මස 14 වන සිකුරාදා පූර්වභාග 5.41 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක්ද අග්ගලා සහ කැවිලි වර්ගයක්ද, පිළියෙල කර ගැනීම සුදුසුය.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය
එදින පූර්වභාග 07.05 ට සුදු සහ නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලූ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම කර ආහාර අනුභවය යහපත්ය.
හිසතෙල් ගෑම
අපේ‍්‍රල් මස 15 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 11.04ට උතුරු දිශාව බලා හිසට නුග කොළද, පයට කරඳ කොළ ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්වීම
අපේ‍්‍රල් මස 17 වැනිදා සඳුදා පූර්වභාග 6.28 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරි බතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි.
අපේ පැරණි මුතුන් මිත්තෝ මෙම අවුරුදු චාරිත්‍ර අකුරටම ඉටු කළහ. ගෘහණිය අද මෙන් රැුකිී රක්ෂාවල නිරත නොවූවාය. ඇය මුළුතැන් ගෙය ගොම මැටි ගා පිරිසිදු කර අවුරුද්දට සූදානම් වන්නීය. වානිජත්වයට බර අද සමාජය නව වසර ආරම්භ වන විට ‘‘කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වේවා’’ යන ප්‍රාර්ථනයක් පමණි. ‘නිදුක් නිරෝගී’ සුවය පතන්නේ ටික දෙනෙක් පමණි.
රාහු ඡායා ග්රහයෙන් වුවත් රටට හෝ කෙනෙකුට එල්ල කළ හැකි බලපෑම සුළුපටු නොවේ. 2016 ජනවාරි මස 30 වන දින 00.53 පැයට සතුරු සිංහ රාශියට පිවිසි අතර 2017 අගෝස්තු මස 18 දින අලූයම 05.44 දක්වා එහි ගත කරයි. එදින 05.45 සිට කටක රාශියට යන්නේය.
කටකයද රාහුට සතුරු රාශියකි. 2019.03.07 දින පෙ.ව. 10.07 දක්වා රාහු කටක රාශිය තුළය, මේ අනුව රාහුට සමගාමීව එම කාල වකවානුවල කේතුද සතුරු රාශියවලයි, ඒ අතර ශුභ ග්‍රහයෙක් වූ ‘ගුරු’ නැතිනම් ‘සුරගුරු’ 2016 අගෝස්තු මස 11 දින රාත්‍රි 9.21 සිට කන්‍යා රාශියේ සතුරු රාශි ගත වී 2017 සැප්. මස 12 දින පෙ.ව. 6.53 දක්වා සිටින අතර එදින 6.54 සිට ගුරුට තවත් සතුරු රාශියක් වූ තුලාවට පිවිස 2018 බක් මස 10 රාත්‍රි 7.34 දක්වා එහි ගත කරයි.
රාහු සමග කේතුට සමගාමීව එක රාශියක වර්ෂ 01 මාස 06 ක් පසුවන බැවින් නැවත එම රාශියට පැමිණෙනුයේ වර්ෂ 18 කට පසුවය. එබැවින් රාහු කේතු සතුරු රාශියගතව දැනට සිදුවන යම් අයහපත් පැත්ත අතීතයේදී ද ඒ අන්දමට සිදුව ඇත්දැයි සොයා බැලීමට උත්සහ කළෙමි. එහිදී මගේ නිරීක්ෂණයට ප්‍රධාන කරුණු දෙකක් ලක්විය.
අවුරුදු උදා නැකතේ සියලූ ග්‍රහයින් ඔවුන් මිත්‍ර හෝ සම ග්රයින්ට අයත් නැකත්වල සිටි බැවින් එහි වරදක් නැත. එසේ වුවත් මා පුන පුනා සඳහන් කරන අන්දමට රාහු, කේතු, ගුරු යන ග්‍රහයින් වර්ෂ පුරා සතුරුව සිටීමද, වෙනත් තවත් සමහර ග්‍රහයින් එම කාල වකවානුව තුළ ඉතා කෙටි කාලයට හෝ වෙනත් ග්‍රහයින්ද සතුරු රාශිගතවන නිසා එම යුගයේදී රටට මෙය කියවන පාඨක ඔබට හෝ ඔබ පවුලේ අයට අදාළ උපද්‍රව නිසා යම් අයහපත් දේ සිදුවිය හැකි බවද ලියමි. එම වකවානු මෙසේය.
ඉදිරියේදී රවි සතුරු රාශිගත වන්නේ 2017 මැයි මස 14 වැනිදා ඉරිදා රාත්‍රි 10.57 සිට ජුනි මස 15 වැනිදා බ්‍රහස්පතින්දා අලූයම 5.53 දක්වාද, 2018 ජනවාරි 14 ඉරුදින ප.ව. 1.47 සිට පෙරවාරි 13 දින අලූයම 2.48 දක්වාද නැවත එතැන් සිට මාර්තු 14 දින රාත්‍රි 11.43 දක්වා කාලය ද වේ.
‘කුජ’ ග්‍රහයා 2017 මැයි 27 සෙනසුරාදා අලූයම 1.42 සිට ජූලි මස 11 වන දින ප.ව. 3.00 දක්වාද ඔක්. මස 13 වන දින ප.ව. 4.06 දක්වා සතුරු රාශිගතයි.
බුධ ග්‍රහයා 2017 ජූලි මස 11 වන දින සිට 21 දක්වාද සතුරු රාශිගතයි. සිකුරු ග්‍රහයා 2017 අගෝස්තු මස 21 වන දින පෙ.ව. 10.52 සිට ඔක්. මස 09 දින රාත්‍රි 9.27 දක්වා සතුරු රාශිවලයි.
මෙම විස්තර අනුව රාහු, කේතු ගුරු සතුරු රාශිගත කාලවලදී තවත් එක් ග්‍රහයෙක් හෝ දෙදෙනෙක් සතුරු රාශිගත වන දින ගණන් යෙදේ. එම කාල තුළ අප රට තුළ බලවත් විරෝධතා, වැඩ වර්ජන, කලකෝලහාල, හදිසි අනතුරු ස්වභාවික විපත් වැඩි වනු ඇත. මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිත බැවින් අදාළ කාල යෙදෙන බැවින් ප්රචණ්ඩ ක්‍රියා දුෂණ පාතාල ක්‍රියාකාරකම් වැඩිවේ. මෙම කාල තුළ මැතිවරණ දින නියම වුවහොත් රජයට අවාසි සහගත බවද කිව යුතුය. මැති ඇමැතිවරු පක්ෂ මාරු, තනතුරු අහිමිවීම, දුෂණ වංචාවන්ට සම්බන්ධ අයට දඬුවම් ලබාදීමද සිදුවේ.
ජ්‍යොතිෂවේදි - හංවැල්ලේ ඇස්.සිරිවර්ධන
- ලංකාදීප
Post a Comment